Thursday, December 19, 2013

80 ශ්‍රී හිනා කතා, අසූචි වලේ පණුවා සහ යකාගෙ අඩවිය

ඉස්සර, ඒ කියන්නෙ 80 දශකයේ තිබුන සඟරාවක් තමයි ශ්‍රී කියන්නෙ. වයසක බ්ලොග්කරුවන්ට නං මතක ඇති. ඉස්සර ඔය සඟරාව හැම මාසෙකම අපේ ගෙදරට ගෙනාව. කියවන්න දේවල් අඩු ඒ කාලෙ අපිට මේක සෑහෙන්න වටිනව. අවුරුදු විසි ගනනකට පස්සෙත් මේ සඟරාවෙ තිබුන සමහර දේවල් මතක තියනව. මේ ඒ සඟරාවෙ තිබුන විහිළු කතා කිහිපයක්.

බිල්ඩිම.
මේක කාටූන් එකක්. එක මනුස්සයෙක් බිල්ඩිමකට වඳිනව. තව එකෙක් ඇවිල්ල අහනව "මොකද තමුසෙ හැමදාම මේ බිල්ඩිමට නමස්කාර කරන්නෙ?" කියල. අර මෑන් කියනව "මේ බිල්ඩිමෙන් වැටිල තමයි මගේ නැන්දම්ම මළේ" කියල. මේ ජෝක් එක තේරුම්ගන්න මට සෑහෙන්න කාලයක් ගියා.

From
ඔන්න මිනිහෙක් ඉන්නව. මෑන් කඩ්ඩෙන් කතා කලාට මොකද from කියන වචනෙ නිතරම අමතක වෙනව. දවසක් එයා ටිකක් අකමැති මිනිහෙක් ගෙදරට ආපු වෙලාවෙ එයාට බනිනව "ගෙටවුට් මයි හවුස්" කියල. අර මනුස්සය යන්න යනව. පස්සෙ මෑන්ට තේරෙනව ෆ්‍රොම් එක හැලුන කියල. ආයෙත් අර මිනිහට කතා කරනව.

"අයිසෙ ඔහොම ඉන්නව...... ෆ්‍රොම් ආ..... හරිද? ෆ්‍රොම්!"

නෝක්කාඩුව.
මේකත් කාටූන් එකක්. කපල් එකක් ඉන්නව ලොකු ගහක ‍විරුද්ධ පැති වලට පිට දීගෙන. විරුද්ධ දිශාවල් බලාගෙන. තවත් ගහක බෝඩ් එකක් ගහල තියනව "මල් වත්ත" කියල. මේ අතරෙ ගහ දිගේ ඇදිල එන පොළ‍ඟෙක් කෙල්ලගෙ මූනෙ ඇතිල්ලෙනව. "දැං කිව්වෙ කතා කරන්නෙ නෑ කියල?" කෙල්ල අහනව.

ණය
කසාද බඳින වයසත් පහුවෙච්ච දූල කිහිප දෙනෙකුත් ඇතුළුව දූල දුසිමක් විතර ඉන්න මනුස්සයෙක් තමයි මිස්ට පෙරේර. ඔන්න පෙරේර මුනගැහෙන්න ඉලන්දාරියෙක් ගෙදරට එනව.

ඉලන්දාරිය: "පෙරේර මහත්තයා මම මේ ආවෙ......." ඉලන්දාරිය මොනවදෝ කියාගන්න බැරුව ඇඹරෙනව.
පෙරේර: "හා හා.... ළමයා.... මම ඔය වයස පහුකරල ගොඩක් කල්..... මම දන්නව ළමය ආවෙ මොකටද කියල..... කියමු බලන්න මගේ කීවෙනි දූ ගැනද ඔය ළමය කියන්නෙ?"
ඉලන්දාරිය: "නෑ පෙරේර මහත්තය මම ආවෙ ණයට රුපියල් සීයක් ඉල්ලගන්න"
පෙරේර: "අයිසෙ තමුසෙ කවුද ඕයි මගෙන් සල්ලි ඉල්ලන්න එන්නෙ. මම තමුසෙගෙ කවුද? තමුසෙට කොහොමද ඕයි මම රුපියල් සීයක් දෙන්නෙ? මම තමුසෙගෙ නම වත් දන්නෙ නැති එකේ"

පස්සෙ දෙන ගාන
ඔන්න මිස්ට සිල්ව යනව මිස්ට පෙරේර ලඟට.

