Friday, March 21, 2014

අනාවැකි, ජෝක්, ඔට්ටු සමඟ ක්‍රිකට් කතා.

ඔන්න ආයෙත් හුඟ දෙනෙකුට ක්‍රිකට් උන හැදිල. ආසියාවෙ ශූරයො වෙන්න කිට්ටුව මාත් මැච් බලන්න පටන් ගත්ත. මේ ක්‍රිකට් ගැන.

WC T20 කාටද?

පහුගිය දවසක බ්ලොග් එක මතක් වෙච්ච අපේ බුවා වර්ල්ඩ් කප් එක ගැන දාල තිබුන. බුවාගෙ ෆේවරිට් ටීම් එක දකුණු අප්‍රිකාව. මගේ නං ටිකක් වෙනස්. පහුගිය දවස්වල තිබුන තරග දිහා බැලුවම මගේ ලිස්ට් එකේ ඉන්නව ටීම් තුනක්. ඕස්ට්‍රේලියාව, ලංකාව සහ කොදෙව්!

බුවාගෙ ලිස්ට් එකේ උඩම ඉන්න දකුණු අප්‍රිකාව එයාලගෙ රටේදි 2-0කට පරද්දපු ඕස්ට්‍රේලියාව මේ වෙනකොට ඉන්න තත්වය බොහෝම හොඳයි. විශේෂයෙන්ම ඩේවිඩ් වෝනර්, ෂේන් වොට්සන් වගේ ප්‍රහාරකයන් ලකුණු අතර ඉඳීම සෑහෙන්න වාසියක්. පන්දු යවන්නනුත් ඒ වගේම හොඳයි. ඔක්කෝටමත් වැඩිය ඕස්ට්‍රේලියාව මේ වෙනකොට පිට පිට තරගාවලි කිහිපයක් ජය ලබල ඉඳීම අනෙක් හේතුව. ජයග්‍රහනය කියන දේ පුරුද්දක් උනාට පස්සෙ එ් වගේ ටීම් එකක් පරද්දන්නත් එවැනිම කණ්ඩායමක් ඕන වෙනව. පරදින්න ගත්තමත් එහෙම තමයි.

මගේ ලිස්ට් එකේ ඉන්න අනිත් ටීම් එක තමයි කොදෙව්වො. කොදෙව්වන්ගෙ තියන විශේෂත්වය තමයි විස්සයි විස්ස තරග වලට ඔවුන්ගෙ තියන ගැලපීම. මේක අහම්බයක්. දුර්වල තත්වයක හිටිය කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස ලෝක ශූරයන් වීමට හේතුව තමයි මේ ගැලපීම. හරියට දුර දිවීමට කෙන්යාව, නැත්තං කෙටි දුර දිවීමට කළු ජාතිකයන්ගේ තියන දක්ෂතාවය වගේ එකක් තමයි පන්දුවාර විස්සක කෙටි තරග කොදෙව්වන්ට ගැලපීම. එක් පිතිකරුවෙකුගේ දක්ෂතාවයෙන් තරගයක් දිනන්න පුළුවන් ක්‍රීඩාවක් වෙච්ච 20යි 20 තරග වලට කදිමට ගැලපෙන පිතිකරුවන් හතරපස් දෙනෙක්ම කොදෙව්වන්ට ඉන්නව. දඟ පන්දු යවන්නන් දෙදෙනාත් මේ වෙනකොට ඉන්නෙ හොඳම රිද්මයක.

