Wednesday, April 30, 2014

බිහයින්ඩ් ද ටැක්ස් ඔෆ් කක්කා.....

"හරි, දැං මොකද්ද උඹේ යෝජනාව?"

"මම කියන්නෙ අපිටත් ඕන උඹලට වගේ වැදගත් තත්වයක්.... පුක කියල අපිව පහත් කරනවට අපි කැමති නෑ....අපිත් මනුස්සයො! නෑ පුකවල් යකෝ.... වැදගත් දෙයක් තමයි අපිත් කරන්නෙ"

ඔය කතාබහ ඇතිවුනේ අපේ අතිගරු අහවල් උතුමාණන් වහන්සේ ප්‍රියම්භිකාවත් එක්ක සිනිඳු සයනයේ සුව නින්දක් ලබන අතරෙ එතුමාටත් හොරෙන් රැස්වෙච්ච, එතුමාගෙයි එතුමියගෙයි අවයවයන් වල කතාබහ අතරෙ. කකුලෙන් අහපු පුරස්නෙට පුක දුන්න උත්තරේ තමයි ඒ.

"හරි, දැං උඹ මොකද්ද කරන්න කියන්නෙ?" ඇඟිල්ල ඇහුව.

"මම කියන්නෙ අපි හැමෝගෙන්ම අඩු සැලකිලි තියෙන්නෙ අපේ කට්ටියට" පුක තමන්ගෙ දුක් ගැනවිල්ල කිව්ව.

"උඹ කෙහොමද එහෙම කියන්නෙ?" එහෙම ඇහුවෙ බඩ. කෑමත් ටිකක් වැඩිපුර ලැබිල තිබුන නිසා එයා කතා කලේ අමාරුවෙන් වගේ.

"දැං බලපල්ල මොකක් හරි නොවැදගත් දෙයක් විස්තර කරන්න මිනිස්සුන්ට ඕනවුනාම ගාවගන්නෙ අපි.... ඕන පුකක් කියලයි කියන්නෙ. ඇයි ඕකට කියන්න තිබුනෙ නැද්ද ඕන කකුලක් කියල... නැත්තං ඕන ඔලුවක් කියල.... නෑ අපිවමයි කන්න හදන්නෙ අපිවමයි කන්න හදන්නෙ!" පුක ආයෙත් කිව්ව.

"දැං මොකද්ද උඹලගෙ ඉල්ලීම?" එහෙම ඇහැව්වෙ මෙච්චර වෙලා නිස්සද්දව සිටිය ඔලුව.

"අපි කියන්නෙ අපිටත් බද්දක් ඕන කියල...." පුක කිව්ව.

"මොකක්? උඹලට බද්දක් ගහල මොකද්ද කරන්නෙ? අනෙක උඹලගෙ බදු ගහන්නෙ මොකටද? බද්දයි වැදගත්කමයි අතරෙ තියන සම්බන්දෙ මොකද්ද?" ඇඟිල්ල කුතුහලයෙන් ප්‍රශ්න කලා.

"ඔහොම හිටපල්ලකො කියන්න.... දැං බලපල්ල උඹලගෙ හුඟාක් දේවල් වලට මොකක් හරි බද්දක් තියනව.... ඔලුවට ගත්තොත් ඔලුවට දාන ෂැම්පු වලට, තෙල් වලට, ජෙල් වලට, තොප්පි වලට හෙල්මට් වලට තව කියකට බදු තියනවද?, දැං මේ කකුල ගනිල්ල, සපත්තු මේස් සෙරෙප්පු ගෑනු කකුල්වල මයිල් බාන රේසර්, ක්‍රීම් ජාති වලට කොච්චර බද්දක් තියනවද? වැඩිය ඕන නෑ මේ පුංචියට ඉන්න ඇඟිල්ලට තියන වැදගත්කම බලහල්ලකො! මේ බැඳපු රත්තරං වලටම බද්ද කීයක්ද? උඹල හැමෝටම බද්දක් තිබුනත් අපිට බද්දක් නෑ! ඒකයි මෙහෙම වෙලා තියෙන්නෙ" පුක ආයෙ පැහැදිලි කලා.

