Thursday, September 25, 2014

ලියුම් හතරක කතාවක්!

වෙනත් අායතන වල ගණුදෙනු වෙන ලියුම් කියවීම එච්චර හොඳ දෙයක් නොවුනත් අහම්බෙන් ලැබුනු ලියුම් පිටපත් ටිකක් පාඨකයන් එක්ක බෙදාගන්න හිතුන.

✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉
ස්කන්ධ දිව්‍ය පුත්‍ර,
තවුතිසා 8 වන කොටස
දිව්‍ය ලෝකය.
2014.09.21

අතිගරු ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා 1 කොටස
දිව්‍ය ලෝකය

නවාතැන් දීර්ඝ කිරීම

ම‍ාගේ බල ප්‍රදේශය වන කතරගම, තවදුරත් අසුර පාලනයට යටත් වූ බැවින්, මාගේ සහ වල්ලීගේ ආරක්ෂාව පිනිස, ඉදිරි වසර පහ සඳහාත් දිව්‍ය ලෝක අටවැනි කොටසේ වාසය කිරීමේ කාලය දීර්ඝ කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට යටහත්,
ස්කන්ධ දිව්‍ය පුත්‍රයා.
[අත්සන]
✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉

ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා පළමු කොටස,
දිව්‍ය ලෝකය.
2014.09.23

සුමන සමන් දිව්‍ය පුත්‍ර,
සමනොල අඩවිය,
ශ්‍රී ලංකාද්වීපය.

ස්ථානීය පරීක්ෂාව-කතරගම

කතරගම ස්කන්ධ දිව්‍ය පුත්‍රයාගේ 2014.09.20 දිනැති ලිපිය(ඇමුණුම) අනුව, කතරගම බල ප්‍රදේශයේ වාසය කිරීම ඔහුගේ ආක්ෂාවට තර්ජනයක් බැව් දන්වා ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂා කර බලා මවෙත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් දන්වමි.

2.මේ වෙනුවෙන් වන ගමන් වියදම් නොපමාව ඉදිරිපත් කලයුතු බව වැඩිදුරටත් දන්වමි.

ශක්‍ර දිව්‍ය රාජෝත්තම
[අත්සන]

✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉

සුමන සමන් දිව්‍ය පුත්‍ර,
සමනොල අඩවිය,
ශ්‍රී ලංකාද්වීපය.
2014.09.28

අතිගරු ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා 1 කොටස
දිව්‍ය ලෝකය

ස්ථානීය පරීක්ෂාව-කතරගම

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබේ 2014.09.23 දිනැති ලිපිය හා බැ‍ඳේ.
අදාල ප්‍රදේශය පරීක්ෂා කරනු ලදුව එය දේව වාසයට කිසිසේත්ම නොසුදුසු බැව් ප්‍රකාශ කරමි. පිටු එකසිය පහක වාර්තාව මේ සමඟ එවන බව කාරුණිකව දන්වමි.

සුමන සමන් දිව්‍ය පුත්‍ර.
[අත්සන]
✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉✉

ශක්‍ර දිව්‍ය රාජෝත්තම,
තවුතිසා පළමු කොටස,
දිව්‍ය ලෝකය.
2014.09.29

ස්කන්ධ දිව්‍ය පුත්‍ර,
තවුතිසා 8 වන කොටස,
දිව්‍ය ලෝකය.

නවාතැන් දීර්ඝ කිරීම

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබේ 2014.09.21 දිනැති ලිපිය හා බැ‍ඳේ.
දිව්‍ය ලෝකයේ අටවැනි කොටසේ වසර පහක් වාසය කිරීමට අනුමැතිය ලබා දෙමි. ඔබේ ආරක්ෂාව පිනිස, කිසිවෙකුගේ හෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් කතරගම ප්‍රදේශයට නොයන ලෙසත්, පඬුරු-පාක්කුඩම්, පූජා වට්ටි ආදිය භාර නොගන්නා ලෙසත් වැඩිදුරටත් දන්වමි.

ශක්‍ර දිව්‍ය රාජෝත්තම
[අත්සන]

93 comments:

  1. හයි හයියො රාජ්... උඹ තමා දවසකටවත් පුතයා.. ක්‍රිෙය්ටිිව්

    ReplyDelete
    Replies
    1. මේක කියවන්න උඹ ඉස්සෙල්ලම ආව එක හොඳයි. මේක 'හොඳ' පෝස්ටුවක් කියල හිතෙන්න රාජ්‍ය ආයතන වල වැඩකරන ක්‍රමය/ලිපි ශෛලිය ගැන චූටි අවබෝධයකුත් තියෙන්න ඕන.

