Tuesday, August 26, 2014

ෆේස්බුක්මිනීමැරීම් ඇතුලාන්තය!

ෆේස්බුක් නිසා තවත් මිනීමැරුමක් සිදුවෙලා. ‍වර්චුවල් ෆේස්බුක් පෙම්වතා හැබෑ ලෝකෙදි දූෂකයෙක්-පීඩකයෙක් වීමේ වරදට වන්දි ගෙවන්න සිදුවුනේ ඔහුගේ පියාට. දූෂණයට ලක්වීමට අමතරව තමුන්ගෙ තාත්තට හිරේ ලගින්න සිදුවීම තරුණියගෙ පැත්තට සිදුවූ අලාභය. සාමාන්‍ය ලෝකයේ සිදුවන අපරාධ(රැවටීම්) සහ සයිබර් අපරාධ(රැවටීම්) සිදුවීම් සන්සන්දනය කලාම මට නං හිතෙන්නෙ සාමාන්‍ය ‍මිනිස්සු රවට්ටනවට වැඩිය පරිගණක සාක්ෂරතාවය ඇතැයි කියන උදවිය රැවටීම පහසුයි කියල. අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගනිද්දි අන්තර්ජාල අපරාධ සහ ඒ සම්බන්ධ නීති පත්‍රිකාවක් ලබාදිය යුතු තැනට අපි පත්වෙලා ඉන්නව.

මේ ලඟදි පත්තරේකට අදහස් දක්වන කවුදෝ 'විද්වතෙක්' කියනව මෙහෙම කතවෙක්.
"අන්තර්ජාලයෙන් ලෝකය පුංචි වෙද්දි අපි හිතුවෙ ලෝකය මීට වැඩිය ලස්සන තැනක් වේවි කියල. නමුත් අද අන්තර්ජාලයෙන් ජාතිවාදය ආගම්වාදය පැතිරෙනව. හොඳ පැත්තට නෙවෙයි ගමන් කරන්නෙ නරක පැත්ත‍ට...."

පොදුවේ ගත්තම විද්වතාට විස්තර කරගන්න බැරිවුන අන්තර් ජාලයෙන් 'නරක' පැතිරීම, විග්‍රහ කරන්න පුළුවන් මෙහෙම.

අන්තර්ජාලය හා ඒ සම්බන්ධ අනෙකුත් උපාංගයන් ඒ කියන්නෙ පරිගණක, ස්මාර්ට් ෆෝන්, ජාල සබඳතා සහ ඊට සම්බන්ධ දෑ, දියුණු වීමේ වේගය ඉතා ඉහලයි. ඒ වේගය මිනිස්සු යහපත් පැත්තට පරිණාමය වීමේ වේගයටත් වැඩිය වැඩියි. මේ වගේ වෙනස් වේගයන් සහිත අයිතම දෙකක් එකිනෙක සම්පාත වීමෙදි, ගැටීමෙදි අර කියපු විදියේ අවුල් ඇතිවීම අනිවාර්යයි. ලෝකයේ අන්තර් ජාලය භාවිතා කරන පිරිස, ඒකෙ දියුණුවට කටයුතු කරන පිරිස එක්ක සංසන්දනය කලාම අති විශාල ප්‍රමාණයක්. සුළුතරයේ සොයාගැනීම් ක්ෂණිකව හැමෝම අතරෙ බෙදිල ගියාට බහුතරයේ තියන දෝශ ලෙහෙසියෙන් නිවාරණය නොවීම තුල ඇතිවන අවුල තමයි හොඳ දේ වෙනුවෙන් නිර්මාණය වූ දෑ නරකට යොදාගැනීම. ස්කන්ධය ශක්තිය බවට පත්වන හැටි අයින්ස්ටයින් කියල දුන්නම න්‍යෂ්ඨික බලාගාර හැදෙන්නෙ, පරමාණු බෝම්බය මිනිස්සුන්ගෙ ඔලුගෙඩි උඩට හෙලීමට පස්සෙ වීම එක උදාහරණයක් විතරයි.

