Monday, March 31, 2014

මේ අවසානයේ ආරම්භයද? (මැතිවරණ ප්‍රතිපල විග්‍රහය)

දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණය අවසන්ය. ඒ, දෙපාර්ශවයටම හිමිවූ ජයග්‍රහණයන් මෙන්ම පරාජයන්ද සහිතවය. මේ ඒ පිලිබඳ සටහනකි.

ආණ්ඩුව හෙවත් මහින්ද රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ දකුණු පළාත්සභා මැතිවරණය ප්‍රකාශ කර සිදු කලේ මුට්ටිය දැමීමකි. අතීතයේ මුට්ටි දැමූයේ ගෙවල් බිඳි සොරුන්ය. එවිට අඩු තරමින් ඔලුව බේරාගත හැකිය. මෙවර ඡන්දයෙන් මුට්ටිය කුඩු නොවුනද මුට්ටියට පහරක් වැදී ඇත. ජනාධිපතිවරයාට පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මේ ඒ අවස්ථාවයි. අප බලාපොරොත්තු වූ පරිදිම මෙවර සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය යම් මට්ටමකින් අඩුවී ඇත. සන්ධාන පාක්ෂිකයන් බොහෝ දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකලා යයි උපකල්පනය කලහොත් සමස්ථ ප්‍රකාශිත ප්‍රතිශතයේ අඩු, බහුතරය එජාප පාක්ෂිකයන් වීම විය හැක්කකි. මන්ද යත් ජවිපෙ පාක්ෂිකයන් බහුතරය සාමාන්‍යයෙන් ඡන්දය ප්‍රකාශ කරන බැවිනි. උක්ත උපකල්පනය නිවැරදි වුවහොත් වඩා තීරණාත්මක ජාතික මැතිවරණයකදී ඇතිවන තත්වය ආණ්ඩුවට හිතසුව පිණිස වන්නේ නැත. දෙදහස් දහසය තෙක් ජනාධිපතිවරණයට කල්ගැනීම ඒ අනුව සිදුවිය හැක්කකි.

කෙසේ වුවත් ආණ්ඩුවට එල්ලවූ පළමු ප්‍රහාරයෙන් පාඩම් ඉගනගැනීමට මහින්ද රාජපක්ෂ තවමත් ප්‍රමාද නැත. යුද්ධයෙන් පසුව සෑම මැතිවරණයකදීම පාහේ අලෙවි කල යුධ ජයග්‍රහණය සහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ භීතිකාව මේ මැතිවරණයේදී ජනතාව නොසලකාහැර ඇත. ජිනීවා පරාජය වන්නට ඔන්න මෙන්න තිබියදී (එම පරාජය කලින්ම දැනසිටි තත්වයක් තුල) වුවද එය වැඩිපුර වාදනය කල තැටියක් නිසාදෝ ඡන්ද දායකයින්ට ප්‍රිය වී ඇති බවක් නොපෙනේ. පොදුවේ ගත්කල මෙම මැතිවරණ පසුබැස්ම තුලින් ජීවන වියදම දූෂණය නීතිය සාමය වැනි අංශ කෙරෙහි වු බලාපොරොත්තුවක සේයාවක් දක්නට ලැබීම ජනතා ජයග්‍රහණයකි. තවදුරටත් තම පැවැත්ම ආරක්ෂා කරගැනීමට නම් සුපුරුදු බයිලා වෙනුවට වෙනත් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කලයුත්තකි.

එජාපය
මෙවර එජාප ඡන්ද ප්‍රමාණය තරමක ඉහල අගයක් ගත්තද ඔවුන්ගේ දිගුකාලීන පසුබෑම එලෙසමය. දුර්වල ජනඅප්‍රිය නායකත්වයක් (නායකත්ව මණ්ඩලයක්) යටතේ සිදුවියයුතු ලෙසින්ම එය සිදුවී ඇත. විශේෂයෙන් එජාප පාක්ෂිකයන් බහුතරය වෙසෙන කොළඹදී තම ඡන්ද දායකයන් ඡන්දපොල වෙත ගෙන ඒමට ඔවුන් අසමත් වී ඇත. මගේ මතය අනුව නම් එජාපයට වැඩිවූ ඡන්ද ප්‍රතිශතයට හේතුව ජනතාවගේ දැඩි ආණ්ඩු විරෝධය නිසා මිස අනෙකක් නොවේ. රනිල් මහතාගේ සදාකාලික නායකත්වය යටතේ මීට වඩා වැඩි යමක් බලාපොරෝතු විය නොහැක.

