Tuesday, August 6, 2013

බල්ලෙකුගේ කතාවක්.

"වරත්තු බල්ල ගේට්ටුව ලඟ වමනෙ දාල"

නෝන උදේ කෑගහුව. ඔලුව උස්සල බලල මං මගේ වැඩේ කරගෙන ගියා. කළු බල්ල නං පේන්න හිටියෙ නෑ. දවල් වෙද්දි බැලුවම බල්ල අල්ලපු ගෙදර ඉන්නව දැක්ක. නෝන කතා කරලත් ආවෙ නෑ.

"මූට සැප වැඩිවෙලා...." ‍නෝන තාම බනිනව. ඇත්තටම බල්ලට මොකද වෙන්න ඇත්තෙ. මම බල්ලගෙ ඔලුවෙන් හිතන්න ගත්ත.

*****************************************************************************

මම මේ ගෙදරට ආවෙ අල්ලපු ගෙදර ඉඳල. අල්ලපු ගෙදර බැල්ලි තමයි මගේ අම්ම. ගෙදර මිනිස්සු ඇත්තටම මට සැලකුවද? එයාලටත් කන්න බොන්න සල්ලි නැති එකේ බල්ලෙක් වෙච්ච මට අමුතු සැලකිල්ලක් ලැබුනෙ නැති බව ඇත්ත. බලු කූඩුව දිරාපත් වෙලා, තැනින් තැන හිල්වෙලා තියන ටකරං කොලවලින් වැස්ස දවසට වතුර වැටෙනව. නිදාගන්නත් අමාරුයි. බල්ලෙකුට උනත් මේ දුක විඳින්න ඇහැකිද? අල්ලපු ගෙදර බල්ලට දවස ගානෙ ලැබෙන මස් කට්ටක් මට මාසෙකකට සැරයක් ලැබෙනවද? බල්ලෙක් උනාට බැල්ලියෙක්ව යාළුකරගන්න තාම බැරිවුනා. රැලේ යන කාලෙට කූඩුකරල තිව්වම කොහොමද එහෙම දෙයක්වත් කරගන්නෙ. අනිත් බල්ලො වගේ බැල්ලියක්ගෙ පස්සෙන් ගිහිල්ල ආතල් එකක් ගන්න මටත් ඕන කියල මේ ගෙදර මිනිස්සුන්ට හිතන්න බැරිහැටි!

ඒ ඔක්කෝමත් හරිය කියමුකෝ. මේ වයසක ටොමියගෙන්නේ බේරෙන්න බැරි. බල්ලො බැල්ලියො රැලේ යන කාලෙට යන්න මට තියන උවමනාව ඌට නෑ. මගේ ඇඟ උඩට පැනල පිටි පස්ස ගස්සන්නයි ඌට ඕන. මේ කරදර විඳ විඳ ඉන්නවට වැඩිය හොඳ නැද්ද අල්ලපු ගෙදර බල්ලො රෑනත් එක්ක හිටියම. එහේ බල්ලො නං වැඩි තමයි. ඒත් උන්ට කන්න දෙන්න ඒ ගෙදර මිනිස්සුන්‍ට පුළුවන්නේ. ඉතිං මම මගේ තිඹිරිගෙට ගියාම තියන වැරැද්ද මොකද්ද? මගේ තරුණ කාලෙ අපරාදෙ ගෙවිල යන්න ඉඩදෙන්න බෑනේ. අනෙක මම මෙහෙන් කාල එහෙට යන මිනිහෙක් නෙවේ. ඒ නිසයි කාපුව වමනෙ කරල ගියේ.


*******************************************************************************

මම ඔන්න ඔයටික නෝනට කිව්ව. එයා පිලිගත්තෙ නෑ.

"හරි. අපේ සැලකිලි මදිවුනයි කියමුකෝ. ඒත් අල්ලපු ගෙදර බල්ලො එක්ක මූ කොච්චර නං හපාගත්තද? එහා ගෙදර කොල්ලො මූට කොච්චර ගල් පාරවල් ගහල ඇද්ද? මූට රෙද්දක් ඇඳගෙනලැජ්ජ නැතුව එහේ යන්න පුළුවන්ද?"

