Tuesday, April 7, 2015

වසන්තයා 4, සීයා & මුනුපුරා with පනු කොල්ලා!

"සීයේ සීය කියන ඕනම කතාවකට ගැලපෙන කතාවක් මේ දවස්වල සිද්ධවෙනව බොරුද මං අහන්නෙ?" මුනුපුරා එන්නෙ මොකාටද කියල හිතාගන්න බැරුව සීය අන්දමන්ද උනා.

"මොකද්ද උඹ දැං කියන්නෙ?"

"මං කියන්නෙ සීයේ අපේ රටේ මේ සිද්ධවෙන කේස් ඔක්කොම සිද්ධවෙන්නෙ ඔය සීය කියන කතන්දර වල වෙන විදියටමයි"

"මම කියන කතන්දර කිව්වෙ? මම උඹට කියන්නෙ සුරංගනා කතා, එතකොට රජ කතා, ආයි ගෙවල් වල කතා, උඹ වගේ ඇට්ටර පැංචන්ගෙ කතා..... ඕවයෙ තියන සම්බන්ධෙ මොකද්ද?"

"හරියටම කිව්වොත් සීයේ සීය මට කියල දෙන කතාවල විදියට තමයි අපේ රටේ වැඩ සිද්ධවෙන්නෙ.... හරි සීය කතාවක් කියන්නකො..... මං කියන්නං ඒ කතාව මේ දවස්වල සිද්ධවෙන්නෙ කොහොමද කියල!"

"උඹ ඉතිං මොකක් හරි කියල කතාවක් අහගන්නනෙ හදන්නෙ.... හරි මම කියන්නං උඹ වගේ හීං එකෙක් ගැන කතාවක්.... පුළුවන් නං මේක අද කාලෙට ගලප්පල ගනිං"

"හා"

"ඔන්න එක ගෙදරක හිටිය උඹ වගේ ඇට්ටර පැංචෙක්. මුගේ වැඩේම මොකක් හරි වරදක් පෙන්නල අඬන එක"

"අන්න බලන්න සීයේ ඒකෙත් හැටි..... ඌ හරියට අපේ විමලෙ අංකල් වගේ නේද?"

"ඒ කිව්වෙ?"

"ඇයි එයාත් එහෙමනේ..... තිස් ගානකිං තෙල් මිල බස්සලත් පනහකිං බැස්සුවෙ නෑ කියල ඇඬුවෙ! එතකොට"

"හරි හරි නවත්තපංකො එයා ඉතිං කොහොමත් එහෙමනේ.... ඔන්න මේ කොල්ල දොස්තර ලඟට එක්කරගෙන ගියා.... ගිහිල්ල ලෙඩේ කිව්ව!"

"හැබැයි සීයෙ විමලෙ අංකල්ගෙ ඇඬිල්ල නවත්තන්න පුළුවං එකම එක ජගතයි ඉන්නෙ.... මැදමුලනෙ...."

"හරි හරි අහගනිංකො‍ මේක..... ඔන්න දොස්තර ලඟට ගිය කොලුව අඬන්න ගත්ත.... දොස්තර ඇහුව මොකද අඬන්නෙ කියල....කොල්ල කියපි ඌට පනුවෙක් කන්න ඕන කියල"

"නෑ! ඌ මාර කොල්ලෙක්නේ සීයේ"

"ඔව් ඔව් අහගනිංකො..... ඔන්න දොස්තර පනුවෙක් ගෙනාව ගෙනල්ල කිව්ව කන්න කියල....."

"ඒ ගමන නං කොල්ලට කටඋත්තර නැතිවෙන්න ඇති නේද සීයේ?"

"මොන! උගේ ඇඬිල්ල නැවතුනේ නෑ.... ඌ ඒ ගමන අඬනව ඔයත් බාගයක් කන්න කියල"

"හි හි හි.... ඇද්ද! ඒක නං විමලෙ අංකල් වගේම තමයි.... තනියම කන්න බැරි නිසා තමයි ඔය මැදමුලනෙ අංකල්වත් අල්ලගන්න හදන්නෙ"

"පැහිච්ච කතා නැතුව අහගනිංකො! ඔන්න මූට හොඳ පාඩමක් උගන්නන්න හිතපු දොස්තර පනුවගෙ බාගයක් කෑව"

"හොඳ වැඩේ අඬන කොල්ලට"

"ඒ ගමන ඌ ආයෙත් අඬන්න ගත්ත කලිංට වැඩිය සද්දෙට"

"ඒ මොකද සීයේ?"

