Thursday, October 9, 2014

සරත් සහ සහෝදරයෝ, ෆොන්සේකා, රනිල් සහ අරාජිකත්වයේ අභියෝගය.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරයාට තෙවැනි වරටත් ඉදිරිපත් වීමට නොහැකි යයි සරත් එන් සිල්වා මහතාගේ තර්කය මේ දිනවල කතාබහට ලක්වන්නකි. තර්කය ඉදිරිපත් කරන සරත් එන් සිල්වා යනු හිටපු අගවිනිසුරු වීම තර්කය තවත් තීව්‍ර කරන්නකි. මූලිකවම ඔහු, තමා ඉදිරිපත් කරන තර්කයට පදනම් කරගන්නේ "ඕනෑම නීතියක් ඉදිරියට බලපැවැත්වෙන බවත් අතීතයට බලපෑමක් සිදුවීමට නම් එය විශේෂයෙන් ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් කලයුතුය" යන්නය. දහ අටවැනි සංශෝධනය ඉදිරිපත් කරන මොහොත වනවිටත් ජනාධිපතිවරයා නැවත පත්වීමට ඉල්ලීම සඳහා නුසුදුස්සෙක්ව සිටි අතර, උක්ත සංශෝධනයේදී ඔහු නැවත පත්කිරීමේ විධිිධානයක් විශේෂයෙන් ඇතුලත් කර නොමැති බැවින් ඔහු නුසුදුස්සෙක් බව හිටපු අගවිනිසුරු වරයාගේ තර්කයයි.

මීට ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ශක්තිමත් තර්කයක් ඉදිරිපත් වූයේ අධිනීතීඥ ගෝමීන් දයාසිරි වෙතිනි. ඔහුගේ තර්කය පදනම් වන්නේ කරුණු දෙකක් මතය.
1. නීතියක් බලපැවැත්වෙන්නේ අවස්ථාව මතය. ඒ අනුව ජනාධිපතිවරයා තෙවැනි වතාවට තෝරා පත් කරගැනීමට නියමිත අවස්ථාවේදී (එනම් මේ සටහන ලියන මොහොතේ සිට ජනාධිපතිවරයාගේ ධූර කාලය නිල වශයෙන් අවසන් වන 2016 අදාල දිනය දක්වා ඕනෑම වේලාවක) මුලින් තිබූ බාධකය(දෙවතාවක් පත්වීම) ඉවත්ව ඇති නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිය.

මෙම තර්කයේ වලංගු භාවය පෙන්වීමට අතීත පූර්වාදර්ශයක්ද ගෝමීන් දයාසිරි මහතා ඉදිරිපත් කරයි. එනම් කාන්තාවන්ට ඡන්ද බලය නොතිබූ සමයේ, ඡන්දය ප්‍රකාශ කිරීමට නොසුදුසුව සිටි සියළු කාන්තාවන්ට, පනතක් මඟින් ඡන්ද බලය හිමිවිය. එහෙත් ඒ වනවිට වයස සම්පූර්ණ කල කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සඳහා අතීතයට බලපවත්වන විශේෂ විධිවිදානයක් අවශ්‍ය නොවීම ඔහු දක්වයි.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වැනි ව්‍යවස්ථාවෙන් දැක්වෙන්නේ ජනාධිපතිවරයා වශෙයන් තෝරාපත් කර ගැනීමට නුසුදුසුකම්ය. ඒ මෙසේය,

(අ) වයස අවුරුදු තිහ (30) සම්පූර්ණ කර නොසිටීම;
(ආ) 91 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඈ), (ඉ), (ඊ) හෝ (උ) ඡේද යටෙත් පාර්ලිෙම්න්තු මන්තීවරයකු ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු වීම;
*[(ඇ) ඉවත් කරන ලදී.]
(ඈ) 38 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේද‍යේ විධිවිධාන යටෙත් ජනාධිපති ධුරෙයන් ඉවත් කරනු ලැබ සිටීම, යන නුසුදුසුකම්වලින් කවර වූ හෝ නුසුදුසුකමකට යටත්ව සිටී නම් මිස, ජනාධිපතිවරයා වශෙයන් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් වන්නේය.


මෙහිදී (ඇ) යටතේ කලින් තිබූ "දෙවතාවක් තොරාගැනීම" යන්න ඉවත් කර ඇති බැවින් තෙවැනි වාරය සඳහා ඉල්ලීමට බාධාවක් නැත.

