Monday, April 21, 2014

හම්බන්තොට මත්තල අවුරුදු උස්සවේ සහ ලංකාවෙ පොලීසි තුන

අයිබෝවං! සුභ අලුත් අවුරුද්දක් වේවා! අවුරුද්දෙන් පස්සෙ පටන්ගන්නෙ මේ බ්ලොග් ලිවිල්ලෙ හතරවෙනි අවුරුද්ද.
පහුගිය දවස්වල අවුරුදු උස්සව ඕන තරම් තිබුන. බ්ලොග්කරුවන්ගෙත් උස්සවයක් තිබුනලු. අවුරුදු ක්‍රීඩාත් ඒ වගේ. මෙදා සැරේ අවුරුද්දට තිබුන හොඳම උස්සවේ තමයි හම්බන්තොට-මත්තල ඒකාබද්ධ අවුරුදු උස්සවය සහ ඒ ආශ්‍රිත අයිටම් ටික. එයිනුත් මගේ හිතට ඇල්ලුවෙ අපේ පොලිස් මාජ්ජ ප්‍රකාශක අජිත් රෝහණ නීතීඥ අජිත් රෝහණ මහත්තයගෙ අයිටම් එක. අම්මප අන්න වැඩ!

ඔය නීතීඥ අජිත් රෝහණ මහත්තය පහුගිය දකුණු බස්නාහිර ඡන්දෙට කලින් අපූරු කතාවක් කිව්ව. මෙන්න මෙහෙම,

"පොලීසියට අත තියන්න ලැහැස්ති වෙන්න එපා.... අපි තදින් නීතිය ක්‍රියාත්මක කරනව.... කාගෙවත් තරාතිරම බලන්නෙ නෑ....." බලන්න එපැයි උන්නැහේ එහෙම කිව්ව අපූරුව. යටි තොල අඹරවල කට බර කරල බොහෝම ගාමිභීර විදියටයි කිව්වෙ. ඒ මදිවට අර මාතරින් තරග කල හිටපු රණවිරුවගෙ කෙරුවාවට එයා ඇතුලට දාලයි පස්ස බැලුවෙ. ඒ විතරක්ද අර මංකොල්ලයකට සැකපිට අත් අඩංගුවට ගත්ත යූඇන්පී අපේක්ෂකය (එයා දැන් මන්ත්‍රී) උසාවි දාන්නත් කලින් තීන්දුව දුන්නෙ. එහෙම බැලුවම නඩුකාරයටත් ඩිංගිත්තක් උඩිං එයා ඉන්නෙ.

මං හිතුවෙ මෙදාපාර නං එරාජ් විතරක් නෙවේ එයාට උපදෙස් දුන්න වලව්වෙ බේබිත් ඇතුලට දාලයි පස්ස බලන්නෙ කියල. නමුත් වැඩේ කියන්නෙ සිද්ධියෙන් පස්සෙ අජිත් රෝහණ මහත්තයගෙ කියුං කෙරුං අර මුලින් කිව්ව ආකාරයට අංශක එකසිය අසූවක් වෙනස් වීම. උන්නැහේ කියන විදියට මන්ත්‍රී කෙනෙක් යම් ගමනක් යනව නං පොලීසියට දන්නල යන්න ඕන. නැත්තං අාරක්ෂාව ගැන වගකියන්න බෑ. මේක ඉස්සර අපි කරපු හොරා පොලිස් සෙල්ලම වගේ. අපි හොරා පොලිස් කරද්දි දුවල දුවල දෙගොල්ලටම හති වැටුනම පොඩි විවෙික කාලයක් ගන්නව. ඒ කාලෙදි පොලිසිය පැනල හොරු අල්ලන්නෙ නෑ. දෙගොල්ලම මහන්සි ඇරගත්තම තමයි ආයෙත් ක්‍රීඩාව පටං ගන්නෙ. මේකත් ඒ වගේ කේස් එකක් තමයි. ගැහුවත් කරන්න දෙයක් නෑ. මන්ත්‍රීවරු කලින් කියන්න එපැයි!