ෆොන්සේකා
ඡන්ද (ආසන) ප්‍රමාණය පැත්තෙන් සැලකූ විට විශාලතම ජයග්‍රහණය ලබා ඇත්තේ සරත් ෆොන්සේකා මහතාය. ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ මන්ත්‍රී ආසන 12ක් ජයග්‍රහණය කිරීම සුළුපටු නොවේ. නමුත් මා පෙර දිනෙක කී ලෙසින්ම අභියෝගය එතනින් අවසන් නොවේ.

ජවිපෙ.
ප්‍ර.ප. හැරුනු විට විශාලතම සහ වැදගත්ම ජයග්‍රහනය ලබා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. පළාත් දෙකෙන් මන්ත්‍රීධූර 11ක් දිනාගැනීමට හැකි වීම පිටුපස ඇති හේතුසාධක සෑම පක්ෂයකටම පාහේ වැදගත්ය. ඉන් පළමුවැන්න නම් නායකත්වයේ වෙනසක් තුලින් මෙවැනි රටවල සිදුකල හැකි වෙනස කොපමණද යන්නයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ "සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය" ගැන කතා කරන දේශපාලන ඔස්තාර්ලාට ජවිපෙ ප්‍රතිපලය ලබාදී ඇත්තේ හොඳ පණිවුඩයකි. කණ්ඩායමක් වශයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී යයි කිවහැකි ක්‍රමයක් තුලින් තීරණ ගන්නා දේශපාලන කණ්ඩායමක් වන ජවිපෙ, නායකත්වයේ වෙනස් වීමක් යන්න බැලූ බැල්මට මහලොකු දෙයක් නොවේ. නායකත්වයේ වෙනසක් වුවද තීරණ ගනු ලැබුවේ එකම කණ්ඩායමකි. නමුත් "නායකත්වය" යන්නට ද ලංකාවේ ඡන්දයේදී යම් බරක් ඇත. ප්‍රතිපත්ති වෙනසක් නොවුවද සෝමවංශ අමරසිංහ වෙනුවට අනුර කුමාර දිසානායක ආදේශයෙන් ඔවුන් ලැබූ ජයග්‍රහණයේ රහස එයයි. අනෙක් අතට කීමෙහි බිනීමෙහි කවදත් දක්ෂයන් වන ජේවීපී කාරයන්ගේ මැතිවරණ මෙහෙයවීම ඉතාමත් ක්‍රමාණුකූල විය. කොලඹ මුඩුක්කු කැඩීම-ඔවුන්ගෙන් කෙනෙකුගේ පැහැරගැනීම- රතුපස්වල-හංවැල්ල වැනි "සැබෑ ජනතා නැගිටීම්" අවස්ථාවන් වලදී ඔවුන් සමඟ සිටීම තවත් හේතුවකි. සමාජවාදී න්‍යායන් වලින් තරමක් බැහැරවී (සුළු ධනේෂ්වර පක්ෂයක් ලෙස) මධ්‍යම පාන්තිකයන් දිනාගැනීමට මෙවර ජවිපෙ සමත් වී ඇත.

ඉතිහාසය
මේ මැතිවරණය මා දැක ඇති මැතිවරණ ඉතිහාසයේ විශේෂ එකකි. සාමාන්‍යයෙන් යම් ආණ්ඩුවක් දීර්ඝ කාලයක් බලයේ සිටින විට පරාජය කිරීම පහසු නැත. කෙසේ වුවත් පරාජය වන අවස්ථ‍ාව පැමිණි විට එසේ නොවන්නේද නැත. පක්ෂ වශයෙන් ගත්කල පවතින ආණ්ඩුව සුළු ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමත් පොදු විපක්ෂයේ ගොඩ වැඩි වීමත් එහි ලක්ෂණයකි. අනූ තුනේ දකුණු පළාත් සභා මැතිවරණයේ සිදුවූයේද මෙයයි. මෙවර ලැබී ඇත්තේද ඊට යම් තරමක් සමාන ප්‍රතිපලයකි. එම ප්‍රතිපලය තමන්ට වාසිදායක ආකාරයේ හැරවුමකට දෙපාර්ශවයටම තවමත් අවකාශ ඇත. මෙවර විපක්ෂය වෙනුවෙන් ඡන්දපොලට පැමිණියවුන් විශේෂිතය. ඔවුන් ජයග්‍රාහකයන් නොවුවද ජයග්‍රහණයේ ආරම්භකයන් ලෙස ඉතිහාසගත වීමට ඉඩ ඇත.