සිල්ව: මිස්ට පෙරේර, මම ආවෙ ලොකු උදව්වක් ඉල්ලගන්න.

පෙරේර: මොකද්ද මිස්ට සිල්ව?

සිල්ව: පෙරේර දන්නව නේ අපේ දූ ලබන සතියෙ බඳිනවනෙ. මම මනමාලයගෙ පැත්තෙ අයට පොරොන්දු උනා දූට දෑවැද්දට රුපියල් පනස් දාහක් දෙන්න. ඉතිං මං ගාව දැනට තියෙන්නෙ විසිපන්දාහයි. මට රුපියල් විසිපන්දාහක් ණයට ගන්න ඕනවෙලා තියනවා....

පෙරේර: සිල්වා... මම මේ ඔයාට හිතවත් කම නිසා මෙහෙම කියන්නෙ.... ඔන්න ඔය විසි පන්දාහ දෙන්න මගුල දවසට. අනිත් විසිපන්දාහ පස්සෙ දෙනව කියන්න....

සිල්ව : මේකයි පෙරේර, මගේ ලඟ දැනට තියෙන්නෙ ඔය පස්සෙ දෙන විසිපන්දාහ තමයි. මට ඕන මුලින් දෙන විසිපන්දාහ!


අසූචිවලේ පණුවා.

මේක සමාන්තර විශ්වයක 2013 ශ්‍රී සඟරාවක ‍තිබුන කතාවක්.

ඔන්න ගුන්ථනරකය වගේ අසූචි වලක පණුවෙක් හිටිය. අසූචි කකා ඉන්න පණුවො අතරෙ මූත් එක පණුවෙක් විතරයි. ඔන්න දවසක් උදේ මේ පණුව අසූචි වලේ ඉඳගෙන මේ වගේ ටෝකක් ඉෂූ කරනව.

"මට මේ ගඳගහන අසූචි වලේ ඉඳල ඇතිවෙලා..... මෙතෙන්ට ආපු දවසෙ ඉඳල මම කලේ අසූචි කන එක විතරයි..... මම සාම්ප්‍රදායික පණුවෙක් නෙවේ..... මම මීට පස්සෙ අසුචි කන්නෙ නෑ.... මම උඩුගං බලා යන්න තීරණය කලා!"

අසූචි වල මොහොතකට නිහඬතාවයෙන් පිරුන. කන්න ගත්ත අසූචි, පණුවන්ගෙ කටවල් වලම හිරවුනා.

"හරි! දැං තමුසෙ මොකද්ද කරන්න යන්නෙ? මෙතනින් එලියට යනවද? ගිහිල්ල තමුසෙගෙ නමින් තියන මල් පිපුනු විලකට යනවද?" අනිත් පණු සගයන් ඇහුව.

