Friday, September 6, 2013

මගේ ගෑනිට මොනවහරි උනොත් ඔය එෆ්එම් චැනල්කාරයො වගකියන්න ඕන....!

ටික දොහකින් ගම් පැත්තෙ ගියේ. වෙනද වගේම ලොකු මාමගෙ කඩේටත් ගොඩවුනා. වෙනද ඉන්න ගැන්සිය අදත් ඉන්නව. කතාවක් පටන් ගන්න හදනකොටම මදුරුවා පිටේ ආපු නිමලෙ අයිය කඩේ ලඟ බැස්ස.

"කොහොමද නිමලෙ කුසුමට?" ලොකුමාම ඇහැව්ව.

"මගේ ගෑනිට මොනවහරි උනොත් ඔය එෆ්එම් චැනල්කාරයො වගකියන්න ඕන" නිමලෙ කෑගහන්න පටන් ගත්ත.

"ඇයි කුසුමක්කට මොකද?" මගේ පුරස්නෙට උත්තර ලැබුනෙ නෑ. තව මොනවදෝ කියල කෑගහපු නිමලෙ හුටු හුටුවෙ නැඟල යන්න ගියා.

"මූ උදේ පාන්දරම සංස්ථා ගහල" එහෙම කිව්වෙ ධර්මෙ අයිය. සංස්ථා කිව්වෙ සීල් අරක්කු නෙවේ. ධනෙයගෙ පොට්එකේ කසිප්පු. ඉස්සර වඩියට සංස්ථා සිමෙන්ති දාන නිසයි සංස්ථා කියන්නෙ.

"දැං කුසුමට මොකද්ද වෙලා තියෙන්නෙ?" බුලත්විටක් අතේ තියාගෙන රෝල් කරන මහතුං මාමගෙන් මං ආයෙත් ඇහුව. මහතුං සද්දයක් නැතුව විට කටේ දාගෙන හපන්න පටන් ගත්ත. බුලත්විට කටේ ඇඹරිලා කෙල පාරක් ගහනකල් උන්දෑ කතා නොකරන බව දන්න නිසා මං සද්ද නැතුව හිටිය. ඔන්න ඊට පස්සෙ මහතුං මාම කතාව පටන් ගත්ත.

"උඹ දන්නවනෙ බෑනෝ ඔය කුසුම කෙල්ල රේඩියෝ පිස්සි කියල"

"මොකද මම දන්නැත්තෙ ඒකාලෙ රේඩියෙකට පෝස්කාඩ් එහෙමත් යැව්වෙ හරි හරියට"

"හ්ම්, ඊට පස්සෙ ඕකි ගෙදර ඉස්සරහ අඟුරු කෑල්ලකින් ලියාගත්ත බෝඩ් එකක් එල්ලගෙන හිටියෙ මං අහන්නෙ ශ්‍රී එෆ්එම් කියල"

"වංගියක් ඔය බෝඩ් එකක් ගලවල කුසුම මාත් එක්කත් ඔට්ටු වෙන්න ආව" අල්ලපු ගෙදර රුවන් මල්ලි කිව්ව.

"ඊට පස්සෙ ගහගෙන හිටියෙ මං අහන්නෙ හිරු කියල"

"ඔය බෝඩ් ගැහිල්ල නං හැම තැනම තියනවනේ. ලක්ෂ ගනං සල්ලි දීල ගෙවල් හදපු සල්ලිබාගෙ යහමිං තියන කොලඹ රටේ මිනිස්සුත් මං දැකල තියනව ඔය බෝඩ් එල්ලගෙන ඉන්නව. ඔයිට හොඳයි මං කන්නෙ ගූ කියල ගැහුවනං" ලොකු මාමටත් මල පැනල.

"ඉතිං කතාව කියහංකො"

"ඔන්න පහුගිය දවසක කලිසමක් ඇඳගත්ත නෝන කෙනෙක් මයික් කටකුත් අරගෙන කඩේ ලඟට ආව. මේ සුකුරුත්තම පස්සෙං ආව කැමරාකාරයො ටිකකුත්"

"ඉතිං?"

