Monday, August 19, 2013

අවලස්සන ඡන්දදායකයා

මේ අප කුඩා කාලයේ සිදුවූ සිදුවීමකි. ගම් ප්‍රදේශයේ තිබූ කුඩා වැවකින් පෝෂණය වූ කුඩා කුඹුරු යායක් තිබුනි. ඒ නියං සමයක් වූ අතර වැවෙහි ජල මට්ටම සැලකියයුතු ලෙස පහල ගොස් තිබුනද ගොවීන් වගා කටයුතු ආරම්භ කර තිබුනේ අනාගත වැසි අපේක්ෂාවෙනි. බලාපොරොත්තු වූ කාලයේදී වැස්ස නොවැටුන බැවින් ගොවීන් අතර අසහනය මතුවිය. ජලය බෙදාගැනීම සම්බන්ධව යම් යම් ආරවුල්ද පැන නැඟුනු බැව් මගේ මතකයේ ඇත. කෙසේ වුවත් වැවෙහි තිබූ වතුර ප්‍රමාණය ප්‍රවේශමෙන් පරිහරණය කලේ නම් අස්වනු කැපෙන අවස්ථාව දක්වා යන්තමින් සෑහේ යයි උපකල්පනය කල හැකි තරමේද පරිමාවක්ද එහි විය. සතියකට වරක් එක් දිනකදී වැවෙහි දොරවල් හැර වතුර නිකුත් කිරීමට බලධාරීන් ක්‍රියා කලහ. මේ අතර අලුත් ප්‍රශ්නයක් පැන නැඟිනි.

වැව් සොරොව්ව ආසන්නයෙන් වතුර කාන්දුවක් හටගත් අතර මෙය ගොවීන්ට මහත් අස්වැසිල්ලක් වූයේ අමතර වතුර ප්‍රමාණයක් ලැබුන බැවිනි. සියල්ලන්ම අනවසරයෙන් ලැබුන ජලයෙන් තාවකාලිකව සෑහීමකට පත්වූ අතර බලධාරීන් මෙන්ම ඔවුන්ද වැව පිලිසකර කරගැනීමට උනන්දුවක් නොගන්නා ලදී. අවසානයේ එක් දිනෙක ජල කාන්දුව අධික වී වැවු බැම්මෙහි කොටසක්ද සමඟ මුළු ජල පරිමාව වැවෙන් පිටවිය. මිනිසුන්ට නුවණ පෑදුනේ ඉන් පසුවය. එහෙත් ඒ වනවිටත් අශ්වයා පැනගොස්ය. ශ්‍රමදානයක් මඟින් වැව් බැම්ම පිළිසකර කලද පීදීමට ආසන්න හා පීදුනු විගස ගොයම රැකගැනීමට වැස්ස වලාහක දෙවියන්ගෙනක් කිසිදු සහයෝගයක් නොලැබිනි.

මට මේ කතාව මතක් වූයේ ලාංකීය ඡන්ද දායකයාගේ හැසිරීම අරභයා දුකා විසින් තම අඩවියට එක්කල මහජනයා සහ අරක්කු යන ලිපිය දුටු විටය. ලාංකීය ඡන්ද දායකයාගේ හැසිරීම, මා මුලින් සඳහන් කල කතාවෙහි ගොවීන්ගේ හැසිරීමෙන් වෙනස් වන්නේ නැත.

මා ජීවත් වන ප්‍රදේශයේ ඡන්ද දායකයා තම ඡන්දය පාවිච්චි කිරීමේ මූලික අපේක්ෂාවන් කල්පනා කර පෙලගැස්වීමි.

1.තමාට රැකියාවක් ලබාගැනීමේ අ‍නාගත බලාපොරොත්තුව.
2.තම දුවට-පුතාට රැකියාවක් ලබාගැනීමේ අ‍නාගත බලාපොරොත්තුව.
3...........රැකියාවක් ලබාගැනීමේ අ‍නාගත බලාපොරොත්තුව.
4...........රැකියාවක් ලබාගැනීමේ අ‍නාගත බලාපොරොත්තුව.