"උඹ කොහොමද බදු නෑ කියන්නෙ? ඇයි උඹලව වැහෙන්න තියන ජොකාට එතකොට ජංගි වලට බදිදක් තියෙන්නෙ?" කකුල ආයෙත් කිව්ව.

"මගුල! ඒව අඳින්නෙ අපි වහන්න නෙවේ මෙන්න මූයි මේකිවයි වහන්න විතරයි.... වික්ටෝරියානු යුගේ නං පුක වැහෙන්න ජංගි ඇන්දලු..... දැං ගෑනුංගෙ ජංගි වලින් අපි වැහෙන්නෙ නෑ අපි තනිකර එලියෙ බොලව්!" ඒ කතාවට 'ඒකි' හිනාවුනේ සිරස්ව තිබුන එයාගෙ කට වහගෙන.

"හරි හරි උඹේ කතාවෙ ඇත්තක් තියනව කියමු! උඹ කියන විදියට බද්දක් ගහන්නෙ මොකටද?" ඇඟිල්ල ඇහුව.

"අපි කියන්නෙ බොග වලට බද්දක් ගහන්න කියල!"

"හැබැයි ඉතිං බද්දක් ගහනව කියන්නෙ මට තමයි බඩේ පාර වදින්නෙ....කෑමෙන් නෙව ඔක්කොම අඩුවෙන්නෙ" බඩ කිව්ව.

"නෑ නෑ මොනව උනත් අපි මේක කරනවාමයි!..... යකුනේ මේ යෝජනාව සාර්තක කරගන්න අපේ නගරාධිපතිතුමත් පුක දෙනව බොල!" ඒ කීමට කාගෙක් කටවල් වැහුන.
-------------------------------------------------------------------------
ආශ්‍රිත ලිපි : කක්කා ටැක්ස් (මාතලන්)

විශේෂ ස්තුතිය : බ්ලොග් අවකාශයට "පුක" දායාද කල කතන්දරකාරයාට.

72 comments:

  1. පුක නෑ................. පට්ටෙ හොඳම එක... වල්ලා පට්ට

    ReplyDelete
    Replies
    1. මොකද මේ හැමතැනම වල්ලා පට්ටා කතාව කියන්නේ. දැන් වල්ලා පට්ට බිස්නස් එකක් වත් කරනවාද

      Delete
    2. මොකද ලොක්ක.... දැන් වල්ල පට්ට.... හැම තැනම.....?????
      අලුත්ම බිසිනොස් එක පටං ගත්තද....... ???
      පොරිජින් කට්ටියගෙ පොකැට් එකේ ග්‍රෑම් ගානක් යැව්වත්.... එල ගානක්....

      Delete
    3. tanx මාතා

      මකසි
      ලංකාවෙ නිව්ස් බැලුවෙ නැද්ද ලඟදි?

      Delete
    4. //ඒ කතාවට 'ඒකි' හිනාවුනේ සිරස්ව තිබුන එයාගෙ කට වහගෙන.//
      මමනම් මේක බලලා මගේ සිරස්වතියන කටෙන් හිනාවුනේකෝක්හඬලා.... කොහොමද බං මේ අයිඩියා එක ආවේ. පස්ට පට පට

      Delete
    5. @රාජ්
      ළඟදී නිවුස් බැලුවේ නැහැ තමයි. මේ මාතලන් හමාතැනම දැන් වල්ලා පට්ටා මතක් කරන නිසා ඇහුවේ

      Delete
    6. ඇනෝ සහෝදරී
      බලාගෙන හිනාවෙන්නෙ! අයිඩියාව නං නිකංම ආව.

      මකසි
      වල්ලපට්ට මෙහේ සෑහෙන්න ආන්දෝලනාත්මක කේස් එකක් උනා පහුගිය දවස්වල.

      Delete
  2. පුක තියලා ඉඳ ගන්න කොමොඩ් එකක වටිනාකම කීයද ? ඒකට ගහන බද්ද මදිද ? තියන බදු මදිවට තවත් බද්දක් ! පුකත් අපිටමයි කෙලින්ඩ හදන්නෙ...

    ReplyDelete
  3. කියන්න දෙයක් නෑ නියමයි ... දැන් තමා මේ බදු ගහන්න හෙතුව දැන ගත්තෙ ...