අපේ කට්ටිය
ලංකාව ගැනත් තියෙන්නෙ සෑහෙන්න ලොකු බලාපොරොත්තුවක්. මාස දෙකක් විතර බංගලිදේශෙ වාසය කරපු නිසාත් ජයග්‍රාහී රිද්මයක ඉන්න නිසාත් තත්වය එච්චර නරක නෑ. නමුත් ආසියානු කුසලානය දිනල ලංකාවට ආවට පස්සෙ සිදුවෙච්ච දේවල් නිසා ටීම් එකේ ඔලු හැඩගැහිල තියෙන්නෙ මොන විදියටද කියල කියන්න බෑ. මගේ අදහස නං කුසලානය අරගෙන ලංකාවට පැමිණෙන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ. එහේම ඉඳල ලෝක කුසලානයටත් සහභාගී උනානං හොඳයි. අන්තිමට මහින්දානන්ද වගේ මීහරකෙකුගෙ දෝශාරෝපනයට ලක්වෙලා ලෝක කුසලානයකට යන්න සිදුවීම රටේ අවාසනාවක්. කොහොමත් එක දිනුමකට පස්සෙ ඒ දිනුමේ "පිට අයිතිකාරයන්" නිසා අපේ රටට අහිමි වෙන "ඊලඟ දිනුම්" සංඛ්‍යාව අනන්තයි අප්‍රමානයි.

විනිශ්චය
මගේ හැඟීමේ හැටියට ලෝක කුසලානයක් වගේ වැදගත් හැම තරගාවලියකටම විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව දෙන්න ඕන. ඒ වගේම තාක්ෂණය පැත්තෙන් "සාධාරණය ඉටුකරන්න" තියන හෑම අවස්ථාවත්ම ගන්න ඕන. මොකද අපි එන්නෙ සාධාරණ තරගයක් බලන්න මිසක් අම්පයර්ලගෙ උජාරුව බලන්න නෙවේ. විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමයේ බරපතල වැරැද්දක් මම දැක්ක. කඩුල්ල මුවා කිරීමේ වරද අභියෝගයට ලක් කලාම ඒ තීන්දුව දෙන්න යොදාගන්න එක සාධකයක් තමයි පිටියේ විනිසුරුගේ තීරණය උනේ මොකක්ද කියන එක. ඒක තනිකරම විකාරයක්. ලෝක මට්ටමේ විහිළුවක්. හරියට පහල උසාවියක දුන්න තීන්දුවක් ඉහල උසාවියකින් අභියෝගයට ලක් කලාම පහලින් දුන්න තීරණය මත පදනම්ව තීන්දු දීම වගේ. මේක සාමාන්‍යයෙන් මූලික නීති (ස්වභාවික නීති) මූලධර්මයන්ට පටහැනියි. නමුත් කවුරුවත් ‍මේ ගැන කතා කරනව දැකල නෑ.

ඔට්ටු ඇල්ලීම සහ සතුටින් සිටීමේ මග
මේක බුකිකරුවන්ගෙ ඔට්ටු ගැන නෙවේ. අපේ පොඩි පොඩි ඔට්ටු අල්ලන්නන් ඉන්නවනේ. අන්න එයාල ගැන. ගියපාර එක්දින ලෝක කුසලානය දවසෙ අපේ බුදු ෆිට් රාලහාමි කෙනෙක් වෙච්ච "රාලහාමි මල්ලි" ඔට්ටුවක් ඇල්ලුව. ගාන දාහයි. (ගල් බෝගලේට ගාන). ඔට්ටුව ඇල්ලුවෙත් එසේ මෙසේ පොරක් එක්ක නෙවේ අපේ සෑම් අයිය එක්ක. සෑම් අයිය කිව්වෙ ලංකාව දිනනව කියල. මල්ලි කිව්වෙ පරදිනව කියල. අන්තිමට සෑම් දාහක් පරාදයි. ඒක එච්චර වැදගත් කාරණයක් නොවුනත් ඔට්ටුව අල්ලන්නෙ මොන පැත්තටද කියල මල්ලි තීරණය කරපු විදිය වැදගත්.

"ලංකාව දිනන්නනෙ අපිට ඕන... මම අල්ලනව ලංකාව පරදිනව කියල... ලංකාව පැරදුනොත් මට සල්ලි එනව... ලංකාව දිනුවොත් සල්ලි පැරදුනත් දිනුංනේ....." අන්න ඒකයි දිනුවත් පැරදුනත් සතුටින් ඉන්න පුළුවන් ඔට්ටු ඇල්ලීම. සෑම් කලේ මේකෙ අනිත් පැත්ත. දිනුවත් පරාදයි පැරදුනත් පරාදයි.
ඉස්සර ඔට්ටු ගැන කතාකරන්න පටන්ගත්ත කාලෙ ජෝක් එකක් තමයි මේ.