මෙය දේශපාලන නායකයන්ගේ "පළමුවත් රට, දෙවැනුවත් රට,තෙවැනුවත් රට" යන ඊනියා පෙලගැස්මට සමානය. මෙයට පරිබාහිරින් කල්පනා කලහොත් කොමිස්, කොන්ත්‍රාත් ලබාගැනීමේ අරමුණ ඇති ව්‍යාපාරිකයන්, නීතියෙන් බේරීමේ අරමුණ ඇති කසිප්පු-ගංජා-කුඩු මුදලාලිලා මෙන්ම කිසිදු අවශ්‍යතාවයක් නැතත් "අහවලාගෙ ෆිට් එකක්" යන සමාජ පිලිගැනීම අපේක්ෂා කරන මානසික රෝගීන්ද සිටිනුයේ මා මුලින් සඳහන් කල පිරිසට වඩා සෑහෙන පිටුපසිනි.[පිටුපසින් යයි කීවේ සංඛ්‍යාත්මකවය]. දුකා තම ලිපිය තුල මතුකල මූලික කරුණ, එනම් අරක්කු හෝ බත්පැකට් සාධකය ඡන්ද ප්‍රතිඵලයට බලපෑම් කරන්නේ අනියම් ආකාරයෙනි. එනම් අරක්කු-බත්පැකට් සඳහා රොක්වන්නන් නිසා ඡන්දය දුන්නද නොදුන්නද පිරිස් බලය ඇතිකරගත හැකිය. පාවෙන ඡන්ද දායකයන් අතුරින් එක්තරා පිරිසක් මේ මඟින් ආකර්ෂණය කරගත හැකිය. දැනට ජ්‍යේෂ්ඨ අමාත්‍ය ධූරයක් දරන ඩිව් ගුණසේකර මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කල සමයේ මැතිවරණ දිනයේ නිවසේ තිබූ නොසේදූ පිඟන් සංඛ්‍යාව ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාවට වඩා ඉහල බැව් සඳහන් කල යුතුය. ඒ අරක්කු සහ බත් පැකට් ඡන්දයට බලපෑම් කල හැකි ප්‍රමාණයයි.

මා මුලින් අවධාරණය කල කරුණ ගැන දැන් සලකා බලමු.
මේ වනවිට ලංකාව තුල විරැකියාව ඉහල අගයක් ගනී. එසේත් නැතහොත් වාර්තා වන දත්තයන් වැරැදිය. යම් තොරතුරක් ලබාගැනීමට ලංකාවේ නිවසකට යන නිලධාරියෙකු හට නිවැරදි තොරතුරු ලබා ගැනීම තරමක් අපහසුය. රැකියාවක් ඇති නැති බව පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙකුගෙන් හෝ ගොවියෙකුගෙන්, එසේත් නැතිනම් මුදලට යම් සේවාවක් සපයන්නෙකුගෙන් විමසුවහොත් සාවද්‍ය තොරතුරු ලැබීමේ හැකියාව වැඩිය. ද්විතියික අධ්‍යාපනය හමාරකල සමයේ මා වරක් ලංකාවේ ජන සංගණනයට දායක විය. රැකියා කරන්නන්ගේ තොරතුරු ඉල්ලා සිටි විට නිවැසියන්ගෙන් ලැබුන ප්‍රතිචාරය වූයේ "අහවල් තැන වැඩ කරනව, රස්සාවක් නෑ කියල දාන්න" යන්නයි. [රැකියාව පමණක් නොව ජල මුද්‍රිත වැසිකිළියක් ඇති බව හෝ ගෙබිමට සිමෙන්ති යොදා ඇති බැව් ප්‍රකාශ කිරීමටද ඔවුන් මැළි විය]. මෙයින් කියවෙන්නේ එක්කෝ ඔවුන් කරන රැකියාව ගැන ඇති අතෘප්තියයි. නැතහොත් රජයේ රැකියාවක අපේක්ෂාවයි.

තත්වය මෙසේ වීමට බලපාන කරුණු රැසකි.
පළමුවැන්න පෞද්ගලික සේවයේ යෙදීමට ඇති අකමැත්තයි. මේ වනවිට ඉහල තලයේ සේවකයන්ට යම් යම් වරප්‍රසාද හිමි වුවද පෞද්ගලික අංශයේ පහලම මට්ටමේ සේවකයාට රැකියාවේදී හිමිවියයුතු මූලික අයිතිවාසිකම් හෝ ලැබෙන්නේ නැත. අනෙක් අතට අගනුවර කේන්ද්‍රගතව පවතින රැකියාවන්හි නියුතු වීමට පූර්ණකාලීනව එහි සිටිය යුතුය. පෞද්ගලික අංශයේ රැකියා කල යම් පිරිසක් පසුගිය කාලයේ ආරම්භ කල උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන හා සම්බන්ධ විය. ඒ උක්ත ගැටළු හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවය කිරීමට ඇති අකමැත්ත හේතුවෙනි. මෙම විරැකියාව පසුබිම දේශපාලකයාට ක්‍රීඩා කිරීමට හොඳ පිටියකි.

