Thursday, November 27, 2014

බොරුවට බෙරිහන්දීම සහ ඇත්තට කොටිය කෑම!

"සීයේ කතාවක් කියන්නකෝ"

හැමදාමත් වාගේ තම ඇට්ටර මුනුබුරාගේ ඉල්ලීමට එකඟ වනු හැර කලහැකි යමක් සීයාට නැත.

"ම්......හරි ඉබ්බගෙයි හාවගෙයි කතාව කියන්නංකො අද....."

"මොකද්ද සීයේ ඕක කොචිචර නං කිව්වද! මට අහලම එපා වෙලා.... අනෙක මෙදා ඉබ්බෙක් නෙවේනෙ අැවිල්ල තියෙන්නෙ තරගෙට..... දැං ඉබ්බ රේස් එක‍ට ආපු ගමං හාව මොකද්ද කරන්නෙ කියල සීය දන්නවද?"

"ඒ මොකද්ද ඒ හරුපෙ? කියපං බලන්න"

"අයියෝ සීය ඕකවත් දන්නෙ දැද්ද, තරගෙට ආපු ගමං හාව අර හංගල තියන පයිල්ලෙක අදිනව..."

"අනේ මංදන්නෑ උඹේ කුනුහබ්බ! එහෙනං නරියයි මිදිවැලයි කතාව?"

"අපෝ..... ඒකත් කොච්චර කිව්වද? හරි, නරියට මිදි කන්න බැරිවුනාම නරිය මොකද්ද කරන්නෙ කියල සීය දන්නවද?"

"නරිය මිදි තිත්තයි කියල යනවනෙ?"

"හූ හූ..... ඒ ඉස්සර නරි! දැං නරිය කරන්නෙ මිදි කන්න ඕනුනාම වෙන නරියෙකුට කියනව උඹට මට වැඩිය උඩ පනින්න පුළුවන් ඒ නිසා උඹ උඩ පැනපං පැනල මිදිටික මට කඩල දියං කියල"

"උඹත් එක්ක බෑ කියන්නෙ ඕකනෙ.... උඹේ අපබ්‍රසං මට තේරෙන්නෙ නෑ බං... හරි! මං උඹට කියන්නං කොටිය කාපු කත‍ාව!"

"හෑ! ඒ මොකද්ද සීයේ.... අර හැමදාම ඡන්දෙ කාලෙට එන කොටිය ගැනද කියන්නෙ?"

"පන්ඩිතකං නැතුව ඕං අහගනිංකො!"

"හරි කියහංකො"

"ඔන්න ඉස්සර කාලෙ කොහේදෝ රටක හිටිය බැටළුවො බලාගන්න කොල්ලෙක්.... මූ හෙන ඇට්ටරය හරියට උඹ වගේමයි, මූ හැමදාම බැටළුවො ටිකත් අරගෙන කැලේට යනව"

"එතකොට උෟ ඉස්කෝලෙ යන්නෙ නැද්ද? ටියුෂන් යන්නෙ නැද්ද? මේව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන වැඩ සීයේ.... කියන්න ඕන දහනමෙයයි විසි නමෙයට වහාම!"

"ඒ කාලෙ ඔය විකාර නෑ බං... ඔන්න කොල්ලට කම්මැලි හිතුනම මූ කෑ ගහනව කොටිය ආවෝ කොටිය ආවෝ කියල"

"ඉතිං?"

"ගමේ මිනිස්සු කඩු පොලු අරගෙන එනව කොටිය පතබාන්න හිතාගෙන, මොන! කොටියෙක් නෑ නෙව..... "

"අම්මප මූ නං අර ආඩම්බරකාර තාත්තගෙ පරම්පරාවෙද කොහෙද හැමදාම කොටිය එනව කියන්නෙ එයාලනෙ"

"හා හා කට කට දැං උඹ උස්සං ගියාම මට උඹත් නෑ"

"හරි කතාව කියහංකො"

"ඔන්න ඔය විදියට දවස් ගානක් මූ ගමේ මිනිස්සු රැවැට්ටුව! මේ අතරෙ දවසක් මූ බැටළුවො එක්ක ඉන්නකොට ඇත්තටම කොටිය ආව!"

"නෑ!"

"නෑ නෙවේ ඔව්.... කොටිය දැක්ක ගමං කොලුවට තරු පෙනුන.... ඒ ගමන ඌ කෑගහන්න ගත්ත කොටිය කෑවෝ කොටිය කෑවෝ කියල"

"එ් ගමන නං කොටියට වැඩේ වරදින්න අැති නේද?"