පහුගිය සිද්ධීන් බැලුවම අපිට එන්න පුළුවන් නිගමනය මේකයි. ලංකාවේ තියනව පොලීසි තුනක්.
පලවෙනි එක තමයි ආණ්ඩුවෙ පොලිසිය. ආණ්ඩුවට අවුලක් වෙන්නෙ නැත්තං ඕන කෙනෙකුට ඕන කෙනෙක් ඕන දෙයක් කලාම අපි‍ට මොකෝ කියල ඉන්නෙ අන්න ඒ උදවිය. අජිත් රෝහණ මහත්තය, චූදිතය වැරදිකරුව කියල ප්‍රකාශ කරන උදවිය ඉන්නෙත් ඒ පොලිසිය.

දෙවනි පොලිසිය තමයි පොලිසියෙ පොලිසිය. ඒ කියන්නෙ පොලිස් කාරයෙකුට කවුරුහරි අත තිවුවොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම (ඒ පුද්ගලයට දේශපාලන බලයක් නැත්තං, තියනව නං වැඩේ අල්ලල දානව). පහුගිය කාලෙ පොලීසියට උඩින් ගිය ගොක්කොල සිරී වගේ මැරයන්ට උන දේ මතක නැතෑ.

තුන්වෙනි පොලීසිය තමයි අපේ, ජනතාවගෙ පොලීසිය. අපි ඔය පාරෙදි දකින ට්‍රැෆික් රාලහාමිල, බස් එකේ සල්ලි නොදී උදේ හවස වැඩට යන පොලිසියෙ මහත්තුරු, අපේ පැමිණිල්ලක් විභාග කරන, අරක්කු බොන, බුලත් කන, පගා ගන්න, බනින, ගහන අපි වගේම මිනිස්සු.

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල්ගෙඩි කියන්නෙ ඔන්න ඕකයි.

49 comments:

  1. තුන් වෙනි පොලෝසියට වැඩිය හැම පොලෝසියක්ම හොදයි. මොකද අන්තිමට මෝඩයා වෙන්නේ ඔය තුන් වෙනි කස්ටිය නේ..


    රාජ් ඇතුලු පව්ලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
    Replies
    1. හතර වැනි එකට සුභ පතන්න අමතක උනා නේ.. අපේ ඉසව්වේ කරක් ගහන කොට තමා ඒ ගැන සුභ පැතුවේ නෑ කියල මතක් උනේ.. ජය වේවා රාජ්...

      Delete
    2. ආ....... බොලා වැඩ පට්ටාංං ගත්තද?

      Delete
  2. එතකොට පොලීසිය කියල කියන්නෙ මොකක්ද?

    රාජ්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  3. ඉස්සෙලම කියන්න ඕන සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    පොලිසියයි, දෙස්පාලුවෝයි ඔක්කොම එකයි බන්

    ReplyDelete
  4. ඔහොම පොලිස්කාරයෝ හොදයි පොල් පිත්තෙන් කපා ගන්න.දැන් එතකොට පොලිසියට නිතිය ක්‍රියාත්මක කරන්නනම් පොලිසිය දැනුවත් කරලා තියෙන්නේ ඕනේ නැතිනම් වැඩක් නැහැ.උන්ටම ගිය රට.

    ReplyDelete
    Replies
    1. පොලිස් පොඩ්ඩෝ පව් බන්....උන් මොනවා කරන්නද? මාසේ අන්තිමට පඩිය එනකම් වැඩ කරනවා. උන් ගිරේට අහුවෙච්ච පුවක්.

      Delete
    2. //පොලිස් පොඩ්ඩෝ පව්//එතකොට නීතියක්,සාධාරණයක් නැති රටක ජිවත් වෙන්න වෙලා තියෙන අපි පව් නැතිද අරූයියා

      Delete
    3. මේකයි මනෝ....ඔය රාළාහාමිලත් අපි උඹලා වගේ මිනිස්සු. ඒ කිසිම කෙනෙකුට ඉහළින් දෙන නියෝගවලින් පිට පනින්න බැහැනේ. වෙනත් තීරණයක් ගත්තොත් ජීවිතය පවා නැතිකරයි. රාජ්‍ය සේවය තුලත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරොත් ඒ ආනිසංසෙම තමයි. ඒක අමාත්‍යාංශ ලේකම්ලාටත් පොදුයි දැන්නම්. මේවාට විසඳුම තියෙන්නේ රජගෙදර.