මැතිවරණ ප්‍රතිපල විග්‍රයන්: මාතලන්, සෑම්, w3Lanka අජිත්, අමිල චතුරංග,රැඩිකල් සටහන් යකා

46 comments:

  1. මොන විග්‍රහයක් වත් නැහැ බං.. උඹ කියන කාරණා ඇත්ත වෙන්ටැති. ඒත් අපි වගේ ගොං මොල්ලුන්ට ඕක තවත් එක චන්දයක් විතරයි..

    ReplyDelete
    Replies
    1. //ගොං මොල්ලුන්ට ඕක තවත් එක චන්දයක් විතරයි//
      ගොං මෝල්ලුන්ගෙ හැසිරීම විවිධාකාරයි. ඒ හැසිරීම් වලින් කියන්න පුළුවන් ගොනා හැරෙන්නෙ පොල් පැලේටද නැද්ද කියල. පැහැදිලි ඇති!

      Delete
    2. පැහැදිලියි ඒ උනත් මම තමයි ඒ ගොං මෝලා. හැක්. පැහැදිලි ඇතිනේ..

      Delete
  2. උඹ කමෙන්ට් වලට රිප්ලයි කරන්නෙ නැත්තෙ පොරක් නිසාද.

    ReplyDelete
    Replies
    1. ඔය එන්නෙ රිප්ලයි සට සට ගාල!
      පහුගිය ටිකේම (අවුරුද්ද මුල ඉඳලම) වැඩ ටිකක් වැඩිවුනා බං. මේ ඡන්දයක් හින්ද(සබ්ජෙක්ට් එක කලෙත් මංතුමා). ඉතිං ඉඩ තියන වෙලාවට ලියනව මිසක් වෙන දෙයක් හිතුවෙ නෑ.

      Delete
    2. ඔය හැලපේ කියන්නේ පහුගිය පෝස්ට්කටු ගැනයි.. මං බොට තර්ජනය කරා උඹ ඒක ගනං අරන් නැතිව ඇති..

      Delete
    3. දේශක යාMarch 31, 2014 at 9:03 AM
      උඹත් දැං රාජෝ උත්තර නොදි අළුතෙන් දාන්න පුරුදු වෙලා නේද?? නරක පුරුද්දක්..

      Delete
    4. ඒ තර්ජනය බැලුවෙත් දැං බං. ඇත්තමයි. මම බ්ලොගේ ඩෑෂ් බෝඩ් එකෙන් රිංගන්නෙ අලුත් එකක් දාන්න විතරයි දැං දැං.... ඉතිං පහුගිය පෝස්ට් වලට දාපු කමෙන්ටේ මිස් වෙනව වගේ.
      නමුත් දැං ටිකක් නිදහස්. ඔන්න රිප්ලයි කලා සියල්ලන්ටම

      Delete
  3. අර කුමන්ත්‍රණ තැටිය වාදනය කළා වැඩියි. ප්‍රාදේශීය සභා චන්ද වලටත් ඒක වාදනය කළානෙ. කඩුවක් වුනත් නිතර පාවිච්චි කළාම මුවහත අඩුවෙනවනෙ. ඔය දේවල් මහ චන්ද ජනාධිපතිවරණ වලට විතරක් පාවිච්චි කළා නම් ඉවරනෙ.