"මේ අව්අස්සෙ තමයි පාම්බාගෙයක් ගන්න කුසුම කෙල්ල කඩේට ආවෙ. කුසුම අරකිට පනාව දැම්ම විතරයි ඒකි කතාවට අල්ලගත්ත. මේ වෙලාවෙ තමයි මම දැක්කෙ ඒකි අතේ දාහෙ කොල දහ පහලවකුත් තියනව"

"හැබෑට"

"හ්ම්. ඊට පස්සෙ ඒකි කුසුමගෙන් නම ගම අහල කියන්න කිව්ව අහන රේඩියෝ චැනල් එක මොකද්ද කියල"

"ඉතිං?"

"මම දැක්ක කුසුමගෙ තොල කට වේලිලා ඒකි වෙව්ලනව. මේකි කිව්ව හිරු එෆ්එම් කියල"

"ඉතිං, කුසුමට සල්ලිටික ලැබුනද?"

"සල්ලි? මොන හුල්ලියක්ද, ඇවිල්ල තිබුනෙ සිරසෙන්. මීට පස්සෙ සිරස අහන්න කියල අරුං යන්න හැදුව විතරයි පපුව අල්ලගත්ත කුසුම මේං මෙතනිං වාඩිවුනා. මං හිතුවෙ පපුව පැලුන කියල"

"ඊට පස්සෙ?"

"වතුර ටිකක් පොවල ගත්තත් හරිගියේ නෑ. ඒ ගමන අපි ඉස්පිරිතාලෙට ගෙනිච්ච. හාට් ඇටෑක් එකක්ලු. දොස්තර මහකත්තය බලල කිව්වෙ"

"ඉතිං එෆ්එම කාරයො?"

"ඒ අවුඅස්සෙ කැමරා ටිකත් උස්සගෙන උං පැනල ගිහිල්ල."

"අම්මපල්ල රුපියල් දෙතුංදාහක් හරි දුන්නනං මොකෑ වෙන්නෙ. මොකක් හරි අහනවට"

"ඔය එෆ්එම් කියන බඩකඩුත්තු නං සල්ලි දුන්නත් අහන්න වටින්නෙ නෑ බං"

75 comments:

  1. මේ ලඟදි අර "බර්ත්ඩේ සප්ප්‍රයිස්"දෙන්න ගිහින් සිරසේ එකෙක් අහගත්තෙ රෙද්ද ගැලවෙන්න, තවටික දවසකින් බෙල්ලෙන් අල්ලලා අහපියව් අරක මේක කියල කියයි

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් දාපං ඉවාන්,මම ඒක දන්නෙ නෑ

      Delete
    2. මාත් දන්නෙ නෑ?

      Delete
    3. ඇයි බන්ස්ලා .... අර සජිත් කියලා පොරක් අහගත්තෙ හොඳ කුණුහරුප
      මෙන්න ලින්ක් එක බලාපල්ලා
      සුබ පැතුම සමු ගනී

      Delete
    4. කරුමෙක මහත! අපිට යූ ටියුබ් අකැපය

      Delete
    5. ගෑනිට උපන්දිනේට සුභ පතන්න ගිහිල්ල මිනිහගෙන් අම්මට !@#$කියල අහගන්නව.
      රාජ් සමකය වටේ බැලුවෙ නැද්ද?

      Delete
    6. කෙන්ජි,
      උඹේ මේල් එක දියං. නැත්තං raj_wvp@yahoo.com

      Delete
    7. ඔව් ඔව්.. මිනිහා අම්මට කියලා බැන්නා තමයි. ඇයි තව අලියෙකුට බේත් ගේන්න යන්න ත්‍රීවීල් එකකට කතාකරලා අලියාගේ මේක ලොකුවෙලාද ඇහුවේ..

      Delete
    8. ඉවාන් ලින්ක් එකට තැන්කු ...... එකනම් පට්ටයි .......

