Monday, September 2, 2013

සති අන්ත සෞඛ්‍ය කතා.

මේ කතන්දර කිහිපයම සිදුවූයේ අනුයාත සති අන්තවලය.
එක
මව්පියන් සමඟ විදේශ රටක ජීවත් වන අවුරුදු දෙකක් වයසැති දරුවෙකු ලංකාවට පැමිණියේය. යම් යම් රෝගී තත්වයන් සහමුලින්ම තුරන් කර ඇති බැවින් සමහර රටවල ප්‍රතිජීවක එන්නත් ලබා දෙන්නේ අඩුවෙනි. එබැවින් ලංකාවට පැමිණි පසු දරුවාට එන්නත් කිහිපයක් ලබාදිය යුතු යයි දෙමාපියන් තීරණය කරන ලදී. සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක ලියාපදිංචි වීම තරමක කරදරකාරී ක්‍රියාවක් බැවින් හා වැයවන මුදල් ප්‍රමාණය පිලිබඳ එතරම් තැකීමක් නොවූ බැවින් පෞද්ගලික රෝහලකින් එන්නත් ලබාගැනීමට ඔවුන් තීරණය කලේය. නිවස ආසන්නයේ ඇති පෞද්ගලික රෝහලකින් විමසූ විට ප්‍රධාන එන්නත සඳහා රුපියල් අට දහසක් වැයවන බව ඔවුන් ප්‍රකාශ කල අතර ආසන්න වෙනත් දිස්ත්‍රික්කයක රෝහලකින් අදාල එන්නත සහ තවත් මුඛ එන්නතක් ලබා ගත්තේ රුපියල් තුන් දහස් ගනනකටය.


දෙක
උක්ත එන්නත තම දරුවාට ලබාදීමට බ්ලොග්කරුවා පැමිණියේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටය. සියයකට අධික දරුවන් පිරිසක් විවිධ වයස් කාණ්ඩයන් යටතේ ඒන්නත් ලබාගැනීම සඳහා පැමිණ සිටියහ. දොස්තර මහතාත් පවුල් සෞඛ්‍ය නිලධාරිණියන්ද ඉතාමත් කාරුණිකව සහ කඩිසරව තම කාර්යය ඉටුකරන ලදී. එන්නත් ලබාගැනීම පැය දෙකක් වැනි කාලයකදී සිදුකල අතර අමතරව යෝගට් එකක්ද ලබාදුන් බව කිවයුතුය.

තුන
පළමු කතාවේ සඳහන් කල දරුවා [පිට පිට දින දෙකක්ම] ඇදවැටීම නිසා යටිතොල ප්‍රදේශයේ තරමක පැලීමක් ඇතිවිය. රුධිර වහනයද තරමක් සිදුවූ බැවින් පෞද්ගලික රෝහලක් වෙත ගෙනයාමට සිදුවිය.

"මේකට මැහුම් දාන්න ඕන.... හිරිවැටෙන්න බේතක් දෙන්නං"

බෙහෙත් විදීම සඳහා සිරිංජය අතට ගත්තා පමණි. ළමයා බිම පෙරළෙමින් හඬන්නට විය. හිරිවට්ටා කිසිවක් කලනොහැකි බැව් අවබෝධ කරගත් වෛද්‍යවරිය ඉන්පසු කලේ වෙනත් යෝජනාවකි.

"මේක සිහිනැති කරල කරන්න වෙන්නෙ. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට යන්න"

එයට දරුවාගේ මව අකමැතිය.

"මහන්නෙ නැතුව බැරිද?"

"බෑ බෑ මේක පැසවල *&%^**+_(+_(+_(+*&*^&*%^........"

ඉන්පසු රජයේ රෝහලට පැමිණි අතර රෝගීන් ඇතුල් කරගන්නා වෛද්‍යවරයාගෙන්ද විමසුවේ සැත්කම් කිරීම අත්‍යවශද යන කාරණයයි.