"නෑ නෑ.... මම යනව එහා පැත්තෙ තියන අනිත් අසූචි වලට" පණුව කිව්ව.
---------------------------------------------------------------------------------
යකා
මේක හිනා කතාවක් නොවේ. බ්ලොග් අවකාශයේ "යකා" නමින් කමෙන්ට් දාන කෙනෙක් ඔහේල දැකල ඇති සමහර විට. විශේෂයෙන්ම අජිත් පැරකුම්ගෙ W3 අඩවියට යකා දාන කමෙන්ට් දැකල ඇති ඒ පැත්තෙ යන කෙනෙක් නං. අනෙක මූ ටිකක් ආර්ශනික යකෙක්, " නීතිය කියන්නෙ දුප්පතුන් හා දුප්පතුන් අතර ආරාවුල් විසදීමටත් ධනවතුන්ට දුප්පතුන්ගෙන් සිදුවන හිරිහැර වැළැක්වීමටත් තිබෙන යාන්ත්‍රණයයි" වගේ අර්ථ දැක්වීම් දැනටමත් කරල තියන යකෙක්. කොහොම උනත් මේ නූතන යුගයේ යකා, ජාලගත අඩවියෙනුත් කෑල්ලක් වෙන් කරගන්න සමත් වෙලා තියනව.

මෙන්න යකාගෙ අඩවිය. ගොඩවැදිල යකාට "යක් ධෛර්ය" දෙන්න.
ආ....යකාත් මං වගේ රාජ්‍ය සේවකයෙක්!

46 comments:

  1. බිල්ඩිමට වදින එක ඇත්තටම තේරුම් යන්න ඇත්තෙ බැන්දට පස්සේ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්....... මේක ලියද්දි උඹේ කතා මතක් උනා බං. ඇත්තමයි

      Delete
  2. එක් යකෙකුට තවත් යකෙකුගෙන් පොඩි සපොර්ට් එකක්?

    ReplyDelete
  3. ශ්‍රී සඟරාව අසූවෙ දශකයට කලින් හැටේ දශකයෙ ඉඳල තිබුන සඟරාවක් රාජ්.සුනේත්‍රා රාජකරුණානායක එහෙම මුල් කාලෙ කතා ලිව්වෙ ශ්‍රී සඟරාවට මමත් ඇය ලියූ මහ දිග කතා බලල තියෙනව ඒ කතා සමහර එව්වා තවමත් මට මතකයි.

    ReplyDelete
    Replies
    1. එහෙමද! මගේ හිතේ තියන තවත් කතාවක් තමයි නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වෙලාඉඳපු නිමල් මැදිවක මහත්තය පොලිස් පරීක්ෂක කෙනෙක්ව සිටියදී එයාගෙ පරීක්ෂණයක් ඇසුරෙන් ලියල තිබුන "අයියනායක අඩවියේදී අලි හමුදාවකට මැදිවීමු" කියන ලිපිය.

      Delete
  4. රාජ් අයියා යකාට දෙන සප් එකට තුති ...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ඇවිල්ල ගියාට සහෝදරයටත් තුති...

      Delete
    2. මම එනවා ඒ උනාට කමෙන්ට් කරේ අද

      Delete
  5. මටත් ලාවට මතකයි ශ්‍රී සගරාව ගැන නං... මරු කතා සැට් එක.. ජය වේවා.. යකා බැන්දා බං.. හැබෑට බං අර වගේ පස්සෙන් දුවන් ගිහිල්ලා ෆ්‍රොම් ඈ කියන කොට ආතල් එක කොහොමද ඈ ෆ්‍රොම්

    ReplyDelete
  6. ඔය අසූවේ දශකයේ තියෙන්න ඇත්තේ ශ්‍රී සඟරාව පුනරුත්පත්තිය විය යුතුයි. ඒ කියන්නේ විජය ප්‍රකාශනය.

    අපේ අම්මා එකතු කරලා තියෙනවා මගෙ හිතේ 60 දශකයේ Times සමාගමෙන් ගහපු ඒවාත්. ලංකාදීප මුලින් ගැහැවේ ටයිම්ස් ලා.

    ReplyDelete
    Replies
    1. ප්‍රකාශකය නං මතක නෑ කකා. අපේ ගෙදරත් මෑතක් වෙනකල් ඔය සඟරා කිහිපයක් තිබුන. දැං නං නෑ. මට මතකයි වෙසක් මාසෙකද කොහෙද පලවුන කලාපයක තිබුන නිසදැසක්. පිටු තුනක විතර. සිදුහත් කුමාරය ඉපදීමේ සිට, පරිනිර්වාණය දක්වා සියල්ලම ඒකෙ තිබුන.