    ReplyDelete
    Replies
    1. දැං නං ජනාධිපතිවරණයටත් වලංගු නෑ වගේ

      Delete
  4. මගේ ආකල්පයට අනුව කාලාන්තරයක් බලයේ සිටින පාලකයන් කෙරෙහි රටක ජනතාවගේ ඇති කැමැත්ත තරමක් අඩුවීම සාමාන්‍ය දෙයක් අනෙක් කාරනාව තම ප්‍රාදේශීය පාලකයන්ගේ ඇවතුම් පැවතුම් අනුවත් ජනතාව ඡ්න්ද පොලට යෑමේ අබිප්‍රෙරනය තීරනය කෙරෙනවා තවත් කාරණයක් ගත්තොත් මිනිසුන් සිතනවා " කොහොමත් දිනනවනේ " ඉතින් ඡන්ද දැම්මත් එකයි නැතත් එකයි යන මතයත් මොකද මම එහේම කියන්නේ ප්‍රබල විපක්ෂයක් මේ කාල වකවානුව තුල දක්නට නොලැබීම හේතුව ගතානුගතිකව ලංකාවේ තිබ්බේ කොල සහ නිල් සංස්කෘතියක් අන්න ඊට අනුව විපක්ෂයෙන් දැනෙන්න පනිවිඩයක් ජනතාව අතරට ගියේ නැහැ දැන් දැන් තමයි අනෙක් උප සංස්කෘතීන් කරලියට එමින් පවතින්නේ ඉතින් රජයට අඩුවෙලා තියෙන්නේ තම පාක්ෂිකයන්ගේ ආන්තික උපයොගොගීතාව අඩුවීමේ ඡ්න්ද පදනමයි කියලයි මම කියන්නේ මෙම ලේඩේ හොඳකරගන්න රටේ පාලකයන්ට අලුත් ක්‍රමවේදයක් සෑදිමට කාලේ හරි. මාතලන්හි මාගේ කොමෙන්ටුවට අනුව ඔව් ඔබ එක්පැත්තකින් හරි මොකද නිධන්ගත කොළ පාට ඡන්ද අදටත් වැලලිලා තිබෙන්නේ මන්ද නිසි සංඥාවක් තම පක්ෂයෙන් නිකුත් නොවෙන නිසා

    ReplyDelete
    Replies
    1. රාජ්, මාතලන් මෙන්ම ඔබද අපූරුවට මෙම විග්‍රහය සිදුකර තිබේ. කෙසේ වුවද ඔබලා වැනි යමක් කමක් වැටහෙන අන්ධ විශ්වාසයන්ගෙන් තොර, සාධාරණව විවෘත මනසින් සමාජය දෙස බැලිය හැකි අය බ්ලොග් අවකාශය තුල සිටීම වාසනාවක්. එයින් යහපත් දැක්මක් සමාජගත වෙනව.

      ඇත්තම කතාව රටෙ 2/3ක්ම ආණ්ඩුවට විරුද්ධයි. 50-60% ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීමෙන්ම ඒක පැහැදිලියි. ඡන්දය පාවිච්චි නොකරන 40-50% ඡන්දය එලියට ගත්තනම් මේ ආණ්ඩුව ගෙදර ගිහින් ගොඩක් කල්.

      Delete
    2. Manosh Sandaruwan
      රාජ් කිව්වෙ මමද නැත්තං මගේ සහෝදරය RAJ ද?

      Delete
    3. ඔබ ගැනයි කීවෙ. ඇයි සහෝදරයත් රාජ්ද? නැත්නම් මට කොතනහරි ටැපලිලාද?

      Delete
    4. සාමාන්‍යයෙන් අලුත් උදවියට අපි දෙන්න ටැපලෙනව. උඹේ මුල් කමෙන්ටුව දාල තියෙන්නෙ අනිත් රාජ්ට රිප්ලයි එකක් විදියට. ඒකයි ඇහැව්වෙ

      Delete
    5. අම්මටසිරි ඔව්මනෙ. ඒ රාජ්ට නොව ඔබ රාජ්ටය!

      Delete
    6. අපොයි ඔව්වා ගනං ගන්ඩ එපා යාලු

      Delete
    7. පිස්සුද බං, කවුද ඕව ගනන් ගන්නෙ..

      Delete
  5. කොහෙත්ම නැහැ රාජ්. මේක අවසානයේ ආරම්භය නෙමේ. පොඩි සිග්නල් එකක්. බොහෝ අය මේ මැතිවර්නේදි ආන්ඩුව බය කරන්න උත්සාහ කළා විතරයි. බලන්න මහමැතිවරනෙදි බොහෝ විට ආන්ඩුව එක. මොකද ජෙප්පන් හැර අනෙක් එකෙක් ආන්ඩුව වට්ටන්න බලන්නෙ නැති නිසා. මේ ක්‍රමය තුළ ආන්ඩු බලය නැතත් තමන්ගේ බිස්නස්වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. උදාහරණ තමයි දුලාංජලීගේ ප්‍රශ්නෙදි ලොක්කා හැසිරුණු ආකාරය. මොකටද එහෙමනම් ආන්ඩු අරන්... ඒ නිසා මේ ආන්ඩුව වට්ටන්න ඕනෙ ජෙප්පන්ට ඉතරයි. ජනතාව අනේ මන්ද..........................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහසට

