Monday, November 24, 2014

මෛත්‍රීපාල මහින්ද සහ රටේ අනාගතය

පසුගිය සතිය ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. බලාපොරොත්තු වූ ලෙසින්ම ජනාධිපතිවරයා විසින් තම ධූර කාලය ඉකුත් වීමට තවත් වසර දෙකක් තිබියදී යලි ජනමතය උරගාබැලීමේ අවස්ථාවකට යාමට තීරණය කලේය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ අමුඩ ගැසීමට පටන් ගත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමටත් පෙරය. ඒ අනුව මෙය මැනවින් තිර නාටකය රචනා කල නාට්‍යයකි. ලංකාවේ අධිකරණ තීන්දු පවා තිර පිටපත් අනුව ක්‍රියාත්මක වන කල මෙය අරුමයක් නොවේ. මේ ජනාධිපතිවරණය හා ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳ මගේ විශ්ලේශනයන් හා නිරීක්ෂණයන්ය.

මැතිවරණ කොමසාරිස් පොලිසිය හා රාජ්‍ය අංශය.
මැතිවරණය ප්‍රකාශ කිරීම දක්වා කාලයේදී මැතිවරණ කොමසාරිස්වරයා සිටියේ බේසමෙන් යටිකය වසාගෙනය. බේසම ඉවත් කල පසු තත්වය ගැන තිබුනේ අනුමානයන්ය. ඔහු සිටින්නේ නිරුවතින් බැව් ප්‍රකාශ කලවුන් සිටියද ඇත්තටම මැකෝ සිටින්නේ නිරුවතින් බව පෙනී ගියේ අමනදාසගේ නැකතට අනුව දිනය ප්‍රකාශයට පත්කිරීමෙනි. එක අතකට එය හොඳය, හැමදාම බේසමෙන් වසාගෙන සිටිනවාට වඩා නිරුවත එක්වරක් එලිවූ විට අනෙක් පාර්ශවයන්ට සැකකිරීමේ අවස්ථාව අත්හැර දැමිය හැකිය.
පොලීසිය සහ රාජ්‍ය අංශයම අඩු වැඩි වශයෙන් සිටින්නේ මැකෝගේම තත්වයෙනි. කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් නිරුවත් වීමට ඔවුන්ට සිදුවීම නොවැලැක්විය හැක්කකි.

මෛත්‍රීපාලගේ හා ආණ්ඩුවේ නියෝජිතයන්ගේ දේශපාලන කරනම්
වඩාත්ම ආන්දෝලනාත්මක සිද්ධිය වූයේ මෙයයි. පොදු අපේක්ෂකයා කවුදැයි පරීක්ෂාවෙන් සිටියවුන්ට පවා ඔහුගේ ආගමනය අවසන් මොහොත දක්වා අනුමාන කල නොහැකි විය. මෛත්‍රීපාල ඇතුලු පිරිස මෙවැන්නක් කිරීමට හේතුව කුමක්ද?
මෛත්‍රීපාල සිරිසේන යනු සුපිරිසිදු චරිතයක් නොවේ. ශ්‍රීලනිප මහලේකම් වූ ඔහුට මෑත කාලයේ එල්ලවූ බරපතලම චෝදනාව වූයේ සිය සහෝදරයාගේ සහල් ඒකාධිකාරිය පිළිබඳ චෝදනාවයි. ඒ හැර ලාංකීය දේශපාලකයන්ගේ 'සාමාන්‍ය වැරදි' ඔහු තුලද තිබෙන්නට ඇත. කෙසේ වෙතත් මෛත්‍රීපාල සහ අනෙකුත් නියෝජිතයන් ආණ්ඩුවෙන් ඉවත්වීම පිටුපස ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලනයේ පවතින ඒකාධිපති ස්වරූපයයි. පිරිස එකතුවී කල හොරකම් වුවද තනිවම වාසි බෙදාගැනීමට විරුද්ධ වීමේ යථාර්ථයයි.
අනෙක් අතට පසුගිය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි ප්‍රභලයන්ට, එනම් සාම්ප්‍රදායික ශ්‍රීලාංකා කාරයන්ට එල්ලවූ අභියෝගයයි. මහින්ද මහතා බලයට පත්වීමෙන් පසු ක්‍රමයෙන් පැරැන්නන් ඉවතට තල්ලුවී ගිය අතර මහින්දවාදීන් හිස ඔසවනු ලැබීය. මෙය සත්‍යක් බැව් තහවුරු කරන්නක් වන්නේ මෛත්‍රී කමඟ පැමිණි මැති අැමතිවරුන් බහුතරයකට, ඔවුන්ගේ දිස්ත්‍රික්කයේදී මහින්දවාදීන්ගේ කෙණෙහිලිකම් සලකා බැලීමෙනි. උදාහරණයක් ලෙස දුමින්ද දිසානායක පරයමින් එස්එම් සහෝදරයන් සහෝදරයන් පසුගිය කාලයේ පෙරට පැමැණි අතර ජනාධිපතිවරයාගේ ආශීර්වාදය හිමිවූයේ එස්එම් සහෝදරයන්ටය. මෙවැනි සිද්ධීන් රාශියක් ඇති අතර 'අමනාපයන්ට' හේතු වන්නේ මෙවන් 'බාල' සිද්ධීන් මිස ජනතාවගේ පැත්තෙන් සිදුවියයුතු යමක් නිසා නොවන බැව් කිවයුතුය.