මේ අනුව දෙපැත්තේ ඇති තර්කවල වලංගුභාවය බේරාගත යුත්තේ අධිකරණයට යාමෙනි, වඩාත් නිවැරදිව කිවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමෙනි. අධිකරණයේ වත්මන් තත්වය අනුව තීරණය කලින්ම නිගමනය කිරීම අපහසු නොවේ. මතුව ඇති අර්බුධය ඒ ආකාරය වුවද කතා කිරීමට සූදානම් වූ මාතෘකාව එය නොවේ.

මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ සරත් එන් සිල්වා සමඟ රට පුරා යමින් සිටියි. ඒ උක්ත නීතිය පිළිබඳ දේශන පවත්වමිනි. නීතිය කුමක් වුවත් අවසානයේ තීන්දුව ලැබෙන්නේ කවුරුන්ට වාසිදායකවද යන්න ජවිපෙ නොදන්නවා විය නොහැකිය. එසේ නම් නීති තර්කයක් ගැන කතා කරමින් රටපුරා යාමේ ප්‍රයෝජනය කුමක්ද? මහින්ද රාජපක්ෂ මහතා තෙවැනිවර ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් ජවිපෙ තරග නොකරන කතාවක්ද එහෙන් මෙහෙන් ඇසේ. ෆොන්සේකා මහතාද සිටින්නේ මෙම මතයේය. පෙරටුගාමී සමාජවාදීන්ගේ පැත්තෙන් කුමාර් ගුණරත්නම්ද තරග කිරීමට සූදානමින් සිටින කසුකුසුවක් ඇසේ. සෝභිත හිමියන් තමන්ව පොදු අපේක්ෂකයා යැයි කියා නොකියා වැඩසිටී. රනිල්ද ජනාධිපති සිහිනයේ කිමිදී සිටියි. මේ කලයුත්ත වෙනුවට නොකලයුත්ත කරන අරාජික කාලයයි. පොදු අපේක්ෂක කතා යට ගොස් ඒ මදිවාට විධායකයද අවුලක් නැති යයි කියන තැනට ඇවිත්ය. දෙන දෙයක් කාබී මහින්ද‍ට කතිරය ගසන්නට අපටද සිතුනොත් පුදුමයක් නැත!

52 comments:

  1. ගෝමීන් දයාසිරිගෙ තර්කයට කිසිම පදනමක් නෑ. ඇත්තටම එතන තර්කයක් නෑ, වචන හරඹයක් කරලා සිද්ධිය පටලලා තියෙන්නෙ. හැබැයි සරත් එන් සිල්වාගෙ තර්කෙට පදනමක් තියෙනවා, එනම් මහින්දව ජනතාව දෙවැනිවර තෝරා පත්කර ගන්න කොටම ඔහු තුන්වෙනි වතාවට නුසුදුස්සෙක් වන බව. හැබැයි 18වෙනි ව්‍යවස්ථාව ගෙනල්ල එම නුසුදුසුකම අයින් කළත් එය බලපාන්නෙ අනාගතයට. අතීතයට බලපාන්නෙ නෑ. එසේ කිරීමට නම්, අතීතයට බලපාන ලෙස එය සංශෝධනය විය යුතුයි. තවත් එකතු කිරීමක් තියෙනවා, එනම් පණතක් අතීතයට බලපාන ලෙස වෙනස් කළත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එසේ අතීතයට බලපාන ලෙස සංශෝධන කළ නොහැකි බව.

    ReplyDelete
    Replies
    1. ගෝමීන්ගෙ තර්ගයේ ගතයුත්තක් නෑ කියන්න බෑ. මොකද ඔහු තර්ක කරන්නේ නීතිය බලපවත්වන්නේ ජනාධිපතිවරණය කැඳවූ අවස්ථාවේ කියලයි. ඒකට දුන්න උදාහරණයත් හිරි. අතීතයේ කාන්තාවන්ට ඡන්ද බලය තිබුනෙ නෑ. ඊට පස්සෙ පනතක් ගෙනාව කාන්තාවන්ට ඡන්ද බලය හිමියි කියල. නමුත් ඒක ඉදිරියට බලපවත්වල නීතිය ගෙනාවට පස්සෙ වයස සපිරෙන අයට විතරක් නෙවේ ඡන්ද අයිතිය දුන්නෙ. එවකට වසස සම්පූර්ණ කල හැමෝටම දුන්න.