      Delete
    9. මාත් ඇහුව බොල ඕක...

      Delete
  2. ඔය FM පිල්ලිය ලංකාවටම පිළිලයක් වෙලා නේද?
    අර දන ගහපු නළුව අඩ අඩා කියද්දි දුකේ බැහැ අප්ප.

    ReplyDelete
    Replies
    1. ඕනෑම දේක සීමාව ඉක්මවා ගියාම ඕකයි වෙන්නෙ.

      Delete
  3. මටත් ඔය සිද්ධිය ගැන ඔහොම සීන් එකක් හිතුනා. හැබැයි මම හිතුවේ චැනල් කාරයෝ බොරුවක් කරන්නේ කියල කලින්ම කතා කරගත්ත.. අන්න නියම ගැහැලි රාජ්. මේ ගැන තව කතා කරන්න පුළුවන් වෙයි.. මොකද චැනල් දහයක් පහලවක් ඇහුවොත් සල්ලි කිව්වම අපි දිවැසින් දකික්න ඕන මේ මොකාද එන්නේ කියලා. කැලැන්ඩරේ වගේ කොල රොත්තක්ම තියාගෙන ගමට එන එකාගේ හැටියට බෝඩ් එක වෙනස් කරල ගතමනවා තර කරගන්න එක තමා කරන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කැලැන්ඩරේ වගේ කොල රොත්තක්ම තියාගෙන ගමට එන එකාගේ හැටියට බෝඩ් එක වෙනස් කරල ගතමනවා තර කරගන්න එක තමා කරන්න තියෙන්නේ//

      නයිස් අයිඩියා!

      Delete
  4. ඕය වගේ වැඩසටහන් පටං ගත්ත කාලෙ ඉඳලම මට පුදුම තරහක් තිබ්බෙ.. අපේ කඩේ කෙල්ලො ටික රේඩියෝ එක අල්ලන්නවත් බැරි තරම් උසක සෙට් කරල රිමෝට් එකත් හංගලා එක චැනල් එකකට සෙට් කරලා තියෙන්නෙ.. අපේ මලයා ගිය ගමන් රේඩියෝ ඕක ඕෆ් කරනව.. උෟ උස නිසා.. අරුන් බැන බැන පුටුවක් උඩට නැඟලා ආයිත් දානව... මට නං අහන් ඉන්නත් අප්පිරියයි සමහර වැඩසටහන්... මං ඉතිං ගිය වෙලේ ඉඳන් ඇරුන්ට බයිනව.. මොන.. උන්ට ගානක් නෑ.. මහ මොට්ට කතා කිය කිය, බැන බැනම උනුත් හිනාවෙවී අහගෙන ඉන්නව... අනේ මන්ද.. මොකද්ද මේ රට කියල...

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ගොං කෙල්ලො ඉන්නකල් එෆ් එම් වල ගිරවුන්ට පැවැත්මක් තියෙනව

      Delete
    2. යේස් මේවට කැමති පිරිසක් ඉන්නව

      Delete
  5. අනේ මන්ද රාජ්,ඔය එෆ් එම් වල එවුං කියවන ඒව හිරිකිත නැතිව අහං ඉන්න පුළුවන්ද?මම නං ඕව අහන්නෙ නෑ තැන් තැන් වලදි ඇහෙනව, ප්‍රයිවෙට් බස්වල යනකොට වාගෙ...ඔවුන් කියවන ඒවට විළි ලැජ්ජාවෙ පණ යනව බං.
    කතාව ලස්සනයි රාජ්,නිර්මාණාත්මකයි... බණ්ඩගෙ වාක්කිය මතක් වුණා

    ReplyDelete
    Replies
    1. මටත් අහන්න වෙනව දවසට පැයක් දෙකක්. බස් එකේදි.
      අගය කිරීමට ස්තුතියි. බණ්ඩාගෙන් තමයි මටත් මේක ආවෙ.