      Delete
  6. මෙය ආරම්භයේ අවසානයයි. :)

    ReplyDelete
  7. "අධම යුගයක අවසානයක ආරම්භය", 1993 දකුණු පළාත් සභා මැතිවරණයේ පොදු පෙරමුණේ ප්‍රධාන සටන් පාඨය වූයේ මෙයයි ඉන් වැටුනු එජාපය ට 2002 වන තෙක් මැතිවරණයක ජයක් ලැබීමට නොහැකි විය..
    නමුත් මෙවර ප්‍රථිඵලයෙන් පසු නිදහස් සන්ධානය ඉක්මණින් සමතලා කර දැමිය හැකියැයි සිතුවගොත් එහ විහිළුවකි. 1993 දී එජාප ප්‍රභලයන්ට අභියෝග කලහැකි නායකයෙක් (චන්ද්‍රිකා) පොදු පෙරමුණ සතු විය.. එහෙත් අද විපක්ෂයේ මහින්දගේ පෞරුෂත්වයට අභියෝග කලහැකි නායකයෙක් සිටීද? සරත් ෆොන්සේකාට හෝ රනිල් ට හෝ (සජිත් ආවොත් ඔහුට හෝ) අනුර කුමාරට හෝ මහින්දට අභියෝග කල හැකිවේද?
    මේ කිසිවෙකුට හෝ නොහැකිනම් කුමක් කරමුද?

    ReplyDelete
    Replies
    1. මං මාතලන්ගේ බ්ලොගයේ ලිව්වේ ද මෙයයි, එනම් අද ප්‍රතිපල එදා 1993 පලාබබා සමග සංසන්දනය කළ යුතු බවයි. එවිට මෙට අවසානයේ ආරම්බය නොවන බව තේරෙණු ඇත!

      Delete
    2. ආතල් එක කඩන්න එපා.. :D

      Delete
    3. විදානෙ
      ඒකනෙ මම "ඉඩඇත" කියල යොදාගත්තෙ. මම කියන්නෙ නෑ ආණ්ඩුව වට්ටන්න පුළුවන් කියල මේ විදියට. නමුත් කහ එලියක් තියනව මේ ප්‍රතිපලයෙ.
      තවත් එකක්, ආණ්ඩුවක් වෙනස් වෙන්න ඕන කියල මිනිස්සුන්ට හිතෙන්න ගත්තම නායකත්වයක් එතෙන්ට එනව. ඕව නිසි විදියට ප්ලෑන් කරල සිදුවෙන දේවල් නෙවේ. නිකංම සිදුධවෙනව.

      Delete
  8. දැන් ඉතින් ආණ්ඩුව සහ විපක්ෂයේ පක්ෂ තම තමන්ගේ පම්පෝරි කියවමින් ඊළඟ මැතිවරණය කරා බඩගානු ඇති.

    ReplyDelete
  9. රාජ්, මේ ඡන්දෙ ප්‍රතිඵලය ආන්ඩුවට ඇත්ටම ටොක්කක්ද කියල ආයි බලමු.

    මේ මම election.lk සයිට් එකෙන ගත්තු ෆිගර්ස්.

    2010 සන්ධානෙ කොළඹින් ගත්ත 1,384,208ක්
    2014 ගන්නෙ 1,363,675

    එතකොට සමස්ථය 20,533 අඩුවක්. ඒක මහ චන්දෙකදි අනික් පැත්ත ගහගන්න ලොක්කට තාම පුලුවන්.


    දකුණෙ තත්වෙ බලමු.

    2010 සන්ධානෙ 694,052යි.
    2014 ගන්නව 699,408

    ඒ කියන්නෙ පන්දස් තුන්සීයක් වැඩිවෙලා. හිතාගන්න අමාරුයි ඇයි ඒ කියල!

    බලමු විපක්ෂය ( අලි පන්දම් සීනු එකතුකරමු පහසුවට )

    2010 දි කොළඹ - 963,021
    2014 දි කොළඹ - 1,039,657

    ඒ කියන්නෙ සෑහෙන දියුණුවක්. 76,636 ක වැඩි වීමක්. මේ ආන්ඩුවෙන් ගත්තු පන්දහට වඩා, නින්දෙන් නැගිටල ආපු චන්ද දායකයො.

    දකුණෙ විපක්ෂෙ තත්වෙ බලමු.