"ඔව් ඔව්. මේක මහන්න ඕන. ඩෙන්ටල් ඩොක්ටර්ට පෙන්නන්න ඕන දත් කැඩිලද බලන්න. එක්ස්රේ එකක් ගන්න ඕන තව ^%#$&%^()_)(+_.........."

ආදී වශයෙන් කරුණු කාරණා දහසකි. කෙසේ හෝ දරුවා රෝහලට ඇතුලත් කල අතර වාට්ටුව භාරව සිටියේද උක්ත වෛද්‍යවරයාය. සවස පහට පමණ ‍ලෙඩුන් බැලීම‍මට පැමිණියේ දරුවාගේ සීයාය. වෛද්‍යවරයාට ඔහු හමුවිය.

"....... අංකල් ඇයි?"

"දුවගෙ දරුව................................................. මොකද කරන්නෙ?"

"එහෙනං පොඩ්ඩක් ඉන්න....[දුරකථනයෙන් යමක් කථාකර]..... සර්ජන් අද නිවාඩුයි. එයා එනව අහවල් ප්‍රයිවට් හොස්පිටල් එකට. අංකල් දැං ළමයත් එක්ක ගිහිල්ල එයාට පෙන්නන්න"

"එතකොට ටිකට්එක?

"කමක් නෑ හෙමින් සැරේ යන්න"

අහවල් පෞද්ගලික රෝහලේ සිටි ශල්‍ය වෛද්‍යවරයා දුන් ආලේපය සිව්දිනක් පමණ පාවිච්චි කල පසු දරුවා සම්පූර්නයෙන් සුවය ලැබීය.


පසුගිය දිනෙක රාවය පුවත්පතෙහි අපූරු ලිපියක් කියවීමි. ඒ දකුණු අප්‍රිකානු කළු ජාතික වෛද්‍යවරියක් වූ ටැන්ඩෙකා මසිබුකෝ [Thandeka Mazibuko] පිලිබඳවය. පියා මියගිය දුගී පවුලකට අයත් වෙමින්ද, ආදරය කරන්නන් රහිතව ජීවත් වෙමින්ද, ලාබාල වියේදම බලහත්කාරී විවාහයකට ඇතුළු වෙමින්ද ඇගේ සිහිනය වූයේ වෛද්‍යවරියක් වීමය. ඇයගේ අපේක්ෂාව වන්නේ මිත්‍යාවන්ගෙන් වෙලීගොස් රෝගයන්ට ප්‍රතිකාර නොගන්නා ප්‍රදේශයේ වැසියන්ට ප්‍රතිකාර කිරීමයි.

මා සඳහන් කල පළමු සිද්ධීන් තුන අප රටේ සෞඛ්‍ය සේවයේ තත්වය විදහාපායි. එය හොඳ නරක මිශ්‍ර වූවකි. "සැමට සම සෞඛ්‍ය අයිතිවාසිකම්" යනු අතීතයේ සිට ක්‍රමයෙන් ශිෂ්ඨත්වය කරා ගමන් කරන මානවයා සාදාගත්තකි. වෙනත් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා තම [හෝ තම මවුපියන්ගේ/අනුග්‍රාහකයන්ගේ] හැකියාව උපයෝගී කරගත් ක්‍රමය වෙනුවට අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර සියල්ලන්ටම ලබාදීම ඉතාමත් යහපත් කාර්යකි. යුද්ධ කිරීමේදී හෝ සතුරෙකු අල්ලාගත් විටකදී පවා මානව අයිතිවාසිකම් ගැන සැලකියයුතු යයි කතා කරන සමයක පසුම්බියේ මුදල් තිබූ හෝ නොතිබුනද රෝගයකට ප්‍රතිකාර ලැබියහැකි ක්‍රමයක් වේනම් එය වඩාත් මානුෂික බව කිව යුතුය. එහෙත් "සේවය" පුද්ගලානුබද්ධ වූ විට තත්වය අයහපත්ය.