      Delete
    2. මගෙ හිතේ නම් මුලින් ශ්‍රී සඟරාව ගැහුවෙ ස්වාධීන පුවත්පත් සමාගම (දවස නිවස) කියලා. එහෙම නෙවෙයි ද? ඒකෙ ප්‍රින්ටිං කොලිටි එකත් අන්තර්ගතයත් සමාන උනේ දවසෙන් ම ගහපු රිවිරැස පත්තරේට.

      පල්ලෙහා අරූත් කියල තියෙන්නෙ, මුල ප්‍රකාශක ගෙ කාලෙ තමයි මට මතක විදියට landscape oriented සඟරාවක් ආපු ශ්‍රී සඟරාවෙ ස්වර්ණමය යුගය. ඒ කාලෙ විහිළු ලියපු උන් ගෙන් මම හිතන්නෙ තවමත් ෆීල්ඩ් එකේ ඉන්නෙ තලංගම ජයසිංහ විතරයි. සාපේක්ෂව ගත්තම අද ජෝක් වලට වඩා අහිංසක, subtle, ටියුබ් ලයිට් ගතියක් ඒ කාලෙ විහිළු වල තිබුනා.

      Delete
    3. මටත් මතක දවස නිවසේ ප්‍රකාශනයක් හැටියට..එම්.ඩි.ගුණසේන සම්බන්ධයකුත් මතක් වෙනවා ඒ අස්සේ.

      Delete
  7. හානේ යකාට මාකටින් පාරකුත් වැදිල.අදනම් යකාට කන්න ඕනත් නැතිවෙයි.එක අතකට අපි වෙනුවෙන් අපි තමයි.රාජ් ගැන මුලින්ම යකා ආකර්ශනය වුනේ රාජ් යකා වාගෙම රජයේ සේවකයෙක් නිසයි. රාජ්ගෙ අඩවිය යකා නටන්න යකා ප්‍රැක්ටිස් වෙන එක විමානයක්.
    ජාලගත අවකාශය හරහා අපට යමක් කරන්න පුළුවන් කියන එක යකා තදින්ම විශ්වාස කරනවා.යකත් විහිළු කතා කතන්දර ආගිය කතා ශෛලියෙන් ආවත් යම් වැදගත් දෙයක් කියන්න තමයි උත්සාහ කරන්නෙ.යකාටත් සිහිනයක් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. යකාගෙ හීනයට ඔන්න මාත් සපෝට් එකක් දුන්න.

      Delete
  8. ඔය සමහර විහිළු කතා කාලයට සාපේක්ශයිනෙ.. ඒ කාලෙ වෙච්ච සන්ගෙදි දැනන් හිටියෙ නැත්නම් හිනා යනවා බොරු...

    අරූ මාර ටෝකක් දීපු යකෙක්නෙ.. මට ඒ ටෝක් එක ණයට ගන්න හිතෙනවා.. ( ටෝම් සෝයර්ගෙ ක්‍රමයට )

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්! ඒකනෙ මං කිව්වෙ මූ එසේ මෙසේ යකෙක් නෙවේ කියල.

      Delete
  9. බිල්ඩිමට වඳින සීන් එක මම හිතන්නෙ කාලයත් එක්ක තේරුම් යන එකක් වෙන්ටැ....

