Monday, November 17, 2014

හීනියට හිනාවෙන්න රාජ්ගෙන් චූටි කතා මෙන්න

පහු පහු වෙනකොට කොහුකොහු වෙනව කියල කතාවක් තියනව. ඒ වගේම ලොකුවට ප්ලෑන් කරන වැඩ වලින් වැඩි ප්‍රතිශතයක් හරියන්නෙත් නෑ. ක්ෂණිකව ගහන ගේම් තමයි හරියන්නෙ. මට නං මේක බ්ලොග් ලිවිල්ලටත් අදාලයි. ලියන්න ඕන කියල කාලයක් හිතාගෙන ඉන්න කිසි දෙයක් ලියාගන්න බෑ. එවලෙට එන අදහස් ලියලයි මේ බ්ලොග් එක පිරිල තියෙන්නෙ. පළවෙනි කතාව යාළුවන්ගෙ ට්‍රිප් යෑම.

ඔන්න කට්ටිය සෙට්වෙන ගමන් එකෙක් කියනව මෙහෙම,

"අඩේ යමල්ලකො බං කොහේහරි, කාලෙකිං කොහේවත් ගියෙත් නෑනේ,..."

කාලෙකිං ගියේ නෑ කිව්වට මළගෙවල් වල විතරයි ගිහිල්ල තියෙන්නෙ. ඒකත් නොයා බැරි නිසා. ඔන්න ඊට පස්සෙ අදහසට පොහොර වැටෙන්නෙ මෙහෙමයි,

"හරි ඊලඟ මාසෙ 23 වෙනිද නිවාඩුයිනෙ, අපි යං එදාට.... නිවාඩු දවස් තුනක්ම තියනවනෙ බං.... මොකද කියන්නෙ"

"හරි මම නං එනව"

"මාත් එනව"

"මාත්"

"එහෙනං හරිනෙ! මගේ වාහනේට තෙල් ටිකක් ගහං යං....."

ඔන්න 23-14 වගේ දිනේ එද්දි එකෙක්,

"අඩේ බං මට නං ෂුවර් නෑ වගේ... උපරිම ට්‍රයි කරන්නං.... උඹල හරි පලයල්ල බැරිවුනොත්!"

23-7 වගේ වෙද්දි එයා මෙහෙමයි,

"මචං.... නෝනටත් නිවාඩු ගන්න බෑ බං.... බලමු!" තව එකෙක් කියන්නෙ,

"මටත් පොඩි පොඩි අවුල් ‍ටිකක් තියනව....."

"මොකද්ද බං උඹල..."

23-4 වගේ වෙද්දි,

".....යන්නෙත් නෑ, ....යන්නෙත් නෑ ......ටත් ෂුවර් නැතිලු මොකද කරන්නෙ?"

23 වෙද්දි ගියපු ගමනක් නෑ

********************************************************************

ඔන්න යාළුවො කට්ටියක් සෙට් වෙලා ඉවර වෙන මොහොත. හේතුව තමයි තමුන්ගෙ සගයෙක් ඈත පළාතකට මාරු වෙලා යනව. (නුවර කියමු)

"මචං.... උඹ ගියාට අපි කාටවත් උඹ අමතක වෙන්නෙ නෑ බං....."

"අනිවා"

"අපි එන්නං උඹ බලන්න...."

ඔන්න සිද්ධියෙන් කාලයක් ගතවුනාම.....,

"මචං අපි නුවර ආව බං...."

"ඉතිං මේ පැත්තෙ වරෙං... දැං කොහේද ඉන්නෙ?"

"අනේ නෑ බං.... අපි ඇවිල්ල ගියා.... කට්ටියක් එක්ක ආවෙ.... උඹට කරදර කරන්නත් බෑනෙ....."

"&^$&^$(*%(%"

"හරි බං අපි දවසක එන්නංකෝ...."