27 comments:

  1. රාජ් බැලුවද ජාතික රූපවාහිනියේ ගිය "නිර්සත්වයෝ" ටෙලි නාට්‍යය. මේ රෝහල් මාෆියාව ගැන මම දැකපු හොඳම නිර්මාණය.

    ReplyDelete
  2. හිඟන්නගෙ තුවාලෙ වවාගෙන කනව වගේ තමයි, එහෙමත් නැත්නම් අහුවෙච්ච වෙලාවට රම්පෙ කරපිංච හූරන ගානට හූරගන්නවා. සෞඛ්‍ය ‍ක්‍ෂේත්‍රය ගත්තහම සාමාන්‍ය මිනිස්සුන්ට ඒ ගැන තියෙන අවබෝධය අඩුයි. වෛද්‍යවරු ඹෞෂධ නියම කිරීමෙ සිට ඒවා මිලදී ගැනීමෙදිත් මිනිස්සුන්ට අවබෝධයක් නෑ ඒ ගැන. විවධ වෙළඳ නාමවලට තියෙන එකම ඹෞෂධයෙ මිල වෙනස්. එකම ප්‍රතිකාරය සඳහා විවිධ ආයතනවල එක එක ගනන්. හාල් සීනි මිල ගැන අවබෝධයක් තිබුනට මේව ගැන මිනිස්සුන්ට දැනගන්න විදියක් නෑ.

    මේව ගැන කතාකරල වැඩක් නෑ රාජ්, ඕක ලංකාවට විතරක් වෙච්ච දේකුත් නෙවි. අර මහාචාර්ය සේනක බිබිලේ මහත්මයා ඝාතනය කරපු සිදුවීම ඔබ දන්නව ඇති. සරල නෑ, දිගින් දිගට ගියාම ඔය මාෆියාව ඒ තරමට බලවත්.

    ReplyDelete
    Replies
    1. හොඳ උදාහරණයක්, Dr. වාරියපොල (ජපුර හොස්පිටල් සහ පුද්ගලික රොහල් කීපයකම ), හරි හොඳ දොස්තර, තුන්ඩුව ලියන කොට විතරයි කතා කරන්නෙ, කියන්නෙ හොඳම කාච තියෙන්නෙ විශන් කෙයා කියල තැනක, එතනින් මෙක පෙන්නල ගන්න කියල තමන්ගෙම කඩෙට ලෙඩ්ඩු යවනව.

      Delete
  3. වෙලාවට ඌට AGA ඔෆිස් එක්ක වැඩක් නොතිබුනේ...... එහෙනම් එක එක කාලකන්ණින්ට බෝතල් අරන් දීලා ඉවරයක් නෑ....

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ රාජ් ගේ යාළුවෙක් වගේ!

      Delete
  4. මමත් කාලයක් රජයේ සෞඛ්‍ය සේවයට සම්බන්ධවෙලා හිටියා,යාලුවොත් දාස් ගානක් මගේ උදව්වෙන් ප්‍රතිකාර ගන්න ඇති,නමුත් දන්න අයටත් නොදන්නා අයටත් සමසිතින් සලකපු බව නම් මතකයි.මූණ බලා සැලකීමේ හෝ වෙනස්කම් කිරීමේ පිළිවෙතක් එකල තිබුනෙ නෑ.
    රාජ්,ප්‍රතිකාර යනුවෙන් වචනය නිවැරදි විය යුතුයි.

    ReplyDelete
  5. මමත් ගිය සතියේ ඔන්න ඔය වගේ කස්ටක් කාලා ඉන්නේ..

    ReplyDelete
  6. හොඳ වෙලාවට පොඩි එකාගෙ දත්ටික ගලවන්නැතුව බේරුනේ.

    ReplyDelete
  7. සෞඛ්‍ය සේවය කියලා කියන්නේ එක සේවයක් නිසා.නමුත් අද බොහෝවිට සිදු වෙන්නේ වාණිජ පරමාර්ථ මත ක්‍රියාකිරීම නිසා මේ සේවය දැන් එක්තරා ව්‍යාපාර මාෆියාවක් වෙලා තියෙන එකයි.