ජනාධිපතිවරයා දෙවැනිවර බලයට පත්වූ විගසින්ම සිදුකල කාර්ය වූයේ ව්‍යවස්ථා සංශෝධනය මඟින් ධූරකාලය දීර්ඝ කරගැනීමට පිඹුරුපත් සැකසීමයි. එහි අනෙක් මූලික සංශෝධනය වූයේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය අහෝසි කර රාජ්‍ය සේවකයන් පත්කිරීම මාරු කිරීම ආදී කටයුතුද අමාත්‍ය මණ්ඩලය යටතට ගැනීමයි. දැන් අදහස පැහැදිලිය. එක්පසකින් විරැකියාව තිබේ. අනෙක් පැත්තෙන් අවශ්‍ය කරන විසඳුම තිබේ.

සතුන් සඳහා උගුල් අටවන්නන් ඒ සඳහා භාවිත කරන උපක්‍රමය වන්නේ උගුල දෙසට ඇති මාර්ගය එළිපෙහෙලි කර තැබීමත් අනෙක් මං ඇහිරීමත්ය. මෙහිදී දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක වන්නේද එලෙසිනි. මේ වනවිට රජයේ රැකියා වලින් සැලකියයුතු ප්‍රතිශතයක් දේශපාලන සබඳතා මත ලබාදේ. "රාජ්‍ය සේවය" යන කුලකය තුලට ගැනෙන සෘජු රැකියා සම්බන්ධයෙන් යම් සතුටුදායක තත්වයක් තිබුනද අධිකාරී, මණ්ඩල, සංස්ථා ආදිය කෙලින්ම දේශපාලන සබඳතා මත තීරණය වේ.

දැන් යලිත් ඡන්ද දායකයා වෙත යොමුවෙමු. ඔහු නිරූපනය කරන්නේ ක්‍රමය වෙනස් කිරීමට හෝ ඒ පිළිබඳ කතිකාවක යෙදීමට හෝ යොමු නොවී වැවේ සිදුරෙන් ගැලූ වතුරෙන් තාවකාලිකව සෑහීමකට පත්වූ ගොවියාගේ භූමිකාවයි. ඔහුගේ ඉල්ලීම ආත්මාර්ථකාමීය. එහි අරමුණ අන් අයෙකුට ලැබියයුතු යමක් තමාට ලබාගැනීමයි. මෙය අරක්කු භාගයකට හෝ බත් පැකට්ටුවකට ඡන්දය ලබාදීමටත් වඩා අවලස්සන වන්නේ එබැවිනි.

60 comments:

  1. අන්තිමට කියල තියෙන දේ හරියටම හරි,රාජ් දන්නවද හරකුන්ගේ හැටියටලු ගොපල්ලා

    ReplyDelete
    Replies
    1. අර කවුද කියල තියන විදිහට නව ජනතාවක් පත් කර ගන්න තමා වෙන්නේ.

      Delete
  2. දේශපාලන ක්‍රමය ගැන කතා කර පලක් නැත.

    ReplyDelete
    Replies
    1. කතා කලොත් තමයි හරියන්නෙ. පලක් නෑ කියල හිටියොත් ගැලවීමක් ඇත්තෙ නෑ. යමක අවශ්‍යතාවය සමාජගත නොවී තිබෙන තාක් ඒක හීනයක් විතරක් වේවි.

      Delete
  3. ඇත්ත නම් චන්ද දායකයාට ක්‍රමයෙන් වැඩක් නැත. තමුන්ට කරදරයක් නැත්තං මහසෝනා බලයට පත් වුනත් කමක් නැත. එක නිසා අපේ ජාතික ගීයද වෙනස් විය යුතුය,ජාතික ගීය විය යුත්තේ " කන්ට දෙනවනං අපිට බොන්ට දෙනවනං මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ,කියන දෙයක් ඒ විදිහට කොරන්ඥන් අනේ අපේ බඩ කට දෙක පිරෙනවනන්."

    ReplyDelete
  4. ආත්මාර්ත‍ය නිසා ඇතිවෙන invisible hand එක වැඩ කරන්නේ නැහැ වගේ...?

    ReplyDelete
    Replies
    1. දැන් ඡන්ද දායකයට අදෘශ්‍යමාන හස්තයක් නෑ කකා. ආත්ම ගරුත්වය, පිට කොන්ද බල්ලට ගිය එවුන්ට අදෘශ්‍යමාන හස්තයක් කොයින්ද?

      Delete
  5. හොරු, කුඩු කාරයො, අපරාධකාරයො, බොරු කාරයො
    නැවත නැවත බලයට පත්වීමේ රහස,
    අපි නොදන්න උන් දන්න රහස

    ඒකට ලංකාවේ කියන්නෙ අමුතු නමක්

    ප්‍රජාතන්ත්‍රවාදය

    තව දුරටත් පැහැදිලි කරනව නම්
    "පිලිගත හැකි හීනයකට රැවටීම" ට ඇති කැමත්ත.