      Delete
    2. කොමෙන්ට් කොරන්න ඉස්සෙල්ලා හොඳ වෙලාවට කොමෙන්ට්ස් ටික බැලුවේ.. සාමාන්‍යයෙන් මම එහෙම බලන්නේ නෑ.. මටත් මතක් උනේ බන්ඩගෙ වාක්කිය... මොන මළදානේ උනත් පට්ට රහයි.. මම නම් සිංහල චැනල් අහන්නෙ ඉතාම කළාතුරකින්.. වැඩිපුර අහන්නේ ඉන්ගිරිස් චැනල්.. ඒවයෙ ඔය මළ විකාර නෑ.. ඒ වෙලාවට තමයි මට සුද්දෝ මරාගෙන කන්න හිතෙන්නේ.. අපිව දාලා ගියාට...

      Delete
    3. ඇත්ත. ඉංග්‍රීසි චැනල් මාත් අහනව ඒ කාලෙ.(දැං නං රේඩියෝවක් අහපු කාලයක් මතක නෑ මගේ උවමනාවට)

      Delete
  6. ඔය සේරම සල්ලි ගෙවන්නේ වෙළඳ දැන්වීම් දාන කම්පැනිවල බඩු ගන්න පාරිභෝගිකයෝ තමයි, රේඩියෝ එක ඇහැව්වත්, නොඇහැව්වත්.

    ReplyDelete
    Replies
    1. ඒත් මේ සල්ලි දීම නිකං අල්ලසක් වගේ නේද?

      Delete
    2. අල්ලසක් නෙමෙයි බන් ඕකත් බිස්නස් එකක්. අපේ හරක්ගේ හිතේ මේ දෙන්නේ මහා ගානක් කියලා. ඔය එක ඇඩ් එකකින් බොහොම සුළු ප්‍රථිශතයක්. අනික සිරස ඇස් ඇම් ඇස් වලින් දවසකට හොයනවා කෝටී ගානක්. මෙහෙම හරක් ඉන්න රටක්... සිරසට ගහන ඇස් ඇම් ඇස් වලට කැපෙන ගාන වැඩියි. ඒකෙන් 50% සිරසට... අනික් ඒවා ගැන කියන්න දන්නෙ නෑ.. ඒවත් එහෙමම වෙන්න ඇති..

      Delete
    3. තත්පර ගානක සල්ලි තමයි මහලොකු දෙයක් වගේ දෙන්නෙ. ඒත් ඉතිං දහ පාලොස්දාහ උනත් අදකාලෙ හොඳ ගානක් නෙව නිකං දෙනව නං.

      Delete
  7. මටත් පෙන්න බැරි කාලකන්නි සෙට් එකක් තමා මීඩියා කාරයො... උන් තමා රට විනාස කරන්නෙ...

    පොඩි ප්‍රශ්නයක් උනත් ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ කරනව... පාරෙ බල්ලෙක් චූ කරන එක පවා ජාත්‍යන්තරේට ගෙනියන්න පවා මීඩියා වල් හැත්තට පුලුවන්....


    කාල කන්නි #$% පුතාල....

    ReplyDelete
    Replies
    1. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති බල්ලත් එක්ක බැලුවම මේ කුක්කො කුක්කියෝ ගැන එච්චර තරහක් එන්නේ නෑ..

      Delete
    2. ආන්ඩුවෙ ගුවන් විදුලිය නං ඇහුනෙ නෑ කාලෙකින්. බස්වලවත් නෑනේ.

      Delete
  8. ඇත්තටම රාජ්, මේ විහිලුව තුල තිබෙන්නේ අද අපි මුහුණදී සිටින තවත් එක් ඛේදවාචකයක් යථාර්ථයයි. ඔය කියන චැනල් එකක්වත් අහගෙන ඉන්න බැරි තරම් හඩු, බොළඳ, කිසිම වැදගැම්මක් නැති ඒවා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. සල්ලි වෙනුවෙන් ආත්මය පාවාදෙන තරමට මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කිරීමම කොයිතරම් අපරාධයක්ද? මේ චැනල් වලට දුරකථන ඇමතුම් දෙන සමහර කාන්තාවන් ජීවත්වෙන්නේ කෙබඳු මනෝලෝක වලද යන්න ඇසෙනවිට හිතෙන්නේ ඔවුන්ගේ දරුවන් ඊට වඩා සිය දහස් ගුණයකින් සංස්කෘතික ආගාධයකට යන බවයි. තමන්ගේ ආත්මය විනාශ කරගන්නවාට අමතරව තම දරුවන්ද ඒ නරා වලටම ඇදදැමීම මොන තරම් අපරාධයක්ද.