      Delete
    4. එක ඇත්ත අරූයියා,දැන් රටේ නිතිය තමයි ජනධිපතිට හිතෙන දේ.දැන් ඔය නගරාධිපති කියන්නේ පක්ෂය එයා කාලේ වරදක් කියලා කිව්වොත් තනතුරෙන් අයින් වෙනවා කියලා.එතකොට ඒ යකා නොකියා කියනවා ඇත්තේ නිදහස් පක්‍ෂය තමයි රටේ නිතිය පාලනය කරනවා කියන එක තමයි.

      මතකද අර මර්වින් සමෘද්ධි නිලධාරියා ගස්බැදපු සිද්ධිය.එකෙන් මර්විය නිදහස් උනේ පක්‍ෂයේ විනය කමිටුවෙන් ඌ නිර්දෝෂී කියලා තීරණය කරපු නිසා.එතකොට රටේ සිවිල් නිතියටත් උඩින් තමයි තියෙන්නේ උන්ගේ පක්ෂයේ තීරණ.

      Delete
    5. බෑ කියල දන්නව. මගේ අවුල බැරි නං බැරි විදියට හිටුකො ටෝක් වපුරන්නෙ නැතුව

      Delete
  5. පවතින තත්ත්වයන් හමුවේ පොලීසියට දේශපාලන බලාධිකාරිය ඉක්මවා යන්න බෑනෙ. ඔවුන් නිකන් බළල් අත් සහ රූකඩ විතරයි. ඉතින් ඔවුන්ට දොස් කියලා පලක් නෑ මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. උඩ උත්තරේම තමයි දෙන්න තියෙන්නෙ.

      Delete
  6. මම හිතාගෙන උන්නේ පොලීසීයේ තියෙන්නේ. අපරාධ අන්සෙ, බුද්ධි අන්සේ, ට්‍රැපික් අන්සෙ ඒ වගේ අන්ස කියලා විතරයි. දැන් බලාගෙන ගියාම සැක්සොන් හිටන් තියෙනවනේ.. මොකෝ අවුරුදු උත්සවේට නාවේ. ආව නම් දෙන්න හිටියේ ආයේ මතක හිටින්න.. ඊළඟ එකේ අහු වෙයන්කෝ..

    ReplyDelete
  7. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    සිව්වෙනි සංවත්සරයට උණුසුම් සුබ පැතුම්!

    මොකෑ යකෝ බත්තරමුල්ලේ නාවේ? ආවානම් අපි වගේ නානවනෙ?

    පොලෝසි තියෙන්නේ පොලොස් කඩන්නයි. ඒ නිසා එව්වා ගැන කියාලා ලියාලා වැඩක් නැත.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. භෞතික හමුවීම් නැත. සයිබර් හමුවීම් පමණි

      Delete
  8. හිරිකිතයි....මූ නම් මාමේ මීමෙක්. පොලිසිය විනාසයි බන්. ඕක ඩාලි රෝඩ් එකට අනුබද්ධ කරානම් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔවු බං. මෙයාගෙ හිරිකිත වැඩියි ඒකයි. ඕනවට වැඩිය කඩේ යනව

      Delete
  9. සැගවුනු අමුත්තා සොයන්නද අර සෙල්ලං පිස්තෝලෙ අරං යන්නෙ?

    ReplyDelete
  10. හතරට සුභපැතුම් .....

    නරකද ඔය කාරිය කෙහෙවලියටම දුන්නනං.. අගේට කොරයි..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම නං කියන්නෙ කෙහෙලියගෙ ජොබ් එකත් මෙයාට දුන්නනං හරි

      Delete
  11. ඒ කාලේ කෙරුම් පස්සේ වෙද්දී වෙනස් වෙනවනේ අයියේ.. ඔය දළ කඩලා හීල කරලා ගත්තම අනිතිමේ හැමෝම වැටෙන්නේ එකම මල්ලකට තමයි..

    බ්ලොග් එකේ අවුරුදු හතරට සුභ පැතුම් රාජ් අයියේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලේ

      Delete
  12. අවුරුදු හතරට සුබ පැතුම් රාජ්!!!