*******************************************************************************

ඔව් ඒක එහෙම තමයි. මම කලින් කියපුව ඉල්ලා අස්කරගන්න බල්ලෙක් නෙවේ. අල්ලපු ගෙදර බලු කූඩුව හොඳ නෑ කියල මම කිව්ව තමයි, එකේ මැක්කො ඉන්නව කියල කිව්ව තමයි, අල්ලපු ගෙදර බල්ලො එක්ක විකාගත්ත තමයි, ඒත් අද ඉඳල අල්ලපු ගෙදර බලු කූඩුව හොඳ තැනක් කරගන්න බලනව, එහේ ඉන්න බල්ලොත් එක්ක පිට බල්ලන්ට පනිනව, අල්ලපු ගෙදර හාම්පුතා වෙනුවෙන් බුරන්නත් ලෑස්තියි. හැබැයි මම කියන්නෙ නෑ බල්ලො රැලේ නායකත්වය මට දෙන්න කියල. ඒක හාම්පුතා තීරණය කරයි.


*******************************************************************************

"එහෙම ප්‍රශ්නයක් නං තියනව තමයි. ඒත් බල්ලෙකුට එපාවෙන තැනට මූලිකව වැඩ සිද්ධ වුනාට පස්සෙ අනිත් කාරණා අමතක කරල දාන්න වෙනව නෝනේ. බල්ලන්ගෙ ඔලුවල ප්‍රතිවිරෝධතා හොයන්න යන්න එපා. උං බල්ලොනේ.

63 comments:

  1. උමත් නියම කොලම් රචකයෙක් වෙලා ඉවරයි දැං.. අම්මප මේවා කී තැනකට ගලපන්න ඕනද කියලයි මම කල්පනා කරේ..

    ReplyDelete
  2. මොනවා උනත් කාපු ඒවා වමාරලා ගියේ.

    ReplyDelete
  3. මේ බල්ලොද අලිද..... කොහොම උනත් අලි සහ බල්ලන් සැප ගන්න කොට උන්ව බලාගන්න මහ ජනතාව නොහොත් හාම්පුතාල දුක් විදිනව

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. එයාලට සැප අපිට දුක

      Delete
  4. එක එක චැනල් වල යන සංවාද බලලා නිදා ගත්තම, ඔහොම විකාර පේනවා. පව් ඒ බල්ලා..

    ReplyDelete
  5. වයඹටසිරියා මේක දැක්කනම් සෑර් ව හම්බෙන්න HUMVEE එකෙන් එයි. :D

    ReplyDelete
  6. MEWAGE WENATH SATHUN HITHANA VIDIYATATH LIYANNAKO. - GAVAYEK, KUKULEK, SOOKARAYEK ETC.,

    ReplyDelete
    Replies
    1. අංකල් මාව අමාරුවෙ දාන්න හදන්නෙ.

      Delete
  7. කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්නෙ නෑ...

    ෴වයඹට සිරි - දයාසිරි෴

    ReplyDelete
  8. අනේ ඩූඩ් අයියගේ අසරණ බලු පැටිය... උෟ කළේ වයර් එකක් හපපු එක විතරයි... එයාගේ ෆොටෝ එක දාලා මෙහෙම මඩ ගහන්න හොඳද මං අහන්නේ... හි හි...

    ReplyDelete
    Replies
    1. හා ඌද මේ? ඩූඩගෙ කියල මතක තිබුනට මොකාද කියල මතක තිබුනෙ නෑ.ගූගල් උන්නැහේගෙන් ගත්තෙ

      Delete
    2. හිරු කිව්වම තමා මාත් දැක්කේ.. අම්මප මේවට කතෘබාග ගෙවන්න වෙනවාමයි බොට

      Delete
    3. ඇයි දෙයියනේ රාජ්.. ඇස් පේන් නැද්ද.. අර අලි පතේට ගහලා තියෙන්නේ ඩූඩ් අයියගෙ ඔක්කොම වෝටර් මාක් ටික... හි හි... ඒ ටික නැතත් මට නං ඔය බලු පැටියව මතකයි... කරපු වැ‌ෙඩ් හින්දා...

      Delete
    4. අනේ බලු පැටියා දැක්කාම මටත් මේක ලෝඩ් වෙනකල්වත් ඉන්න බැරිව ගියා. ඕකගේ නම බ්ලැකී. මගේ බල්ලටවත් එපා දේශපාලනේ නම් කියන එක අද ඉඳලා මට කියන්න බැරිවෙයි, හාහ් හාහ්!

      හිටපං මම උඹට නඩු දාන්න මේ කරුණු ‍රැස් කරනවා.

      (ඇත්තෙන්ම බලු පැටියව මෙතන දැක්කම මට ඇති වුනේ සතුටක්.)

      Delete
    5. දාමූ මූට නඩුවක් මම එනවා සාක්කියට

      Delete
    6. හිරු
      නෑ බං මම කිව්වෙ "ඩූඩගෙ කියල මතක තිබුනට මොකාද කියල මතක තිබුනෙ නෑ" කියල. වයර් කේස් එකයි අමතක උනේ.