ඡන්ද පොරොන්දු
ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂක කතිකාව කරලියට ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරයයි. පෙර පැවති ජනාධිපතිවරණ වලට සාපේක්ෂව මෙය යම් ප්‍රගතිශීලී සහ ධනාත්මක තත්වයකි. විශේෂයෙන්ම දහ අටවන සංශෝධනයේ අහිතකර ප්‍රතිපල වටහාගැනීමට සමත්, නිර්දේශපාලනික බුද්ධිමත් පිරිසක් කරලියට පැමිණීම ඉදිරිගාමී පියවරකි. ආර්ථික ප්‍රශ්න කොකෙතුත් තිබුනද පොදු අපේක්ෂකයාගේ මූලික පොරොන්දුව ලෙස විධායකය අහෝසි කර දාහත්වන සංශෝධනයේ තිබූ බලතල යලි ලබාදීමට කටයුතු කිරීම කරලියට පැමිණෙන්නේ එලෙසිනි.

ඡන්ද ප්‍රතිපලය
මේ වනවිට ඡන්ද සටන ගල උඩ සටනකි. එජාපය පොදු අපේක්ෂකයාට සහයෝග පලකර ඇති අතර හෙළ උරුමය හා සරත් ෆොන්සේකා ඔවුන් සමඟ එක් වෙියයි සිතිය හැකිය. දෙමළ ජාතික සන්ධානයේ තීන්දුව මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණය සඳහා වැදගත්ය. දෙමළ සන්ධානයේ එකඟතාවය ලබාගතහොත් ලක්ෂ දෙකක පමණ ඡන්ද වාසියක් ලබාගත හැකිය.
ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටද පසුවන්නේ දෙගිඩියාවෙනි. ඒ කෙලින්ම සහයෝගය දෙන්නේද නැතහොත් උපක්‍රමික වශයෙන් සහයෝගය ලබා දෙන්නේද යන තීරණ දෙකට මැදි වෙමිනි. මගේ අදහස අනුව ජවිපෙ වක්‍ර සහයෝගය එතරම් වැදගත්කමක් නොමැත. ජවිපෙ පාක්ෂිකයන් මහින්දට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍යයෙන් සිදුවිය හැක්කක් වුවද, ජනතාවට කතා කලහැකි අංක එකේ කථිකයන් රැසක් සිටින එම පක්ෂය මෛත්‍රීපාල මහතාට සෘජු සහයෝගය ලබාදීම ඊට වඩා වැදගත්ය. එහෙත් ඉතිහාසය පුරාම රැවටීමට ලක්වූ ජවිපෙ වරක් දෙවරක් නොව සිය දහස් වරක් තම තීන්දුව ගැන සිතා බලනු ඇත.

සමාජ වගකීම
පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කලහොත් ඇතිවිය හැකි තත්වය සිතා බැලීම මේ අවස්ථාවේ පක්ෂ දේශපාලනය ලෙයට බද්ධ නොවූ අප වැනි කොටස් වලට වැදගත්ය. පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කලහොත්, ඔහු සමඟ එක්වන අන්ත දූෂිත ජනතා නියෝජිතයන් සහ මා ඉහතින් සඳහන් කල නිර් දේශපාලනික පිරිස් අතර සීතල යුද්ධයෙන් දූෂිතයන් පරාජය කිරීම හෝ අපේ පැත්තෙන් 'ලබාගත හැකි අවම ප්‍රතිසංස්කරණ' දිනා ගැනීමට හැකි නම්, පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම සාධනීය තත්වයක් ලෙස සැලකිය හැකිය.