      මේ වගේම කේස් එකක් තියනව අපිටත් අදාලව. අපි රාසේට බඳවා ගත්ත අවස්ථාවෙ තිබුන නීතිය අනුව දෙවැනි ශ්‍රේණියේ යම් අවස්ථාවක දෙමළ භාෂා විභාගයක් සමත් වියයුතුව තිබුනා. නමුත් පසු කාලයක සේවා ව්‍යවස්ථාවෙන් අර කෑල්ල ඉවත් කරල 2007.07.01න් පසු බඳවාගත් අයට පමණක් දෙමළ අනිවාර්ය කලා. එතකොට අපිට ඔයවගේ නීතියක් බලපෑවෙ නෑ.

      Delete
    2. ගෝමින් දයාසිරි කියන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරණයක ගේ පුතා ද?

      Delete
    3. ඔහු ආතර් v ඩයස් පවුලේ කෙනෙක් [කොස් මාමා]

      Delete
    4. @ රාජ්; ගෝමීන් තත්වය අවුල් කරලා තියෙන්නෙ. දැන් කාන්තාවන්ගෙ ඡන්ද අයිතිය කියන එකට , පණත ගෙන එන්නෙ එම ඡන්ද අයිතිය අහිමිවූ කාන්තාවන් සඳහාමයි. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ 18 සංශෝධනය ගෙන එන්නෙ ජනාධිපතිවරණය දෙවෙනිවර තෝරා පත්කරගත් නිසා තෙවෙනිවරට ජනාධිපතිවරණයට ඉල්ලීමට නුසුදුසු වූ අගේ නුසුදුසුතාව ඉවත් කිරීමට නෙවෙයි; එහිවූ ජනතාව විසින් දෙවරක් ජානාධිපති ලෙස පත් කරගත් යන්න ඉවත් කිරීමටයි. මේ නිසා තමයි සරත් එන් සිල්වගෙ තර්කයෙ යම් තාර්කිකභාවයක් තියෙන්නෙ.

      Delete
    5. ගෝමින්, එන්.කියු. දියෙස්ගේ පුතා. එන්.කියු. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම් කෙනෙක්. බණ්ඩාරණායක බලයට ගේන්න බෞද්ධ පුනරුදේ තොරොම්බල් කරපු කෙනෙක්.

      Delete
    6. දයාසිරි නෙමෙයි දයාස්‍රී (dayasri) .
      නම Sinhalize වෙන්න සමහරු Dias = දියෙස් භාවිතා කලා.
      N Q Dias හොඳටම සිංහල කරල පුතාට දයාස්‍රී

      Delete
    7. @ රාජ්.....

      ඔබ ගෝමින් දයාසිරිගේ කාන්තාවන්ගේ ඡන්ද අයිතිය ගැන කියන කතාව හරි... ඒත් මට හිතෙන්නේ දෙවැනි වර කියන කතාව නැතුව අවසන් වතාවට (ව්‍යවස්ථානුකූලව) ජනාධිපති වුණ කෙනෙකුව ඒ වතාවේ ජනතාව තෝරාගන්නේ අවසන් වතාවට..ඒක දැන් වෙලා ඉවරයි.. ඒකට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා වෙනස් කරන්න බැහැ කියන එකයි තර්කය විය යුත්තේ... දෙවැනි වතාව තුන්වැනි වතාව දානවට වඩා ගැලපෙන්නේ අවසන් වතාව කියන එකයි......

      Delete
    8. මම නිනී හදාරපු කෙනෙක් නෙවෙයි. පොඩ්ඩක් පැහැදිලි කරන්න මේක . අයි මහින්දට 3වෙනි වර බෑ කියන්නේ?

      මහින්ද 1වෙනි සහ 2වෙනි වර ඉල්ලන කොට "දෙවතාවක් තොරාගැනීම" නුසුදුසු කම සැලකුවා සහ ඔහුට එම අවස්තා වල දෙකේදීම ඒක බලපෑවෙ නෑ . ඒ එවෙලේ තිබුන නීතිය.

      එතකොට මහින්ද 2වෙනි වර අවසන්කර 3වෙනි වර ඉල්ලනවානම් ඒ වෙලාවට අදාළව නුසුදුසු කම් බලනකොට නිඉතියේ කියල නෑ "දෙවතාවක් තොරාගැනීම" නුසුදුසු කමක් කියල, මොකද ඒ වෙනකොට නීතිය වෙනස් වෙලා. මේ නීතිය අදාල වෙන්නේ කිසියම් හෝ අවස්ථාවක යම්කිසිවෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉල්ලන්න ඉදිරිපත් වෙනකොට ඒ අවස්ථාවේදී ඔහු/ඇය සුදුසුද නැද්ද කියල බලන්න නේද?