මේ තත්වය අඩු වැඩි වශයෙන් ලෝකය පුරාම තියන දෙයක්. ඒ වගේම මෑත අනාගතයේදි නවතීවි කියල බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. ගල් යුගයේ මානවය හොයාගත්ත "පිහිය" සයිබර් යුගයේදිත් අනෙකාට අනින්න භාවිතා කරන තත්වයකදි, මේ යුගයේ සොයාගැනීම් තවත් යුග ගනනාවක් යනකල් අවභාවිත වීම වලක්වන්න බැරිවේවි. අපිට තනිවම කරන්න පුළුවන් එක දෙයයි, ඒ දැනුවත්ව සිටීම පමණයි.

39 comments:

  1. මේක මේ අළුත් පාරකට දැම්මට හොද නොහොද නොදැන යන ගානට වැටීමක් නේ බං.. අත් පත්‍රිකා වලින් මේවා නවත්තන්න බෑ මොකද මිනිස්සුන්ගේ අවදි වෙන ජරා හිත් නවතින්නේ නැති නිසා..

    මොකෝ එක දිගට බඩ බැදගෙන දාලා ටිකක් රෙට් එකේ හිටියැයි.. නැන්නං ගෝලිප් එකක් ගහන්න ගියාද?

    ReplyDelete
    Replies
    1. අත්පත්‍රිකා දෙන්න කියල කිව්වෙ නෑ. වෙච්ච දේ කිව්වෙ.

      ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම වෙනුවෙන් වෙහෙසෙනව. ඉහටත් උඩින් වැඩ තිබුන බං.

      Delete
    2. ඇත්තටම රාජ් දන්නෙ නැති හන්ද අහන්නෙ...
      ඔය ක්ෂේත්‍ර නිළධාරින්ට බයික් දෙනවට වඩා ඔෆිස් වලට දුන්නනං හොද නැද්ද...
      එතකොට වැඩෙත් වෙනව වැඩි වියදමකුත් නෑ...
      අනික තමා ඔය බයික් ඉල්ලුම් කරල ලබා ගත්ත හැම ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක්ටම බයික් එකක් තියෙනවා මයි...
      උං කරන්නෙ අඩු ගාණට ඇරන් විකුණන එක...
      මොන කුප්ප වැඩක්ද

      Delete
    3. //අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගනිද්දි අන්තර්ජාල අපරාධ සහ ඒ සම්බන්ධ නීති පත්‍රිකාවක් ලබාදිය යුතු තැනට අපි පත්වෙලා ඉන්නව//

      එතකොට මේක කිව්වේ ඔටුවෙක්ද?? yela yela'''

      Delete
    4. මහේෂ්,
      ඔව්ව ගැන කතා කරල වැඩක් නෑ.

      දේශකයා,
      අනේ බං සිංහල කියන මව්බාසාව තේරෙන්නෙ නැද්ද? මම කියන්නෙ ලංකාව ඒ ගානට වැටිල කියල මිසක් එහෙම විසඳුමක් ගෙන එන්න ඕන කියල නෙවේ.

      Delete
    5. හැක් හැක්.. ඒක මාර කතාවක් නේ.. උඹම කියනවා එහෙම කරන්න ඕන කියලා. එහෙම තත්වෙට පත් වෙලයි කියල කිව්වේ නැහැනේ.. ගනං ගන්න එපා බං.. මට කෝමත් සිංහල අවුල්...

      Delete
    6. ඕං බලමු මහලොකු කෙටිකතා රචකය බාසෙ දන්නෙ නෑ. අහල නැද්ද මේව,

      "මේක බොන්න ඕන ප්‍රශ්නයක්"
      "මුගේ කට කන්න එපැයි කියපු කතාවට"

      මේවගේ කියුම් වලින් කියවෙන්නෙ ඊට මුල්වෙච්ච කාරණාවෙ තියන බරපතලකම. එහෙම නැතුව ප්‍රශ්නය විසඳන්න බොන්න කියලවත්, කට කන්න කියලවත් නෙවේ. අන්න ඒ වගේ ප්‍රකාශයක් තමයි උඩ තියෙන්නෙ.

      //අපිට තනිවම කරන්න පුළුවන් එක දෙයයි, ඒ දැනුවත්ව සිටීම පමණයි// අන්න ඒක විතරයි මගේ යෝජනාව! පිට පනින්න එපා!