"අද මැච්එක නේ?"
"කවුද දිනන්නෙ?"
"ලංකාව දිනන්නෙ?"
"අල්ලමුද ඔට්ටුවක්?"
"හා.... අසූ ගනං වල මියන්ඩාඩ්ල ඉම්රාන් ඛාන්ල උඹලගෙ ගෙවල් පැත්තෙ ඇවිල්ල වගේ"

57 comments:

  1. ක්‍රිකට් ගැන නිසා මගදිම කියවිල්ල නවත්තල දැම්මා.. ඉදගෙන

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් කිව්‍ෙ ඇලජික් වෙනවද දේශා..

      Delete
    2. කමක් නෑ. උඹට හරියන ක්‍රීඩා මේකෙ ලියන්න බෑ නෙව!

      Delete
    3. @ රාජ්.
      ඇයි ලියහං ලිස්සන ගහේ නැගිම ගැන...

      Delete
    4. @රාජ්.
      උගෙ පේඔරිට් රති ක්‍රීඩාව මයිහිතේ

      Delete
  2. //"රාලහාමි මල්ලි" ඔට්ටුවක් ඇල්ලුව. ගාන දාහයි. (ගල් බෝගලේට ගාන).//
    කව්රු දිනුවත්, පැරදුනත් රුපියල් දාගක් (ගල් බෝතලයක්) තියෙනවා, අන්තිමට ගල් බෝතලේ දෙන්නම ගහල ලංකාව දිනුවනම් සතුටද, පැරදුනානම් දුකද සමරනවා- එච්චරයි
    කප් එක ගේනන අපේ කොල්ලන්ට හැකිවේවා!!
    ශ්‍රී ලංකා කණ්ඩායමට - ජය වේවා!!!

    ReplyDelete
  3. @M.Raj, Rien à commenter. J'adore le football. Je n'aime pas le cricket.

    ReplyDelete
  4. "අල්ලමුද ඔට්ටුවක්?"///

    ලොක්කා ගියොත් මැච් එක බලන්න එක පරාද වෙනවා ;)))

    ReplyDelete
    Replies
    1. ඔට්ටුවක් අල්ලමු මෙදා පාර ෆයිනල් ආවත් ලොක්ක යන්නෙ නෑ. ලොක්ක දන්නව එයා ගියපු මැච් පැරදුනාම මිනිස්සු බනිනව කියල. ලොක්ක ටීවී එකෙන් බලයි

      Delete
    2. ආර්‍යාව තමා ලොක්කාව නතර කොරොත් මිනිස්සු බැන්නා කියලා නෑ පොර යයි හැක් ;))))

      Delete
  5. අද ඉන්දීය පකිස් තරඟය,මම නං පක්කන්ගේ පැත්තෙ,ඉන්දියාව කිසිම ක්‍රීඩාශීලී ජාතියක් නෙවෙයි උන්ට කොහොම හරි දිනන්නයි ඕනෑ,සැරයක් ලංකාව ඉන්දියාවෙදි ගහපු මැච් එකක් බලන්න අපි ගියා ලංකාව ගහගෙන යනකොට බලපු උන් අපට ගැහැව්වා,ඔවුන් අපේ පැත්තට එව්වෙ දඩ ගඩොල් බාග.ඔලුව පලාගන්නෙ නැතුව එන්න ලැබිච්ච එක ලොකු දෙයක්.
    අද මම ගෙදර මැච් එක බලන්නෙ නැතුව පහළ කඩේ හයි කරලා තියෙන ලොකු ටී වී එක ළඟ ඉඳන් ඕපන් එකේ පක්කන්ට පුල් සප් එක දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව එක්ක ඕනෑම කණ්ඩායමක් ආවොත් මාත් ඒ පැත්තටයි සපෝට් කරන්නෙ.

