Friday, September 5, 2014

කළු හාමිලා කළු අප්පුලා සහ තක්කඩි හිඟන්නෝ.....

හරි, මං උඹට කිව්වද අර එලොව ඉඳල ආපු තක්කඩියගෙ කතාව?

නෑ සීයේ? කියහංකො බලන්න එහෙනං.....

කතාවක් අහන්න සීය ලඟට ආපු මුනුබුරාගෙන් සීය ඇහුවෙ දන්න කියන කත‍ා ඔක්කොම වගේ කියල ඉවර වෙච්ච නිසා. කොහොම උනත් දැන් කතාවක් තියනව කියන්න. ඕං සීය කතාව පටංගත්ත.

"ඔන්න පුතේ ගමක හිටිය ටිකක් වයසක ජෝඩුවක්. මිනිහගෙ නම කළු අප්පු. එයාගෙ මායිය කළුහාමි"

"කළු හින්ද වෙන්න ඇති සෙට්වෙන්න ඇත්තෙ නේද සීයේ? අනෙක කළු උනාට දෙ‍ාදොල් රහයි කියල කියන්නෙ!"

"පනින්නෙ නැතුව හිටපංකො...., ඔන්න කළුඅප්පු ගෙදර නැති දවසක ගෙදරට හිඟමනේ ආව හොර තක්කඩියෙක්...."

"එහෙනං සීයේ අර ආච්චිගෙ මිස්කෝල් එකකට වෙන්ටැති නෙහ්! නැත්ත එෆ්බී එකේ රික්වෙස්ට් එකක් ඇවිල්ල වෙන්න ඕන නේද?"

"උලව් එස්බි එකක් ඒ කාලෙ තිබුනෙ නෑ බං.... මේ කෝපි කාලෙ කතාවක් බොල! අහගෙන හිටු!"

"හරි හරි කියපංකො"

"ඔන්න හිඟන්න ඇවිල්ල අර අම්මන්ඩිගෙන් පිනට යමක් ඉල්ලුව එලොව ගිහින් මෙලොව ආව කියලත් කිව්ව කතාව අස්සෙ"

"ඉතිං සීයේ?"

"එලොව ගියයි කිව්වම මේ ගොං අම්මන්ඩි ඇත්තටම හිතුව අරූ එලොව ඉඳල ආව කියල"

"ඉතිං ඊට පස්සෙ?"

"ඊට පස්සෙ ක‍ාලෙකට ඉස්සර එලොව ගිය තමුන්ගෙ දුව ගැන අහල, අරූගෙ කතා වලට රැවටිලා දුවගෙ කනකර ආභරණ ‍ටිකයි අතේමිටේ තියන සල්ලි ටිකයි අර තක්කඩියට දීල දැම්ම"

"හිහ් හිහ් හිහ්.... හරියට එෆ්බී එකේ අක්කල හැම දෙයක්ම එක දවසෙන් අයියලට දෙනව වගේ නේද සීයේ?"

"ඔව්වොව් හරි හරි උඹ පුංචි එකා පැහෙන්නෙ නැතුව හිටහංකො! ඔන්න වස්තුව අරගත්ත තක්කඩිය විජහට පැනල ගියා.... මේ අතරෙ අර යෝදිගෙ මනුස්සය ගෙදර ආව... වෙච්ච සිද්ධිය දැනගත්තම මිනිහට යකා නැග්ග, අස්සය පිටට නැග්ග උන්දැ හොරා අල්ලන්න පිටත්වුනා "

"ඒ ගමන නං හොරාට බඩ පිරෙන්න දෙන්න ඇති නේද සීයේ?"

"ඈත මිනිහෙක් අස්සය පිට එනව දැක්ක හොරා දැනගත්ත වැඩේ.... ඌ විගහට ගහකට නැගගත්ත.... කළු අප්පුව හොරා අල්ලන්න ගහට නඟින අතරෙ අරූ අත්තක් දිගේ බැහැල අස්සයත් අරං පැනල ගියා...."

"අම්මට සිරි සීයේ........ ඌ මාර බුලට් එකක් තමයි.....ඉතිං?"

"දැං ඉතිං කරපු මෝඩකම ගෑනිට කියන්නයැ..... කළු අප්පුව ගෙදර ගිහිල්ල කිව්ව දෝනියැන්දට අප්ප ගානෙ අස්සයත් දුන්න කියල!.... අනේ මෙහෙම මෝඩයො! ගේ අතගාගත්ත හොරාට අස්සයත් දීල දැම්ම!"