      Delete
    7. හැබෑටම මට ඒක තේරුනේ නැහැ බං..

      Delete
  2. "අපිට තනිවම කරන්න පුළුවන් එක දෙයයි, ඒ දැනුවත්ව සිටීම පමණයි."
    ඕව ගැන ඕනවට වඩ හිතන්න හොඳ නෑ රාජ්
    මමනම් අඩියක් ගහල හොඳට නිදාගන්නව

    ReplyDelete
  3. උඩ ඇනෝ කියන්න වගේ...
    තමන් කරන දේ ගැන නිසි ලෙස දැනුවත්ව සිදුකිරීමද
    අන්‍යන් කරන දේ ගැන සිහිබුද්ධියෙන් සිටීමද කළ හැකි නම් මං හිතන්නෙ තත්වෙ ඔයිට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්

    ReplyDelete
  4. පිහිය නෙමෙයි නියන.

    ඕකට "ෆේස්බුක්" මිනීමැරුම කියනව නම්, "නියන්" / 'උසාවි"/ "පාරේ" මිනීමැරුම කියල කියන්නත් පුලුවන් නෙ

    ඒක නෙමෙයි, බෝතල් ආතල් ඇනෝ බොනව වගේම කනව නේද? ඕන වෙලාවක බත් ඩිංගක්

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවෙ බත් ඩිංගක් කන්න ගිහින් ඇති. නැත්නම් මෙලහට මෙතන ඉන්න ඕනෙ.

      Delete
  5. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග වගේ දෙයක් තමා ඇත්තටම සිද්ද වෙන්නේ, ඔක්කොටම වැඩිය අද සමහරක් ජීවත් වෙන්නේ වර්චුවල් ලෝක වල, අන්න එතනයි ගැටලුව ඒ ලෝකෙන් මේ ලෝකෙට එන්නේ අහක යන කුණු කන්දල් ගොඩක්ම ඔළුවට දාගෙන. හදවතින් හැගීම් එක්ක හනුදෙනු කරන්න යද්දී මොලය පැත්තකට විසි කරලා දැමලා හිතට වහල් වෙනවා. තමන් හිතේද හිත තමාගේද යන්න තමා ගැටලුව.

    ReplyDelete
  6. ඔය ජාලේ ගැන කතාකොරන අයියලාගෙන් 1% ක් වත් පරිගණකයේ සුවිච් එක දාගන්නවත් දන්නේ නැහැ.

    ReplyDelete
  7. මිනිසුන් නැති තැන මිනී මැරුම් ද නැත....

    ReplyDelete
  8. රාජ් @ ඔබේ අදහස කුමක්ද මොබයිල් වර්ක්ෆෝස් එක ගැන.රජයේ පුද්ගලික බොහෝ දෙනෙකුට බැරිද වර්චුවල් විදියට රැකියාව කරන්න.එහෙම වුනොත් ප්‍රවාහන ගාස්තු ඉතිරියි නේද.පඩි වැඩිකරන්න ඕනත් නෑ.
    බස්වල තදබදයත් අඩුවෙනව.
    යෝජනාවක් හැටියට දාල බලන්නකො ලොක්කට

    ReplyDelete
  9. //ස්කන්ධය ශක්තිය බවට පත්වන හැටි අයින්ස්ටයින් කියල දුන්නම න්‍යෂ්ඨික බලාගාර හැදෙන්නෙ, පරමාණු බෝම්බය මිනිස්සුන්ගෙ ඔලුගෙඩි උඩට හෙලීමට පස්සෙ //

    ආයෙ වෙනත් පැහැදිලි කිරීම් කුමටද!

    ReplyDelete
  10. තාක්ෂනය දියුණු වුනාට , තාක්ෂනය මිනිස්සු අතර භාවිතය වැඩි වුනාට ,ඊට සාපේක්ෂව මිනිසුන්ගේ විචාර බුද්ධිය දියුණු වෙලා නෑ කියල මටනම් හිතෙන්නේ . අඩු ගානේ එකකින් දෙකකින් හරි පාඩමක් ඉගෙනගන්නේ නැත්තේ ඒකයි . එකපාරක් ඇනගත්තම හැදෙන්න ඕනේ නේද ?