      Delete
    2. මමත් එකඟයි මේකට. මමත් පක්කන්ට සපෝර්ට්.. හැලපේ අත්දැකලා නැද්ද පක්කෙක්ගේ ටැක්සියකට නැගලා "මම ශ්‍රී ලංකාවෙන්" කිව්වම හම්බෙන වෙල්කම් එක. ??

      Delete
    3. 96 උන් දෙගොල්ලෝ එකතු වෙලා ලංකාවට ආපු සිද්ධියේ ඉඳලා, බොහෝ වෙලාවට ඉන්දියාව සහ පකිස්තානෙ අතර මැච් වලදි මට පැත්තක් ගන්න අමාරුයි. උන් දෙගොල්ලො අතර තියන ප්‍රතිවාදිත්වය (rivalry) තමයි මගේ ආතල් එක....

      Delete
    4. Thisara ++++++++++++++

      Delete
  6. //මහින්දානන්ද වගේ මීහරකෙකුගෙ දෝශාරෝපනයට ලක්වෙලා ලෝක කුසලානයකට යන්න සිදුවීම රටේ අවාසනාවක්. කොහොමත් එක දිනුමකට පස්සෙ ඒ දිනුමේ "පිට අයිතිකාරයන්" නිසා අපේ රටට අහිමි වෙන "ඊලඟ දිනුම්" සංඛ්‍යාව අනන්තයි අප්‍රමානයි. //ඇත්තම කතාව,මෙන්න මේකට මම පට්ට ලයික්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ බැණුමට හේතුව?

      අනික මොකක්ද ඔය ඇමතිලා එක්ක තියෙන ගණුදෙණුව?

      කොහොම වුණත් ඔය හැමෝම එකයි.

      Delete
    2. ක්‍රිකට් කොන්ත්‍රාත් අත්සන් කිරීම/නොකිරීම ගැන අවුලක් කියලය් කියන්නෙ.

      Delete
  7. මම නම් ආදරය කරන්නේ ක්‍රිකට් වලට හැම ටීම් එකේම මට දිරවන උන් ඉන්නවා. ඒ වගේම දිරවන්නේ නැති උනුත් ඉන්නවා. ලොක්කගෙ වෙලාව හොඳ නිසා, අපිට කප් එක එන්නත් ඉඩ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. :-) නමුත් ආතල් එකක් එන්න නං පැත්තක් ගන්නම වෙනව. ලොක්කගෙ වෙලාව එච්චරම හොඳ නෑ.

      Delete
    2. @ රාජ්... >> ලොක්කගෙ වෙලාව එච්චරම හොඳ නෑ.<< හෙක්..හෙක්..සුභ අනාගතයක් ගැන සිහින මවන ගොඩක් අයියලට තාම ඕක තේරුම් නැහැ.
      පව් අප්පා............

      Delete
  8. හැම තරඟෙම වගේ මේ තරඟාවලියත් ඉවර වෙයි. මාත් ආසාවෙන් මැච් බලන එකෙක්. කොහොම උනත් අන්තිමට පරදින්නෙ අපි(අපි කීවෙ බලන අපි)

    ReplyDelete
  9. පිටියේ ඉන්නා විනිසුරුගේ මතය සලකා බැලීම.
    මේක කරන්නේ පිතිකරුවාගේ පාදයේ පන්දුව වදින විට කඩුල්ලට ඇති දුර ආසන්න වශයෙන් හෝ 2.5m ට වඩා වැඩි වුවහොත්.මොකද පිටියේ පන්දුවේ ඉපිලීම,දඟ කැවීම හා සුල‍ඟේ බලපෑම තවමත් කැමරා වලට මුළුමනින්ම කියන්න නොහැකි වීම.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. නමුත් මේක තේරුමක් තියනවද? අපි හිතමු අදාල තත්වයන් හරියටම හරි ගිහිල්ල විකට්ටුවට යන පන්දුවක් සහ විකට්ටුවෙන් එලියට යන පන්දුවකට දුන්න තීරණය අභියෝග කලා කියල. මොකද්ද තේරුම? මොකක්ද සාධාරණය?