      Delete
    2. කෝ ඔබේ අංකය සහ මගේ අංකය?

      අර ගමන් වියදම් දෙන්නේ යන්න කලින්ද, ගිහින් ආවාට පස්සෙද? පෙටි කෑෂ් ගන්න බැරිද?

      Delete
    3. ස්කන්ධ තව දුරටත් බීට්ටුවට /අඩවියට රාජකාරී සඳහා යන්නේ නැතිනම් අර මොනර වාහනේ (මොන්ටෙරෝ ජීප්පෙක) වාහන සංවිතයට දෙන්න ඕනෑ නේද?

      Delete
    4. කකා,
      මේක දිව්‍ය ලෝක කේස් එකක්නේ. මගේ අංක නැතුවැති. අනෙක මේක කාලය දීර්ඝ කිරීමක්, ඒ කියන්නෙ අවුරුදු පහකට කලින් තමයි හැබෑ කේස් එක වෙන්න ඇත්තෙ. වාහන මේ වෙද්දි භාරදීල තියෙන්න ඕන.
      ගමන් වියදම් නං පස්සෙ දානව වගේ නේද?

      Delete
    5. ශක්‍ර පරිපාලන චක්‍රෙල්ඛ අංක 20/88 පරිදි මෙම මාරුව හේතුවෙන් ඔබ හට ගමන්වියදම් ‍හෝ ගෘහභාන්ඩ ප්‍රවාහනය සදහා වන දීමනා ලබා ගැනීමට හිමිකමක් නොමැත...

      Delete
    6. ආං එහෙම එකක් තියනව වෙන්නෝන

      Delete
    7. @රාජ්,
      හරි විදියට නම්, අන්තිම ලියුමෙ පිටපතක් දාන්න වෙනවා දිව්‍ය ලොකේ දිව්‍ය කලාප (දිව්‍ය විමාන)නඩත්තුව හා පරිපාලනය බාර දෙයියට. මොකද එයා ගාව දැනට තියන ලියුමෙ හැටියට ස්කන්ධ දිව්‍යපුත්‍රයට කලාප 08 ඉන්න දීල තිබුන කාලෙ ඉවරයි නොවැ. ඒ නිසා එයාවත් දැනුවත් කරන්න එපායැ මේ විදියට..
      පිටපත: දිව්‍ය විමාන නඩත්තුව හා පරිපාලනය භාර දිව්‍යපුත්‍ර : ස්කන්ධ දිව්‍යපුත්‍රයා හට දිව්‍ය විමාන 08 කොටසේ රැදී සිටීමට ලබා දී තිබූ කාලය තවත් වසර පහකින් දීර්ඝ කරන ලද බව දැන ගැනීම සඳහා.

      (මගේ අංක එහෙම නැති නිසා පිටපත් දාන එකත් දිව්‍ය ලෝකෙ කෙරෙනවද මංදා.)

      @ කකා
      ගමන් වියදම් අවශ්‍යනම් මුලින් අත්තිකාරමක් විදියට ඉල්ලන්න පුළුවන්. නැත්තං ඉතින් අතින් වියම් කරල, අදාළ බිල්පත් ඉදිරිපත් කරල පස්සෙ ප්‍රතිපූර්ණය කරගන්නත් පුළුවන්.. සුමන සමන් දිව්‍ය රාජය ඉතින් සුදු ඇත් නිල වාහනේ පාවිච්චි කරන නිසා, අමතර ඉන්ධන වියදම් පස්සෙ ඉල්ලගනීවි.
      අපි ලංකාවේ රාජ්‍යායතනවලදි (අපිට එව්ව වෙලාවකට දිව්‍යෙලා්ක වගේ තමයි) දුර පළාත්වලට ජංගම දිව්‍ය සේවා සැපයීමට යද්දි අනුගමනය කලේ ඔය කෙරේමෙ. හැබැයි දේශකයා කිව්ව විදියට චක්‍රෙද්ඛයක් ගහලනම් ඉතින් අතින් කාල හරක් බලන්ඩ තමා වෙන්නෙ.

      Delete
  2. රාජකාරි ස්වරූපය කදිමට යොදාගෙන තියෙනවා මරු... ඒ අස්සේ තව මොනාදෝ සැඟවිලා තියෙනවදත් මන්දා

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මේකේ හැංගිච්ච මුකුත්ම නෑ.. බොට සුවර් නේද ඇහැරිල ඉන්නෙ කියලා.. හැක්

      Delete
    2. අනේ මංද හැංගිච්ච නං...... මට ලැබුන මම දැම්ම! එච්චරයි.