"ඒ ගමන ඌ අඬනව දොස්තර කෑවෙ උගේ පනු බාගෙ කියල, ඔන්න ඕකයි කතාව, දැං උඹ කියන්නෙ මේ කතාව විමලෙ අංකල් ගැන කියලද?"

"හි හි හි.... විමලෙ අංකල් ගැන වගේ පෙනුනට සීයේ මේක වෙනම කේස් එකක්"

"ඒ මොකද්ද බොල?"

"මේ ඇඬිල්ල හරියටම සෙට් වෙන්නෙ නිමල් සිරිපාල අංකල්ගෙ ඇඬිල්ලට"

"මොකද්ද ඒ හරුපෙ?"

"මේකනෙ සීයේ.... සිරිමා මැඩම්ගෙ කා‍ලෙ ඉඳලම සිරිලංකා එක විදායකේට විරුද්දයිනෙ.... සැටලයිට් නෝනත් කිව්වෙ බහුබූත වියවස්තාව කියලනේ.... මහින්ද අංකල් ඕක අහෝසි නොකල එකෙං වැඩියෙම්ම බැට කෑවෙත් සිරිලංකා එකේ නායකයොනෙ...."

"ඉතිං?"

"ඉතිං එයාල තමයි විදායකේ අහෝසි කිරිල්ලට අත් දෙකම උස්සන්න ඕන...."

"හැබෑව! ඉතිං දැං මොකද කියන්නෙ එයාල?"

"එයාල කියන්නෙ ඡන්ද ක්‍රමේ වෙනස් කරන්නෙ නැත්තං මේකට සහයෝගෙ දෙන්නෙ නෑ කියලනේ.... අර පනු කොල්ලගෙ චරිතෙ මේ දවස්සල කරන්නෙ ඔය නිමල් අංකල්නෙ සීයෙ! බලන්න මං කිව්වෙ බොරුද කියල!"

34 comments:

  1. එකෙන්ම එකෙන්ම.....
    පණු කොල්ලා තමා රගන්නේ...

    ReplyDelete
  2. ටක්කෙටම වදින කතාව

    ReplyDelete
  3. චතූෂ තුෂර කුමාරගේ උපදෙස් අනුව මුහුදු වැලි පුරෝලා.
    https://www.facebook.com/SinhalaBuddhists1/photos/a.790117121061680.1073741828.790109741062418/852917474781644/?type=1

    ReplyDelete
  4. අනේ රාජා සීයේ, තව කතාවක් කියන්නකෝ.

    ReplyDelete
  5. පනුව පව්.......චම්පිකත් ....දැන් පනුවද......

    ReplyDelete
  6. සියල්ල පිටුපස සිටිනුයේ වෙනින් කවුරුවත් නොව මෛත්‍රීපාලමය..

    බුදු හාමුදුරුවෝ ආවත් ඕක අයින් කරන්නේ නෑ කියා මාතලන් කීවේ කට කහනවාට නොවේය...

    ReplyDelete
    Replies
    1. //""සියල්ල පිටුපස සිටිනුයේ වෙනින් කවුරුවත් නොව මෛත්‍රීපාලමය..""// අන්න ඔය ටික මොකාටවත් තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක තමා පස්නේ

      Delete
    2. මං හිතන්නෙත් ඕකම තමා.. දැනටත් රහ වැටිලා ඇති...

      Delete
  7. හුකාආ--- මෙන්න,මු මෙතනත් ඇවිල්ලෝ!

    ReplyDelete
  8. එතකොට අපි දොස්තරලද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මං හිතන්නේ

      Delete
    2. නිකන්ම නිකං දොස්තරලා බං, දත් දොස්තරලා නෙවෙයි..

      Delete
  9. 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පණුවා දැන් පිඹුරෙක් විතර වෙලා. හදපු එවුන්වම කන්න හදනවා.

    ReplyDelete
  10. කට්ටියට දැන් නිකන් පණු අමාරුව හැදිලා වගේ තමයි ඉන්නෙ නම්..

    ReplyDelete
  11. කාලෙකට කලින් ඔය පණු කතාව සමබිමේ ගියා සජිත් ප්‍රේමදාස සම්බන්ධ කරලා

    ReplyDelete
  12. මේ සම්බන්ධ හොඳ පැහැදිලි කිරීමක් ඩ්‍රැකියා දාල තියනවා....
    http://drackey.blogspot.com/2015/04/19-01.html

    ‍හැබැයි මේකේ විධායකය අහෝසි කිරීමක් පේන තෙක් මානක නෑ......