මේ පිළිබඳ ෆේස්බුක් මිතුරන් තැබූ සටහන්:
සිතුමිණි රත්නමලල
සුජීව කොකාවල

17 comments:

  1. ජන්දෙට කලින්ම මට මෛත්‍රි අපිරිය වෙයි වගේ..මේ යන විදියට.. හැක්

    ReplyDelete
  2. මී වද කඩනවද බංස්ලා අත ලෙවකන්න.. අවුරුදු ගානක් තිස්සේ අච්චර අමාරු තැනක ඉදන් පටන් අරං.. අඩියෙන් අඩිය ඇවිල්ලා... බොහෝම අමාරුවෙන් පක්ෂයේ මහ ලේකම් වෙලා.. ජනාධිපති වෙන්න හීන දැකලා “මෛත්‍රී යුගයක්“ කියලා උදාන වාක්කියකුත් මුද්‍රණය කරලා බොහෝ අමාරුවෙන් බෙල්ල බේරගෙන කල් මර මර හිටලා.. දැන් මේ එක පාරටම අර කාලයක් තිස්සේ ගොඩ නගපු හැම දේම දන් දීලා.. හැම දේම අතෑරලා.. තමන්ගේ හීනය තව කෙනෙකුට සින්නක්කර ලියා දෙන්න මෛත්‍රීට පිස්සු කියලා හිතනවද..?
    මෛත්‍රී මේ කරන්නේ තමන්ට හම්බ උන උපරිම අවස්ථාව ගැනීම... මේකත් නොගත්තොත් කවදාවත් එයාගේ හීනෙට යන්න වෙන්නේ නැහැ.. මේක අරගෙන වැරදුනොත් සමහර විට හීනය බොදම වෙලා යයි.. ඒත් අඩුම ගානේ අවස්ථාවක් හම්බ උනා කියලවත් හිතුවැකි. (අර ළමයි කිව්වා කිව්වේ තාත්තට ඕනම තීරණයක් ගන්න කියලා.. ආන්න ඒකයි )

    මෙතන ඉන්න කවුරු හරි මට හරියට හොයලා බලලා කියනවද නීතිමය පැත්තෙන් ගත්තොත්... මේ වෙලාවේ මෛත්‍රී විධායකය අහෝසි කරනවා හෝ.. බලය රනිල්ට මාරු කරනවා හෝ කියලා ලියවිල්ලක් අත්සන් කලොත්... ඒ ලියවිල්ලේ ඇති බලයෙන් මෛත්‍රී ජනාදිපති උනොත් සහ එහෙම ජනාධිපති වීමෙන් පස්සේ මේ ලියවිල්ල නොසලකා හැරියොත්.. මෛත්‍රී බලයේ ඉන්න කාලය ඇතුලතදී.. රනිල්ට හෝ වෙන යම් කාට හරි ඒ ලියවිල්ල වෙනුවෙන් “විධායක ජනාධිපති මෛත්‍රිට“ විරුද්ධව නඩු කියන්න පුළුවන්ද කියලා... නඩු කියලා මෛත්‍රීව ඉවත් කරන්න පුළුවන්ද කියලා... මේකයි මුලින්ම කට්ටිය සාකච්ඡා කරන්න ඕන.. මං කියන්නං ඒක එහෙම කරන්න බැරිනං ඊළගට වෙන දේ...

    එයින් පස්සේ මෛත්‍රීට තියෙන එකම අභියෝගය තමයි පාර්ලිමේන්තුවේ බලය තමාගේ අතට ගැනීම... එතනදී මෛත්‍රීට කිසිම ප්‍රශ්නයක් නැතිව ශ්‍රීලංකා එකේ සහය හිමි වෙනවා දෙකක් නැතිව.. මොකද අන්තිම මොහොත දක්වාම උනත් මහින්ද එක්ක ඉන්න අයත් මහින්ද පැරදුනොත් එයින් පස්සේ එකතු වෙන්නේ මෛත්‍රීට මිසක් වෙන කාටද.. විධායක ජනාධිපතිව අතෑරලා කට්ටිය යයිද විපක්ෂ නායකකමක්වත් නැති මහින්ද ගාවට..?
    එහෙමත් නැත්තං ආයෙම වතාවක් ඉතිහාසයේ හොඳම රැවටීමට ලක් උන රනිල් ගාවට පනිද..?