      Delete
  3. මේවා දිව්‍ය ලෝකේ ඊමේල් සේවා හරහා ගිය ඒවා ද? එහෙම නම් මේවා පිට වීම ගැන හැකින් වලට අධිපති දෙවියා වගකියන්න ඕන.
    දෙය්යෝ බාර ගන්නේ නැත්නම් හුදී ජනයා දෙන පඬුරු-පාක්කුඩම්, පූජා වට්ටි ආදියට යන කල මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒවා සේරම දිවිය ලෝකේ තියෙන ඔරැකල් ඩේටාබේස් එකේ ලියවෙනවා.

      දෙවියන්ට අපි දෙන පිං ප්‍රමාණය අනුව තමයි ඔවුන්ට පඩි ලැබෙන්නේ. ඒවාට කියන්නේ පිං පඩි කියායි.

      මං ඔඬා දැන ගත්තේ දිව්‍යලෝකේ ගිහින් එන්න ගිය වෙලාවකයි. කියවන්න විස්තරේ මෙතනින්.
      http://kathandara.blogspot.com/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html

      !!!

      Delete
    2. දිව්‍ය ලෝකෙත් අපේ වගේම සාමාන්‍ය තැපෑලෙන් වැඩ කරන්නෙ. ඕන දෙයක් ලිඛිතව තියෙන්නෙ.

      //දෙය්යෝ බාර ගන්නේ නැත්නම් හුදී ජනයා දෙන පඬුරු-පාක්කුඩම්, පූජා වට්ටි ආදියට යන කල මොකක්ද?//
      අන්න ඒක තමයි දෙයියංගෙත් ප්‍රශ්නෙ!

      Delete
    3. කකෝ, දැන් උඹත් අර මකසි වගේ බෙට්ට දාලා යන්නේ නැතුව ලියපන්කො බෝගේ බොග

      Delete
    4. @ඇනෝ,
      ඇයි අනේ පෙන්නේ නැද්ද මං මේ දිවිය ලෝකේ ගැන කතාව 2010 දී ලියලා ඉවරයි කියලා?

      අවුරුදු හතරකට කලින් ලියපු දෙයක ආයේ මොනවා ලියන්නද?


      Delete
  4. මං පොඩි කාලෙ හිතන් උන්නෙ ශුක්‍ර දෙවියො කියල.
    පස්සෙ පස්සෙ ශුක්‍ර උනන්න ගත්තම තමයි දැනගත්තෙ ශුක්‍ර නෙවෙයි ශක්‍ර කියල

    ReplyDelete
    Replies
    1. දෙවිවරුන්ට ශුක්‍ර නෑ. දෙවි පැටව් උපදින්නේ ඕපපාතිකවනේ!

      Delete
    2. හෑහ්, ඒ කියන්නෙ දිව්‍ය ලෝකෙ උන් සංසර්ගෙ යෙදෙන්නෙත් නැද්ද.
      එහෙනම් ඉතින් මොන මඟුලකටද මේකලා මැරීගෙන දඟලන්නෙ එහේ යන්න

      Delete
    3. මට අපේ පැත්තෙ සීය කෙනෙක් කිව්ව විදියට දිව්‍යලෝකය කියන්නෙ 'දැකීම්බේස්' තැනක්. කෑම තියනව කන්න ඕන නෑ දැක්කම බඩ පිරෙනව, බීම තියනව දැක්කම බඩ පිරෙනව, ඔයවගේ තමයි. මම ඇහුව ඒ සීයගෙන් 'දැක්කම ...යනවද කියලත්'.

      දිව්‍ය ලෝකෙ උපදින්නෙ ඕපපාතිකව. හරියටම කිව්වොත් පිරිමි දෙවියෙකුගෙ ඇඳක් ලඟ උපදින දිව්‍ය ස්ත්‍රිය අයිති කරගන්න ඒ දෙවියන්ට පුළුවන්. මේක ටිකක් පුරුෂවාදී කතාවක් තමයි. ඒත් ඉතිං මොනව කරන්නද! ඔය දේව සයන දෙකක් මැද්දෙ පහලවෙලා දෙන්නෙක් අයිතිවාසිකම් කියන තැනකට වගේ ආවොත් ඒ දිව්‍ය ස්ත්‍රිය ශක්‍රයට අයිති වෙනව. අන්න එහෙමයි ශක්‍රයට අන්ත:පුරයක් ලැබුනෙ.