"නියම කතාව සීයේ... හැබැයි ඒ ජෝඩුවට මෝඩයො කියන එකට නං මං කැමති නෑ"

"හෑ! ඒ මොකෑ?"

"ඇයි සීයේ දැං ඔය ඌව පැත්තෙ වෙන්නෙත් ඔයවගේ කේස් එකක්නෙ"

"ඒ කිව්වෙ පුතේ.... කියහං බලන්න තේරෙන්න"

"දැං විපක්ෂෙ කට්ටියට ඌවෙ ඡන්දෙ කොරන්න ආණ්ඩුවෙ කට්ටිය ඉඩ දෙන්නෙ නෑනෙ සීයේ.... ගහනව කුඩු කරනව පුච්චනව.... ඔහොමයිනෙ..... අනෙක පොලීසිය ඉස්සරහනෙ ගහන්නෙ...."

"ඉතිං?"

"ඔන්න විපක්ෂෙ කට්ටිය මේ ගැන මැකෝට පැමැණිලි කලා...."

"ඉතිං?"

"ඉතිං සීයේ මැකෝ කියනව ගැහිල්ල නවත්තන්නෙත් නැත්තං පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නෙත් නැත්තං එතුමාට කරන්න තියෙන්නෙ කලබල තියන තැන්වල ඡන්දෙ අවලංගු කරන එකලු"

"ඉතිං බං ඒක අර තක්කඩියට අස්සයත් දුන්නටත් හපංනෙ! දැං ඕනනං බැරිය අවාසි තැනකට ගහල ඡන්දෙ අවලංගු කරගන්නත්....?"

"ඒකනෙ සීයේ මාත් කියන්නෙ! අර ජෝඩුව මෝඩයි කිව්වට ඊට වැඩි....."

"හා හා කට කට! ඔන්න ඕව කිවන්නෙ නැතුව අර නංගිත් එක්ක කෝම්පිට්ටු හදපං...."


33 comments:

  1. "හා හා කට කට! ඔන්න ඕව කිවන්නෙ නැතුව අර නංගිත් එක්ක කෝම්පිට්ටු හදපං...////
    ඔව්වොව්...
    කොම්පිට්ටු හදපං...

    ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කීවළු නේද රාජ්... කොතෙන්ට කොතෙන්ට හරි වනල ඡන්ද ටිකක් හැළුවොත් කාටද නේහ්

    ReplyDelete
  2. සීයයි, මුණුබුරයි දෙන්නම එක වගේ නේ...මම නම් වැඩියම කැමති උඩ කතාවට...:P

    ReplyDelete
    Replies
    1. ”මම නම් වැඩියම කැමති උඩ ???"

      Delete
  3. මැකෝ සීයා ඒක කරාවි මිනිහට ඉඩ දුන්නොත්.. මම නං හිතන්නෑ තාම යුඇම්පියට හොද තැනක් එහේ තියෙනවා කියලා..

    කෝම උනත් දැං කාලේ මුණුබුරෙක් උනත් සීයට “හා කියපංකෝ ඉතිං“ කියන එක නාකයි..

    ReplyDelete
    Replies
    1. දේශක මේ සැරේ සමස්ථයක් විදියට ගත්තාම තවම එක පක්ෂයකට වත් ලොකු බලයක් පෙන්වන්න බැරි වෙලා තියෙනවා මං දැක්ක තරමින් කොම වුනත් ජනාධිපති තුමා කෙලින්ම ජන්දේට මැදිහත් වීමක් කරයි තවත් ඉස්සරහට යුද්ධෙ ගැන කියල විවෘත කිරිම් කරලා තවත් .. ඉතිං ජන්ද ය වෙනසක් වෙන එකක් නෑ ලොකු ,හැබැයි ලොකු කඩා වැටිමක් වෙයි ආණ්ඩුවේ පැත්තෙන් ,..

      Delete
    2. ඔව් සහෝදර පුත්‍රයා....

      Delete
  4. තාප්ප හෙම නැති හින්දා ගස් ගල් උඩ සිනාසෙමින්
    පාප්ප කඩදාසි වලට කෝටි ගණන් යටකරමින්
    පීප්ප වැනි දාර සිරුරු කරලිය වෙත පා කරමින්
    රීප්ප වැනි දනන් යලිත් වරක් ගොනුට අන්දවමින්

    ඕන් එනවා.... අවඩා ආයිබෝ...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක, "V" ගේ කවිය හා සින්දු ඇනෝගේ කොමෙන්ට්ස් එකසේ රස වින්දෙමි..

      රාජ්ගේ දක්ෂතාවය මෙයම තමයි..