    වෙන්න පුළුවන් එකම දේ තමා මහින්ද වෙනුවට මෛත්‍රී ආදේශ වෙන එක... එච්චරයි.. ආයෙම කට්ටියට පුළුවන් මුල ඉදලම මෛත්‍රී එක්ක කලින් නැවැත්තුව තැන ඉදලා වැඩ කරං යන්න... බැසිල්ලා ගෝඨලා වෙනුවට ඔය මෛත්‍රීටත් ළගින් තියාගෙන වැඩ කරන්න විශ්වාසවන්ත සහෝදරයෝ ටිකකුත් ඉන්නේ...

    මං මේ කියන දේ නොවෙන්න හේතුවන එකම කාරණාවයි තියෙන්නේ.. ඒ තමා අර ලියවිල්ල හෝ ගිවිසුම නිසා නඩු කියලා මෛත්‍රීව වැරදි කාරයා කරලා ඔහුගෙන් ජනාධිපතිකම අහක් කරන්න පුළුවන් වීම.. එහෙම දෙයක් බැරිනං ඉතිං කියන්න තියෙන්නේ...
    “සොරි ඩොට් කොම් රනිල්“ කියලා තමා...


    (ආන්න ඒකයි අපිත් මෛත්‍රීට විරුද්ධ නැත්තේ.. )

    ReplyDelete
  3. බලමුකෝ මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
  4. ඒ බෝතලේ තෙල් මේ බෝතලේට දැම්මට තෙලේ ගුණේි වෙනස් වෙනවැයි රාජ්
    අනික අරලිය හොරා ටිකක් හොදයි තමා දැං ඉන්න හොරාට වඩා මොකද අලිබබා ටත් බැස්ටිය දෙන්න ඇලඩිං කෙනෙක් ඉන්න එපැයි...
    ඒකනෙවී මේ අය වැයන් පොරොන්දු වුණ බිත්තර වී(සහන මිළ) දැං ඒක හෝ ගාල බෙදනව නෙව කෝමද ඒම කරන්නෙ මං දන්න තරමිං ඒ සම්බන්දව අතුරු සම්මත ගිණුමක් වත් ගෙනාවෙ නෑ දියවන්නාවට...
    මේකා මේ මොකාටෙයි බාං අය්යෙ අදින්න හදන්නෙ

    ReplyDelete
  5. ජවිපෙ සහය බොහෝ විට ලැබෙයි. ඒ වගේම සමහර විට වෙනම ඉල්ලලා අන්තිම මොහොතෙ ඡන්ද ටික මෛත්‍රීට දෙන්නත් ඉඩ නැතුවම නෙවෙයි.

    ReplyDelete
  6. මහින්ද ආයේ ජනපති වෙනවා කියන්නේ අර වැලිඅමුණ කියලා තියෙනවා වගේ මේක ටියුනීසියාවක් වෙන එක. ඇත්තටම දැනටත් තියෙන්නේ ඒ තත්වෙමයි. මෛත්‍රී කියන්නේ පට්ට ෆේලියර් එකක්. කොටින්ම ආත්ම ශක්තියක් නැති කෙනෙක්. නැත්නම් හැඟිම්බර වෙලා අඬා වැටෙන්නේ නෑ නේ. අනික අද සෝභිතලා නිර්මාල්ලා ජයම්පතිලා එකෙක්වත් නෑ. රටම කාපු සැටලයිට් නෝනා උස්සගෙන ඇවිල්ලා. එයා ආවොත් බලය පිලිබඳ මහා අච්චාරුවක් වෙනවා. ඔය වගේ තව දහසක් දේ තියෙනවා. අවසාන තීරණය ගන්න වෙන්නේ ජනවාරි 8 උදේ.

    මෙතන රාජ් පොඩි වැරදීමක් තියෙනවා පුළුවන්නම් හදන්න. චන්ද කොමසාරිස් අමනදාසම තමයි. එයාගේ පියන් කෙනෙක් තමයි මහින්ද දේශප්‍රිය කියන්නේ. පව්නේ බං ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපාය. මොකෝ අම්බලන්ගොඩ ගිහින් රූකඩ නටන්නය. ඊට හොඳ කියලා හිතෙනවා ඇති මෙතනම නටන එක.