    ReplyDelete
    Replies
    1. "ප්‍රජාතන්ත්‍රවාදය" ආයෙත් සාකච්ඡා කලයුතු තත්වෙකට ඇවිල්ල

      Delete
  6. ඉස්පිල්ලක් පාපිල්ලක් පුරාවටම ඇත්ත.මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. මොනව හරි කරන්න එපැයි.

      Delete
  7. ඔව් රාජ් කියා තිබෙන දේ හරි.සමහරක් විට අපි දන්නවා අපි ඡන්දය දෙන කෙනා එම තනතුරට නුසුදුසු බව.නමුත් ඒ බව දැනගෙනම අපි උන්ට දෙනවා අපේ පුද්ගලික වාසිය තකා.නමුත් අන්තිමේදී ඇත්ත තේරිලා පස්ස බලනකොට ඔක්කොම වෙලා ඉවරයි.නමුත් ඒ බව දැන,දැන ඊලග වතාවෙත් අපි ඒ වරද නැවත,නැවතත් කරනවා.

    ReplyDelete
  8. එකඟ විය හැකි විග්‍රහයක්.
    ඕකේ නොකියවෙන කාරණය මේ ආණ්ඩුව ලඟදී වෙනස් වෙන පාටක් නැහැ කියන එක නේද?අර හැලප කියලා තියෙන විදිහට ගොපල්ලා හරකුන්ව දක්වන්නේ කොහොමද කියන එක තේරුම් අරන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. නොකියවෙනව වගේ පෙනුනට මේකෙන් කියවෙන දෙයක් තියනව. මම කියල තියන විදියට මේ ආත්මාර්ථකාමීන් යන්නෙ දැනට වාසි යයි පේන පැත්තට. ඒ නිසා ඕනෑම වෙලාවක නැවෙන් පැනීමේ ඉඩකඩ තියනව.

      Delete
  9. හරියට හරි මෙක තමයි ඈත්ත.මම දන්නව එක පවුලක් ජන්දෙ දෙන පක්ශෙත් වෙනස් කරා ඉට කලින් දවසෙ බඩු මල්ලක් දුන්න නිසා.
    අනිත් කාරනෙ ඔය විස්තර හන්ගන්නෙ ආන්ඩුවෙන් නිකන් කන්න තියෙන ආසවට.මම් පොඩිකාලෙ ශිෂත්වෙ පාස් වෙච්ච ලමයින්ගෙන් අන්ඩුවෙ ආධාර ලෑබුනෙ හොද බිස්නස් කාරයනෙ ලමයින්ට.අපෙ තත්ත ගුරුවරයෙක් නිසා මට ලෑබුනෙ නෑ. ඔන්න ඔකයි පුලුවන් තරම් හන්ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕව ගැන කතාකරල වැඩක් නෑ, ඔය සහනාධාර සම්පූර්ණයෙන්ම නවත්තල දාන්න ඕන බං. ජනසවිය, සමෘද්ධිය මිනිස්සු ගැත්තො කරන, ආණ්ඩුවල උපකරණ. ඒකෙන් ඒ මිනිස්සුන්ට ඇති වෙන සෙතක් නෑ, සදාකාලික ගැතිබව විතරයි උරුම. කළයුතුව තිබුනෙ ඒ ඒ පළාත්වලට විශේෂිත කර්මාන්ත ගෘහ කර්මාන්ත ස්වයං රැකියාවලට මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමත් නිසිකාලයක් දක්වා නිවැරදි යාන්ත්‍රණයක් යටතේ නියාමනය කිරීමත්. එහෙම උනානම් සුළු කාලයකින් ඒ මිනිස්සු දෙපයින් නැගී සිටිනවා වගේම රජය යොදවන මහජන මුදල් නිසි ආයෝජනයක් වෙනවා, රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඔය සමෘද්ධි පවුල් බහුතරයක මිනිස්සු එක දවසකට බොන්න වියදම් කරනවා මුළු මාසෙකටම ඒ පවුලට ලැබෙන සමෘද්ධි සහනාධාරයට වැඩිය මුදලක්. මේ කාලකණ්නි දේශපාලුවොත් එක්ක මේ රට ගොඩගන්න කවදාවත් බෑ.