    ReplyDelete
    Replies
    1. තිරය පිටුපස කතන්දරේ ඕකයි

      Delete
  4. පුක ඕන්නේ නෑ.. උපහාසේ වැහෙනව පුක පුරාම. ඇර ලොක්කා ඇර...

    ReplyDelete
    Replies
    1. බලාගෙන.... මල් කුමාර දකියි..... :)

      Delete
    2. තැන්ක්‍යු!

      කෙන්ජි
      වේලෙන්නත් කලින් බ්ලොග්වල දාල කියයි.

      Delete
    3. නලින් අයියා රිසිග්නේෂන් දීලාද චන්ඩිය වගේ කටින් කතා කරන්නේ? :D

      Delete
  5. ඔය ඕන පුකක් ගැන ලියන්නේ කක පුක කියන එක අර්ථ දක්වපු නිස නෙව.. බ්ලොග් අවකාශයට පුක පෙන්නු කකාට ප්‍රනාමය !

    ReplyDelete
  6. සුපිරියි.. පුක නෑ හොදේ...

    ReplyDelete
  7. මාතලන්ගේ පුක ලිපියේ මදි වෙච්ච ටික අඩු නැතිවම තියෙනව...
    පට්ට පට්ට...
    අනේ කාලේ වනේ වාසේ කියන්නෙ මේවට තමා රාජ්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මාතලන්ගෙ පෝස්ටුව දැක්කට පස්සෙ ලිව්වෙ

      Delete
  8. පුක ඉල්ලන්නේ අසාධාරණ ඉල්ලීමක්. ඔක්කොම සැප පුකටනේ. පුක තියලා වාඩි වන කොතරම් වටිනා පුටු තියෙනවාද එව කොතරම් සනීපද. අනෙක් අවයව වලට ඔහොම සනීප ආසන ලැබෙන්නේ නැහැ නේ. ඒ වගේම දැන් පුක තියන්න හොඳ කොමඩ් එකක් ගන්න පඩිය මදි.

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව. නමුත් මූත් අර සෞඛ්‍ය සේවකයො වගේ උනා නෙව.

      Delete
  9. බද්දක් ඉල්ලල කෑගැහුවට පුක දන්නෙ නෑනෙ ආණ්ඩුවෙන් පුකට සලකන සැලකිල්ල... එකක් ඉවරවෙද්දි එකක් අයිස් පලම් කවෝනෝ...

    ReplyDelete
  10. මෙන්න පුකේ වටිනාකම. කලිනුත් මං මේක දාල තියෙනවා.

    ජීවිතයට පුකෙන් යමක්-

    ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබ සිරුරෙහි කිසිදු අවයවයක් පුක තරම් අපහාස විඳ නැත්තේය, පුක තරම් තර්ජන විඳ නැත්තේය. පුක එවන් බාධක වලට නොබියව මුහුණ දෙන්නේ, ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය. මදක් කල්පනා කර බලන්න. ඔබ ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කරත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ඒ කිසිඳු සැලකිල්ලක් නැත. නමුත් පුක එහෙම සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනික් අවයව මෙන් කැපී පෙනෙන්නට පුක අකමැති බැවිනි. පුක තරම් නිහතමානී අවයවයක් ඔබ සිරුරෙහි නැත.
    එබැවින්,
    පුකට කුඩම්මාගේ සැලකිලි නොදක්වන්න. ඔබේ පුක ගැන ඔබ ආඩම්බර වෙන්න. ඇස් දෙක මෙන් පුක රැක බලාගන්න. රජෙකුට මෙන් පුකට සලකන්න. පුකට ආදරය කරන්න. පුක ඔබ සමග නිරතුරුව රැදී සිටීවි… කාටවත් එය කිසිම විටක නොදෙන්න..... !!! 

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය ගවුරවේ දෙන්නනෙ මේ හදන්නෙ

      Delete
    2. පුක වැඩ වර්ජනය කරන්න ගත්තොත් මොනවද කරන්නේ??

      Delete
    3. @ මකසි, කාපිය ගස්ලබු. හැක්....

