Tuesday, October 7, 2014

The පහරදීම්ස්

බට්ටිගෙන් නෝනිස්ට

නෝනිසර් හරිම දුකයි
වෙච්ච වැඩේ කැතම කැතයි
ඒත් ඉතිං මොක කරන්ද
ඕවයෙ හැටි ඔහොම තමයි
මටත් ගැහුවෙ ඔහොම තමයි!

අපි දෙන්නම කල ජොබ්එක
එක එකාව'තුටු කරනෙක
වැඩියෙන් වැඩ පෙන්නුවාම
උඩදානව නේ වඩාන
රස්සා දෙක එකම වගෙයි!

අන්තිමේදි ගුටි කෑවම
මට තියනව උසාවි හරි
සර්ට නං ඒකත් නෑ
තානාපති සේවේ අපේ
වේසාකමටත් පහලද?

මගෙන් සමහරක්‍ට

සජිය ගහල නෝනිස්ට
රාලහාමි බට්ටීට
අපි ගහන්නෙ කාට
එන්න එන්න
අමර එන්න
චමරි එන්න
මේ ගල් ගන්න
උදුලට ගහන්න
එන්ජීඕ‍ට රිදෙන්න
උදුලට ගහන්න

රාජපාක්ෂිකයන්‍ට ප්‍රශ්න දෙකක්

➊ බට්ටිට ගැහුවම මිනිස්සු ආණ්ඩුවට බැන්න. ඒකෙ ලොකු අවුලක් නෑ. මොකද ආණ්ඩුවට කොහොමත් බනිනව නෙව! හැබැයි ඉතිං පොලිස් කාරයට දඬුවමක් දීල බට්ටිට සාධාරණය ඉටුකලා නං ඉවරයි නෙව. නමුත් දැං ඔහේල මොකද්ද කරන්නෙ? බට්ටි වෙනුවෙන් පෙනී සිටින එවුන්ට ගහනව, කුමන්ත්‍රණ කතා කියනව, උද්ඝෝෂන කරනව, එන්ජීඕ වලට බනිනව, ප්‍රකාශ නිකුත් කරනව,...... මේව දකින ලෝකයා හිතන්නෙ ඇත්තටම මේක ආණ්ඩුවෙ අවුලක් කියල! ඇයි මේ නිකං පුකේ ටිංකිරි ගාගන්නෙ?

➋ නෝනිස්ට ගැහුව! නෝනිස් අස්වුනා! කට්ටිය කෑගැහුව...... වැඩේ හෙමින් හෙමින් අමතක වෙලා යාවි.... ඇයි මේ කියන කතා? "නෝනිස් ඔතෙන්‍ට ගත්තෙ අපි...., නෝනිස් ගැන විපක්ෂෙ කතා කරන්නෙ දැං...., නෝනිස් වටින්නෙ දැං.... " කතා කෝටියයි. ඒ කියන්නෙ තනතුරක් දුන්නම එයාට ගහන්නත් අයිතියක් තියනව කියලද කියන්නෙ?

40 comments:

  1. දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් අතර වෙනස ඔබ හඳුනන්නේ නැතිද...?

    ReplyDelete
  2. ඇයි හද්දෙයියනේ අපිට ගහපු ගැහිලි නිසා නොවෙද් මේ ගැහිලි...

    ReplyDelete
  3. හලෝ රාජ්,

    ඉතිං කොහොමද? මාත් මේ ගොඩ දවසකින් නේ මේ පැත්තේ කොමෙන්ට් එකක් දාන්නේ. ඉතිං රාජ් අද නං මං ඔපිස්‌ ගියේ නෑ. ඊයෙත් නිවාඩු,හෙටත් නිවාඩු එකේ අදත් මම නිවාඩුවක් දාලා උදේ දහය විතර වෙනකන් හොදට නිදා ගත්තා.
    අද අනික අපේ ලොක්කාත් ඔපිස්‌ එන්නේ නෑනේ. ලොක්කා ගිහිං මේ නිවාඩු දවස් ටිකත් අල්ලලා නුවරඑළියේ. අපේ ලොක්කගේ කාබරේ නං දැන් හැදුවා හොදට. ලොක්කාටත් හරි සතුටුයි. ලොක්කාට සතුටු නිසා අපිටත් හරි සතුටුයි නේ.