    2010 ගත්ත - 539,556
    2014 ගන්නව - 494,995

    එතකොට -44,561 අඩුවෙලා.

    එතකොට බැලූ බැල්මට දකුනෙ වැටුන කිව්ව ආන්ඩුව නෙමෙයි ඇත්තටම වැටිල තීන්නෙ විපක්ෂෙ.

    දැන් ඔන්න කවුරු හරි ලොක්කට ඔය විදියට ඇනලයිස් කරල දුන්නම, හෙට ඉඳන් ආය අපිට අරිනව අර රයිගම් කිව්ව "ඕවර්වෙල්ම්ඩ් මැජෝරිටි" එකේ පවර් එක අරගෙන.

    ඒ හින්ද කලබල වෙන්න එපා මේක අවසානයක ආරම්භය කියල.




    ReplyDelete
    Replies
    1. 2010 බස්නාහිර
      ආණ්ඩුව................1,506,115.............64.73.........68
      විපක්ෂය................... 805995........... 34.63 .........36

      2010 දකුණ
      ආන්ඩුව ..................804,071..............67.88.........38*
      විපක්ෂය...................369559..............31.20........17

      2014 බස්නාහිර
      ආණ්ඩුව................ 1,363,675 ..............53.35 % ....56*
      විපක්ෂය.................1155663.............. 26.59 %..... 48

      2014 දකුණ
      ආණ්ඩුව.................. 699,408 ...............58.06 % .....33*
      විපක්ෂය..................494995...............41.09 %. .....21

      වෙනස
      බස්නාහිර
      ආණ්ඩුව.....................(-142440)
      විපක්ෂය....................(+349668)

      දකුණ
      ආණ්ඩුව.....................(-104663)
      විපක්ෂය....................(+125436)
      (මේ ගණනයන් සිදුකලේ මැතිවරණ දෙපාර්තමේන්තුවෙ වෙබ් අඩවියෙන් ගත්ත ප්‍රතිපල වලින්. උඹ අරගෙන තියෙන්නෙ මොකද්දෝ තැනකින්, විපක්ෂයේ ගනන් ගත්තෙ ආසන හිමිවුන පක්ෂ විතරක් සලකල)
      රයිට්! ප්‍රතිශතයන් අත්හැරල දාල ගනන් හැදුවත් 2009-2014 වෙනස අනුව ආණ්ඩුවට ලක්ෂ දෙකකට වැඩිය අහිමි වෙලා තියෙන්නෙ පළාත් දෙකෙන්.
      විපක්ෂයට පළාත් දෙකෙන් ලක්ෂ තුනකුත් ගනනක් වැඩිවෙලා තියෙන්නෙ.
      (මතක තියාගන්න ආසන ලැබෙන්නෙ ප්‍රතිශතය අනුව. මෙච්චර වැල්වටාරම් ගැහුවෙ උඹ දත්ත වගයක් දීපු නිසා)

      Delete
    2. රාජ්,

      ////20010 බස්නාහිර ආණ්ඩුව................1,506,115//

      බීලද ඉන්නෙ දවල්?

      මෙන්න ලින්ක් කොළඹ - 2010

      Kalutara
      http://www.slelections.gov.lk/parliamentary_elections/03Z.html

      United People's Freedom Alliance 313,836 63.68%
      United National Party 139,596 28.32%
      Democratic National Alliance 36,722 7.45%


      Colombo
      http://www.slelections.gov.lk/parliamentary_elections/01Z.html


      United People's Freedom Alliance 480,896 - 51.19%
      United National Party 339,750 36.17%
      Democratic National Alliance 110,683 11.78%

      Gampaha

      http://www.slelections.gov.lk/parliamentary_elections/02Z.html

      United People's Freedom Alliance 589,476 63.37%
      United National Party 266,523 28.65%
      Democratic National Alliance 69,747 7.50%

      අනික්වත් එහෙමම තමා, ඒ නිසා වෙරි බැස්සම ආයි ගිහින් එකතු කරල බලහන් :D

      Delete
    3. හෝව් හෝව්...... 2010 නෙවේ 2009 වෙන්න ඕන. මම සන්සන්දනය කලේ 2009 පළාත් සභාව එක්ක. වෙරි වීමක් නෑ. මම හිතුවෙ උඹ කියන්නෙ පළාත් සභාව ගැන කියල

      Delete
  10. Expiry Date ලං වී ඇති බව පෙනෙන්නට තිබේ..