      මේ ඇතුල් පැත්ත.
      මේක පබ්ලිෂ් කලාටත් පස්සෙයි මට මතක් උනේ බොලේ මේකට පිංතූරයක් දැම්මෙ නෑ කියල. ඊට පස්සෙ ගූගල් උන්නැහේගෙන් "ඩෝග්" ලා ඉල්ලුවම පිටරට වල ඉන්න බූල් බල්ලො ඇල්ශේෂන් බල්ලො අඟුටුමිටි බල්ලො තොග පිටින් දුන්නත් එකෙක්වත් හරිගියේ නෑ. ඊට පස්සෙ ගැහුව "බල්ල" කියල සිංහලෙන්. මෙන්න බොලේ උඹේ බල්ල එනව උඹේ මාක් එකත් එක්ක. ඌ තමයි පෝස්ටුවට හරිගියේ.

      lakmal kandevidane
      අපි ෂේප්. උඹ හිටපං නිකං.......... :-)

      Delete
    7. ඒක තමයි බං කියන්නේ. අපේ බල්ලො ඔය පර බල්ලෝ නෙවෙයි, හොඳ හෙළ බල්ලො. :D

      Delete
  9. හ්ම්ම් බල්ලෝ වගේ හිතන අය වෑඩිවේගෙන එනවද මන්දා. ඒ පාර ..

    ReplyDelete
    Replies
    1. ඇයි සරත් අයියටත් එහෙම හිතෙනවද?

      Delete
    2. ඇයි මං එහෙම හිතල ලියපු කතා කීපයක් තියෙනවානෙ මගෙ බ්ලොග් එකේ.. ඒ කාලෙ කවුරුත් වැඩිය එන්නෙ නෑනෙ මගෙ කඩමල්ලට..

      Delete
  10. ටොමියා දුකෙන් ද? සතුටින් ද?

    ReplyDelete
    Replies
    1. ටොමියා "හමර්" එකේ යන්නේ, එයාගේ නෙමෙයිලු, බත්තරමුල්ලේ බිත්තර මාමාගෙලු..

      Delete
    2. ටොමියට ගානක් නෑ මොනව උනත්. අපේ ගෙදරට ඌ රජා. ඌට ඒ ඇති.

      Delete
  11. පොඩ්ඩක් වත් හිතන්නේ නැති බල්ලෝ අතරේ බලු විදිහට හරි හිතන බල්ලෙක් ඉන්න එක හොඳයිද මන්දා...

    ReplyDelete
  12. එහා ගෙදර හොමොසේක්ෂුවල් බල්ලො නැද්ද?

    ReplyDelete
    Replies
    1. ටොමිය තමයි කරදරකාරය. :-)

      Delete
  13. ම්චං මෙතන පොඩි පටලවිල්ලක් තියෙනවා මොකද ඔය සේරම කියන්නෙ අපේ බල්ල අල්ලපු ගෙදරට ගියත් හාම්පුතා යන්නෙ නෑ කියලනෙ. අන්තිමේදි බල්ලා ගෙදර හාම්පුතා ගෙදර
    දොරකඩම පහරලා අල්ලපු ගෙදරට ඟිහින්නෙ. එක නිසා අහින්සක බල්ලට බනින්න එපා මචං...........

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. බල්ලවත් යන්නෙ නෑ කියපු එවුන් ගියා. බල්ලන්ට යම් අපහාසයක් වුනි නම් සමාව අයදිමි.

      Delete
  14. බල්ලාත් එක්ක මැක්කොත් යනවයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මැක්කො ටිකකුත් ගියා

      Delete
  15. එතකොට මේකා ගියේ ටෝමියගෙන් බේරෙන්න බැරුව ද? ෂික් මෙහෙමත් මිනිස්සු, පස්ස බේරාගන්න අල්ලපු ගෙදරට ගිය එකාටත් මඩ ගහනවා, අල්ලපු ගෙදරින් සල්ලි අරන් ගියා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මාධ්‍ය සාකච්ඡාවෙදි කිව්වෙ.

      Delete
  16. අපේ ඡන්ද කේවල් කර විකුනන
    අලුත් තාලේ ව්‍යාපාරෙක නිරත

    ඔහුට

    හාමුදුරුවරු රණින් මාල පලඳා
    කලසේක ආසිර්වාද
    'කටුස්සන්ට රන් මාල'ද ?
    ඔබ වහන්සේ නොකියා කීවේ

    ReplyDelete
    Replies
    1. ඒක දැක්කෙ නෑ දයාල්. හරි හරි! කවුරුත් කරන්නෙ ඊලඟට සංඝ්‍යාවහන්සේලා බැහැදැකීමනේ.