    ReplyDelete
    Replies
    1. ඕකම දැන් ටී වී වලටත් බෝ වෙලා.. එකම වචන සැට් එකක් ඕකුන්ට තියෙන්නේ.. මේ සංස්කෘතික විනාශය.. සංස්කෘතිය රකින් බල්ලන්ට පේන්නේ නැති අකයි කරුමේ..

      Delete
    2. සංස්කෘතිය රකින බල්ලන්ට පේන්නෙ දනහිසෙන් උඩට ආපු කකුලක් විතරයි. ඉන් එහාට පේන්නෙ නෑ.

      Delete
  9. මේකනම් කව්රු කොහොම කිවත් අල්ලස් දීමක් තමයි.
    උන්ගේ බඩ කඩිත්තු මිනිස්සු අහන්නේ නැති බව උන් දන්නවා.එක නිසා අල්ලස් දීලා බලෙන් අස්වනවා.

    ReplyDelete
    Replies
    1. මේක අල්ලසකටත් වඩා සමීක්ශණ ඉලක්ක කරගෙන කරන වැඩක්.. උන්ගේ රේටින්ග්ස් වැඩිකරගන්න

      Delete
  10. හෙක් හෙක් "අපි කන්නේ ගූ" කතාවනම් මරු

    ReplyDelete
  11. මම නම් රේඩියෝ ඇහිල්ලක් නෑ, ඇහෙන කොටත් මට ඌරු ජුවල්. නිකන් කන්දොස්කිරියාවක් විතරයි. මට රේඩියෝ එපාම උනේ ඔය දැන් තියෙන මෝඩ චූන් පටන් ගන්නත් කලින්. අර කෝල් කරල සිංදු ඉල්ලන එකෙන්. කතාකරපු එකාගෙ පරම්පරාවම කියනව සිංදුව අහන්න එකතුකරගන්නව කියල, අහන් ඉන්න එවුන් ඒවත් අහන් ඉන්න ඕන. නිවේදකයොත් කොහොම හරි අරුන්ට බිලවැඩිකරන්න අල්ලගෙන කයිය. ඕව අහන්නද මිනිස්සු රේඩියෝ අහන්නෙ. ඉස්සරම ගියා ෂර්ලොක් හෝම්ස් කතා, ඉරිදා රෑටද කෙහෙද. තව සඳුද 7 ට ද කොහෙද ගියා අරේ - මරේ කතා, ඒව නම් මතක් කරන් ඉඳල ඇහුව.

    ඔය සල්ලි දීල අනේ අපේ එක අහන්න කියන කොට මට නම් උන් ගැන අනුකම්පාවයි. :)

    ReplyDelete
    Replies
    1. මටත් ඔය සින්දු ඉල්ලිල්ලෙන් තමයි රේඩියෝ තිත්තම උනේ...

      Delete
    2. ඉස්සර රේඩියෝ නිවේදකයො මිනිස්සුන්ට ඉස්සරහින් ගියා. අද යන්නෙ පස්සෙන්.

      Delete
  12. ඔය "බාලගිරි දෝසය අද නොව හෙටයි" කියලා උළුවස්සෙ ලියන අඟුරු කැටෙන්ම තමයි "අපි අහන්නෙ $@% FM" කියලා ලියන්නෙත්.

    ReplyDelete
    Replies
    1. හ්ම්. උඹේ කතාවෙ අර්ථය තේරෙනව.