      -ප.ගෝ.

      Delete
    9. ප.ගෝ
      මාත් නිවැරදියි කියල හිතන්නෙ ඔය තර්කය.

      Delete
    10. මටත් හිතෙන්නේ සරත් එන්. සිල්වාගෙ තර්කය වැරදියි කියලා තමයි. දෙවෙනි වතාවට පත්වෙනකොටම, ඔහු නැවතත් තෝරාපත්කරගැනීමට නුසුදුස්සෙක්ය කියන තර්කයේ මහා විහිළු ස්වභාවයකුත් තියනවා. ඒක නිකං, ජනාධිපති ලෙස පත්වෙනකොටම, ඒ පුද්ගලයා ජනාධිපතිකමට නුසුදුසු පුද්ගලයෙකුත් වෙනවා වගේ දෙයක්...

      Delete
  2. ජවිපෙට හවුලකට යන්නත් අමාරුයි.....ජනාධිපතිවරණ තනියෙන් ඉල්ල්ලා ජාම බේර ගන්නත් අමාරු හින්දා,ජවිපෙ පැත්තෙන් රැවුලයි කැඳයි දෙකම බේරා ගන්න නොයා ඉන්න හදනවා වාගේ

    ReplyDelete
  3. ඉල ඇදෙනව අප්ප මේ කතාවලටනම්.
    හිනා ගියපාරට පඩයකුත් ගියා.
    ඔෆීස් එකේ ඉස්සරහ මේසෙ ඉන්න ලේඩි එබිල බැලුවා

    ReplyDelete
  4. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදහස් විමසනවා කියන්නේ මහින්ද මහත්යාට ආයේ ඉල්ලන්න පුළුවන් කියල නිසා මේ ගැන කතාකරල වැඩක් නෑ...
    කුමාර් ගුනරත්නම් , ආවොත් අත්තඩංගුවට ගන්නවා කියලා කව්ද යෝදයෙක් කියල තිබුනා

    ජ ය වේ වා !!!

    ReplyDelete
  5. මහින්ද ඉල්ලනවා.. ඒ වගේම, මහින්ද උඩින් දිනනවා.. මොකෝ මහින්ද මඩට සහන දෙනවා.. මම හිතන්නේ මොකා කියෙව්වේ නැති උනත්.. මහින්ද බොගුත් කියවනවා.. මොකෝ මේවා ලියන්නේ පැරා, රාජ් වගේ කීප දෙනෙක් නිසා..

    විකල්පයක් නැතුව වෙන එකෙක් අහවල් එක කොරන්නය.. මාත් මහින්දට දෙනවා.. ගිය සැරෙත් මහින්දට දුන්නේ.. කොහොමත් මට මගේ ඡන්දයට වටිනා කමක් ඕන..

    ReplyDelete
    Replies
    1. මඩට යන්න බඩට යනුවෙන් නිවැරදි විය යුතුය.. මඩද බාල්දි ගනන් ලෑස්ති කොර ඇති බවට නිල වාර්ථා ලැබෙමින් පවති...

      Delete
    2. උඹට දෙන්ඩ එකෙක් නැතිම නම් ඔය චන්දෙ රෝල් කරල Puකේ ගහ ගනින් මාතලන්, මහින්දයට දෙන්නෙ නැතුව

      Delete
    3. හා මචෝ.... චන්ද පොලේදි ප්‍රධානියගෙන් අවුලක් ආවේ නැත්නම් මම එහෙම කරන්නම්..

      Delete
    4. හා උඹ මෙච්චර කල් වටේ තල තලා හිටියෙ ඔය ටික කියාගන්න නේද .