    ReplyDelete
  10. ණය කතාව තේරුනේ නැහැ බන් , . අනික්ව නම් එල ටිකිරිස් හෙහ් හෙහ් . ඔන්න යකාට ෆලෝ එකක් දැම්ම

    ReplyDelete
    Replies
    1. ණය කතාව මටත් තේරුනේ නෑ බං , මොකක් කිව්වා උඹ 'යකා පලෝ " කළා ...? හැක හැක

      Delete
    2. මඟිය
      ඒක‍නෙ බං ‍හොඳ කතාව,
      "තමුසෙට කොහොමද ඕයි මම රුපියල් සීයක් දෙන්නෙ? මම තමුසෙගෙ නම වත් දන්නෙ නැති එකේ"

      නමවත් දන්‍නෙ නැති එ‍කෙකුට දුව ‍දෙන්න පුළුවන් රුපියල් සීයක් ‍‍දෙන්න බෑ!

      Delete
    3. කොහොමත් යකා පලෝ තමා මේ දවස් වල

      Delete
  11. මරු කතා ටික :D
    "පස්සෙ දෙන ගාන" තමා සුපිරි :D

    ReplyDelete
  12. //"මේ බිල්ඩිමෙන් වැටිල තමයි මගේ නැන්දම්ම මළේ" කියල. මේ ජෝක් එක තේරුම්ගන්න මට සෑහෙන්න කාලයක් ගියා.//

    මට නම් හොඳටම හිනා ගියේ මේකට. හී හී...

    ReplyDelete
  13. අර අසූචි වලේ කතාව ප්‍රින්ට් අරං පාර්ලිමේන්තුවේ බෙදලා දාන්න ඕන.

    ReplyDelete
  14. අර බිල්ඩිමේ සීන් එක තේරුණේ නෑ නෙව...
    මම ඔය සඟරාව ගැන ඇහුවමයි

    ReplyDelete
  15. කතා ටිකනම් මල් මසුරං... ඒත් යකා පලෝ කොරන්න ගියා.. බොග් ෆලෝ ගැජෙට් එක මිසින් නෙව මේ දාස් වල

    ReplyDelete
  16. ඔය ශ්‍රී සඟරාව මුලින්ම ආවේ පරණ චිත්‍ර පොතක හැඩයෙන්. ඊට ගොඩාක් පස්සේ ඒක සාමාන්‍ය පොතක හැඩය ගත්තා. කියවන්න බොහෝ දේවල් තිබුනා. අන්තිම පිටුවලට කිට්ටුව චිත්‍රකතාවක් ගියා පිටු 10ක් විතර.

    පොඩි ළමයින්ගේ උපන්දින කිට්ටුනම් ෆොටො එකයි නමයි එක්ක දැම්මාම උපන්දින පිටුවේ පලකරනවා. මට අවුරුදු දෙකක් වගේ කාලේ ශ්‍රී සඟරාවක දාලා තිබුනු එකක් මම දැකලා තියෙනවා.
    මීට,
    වයසක බ්ලොග්කරුවෙක්.

    ReplyDelete
  17. රාජ්, මම දන්න ශ්‍රී සඟරාව දිග පළල අතින් බැලුවම හරියට අර චිත්‍ර අඳින පොතක දිග පළල වගේ. ඔයාට මතක තියෙන්නේ ඒ හැඩයේ සඟරාද? ඇත්තටම ශ්‍රී සඟරාව ඒ කාලේ වැඩිපුරම ජනප්‍රිය වුනේ තරුණ පරපුර අතරයි. ආදර කතා, විලාසිතා, ආදී දේවල් බහුලව තිබුන නිසා. පරණ සඟරා සහ පුවත්පත්වල තොරතුරු වලට අද බොහොම ලොකු ඉල්ලුමක් තියනවා. යකාටත් දුම්මල වරමක් දෙන්නම් ඒ පැත්තේ ගිහිල්ලා.

    ReplyDelete
  18. යකා , නිදියකා , යක්ෂයා කියලා 3 දෙනෙක් ඉන්නවද ...? මට සේරම යක්කු ටිකක් පැටලිලා ඉන්නේ ....