      Delete
    2. රාජ්, LBW review එකකදි මුල් තීරණය සාදකයක් වෙන්නෙ බෝලෙ යන්තන් වදින බව hawk-eye වලින් පෙන්නනකොට.
      බෝලෙන් 50%කට වෑඩිය වදින්න ඕනෑ not-out තීරනයක් වෙනස් කරන්න.
      out තීරනයක් වෙනස් කරන්න නම් සම්පුර්ණයෙන් මිස් වෙන්න ඕනෑ මම හිතන්නෙ
      ක්‍රමය සෑහෙන්න සාදාරණයි ( hawk-eye technology එක නිවෑරදි නම්)

      Delete
    3. මේ ක්‍රමය තියෙන්නේ විනිසුරු හෑල්ලු කරන්න නෙවෙයි, ඔහු ගත්ත තීන්දුව නිවැරදි කරන්න. ඒ කියන්නේ ඔහු ගත්ත තීන්දු අතරින් අඩමාන ඒවා නිවැරදි කරන්න. එහෙම වුණාම තීන්දුව බාර අරන් යනවට වඩා හරි නේ. තව ඉදිරියට එනවා 4RS කියලා ක්‍රමයක්. ඒකෙදී කැමරා කොන 16ක ඉහල තාක්ෂණයේ දසුන් අරන් තුන්වෙනි විනිසුරු තීරණ ගන්නවා. ඒක අත්හදා බැලුවා ශ්‍රී ලංකා - පකිස්තාන තරගාවලියේදී. නමුත් මේවාට ඉන්දියාව හරස් වෙනවා. අර ක්‍රිකට් වල මූලික මූලධර්මය යාර 2.5 කට මෙහා කියන එකනම් තාක්ෂණයත් එක්ක වෙනස් කරන්න ඕනේ. මොකද ඇස් මට්ටමෙන් බලනකොට ඒක භාවිතා කලත්, තාක්ෂනය එක්ක ඒක ඒ තරම් වටිනා එකක් නෙවෙයි නමුත් තාක්ෂනය නැති තරග වලටත් ගලපෙන්නයි නීති සම්පාදනය කරන්නේ.

      Delete
  10. >>මහින්දානන්ද වගේ මීහරකෙකුගෙ<< වගේ නෙමේ බං ..අර්ජුනය/සනා හිටියත් ඔච්චරයි...
    බෝල මිරිකන වහලක් යට තමයි හැම දෙයක්ම වෙන්නෙ ...

    ReplyDelete
  11. කාලයක් මැච් බලන එක නවත්තල තිබිලා ආයෙත් බලන්න ගත්තෙ ආසියානු කුසලානේ අන්තිම දවස් ටිකේ....
    මොනවා උනත් අර රාලහාමි මල්ලි නම් මොලේ පාවිච්චි කරල ඔට්ටු අල්ලලා තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. මාත් තදට බලන්න ගත්‍තෙ ලඟදි

      Delete
  12. බලන්න ආසම මෑච් තමයි ඉන්දියාවෙදි ෆුල් හවුස් එකක් ඉස්සරහ ඉන්දියාව පෑරදෙන මෑච්.
    කොහොමටත් underdogs දිනන මෑචස් හොදයි. ඉන්දියාව ඉන්දියන් ක්‍රවුඩ් එක්කක් ඉස්සරහ පෑරදෙන එක තමයි හොදම.

    //ඔට්ටු ඇල්ලීම සහ සතුටින් සිටීමේ මග// -
    පකිස්තාන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනාම මෑච් එක දින්නත් දිනුම් පෑරදුනත් දිනුම් ( හෑබෑයි අහුනොවෙන්න කරන්න ඕනෑ)

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව පරදිනව නං මටත් ඊට වඩා එකක් නෑ

      Delete
  13. කොහොමද බං සෑම් 'දිනුවත් පරාදයි' වෙන්නෙ? ලංකාව දිනුවා නම් ඌ දිනුම්නේ.