      Delete
  11. මාතලන්ට කිව්ව වගේ යකෝ මේ තරම් බඩු මිල ඉහල ගිහින් තියෙද්දිත් බොග දාන්න ඇහැක් තරම් කනවා කියන්නේ ඔය බොග දාන උන් ඔක්කෝම කුඩු බිස්නස් වගේ ස්මග්ලින් නොකලත් පොඩි හරි හොරකම් කරනවා වෙන්න ඕන . . ටැක්ස් ගහන එකමයි කාරිය

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම නෑ ආයිබෝවං! හුඟ දෙනෙකුට රෙන්න පුකේ ගූ නෑ

      Delete
    2. සිරාවට රාජ්.. රෙන්න වත් ගූ ටිකක් නෑ තමා...

      Delete
  12. මොනවා උනත් මේ ආණ්ඩුව විතරයි සැමටම සමතැන දුන්නේ. ඔන්න දැන් පුකටත් සමතැන.. ලොකු එව්ව තියෙන්නෙ විරුද්ද පස්සෙ සමනල ක්ලික් එකට හින්දා දඬුවමක්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. //ලොකු එව්ව තියෙන්නෙ විරුද්ද පස්සෙ සමනල ක්ලික් එකට හින්දා දඬුවමක්ද මන්දා..//
      ඒක හොඳ විහිළුව

      Delete
  13. කාලෙකින් දැක්ක හොදම ප්‍රහසනයක්. කොයි එකාලත් බද්දයි අරකයි මේකයි හැම එකම ගහන්නේ අපිට ලැබෙන සොච්චමට කෙලවන්න තමයි. ඇයි මෙකෙ ඉන්න ජහමනයා නිදිනෙ. මගෙන් බදු යෝජනා කීපයක්.
    තන් බද්ද....
    සංසර්ග බද්ද...
    කිස් බද්ද....
    හිනා බද්ද...
    සද්ද බද්ද... ඒකට කරුමේ උපාසක අප්පු බද්දක් ගෙනවාව දැන් ඒක තියනව ද ?
    තව ඇති මතක නැහැ.

    ReplyDelete
  14. ඇයි යකෝ බොග දාන්ඩ කලින්, ඩෝන් .........ඩෝන්........ගාලා ගහන කාලතුවක්කු වෙඩි වලට බද්දක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඕක මනින්න මීටරයක් ආවෙ නැත්තෙ

      Delete
  15. මේව කියවල පුකෙනුත් හිනා යනව.
    ඊගාවට පුකෙන් හිනාවෙනවට 'පුක්හිනා' බද්දකුත් ගහයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. 3-)
      ඔන්න ඒකෙ සිම්බල් එක

      Delete
  16. මමනම් කියන්නේ පුකට බද්දක් ගන්න ඕනේ ආණ්ඩුවෙන් .මොකද අපි හැමෝගෙම පුක වැඩිපුර පාවිච්චි කරන්නේ ආණ්ඩුව නොවැ. මේ අරින අරිල්ලට ඕක ඉතුරුවෙලා තියෙන එකත් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මේ අරින ඇරිල්ලට පුකක් ඉතුරු වෙයිද මංද

      Delete
  17. කියවලා හිනායනවත් එක්කම පඩේකුත් පැනපි! හැබෑටම බොගට වගේම පඩෙටත් ටැක්ස් එකක් දායිද... ?

    ReplyDelete
    Replies
    1. ඒව කියන්න බෑ. යථා කාලයේ මේව ප්‍රසාරණය වෙන්න පුළුවන්නෙ

      Delete
  18. රාජ්! පොඩි උපකාරයක් කරනවද? ලංකා e නිවුස් facebook හරහා කියවන්න ලින්ක් එකක් දෙනවද.මට facebook ගිණුමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. facebook නැත්තං ප්‍රොක්සි වලින් බලන්නයි තියෙන්නෙ. මම නං බලන්නෙ අර පුක හංගන ප්‍රොක්සි වලින්.

      https://www.hidemyass.com/

      http://5.hidemyass.com/ip-1/encoded/Oi8vd3d3LmxhbmthZW5ld3MuY29tL1NpbmhhbGEv

      Delete
    2. බොහොම ස්තුතියි මචං.