ඔහොම කිව්වත් සෙට් වීමක් නං නෑ.... ඔන්න මේ අතරෙ නුවර පැත්තෙ බුවෙක් අහම්බෙන් සෙට් වෙනව මේ ගමේ එකෙකුට, ආගිය කතා වලට පස්සෙ,

".....මම නුවර ඉන්නෙ බං...."

"නෑ නුවර කොහේද?"

"නුවර ......ඉන්නෙ!"

"අම්මට සිරි.... එහේ ඉන්නවනෙ මගෙත් බොක්කක්.....ඒ පැත්තෙ ආපු වෙලාවක උඹලෑ පැත්තෙත් එන්නංකෝ........"

********************************************************************

ඔන්න දූෂිත රජෙක් පලවාහරින්න කස්ටිය සෙට් වෙනව....

"අපි රජා එක්ක තරගෙට දාමු කට්ටියටම එකඟ වෙන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක්!"

"අන්න වැඩේ.... කාගෙත් සහයෝගෙ තිබුනොත් නං රජා දිනනව බොරු!"

"නැතුව නැතුව.... මේ පිරිහිලා ඉන්න රජා එලවන එක මොකද්ද"

මාසෙකට විතර පස්සෙ,

"කෝ බං තාම බැරිවුනානෙ කවුරු දාන්නද කියල තීරණය කරගන්න"

"මේක ලේසි නෑ බං...."

"අරුං එක්ක ෂුවර් නෑ බං...."

තවත් සතියක් විතර ගියතැන,

"මේක නං කෙරෙන වැඩක් නෙවේ වගේ....."

තවත් සතියක් විතර යද්දි,

"කෝ අර එනව කිව්ව එක්කෙනා තාම නැද්ද?"

"මොන මගුලක්ද... රජා මෙදත් ගේම ගහයි වගේ"

තවත් සතියක් යද්දි,

"ඒ බං.... පොදු අපේක්ෂකයට මාව ගන්න බැරිවෙයිද? හෙහ් හෙහ් හෙහ්...."

"පොදු අපේක්ෂක කමට සංගක්කාර දාමුද? හහ් හහ් හහ්....."

"මං නං කියන්නෙ ජිනා අක්කව පොදු අපේක්ෂකය කරමු කියල... හිහ් හිහ් හිහ්....."

********************************************************************

අාදර්ශය: 1. අඩුවෙන් කතා කර වැඩියෙන් ක්‍රියාත්මක වන්න.
2. වතුරට පනින මිනිහට වැඩිය හීතල දැනෙන්නෙ හෙමින් වතුරට බහින මිනිහට.

32 comments:

  1. ඕවා අපි කලින්ම කිව්වා. සමහරු අපිව මරාගෙන කන්න ගියා..

    ReplyDelete
    Replies
    1. හම්මේ මාත් ඒක දැක්කා.. ඒ කතාව බලං හිටලා දාන්න ආව කොමෙන්ට් එකත් අමතක වෙලා ආපහු ගියා.. :D

      Delete
  2. රාජ් මේ වගේ හිටි ගමන් හිතට එන දෙයක් ලියන එක තමයි හොඳම දේ. මොකද ප්ලෑන් කරලා ටෝක් දීලා ඒවා ලියා ගන්න බැරි වෙච්ච බ්ලොග් කාරයෝ ඕනි තරම් ඉන්නවනේ හෙහ් හේ

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත මේ මම වගේ

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්
      අපිනම් එහෙම නෑලු හෙහ් හෙහ්

      Delete
  3. මටත් කවදාවත් කලිං හිතල ලිටයන්න කරන්න බෑ බං රාජ් අය්යෙ ඒක ලෙඩද්ද කොහෙද ඒ ඒ වෙලාවට ිතට එන වැල් බයිලයක් ගහල ානව
    අර ඉස්සල්ලම කියල තියෙන එක පට්ටම ඇත්ත
    හිහි

    ReplyDelete
    Replies
    1. මහේෂ්
      නමේ මුලකුරු !!!!!!!!!!!!