    වැරදිලාවත් මහින්ද අංකල් අගමැති උනොත් කියන බයට හදපු බවක් නම් පේනවා හැමතැනම ජනාධිපති ධූරයේ වැඩ බැලීමෙන් අගමැති අයින් කරලා කථානායක දාලා තියෙන්නේ ඒකයි....

    ReplyDelete
  13. 19 ව්‍යවස්ථාව ගැන තවත් කතාවක් අද පත්තරේ තියනවා
    http://www.divaina.com/2015/04/08/news01.html

    ReplyDelete
  14. දැන් කට්ටිය කියනවා පක්ෂ අදුරගන්න බැරි තරම් මේක පැටලිලා කියලා.... ඒත් අැත්තම කතාව දැන් තමයි නිල වශයෙන් පටලලා තියෙන්නේ.. කලිං කියලත් මේක හරි ලස්සනට වෙන් වෙලා තිබුණායෑ...... හැත්ත බුරුත්ත පිටිංම පටලං තමා හිටියේ..... කොහොමත් මේ පක්ෂ දේශපාලනය අැණ වෙන ඒක හොදයි...... ඒතකොට අපේ ගං වල ඉන්න කොල පාට නිල් පාට ලේ තියෙන උනුත් අැණ වෙනවානේ.....

    ReplyDelete
    Replies
    1. අනුර කුමාර කිව්වෙ මේක සැලසුම් කරපු පාර්ලිමේන්තුවක් කියල

      Delete
  15. මේ වැඩේ අල වෙන්න නොදී කොහොම හරි මේ වතාවේ කරගන්න ඕනේ.එකට මෛත්‍රීට බලපෑම් කරන්න ඕනේ.අපිට ඕනේ ලංකාවේ සරලම විධායක ජනපති මෛත්‍රී කියන්න නොවේ.තමන්ගේ අන්තොමතික බලය අතහරින ජනපති මෛත්‍රී කියන්නයි.
    මේ වැඩේ අල කරන්න යන චම්පිකලා ඇතුළු ශ්‍රී ලංකා සෙට් එක ගැන මහා මැතිවරණයේදී බලා ගන්ට ඕනේ.

    ReplyDelete
    Replies
    1. කරන්න ඕන බව හැබෑව. නමුත්....

      Delete
  16. උන් පණුවෝ කනවා.. අපෙ බඩ දඟලනවා.. නොදෝමකින්

    ReplyDelete
  17. ඇත්තම කියනවනම් පණු කොල්ල නිමල් නෙමෙයි ... මහ උන්දැ වගෙයි පේන්නෙ..

    ReplyDelete
    Replies
    1. සපතේරුව දැක්ක කල්. කොහෙද ගොහින් හිටියෙ ?

      Delete
    2. සපතේරුවාට කම්මල්කරු මුනගැසීම :-)

      Delete
  18. මොනාටද අප්පා ඔය විධායක බලතල ඒවා පාවිච්චි කරන්න දන්නැති ගොයියෙකුට......! පාවිච්චි කරන එක්කෙනුකට දීලා දැම්මනම් හරි නේ....!

    ReplyDelete
  19. පණුව කාපු කොලුවගෙ කතාව උදේ මම පොඩි එකාට මූණ හෝදන අතරෙ කියල දුන්න. ඌට හෙන හිනා, පණුවෙක් රෝස්ට් කරල කෑවට. පස්සෙ මිනිහත් එහෙම වැඩ මට කරනව කියල මතක් කරල දුන්නම බුම්මන් හිටියෙ!

    ReplyDelete
  20. ඊටපස්සේ පනුවාගේ අනික් බාගෙට මොකද කරේ ???

    ReplyDelete
  21. ඕකුන් කන්නෙම පණුවො තමා.

    ReplyDelete
  22. මොකද්ද මේ කළුවරේ පේන්නේ... ගූ බෙට්ටක් වගේ.. කෝ බලන්න (අතින් අල්ලා නහයට ලං කොට බලමින්) .. හම්මේ... ගඳ..... ගූ බෙට්ටක් නේන්නං.. තව පොඩ්ඩෙන් පෑගෙනවා...

    ReplyDelete