      Delete
    2. @ සුමිත්......නියම කතාව

      Delete
  13. රාජ් මේ සිරාවටමයි කියන්නේ. දැන් මට පෙනී යන දෙයක් තමයි මේ ඒ එම් චැනල් වලට අකමැති සෑහෙන පිරිසක් ඉන්න බව. මම දෙන්නම් බිස්නස් අයිඩියා එකක්. උඹ සෙට් කරපං ලස්සන බම්පර් ස්ටිකර් එකක් වාහන වල අලවන්න මෙන්න මෙහෙම.

    [b]මම හිරු අහන්නෙත් නෑ
    සිරස අහන්නෙත් නෑ
    ....අහන්නෙත් නෑ.
    මට මගේ පාඩුවේ ඉන්න දීපියව්![/b]

    මේකම ගෙවල් වල ඉස්සරහ ගහන්නත් එල්ලපං රාමු කරලා.

    ඕන්න මට දීපං 50%ක්

    ReplyDelete
    Replies
    1. මෙයා හැමෝවම බිස්නස්වලට අල්ලන්න හදන්නෙ..

      කලින් එකේ සාර්ථකත්වයත් දැක්ක නිසා, රාජ් තාමත් මේක එක්සෙප්ට් කරලත් නැති නිසා.... මොකද කියන්නෙ මේ බිස්නස් එකට මං නං කැමතියි... හි හි...

      Delete
    2. මම හිරු අහන්නෙත් නෑ
      සිරස අහන්නෙත් නෑ
      ....අහන්නෙත් නෑ.
      මට මගේ පාඩුවේ ඉන්න දීපියව්!

      පට්ට අයිඩියාඑක මචං.

      හිරු,
      උඹ කැමති නං පටන්ගනිං. මට ඔය බිසිනොස් බෑ.

      Delete
    3. දවස් ගානකට පස්සෙ හිනාවක් ගියේ අද ....
      Thanks Dude...

      Delete
  14. විදේශවල වැඩසටහන් කොපි කරන්න ගිහින් අගක් මුලක් නැතුව පිස්සු කෙලිනවා.

    ReplyDelete
  15. ලගදි හිරු එකෙන් හොද වැඩක් කළා නේද නළුවෙක්ව දන ගස්සගෙන.., දැන් නඩුවකුත් තියෙනවා මගේ හිතේ .හොද වැඩේ මෝඩ ආතල් දෙන්න යනවට ..

    ReplyDelete
  16. හොඳ වැඩේ කුසුමට...රේඩියෝ අහන්නේ නැතුව හිටියා නම් ඉවරයිනේ.:)

    ReplyDelete
  17. පොන්නයෙක්ගේ පුක මිරිකපුවාමත් ඔය විදිහටමයි වචණ ශබ්ද කරන්නේ.නොදොකින් *කන්නලා.නිවේදක රිලව්.

    ReplyDelete
  18. ඔන්න බොරු කියන්නේ මක්කැයි.. මමනම් රේඩියෝ අහනවා. අහනවා නෙමෙයි ඇහෙනවා. අහන්නේ ශ්‍රී , හිරු, ෂා, සිරස නෙමෙයි නෙත් එෆ් එම්.
    අපේ අප්පච්චියාගේ දින චරියාවේ එක කොටහක් තමයි ඕක... උදේම දානවා පිරිත්.. පස්සේ නිවුස්, පස්සේ බැලුම්ගල, ආයේ හවස නිවුස්, ආයේ එකක් අහනවා අප්පච්චියා ඔය එයා කැමති කථිකාවතක් තියෙනවා වී එෆ් එම් එකේ මට මතක විදියට රාවණා ගැන අනාවරණයක්.. ආයේ පෝය දවසට ඉරිදට යන බණ.. ඔය දේවල් එයා මග අරින්නේ නැහැ.
    මටත් ඉතිං ඇඳට වෙලා ඉද්දි ඔව්වා ඇහෙනවා. මමත් අහනවා බැලුම්ගල වගේ එව්වා නම්. එතනින් එහාට දේවල් නම් මටත් පේන්න බෑ..
    ඔය "ලයින් එක අරගෙන දෙන අයියා" එකතු කරගෙන අහන සින්දු එහෙම එව්වට මටනම් පස්සත් බාගෙන් හිනා..
    සමහර වැඩසටහන් තියෙනවා මෙලෝ රහක් නැහැ... හිනා කාල මැරෙන්න හිතෙනවා.
    ඔය සල්ලි දෙන සීන් නම් උන් කරන්නේ අපේ එකාලට ආදරේට නෙමෙයි. උන් එව්වා පෙන්වලා ආදායම් බදු ටික අඩු කරගන්න එකයි කරන්නේ.