      Delete
  4. ඔව් බං උඹ කියන කතාවත් සහතික ඇත්ත.ප්ලෑන් කරගෙන ජයටම ලියන්න ඉන්න කතාවල් කවදාවත් ලියවෙන්නෙ නෑ.එවෙලෙට හිතට එන දේ පට ගාල ලියවෙනවා.ඒක මං හිතන්නෙ කාටත් තියෙන ලෙඩක්.

    ReplyDelete
  5. හැබැයි පහුගිය ඡන්දෙදිත් ටිකක් ඔහොම තමා උනේ. සරත්ල තුන් දෙනෙක් ඉන්නව, එක්කෙනෙක් එනව කිව්ව!

    මේ පාර ජෙප්පො සයිඩ් ගහල නිසා තමා වැඩේ ඇදෙන්නෙ. කොහොම උනත් පොද්දෙක් දාල දිනන එක ගොඩ දාගන්න පොද්දෙක් හොයනව වගේම මහන්සියෙන් ඒ පැත්තෙ ඉන්න "හිත කැඩිච්චි" උන් ගලවන ගේමත් ගහන්න ඕනෙ. නැත්තන් පොද්ද්ට වෙන්නෙ ඇට නැති හොද්දෙ රස බලන්න තමයි.

    ReplyDelete
  6. 1 ට අදාළයි.

    අපි සැට් උනා නේ ගොඩකවෙල රජ මාලිගයට යන්න එක පාරක්. මතකනේ උඹටත් මම කතා කරා. නලියයි මමයි මාරයයි ඕක ඉවෙන්ට් එකක් විදියට දැම්මම යකෝ එකසිය ගානක් ගොයින්.. තව තිස් ගානක්ම “මේබී“.. අන්තිමට යන දිනේට ඕර්ගනයිස් කරපු උනුත් නෑ. නලියා කච්චතිව් ගිහින්.. මාරයා නං මුකුත් කිව්වේ නෑ.. මාත් වැඩ.. හැක්.. ඕං ඔාහොමයි වැඩ..

    2
    යන්න වෙලාවකුත් නෑ. යන වෙලාවට මිනිහා ඇත්තෙත් නෑ.. හැක්..

    3
    දේශපාලනය ගැවි ඇත. ප්‍රතික්ෂේප කරමි.. හැක්

    ReplyDelete
    Replies
    1. තොපි ගොඩකවෙල යනව කියල ලනු දීල ප්‍රසන්න පරිප්පු කිලෝ දෙකකුත් උයාගෙන බලං හිටියලු.නොද්දකින් තොපි වගේ හාල් පාරුවො රැළක්.

      Delete
    2. මම හිතුවෙ ඒ ගොඩකවෙල මාළිගවට යන එක උඹෙ ජෝක් එකක් කියල! ( මොකද ඒක යනවනම් දේෂකය මොකාද කියන එක එලියට ඇවිත් උඹෙ ඔය ක්‍යුට් ප්‍රතිරූපෙ එහෙම්ම විනාසවෙනවනෙ )

      ඒ හින්ද මාත් ඒකට ගොයින් කියල දැම්ම!

      Delete
    3. //නලියයි මමයි මාරයයි ඕක ඉවෙන්ට් එකක් විදියට දැම්මම //
      ඇහ්.. මාව කොහොමදෑ ඒකට ගෑවුනේ... සාමාන්‍යයෙන් ඔය වගේ දේකට මං කොහොමවත්ම අත තියන්නේ නැහැ... නලින් අයියා සහ ප්‍රසා දනී විස්තරය...

      Delete
    4. හරිනේ.. නලියා නේ උඹව ඇඩ්මින් විදියට පත් කරල තිබුනේ. පස්සේ අයින් උනා වෙන්ටැති එහෙනං. හැක්

      Delete
    5. අන්න එහෙම වෙන්ටෑ.. :D
      මං බය උනා මේ මොන තොප්පියක්දෑ කියලා.. :D

      Delete
    6. හැක්. තොපිලට ලෑස්ති කරල තිබ්බ ග්‍රෑන්ඩ් පාටියට ගෙනාපු කෑම බීම ටික එකතුකරල ගොඩකවෙල දවස් හතක් මහා දන්සැලක් දුන්න.