    ඉතිං රාජ් අද නං දැන් නං මේ නැගිටලා, මුණ එහෙම හෝදන් උදේට කාලා මේ පැත්තේ ආවේ අපේ රාජ්ලා මොනාද ලියාලා තියෙන්නේ බලන්න. අපේ මාතලන් නං අද මොකුත් ලියලා තිබුනේ නෑ. හැලපෙ නං මේ ටිකේ වැඩ වැඩ වැඩ කිව්වනේ. භාග වෙලාවට මේ සතියේ වත් පොස්ට් එකක් දායි. හැලපෙ එක පාරක් දාපු අර මාස්ටර් ගැන ලිපි නං හරි හිනා.

    ආ එදා මට හරි වැඩක් උනානේ. සිකුරාදා උදේ එකොළහට විතර මම ගියා බියර් එකක්වත් බොන්නන් කියලා අපේ ජයේ අයියලැයි පොට් එකට. එතකොට ඒක වහලනේ. ඊට පස්සේ මම එහෙම්ම ගියා වෙන තැනකට. එතකොට ඒකත් වහලා ඉබ්බෙකුත් දාලා. ඉතිං ඒ පාර මම කල්පනා කෙරුවා ඇයි මේ අඩියක් වත් ගහන්න තැනක් නැත්තේ අද මේ මොකද කියලා. ඊට පස්සේ ඉතිං මම ආපහු යමින් ගමන් බැලුවා කාලක් අරං ගිහිං කෑමට කලින් බොන්නන් කියලා. එතකොට පාරේ තියෙන බාර් ටිකත් වහලනේ. මම ඉතිං ඒ පාර ඔපිස්‌ ගිහිං බලද්දී තමයි දැනගත්තේ එදානේ අර අමද්යප දිනේ කියලා.

    අද නං කොළඹට හරි වැස්ස නේ. හරි සිතලයිත් එක්ක. මම මේ කල්පනා කරේ තව ටිකකින් භාගයක් ගෙනත් ගෙදර ඉදන් ඒකත් බිලා බත් ඩිංගක් කාලා ආයේ හාන්සි වෙන්නං කියලා.

    මම එහෙනං ආයේ එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. මාත් නේන්න ඉඳල ආ‍ව!
      අමධ්‍යප දිනේ දවසෙ නං අපිට පාටියක් තිබුන. උදේ වරුවෙ ඔපීසියට ඇවිල්ල 6 විතර වෙනකල් බීල ගියා!

      Delete
    2. ආතල් ඇනෝ,

      ආතල් ඇනෝ,
      දවසක් අමද්‍යප දිනේ අපි ඔෆිස් එකේ කට්ටිය එකතුවෙලා කොම්පඤ්ඤ වීදියෙ හොරපොලෙන් ගෙනත් කරටි කැඩෙනකල් බිව්වා.මම ඔය කතාව පෝස්ට් එකකත් ලියල ඇති.


      Delete
    3. //මම මේ කල්පනා කරේ තව ටිකකින් භාගයක් ගෙනත් ගෙදර ඉදන් ඒකත් බිලා බත් ඩිංගක් කාලා ආයේ හාන්සි වෙන්නං කියලා. //

      නෝනිස්ටත් එහෙම හිතෙන්න ඇති

      Delete
    4. හලෝ මචං..

      ඕන් මමත් එකක් ලිව්වා.. ලිව්වා නෙමෙයි අනේ ලිය උනා.. අලක්කු වලට වඩා ආතල්.. මල්... ගානත් අඩුයිනේ..

      එ දව්ස හින්ගලෙන් කියන්නේ ටෙම්ප්ලර්ස් ඩේ ද මක්කද එකක්. එදා මාත් හොඳට ගැහුවා.. ඒ ගහලා ඇවිත් ඉඳිද්දි තව එකෙක් හැන්දෑවේ අහපි.. තව පොඩ්ඩක් බොමුද කියලා.. පස්සෙ ඒක සෙනසුරාද බිව්වා.. අරූගේ සාදර අනුග්‍රහයෙන් ඉරිදත් බිව්වා.. ඉවානුත් 69 වත්තේ බෝතලය්ක් ගෙනත් තිබුනා.. අටමගේ නෝනගේ බත් ඩිංගත් පට්ට.. ඊයෙ රෑ පොඩි එකක් ගත්තා.. අද උදේම මලක් ගැහුවා.. වැස්ස නේ අප්පා.. හැන්දෑවට යාළුවෙක් එන්න කිවා.. යන්න ඕන බත් ඩිංගක් කාලා ගෝලිප් එකක් ගහලා එන්න..