    ReplyDelete
  11. ෆේස් බුක් එකේ දී කොහොමද පිහියෙන් අනින්නේ? කැලේ වෙනස් පුල්ලි මැකිලා නෑ.

    ReplyDelete
    Replies
    1. පිහියක් දාලා අනින්න ඕනේ කෙනාට ටැග් කරන්න.

      Delete
  12. තාක්ෂණයේ නෙමේ වරද තියෙන්නේ.හාවිතා කරන අය ස්වයං හික්මීමක් ඇතුව කටයුතු කරනවා නම් හරි.

    ReplyDelete
  13. අනේ මන්ද රාජ් ,,, අපිත් ලෝකෙම තියෙන appස් බාගන්නවා ඒකත් එක්ක දෙන ඇග්රිමන්ට් එකට ටික් මාර්ක් එක දානවා යටත් වෙනවා,,,,

    ReplyDelete
  14. ඒ වුනාට තාත්තට හිරේ ලගින්න වෙච්ච එක නම් හරිම භයානක තත්වයක්...

    ReplyDelete
  15. තාක්ෂණය දියුණු උනාට අපි තාම ගල් යුගයෙ!!

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මේ ගොබ්බ මාධ්‍යවේදීන්ට ෆේස්බුක් එක විතරයි පෙනුනේ.. අනේ උඹට පෙනුනා වගේ පිහිය පෙනුනේ නැති එක නේ කරුමේ.. කොහොමත් සයිබර් අවකාෂයේ ඉන්නෙත් සමාජය තුල බහුතරයක් වෙච්ච ගොන් හරක් ටිකම තමයි.. පේන්නේ නැද්ද බුකිය බැලුවාම.. ඒ අතින් බ්ලොග් ටිකක් හොඳයි..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් හොඳ වෙලා තියෙන්නේ අපි වගේ එවුන් හින්දා තාමා නැද්ද පත්තරේ ... කෝ මේ ඉවානයා

      Delete
    2. පත්තර මල්ලි හියර්.. අන්න හරි. අපේ සාරගර්භ අදහස් වලින් තමා බ්ලොග් ලෝකෙ පෝෂණය වෙන්නෙ ,එකෙන්ම !!

      Delete
    3. අයි ඈම් ඔල්සෝ හියර් සෑර්.... ආයේ මොකද .... අපේ සර්ව සුභවාදී , සාධාරණ,තියුණු ,සාරගර්භ , සාධනීය , පාචනීය .කොලරාත්මක , සංසන්දනාත්මක අපහාසාත්මක .......අඩෝ මැලේ, පත්තරේ තව වචන ටිකක් කියපල්ලා............

      Delete
    4. @ මාතලන් ඇන්ඩ් ද ක්ලෑන්,

      හපොයි ඔව් උඹල සාරගර්භ විදියට කරන එකිනෙකාගෙ පිටකසාගැනීම් නිසා බ්ලොග් ලෝකය හරීඊඊඊ සුන්දර වෙලා...
      @ මාතලන්
      //කොහොමත් සයිබර් අවකාෂයේ ඉන්නෙත් සමාජය තුල බහුතරයක් වෙච්ච ගොන් හරක් ටිකම තමයි.//
      අනුගාමික සැට් එක දැක්කම ඒක මොනවට ඔප්පු වෙනවා..

      Delete
    5. ඇනෝ මචං

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    6. තොප්පිය දාගත්ත එක්කෙනකුට නම කලිසමේ පහවෙලා , තව ඉන්නවැයි

      Delete
  18. මේ ගැන විස්තරේ අද මාත් කියෙවුවා.. නීතිය පැත්තෙන් හරි සාධාරණත්වයක් ඉටු උනානම් ඒ තාත්තට එහෙම ක්‍රියා මාර්ගයක් ගන්න තියෙන ඉඩ ඇහිරෙනවා.. ඒත් එහෙම නොවුනයිනේ අවසානයේ මේ වගේ දෙයක් සිද්ද වුනේ..

    අවසානයේ කියලා තියෙනවා වගේ අපේ හඬ හුඟක් දුර ඇහෙන්නේ නෑ.. ඒ හන්දා කෑ ගහලා වැඩක් නෑ.. දැනුවත් වෙලා ඉන්න එක වැදගත්..