      මාරය ඔය වගේ වැඩවලට ගෑවෙන්නෙ නෑ.
      උඹ ඔය දෙවෙනියටත් කියල තියෙන්නෙ මා ගැනනං එන්න ඉස්සෙල්ල මැසේජ් එකක් දාල වරෙං.

      Delete
  7. ලිවීම ගැන කියල තියන දේ නම් සමහර වෙලාවට මටත් අදාළ ය. අනිත් ඒව... ඒවත් එහෙම තමයි. කොච්චර නම් ගමන් ගිහින් ඇද්ද :)

    ReplyDelete
  8. \\මට නං මේක බ්ලොග් ලිවිල්ලටත් අදාලයි. ලියන්න ඕන කියල කාලයක් හිතාගෙන ඉන්න කිසි දෙයක් ලියාගන්න බෑ. එවලෙට එන අදහස් ලියලයි මේ බ්ලොග් එක පිරිල තියෙන්නෙ.//

    එකෙන්ම එකෙන්ම ආයෙමත් එකෙන්ම ඇත්තම කතාව!!

    ReplyDelete
  9. මේකේ කොයි හරියේදීද බන් හීනියට හිනා යන්නේ

    ReplyDelete
  10. යථාර්ථය තියෙන්නේ මේ වගේ දඩස් ගාලා ලියලා අතාරින කතාවල තමා. හොඳ රසයක් වින්දා.

    ReplyDelete
  11. යථාර්ථය තියෙන්නේ මේ වගේ දඩස් ගාලා ලියලා අතාරින කතාවල තමා. හොඳ රසයක් වින්දා.

    ReplyDelete
  12. ඔන්න දේශපාලන කතාවක් නොවේ, සීතලට මුලින්ම ගන්න බාල්දිය එලියට විසිකරන්න ඕනේ.. කොහොමත් මුල් බාල්දිය ඉතින් නාන්න නෙමෙයිනේ..නොවේ කිව්වට අනේ මන්දා

    ReplyDelete
  13. ට්‍රිප් එකේ කතාව සහතික ඇත්ත

    ReplyDelete
  14. සිරා කතාව අනිවා එකගයි :)

    ReplyDelete
  15. අපෙත් ඔහොමයි ට්‍රිප් එකක් යන්ඩ ලෑස්ති කලාට පස්සේ එකෙක් නෑ..

    ReplyDelete
  16. වැඩේ කියන්නේ රාජ් ගෙ 'එවෙලෙට එන අදහස්' මේ වගෙ පට්ට ඒවනේ.. අපි එහෙම ලියුවොත් හතරෙන් තුනක් අමු කුනුහබ්බ.. ඇයි එහෙව් එවුන් එක්කනෙ වැඩ කරන්නෙ.. හිහ්..හිහ්..

    ට්‍රිප් කතාවයි, ට්‍රාන්සර් යන යාලුවොන්ගෙ කතාවයි දෙකම පට්ට ඇත්ත.. රජා ගෙ කතාවනම් බලෙන් හරි වෙනස් කරන්ඩ වෙනවා දැන්.. ජය ශ්‍රී!

    ReplyDelete
  17. ප්ලෑන් කරලා කරන්න යන වැඩ ගොඩක් අය අනාගන්නේ ඔය විදිහට තමයි..

    ReplyDelete
  18. ට්‍රිප් කතාව නම් සහතික ඇත්ත.ඔය වගේ ට්‍රිප් එකක් යන්න දැන් හෙන කාලෙක ඉඳන් අපිත් සැලසුම් කරන් ඉන්නවා,ඔක්කොම සුදානම් වෙලා යන දවස කිට්ටු වෙනකොට මොනවා හරි වෙනවා.ගමන තාමත් එහෙමමයි.

    ReplyDelete
  19. මේ පාරත් රජා රජවෙයි වගේ..

    ReplyDelete
  20. Muruththettuwe Ananda,Podu apekshakayata hondaine,

    ReplyDelete