    ReplyDelete
  11. ඡන්දයෙන් ආතල් එකක් ගන්නා සැමටම ආතල් එකක් ගැනීමට අවස්ථාව ප්‍රථිපල තුල ඇත. මන්ද වෙනදා මෙන් කින්ඩි දැමිලි නැත. හැම එකාම තම ජයග්‍රහණය ගැන උදම් වෙයි. එයම ප්‍රීතියට කරුණක් නොවේද...? ඔක්කෝම දිණුම්.. එතකොට කව්ද පැරදුනේ....???????????

    කව් ද......? :)

    ReplyDelete
    Replies
    1. ජී ඇල් කිව්වනේ ජිනීවා වලත් අපි පැරදුණේ නෑ කියලා... යෝජනා වලට පක්ෂව ඡන්ද 23 වැටුණා. විපක්ෂව වැටුනු 12, ඡන්දෙ නොදීපු 12 එකතු කලාම, 24 දෙනෙක් යෝජනා වලට "පක්ෂ නැහැ". එතනත් අපි දිනුම්... ඇත්තටම ඕයි, කවුද පැරදුනේ?

      Delete
    2. ඇත්තටම මොකද්ද උනේ කියල තමයි මේකෙ ලියල තියෙන්නෙ. ජීඇල්ගෙ තර්කය මීට කලින් මැතිවරණයට පස්සෙ ගෙනාවෙ තිස්ස අත්තනායට. ඒවට හිනාවෙච්ච ජීඑල් ලාට එජා සංවිධානෙදි ලැබුනු පරාජය වහගන්නත් තමුන් අර කලින් අවඥාවෙන් බැහැර කල තර්කය ගෙනඑන්න සිද්ධවීම කොච්චර නං සරදමක්ද!

      Delete
  12. සරත් ෆොන්සේකාගෙ ගමන නම් බලාගෙන ඉන්න වටිනවා.. මොකද තාම දන්නෙ නැහැනේ කොයි අතට යයිද කියලා. ඒ ඇරුණහම, ජේවීපියට නැවත ඡන්ද ටිකක් වැඩිවීම හොඳයි. හැබැයි මදි... රටේ ප්‍රධාන විපක්ෂය මෙච්චර අක්‍රීය තත්වයක තියෙද්දි, ජේවීපියට ඒ ඡන්ද ලබාගන්න බැහැයි කියන කාරණේ ගැන උන්ට තව හිතන්න වෙනවා.

    යූඇන්පියට නම් මේ තත්වය යටතේ ඡන්ද වැඩි නොවීම හොඳයි... මොකද උනුයි ආණ්ඩුවෙ එවුනුයි මහ ලොකු වෙනසක් නැහැ... හොරකම, මැරකම් එකෙක් නවත්තපු තැන ඉඳලා අනිකා පටන් ගන්න එක විතරයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //යූඇන්පියට නම් මේ තත්වය යටතේ ඡන්ද වැඩි නොවීම හොඳයි... මොකද උනුයි ආණ්ඩුවෙ එවුනුයි මහ ලොකු වෙනසක් නැහැ...//

      රනිල් ගෙ මූල්‍ය විනයයි යහපාලනයයි දෙක නම් මරාට වඩා කොලිටි එකක් තිබුනා. ඒ ඇරුනම ඉතුරු ටික නම් අපේ බදු වලින් කන්න මිසක් වෙන කිසි දෙයක් කර ගන්න පුලුවන් උන් නෙවෙයි. මේ ආණ්ඩුව පාරවල් වලින් ගහ ගන්නවා කිව්වට උන් අඩු ගානෙ කොලඹ පාරක් වන් වේ කරල ට්‍රැෆික් එකක් අඩු කරන තරමෙ වත් ඉෆෙක්ටිව් වැඩක් කරන්න බැරි වුනු උන් බිස්නස් කාරයන්ට බයේ.

      දැනුත් වෙන කියන්න කිසි දෙයක් නැහැ නෙ "මුන් දැන් කෑවා ඒක නිසා අපිට දෙන්න" කියන මන්තරේ ඇරෙන්න.