    මචං DRS system එකේ අවුල ඔහොම පේන්නේ ඒක භාවිතා කරන ක්‍රමය වැරදි නිසා. ඕක අඳුන්වලා දුන්නේ හැම තීර්ණයක්ම 100% නිවැරදිව ගන්න නෙමෙයි. බලන හැම එකාටම පැහැදිලිව පේන වැරදි තීරණ හරිගස්සන්න. Inside Edge වැදිලා LBW දීම, බැට් එකේ නොවදින tip catch out දීම, හරි ඒක අනිත් පැත්ත. margin level එකේ තීරණ වලට අම්පයර්ගේ තීරණය වෙනස් නොකිරීම ඒ අනුව අවුලක් නැහැ.

    හැබැයි DRS එකේ මට වෙන අවුලක් තියනවා... ඕකේ සංකල්පය on-field umpire ගේ තීරණය වෙනස් කරන්න තරම් සාක්ෂි තියනවා නම් විතරක් වෙනස් කරනවා කියන එකනේ. ඔතනදි 'සාක්ෂි තිබීම' නම් අවුලක් නැහැ... ඒ කියන්නේ hotspot එකේ පේනවා නම් අනිවාර්යයෙන් බැට් එකේ වැදුන බව දන්නවා. නමුත් 'සාක්ෂි නොතිබීම' කියන එක ටිකක් අවුල්... hotspot එකේ පේන්නේ නැත්නම් ඒක බැට් එකේ නොවැදුනා කියලා සලකන්නේ නෑ, snicko, අරවා මේවා බලනවා. අන්න ඒ 'සාක්ෂි නොතිබීම' (lack of evidence) තීරණය කරන හැටි නම් මට ප්‍රශ්නයක්...

    ReplyDelete
    Replies
    1. ලංකාව දිනුව කියල ඌට වි‍ශේෂයක් නෑ.
      //ඕකේ සංකල්පය on-field umpire ගේ තීරණය වෙනස් කරන්න තරම් සාක්ෂි තියනවා නම් විතරක් වෙනස් කරනවා කියන එකනේ.//
      දැං පැහැදිලියි!

      Delete
  14. මගෙත් මතය DRS අනිවාර්යෙන් තියෙන්න ඔන.සෙල්ලම් කරන එවුන්ට ලැබෙන සල්ලිගැන කතාකරන වුන් හොයන්නෙ නැ මුන් මෙතෙන්ට ආවෙ මොනතරම් මහන්සියකින්ද කියල.
    ලන්කාව දිනයි කියන එක මගෙත් පැතුම.එකනිසා අරවගෙ ඔට්ටුවක් ඇල්ලන්න ඔන

    ReplyDelete
  15. ලංකාව UAE වල මාස 2ක් විතර සෙල්ලං කරලා ලංකාවට ඇවිත් දවස් දෙකකින් ආයි බංගලිදේශ් ආවා. මෙහෙත් මාස 2ක් විතට හිටියා. ඒ කියන්නේ මාස 4කින් විතර players ලා තමන්ගේ ගෙවල් වල හරියකට ඉඳලා නෑ. ආසියා කුසලානය සහ මේ කුසලානය අතර දවස් 8ක් විතර ගැප් එකක් තිබ්බා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරං තමයි කට්ටිය ලංකාවට ආවේ. ඒ නිසා ඒකෙ නම් ඒ හැටි වරදක් මං දකින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං හරි. මට ඒක කල්පනා උ‍නේම නෑ. නමුත් අර්බුදයක් හැදීම නං අවුල්

      Delete
  16. යන්තං බීසී කාලේ ඉවරයි . වර්ල්ඩ් කප් එක බලන්ඩ පුළුවන් වෙයි.
    රාජ් අල්ලමුද ඔට්ටුවක්?

    ReplyDelete
  17. මාත් මේ අහන්ට හැදුවේ? ඔට්ටුවක් අල්ලමුද රාජ්? :D

    ReplyDelete
  18. අයියෝ... ක්‍රිකට් නෙ :(

    ReplyDelete
  19. //එක දිනුමකට පස්සෙ ඒ දිනුමේ "පිට අයිතිකාරයන්" නිසා අපේ රටට අහිමි වෙන "ඊලඟ දිනුම්" සංඛ්‍යාව අනන්තයි අප්‍රමානයි. //මේක තමයි අපේ ජාතික අනන්‍යතාවය

    ReplyDelete
  20. //ගාන දාහයි. (ගල් බෝගලේට ගාන).//

    අම්මට සිරි යකෝ කොකෙක් ගිය උඩ!!!