      Delete
    4. ඇනෝ,
      අර දෙන්නෙක් බීල දිව්‍යලෝකෙ ගැන කතා කරම්න් යද්දි කියනවලු "අරක්කු නැත්තං කොහොමද බං ඒක දිව්‍ය ලෝකයක් වෙන්නෙ" කියල.

      Delete
    5. දිවිය ලෝකෙ එවුන් හිතෙන හිතෙන විදිහට සංසර්ගෙ යෙදෙනවා... හැබැයි ලමයි ලැබෙන්නෙ නෑ.... අන්න ඒකයි දිවිය ලෝකෙ කියන්නෙ....

      Delete
  5. 'ශක්‍ර මේල්' සේවාව හැක් වී ඇත.
    ශක්‍ර දේවයානෙනි මේ ඔබේ අවධානය පිණිසයි.

    ReplyDelete
    Replies
    1. මේල් නෙවේ බං තැපෑල. දිව්‍ය පියුන්ලත් පත්වෙලා ඉන්නෙ තනිකර ලංකාවෙ බුවාල!

      Delete
  6. දිව්‍යලෝක සැප යනු කුමක්ද?

    දෙව් ලොව සැප කියන එම යෙදුමෙහි අරුත
    නිසැකව පසක් විය දෙව්පති දුටු මොහොත
    සුරඹුන් සත් දෙනෙකු ගේ සුකොමල ලලිත
    කම් සුව සිතූ ලෙස ලැබ ඔහු කල් යවත

    !!!

    ReplyDelete
    Replies
    1. එතකොට දිව්‍යෙලා්ක රහ කියන්නේ මොකක්ද??

      Delete
    2. දිව්‍ය ලෝකෙ ගැන බොහොම වැදගත් සංවාදයක් බුකියෙ තිබුන. සුජීව කොකාවල තමයි ආරම්භකයා. බුකිය නැති නිසා දාන්න විදියක් නෑ.

      දේශක යා
      කකාගෙ කයිය අනුව නං දිව්‍ය ලෝක රහ කියන්නෙත් ඒ හා සම්බන්ධ යමක් වෙන්න ඕන.

      Delete
  7. හලෝ රාජ්,

    ඉතිං කොහොමද? අද නං කොළඹට නිකං වැහි අඳුරක් වගේ තියෙන්නේ. එළියේ ටිකක් රස්නෙත් එක්ක. මං හිතන්නේ හවස් වෙලා වහියි වගේ. වැස්සොත් හීතලේ අඩියක් ගහන්න පුළුවන් නේ. වැස්ස ආවේ නැත්තං රස්නේ නිසා කූල් කරපු බියර් එකක් බොන්නන් කියලා මම කල්පනා කර කර ඉන්නේ.

    ඉතිං රාජ් දැන් නං අපේ මේ ඔපිස්‌ එකේ කාන්ඩේකට පොඩි වැඩ වගේකට නිට්ටඹුවට යන්න වෙලානේ. කාණ්ඩයක් කිව්වට මමයි තව ඔපිස්‌ එකේ මිත්‍රයෝ දෙන්නෙකුයි යන්නේ. තව පොඩ්ඩකින් එහෙං කෝල් එකක් දුන්නම යන්නං කියලා අපි ඉන්නේ. මම මේ දැන් තේකක් එහෙම බිලා ඇවිත් ඉන්නේ කෝල් එක ආපු ගමන් වෑන් එකේ නැගිලා නිට්ටඹුවේ යන්න.

    ඉතිං මං කල්පනා එහෙ ගිහිං, ඒ වැඩ ටික කරලා එන ගමන් ඔය කොහේ හරි තැනකින් හොදවයින් කාලක් ගහන්නන් කියලා. ඊට පස්සේ අපේ මාතලන්ලා එහෙම යන එන පොල්අතු බත්කඩේටත් ගිහිං ගෝවා මැල්ලුම් එක්ක බත් ඩිංගක් කළා එන්නං කියලයි මම හිතං ඉන්නේ.

    අපේ මාතලන් අද අද මොකුත් ලියලා නැද්ද කොහෙද. හැලපෙට නං මේ ටිකේ වැඩ හින්දාද කොහෙද මොකුත් ලියලා නෑ. භාග වෙලාවට අදවත් මොකුත් ලියයිද දන්නෑ. අර එක පාරක් හැලපෙ ලිව්ව මාස්ටර් ගැන කතා නං හරි හිනා. මට බඩ අල්ලං හිනා ගියා එව්වට.

    එහෙනං මං ආයේ හවස් වෙලා එන්නංකෝ මේ පැත්තේ පුළුවන් උනොත්.