    ReplyDelete
  8. රාජ්‍ය ආයතන සෑම එකක් වගේම පිරිහී ඇත,....

    ReplyDelete
  9. සෞඛ්‍ය සේවාව තුළ මොන මොන මාෆියාවන් බිහිවෙලා තිබුණත් තාමත් හදිසියකට රාජ්‍ය සෞඛ්‍ය සේවාව තමයි පිහිටට එන්නේ.

    ReplyDelete
    Replies
    1. එකඟයි
      dayal bathee

      Delete
    2. නැත්නම් ! ප්‍රයිවට් ඒව කොච්චර තිබුනත් ඒ ගොල්ලො ‘ලෙඩ‘ භාරගන්නෙ නෑ. කෙළින්ම රජයේ රෝහලකට හරවල යවනවා.

      Delete
  10. රාජ්....මම ඉන්න පලාතේ මිත්‍ර දොස්තරලා ටිකකුත් කියන්නේ මෙහේ වලඳන කට්ටට වඩා ලංකාවට ගිහින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කෙරුවානම් මීට වඩා හොඳ බවය.මම කිව්වේ "කෙලවිලා ඉන්න අහිංසක මිනිස්සුන්ට *කවිලා යන්නම තොපිත් එහි පලයවු"කියලය.කාගේ කාගෙත් ඒකායන අරමුණ මුදල්ම පමණක්වී හමාරය.අරූ එහෙම නොවන්නේ නැද්දැයි කියා ඇසූවොත් මට කට උත්තර නැති විය හැක.මගේ කතාව කූල් එකේ ඇහුවොත් එය එසේ නොවේ යැයි සමහරුන් තීරනය කරාවිය.රාජ් මගේ කමෙන්ට් එක ඇඩ් එකක් යැයි නොසිතන්න.

    ReplyDelete
  11. ඔක්කොම දේවල් මුදල මත තීරණය වෙන්න පටන් ගෙන තියෙද්දී සුව සේවය විතරක් කොහොමද බෝලව්නේ බේරිලා ඉන්නේ

    ReplyDelete
  12. මටත් තියෙනව අත්දෑකිම් කිපයක්.ගමෙ ක්ලිනික් එකට ගියා එක සෑරයක් නන්ගිගෙ දරුවට බෙහෙත් විදින්න.එතන ආපු ලමයෙක් දිගටම අඩනව.එතන හිටපු මිඩ්වයිෆ්ල අම්මට බනිනව ලමය නලව ගන්න කියල.දිගටම මුන් බනිනව සත්තුවගෙ.බලාගෙන ඉන්න බෑරුව මම උන්ට බෑන්න පෙන්නෙ නෑද්ද පුලුවන්නම කරනව කියල.එ ලමයට බෙහෙත් විදල ඉක්මනට යවනව එතකොට ප්‍රශ්නෙ ඉවරයි කියල.
    තව සෑරයක් ගල්ලෙ නගර ස්බාවෙ එකට ගියා මගෙ දරුවත් විදින්න.එතන ගිහින් පොත්ටික දිල ඉන්නව .එක එක පොත අරගෙන කතාකරල විදිනව.ටිකකින් වෙන එක්කෙනෙක් තව පොත් ටිකක් එකතුකරගෙන ඈවිල්ල අර ටික උඩින් තියෙනව.මෙක දෙපාරක් වෙනකන් බලන් ඉදල මම බෑන්න.ඉට පස්සෙ පොත් ටික අනිත් පෑත්ත ගහල බෙහෙත් විද්ද.
    මම් දෑන් යන්නෙ වෙන එකකට එතන වෙලාවක් කියන්ව . එ වෙලාවට ගියොත් පෑයක් යන්න කලින් එන්න පුලුවන්.නියෙමෙට සන්විදානය කරල කරනව.

    ReplyDelete
  13. ලෝකයේ හොදම මාෆියාවක් ලෙස ඖෂධ මාෆියාවත් නම් කරල තියෙනවලු නොවැ.