      Delete
    5. මහින්දට මෙම ජනාධිපතිවරණය දිනන්න තිබෙන අවස්ථාව බෙහෙවින් සීමිතය. වික්ටර් අයිවන්ට අනුව මෙසේය; "රටේ ජනගහනය 100 ක් කියා සැලකුවහොත් මහින්දට ජනාධිපතිවරනයේදී 50%ක් ගන්න නම් සිංහල බෞද්ධ ජනයා 69 දෙනා අතුරින් ජන්ද 50 ක් ගන්න ඕනි. ඒත් අබෞද්ධ ජන්ද දිනා ඇති රනිල්ට ඉහත කි සිංහල ජන්ද 69 අතුරින් ලබාගැනීමට අවශ්‍ය වන්නේ ජන්ද 19 කි" මෙය තර්කයට කෙසේ එකඟ වුණත් මම හිතන්නේ මහින්ද බොහොම අමාරුවෙන් මෙවරත් ගොඩ යන බවයි. නමුත් මෙවර ගොඩ ගියත් ඊලඟවර ගොඩ යාම කෙසේවත් සිදු නොවේ. (සන්ධාන වෙනත් අපේක්ෂකයෙක් යටතේ හෝ) යම් හෙයකින් ඉදිරි ජනපතිවරණයක් දිනා ගන්නා එජාප අපේක්ෂයකයෙක්, තව අවුරුදු 20කට වඩා සෙලවිය නොහැකි ඒකාධිපති රජයක් පිහිටවනු ඇති. අවශ්‍ය කරන්නේ මේ සිස්ටම් එක වෙනස් කිරීම (විධායක ජානාධිපති ක්‍රමය ) මිස මහින්ද හෝ වෙන අයෙක් පැරදවීම නොවේ.

      Delete
    6. වටේ තලන්න දෙයක් නෑ හැලපේ... මම හැමදාම කියන්නේ ඔය කතාව..

      Delete
    7. මාතේ ඔන්න බඩට සහන දීලා , ගෑස් 250 කින් අඩු කරලා දැන්

      Delete
    8. මාතා...උඹ ඔතනට එන බව මමත් හිතුවා, මහින්ද බඩට දෙන සහන තියෙන්නේ කොයි ලෝකෙද බං....මිනිස්සුන්ගේ ආදායම සහ වියදම ඇහුවාම පිස්සු හැදෙනවා. ක්‍රෙඩිට් කාඩ් බජට් එකේ මිනිස්සු දුවන්නේ.

      Delete
    9. මහින්ද රාජපක්ෂ මැරෙනකන් ජනාධිපතිය. මේ ගැන වාද විවාද කරගෙන කාලය නාස්ති කිරීමත් අමු අපරාධයකි.
      ඕං කිව්වා !
      :)

      Delete
    10. මට අළුතෙන් එන්න දෙයක් නෑ අරූ.. මම හැමදාම හැම පෝස්ට් එකේම කිව්වේ අළුත් විකල්ප්යක නැත්නම්.. දන්න යකා නොදන්න යකාට වඩා හොඳටම හොඳයි කියලා..

      Delete
    11. බඩට චන්දෙ දෙන එවුන්ට කොහොමත් ඔලුවක් තියෙන්න බැහැ.

      Delete
  6. //"අධිකරණයේ වත්මන් තත්වය අනුව තීරණය කලින්ම නිගමනය කිරීම අපහසු නොවේ""// දාන්න හිටපු කමෙන්ටුව ,පොස්ට් එකේම තිබ්බා

    ReplyDelete
  7. තුන්වෙනි පාරත් මහින්ද එනවා.මහින්දට බැහැ කියනවාට වඩා මහින්දව පරාජය කරන්නේ කොහොමද කියන එකයි බලන්න ඕනේ.මොකද දැන් රටේ අධිකරණ තියෙන්නේ නමට නිසා ඕකට උසාවි ගිහින් වැඩක් වෙන්නේ නැහැ වෙන්නේ නැහැ.

    ReplyDelete
  8. මට හිතෙන්නෙ මේ පාර ඉතිහාසෙ අඩුම ඡන්ද ප්‍රකාෂිත ප්‍රමාණය හැටියට වාර්ථාවක් තියේවි. පාවෙන ඡන්ද සහ පෙරමුණේ සමහර මිනිස්සු මහින්දට දෙන්නෙ නෑ වගේම, තාම රනිල්ට දෙන්න හිත හදාගෙනත් නෑ. හැබැයි, රනියට පුලුවන් උනොත් යූ එන් පී ගොඩ නැගිට්ටවන්න, මිනිහගෙ බෝනස් සුළු ජාතික ඡන්දත් එක්ක දිනන්න තීන ඉඩ වැඩී අර ඉබි හා රේස් එකේ වගේ.