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් කමක් නෑ අනුමත වෙලා වරං. කෝ දැං අර බොසාගෙ කාමරේ වැඩේ යනවද?

      Delete
    2. මේ ඇනෝත් ඉක්මනටම දිව්‍ය ලෝකෙ යයි වගේ මේ බොන බීමට

      Delete
    3. නිට්ටඹුවේ ගියා කියල අපි කියන්නේ සිග්නල් තැනි උනාම

      Delete
    4. ආතල් ඇනෝ,
      ඔව් බං මේ දවස්වල හරියට වැඩ.ඒ නිසා යමක් ලියාගන්නත් බැරිවුණා.ඇත්තටම කිව්වොත් ලියමින් පවතිනවා නමුත් ඉවර නෑ.ලියන්න උත්තේජනයක් ලැබෙන්නෙ උඹල වගේ රසවතුන් නිසාමයි.

      Delete
    5. //නිට්ටඹුවේ ගියා කියල අපි කියන්නේ සිග්නල් තැනි උනාම//

      ++++විදානෙ බඩපංලු අන්න.

      Delete
    6. ආතල් ඇනෝ..

      ඊයේ පෙරේදත් සුද්දොත් එක්කම ගිහින් පොල් අතු බත් කඩේ සූකර ඩිෂ් එක බත් ඩිංගක් එක්ක කාලා ආවා.. ගෝවා කොල මැල්ලුම අතන හදනවා වගේ එකෙකුටවත් හදන්න බෑ.. එහෙනං අපිවත් මතක් කොරන බත් ඩිංගක් කාලා එන්නකෝ..

      පොඩි පොඩි පෞද්ගලික ප්‍රශ්ණ ටිකක් තියෙනවා.. ඒත් පොඩි එකක් හරි අද ලියන්නම්කෝ..

      Delete
    7. //මම මේ දැන් තේකක් එහෙම බිලා ඇවිත් ඉන්නේ කෝල් එක ආපු ගමන් වෑන් එකේ නැගිලා නිට්ටඹුවේ යන්න.//

      තේත් බොනවද?

      Delete
    8. මාතලන් කණක් අැහිලා ඉන්න පුළවන් පැත්තකින් ෙගයක් ෙහා්න්න ගිහින්

      Delete
    9. ADA NITTAMBUWE ENNA EPA. DAWAL 1.30 INDALAMA THADA WESSA.

      Delete
    10. ඇත්තම තමයි නිට්ටඹුවට සිග්නල් නෑ....

      Delete
    11. මේ යකාගේ ඔලුවේ තියෙන්නේ බොන එක විතරද කොහෙද. යකෝ හෙඩ් පෝන් එක ගාගෙන ඇශ් පියාන, ශින්දුවක් ඒම ආගෙන ආතල් එකේ ඉටපල්ලකෝ බීල බීල වමනේ නාන්නේ නැතුව. හැබැයි බැරිම නං ලා මෝඩ් එකට දාල අල්ක්කු ජුන්ඩක් හලා ගත්තට කාරී නෑ.

      මම මේ වැඩි ඉටියෙක් හැටියට කියන්නේ ඔය ගමන් යනකොට බියර් බොන්න එපා. මොකද ගස් ගල් ගානේ හුලිජ්ජ බාන එක හරි කරදරයි නේ. ඉස්සෝ වඩේ කන්නත එපා, වැරදිලාවත් බෝගක් සෙට් උනොත් පාර දිගේ කක්කුස්සි තියෙයි කියලයෑ.

      මචන් ඉන්ටර් නැෂනල් කෝල් එකක් එනව උඹට විනාඩි 10 කෝල් කරන්නං
      එහෙනං තිබ්බා........


      Delete
  8. රාජ්,
    පිංතූරෙ තියෙන්නෙ දිවිය ලෝකෙ ගේට්ටුව වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඒ ගේට්ටුවනම් තන්ගල්ලෙ කාල්ටන් හවුස් එකේ ගෙට්ටුවෙ

      Delete
    2. ඒ වෙන පන්සලක කතරගමයගෙ සමර් හවුස් එකක ෆොටෝ එකක්.

      ඇනෝ, උඹ මලාට තංගල්ලෙ ගිහින් නෑ වගෙ :P

      Delete
    3. දිව්‍ය ලෝකෙ දොරටුවට දාන්න නං පින්තූරයක් තියනව..... ඒත් දාන්න බෑ!