    ReplyDelete
    Replies
    1. අනිවා මේක ටියුනිසියාවට එහා ගොහිං අපිව නරකාදියටම වැටෙනව. මෛත්‍රී කියන්නෙ විකල්පයක් නෙමේ.මෛත්‍රී ආවත් සැටලයිටිකා ආපහු අවුල් කරනව.
      කොහෙන් නමුත් රටට අබ සරණයි.

      Delete
  7. ජවිපෙ පොදුසේනට සහාය දෙන බව පවසා ඇත.

    ReplyDelete
  8. Replies
    1. කෝ කුක්කෝ.............

      I want to die for my loving people
      I want to die for my mother land
      This historical mother lank
      I will take a bullet for you
      my brothers and sisters
      no doubt no doubt
      I'm the one for you
      I will protect you all
      Die for you

      නිල මැස්සෝ මලේ රොන් ගන්නේ
      ගිරි මුදුනේ නෙළුම් මල් පීරා
      ඉබ්බන් පියාඹති අඹරේ
      පිල් විදහා නටයි කළු කපුටා

      මාළුන් දුවයි ගොඩබිමේ
      මැදියම් රැයේ ඉර දැකලා
      ඌරන් නායි බැස ගඟුලේ
      පෙර වැද්දන් දෙසූ දහම අසලා
      සබන් ගාල ඇඟම උලලා



      ගායනය - මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර, චින්තක පීරිස්, සරත් චන්ද්‍රසිරි, සරත් කොතලාවල, ජනක රණසිංහ, සංඛේත් වික්‍රමගේ, චාමික සිරිමාන්න
      සංගීතය - චාමික සිරිමාන්න
      ගී පද - මිහිර සිරිතිලක

      ගත්තේ ගී පැදුරෙන්

      Delete
  9. රාජ්......උඹ කියනවා වගේ ජවිපෙට තියෙන්නේ වරක් රැවටුනා යන සිතුවිල්ල පෙරට තබා නේ තීරනයේ සිටීම. අනිත් කාරනය තමයි තමන්ගේ ඡන්ද පදනම මහා මැතිවරනය තෙක් විසිරයෑමට නොදී රඳවා ගැනීම. පක්ෂයක් ලෙස ඒ තීන්දුව නිවැරදි විය හැකියි. පොදු වේදිකාවට දක්ෂ කථිකයන්ගේ හිඟයක් වෙයි. ජවිපෙ වෙන් වෙන්ව හෝ මේ ජනාධිපතිවරන සටනේ ප්‍රබල භූමිකාවක් කරයි කියා මට හිතෙනවා.

    රතනමලලගේ ලිපිය කියෙව්වා. කොකාවලගේ ලිපිය කියවන්න ෆේස්බුක් එකවුන්ට් ඕන නේද?

    ReplyDelete
  10. නිල මැස්සෝ මලේ රොන් ගන්නේ
    ගිරි මුදුනේ නෙළුම් මල් පීරා
    ඉබ්බන් පියාඹති අඹරේ
    පිල් විදහා නටයි කළු කපුටා :v

    ReplyDelete
  11. තාම ඉතින් පටන් ගත්තා විතරනේ.. බලමුකෝ තව ඉස්සරහට මොන මොනවා වෙයිද කියලා..

    ReplyDelete
  12. යමක් කියන්න තවම කල් වැඩියි මචෝ......

    ReplyDelete
  13. කෝ රාජ්? ගොරවන තරමට නෑ නොවැ වැස්ස.

    ReplyDelete
  14. කෙහොමින් හරි මහින්දගෙ අශීලාචාර ඒකාධිපති පිස්සුව එළවලා දාන්න මේ හම්බවෙන චාන්ස් එක පාවිච්චි කරන්නයි ඕනෙ.

    මං නං දිව්යලෝකෙ යනකල් එහෙ තියෙන කුරුණියෙ සයිස් එක ගැන අහන් නෑ.

    ReplyDelete
  15. මහ රජතුමා දැන් ගෙදර යනවා නම් හොඳයි කියලයි මගේ අදහස...නමුත් විධායක බලයක් තියෙන මිනිහෙක් එහෙම නිකංම යයිද...ජිල්මාට් අම්බානක දාන බව ෂුවර්...

    ReplyDelete