    ඒ , ඒ, පොලිසිවලට ඒ ඒ කොස්තාපල්වරුලු....:D

    ReplyDelete
    Replies
    1. හ්ම්. කොස්තාපල් වෙනුවට මාධ්‍ය ප්‍රකාශක කියල දැම්මනං වඩා අර්ථවත් :-)

      Delete
  13. හතරවෙනි පොලීසිය. ගරු ජනතා පොලීසිය. මහජනතාව ඔලුව උස්සපු දාට අනිත් පොලීසි තුනටම දෙයියන්ගෙම පිහිටයි!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නමුත් මුං උස්සන්නෙම නෑ නෙව

      Delete
    2. උස්සන්න ගරු ජනතාවට ඔලුවක් තියනවයැ රාජ්. නැත්තං මේ ගොන් රැලට මෙච්චරකල් මේවගේ සෙල්ලම් දාන්න දෙයි ද?.

      Delete
  14. ඈයි දෑන් සිවුරු අදින පොලීසියකුත් ඉන්නෙ, ඕනෑ තෑනකට ගිහිල්ල ඒගොල්ලන්ගෙ නීතිය ක්‍රියාත්මක කරන

    ReplyDelete
    Replies
    1. ඒ වෙනම පොලිසියක් නෙව.

      Delete
  15. සුබ පැතුම් වසර හතරක බොලොග් ලිවිල්ලට

    පොලොස් මාධ්‍ය ප්‍රකාශකත් නිකන් අර මැකෝ ගිරවෙක් ගානයි දැන්

    ReplyDelete
  16. සුබ බ්ලොග් සංවත්සරයක් වේවා! "ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල්ගෙඩි" ඒක නං අගනා කියමන, මේ මුළු ක්‍රමය ගැනම විස්තර වෙනව ඒකෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ආනන්දවර්ධනගෙ පැමිණීම කමෙන්ට් කරන්න උත්තේජනයක් උනා.

      Delete
  17. ඇට නැති දිව නෙව....
    බුවා හිතනව ඇති මක්ක කීවම මොකද කියල...
    මං හිතුවෙ ලංකාවෙ තියෙන්නෙ එක පොලෝසියයි කියල..
    බලං ගියයාම තුනක් තියෙනවනෙ..
    හලි සෝයි

    ReplyDelete
    Replies
    1. සෝයි තමයි. කාටද ආඩම්බර

      Delete
  18. ඔය ජනතාවගේ පොලිසිය තමයි කාටත් අමතක වෙන්නේ.

    ඒත් රාජ්ට එක පොලිසියක් අමතක වෙලා
    .චීවර පොලිසිය

    ReplyDelete
    Replies
    1. ඒක පොලිසියෙන් බාහිරව තියන වෙනම පොලිසියක්.

      Delete
  19. අජිත් රෝහණ හොදයි වපුරපු අලුත කුඹුරක වී ඇට ඇහිදින කුරුල්ලො එලවන්න පඹයෙකුට හිටවන්න...අන්තිම හිරිකිතයි....

    ReplyDelete
  20. Lagadima hathara weni polosiyak Balaaporottu wenna ida kada bohoma wedi wage...

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද හැබෑට

      Delete
    2. මමනම් හිතන්නෙ සම්මාන මහාචාර්ය තනතුරින් පුදලද බ්ලොග්ගරුවෙක් ඇතුළු ප්‍රවීන බ්ලොග්කරුවන්ගෙන් සැදුම්ලද, බ්ලොග්වල අන්තර්ගතය හා කමෙන්ට් පරීක්ෂා කිරීමට නියමිත බ්ලොග් පොලෝසිය හෝ
      බොදු බල පොලෝසිය විය හැකි බවයි.

      Delete
  21. රාජ් ගෙ කෙටි විග්‍රහය පංකාදුයි.

    අවුරුදු තුනට සුභ පැතුම්...! දිගටම ලියන්න ලැබේවා...!!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී පෝස්ටුව කියවල තියනව හරියටම. හුඟ දෙනෙක් සුභපතල තියෙන්නෙ හතරට නෙව! :-)

      Delete