    මේ අරාබියෙ වෙලත් නැපෝලියන් බ්‍රැන්ඩි බොතලෙත් ඔය ගාන. එහෙව් එකේ අන්තිම අසධාරණයි ගල් දහට නග්ගපු එක. හැරී බංගවේවා...!!

    ReplyDelete
  21. මම නම් ඔය කිරිකැට් සෙල්ලම ගැන මනාපයක් නෑ අෆ්ෆා.... :)

    ReplyDelete
  22. දැන් තියෙන්නේ වෙළඳපොළට අනුව කුසලාන පවත්වන ක්‍රමයක්. මොන විදියකින් හරි ඉන්දියාව සෙමි ෆයිනල් ගේනවා. එහෙම නැති වුනොත් ටී.වී. කාරයෝ බලාපොරොත්තු ආදායම එන්නේ නෑ. ඉදිර්යේදී ඔය කියන ඉන්දීය ඒකාධිකාරය නැති නොවුනොත් ක්‍රිකට් බැලිල්ල ගැන අපිට තීරණයක් ගන්න වෙනවා.

    ReplyDelete
  23. පොලිටික්කෝ ක්‍රීඩාවට ඇඟිලි ගැහීම නම් අතිශයින්ම ශෝක ජනක කාරණයක්. පොලිටික්කෝ ඉන්නෙත් ක්‍රිකට් ගැන මෙලෝ හසරක් දන්නා එවුන් නෙවෙයි ක්‍රිකට් නෙවෙයි උන් ඇට බෝල ගහන්නවත් දන්නේ නැහැ

    ReplyDelete
  24. ඉන්දියන් ටීම් එකනං මට අරහං ඕං..

    ReplyDelete
  25. ඉන්දියන් පඩයො ඇරෙන්න වෙන ඕනෑම ටීම් එකකට අපි සප් එක දෙනව..

    ReplyDelete
  26. ක්‍රිකට් ගැන උනන්දුවක් නැති උනත් පෝස්ට් එක නම් කියෙව්වා ඕං.....

    ReplyDelete
  27. යා යා මචන් ඔය අම්පයර් සෙට් එකටම එක ටොක්ක ගානේ අනින්න ඕනා උන් දෙන එක වැරදි තීරණේ ගානේ සෙද්ද. ඇරත් මුන් අපිට අවාසියටමයි ඔක්කොම දෙන්නෙත්.

    ReplyDelete
  28. මෙදා පොටේ අවසාන වටයට එන රටවල් අතර ආසියාවේ දැවැන්තයො තුන්දෙනාම ඉන්නවා...ඊට අමතරව එතනට එනවා නම් එන්නෙ එංගලන්තය හෝ නවසීලන්තය කියන රටවල් දෙකෙන් එක්කෙනෙක්...කොදෙව්වො මේ සැරේ චා...

    ReplyDelete
  29. ඇත්තටම ගල් බෝතලයක් දැන් කීයද බන්? මම අන්තිමට බිව්වේ තුන්සිය ගානට.

    ReplyDelete
  30. ඈ රාජ් මහත්තයෝ එතකොට ක්‍රිකට් ක්‍රීඩාව ගැන මෙලෝහසරක් නොදන්න අපි වගේ උන්ට අල්ලන්න ඔට්ටුවක් නැද්ද?

    මම නම් ක්‍රිකට් වලට කවදවාත් කැමති වෙලා නැත්තේ දවස් ගණන් දුරට එකම මැච් එක ගහන නිසා. මට තේරෙන්නේත් නෑනේ ඔය ක්‍රිකට් කතා. ඔන්න ෆූටි වගේ එකක් නම් යම්තමට ගොඩ දාගන්න පුළුවන්.

    ReplyDelete