      Delete
    2. මිනිහෙකුට බඩගින්නට මාලුවෙක් නොදි මාලු අල්ලන්න කියල දෙන්න මෙ ආන්ඩුත් කෑමති නෑ

      Delete
    3. සහනාධාර ක්‍රමය වෙනස් වෙන්න ඕන. මම කියන්නෙ සමෘද්ධිය වගේ සහනාධාර වලටත් වඩා සහනාධාර ක්‍රමයක් යටින් යනව. කාටවත් ඒව පේන්නෙ නෑ. ඒ ගැන ඉදිරියේ ලියන්නම්

      Delete
  10. රාජ් කියපු වැවේ වතුර කතාව නියම උදාහරණයක්. ඒක හැම පැත්තකටම වලංගුයි. අපේ රටේ සිවිල් සමාජය, වෘත්තිකයො මුලින් විරුද්ධත්වය දැක්විය යුතුව තිබුනු නමුත් එහෙම නොවුනු හුඟක් දේවල් දැන් මහගඟට ගිහින් තියෙන්නෙ. මට හිතෙන හැටියට ඒකෙ භයානකම අවස්ථාව නීතියට පිටින්වන ඝාතන නීත්‍යානුකූල කරන අසිරිය මිනිස්සු කාලයක් තිස්සෙ මුවින් නොබැන බලාසිටීම. සැබෑවටම අපරාධකාරයො උනත් ආයුධ පෙන්නන්න ගිහින් මගදි මැරෙන එකත් මුලදි මුලදි වහා පිලියම් කළ යුතුව තිබුනු වතුර කාන්දුව ජාතියෙ වැඩක්. සිදුවෙන්නෙ කුමක් දැයි දැන දැනත් අවශ්‍යතාවයක් තියෙනව නම් පහසුවෙන්ම එළිකරගන්න පුළුවන්කම තියෙද්දිත් මහේස්ත්‍රාත්වරු රබර් සීල් එකක් වෙලා. අඟුලානෙ කොල්ලො මරලත් ඕඅයිසී ඒ පානෙන් එළිය බලන්න ලැහැස්ති උනා, උගේ අවාසනාවට මිනිස්සු පාරට බැස්ස. අනේ මන්ද, මට නම් තේරෙන්නෙ නෑ මේ රට කොහේ යනවද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි වෙන්නෙ. ඉස්සෙල්ල මුට්ටිය දාල බලනව. මුට්ටියට වැදුනෙ නැත්නම් ඔළුවම දානව. පාතලයෙකුට වෙඩිතියල කියල අපි හිනාවෙනකොට ඊලඟට ෂොට්එක දෙන්නෙ උද්ඝෝෂකයට

      Delete
  11. අපේ බුවෙක් පහුගිය මහමැතිවරණෙදි ප්‍රසිද්ධ මස්කඩ මුදලාලිට වැඩකරන ගමන්, අපිටත් කියනවා, ‘දිනන එකාට වැඩ කළොත්ලු අපිටත් යමක් කරගන්න පුළුවන්‘.

    දිනුවට පස්සෙ මං උගෙන් ඇහුවා ‘දැන් උඹට මොනවද හම්බුනේ?‘ කියල.

    ඌ ලැජ්ජ නැතුව කියනවනෙ, ‘අපිට ෆීලික්ස් පෙරේරා දුන්න අයිඩෙන්ටිය තියෙනවනෙ, බයික් එක පොලිසියෙන් ඇල්ලුවත් මේක පෙන්නල යන්න පුළුවන් නෙ‘ කියල.

    මං කල්පනා කළේ අපේ රටේ බහුතරය මේ තරම් මීහරක් බවට පත්කරවල නේද තියෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. //...බයික් එක පොලිසියෙන් ඇල්ලුවත් මේක පෙන්නල යන්න පුළුවන් නෙ//

      ඕං සූස්ති ලියල තිබුනා ලොකු පුටවක හිටපු පුරවැසියෙකුගෙ කතාවක්

      Delete
    2. ‘අපිට ෆීලික්ස් පෙරේරා දුන්න අයිඩෙන්ටිය තියෙනවනෙ, බයික් එක පොලිසියෙන් ඇල්ලුවත් මේක පෙන්නල යන්න පුළුවන් නෙ‘

      අනේ කාලේ වනේ වාසේ

      Delete
  12. මේ ගැන ලස්සන පෝස්ට් එකක් නලිනි චන්දිමා මෑතකදි දාලා තිබුනා.

    චන්දේ ගැන කතා කලොත් මට හැමදාම තිබ්බ ගැටලුව මොකාටද චද්දේ දෙන්නේ කියන එකයි. ඇත්තටම මම එකෙකුටවත් කැමති නැතිනම් මොකද කරන්නේ? හොඳ වෙලාවට දැන් චන්දෙ නෑ.

    ReplyDelete
  13. උඩදාගෙන ගිහින් කතිරෙ ගහනවා. ඊට පස්සෙ ගහපු එකෙක් නැහැ.

    ඒකයි සිරලංකන් මොඩලය.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මේ දවස්වල නං කතිරෙ ගහපු එකෙක් දකින්න නෑ.

      Delete
  14. ඕනෙම දෙයක් එක ලෙවල් එකක් පැන්නට පස්සේ, ඒකට විරුද්ධව යනවට වඩා, ඒකත් එක්ක යන එක හොඳයි කියලා හිතෙනවා.