      Delete
  5. ඇත්තටම ඕවා හිතන්නේ නැතුව කොම්පිට්ටු හැදුවනම් හොඳයි තමයි ,

    ReplyDelete
    Replies
    1. කාත් එක්කද ඉවාන්?

      Delete
    2. ඇයි ඉවාන් අර ...චේන්ජ් කරන ඔපරේශන් එකක් කරගන්නද ඉන්නෙ?
      ඒක නැතුව එයා එක්ක බෑ

      Delete
    3. කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන්
      වනිතක්කට කන්නට දැන් කෝම් පිට්ටු ඉදියන්..............


      කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන්..
      පුංචි පුතුට කන්නට දැන් කෝම් පිට්ටු ඉදියන්.
      මතකයි බාලේ මා නැලවුන තාලේ
      මගේ පුතුත් මා පෙර මෙන් නැළවෙන මේ කාලේ ..

      අම්මි පුතුට ආදරෙයි - තාත්ති පුතුට ආදරෙයි
      ආදරයේ නාමයෙන් කෝම්පිට්ටු ඉදියන්
      මතකයි බාලේ මා නැලවුන තාලේ
      මගේ පුතුත් මා පෙර මෙන් නැළවෙන මේ කාලේ ..

      කෝම් පිට්ටු කන විලසින් - තොල් පෙති දෙක රහසේ
      සලවන සුදු පුතා උනත් - සිප ගන්නට සිතුසේ
      මතකයි බාලේ මා නැලවුන තාලේ
      මගේ පුතුත් මා පෙර මෙන් නැළවෙන මේ කාලේ ..
      කෝම් පිට්ටු ඉදියන් ....

      ගායනය - මායා දමයන්ති
      https://www.youtube.com/watch?v=YluVrG3AhRs

      Delete
    4. ප්‍රා - නෑ එයාට චේන්ජ් කරන ඔපරේෂන් එක කරන්න හදන්නේ හැක හැක හක

      Delete
    5. උඹ දැන් එව්වත් කරනවද

      Delete
  6. රාජ් ඌවෙ දේශපාලනය ගැන නම් වැඩක් නැ කතා කරලා .
    මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා නම් කිවේ එලොව ගිහින් මෙලොව අවා කියලා .මැකෝ කියනවා ඇත්තේ ඌවෙ ගිහින් කොළඹ අවා කියලා වෙන්න ඇති ...

    රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
    හැට්ට රෙද්ද උජාරුවට
    අස්සය පිට නැග යනකොට
    දකින දකින අය කියාවි
    ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
    'කළුඅප්පුගෙ දූ'යි කියල
    කනකර බඩු දුන්නෙ කවුද
    'කළුහාමියි දුන්නෙ ඒව'
    සුදු අස්වය දුන්නෙ කවුද
    'කළුඅප්පුයි දුන්නෙ ඌව'
    අම්ම දුන්න කනකර බඩු
    අප්ප දුන්න සුදු අස්වය

    රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
    හැට්ට රෙද්ද උජාරුවට
    අස්සය පිට නැග යනකොට
    දකින දකින අය කියාවි
    ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
    'කළුඅප්පුගෙ දූ'යි කියල.....

    ගා‍ය‍න‍ය‍ - ජයලත් මනෝරත්න

    අහන්න - (https://app.box.com/s/owtyw1z1n9088fu3w17k)

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක, "V" ගේ කවිය හා සින්දු ඇනෝගේ කොමෙන්ට්ස් එකසේ රස වින්දෙමි..

      රාජ්ගේ දක්ෂතාවය මෙයම තමයි..

      Delete
    2. @සින්දු ඇනෝ.... ඔය හැම තැනම සින්දු දාගෙන යන එකේ ඒවා කොපි පේස්ට් කරලා එක බ්ලොග් එකක පිළිවෙලට ඒ ටික දාලා තියපන්කෝ... සින්දු කොමෙන්ට් නවත්තලා බ්ලොග් එකක් කරගෙන යන්න කියනවා නෙමෙයි, ඒවා එක් තැනක තිබ්බොත් ප්‍රයෝජනවත් වෙයි කාට හරි (මට වගේ )... ඔය කොමෙන්ට් එකක් දැම්මට පස්සේ.. ඒකම කොපි පේස්ට් කරලා පොස්ට් එකක් දාලා තිබ්බා නම් හරි...

      මම එහෙම කියන්නේ උඹ දාන සමහර සින්දු මම අහලා තියන ඒවා වත් නෙමෙයි... අනික තමයි, උඹ මාතෘකාවට ගැලපෙන සින්දු ක්ෂණිකව දාන එක... කොහොම හරි ඒ කාරනේ සලකලා බලපං...