    මහින්දව එළවන්න, පරද්දවන්න අපි කලබල වෙන්න ඕනෙ නෑ, මහින්දලම ඒක කරගෙන යනව ලස්සනට. තානාපතියට ගහල, අන්තවාදියො ෆෝම් කරවල දැන් කතෝලික ඡන්දත් සෑහෙන්න ඉවරයි. අනික පාප් එන්නෙ ලංකාවෙ කාදිනල් නිසා මිසක් එයා නිසා නෙමෙයි කියන එක උන් දන්නව.ඉතින් ඒකෙ වාසියකුත් නෑ. මුස්ලිම් දෙමළ ඡන්ද ගැන කියන්න දෙයක් නෑනෙ.

    ReplyDelete
  9. ඔය මොන තර්ක ගෙනාවත්...ලොක්කා ඉල්ලනවා..මිනිස්සු පොරට දෙනවා. විපක්ෂේ තාම සංවිධානය වෙලා නෑ.. බයිල කියකියා ඉන්නවා විතරයි. ෂුවර් එකටම දෙමල සංධානයෙන් පොරක් දානවා. එතකොට දෙමල ඡන්දත් ඒගොඩට යනවා...යූ එන් පී යට පී වෙනවා.

    ReplyDelete
  10. මහින්දට තුන්වෙනි වරමට ඉල්ලන්න බැහැයැ කියන ලෝ පොයින්ට් එක රට වටේ ගෙනියන කොනත්‍රාත් එක අරන් තියෙන අය, පෙරදා කල දේවල් සහ ඔවුන් කවුරුන්ද දන්නා අපිට, මෙයත් මරාගේ තවත් අපහට සූප්පු කිරීමට වීසිකරන ලද ටොපියක්ද කියා සිතේ.
    යූඇම්පිය තිස්ස ලව්වා (බයේද කොහෙද ) තුන්වෙනි පාර ඉල්ලුවාට අපි බය නැහැය, අපිට ෂොක්ය අරකය මේකය කියමින්, ලව්ස්පීකරේ දාගෙන, මරාගෙන් ගේම ඉල්ලන්නේ එය තේරිලා වෙන්න ඕනෑය.
    දෙසැම්බර් වෙනකොට, මරාත් අලුත් ව්‍යවස්ථාවකුත් අරගෙන ගේමට ඒවි....එතකොට මොකද කරන්නේ..මරා පපුවට ගගහා කිව්වොත් කොහොමද මම මේ පාර ආවොත් එක්සෙකටිව් මෙව්වා එක නැතිකොරනවාය කියලා, මට චන්දය දෙන්නය අරකය මේකය කියලා....ආවාට පසු බුදුසාධුගේ ඒජන්ට් උනත් කරන ටික දන්න නිසාය මෙහෙම අපට හිතෙන්නේ...
    එතකොට රාජ්, දෙන දෙයක් කාලා මරාටම කතිරය ගහනවා හැරෙන්නට වෙන කොරන්න ඉටි ගෙඩියක් අපි කාටවත් ඉතිරිවෙන එකක් නැතිය..

    ReplyDelete
    Replies
    1. පෝයට ඊයේ සිල් අරන්, බොන ඇනෝ අද නිදි...!!!!!!!

      Delete
    2. ටොපිය තමයි, චීනා මේ ටොපිය මාකට් කරේ නැත්ත පොකැට් මනී දෙන්නේ නෑ කියලා ජෙප්පන්ට කියන්න ඇති. ජෙප්පන්ට පොකැට් මනී දෙන ඔක්කොම (චාවේස්, ච්න්නු, කුබ්බො) මහින්දට මනාපයි.

      Delete
    3. ලංකා ටෘත් බැලුවහම පේන්නේ ජෙප්පො පුටින්ටත් මනමාලකම් පානවා වගේ පොකැට් මනී ඉල්ල ගන්න, හය්යෝ ජේෂ්ඨ ඇමතිගොල්ල පව්

      Delete
  11. Gomin dayasiri,denatama Bayawela,mokada Mahinda peradunoth,Gominla wage Jathiwadeenta Thiyena selakili nethiwenawata gominla Bayai,Henpitagedara jnanissara,ekka ekathuwela Sinhala pamanai kiyala rata Ginithibba NQ Diyes geputhane,Sarath n Silva kiyanneth loka horek,okage putha Mahindage kasade Malkumarayekuta indalathiyenawa oka Debidda.