    මචං මධ්‍යම පංතියේ අය අතර මීටත් වඩා නියම හේතු තියනවා චන්දය දෙන්න. ඔවුන්ට මේ වගේ රැකියාවක් හොයා ගැනීම කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඔක්කොටම රස්සා තියනවා.. ළමයිනුත් සෑහෙන ඉගෙනගෙන ඉන්නේ...

    අපි ඉස්සර ඉඳම දුන්නේ මෙයාලටනේ...
    අහවලා හරි සීදේවි පාටයි. ඕනෙ වෙලාවක හිනාවෙලා ඉන්නේ...

    කොළඹ වගේ පැත්තක පබා දිනන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔය පබාලගේ කතන්දරේ දැක්කම හිතෙන්නේ, අපේ අරක්කු අපිටම ගහනවා වගේ කතාවක්. විරුද්ධ මතයට චන්දෙ දීපු අයට මොනවද ලැබෙන්නේ. හැබැයි ඔය ජනප්‍රියතාවය බලලා චන්දෙ පාවිච්චි කරන අයටත් හොඳ පාඩම්. මමනම් කියන්නේ පක්ෂේ මොකක් වුනත් හොඳ විශ්වාසදායක මහත්වරුන් තෝරන්න කියන එක.

      Delete
    2. පක්ෂේ මොකක් වුනත් හොඳ විශ්වාසදායක මහත්වරුන් //

      එහෙම එවුන් කී දෙනෙක් විතර ජන්දෙ ඉල්ලනවද සුදීක අයියේ.... හි හි

      Delete
    3. අන්න හරි කොළබ කොලඹ කොලඹින් තමයි ඉල්ලුවෙ පබා

      (((((@ගම්පහ ජීවත් වෙන පුද්ගලයෙක් විදියට ලැජ්ජාව වහ ගනිමින්))))

      Delete
    4. ලැජ්ජාව වැහුවෙ අතින්ද උඹ.

      Delete
    5. අපිට නං ගම්පහ කොළඹ දෙකම එකවගේ තමයි ඒ නිසා උඹලට අතින් වහගන්න බෑ :-)

      පබාට ඡන්දය දීම වෙනම කේස් එකක්. ඒකත් ළාමක කේස් එකක් තමයි ඒත් මේ වගේ උදවිය විශ්වාස කරනවට දෙන්න ඕන දඬුවම හිතාගන්න බෑ.

      Delete
  15. //ඔහුගේ ඉල්ලීම ආත්මාර්ථකාමීය. එහි අරමුණ අන් අයෙකුට ලැබියයුතු යමක් තමාට ලබාගැනීමයි.//
    මේ ලෝකේ ගොඩක් මිනිස්සුයි මෙහෙමයි රාජ්.

    ReplyDelete
    Replies
    1. එහෙමද? පොඩ්ඩි කියනව නං හරි ඇති. ඒත් මෙහෙම නැති රටවල් තියනව නේද?

      Delete
  16. අවසානේදී ප්‍රතිපලය ගැන බැලුවම පෙන්නේ නිකං චන්දයක් තියන්න ඕනේ නිසා තියලා වගේ. මේ චන්ද ක්‍රමයේ වැරද්දක්. පැරණි ක්‍රමය මීට වඩා සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. පැරැණි ක්‍රමය ගැනත් වැඩි විශ්වාසයක් නෑ මට නං.

      Delete
  17. කැඩුණූ වැව් බැම්ම පිලිසකර කිරීමට අපේ “ගොවි ජනතාව“ ට නම් කවදාවත් ම හිතෙන එකක් නෑ.(එක් කෙනෙකුට දෙන්නෙකුට හිතුනත් ඌව පාගල දායි අනෙක් අය)
    ඒත් අපේ අවාසනාව තමයි වැව් බැම්ම පිලිසකර කළ යුතුයි කියල වැවට අදාල “බලධාරීන්“ ට නොතේරීම.කවදා හරි ඒදේ සිද්ධ වුණ දාක අපිත් ගොඩ.

    ReplyDelete
    Replies
    1. හ්ම්. අදාල බලධාරීන්ට නං අමාරුවතක් නෑ නෙව. අඩුගානෙ වැවෙන් වතුර ගන්න මිනිස්සු වත් එකතු උනොත්.