      Delete
    4. ඒ දොර ගාව එන සුවඳ පෝඩ්ඩක් අවුල් නේද....? ගහපු වෙලාවට නම් ගානක් නෑ.. බයිට් කන්නේ ඊටත් අප්ෂට්..

      Delete
  9. හෙහ් හෙහ් මේක නම් පට්ට ... ඒක නෙවෙයි දිව්‍යලෝකේ භාෂාව සිංහල ද? අර ඔක්කොම එලියන්ස් ල ඉංග්‍රීසියෙන් කතා කරනවා වගේ ...

    ReplyDelete
    Replies
    1. //ඔක්කොම එලියන්ස් ල ඉංග්‍රීසියෙන් කතා කරනවා වගේ//
      ආන්න හරි! ඇයි ඒලියන්සා ගේමට එන්නෙම ඇමරිකන්කාරයොත් එක්ක නෙව.

      Delete
    2. බොට පිස්සුද දිවිය ලෝකේ බාසාව දෙමළ බං. මගේ අර සිරිසේනට යකා වැහුන කතාවේ ගුරුන්නාන්සේ අත්තා කිවේ. මම එවෙලේම දිවිය ලෝකේ යන්නෑ කියලා තීරණය කරා. ඇයි බං කනක් ඇහිලා ඉන්න තියේද ?

      මොනවා උනත් පට්ට

      Delete
  10. මෙන්න රාජ් ස්පැෂල් පෝස්ට්!! උඹෙන් ඕන මේව තමා. බ්‍රෙශියර්පක්ෂ උන්නැහෙ දැක්කොත් සන්තෝස වෙයි, ලැජ්ජ කෙසේ වෙතත්.

    සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
    පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
    යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
    කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා

    කිළිටි දෙපා ගැටුණු බිමේ කහ දිය ඉසලා
    රන් කහවනු පුදමින් තටු සිරස තබාලා
    සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
    කලියුගයේ අරුමය මැද දෙවොල හිස්වෙලා

    මුසා වදන් සිත පත්ලේ -සැඟවේ දෙවියන් හමුවේ
    ඉසුරු පතා යදින්නේ මිනිසා කොයිබද යන්නේ

    සිලෝ ගීත දෙවියන්ගේ - පහන් සිතට ළං වෙන්නේ
    යාදිනි කිම වැළපෙන්නේ සිතමයි දෙවොලක් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි කෝ මේ සින්දු ඇනෝ?

      Delete

    2. ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
      කෙතේ බැතේ නැත දෙවියෝ
      දේවාලේ දේවාලේ දේවාලේ
      නැත දෙවියෝ
      ඒ දෙවොලේ මං දෙවියෝ//
      දේවදූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ
      දෙව් ගැටව් ගිලී හොරෙන් නඟා මැරූ අලේ
      දෙව් සැපත් කිමේ කියා පරාඹු සේවනේ
      වතා ලඳුන් සොයා හොරෙන් ලගීය අගුපිළේ
      ප‍ලං‍චි‍යේ‍..
      දිව්යත් කිරිදියෙන් අඟුරු
      අඟුරු අඟුරු මැයි සුමිතුරු
      දිවියත් කෙලෙසින් නිරතුරු
      දෙවියත් සුදු නොවෙයි මිතුරු
      අලුත් සහල් කාසි පඳුරු
      ඉටිපන්දං අගිල් කපුරු
      සඳුන් කලල් ගිතෙල් වෙඬරු
      අඹ දඹ අන්නසි පළතුරු
      ලාබායී ගජ ලාබායී//
      ප‍ලං‍චි‍යේ‍..

      නා‍ට්‍ය‍ය‍ - වි‍ශ්‍ව‍ සු‍න්‍ද‍රී‍
      ගායනය - රොඩ්නි වර්ණකුල

      Delete
  11. සසෙන්ද්‍ර දෙයියෝ සෝමවාහිණියේ කෙල්ලෙක් එක්ක සාඛඡ්චාවකදි කිව්වේ, කතරගම දෙවියෝ රකින්නෙට් එයාය කියලා.. ඔක්කෝම දෙවියෝ පල් වෙලා ඉන්නේ මැදමුලන දෙයියාට...

    ReplyDelete
  12. මේක නම් නියමයි !!!!

    ReplyDelete
  13. \\දිව්‍ය ලෝකය.
    2014.09.29\\

    බොරු කියන්න එපා රාජ්. මේ ලියුම් උඹ ෆයිල් එකෙන් ඉස්සුව නේද?. නැත්තම් කොහොමද තාම පොස්ට් කලේවත් නැති ලියුම් වල කොපි හම්බ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එව්ව එහෙම තමයි බං. කාල බාධකය දිවිය ලෝකෙට අදාල නෑ ලු!