"නෑ බං.... කොලුව බොරුවට කෑ ගහනව කියල හිතපු ගමේ එවුන් ආවෙ නෑ එකෙක්වත්..... අන්තිමට කොටිය ඇවිල්ල කොලුවව කෑව. බොරුකලාම කාට කාටත් වෙන වැඩේ තමයි ඔය!"

"ඒකත් හරියට මෛත්‍රීපාල මහත්තයට වෙච්ච වැඩේ වගේ නේද සීයේ?"

"ඒ මොකද්ද මයිත්තිරි මහත්තයට උනේ?"

"ඇයි සීයේ හැම එකාම ඡන්දෙට කලිං රතු මාමලට කියනව විදායකේ අහෝසි කරනව කියල.... රතු මාමල ඉස්ටේජ් නැගල ගිරිය කඩාගෙන කෑගහනව එයාල දිනවන්න...."

"ඉතිං?"

"කලිං වතාවෙං පාඩං ඉගනගත්ත රතු මාමල මෙදා සැරේ සපෝට් එකට ඉස්ටේජ් නගින්නෙ නැහැල්ලුනෙ! අන්තිමට මෛත්‍රී මාමට උනේ අර කොල්ලට වෙච්ච දේ නෙව"

"හහ් හහ් හහ්..."

58 comments:

  1. නියම රාජ් කාලෙකින්.. අඩේ බං මේකේ මතක හිටින තැන් සැහෙන්න තියෙනවා ඒක නිසා ක්වෝට් කරන්නෙ නැහැ. මරේ මරු.. මේ ශෛලියේ දේශපාලන කතා වලට තමා මම බෝම මනාප..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඉස්තුතියි ඉතිං ඉඳගෙන

      Delete
    2. රාජ් කතෘ භාගේ ඕනේ ඉදගෙන :D

      Delete
  2. පට්ටයි යකූ....
    පට්ටයි කියන්නෙ මරේ මරු...
    දේශපාලන විකාර අහලම ඇලජික් වෙලා ඉන්නෙ මේකත් දේසපාලන කතාවක් වුණත් කියවන්න ආස හිතෙන විදියට තේරෙන්න ලියල තියනව
    ඒකම මදෑ

    ReplyDelete
    Replies
    1. ඔය උඹල වගේ ගෙඩි පිටිං දේශපාලන ගුලි ගිලින්න අකමැති එවුන් නිසා තමයි පොඩ්ඩක් පැණිරහ කරන්න හිතුවෙ.

      Delete
    2. එ්කනේ මං රාජ්ගේ දේශපාලන කතා බලන්න කැමති. සරලයි කෙටියි.. මෙ වගේ ඒවා බොකුස්ගේ මැදටම වදිනවා..

      Delete
    3. එකෙන්ම දේශො.... ඒක නං ගින්දර ටෝක් එක
      හිටු එවන්ට ගුලි ගෝනියක්ම

      Delete
  3. පට්ට එකේ හොඳම එක ඈ...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.... ඉස්තුතියි.

      Delete
  4. එල ද බ්‍රා අයියන්ඩි..දේශපාලනය දන්නේ නැතිවුනාට හිනා වුනා

    ReplyDelete
    Replies
    1. හිනා යන එකත් මදෑ මේ දවස්වල.

      Delete
  5. ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්. ස්වීට් ටු ඊට්.
    කෝටි ගනං තව කතා හැදියං....!

    ReplyDelete
  6. මහින්දගේ කොටියා නම් නියම කොටියෙක්.දෙදෙනා අතර අන්‍යොන්‍ය සුහදතාවයක් තියෙනවා.මෙයට එයා නැතුව බැහැ,
    ඒයාලාට මෙයා නැතුව බැහැ.

    ReplyDelete
    Replies
    1. හැබෑව. අනේ ඇත්තට දැං නං හිතෙනව මුං කොටිද කියල. කොටි කමටත් ලැජ්ජයි

      Delete
  7. ජේවීපීකාරයෝ ඔහොමවත් පාඩමක් ඉගෙන ගත්තා කීවාම විශ්වාස කරන්න අමාරුයි තමයි!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. අනෙක මේක විලිලැජ්ජාව පිළිබඳ පුරස්නයක්.