    ණය කතාව 01 සහ ණය කතාව 02 දෙකම හොඳයි ... :)

    ReplyDelete
    Replies
    1. ටිකක් පැටලිලා ඉන්නේ යකා නැග්ගහම නේ? :-))

      Delete
  19. දෙමව්පියෝ එකතු කරපු 60-70 කාලේ ශ්‍රී සඟරා සෙට් එක තවමත් සුරක්ෂිතව තියෙනවා. කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ. ශ්‍රී සඟරාවට නිතරම ලියපු කෙනෙක් තමයි 'තිස්ස ජයවර්ධන' !

    ReplyDelete
    Replies
    1. යාලුවා ඔය ටික ඩිජිටල් ෆෝර්මැට් එකට හරවලා පබ්ලිශ් කරන්න පුලුවන් නම් සුපිරි ඈ....

      Delete
  20. බිල්ඩින් ජොක් එක රාජ්ට හරියටම තේරුනේ බැන්දට පස්සේද?

    යකාගේ අඩිවියට ගිහින් එන්නම්...

    ReplyDelete
  21. කොච්චරනම් කොල්ලො ඔහොම බිල්ඩින් වලට වදිනව ඇත්ද?

    ReplyDelete
  22. මං දැකල තියෙන ශ්‍රී සඟරාවත් අර විචාරක කියල තියෙන දිග පළල තියෙන ඒව තමයි.
    බිල්ඩිමේ කතාව තේරෙන්නනං බැඳල අවුරුද්දක් දෙකක් යන්න ඇති.

    බලමුකො එහෙනං යකාවත් ආරූඩ කරගෙන.

    ReplyDelete
  23. කතා ටික ලක්ෂණයි !
    රාජ්‍ය සේවෙ ඉන්න යක්කු දෙන්නෙක් !

    ReplyDelete
    Replies
    1. යක්කු රාජ්‍ය සේවෙට ඇවිත්.. රාජ්‍ය සේවේ යකාට ගිහිං !

      Delete
    2. ඔන්න අද කමෙන්ට් දෙකක්ම කෙටුවා... තුන්වෙනි කමෙන්ට් එක රිප්ලයි කමෙන්ට් එකෙන් පස්සේ කොටන්නං... හික් හික් හික් :)

      Delete
  24. මූ නං රාජ්ගේ පහලු යකෙක් !
    එල එල.. මාත් ඒ පැත්තෙ යන්නන්

    ReplyDelete
  25. ඔන්න මාත් ගිහින් යකා බලලා ආවා... දුම්මල ගහන්න යන්නම් ආයෙ පස්සෙ වෙලාවක..

    ReplyDelete
  26. හරස් අතට ශ්‍රී සඟරාව තිබුනු කාලෙ හැම ඉෂූ එකකම වන්නමක් කියල එකක් ගියා, වන්නම් කිව්වට වන්නම් නෙවෙයි, මොකක් හරි දෙයක් උපහාසෙට පත් කරල කියපු කවි පෙළක්. හෝටල් ගැන තිබුණු එකක් මතකයි:

    දන මන පිනවන කන බොන දේ ඇත යනුවෙන් නම් කෙරෙතෙයි
    එනමුත් කන අය කන්නට යන අය මේවයෙ රඟ දනිතෙයි
    වේලක් කෑවොත් ආයෙත් කිසිදා කන්නට නොම සිතෙතෙයි
    හෝටල් වන්නම එනු දැක සබයට හූවෙන් පිලි ගනිතෙයි
    ... තෙතෙයි තෙයි හූවෙන් පිලි ගනිතෙයි

    ReplyDelete
  27. අපේ තාත්තලගෙ මහ ගෙදර පරණ ශ්‍රී සඟරා ටිකක් තිබිල මම පොඩි කාලෙ කියවල තියෙනව. නමුත් තිබුණු ඒව නම් එතරම් මතකයක් නෑ.

    ReplyDelete
  28. මචං මු පහනෙන් ආ යකාද ?

    ReplyDelete