      Delete
    2. ඇල්බන්,
      මෙලොව සියක් අවරුදු එහි එක් දවස කියල කවියක් තියෙනව අහල නැද්ද.

      Delete
    3. හුටා.....ඒ කියන්නේ ස්කන්ධ දෙයියෝ 5 ක් කියලා ඉල්ලලා තියෙන්නේ මෙහේ අවුරුද්දු 100වැඩිකිරිම 365 වැඩිකිරීම 5ක්ද?

      Delete
    4. හෑ.. ගජින්, එච්චර කල් මේ පාලනය තියෙනව කියලා දෙයියන්ටත් පෙනිලද? විනාසයි..විනාසයි....!

      Delete
  14. රාජ්!!!! ශක්‍ර දෙවියන්ගේ මෝබයිල් නොම්මරේ ඉල්ලලා දෙන්ටකෝ. :)

    ReplyDelete
    Replies
    1. අපොයි උන්නාන්සෙට නිදහසේ ඉන්න දෙන්න ඕන?

      Delete
  15. දිව්‍යලෝකෙත් කොළඹ වගේ කොටස් වලට බෙදලද තියෙන්නේ? තව්තිසා 1 කොටස කියන්නේ කොළඹ 7 වගේ ඇති...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව! හොඳම කෑල්ලෙ තමයි ශක්‍ර ඉන්නෙ.

      Delete
  16. මේවානං තව්තිසාවෙන්ම එන අදහස් මිසක් මේ ලෝකේ ඒවා වෙන්ට බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්! මේව එහෙං ආපු ලියුං කරදහි

      Delete
  17. ඇයි ශක්‍රගෙන් ඉල්ලන්නෙ? සියලු නේවාසික, අන්තර්ජාතික, විද්යාත්මක ප්‍රශ්නවලට විසඳුම් නාථ ගාව තියනවනේ? තාම ස්කන්ධ සම්යක්දුශ්ටි සහ දේශප්‍රේමී වුනේ නැද්ද? එහෙම නැත්නම් ඉතින් පිට ඉඳල අන්තර්ලෝක කුමන්ත්‍රණ කලාට මෙහෙ එන්න බෑ

    ReplyDelete
    Replies
    1. නාථ දෙයියෝත් අඳින්න නැෂනල් එකද..

      Delete
    2. නැෂනල් එක නෑන්දත් සාටකේනම් දානවා ඇති.....

      Delete
  18. සුමන සමන් දිව්‍ය පුත්‍රයත් ඔය වගෙම කරදාසියක් එව්වයි කියලයි භවනෙන් ආරංචි වෙන්නෙ. රාවණාගෙ දඬුමොණරෙත් උඩින් නොගිය තැනට උඩින් හෙලුකොට්ටර ගියයි කියලත් තව තව පුරස්න වගේකුත් හින්දළු

    ReplyDelete
  19. මේවා දකිනකොට සක්රයාගේ පුක පිච්චෙන් නැද්ද දැන් නෑ අර හොට සීට් එක රත් වෙලා

    ReplyDelete
  20. රාජ් පුලුවන්නම් මේකත් කතරේට යවපන් .උඹ ගාව එඩ්රස් එක තියවානේ .මට හිතෙන්නේ කතරේ කලින්නම් මාරුවෙලා වගේ ...

    මන්ද නාව කාරණාව
    යන්න අපේ වන්දනාව
    මට හරි පාළුයි ළමයෝ
    මට හරි පාළුයි ළමයෝ
    කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා...
    කිරි වෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා..

    ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී...
    නඩේ ඈයො විහිළු කළා වැඩිහිටි කන්දේදී...
    ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ...
    නිදි මැරැවා තැන් තැන්වල තිස්සමහාරාමේ...

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ.

    ReplyDelete
  21. ඔය වගේ ප්‍රශ්න, ඉඩම් මායීම් ප්‍රශ්න, කුනු ප්‍රශ්න, හොරු ප්‍රශ්න, කුඩු ප්‍රශ්න, බඩු ප්‍රශ්න ඔක්කොම දැන් කියන්නේ ආරක්ශක ලේකම්ට කියලයි මම හිතන් උන්නේ

    ReplyDelete
  22. ගම්භාර දෙවියන්ට වැඩ ටික බාරදීල තියෙනෙ, පූජා වට්ටි ගම්භාර දෙයියන්ට දීල පඩුරු ටික ශක්‍ර භවනට යවන්න සලස්සල තියෙන්නෙ.