      Delete
    3. අගය කිරීමට තුති මචෝ .....

      බ්‍රෑන්ඩ් එක ගල් ...

      මචං හොද සින්දු සෙට් එකක් තියන හොද බොලොග් එකක් "ගී පැදුර".ගිහින් බලන්න
      http://geepadura.blogspot.com/

      Delete
  7. ඔය සීයටම නේද පැරා පොඩි කාලෙ පස් කකා හිටපු මීයගෙන් චූ යන්න ටොක්කක් ඇනල තුට්ටුවක් හොයා ගත්තෙ.

    සීය මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා..

    ඕන් එනවා.... අවඩා ආයිබෝ...

    ReplyDelete
  8. කෝ.....බං උඹේ ලව් බොන ඇනේ .....
    ගොල්ලිෆ් එක ගහගෙන ,,,,,,ඔපීස් ....එකේ.....

    ReplyDelete
  9. පෝස්ට් එක, "V" ගේ කවිය හා සින්දු ඇනෝගේ කොමෙන්ට්ස් එකසේ රස වින්දෙමි..

    රාජ්ගේ දක්ෂතාවය මෙයම තමයි..

    ReplyDelete
    Replies
    1. තැටිය ප්‍රථිවාදනය වෙනව වගේ!

      Delete
  10. කෝම්පිට්ටු හදලා මදි. මේ පාරත් උන්ගේ පිට්ටුවම හොඳයි කියලා ආණ්ඩුවටම චන්දෙ දෙන අය තමන්ගේම පිට්ටුව කාගනිල්ලා දෙකට නැවිලා.

    ReplyDelete
  11. ඒ කියන්නේ චන්දෙ නැගලා යනවා එහෙනම්

    ReplyDelete
  12. @රාජ් ඔයා දැක්කාද දිනිති නංගි අමු මිරිස් කරල් තුනක්ම එකට කටට ගන්නවා? රනාගෙ මිරිස් කරලයි, චමීරගේ මිරිස් කරලයි, වෙනි අයියගේ මිරිස් කරලයි තුනම එකට කටට ගන්න හැටි බලන්න ලස්සනයි. මාතලන් ඔයාත් ජොයින් වෙන්නකෝ අමුමිරිස් චැලේන්ජ් එකට. අමු මිරිස් කරල් තුනක් පුකේ ගහගෙන "අපේ රනා පළාත සභාවට යවමු" කිය කියා දුවන්න විතරයි තියෙන්නේ ඔයාත් ජොයින් වෙනවා නේද? නැත්නම් රනා පව්නේ මෙයා.

    https://www.youtube.com/watch?v=DfF6Y085sl0

    ReplyDelete
  13. බොලෙ හැබැව නෙන්නන්

    ReplyDelete
  14. බඩුත් හාංදුරුවන්ගේය, නඩුත් හාංදුරුවන්ගේය, නඩුව බලවා, බඩුව නලවන්නේද උන්දෑය! ගිරවාට ඇත්තේ කියන දේ කීම මිස වෙන අහවල් එකක්ද ආයොබෝං?

    ReplyDelete
  15. අම්මපා අස්පයත් දීලා නේන්නම්..
    දැන් ඉතින් ආඩම්බරයෙන් කියන්න තියෙන්නේ " ආo යන්නේ කලු අප්පුගේ දූ" කියලා තමා.
    (මේ කට්ටිය ගැන මමත් සටහනක් ලියුවෙමි. එය ලබන සතියට. රාජ් ඉස්සර වෙලා)

    ReplyDelete
  16. ඇත්තටම ඕවා හිතලා වැඩක් නෑ.. ඔන්න ඔහේ කෝම්පිට්ටුවක් හදමු,..හැදුව කලයක් මතක නෑ..

    ReplyDelete
  17. අනෙ මන්දා බං.. පත්තරේකවත් දැක්කේ නෑ ඔය ඡන්දේ ගැන වැඩි විස්තරයක්...

    ආයෙත් තමන්ගේ රටට යන්න ටිකට් එක ගන්න සල්ලි නැතිව එකෙක් මොනවද හොර බිස්නස් එකක් කරලා අහුවුණාම, ඌව 'පිටුවහල්' කලාලුනේ...

    ReplyDelete
  18. මෙන්න රාජ් අර හිටපු සීජේ වගෙ මතක් කරල දෙනව කරන්න ඕනෙ වැඩේ කල්තියාම..!

    ReplyDelete