    ReplyDelete
  12. ////////////මේ කලයුත්ත වෙනුවට නොකලයුත්ත කරන අරාජික කාලයයි. ///////////////
    වෙන කියන්න දෙයක් නැහැ රාජ්...මේ පුරවැසියාගේ අවාසනාවයි.

    ReplyDelete
  13. මහින්ද තමන්ගේ බලය රැකගන්නේ ඉතා භයානක, නිර්ලජ්ජී, කපටි, සදාචාර විරෝධී ක්‍රම භාවිත කරමින්. අධිකරණය තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරමින්, තමන්ට විරුද්ධ සියලු බලවේග වලට ජඩ විදිහට පහර දෙමින්. ඔහු සාර් කෙනෙකුට, හිට්ලර්ට, වඩා භයානකයි. ඔහු දෙන සීනිබෝලවල ඇති විස අවබෝධ කරගත් පිරිස අඩුයි. ඇත්තටම තවමත් අපේ රටේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් ඡන්දය දෙන්නේ දුරදිග හිතා බැලීමෙන් තොරවයි.

    සාමූහික ප්‍රයත්නයකින් මහින්දව පරාජය කලහැකියි. ස්ථිරවම.

    ReplyDelete
  14. මට පෙනෙන විදිහට ඔතැන ලෝ පොයින්ට් එක මහින්දට තුන්වැනි සැරේට ඉල්ලන්න බෑ කියන එක නෙවෙයි. ඒක දේශපාලනිකව හදා ගත්තු දෙයක්.

    මෙතැන ඇත්ත ලෝ පොයින්ට් එක මහින්දට කාලය ඉකුත් වෙන්න කලින් ධුරයේ ඉඳගෙනම තවත් ජනාධිපතිවරණයක් කැඳවන්න බෑ කියන එකයි. මොකද මහින්ද දිවුරුම් දීලා තියෙන්නේ කලින් තිබුණු ව්‍යවස්ථාව යටතේ. ඔහු කටයුතු කරන්නේ ඒ ව්‍යවස්ථාව රකින්න. (විශේෂයෙන් එහෙම නොවේය සඳහන් කරලා නොතිබුණා නම්) මොකද මහින්ද දිවුරුම් දීපු ව්‍යවස්ථාවට අනුව ඔහුට ජනාධිපතිවරණයක් කැඳවිය හැකි පළමු ධුර කාලය අවසානයේ පමණයි. දෙවැනි එකේදි එහෙම බැහැ. ඔහු අනිවාර්යයෙන් විශ්‍රාම යා යුතුයි. (විශ්‍රාම ගිහින් නැවත ඉල්ලන්න බාධාවක් නැහැ.)

    දැන් මොකද ඉස්සරහට වෙන්න පුළුවන්? මහින්ද ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසුව මැතිවරණ කොමසාරිස්ට ගත හැකි ක්‍රියා මාර්ග තුනක් තියෙනවා.

    1. එය පිළිගෙන මැතිවරණයක් කැඳවීම.
    2. නීතිපති උපදෙස් ඉල්ලීම.
    3. කැඳවීම නොසලකා හැරීම.

    මැකෝගේ ප්‍රතිචාරය අංක 3 නම් රට විශාල අර්බූදයකට යනවා. එනිසා ඔහු ඒ තීරණය නොගනු ඇතැයි සිතිය හැකියි. තීරණය 1 හෝ 2 විය හැකියි. තීරණය 1 නම් මහින්දගේ ප්‍රශ්න එතැනින් ඉවරයි. ජනාධිපතිවරණයක් තියෙනවා. අපේක්ෂකයෝ ඉන්නවා. මහින්ද දිනනවා. ඊට පස්සෙ ගෙමක් නැහැ.

    තීරණය අංක 2 නම් සියල්ල තියෙන්නේ නීතිපති අතේ. නීතිපති ඉන්නේ කොහෙද කියන එක රහසක් නොවන නිසා නැවත අප අංක 1 ට යනවා.

    ඉතින් මොනවා වුණත් මහින්දට ප්‍රශ්නයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. //ඉතින් මොනවා වුණත් මහින්දට ප්‍රශ්නයක් නැහැ.//
      මහින්දට මොන ප්‍රශ්නද බo.
      ජනතාවටනේ ප්‍රශ්න තියෙන්නේ.

      Delete
  15. කොච්චර බයිල ගැහුවත් මහින්ද ඉල්ලනවා.. එච්චරයි..