      එහෙනම් වෙරි වේවා....!!!

      Delete
    5. මටත් ඕකම උනා සිකුරාදා...!!! චැහ්...

      Delete
    6. මේ ඇනෝට දීර්ඝායුෂ තියනව. මොකද කියනව නං කොච්චර බිව්වත් 'බත් ඩිංගක්' කන නිසා! :-)

      Delete
    7. බලාගෙන ගියාම අමද්‍යප දවසටනේ බන් මුන් වෙනදාට වඩා බොන්නේ...මටත් ඕකේ ඉතින් දිනේ වෙනසක් නම් නැහැ. තව දෙකක් දාගෙනම බත් ඩිංගක් කනවා.

      Delete
  4. මෙ ටයිටල් එක "The පහරදීම්ස් " වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. හැදුව! බොහොමත් ස්තුතියි!

      Delete
  5. රාජ සභහ මණ්ඩප වල ජයට නටාලා
    ගෝනි ගණන් ප්‍රශස්ති ගී බිමට හළාලා
    නාමධාරි ලොකු පට්ටම් පිටේ ලියාලා
    ඔහොම කාලයක් නටල ම දැන් හති වැටිලා..

    ගහේ ගෙඩිය බිමට වැටිල උඩත් තැලිල යටත් තැලිල
    කවර දාක පැළ වේවිද ටිකක් හිතාපං
    තෙමුණු කුකුළ ලඟදි නරිය සිංහ වංසෙ ගත්ත ලෙසට
    හිතේ හයිය නැතොත් කොනක් අනේ බලාපං

    නැමිල නැමිල දෙකට නැමිල කොන්දෙ කෙටියෙ ඇටත් බිඳීල
    නැගිට ගන්න ටිකක් කෙලින් හිතා බලාපං
    වන්දිභට්ටකම් කරන්න කාගෙත් දර දිය අදින්න
    එකෙක් වෙන්න එපා මෝඩ කමෙන් මිදීයං

    අලුත් ලොවක් ගොඩ නගන්න අඳුරෙන් එළියට බහින්න
    ටිකක් වෙහෙස වුණත් දිරිය තවත් වඩා ගං
    යකඩ කූඩු කඩන් යන්න නැතත් යකඩ පොල්ලක් ළඟ
    පතෝල කරලකින් වුණත් ගසා බලාපං..

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සංගීතය හා ගායනය: ග්‍රැන්විල් රොද්‍රිගු

    ReplyDelete
  6. කොටින්ට ගහල නැතිම කලේ, ඉතින් නෝනිස්ට, බට්ටිට,අපිට ටිකක් ගැහුවම මොකෝ ?

    ReplyDelete
  7. හෙක්

    උඩින් උඩින් ගහනා ගැහිලි
    යටින් යටින් ගහනා ගැහිලි
    උඩින් උඩින් ගහ
    යටින් යටින් ගැහ
    ඉන්න ටිකේ ගහපන් ගැහිලි

    ReplyDelete
  8. ගහගැනීම් සහ අනාගැනීම්!

    ReplyDelete
  9. ගහන්න පුරුදු උනාට පස්සේ,
    කාටහරි, කොතෙන්ට හරි ගහන්න ඕන,
    නැත්තං කෑවේ නෑ වගේ...


    ජ ය වේ වා !!

    ReplyDelete
  10. ගැහිලි ඇතිවෙලා දැන් පහරදීම්ස් වලට යනව වත්ද මේ උත්තමයෝ කියල හිතෙනව.. අම්මප..නැතුව තව ගැහිලි ගහල කී වෙනි පරම්පරාවට හබ කොරන්නද හැබෑට?

    ReplyDelete
  11. චන්දෙ නිසා ඉවසනවා. නැත්තං දනී මං...හුහ්

    ReplyDelete
  12. රාජ් රාජපක්ස trend එක දන්නෙ නැහැ වගේ..

    ඕනෙම ලොකු ප්‍රශ්නයක්.. ටිකක් කල් යන්න දීලා.. කුරුවල් කරලා..විහිළුවක් බවට පත් කරනවා..