    ReplyDelete
  19. සුද්ද සිංහලෙන්ම කිව්වොත් කියන්න තියෙන්නේ internet ,facebook වලට බැන බැන හිටියට වැඩක් නෑ , පාවිච්චි කරන උන්ට මොලේ නෑ කියල තමයි . ඒවාට බැන බැන ලියන අය දන්නෙත් නෑ මොකක්ද කියලවත් . එක හරියට bus එකෙන් ගිහින් මිනි මැරුවම bus එකේ ගියාට බනිනවා වගේ වැඩක් . මේ සිද්දියේදී facebook එකෙන් කෙල්ලව රවට්ටුවත් එකයි ලියුමක් දීල රැවට්ටුවත් එකයි .. ඒ කොල්ලටයි කෙල්ලටයි බනින්න ඕනේ .. එහෙම නැතුව headline එකම දන්නේ internet මිනි මරයි කියල ,
    හැබැයි facebook නං දැන් ගන්න දෙයක් නෑ තමා මොනව උනත් , එකත් ලංකාවේ උන් ගොඩක් එකට රින්ගුවට පස්සෙද කොහේදෝ , තේ කඩේ planty ගහන එකත් FB එකේනේ දැන් . ඉස්සර ලංකාවේ වැඩිය ප්‍රසිද්ද නැති කාලේ තිබ්බ වගේ තිබ්බනං හොදයි .. මම නං දැන් එකේ ඉන් නෑ ගිහින් ..

    ReplyDelete
  20. කොටුනොවි ඉන්න පුලුවන් නම් ගොඩ යාගතහැකියි කියලා මං හිතනවා මොකද වර්ථමාන සමාජ භාවිතයට අනුව ස්ව්‍යං විවේචනයකට අනුව අනවශ්‍ය දේ බැහර කිරීම සහ අවශ්‍ය දේ පමනට ගැනිමට මමත්වයේ වාරණයක් තම තමන් ගොඩනගා ගත්තොත් සමාජයටම යහපත් පැවැත්මක් ඇතිකර ගත හැකි නිසා. ඇයි දැන් තියෙන සමාජ පසුබිමට අනුව සියල්ලොම යහපත් මාර්ගයෙන් යහපත් ලෝකයක් වෙත අවතීරණය කිරිමට වඩා කළුනික සොයා ගැනිම පහසුබැවින්

    ReplyDelete
  21. රැවටිම නම් ලන්කාවෙ මිනිස්සු ඉලගෙනම ඉපදුන එකක්.කොච්චර කිවුවත් අතාරින්නෙම නැ.ඔව නෙමෙයි ලන්කාවටම පාඩමක් උගන්නපු සක්විති වගෙ වුන් දැනුත් ලස්සනට බිස්නොස් එක කොරගෙන ඉන්නකොට වෙන මොනවද?මෙක ඉන්ටර්නෙට් ගැන වත් තාක්ෂනෙ ගැනවත් නෙමෙයි මිනිස්සුන්ගෙ ඔලුගැන කෙස් එකක්.

    ReplyDelete
  22. ගොඩක් දෙනාට තියෙන තාක්ෂණ දැණුමෙ තරමට සදාචාර සම්පන්න විදිහට ඒක පාවිච්චි කරන හැටි ගැන දැණුමක් (netiquette) නෑ තමයි. එක්කො දන්නෙ නෑ. එහෙම නැත්නං ගානක් නෑ...

    ReplyDelete
  23. සයිලන්ට් සිඟර්August 27, 2014 at 9:12 PM

    "මට නං හිතෙන්නෙ සාමාන්‍ය ‍මිනිස්සු රවට්ටනවට වැඩිය පරිගණක සාක්ෂරතාවය ඇතැයි කියන උදවිය රැවටීම පහසුයි කියල"

    ඔතන වෙලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු පරිගණක සාක්ෂරතාවය ලබාගැනීමයි. නැතිව පරිගණක පාවිච්චි කරන අය විශේෂයෙන් ගොනාට ඇන්දවීමේ හැකියාවක් තියනවා කියන එක නෙවි.

    ReplyDelete
  24. හොද දැනුවත් කිරීමක්.....

    ReplyDelete