Saturday, March 29, 2014

දකුණෙ ඔහේලටයි බස්නාහිර ඔයාලටයි......



ඔහේලගෙයි ඔයාලගෙයි ඡන්දෙ අදයි!
ඔයාල අපි තමයි ඉතිහා‍සයෙ රජවරු දනගැස්සුවෙ,
ඒකාධිපති පාලන අවසන් කලේ,
මේ පාරත් පුළුවන්,
ඔහේලයි ඔයාලයි කැමති නං විතරක්!
කොහොම උනත්,
ඔයාලගෙ ඔහේලගෙ පාට වෙනස් කරන්න අපිට බැරිවෙයි!
කමක් නෑ මනාපෙ දෙන්න!
මීට කලින් ඔහේල ඔයාල,
දීපු මනාප ගැන කියන්න ලැජ්ජ හිතුන වෙලාවල් තිබුන නේද?
ලැජ්ජා වෙන්න නං ආයෙත් දෙන්න එපා!
අඩුගානෙ අපි දුන්නෙ අහවලාට කියල කියන්න පුළුවන් එකෙකුට දෙන්න.
ඒත් මදැයි මේ යන විදියට......

32 comments:

  1. රාජ්.....මටත් මේක හිතුන දෙයක්...ඔපක්ශ වලට චන්දෙ දෙනවා වෙනුවට පුද්ගලයට දෙන්න කියන එක.....ඕක ගැන මම ලිව්ව රතුපස්වල සිද්ධියෙදි....කොන්දක් තියෙන මිනිස්සු වෙනුවෙන් කථා කරන මිනිස්සු...එහෙම එවුන් අඩුයි තමයි...ඉන්න ටිකෙන්වත් හොයල බලලා සාපෙක්ශ හොද කෙනෙක්ට......

    ReplyDelete
  2. අපේ ඡන්ද දායකයන්ගෙ කෙරුවාව බලමුකො අද.

    ඡන්ද පෙට්ටිවල රූපමය අවවාද දැම්මනම් හරි. දාන්නෝනි හොරුන්ගෙ, තක්කඩින්ගෙ, මැරයන්ගෙ, කුඩුකාරයන්ගෙ, දූෂකයින්ගෙ රූප ඡන්ද පෙට්ටිවල 75%ක්.

    ReplyDelete
  3. ඡන්ද දායකයන්ට පාට වෙනස් කරන්න හරිම අමාරු උනාට, ඡන්දෙ ඉල්ලන අයට නං ඒක කිසි හිරිකිතයක් නැතුව කරන්න පුළුවං.

    ReplyDelete
  4. දීපල්ලකෝ චන්දේ මෙච්චරකල් දිනපු නැති එකෙකුට, එතකොට සැකයේ වාසිය හරි තියෙනවානේ!

    ReplyDelete
    Replies
    1. ඔක කලිං මං කීව... මාතලංගෙ පෝසුටුවකදි... එතකොට ඔක්කම අය කීවෙ ....
      වැඩක් නෑ බං... ඔක්කම හොරු නෙ කියල..
      ඒකෙන් තේරෙනවනෙ අපේ අය ගැන... අඩු ගානෙ ට්‍රයි එකක් වත් දීල බලන්න කැමති නෑ...

      Delete
    2. තුන්වෙනි පාර්ශවේ ගැන හිතුවොත් නරකද ටිකක්?

      Delete
    3. Australian citizenship තියෙනවුන් මෙහෙ ඡන්ද ගැන කථ‍කෙරන්නේ අහවල් රෙද්දටද?

      Delete
  5. //අඩුගානෙ අපි දුන්නෙ අහවලාට කියල කියන්න පුළුවන් එකෙකුට දෙන්න.//
    අන්න එහෙම කෙනෙක් හොයාගන්න ඕන හවස් වෙන්න කලින් ගිහින් දීලා එන්න. නැත්නම් ගිහින් ලොකු කතිරයක් කොලේ පිරෙන්න ගහලා එනවා.

    ReplyDelete
  6. //ලැජ්ජා වෙන්න නං ආයෙත් දෙන්න එපා!//
    එහෙමනං ඉතිං චන්දෙ කටුගාන්න වෙයි වගේ...

    ReplyDelete
  7. එක අනාවැකියක් දැනටම හරිය..
    සීණුව ගසා ලාල් කාන්තට මනාපය දී පැමිණියෙමු...

    ReplyDelete
    Replies
    1. මොන අනාවැකියද හරි? රජ්ජුරුවො ඊයෙ දුන්නද ඇට්ටි හැලෙන්න ටෝකක්?

      Delete
    2. එළම එළ කිරිය. ජය වේවාය!

      Delete
    3. ඡන්දේ දාන ප්‍රතිශතය අඩු වීම....

      ටෝකක් නොදිම පුදුමයට මෙන්ම සතුටට කාරණයක්. හැබයි ඒකට රනිල් ඇද්ද කොක්කත් ඉවහල් උනා..

      Delete
  8. ඔන්න ඔහේ හැමෝන්ටම දීලා දැම්මා
    http://alt-plus-f4.blogspot.com/2014/03/blog-post_29.html

    ReplyDelete
  9. මමනම්, ඉන්දියාව අනුගමනය කළා..

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ එහෙම කරේ..