      Delete
    2. Raj ++++++++++++++

      Delete
  8. රාජ්,

    මේව තමයි ඕන, විශ්ලේෂන වානා!!

    මෙන්න උඹේ නියම ඔරිජිනල් රාජ් ස්ටැයිල්ස් කතා. පට්ටයි කියන්නෙ වල්බෙලි පට්ට වගේ. ආයි මොනාද ඉතින්.

    ඇත්තටම මෛත්‍රීට උනේ ඕකමනෙ. අනික අපේ අම්ම කියනව, නිතරම එකෙන් පටන් අරන් දහයට පල, දහයෙන් පටන් අරන් එකට නොවැටි කියල. මෙතනත් උනේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි.
      හැබැයි දේශපාලනය කියන්නෙ එකේ ඉඳල දහයටවත් දහයෙ ඉඳල එකටවත් යන ගේමක් නෙවේ. ඊට වඩා සංකීර්ණ ගේමක්.

      Delete
    2. යැස් අයිම් ඇග්රි විත් ඉන්දික අයියා

      Delete
  9. කොල්ලගෙ සපෝට් එකට මාමල නොආවහම ඒ මාමලගෙ බැටලුවන්ට මොකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒක අහපං මාමගෙන්.
      [හැබැයි ඉතිං මාමලාට දිවැස් තියනවයැ කොටිය ආවද නැද්ද කියල හරියටම දැනගන්න]

      Delete
  10. නොකියා කියන්නේ රතු මාමලා කට්ටිය මේ සැරේ හාවට නිහඩ සපොට් එකක් දෙනවා කියලා..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. නිහඬ සපෝට් එක මදි. කෙලින්ම බහින්න වෙනව ලැජ්ජාව පැත්තක තියල.

      Delete
    2. Raj ++++++++++++++

      Delete
  11. කොටියම කාපිය ! හැක් ....

    ReplyDelete
  12. විජයබා කොල්ලයේ සීයගෙයි මුනුබුරාගෙයි සිද්ධිය මතක් උනා.. ඇත්තටම අද කාලේ මාධ්‍ය වාර්ථාකරනයත් ටිකක් ඒ වගේනෙ.. සීය අහන්න කැමති එකක්.. කොල්ල කියන්නේ වෙනම බහු බූතයක්.. ඇත්තටම වෙන්නෙ වෙනම දෙයක්..
    ඒ අතර මේ වගෙ රසවත්ව ඉදිරිපත් කිරීම් නම් හරි දුබලයි.. රාජ් ගෙ මේ හැකියාව අති විශිෂ්ඨයි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හැබෑමයි. විජයබ‍ා කොල්ලෙත් ඉන්නෙ මේ වගේ ඩබලක් තමයි. සමහර විට ඒක මේ කතාවට බලපෑව වෙන්නත් පුළුවන්. බොහොම ස්තුතියි

      Delete
  13. ඇයි බං. ඔය අන්තිමට වෙච්ච කතාව අපේ මහින්ද මාමිට වෙයි නොවෑ. හැමදාම විදුලි පුටුව ගැන කිය කිය අඬනවා. දැන් මිනිස්සු ඕක විහිලුවක්ම කියල හිතලා ඇත්තටම ගෙනියන දවසෙ මොකුත්ම නොකර ඉඳී නොවෑ..

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තමයි බැලුවම. බලමු කොටිය කන්නෙ මහින්දද මෛත්‍රීද නැත්ත මේ පැත්තක ඉන්න අපිද කියල.

      Delete
    2. ආයෙ ඒකෙනම් බලන්න දෙයක් නැතිවෙයි, අනිව අපිම තමයි.

      Delete
  14. කොටිය පැනල කොහෙවත් හිටපු සීයව කාල දායිද දන්නේ නැහැ... හෙක්...

    ReplyDelete
    Replies
    1. දැං යන විදියට එහෙමත් වෙන්න බැරි නෑ.

      Delete
  15. නියමයි!!!
    මේ මුණුපුරාගෙ කට වැඩියි. යවපං දේසපාලනේ කොරංට. එක්කො එපා. ඌට පුතෙක් හිටියොත් කේස්.