    මම - Bora Diyaka Induwara

    ReplyDelete
  19. අපේ ගෙවල් ගාව එකෙක්ටත් ඕක ඇත්තටම උනා කියන්නේ. උගේ ගෙදරට ආපු එවුනුත් මොකද්ද අහන්නේ ඇහුවාම වෙන චැනල් එකක් කියලා.. මූ දවස් ගානක් නාහෙන් අඬ අඬ හිටියා අතට ආපු චාන්ස් එක කියලා

    ReplyDelete
  20. MAMA 11 P.M. WITHARA WENAKAM GATE SAHA DORA ARAGENA LIGHT DAGENA BALA INNAWA, ARA MOKAK DA F.M. EKEN EWI KIYALA. THAMA AWE NEHE, DAN LIGHT BILA NAM NAGALA YANAWA.

    ReplyDelete
  21. අපේ රටෙ මිනිස්සුන්ගෙ මානසික මට්ටම තෙරුම් ගන්න හොද ක්‍රමයක් තමයි ඔය එකක වෑඩසටහනකට මිනිස්සු කතාකරනහෑටි අහගෙන ඉන්න එක.

    ReplyDelete
  22. හුටා... මැරුනොත් එහෙම කොහොමද කටක් ඇරලා කියන්නේ , මරුනේ රේඩියෝ චැනල් එකක් හින්ද කියල.

    ReplyDelete
  23. ඔය කට්ටියම නේද අර එකෙක්ව දන ගස්සලා දැන් රිමාන්ඩ් එකේ ලගින්නේ.

    ReplyDelete
  24. ‘‘හිරු අහන් නැත්තං ගුටි‘‘ කියල කොහෙද දැක්කා ඊයෙ හදිස්සියෙ

    ReplyDelete
    Replies
    1. පැරානේ බං ලියල තිබුනෙ, මේ තියෙන්නෙ.

      හිරුනම් ගුටි තමයි

      Delete
  25. ඇත්තම දැන් වෙලඳ සේවෙ එහෙම නැද්ද..කොහෙදතිබ්බත් හඩ්ඩ බදු අරන් ඇතිනේ..!

    ReplyDelete
  26. ඔහොම පිස්සො ඉන්නවද?

    ReplyDelete
  27. රේඩියෝ එක හොයාගත්ත අය්යයි ටෙලිෆෝන් එක හොයාගත්ත අය්යයි ලංකාවට මේ දෙකම ගේන්න විවුර්ත ආර්ථිකය හදුන්වල දුන්න ජේ.ආර් පප්පයි සිංදුවකට එකතු කර ගන්න දවස වැඩි ඇතක නෙවෙයි

    ReplyDelete
  28. අය්යේ පිස්සුද?
    එහෙම කියන්න එපා එයාලානේ අපේ බඩ කට පුරෝගන්න කියක් හරි දෙන්නේ.අපේ බෝඩිමේ උන් පස්දෙනා චැනල් පහක නම් දාලා බෝඩ් එල්ලලා තියෙන්නේ කාට හරි සල්ලි දීලා යාවි නේ.:)

    ReplyDelete
  29. මේ කමෙන්ට් ටික දැක්කාම කටක් ඇරල එෆ් අහනවා කීව ඇහකිය , හරි මං අහන්නෙත් නෑ , එෆ් එම් කාරයො තමයි රටට වෙලා තියන නස්පැත්ති ගොඩකට වග කියන්න ඕනි , අල්ලං ගහමු ඕකුන්ට පලු යන්නම

    ReplyDelete
  30. අපරාදේ ඔන්න දැන් තමා තේරෙන්නේ කොටිහඬ ගුවන් විදුලියේ අගේ .. එයාලා හිටියා නම් ගෙදරටම අවුදින් සල්ලිත් අරං වෙඩිත් තියලා යනවා ..