      Delete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  19. මිනිස්සු පැහැදිලිව දන්නවා,දැනට අවංක අය ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුනේ විතරය් කියල.ඒත් මිනිස්සුන්ට ඕනකරන්නෙ,හොර වැඩක් කරල ගොඩ යන්න පුලුවන් ආන්ඩුවක් මිසක්,රටක් දියුනු කරන ආන්ඩුවක් නෙමේනෙ.ඉතිං මේ කාලකන්නින්ට ගැලපෙන හොඳම ආන්ඩුව තමය් දැන් තියෙන්නෙ.සාගතය තමුන්ගෙ ගේ දොරකඩට ආපු දාටවත් උං ඒක තේරුම් ගන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ මේ,ජනතා විමුක්ති පෙරමුණට මිනිස්සු ආණ්ඩුවක් අරං දුන්නේ.(මංත්‍රීවරු 40 කට වඩා එක්ක).කෝ කලාද? අන්තිමේ පස්සගහල අයින් වෙලා ගියානේ.

      Delete
    2. ජවිපෙ යම් සාධනීය ලක්ෂණ තියනව. ඒ වගේම සැක කලහැකති තැනුත් තියනව.
      ජයශ්‍රී කිව්ව වගේ 40ක් එක්ක ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න තිබුන කියන එකයි මගෙත් හැඟීම.

      Delete
  20. මේක තමයි ඇත්ත රාජ්.
    ගොඩක් අය දේශපාලඥයන්ට බනිනවා රට කනවා කියලා. එතකොට මේ රටේ ඉන්න මිනිස්සු හරිම අහිංසක, වැදගත්, සාධාරණ මිනිස්සු. පව් නේද :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ.
      මූනක් එක්ක ඇවිල්ල තියෙන්නෙ :-)

      Delete
  21. අනේ මන්දා රාජ්...

    ReplyDelete
  22. හරියන්නෑ නේ එහෙනං...

    ReplyDelete
  23. අතිශයින්ම අත්‍යවශ්‍ය මාතෘකාවක් රාජ් හරියටම පෙළගස්වලා.

    මේ ගැන ජනමාධ්‍ය මගින් කතා කරපු දේවල් අහලම, මම පොඩි අවිධිමත් සමීක්ෂණයක් කලා අපේ පැත්තේ.

    ඡන්දෙ දෙන්න හේතු.

    1. මැතිවරණ කාර්‍‍යාලයක් දාන්න 50000 දීම.
    2. අහල පහල ඉන්න ගමේ වැඩකරුවෝ/චන්ඩි එතුමාට වැඩ කිරීම.
    3. පුතා/හස්බන්ඩ් කිව්ව නිසා (වැඩිහිටි බවලතුන්)
    4. තරුණ, ප්‍රසන්න පෙනුමක් තිබීම සහ ලස්සන හිනාවක් තිබීම
    5. හිටපු මන්ත්‍රීගේ හෝ ප්‍රසිද්ධ කලාකරුවකු, ව්‍යාපාරිකයෙකුගේ දරුවෙකු නිසා.
    6. එතුමා රජයේ ඇමති කෙනෙක් වීම නිසා (රාජ් කියූ පරිදි පරම්පරාවට රැකියා වෙනුවෙන්)
    7. මහප්‍රාණ වචන, වාචාල කතා සහ කුණුහරුප කියමින් වේදිකාව සොලවන්නට හැකි වීම.
    8. කොන්ත්‍රාත් එකක් ගොඩ දා ගැනීමට එතුමා උදව් දීම.
    9. ජාතික ඇදුම ඇදීම, පන්සලේ හාමුදුරුවන්ගේ වන්දනාවට පවා පාත්‍ර වීම (කෙසේ වෙතත් ඉනේ පිස්තෝලය අනිවාර්‍ය වේ.)
    10. ප්‍රසිද්ධ කාලාකරුවෙකු, ව්‍යාපාරිකයෙකු වීම.
    11. ගමේ හැම මල ගෙදරම, මගුල් ගෙදරම, බණ ගෙදරම, පිරිත් ගෙදරම ආදී මංගල / අවමංගල උත්සව අවස්ථා වල පොර වීම සහ පොඩි එවුනුත් සමගත් කතාබස් කිරීම.
    12. පාවහන් නොපළදා පාරේ යන, සුවපහසු වාහන නැති කෙනෙක් වීම (මේ අය හොරු නෙමේ, ඒත් මේක ඡන්දෙ දෙන්න ප්‍රධාන සුදුසුකමක් විදිහට දකින්නේ ප්‍රාථමික මනසක් ඇත්නම්)

    භයානකම තත්වය නම් මේ ළගදී සිදුවූ ස්ත්‍රී දුෂණ ගැන කතා කිරීමේදී එකෙක් පැවසුවේ 'ඇයි බොල ඔච්චර මනාප විසි තිස් දහස් ගණං අරන් සභාපති වෙලාවත් අවුරුදු දහයක දොළහක කෙල්ලෙක්ට කෙලින්න බැරිනම් ඌ ඡන්දේ දිනපු එකෙන්වත් වැඩක් තියනවද' කියලාය.