      Delete
    3. ස්තුතිය ටිකකට පැත්තකට දැම්මා.රාජ් මේකයි ප්‍රශ්නේ, ලංකා e නිවුස් වල සිංහල අකුරු පෙනෙන්නේ නැහැනේ.ඔය පුක හංගන එකෙන් facebook යන්න පුලුවන්ද?.මට facebook ගිණුමක් නැහැ.e mail නැහැ.සහමුලින්ම මම ඇනෝ කෙනෙක්.සෑහෙන්න වයසක හාදයෙක්,

      Delete
    4. පොඩ්ඩක් සොරි වෙන්න ඕන. කොම්පියුටරේ සිංහල තිබුනත් ඊ නිව්ස් බලන්න බැහැ බ්‍රව්සරේ ෆයර්ෆොක්ස් නං. එක්කෝ ඉන්ටනෙට් එක්ස්ප්ලෝර හරි ගූගල් ක්‍රෝම් හරි දෙකෙන් බලන්න පුළුවන්.

      ෆේස්බුක් කතාව නං අපැහැදිලියි. ෆේස්බුක් ගිණුමක් නැත්තං ෆේස්බුක් යන්න බැහැ නෙව. ඉස්සෙල්ල ඊමේල් එකක් හදාගෙන ඊටපස්සෙ ෆේස්බුක් එකක් හදාගත්ත නං හරි.

      Delete
    5. ලංකා ඊ නිව්ස් බලන්ට ප්‍රොක්සි ඕන නෑ. මෙතෙන්ට යන්ටකෝ.
      142.4.27.83/Sinhala/

      Delete
  19. කකුලෙ මයිල් බාන්නෙත් රේසර් වලින්ද බං,හැබැයි....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙමත් වැඩ තියනව

      Delete
  20. බොගට බද්දක් ගහනවනං ඒකත් රීසයිකල් කරන්න පටංගනනී

    හම්මෝ පුකේ ඇරෙනව :3 (කුණුහරප නෙවෙයි ඈ)

    ReplyDelete
    Replies
    1. රී සයිකල් කියන්නෙ ඒකනේ.

      Delete
  21. අපිටත් හොරෙන් පුකවල් ටික සේරම එකතුවෙලා මැයි දිනේට පෙලපාලි යයිද දන්නෑ.. සමස්ථ ලංකාවටම බලපැවැත්වෙන පරිදි පුකවල් සඳහා බොග බද්දක් ගහන්න කියලා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ හෙට බලමු.

      Delete
    2. මේ යන විදිහටනම් ඊලඟට එන්නේ ගූ ටැක්ස් තමයි.

      Delete
  22. මේක එක අතකට විහිලුවක් උනත් තව පැත්තකින් බලනකොට බදු බර වැඩිවීම කියන්නේ ආර්ථික ප්‍රශ්නයක් සාමාන්‍ය මිනිස්සුන්ට. මේ ටැක්ස් එක අයකරගන්න කරමේ පැහැදිලිත් නෑ.

    ReplyDelete
  23. පුකට ගෞරවයක් ලබාදුන් ඔබ තුමා නම් පුක් රජෙකි!!
    මින් මතු ඔබ මරා නොව පුරාය.

    ReplyDelete
  24. පුක ඉල්ලන ඉල්ලීම් නම් ඔක්කොම දෙන්න ඕනේ... පුක ස්ට්‍රයික් කලොත් කොහොමද වැඩේ.... හිතනකොටත් බඩ වේලෙනවා වගේ....

    ReplyDelete
  25. ටැක්ස් ගෙවන්න සල්ලි මදි උනොත් පුක රෙන්ට් කරන එක නිත්‍යානුකුල කරන එකත් ඔයගමන්ම කලොත් ගොඩම තමයි

    ReplyDelete
  26. කන කෑම වල බදු කලින්ම එකතු වෙලා තියෙන හන්දා දැන් පුකට බදු බර වැඩියෙන් දැනෙනවා ඇති..

    ReplyDelete
  27. අනේ අප්පේ උබටත් හිතෙන දේවල්..සුභ අනාගතයක්..

    ReplyDelete