    ReplyDelete
  31. හැමදේම හැම තැනටම හරි යන්නේ නැහැනේ.අපි මහලොකුවට බටහිරට බැන බැන උන්ගේ සමාජයේ තියන දේවල් ඔක්කොම කොපි කරනවා... අනේ සංසාරේ... ඔය වැඩසටහන් බලන කෙනෙක් එක්ක කතා කලොත් බටහිරට බනින, උන්ගේ සංස්කෘතිය විවේචනය කරන උන් අනන්තවත් ඇති...

    ReplyDelete
  32. "...ලෝකේ එහා කෙලවරේම තියෙන වෙළද දැන්වීම අරන් එක මගේ එකක් වගේ උදේට දානවා .. ඒ වගේ ගොබ්බ කොපි කිරිල්ලක් තියෙන මේ වගේ ගොබ්බ ජනතාවක් ඉන්න රටක් මම කොහෙවත් දැකලා නැ .."

    මට මතක් උනේ බන්දු සමරසින්හ මහත්මයාගේ මෙන්න මේ වචන ටික රාජ් ...

    කලාව නිර්මානශිලියි .. එත් දැන් ඉන්න එවුන් දැක්කම අප්පිරියයි ...

    අදමයි මේ පැත්තේ ආවේ .. ලියන්න ඕන දේවල් මේවා .. සුබ පැතුම් ...

    ReplyDelete
  33. මගෙන් ඇහුවත් මම කියන්නෙ හිරු කියල අයියෝ..

    මීට පස්සෙ කියන්නෝනි.. වැඩට යද්දි හිරු/ගෙදර ඉද්දි සිරස/බොක දාද්දි ෂා/රෑට නිදා ගද්දි ශ්‍රී

    කියල තමා..

    ReplyDelete
    Replies
    1. හිකාස්! ඔක්කොටම හෝයියා කියල එහෙම කියන්න තමා තියෙන්නේ..

      Delete
  34. සිරාවටම ලංකාවේ FM නම් සල්ලි දුන්නත් අහන්න වටින්නේ නැහැ.

    ReplyDelete
  35. මේක බැලුවාම ඊයේ රෑ and company එකේ ගිය වචන පේලි දෙකක් මතක වුනා.

    ජනයා කෙසේද මාධ්‍ය එසේය, මාධ්‍ය කෙසේද ජනයා එසේය.ජනයා කෙසේද පාලකයා එසේය, පාලකයා කෙසේද ජනයාද එසේය

    ReplyDelete
  36. ළඟ ළඟ ගෙවල් පහක කට්ටිය සෙට් වුණා නම් බෙදා හදාගෙන කන්න තිබ්බා. දැන් සිංහ එෆ්.එම් කට්ටිය මේකට විරුද්ද ව්‍යාපාරයක් ගෙනියනවා.

    ReplyDelete
    Replies
    1. උන්ගේ එක සල්ලි දීල වත් අහන්න එකෙක් නැතුව ඇති :D

      Delete
  37. මම ක්‍රිකට් ගහන්න හිරු පායනකං බලං හිටියා....

    මම රසල් ආර්නෝල්ඩ්...


    මට හිරු පෑව්වත් එකයි නැතත් එකයි...

    මම හෙන්රි කල්දේරා...

    (කොල්ලො විහිලුවට කියන කථාවක්...අපහාසයට නොව උපහාසයට පමණයි)

    ReplyDelete
  38. අම්මපා සල්ලි දුන්නත් අහන්න වටින්නෑ ඔය බලු චැනල්

    ReplyDelete