      Delete
  17. ඇත්තටම ඔය බල්ලට වෙන බල්ලො ගල් කපන්න හැදුවද?

    ReplyDelete
  18. මට කනගාටු ඔය බල්ලාගේ කුඩුවේ හිටපු මැක්කෝ ටික ගැන. ඇගේ හිටපු කිනිතුල්ලොනම් කොහොමත් බල්ලා යන යන තැනට යනවනේ. එත් පවු අර අසරණ මැක්කෝ ටික. එක අතකින් මේ කුඩුව තමයි අපේ ලෝකේ කියලා හිතාගෙන ඉන්න ඔය මැක්කන්ට හොඳ වැඩේ. ටෝමියා මලාට පස්සෙවත් මු ආපහු පරණ කුඩුවට එයිද බං.

    ReplyDelete
    Replies
    1. බස්නාහිර පලාත් සභාවෙ හිටපු ඒක මැක්කෙක් ඊයේ ස්වාධීන වෙලා.

      Delete
    2. ටොමියත් ඉන්නව මෙලෝ රහක් නැතිව. ඌටත් තාම පන හයියයි. අනේ මංදන්නෙ නෑ මොනව වෙයිද කියල.

      keerthi raterala
      කවුද? තාම බලන්න බැරිවුනා

      Delete
    3. ශිරාල් ලක්තිලක නීතිඥ මහතා.

      Delete
  19. බල්ලෝ නම් එහා ගෙදර හිටියත් එකයි මෙහා ගෙදර හිටියත් එකයි. උන් බල්ලෝ නේ

    ReplyDelete
  20. වමණය කලේ බඩේ තිබුනු ටික විතරයිනෙ. ඊට කලින් කාලා හදාගත්තු ශරීරය අරගෙන ගියේ බල්ලෙක් නිසා වෙන්න අැති.

    කෙසේ වෙතත් නිර්ඹාණය අතිසාර්තකයි.

    ReplyDelete
  21. කක්ක නොකන බල්ලො/බැල්ලියො තෝරල බේරල නොගත්ත එකේ කට්ට කනව රනිල් ලොක්ක.

    ReplyDelete
    Replies
    1. ඕක කනකල්ම තෝරගන්න බෑ ආයිබෝවං.

      Delete
  22. //අනිත් බල්ලො වගේ බැල්ලියක්ගෙ පස්සෙන් ගිහිල්ල ආතල් එකක් ගන්න මටත් ඕන කියල මේ ගෙදර මිනිස්සුන්ට හිතන්න බැරිහැටි!//

    බලනකොට බල්ලොත් හිතන්නේ අර සමහර අය හිතනවා වගේමනේ.:D:D

    ReplyDelete
    Replies
    1. ඔන්න බලමුකෝ පොඩ්ඩි අල්ලගත්ත තැන. වයසෙ වැරැද්දද "මේ දවස්වල" වැරැද්දද කියල මං නං දන්නෙ නෑ.

      Delete
    2. @පොඩ්ඩි;
      පසුගිය දිනවල ඔබගෙ වැදගත් සිදුවීම්/ගමන් බිමන් වල කතා,විස්තර පින්තූර සමග හෝ නැතිව අපිට ගේන්නෙ කවද ද?
      මොකද මගෙ මහත්තය කිව්වද බ්ලොග් අස්සෙ ගිහිල්ල තිබුනොත් හිස ගසා දමමි කියල?

      Delete
    3. අන්න හරි! පොඩ්ඩි කිව්ව "වැදගත්" දේවල් පිංතූරත් එක්ක බ්ලොගේ දානව කියල. තාම නෑ. අපි හදාගනිමු සංගමයක්. පොඩ්ඩිට බලකරමු!

      Delete
  23. සැමාගේ ලිපිය ට හෙන ගහල.

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක මොකද්ද කේස් එක?

      Delete
  24. ටොමියා පව් ගෙදරටම නාකි වෙනවා,

    ReplyDelete
  25. Doesn't matter next door GL tommy is there to take care of his back

    ReplyDelete
  26. පෘතග්ජන බල්ලෙක් නිසා ශේප් . හිහිහිහිහ්
    නැත්නම් පොෂ් වචන එහෙම දාලා කතා කරානම් ඉවරයි . අර සමහර නිවේදක නිවේදිකාවෝ වගේ . හැක හැක හැක

    ReplyDelete