Monday, September 23, 2013

අනතුර!

කොටහළු පාටියකටත් යන්න ඉඳගෙන, දහයට විතර යාළුවෙක් එක්ක බයික් එකෙන් එලියට ගිය රාජ් ආයෙ ආවෙ දෙන්නෙකු‍ට බරවෙලා. උන් දෙන්නගෙ වාරුවෙන් සීට්එකේ වාඩිගත්ත විතරයි ඔන්න නෝන කෙනෙක් එනව. තව එක්කෙනෙක් එනව.....

"රාජ් මහත්තයා.... මේ මොකද්ද උනේ?"

"කලින්ම බිව්වද?"

"නෑ හලෝ.... කකුල්"

"හප්පේ....!, බයික්වල යද්දි පරිස්සමින් යන්න එපැයි"

"මම දවසකුත් කිව්ව හෙමිං යන්න කියල"

"බේත් දැම්මෙ නැද්ද?"

"මොන කකුලද?"

"කකුල් දෙකම!"

"දෙකම!"

"නැතුව ඉතිං දෙකම එක වයසෙනේ"

"හී හී හී....."

"ම්....... ළමයිනේ පරිස්සමින් වැඩකරන්න එපාය. පොඩි එකෙකුත් ඉන්න තාත්ත කෙනෙක් නේද?"

මෙයා තමයි මල්ලි නරක් කරන්නෙ!(යාළුවට)

"සිංහල වෙදකං කරන්න..... ඒක වැඩිය හොඳයි"

"මං හිතන්නෙ බීලද කොහෙද?"

"නෑ බොල! මොනව බොන්නද?"

"එහෙනං වැටුනෙ?"

"වෙන තුවාල නෑනේ"

"මොනවත් ගෑවද?"

"ඔව්"

"පද්මෙ අයිය ගෑව"

"පද්මෙ අයිය? මොනවද ගෑවෙ?"

"මොනවද ගම් ජාතියක්"

"ගම්????????????"

"‍හ්ම්...... දැං වේලිලා ඇති මං හිතන්නෙ.....කෝ බලන්න......හා නියමෙට ඇලිල තියෙන්නෙ. මං හිතුවෙ සපත්තු දෙකක් ගන්න වෙයි කියල!☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺"

"අනෙයම්මපල්ල.....මූ නං......"

32 comments:

  1. මටනම් නොතේරුනාද මන්ද....? තව සැරයක් කියවන ගමන්...

    ReplyDelete
  2. යකෝ මිනිස්සුන්ට ගිණිගෙඩි දෙන්න එපා බොල සපත්තු පාරක් තමයි කන්න වෙන්නේ.

    ReplyDelete
  3. තවම මීටර් උනේ නෑ...

    ReplyDelete
  4. ඔහොම තමා පාට් වලට යන කොට කිරිටොයි සපත්තු එක පාර දාන්න බෑ කැපෙනවා ඉස්ම යන්න...

    ReplyDelete
  5. මොනාද අයියේ හාකබෝන් ද ගෑවේ.. අරගෙන දාන්න කලින් අඩියට මැහුම් වාටියක් දාන්න ඕනි.. නැත්තම් කොයි වෙලේද කියන්ඩ බෑ

    ReplyDelete
  6. මොනව කියන්නද මන්දා බං

    ReplyDelete
  7. කවද දාපු සපත්තුද... :D

    ReplyDelete
  8. මට බට ලයිට් විය.

    ReplyDelete
  9. ලියන්න ගිය එක කරටි කැඩිලා ඉන්න නිසා මේකට වැරදියට ලියවිලා වත් ද මන්ද..?
    දැන් නිදි ඇති ඇහැරුනාම නිවැරදි කොරහන් මලේ.

    ReplyDelete
  10. මම හිතුව වැටේ පිපිච්ච මල් පද්මෙ අයියට කඩල දෙන්න ගිහිල්ල දෙන්න එක්ක පස් කන්දිය කඩන් වැටිල ගම් ගාවගන කියල.
    සපත්තු අඩි දෙකම ගිහිල්ල.

    ReplyDelete
  11. මචං මට හිතුණා කකුල පෙරළුනා වත්ද කියලා. ඔය අනතුර මට කීප වතාවක් වෙලා තියෙනවා.

    ReplyDelete
  12. දෙකම එක සැරේ කැඩුනේ කොහොමද?පාටීයේ බ්‍රරේක් ඩාන්ස් එකක්වත් දාන්න ගියැයි?

    ReplyDelete
  13. අනේ මන්දා මටත් තේරුනේ නම් නැත.

    ReplyDelete
  14. මම නම් දන්නවා සීන් එක..

    ReplyDelete
  15. ඈබං රාජ් මේ වෙරලුමල් සුවඳ ගැන කතාවක්වත්ද?

    ReplyDelete
  16. මට පිස්සුද නැත්නම් උඹට මඤ්ඤංද?