      Delete
    2. අරූ, මට තේරෙන දේශපාලනේට අනුව මේ උලව් පලාත් සභා කියන්නේ අපේ සල්ලි කන කිසිම වැඩකට නැති සද්ධන්ත ධවළ හස්තියෙක්.. අපිට වැඩක් කෙරුනනම් එක්කෝ මධ්‍යම ආණ්ඩුවෙන්, නැත්නම් පළාත් පාලන ආයතන වලින් විතරයි. ධවළ හස්තියාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හොඳම විදිහ තමා මේක. ඕක බහුතරයකට වැටහුන දාට ඔය ධවළ හස්තියා හාන්සි. අනිත් එක බන් මේ වර්ග කි.මි. 65000 ට මොන පළාත් සභාද ?

      Delete
    3. පලාත් සභා පිලිබඳව මම උඹේ මතයට එකඟයි. නමුත් උඹ හිතනවාද මේ පාලකයෝ...පාවිච්චි නොකල ඡන්ද ප්‍රතිශතය හිතලා පලාත් සභා අහෝසි කරයි කියලා.

      Delete
    4. එහෙමම නෑ. මිනිස්සුන්ගේ උනන්දුව අඩු වුනොත් ඒ ගැන හිතන්න පෙලබෙයි කියලා හිතනවා. හැබැයි පළාත් සභා පර්ලිමේන්තුවේ ප්‍රී-ස්කූල් එක වෙලා තියන නිසා එහෙම නොවෙන්නත් පුළුවන් තමා..

      Delete
    5. සෙන්නගේ කතාවට එකඟයි. ඒ වුනාට චන්දයක ප්‍රතිඵල රටේ දේශපාලන ස්ථාවර/අස්ථාවර භාවය තීන්දු කරන මිනුම් දණ්ඩක් නිසා, චන්දදයකයෝ චන්දය පාවිච්චි කරනවා. එහෙම කරන්න නම් ජවිපෙ වගේ පක්ෂයක් ඒකට මුල පුරන්න ඕනේ. එහෙම වුනා නම් අපිත් සහයෝගය දෙනවා.

      Delete
  10. අද සෑ තමයි සෑ කිව්වාලු....

    දන්නා කියනා කිහිප දෙනෙකුට කතා කලා...වෙනස් වෙනස් මත දරනා අය. මේක මගේ පුංචි සමීක්ශනය..

    කතා කරපු ගණන....10 (මාතර 5+ කඩුවෙල 5)
    ඡන්දය භාවිතා කලා යැයි කියූ ආකාරය:
    පො.පෙ....3
    ජවිපෙ...4
    යු.ඇන්.පී..2
    ෆොනි...1

    ජවිපෙට ඡන්දය පාවිච්චි කරපු හතර දෙනාගෙන් දෙදෙනෙකු ගියවර ආණ්ඩුවට කැම්පේන් කරපු දෙන්නෙක්.
    මටත් පිස්සු බන්..උදේ පාන්දරම නැගිටගෙන අතින් කයිට් ලංකාවට කෝල්ස් ගන්නවා. වයිෆුත් බනිනවා නිදාගන්නත් නැහැ පිස්සුද කියලා.

    ReplyDelete
    Replies
    1. නිදා ..ගං ,,, මචෝ... හෙට උදේ... හැමදාම එක වගේ...

      Delete
  11. බලමු කට්ටිය මොලේ පාවිච්චි කරලා තියෙයිද කියල....

    ReplyDelete
  12. මට කිසිම දවසක ලංකාවේ චන්දයක් තිබිලා නෑ. (කොහොමත් චන්ද ලිස්ට් එකකටවත් මාව දාන්න බෑ කීවලු.)
    මම එක එක කාලවලදි එක එක්කෙනා ගැන බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවා. ග්‍රවුන්ඩ් සපෝර්ට් කලා. (මේ පෝස්ටර් ගහලා, ෆේස්බුකේ දේශපාලනය කරලා, බ්ලොග් ලියලා හෙම නෙමෙයි.) ඒත් මට දැන් ලංකාවේ මැතිවරණය තියෙන එකේ කිසිම තේරුමක් තියෙනවද කියලාවත් හිතෙන්නේ නෑ.
    ඒත් දැන් මට කලින් වගේ බලාපොරොත්තුවක්වත් නෑ.
    මම චන්දේ නොදුන්නටත් වඩා මට චන්දයක් නැති හින්දා මට දුකකුත් නෑ.

    ReplyDelete
  13. මිනිස්සු වෙනස් වෙන්නෙත් නැ.වෙනස්වෙන්න ඔනකමකුත් නැ.

    ReplyDelete
  14. ඡන්දෙන් පස්සෙ මේ ටික කොටන්නෙ...ඡන්දෙ දීපු උන් දිනුම්ද රාජ් ?

    ReplyDelete
  15. මේකයි ඔහේලා තාම සුදානං නෑ.. සත්තිමත් නොවු අතකට සත්තියක් වෙන්න.. (විහින් තවත් අමාරුවේ වැටෙන්නයැ)

    ReplyDelete
  16. කල් පහු වෙලා මේ පෝස්ටුව කියවනකොට

    ReplyDelete
  17. මම ඡන්දේ දුන්න දෙන්නෙක් දිනුම් එක් අයෙක් බස්නාහිර පලාතෙන්ම වැඩි ඡන්ද ලබන්නට වාසනාවන්ත වී ඇත අපි සියනැකොරලේනව ඉතින්

    ReplyDelete
  18. කියූ පරිදි ජවිපෙට දුනිමි.ශක්තිමත් විපක්ෂයක් උදෙසා.

    ReplyDelete