    ReplyDelete
  16. මෛත්‍රී මහත්තයාත් කරන්නේ අර නරියා කරනවා වගේ වැඩක් නෙව. මෛත්‍රී මහත්තයා චන්දේ ඉල්ලලා වෙන කෙනෙක්වනේ දිනවන්ඩ යන්නේ :)

    ReplyDelete
    Replies
    1. රනිල් මහත්තයා නං එහෙම තමයි

      Delete
    2. ඔහොම කතාවක් අපේ ආතත් කියනව අහගෙන

      Delete
  17. සූකිරි වගේ කතා සැට් එකක්. මෙහෙම ලියන්න බැරිනිසා තමයි උණ ගන්නේ.

    දැන් ඉන්න කොටි ඩයස්ෆෝරා එක මෙහෙයවන්නේ කේපී කියලා තමයි හිතෙන්නේ. මම කොහෙද දැක්කා කේපි කොටි නායකයා තනතුරෙන් තවමත් ඉල්ලා අස්වී නැතිබව. මේවා මචං මොන කුමන්ත්‍රන ගොඩටද දාන්නේ.

    අන්න නානසාර ලොක්කා දවස් ගණන් නිදිමරලා, වෙහෙසිලා අමාරු තීන්දුවක් අරන්. ඒ තීන්දුව ගත්ත එක හොඳයි ඇත්තටම. ඡන්ද දුනුවත් නැතත් නානසාර එතැන ඉන්න එක හොඳයි. බොදුබලේ පළවෙනි පිපිරුම තමයි ඔය එලියට එන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ රාජ්...පෙරටුගාමින්ගේ කඳවුරත් දෙකඩ කැඩෙන්න පුළුවන්. උන් දුමින්ද නාගමුව ඡන්දෙට දාන්න යනවා. මේ අවස්තාවේ ජවිපෙත් අපේක්ෂකයෙක් නොදා ඉන්න ගත්ත තීරනය නිසා උන් බේරුනා. නැත්නම් ජවිපෙත් බෙදෙනවා.

      Delete
    2. බලමු මොකද වෙන්නෙ කියල. පෙරටුගාමීන් නං ආයෙ කැඩෙන්න ඉඩ තියනව. අපේ ඔපීසියෙ ඉන්න එකෙකුත් තීරණයට කැමති නැතිව ජවිපෙ පාරෙ ආයෙ යනව කියනව.

      Delete
  18. අඩුපාඩුවකට හිටිය මංගල මොංගල් තුමා අන්න ආපහු ඇවිත් ප්‍රවෘත්ති සාකච්ඡා තියනවා.

    ReplyDelete
  19. ඔන්න මමනම් කියෙවුවේවත් නෑ.....නිකන් සුදු වෑන් එහෙම ගෙන්න ගන්න ඕන නෑනේ....

    ReplyDelete
    Replies
    1. :-)
      වෙල්කම් ටුද බ්ලොග්

      Delete
  20. රාජ් මට නම් හිතෙන්නේ "අම්මලාගෙන් අහලා බලන්න ඕනේ... අයියා ගෙදර ඇවිත් කතා කොරහන්... රැවුල් අයියට නම් මම කැමතිම නෑ ඒත් දීගයක් ගැන නම් දැන්ම හිතන්න බෑ " කිව්වට රතු එතනාගේ හිත සිරා අයියටම තමා

    ReplyDelete
    Replies
    1. හැබෑමයි. හරියට ඉස්තිරියාවො වගේ, අකමැතියි කිව්වට කැමතියි.

      Delete
  21. රතු මාමලා හැමදාම හෙව්වෙ ෂෝට් කට් උඩට යන්න. මේ පාර හිර උනා.. හැමපාරම අර ගල උඩ දාපු බළලා වගෙ උන හින්දා ෂේප් නියාය ‍තෝරාගෙන.

    ReplyDelete
  22. දෙසරයක් නාලා ආයෙත් නාන්න බෑ කිව්වේ ලාල් කාන්ත. සම හරක්ට එහෙව් පක්ෂෙත් පරිනතයිලු..

    ReplyDelete
    Replies
    1. ලාල් කාන්ත හරි. මෑන් අැත්ත කියනව. අනිත් අය හංගල ගහනව.

      Delete
  23. බලන්න බෑ බං. යූ නලේ නෑ නෙව

    ReplyDelete
  24. අපේ මාරයා අයියා මේක කියවා හිනා ගොස් කකා හිටපු බුරියානි ඉස්මොල්ලෙ යාම නිසා එතුමාගෙ සෞඛ්‍ය තත්වය පිරිහී ඇති නිසා ප්සුව කමෙන්ට් කරන බව සලකන්න.

    ReplyDelete