    ඊට පස්සේ ජනතාව ඒ විහිළුව බලාගෙන හිනාවෙනවා.. කාටුන් වගේ.. :))

    ReplyDelete
  13. නෝනිස්ගෙන් බට්ටිටත් එකක් ලියවෙයිද? :D

    ReplyDelete
    Replies
    1. ඒකත් ලියපන්කෝ රාජ්!

      Delete
  14. ආන්ඩුව මේ දවස්වල අහක තියෙන xxවල් අරන් පුකෙන් තියා ගැනීමේ ව්‍යාපෘතියක ඉන්න බව් පේනව. ඕව ගොක් කොල පේන කාලෙට කට්ටිය කරන වැඩ.

    ReplyDelete
    Replies
    1. සොහොන් ලකුණු...

      Delete
  15. විපක්ෂය - එදා - මානව හිමිකම් කඩන මේ දුර්දාන්ත රජයට විදේශයන්හිදී සුදුහුණු ගෑමේ කොන්ත්‍රාත්තුව භාරව සිටින නෝනිස් මහතාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස හෙලා දකිනවා .

    විපක්ෂය - අද - ශ්‍රී ලංකාවේ නාමය රැකීමේ වගකීම භාරව සිටි පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන නෝනිස් මහතාට කල පහරදීම දැඩි ලෙස හෙලා දකිනවා

    ReplyDelete
    Replies

    1. ආණ්ඩුව - එදා - ශ්‍රී ලංකාවේ නාමය රැකීමේ වගකීම භාරව සිටි පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන නෝනිස් මහතාට විපක්ෂය විසින් කරන අද්භූත චෝදනා දැඩි ලෙස හෙලා දකිනවා

      ආණ්ඩුව - අද - මානව හිමිකම් සුරකින, දේශහිතේෂි රජය පෙරාලාදැමීමට විදෙශ්යන්ගේ කොන්ත්‍රාත්තුව භාරව සිටින නෝනිස් මහතාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස හෙලා දකිනවා .

      Delete


    2. මං ඉගෙන ගත්ත පාඩම නම්
      නයින්ට ගැරැන්ටි දෙන්න යන්න හොඳ නෑ කියල

      Delete
  16. ඔව් නේ බලන් ගියාම නෝනිස් බට්ටිටත් වඩා පහළට වැටිලා.රට ඊටත් වඩා අගාධයකට වැටිලා.

    ReplyDelete
  17. දෙන එක දීලා තියෙනවා අතේ පයේ තෙල් ගාගන්න

    ReplyDelete
  18. ගහන වුන් ඉන්නකොට ගුටිකන්නත් කවුරුහරි එපැයි

    ReplyDelete
  19. ඔව්ව මොනාද....අර යුද්ධේ ඉවරවෙලා චන්දේ ඉල්ලපු වෙලාවේ පපුවට දුන්න The පහරදීම්ස් නේ වැඩ කියන්නේ...

    ReplyDelete
  20. රාජ්......පදමට අඹරලා තියෙනවා!! Well Done!!!

    කවදා හරි ක්ෂෙනුකලාට කන්න වෙන්නේ හරක් පයිවලින්. මේ විදේශ සේවය මේතරම් බල්ලට දැම්මාට. අද බට්ටිලා නැති බැරි කමට කරන රස්සාව හොඳයි එක අතින්, ක්ෂෙනුකා සෙනෙවිරත්නලා රාජ්‍යතන්ත්‍රය වේස කමේ යොදනවාට වැඩිය. ක්ෂෙනුකලා හිතනවා ඇති, උන්ගේ අහවල් තැන වගේ කියලා අපේ රට. දකින දකින එකාට දිග ඇරලා පුදන්න.

    ReplyDelete
  21. එල ද බ්‍රා. නෝනිස් වෙනුවට බට්ටි යවමු...රාලහාමිට අධික්ෂන මංත්‍රිකමක් දෙමු

    ReplyDelete
  22. මේ පිළිබඳව අව්‍යාජ මාරයා අයියාගේ අව්‍යාජ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටිමු.

    ReplyDelete
  23. නෝනිස්ට ගහන එක ෆිල්ම් කරන්ට මොකෙක්වත් ඔතන හිටියෙ නැත්ද අම්මපා!
    (එහෙම උනානං බට්ටිට සල මල!)

    ReplyDelete
  24. ඕකට වෙන්න ඇති ඉස්සර මිනිස්සු කිව්වෙ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියල..

    ReplyDelete
  25. Elama ela raj........

    ReplyDelete