    ReplyDelete
  16. රාජ්, කමෙන්ට් කපන්නේ ඇයි? ඒක කුජීතයි නේද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඔහේ කියන්නෙ විචාරක මහත්තයගෙ කමෙන්ටුවට යටින් දාපු "හොඳමයි" සහ "හොඳමයි සර්" කියන කමෙන්ටු දෙක ගැන වෙන්න ඕන. .....
      මෙහෙමයි, හරකුන්ට මෙතනට එන්න පුළුවන්. නමුත් ලනුවෙ දිගට විතරයි කන්න පුළුවන්. ලනුව කඩාගන්න හැදුවොත් කවුරු උනත් වත්තෙන් එලවනව. මං හිතන්නෙ පැහැදිලි ඇති.

      Delete
    2. මං කියන්නෙ ඕව නවෙයි මං දාපු වෙනත් කමෙන්ට් කැපීම ගැන. ලජ්ජයි නේද?

      Delete
    3. කමෙන්ට් කැපීමක් මෙම අඩවියේදී සිදු නොවේ. තෙවන පාර්ශව වලට අපහාසාස වන කමෙන්ටු වලට පවා ඉඩදී ඇත(අන්තර්ගතයේ යම් වැදගත්කමක් ඇත්නම්). ඊට අමතරව, ලුහුඬු දැන්වීම් නොමිලයේ පලකරන්නේ සතියක් පමණක් නිසා ලොරියක් විකිණීම සම්බන්ධ කමෙන්ටුවක් කපා දැමුවෙමි. එපමණය! ස්පෑම්ද පරීක්ෂා කලෙමි. තාක්ෂණික දෝශයක් නිසා නොපල කමෙන්ටුවක් වෙතොත් කණගාටුය. එවැන්නක් වෙතොත් කරුණාකර යලි පබ්ලිෂ් කරන්න. අනිවාර්යෙන් පලකරමි.

      Delete
    4. ඇයි රාජ් මෙචචර බොරු කියන්නෙ ඔයා කොච්චර නම් කමෙන්ට් කපලා තියෙනවද?

      Delete
  17. මේක ගැන අදහස් ප්‍රකාශ කරන්න තරම් නීතියම දැනුමක් නෑ. අපිට ආස දේ අදහස් විදියට එකතු කිරීමත් තේරුමක් නෑ. නමුත් මෙහි ඵලවෙලා තියෙන කමෙන්ට් කියවීමෙන් යම් අවුබෝධයක් ලබා ගන්න හැකියි. හොඳම දේ කාලයට ඉඩ දීම කියන එකයි මගේ විශ්වාසෙ.

    ReplyDelete
  18. ඉන්ටර්නෙට් හරහා අහන දකින දේ අනුව ලොක්කව ගෙදර යවන්න ඕනේ කියල හිතන පිරිස යම් මතවාදයක් ගෙනියනවා.
    නමුත් ලොක්කව තියාගන්න කැමති අය ඒ වෙනුවෙන් කතා කරන්නේ නැහැ
    ඒ අය කතා කරන්න බලන් ඉන්නේ කතිරෙන්...?

    ReplyDelete
  19. සිල්ව ගොයියගෙ ලනුව ලන්කාවම කැව එකයි මට දුක.මිනිහ මහින්දට ඉල්ලන්න බැ කියන ඉන්ටවිව් එකකදිම චන්දිකාට පුලුවන් කියනව.එ කොහොමද කියල තමයි මට නොතෙරෙන්නේ

    ReplyDelete
  20. 40 ශ්‍රී ලොරියක් තියනවා මරු භාන්ඩෙ.... ලෑල්ලට පෑගුවහැකි.... ගන්නවද... අයිතිකාරයා රට යන්න හදන නිසා විකුනන්න දාලා තියෙන්නෙ....

    ReplyDelete
  21. //දෙන දෙයක් කා බී//

    ඇත්තටම දැනටමත් සහන මල්ලක් එක්ක ඉන්නේ.. තෙල්/ගෑස්/විදුලි :))

    මම නම් කියන්නේ ඕකට දිනන්න දීලා.. ඔයා හොර කලා.. ඔට්ටු නැහැකියල ගෙදර පන්නන එක කරන්නෝනි....

    ReplyDelete
  22. මට මං හිතෙන්නේ ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව වෙන්නේ මහින්දට පුළුවන්, ඒ වුනාට චන්ද්‍රිකාට (මේ පාර විතරක් නෙමෙයි, අනාගතයේදීත්) බෑ කියන එක.

    ReplyDelete