    සෞඛ්‍ය සේවය ගත්තම රාජ්‍ය අංශය තමා අවසානේ පිහිටට ඉන්නෙ. ප්‍රයිවට් එකේ හිටියත් හදිස්සියට ඇම්බියුලන්ස් එකේ ඔබල යවනව එතැනට. කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකක මම දන්න ශල්‍ය වෛද්‍ය වරයෙක් ඉන්නවා. කොහෙන් හරි කෑල්ලක් අයින් කරන්නමයි ට්‍රයි කරන්නෙ. බිල වැඩි කර ගන්න. මුත්‍රා ගල් දියකරන්න අකැමැතිම බුවෙක්.

    ජය !

    පලි - ඩොක්ටර්ස්ලා ගැන වැඩි විස්තර නොකියමි.

    ReplyDelete
  14. සුව ඇමතිට ලෝකෙන්ම සම්මාන ලැබිල තියෙන්නෙ නිකන්ද?

    ReplyDelete
  15. පුද්ගලික රෝහල්වල හෙදියන් හොඳ පුහුණුවක් ලබා නැති අය බවත්, වෛද්‍ය සේවය අතින් බැලුවත්, රජයේ රෝහල් වඩා හොඳ බවකුත් අහලා තියෙනවා. ඇත්තක්ද කියන එක නම් පැහැදිලි නෑ.

    ReplyDelete
  16. අපි ඉන්න රටත් එහෙමයි.. හෙම්බිරිස්සාවට ගියාම ඇඳකට දාන්නයි බලන්නෙ. අළුතෙන් ස්කෑන් හරි එක්ස් රේ හරි මැෂිමක් ගෙනාවොත් ඊට පස්සෙ එන ඔක්කොටම මොන මඟුලට අවත් අර මැෂිමකට නගින්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. උන්ව කාලත් මදිනේ ඉතින් සරත් අයියා. අනිවාරතේ මිනිස්සු විකිරණවලට නිරාවරණය කරන්නෙ මේ මෝල්ලු ඒ තරම්ම අන්ධයිද.

      Delete
  17. මේ රටේ ජීවත් වෙනවා නම් සෑම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තියෙන එක ඉතා වටිනවා. වෛද්‍ය ක්ෂේස්ත්‍රය කියන්නේ තනිකරම මාෆියාවක්..

    ReplyDelete
  18. අපේ නැන්ද කෙනෙක් හදිසියෙ අසනීප වෙලා ගම්පහ පෞද්ගලික රෝහල නැවැත්තුව.. හවස් වෙනකොට ගොඩක් අමාරු උනාම කිය්නව මේ ලෙඩාට හොදටම අමාරුයි.. ඉක්මනට ජෙනරල් හොස්පිටල් එකට අරන් යන්න කියලා :/ අර කිව්වත් වගේ එතෝට නම් පිහිටට හිට්යෙ අන්තිමට රජයෙ රෝහල තමයි

    ReplyDelete
  19. සෞඛ්‍ය සේවය ගැන නම් කියන්න කතා එමටයි. කලු සහ සුදු දෙකම තියෙනවා.

    ReplyDelete
  20. සෞඛ්‍ය සේවය ගැනනම් මං දන්නේ නැහැ ඔන්න. අම්මේ ඒ උනාට නර්ස් අක්කලා ලෙඩ්ඩුන්ට බනින විදිය දකිද්දී දුක හිතෙනවා.
    කවදාවත් මම ඉස්පිරිතාලෙකට නම් යන්නේ නැහැ. බෙහෙත් ගත්තොත් ප්‍රයිවට් තමා. හැමදාම ගන්න දොස්තර මහත්තයා හොඳයි. බෙහෙතුත් පත්තියන්. එක වේලයි කොල්ලා ගොඩ.
    ඔය රජයේ එව්වට ගියාම සොක්කන්ගේ නෙව රැස්.. එව්වා බලනවට වඩා තියෙන සතෙන් අපේ සුවය සැපයි නෙව.

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මේක අපේ හාමිනේට පෙන්නන්න ඕන.

      Delete