    ReplyDelete
  17. රාජ් අයියා කියන දේවල් අහන්න ඕන පරිස්සමින් කියන්නේ ඔන්න ඕක නිසා තමයි..

    ReplyDelete
  18. බොලාව වැටිලා ප්‍රතිකාරයක් දෙන්න කලින් සිද්ධිය වෙච්ච ආකාරය පිළිබද ජාතකේ හෙව්වද වටපිටේ උන්න උන්....

    ReplyDelete
  19. සියල්ලන්ටම,
    මේ කෙන්ජිය කියන විදියට කරටි කැඩුන වෙලාවක ලියවුන ලියවිල්ලක් නෙවේ. :-)
    මේකෙන් කියවෙන්නෙ සපත්තු දෙකම ගැලවිලා ඒක අලවාගෙන යාළුවන්ගෙ වාරුවෙන් පුටුවට පැමිණීම ගැන. මොකද ස්වාභාවික විදියට ඇවිදගෙන ආවොත් නොවියලුනු සපත්තු ගැලවෙන්න පුළුවන් නිසා. ඒක අනිත් උදවිය තේරුම් ගත්තෙ කකුල්වල අවුලක් කියල.

    ඔහේල අහල නැද්ද මේ ජෝක් එක,
    A: ඇයි ඔයා අමාරුවෙන් ඇවිදින්නෙ? මොකද ඔයාගෙ කකුලට උනේ?
    B: මගේ සපත්තුව කැඩිල!

    [කතාවක් කිව්වම ඒක තේරුම්කරන්න කියල ඉල්ලීම් ලැබීම තරම් අවාසනාවක් තවත් නෑ! :-(]

    ReplyDelete
    Replies
    1. මීට පස්සෙ මෙහෙම කතා නොලිය ඉඳි. තීන ගැට මදිවට මුගෙ කතාවත් ගැටයක්. අන්තිමේ ගැට අලවල!

      Delete
  20. >>කතාවක් කිව්වම ඒක තේරුම්කරන්න කියල ඉල්ලීම් ලැබීම තරම් අවාසනාවක් තවත් නෑ!<<

    මම හිනාවෙන්න පටං ගන්නම් මේ කෑල්ලේ ඉඳලා.

    ඕක මම නිතර අත් විඳින දෙයක් බං.

    මෙන්න විනාඩි පහකට කලින් මම කරපු පාඩමක තියෙනවා බුවහෝස් අයිරෙස් වල පලර්මෝ වල සත්තුවත්තේ ගෙවල් වලින් ගිහින් අතෑරලා දාන පූසෝ ඉන්නවලු හරියට. මම ඇහුවා ඒක අමුතු දෙයක් නෙවෙයිද? මගේ රටේ නම් මිනිස්සු ආගමික ස්ථානවල නම් පූස් පැටව්, බලු පටව් දාලා යනවා. නමුත් සත්තු වත්ත ඇතුලට සතෙක් ගෙනියන්න හරි, සත්තු වත්තෙන් සතෙක් එලියට ගේන්න හරි නම් කිසිම අවසරයක් නෑ. උදාහරණයක් විදියට සත්තු වත්ත බලලා එළියට එනකොට අලියෙක්ව සාක්කුවේ දාගෙන එන්න බෑ කොහොමවත්ම සික්කලට අහුනොවී.

    දැන් මම බලා ඉන්නවා එකෙක් හරි හිනා වෙනකල්.

    මොන! ෆුස් සීරියස්. ඔලුත් වැනුවා උඩට පහලට. මට පුකට පයිං ගහගෙන මැරෙන්න හිතුනා. :(

    ReplyDelete
    Replies
    1. //මොන! ෆුස් සීරියස්. ඔලුත් වැනුවා උඩට පහලට//
      ඔය කීයෙ එවුන්ද?

      Delete
    2. දහයේ මේ තව සති දෙකකින් ඕ ලෙවල් ලියන උන් බං. මම උගන්නන්නේ උන්ට විතරයි.

      Delete
    3. හරියට අන්ධයනට කිරි කන්න දුන්න වගේ තමයි. ( උන් අලි කියන්නෙ මොක්කුද කියල දන්නෙ නැතුව ඇති බන් )

      Delete
  21. බහුතරය ටියුබ් ලයිට් නෙ බං..

    පර්ස් එකට තට්ටු නොවි වැඩේ ගොඩ දාගත්ත නොවැ :)

    ReplyDelete
    Replies
    1. අවංකවම උඹට තේරුනාද?

      Delete
  22. මදෑ තේරුං ගත්ත හරිය. බොරුවට කියන්න තිබ්බා හැබැයි මට තේරුනා කියලා..

    ReplyDelete
  23. දැන්නම් පොස්ට් එකත් බලල කොමෙන්ට් ටිකත් බැලුවම කතාව සහසුද්දෙන්ම තේරෙනවා

    ReplyDelete
  24. "අනෙයම්මපල්ල.....මූ නං......"කියෙවුවටත් ණයයි..

    ReplyDelete