      Delete
  13. මං හිතන්නෙ මෙහෙමයි...
    ලොක්කා සේම අලි ලොක්කාද පාඩමක් ඉගෙන ගන්නේ නැත... හේතුව නම් බලය ඇති විටමොලය නැති කමය....
    පොන්සේකාට කතිරය ගහනවා යනු විහින් වල කපා ගැනීමකි... අපේ ගොන් වාහේලාට ඒක නොත්ර්... අපි බුවා ගැන හොදින්ම දන්නෙමු... මාව අන්සුවර් නං අර විචාරක ගොය්යගෙන් අහල බලන්න...
    ජෙප්පං නං ටිකක් නැග්ගේය... හැබැයි ඒ අනික් අය බලාපොරොත්තු වුණ තරමට නොවේය...ඒ කොලිටිය වත් ආරස්සා කර ගත්තොත් අනාගතයක් ඇති බව සුවර්ය

    ReplyDelete
    Replies
    1. පොන්සේකාට කතිරය ගහනවා යනු විහින් වල කපා ගැනීමකි//
      පැහැදිලි කිරීමක් කලා නං ලේසියි

      Delete
  14. මේ පළාත් සභාවන්ට පත් වුණ බහුතරය ඒවාට බලය එපාය; තියෙන ටිකත් ගන්නය කියන උන් ය. ඉලක්කම් වලට එහායින් ඇති ඒ ඇත්ත ගැන හිතා බැලුවාම ඇත්තට කව්ද දිනුවේ කියන එක පට්ට ම පට්ට ප්‍රශ්නයකි !

    ReplyDelete
    Replies
    1. ඒක නං හරි! නමුත් ඔය හැමෝම ඕකට කැමතියි. නමුත් කියන්න අකමැතියි

      Delete
    2. රාජ්, මම අදහස් කළේ පෞද්ගලික ව මැති-ඇමතිවරු අත්-පත් කරගන්න බලය ගැන ම නොවෙයි. ඒකට ඒ ඇත්තෝ කැමතියි විතරක් නොවෙයි; ඒ ගැන කියන්න එළිපිට කියන්නත් විළිලැජ්ජාවකුත් නෑ මට දැනෙන හැටියට. නමුක් ප්‍රශ්නය තියෙන්නේ ඵළාත් සභාවට පත් වේච්ච උන් ඒකීය ක්‍රමයට මාරාන්තික විදියට පක්ෂ උන්. මේක හරියට සර්වජන ඡන්ද බලය එපා කියපු ඩී. ඇස්.ලව ඕ ඡන්දෙන් ම බලයට එන්න පුළුවන් වුණා වගේ ප්‍රශ්නයක්.

      Delete
  15. Machan Puluvnm Ma Wigets aka oyge blog akata dagana .apita help akk danna. oyaga blog aka ape syndi ak tiynva http://blog.lankablogs.com/2014/03/lanka-blogs_30.html

    ඔයාගේ බ්ලොග් එක Blogger නම් පහත Link එක ඔබලා පහසුවෙන් Lanka Blogs ගැජට් එක බ්ලොග් එකට දාගන්න පුලුවන්.

    http://www.blogger.com/add-widget?widget.title=&widget.content=%3Cdiv%3E%3Clink%20href=%22http://lankablogs.com/lbgadget2/style.css%22%20rel=%22stylesheet%22%20/%3E%3Cdiv%20id=%22blogreader%22%3E%3Ciframe%20src=%22http://lankablogs.com/lbgadget2/lbgadget2.html%22%20height=%2227%22%20width=%22400%22%20frameborder=%220%22%20scrolling=%22no%22%3E%3C/iframe%3E%3C/div%3E%3C/div%3E

    ReplyDelete
  16. //මෙවර විපක්ෂය වෙනුවෙන් ඡන්දපොලට පැමිණියවුන් විශේෂිතය. ඔවුන් ජයග්‍රාහකයන් නොවුවද ජයග්‍රහණයේ ආරම්භකයන් ලෙස ඉතිහාසගත වීමට ඉඩ ඇත.//යකඩෝ දන්නෙම නැතිව ඉතිහාසගත වෙන්නත් අවස්ථාවක් ඇවිල්ලා නේ...:D

    ReplyDelete
  17. ප්‍රතිඵලය ඔබ කියනවා වගේ මුට්ටිය ලෙස ගත හැක. පළාත් සභා සුදු අලියෙක්මැයි. මට පුදුම දිස්ත්‍රික් සභාවක් නැති එක. තිබුණා නම් තව සෙට් එකකට පඩි-නඩි, යාන වාහන වලට වියදම් කරන්න තිබුණානේ.

    ReplyDelete