    ReplyDelete
  23. පඬුරු බාර නොගත්තොත් එක්කෝ සශී ඇවිත් ඒවා බදුල්ලට ඇන්න යයි. නැත්නම් අර ගෑණු ශශී ගේ මිනිහා හෙවත් වලව්වේ වලං හෝදන්නා ඇවිත් කැබිලිත්ත දේවාලෙට ගෙනියයි. නැත්තං පුංචි බන්ඩා ඇවිත් ආර්ථික කටයුතු අමාත්‍යංශට ඇන්න යයි.

    ReplyDelete
  24. පෝස්ට් එකටත් වඩා ආතල් එකක් කමෙන්ට් වල තියෙනවා...

    ReplyDelete
  25. ස්කන්ධ දිව්‍ය පුත්‍රයාට තව්තිසා අටවෙනි කොටසෙත් එච්චරම ආරක්ෂාවක් නෑ. කොළමාර සෙනෙවියත් එක්ක යුද්දෙන් තව පොඩ්ඩෙන් 'හරි' ලොකු අනතුරක් කර ගන්නවා. අන්තිමට අතිගරු ශක්‍ර දිව්‍ය රාජෝත්තමයම බැහැල 'මාරා' ජිල්මාට් තොගයක් දාල බෙල්ල බේරල දුන්නෙ. දැන් කොහොම හරි ස්කන්ධ යට නම් අවුරුදු 5ක් යනකම් ඉන්ඩ ඉල්ල ගත්ත. ශුවර් නැත්තේ ශක්‍රයගෙ අර උණුවෙන සීට් එක තමයි.. කොහෙං ඉස්සුවත් පට්ට ලියුං ටික රාජ්.

    ReplyDelete
  26. දෙයියෝ ඔහොම බය නම් මිනිස්සු කොහොම බය ඇතිද ඔය අසුරයන්ට ?

    ReplyDelete
  27. හැක හැක එලටම ලියල තියනව ඕං

    ReplyDelete
  28. ස්කන්ධ දිව්‍ය පුත්‍ර,
    තවුතිසා 8 වන කොටස
    දිව්‍ය ලෝකය.
    2014.09.29

    දෙවියාණෙනි,

    ඔබට අෂ්ඨම ඒරාෂ්ඨකය ලබා ඇති හෙයින් වහාම රටින් පිට වන සේ උපදෙස් දෙමි.

    මීට ජ්‍යෝතිර්වේදී
    පු. කේ. අමුමිරිස්

    ReplyDelete
  29. රාජ්! ඔයාගෙ බ්ලොග් එකේ මම කියවපු හොඳම ලිපියක් මේක. කෙටියි රහයි. අතිවිශිෂ්ඨයි!!

    ReplyDelete
  30. පට්ට පට පට..
    දෙයියොන්ටත් දැං වැලේ වැල් නැද්ද කොහෙද....

    ReplyDelete
  31. සූස්තියක් ඇදල වැඩි සීනි තේකකුත් ගහල පොඩි මනෝ පාරක් දැම්මනම් ලියුම් ඕනෙ නෑ කෙලන්ම ශක්‍රය මුණ ගැහිලම ඔය ටික කියන්න තිබුන

    ReplyDelete
  32. මේකනම් පට්ටේ හොඳම එක , එලද බ්‍රා (මෙන්ඩියාගෙන සොරාගන්න ලදී )

    ReplyDelete
    Replies
    1. මෙම සොරකමට මගේ ගෞර්වනිය ප්‍රනාමය...
      එල ද බ්‍රා
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  33. අර පිටු 105 හේ වාර්ථාව බලන්න බැරිද අපිට? නියමයි නිර්මාණය නම් :)

    ReplyDelete
  34. කෝ අර ලොරිය ගන්න ඕනෑ කිය කියා හිටපු එවුන් ටික? වැඩක් නෑ මල්ලිලා, ලොරිය දැනටම ඉන්දික උපශාන්තට විකුණන්න පොරොන්දු වෙලාලු. ඉන්දික ලංකාවට ගියපු වෙලාවෙ ට්‍රයල් එකකුත් එළවන්න දීලා තියෙනවලු. ඊට පස්සෙ තමයි ඉන්දික කැමැති වෙලා තියෙන්නෙ සල්ලි දීලා අර ගන්න.

    ReplyDelete
  35. රාජ් අන්න අරූ මොනවද කොටලා,
    බලපං

    ReplyDelete
    Replies
    1. kunchaa.blogspot.com/2014/10/1.html

      Delete