    මම සමීක්ෂණය වහා නවතා දැමුවෙමි.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න - අමතක වුනා

      අරක්කු, සිගරට් බත් පැකට් එක වෙනුවෙන් ඡ්න්දෙ දුන්න එවුන්නම් අපේ පැත්තෙ අඩුවක් නෑ. ඒක කොමන් වැඩි නිසයි අමතක වුනේ.

      Delete
    2. බලාගෙන ඕව කරන්නෙ! ඔව් අඩු වැඩි වශයෙන් හේතු ගණනාවක් තියනව. ඒත් කවද්ද අපේ මිනිස්සු නීතිය රකින සමාජයක් වෙනුවෙන් ඡන්දෙ දෙන්නෙ? කවද්ද ස්වාධීන කොමිෂන් වෙනුවෙන් ඡන්දෙ දෙන්නෙ? කවද්ද ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් ඡන්දෙ දෙන්නෙ ..................... ...................... ......................
      එතෙක් අපි පරාදයි බොස්.

      Delete
  24. රාජ් සෑහෙන හොඳට මේ ප්‍රශ්නය දැකලා තියෙනවා. දුකා එවෙලෙට දැක්ක ගමන් කෑ ගැහුවට වැඩි දේශපාලන ගැඹුරක් ඇතිව දෙයක් දිහා බලන කෙනෙක් නෙවෙයි.

    මට තියෙන තව ප්‍රශ්නයක් අහන්න රාජ් හොදම කෙනා කියලා හිතෙන හින්දා මං ඒක මෙතන අහන්නම්.

    ඇයි සරත් ෆොන්සේකාගේ දහ දාහේ වැටුප් වැඩීවීමට රාජ්‍ය සේවකයෝ කන් නුදුන්නේ?

    ReplyDelete
    Replies
    1. හේතු කිහිපයක් තියනව.
      1.ඕනෑම ආණ්ඩුවක් ටික කාලයක් බලයේ ඉන්නකොට රැකියා ලබාදීම් වගේ දේවල් වලින් තමුන්ගෙ ගොඩ වැඩි කරගන්නව. ඒ අර්ථයෙන් බැලුවම දැන් රාජ්‍යසේවයේ ඉන්න උදවියගෙන් බහුතරයක් සංදාන ආණ්ඩු පාක්ෂිකයන් කියල කියන්න පුළුවන්.

      2.සරත් ෆොන්සේක දහදාහක් දෙනව කියල කිව්ව. දෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ උනේ දූෂණ නැතිකරල ඒ මුදල් අදාල වැඩේට යෙදවීම. හැබැයි මේ ගාන ගැන රජයේ සේවකයන්ට විශ්වාසයක් තිබුනෙ නෑ. කොටින්ම මම උනත් කැමතියි 5000ක් වගේ ගනනක් වත් කිව්ව නං. 10000 කියන්නෙ නිකං හඳ දෙනව වගේ වැඩක් කියලයි රාජ්‍ය සේවකයගෙ ඔලුවෙ තිබුනෙ.

      3.රාජ්‍ය සේවකයන් අතරත් ඉන්න පාවෙන ඡන්ද දායකයන් සමහර විට මහින්දට දෙන්න ඇති. ඒ වෙලාවෙ උනත් කරටකර සටනක් තියනව වගේ පෙනුනට වැඩි වාසි තිබුනෙ ලොක්කට.

      4.ෆොන්සේකට ඡන්දෙ දුන්න කියල අපේ කාර්යාලයේ එක්කෙනෙක් දුරට මාරු කලා. තවත් කෙනෙක් මාරු කරන තැනටම ඇවිල්ල බොහොම අමාරුවෙන් (රජයේ දේශපාලකයෙක් හමුවෙලා) මාරුව කැන්සල් කරගත්ත. (මේව සමාජයේ අප්‍රසිද්ධ කාරණා). මේ වගේ අනතුරු හැඟවීම් ඡන්දෙට කලිනුත් තිබුන. ඒවත් බලපාන්න ඇති.

      Delete
  25. දේශපාලනය මගෙ ජනප්‍රියම මාතෘකාව ඒත් නොලියා ඉන්න එක හොඳයි කියල මගෙ හිත කොටන්න පටං ගන්නකොටම කියනවා. බීරි අලි සහ වීණා වාදනය..

    ReplyDelete
  26. හැමෝටම ලොකු තමන්ගේ බඩ. එක හරි. හැබැයි ඕක පිරෙන දවසක් ඇති උන දවසක් නැහැ. කනවා කනවා කනවා. හැමදාම කනවා. සූරාගෙන කනවා..

    Bora Diyaka Induwara

    ReplyDelete