Monday, April 20, 2015

අවුරුදු (නො)කෑම!

"යහපාලනය නිසා රටේ සංවර්ධන වැඩ නැවතිලා... කොන්ත්‍රාත් කරපු මිනිස්සුන්ට සල්ලි ගෙවල නෑ.... බාස්ලට කුලීකාරයන්ට සල්ලි දෙන්න විදියක් නැතුව කොන්ත්‍රාත් කරපු මිනිස්සු හැංගෙනව.... ලීස් කරල ටිපර් ගත්තු අයට වැඩ නෑ.... ලීස් ගෙවාගන්න විදියක් නෑ.... කොයිවෙලාවෙ ඇවිල්ල වාහන උස්සං යයිද දන්නෑ... කොහොමෙයි අවුරුදු කන්නෙ?"

තේවතුර එක බොන ගමන් බේබි මහත්තය සෑහෙන්න ආවේගයෙන් කතා කලේ. එයාගෙත් කොන්ත්‍රාත් කිහිපයක්ම ඇනහිටල. හිටපු ජනාධිපතිතුමත් මේ ගැන කතාකරනව දැක්ක ලඟදි දවසක.

අවුරුද්දට දවසකට දෙකකට විතර කලින් හන්දියෙ කඩේට ගොඩවෙලා කයියක් ගහගෙන ඉන්න වෙලාවෙ ඇදිල ආපු කතාවක් මේක. බේබි මහත්තයගෙ කතාව අහගෙන හිටපු ධර්මෙ අයියත් කට ඇරිය,

"මේකනෙ බේබි මල්ලී..... ඔය කොයි දේ කලත් නීතියකට රීතියකට අනුව වැඩේ කරගන්න එපැයි! එහෙම නොවුනම ඉතිං හැදෙන අවුල් ලිහන්නත් බෑ.... මිනිස්සුත් අමනාප වෙනව.... මොනව කරන්නද?"

"ඒවුනාට බං මහින්ද මහත්තය ඉන්නකොට ඔය මොකුත් අවුලක් තිබුනෙ නෑනෙ.... දැංනෙ මේ අවුල් ඔක්කොම.....?" බේබි මහත්තය කිව්ව. ධර්මෙ අයියත් අතාරින පාටක් නෑ....

"බේබි මල්ලිට කියන්න..... මම ඉස්සෙල්ලම ඉස්කූල් සර්විස් එක කරද්දි මට ඩ්‍රයිවින් ලයිසන් තිබුනෙ නෑ.... පොලිසියෙන් අල්ලන නිසා මම ගත්ත ලයිසන් එකක්..... රුපියල් එද්දාස් පන්සීයද කොහෙද ඒ වැඩේට ගියේ.... ට්‍රයල් නෑ එක්සෑම් නෑ මොකුත් නෑ ආයෙ කාඩ් එක ලැබුන නියමෙටම"

"ඉතිං?" මාත් කට දැම්ම.

"උඹලට මතකත් නැතුවැති, ඒ කාලෙ දවසක තමයි වෑන්කට්ට වැදුනෙ ලොරියක.... මගේ වැරැද්දක් තිබුනෙම නෑ.... ලොරිකාරය බීල කනමදය වගේ.... තනිකරම වැරැද්ද උගේ...."

"ඉතිං?"

"උසාවියෙදි කේස් එක ඇදුන.... ලොරිකාරයට බරගානක දඩයක් වැදුන! බීල එලෙව්වට.... ඒ මදිවට කිසි වැරැද්දක් නොකල මටත් බරගානක් වැදුන ලයිසන් කේස් එක මාට්ටුවුන නිසා...."

"හරි උඹ දැං මොකද්ද කියන්නෙ?" බේබි ඇහුව.

"මම කියන්නෙ මේකයි.... චාටර් සීන් එකකට මොන විදියකට හරි ගෑවුනොත් ප්‍රතිපලේ ඕක තමයි.... ඔය පාඩුව දරාගන්න බලාගෙනයි ඕවයෙ පැටලෙන්න ඕන" ධර්මෙ කතාව අවසන් කලා.

"මේකනෙ බං...... මේව මේ රටේ සල්ලි..... හැදෙන්නෙ රටේ පාරවල්..... රස්සා ලැබෙන්නෙ-කීයක්හරි හොයාගන්නෙ මේ රටේ කොල්ලො කෙල්ලො, බිස්නස්කාරයො.... දැං බලපං වෙච්ච වැඩේ?"

කතාව අවසන් කරපු බේබි මහත්තය යන්න ගියා. ඒ එක්කම වංගුවෙන් හැරිල ක‍ඩේට ආවෙ ප්‍රේම නැන්ද?

"අනේ බං ළමයිනේ අන්න ජිනේමාම පොලීසියෙං අල්ලං ගියා.... මොනවහරි කරපල්ල බං...."

ජිනේමාම කිව්වෙ ප්‍රේම නැන්දගෙ මනුස්සය. නැති තැන කියන්නෙ කුකුල්ජිනේ කියල. අහල පහල ගමකින් හරකෙක් කුකුලෙක් හොරකම් කරගෙන ඇවිල්ල මරල විකුණන එක ඇරුනම ජිනේ මාමගෙ වැරැද්දක් තිබුනෙ නෑ.

"උඹල හොර හරක් මරනව.... පොලිසිය ඇවිල්ල අල්ලං ගියාම අපිට කියනව බේරගන්න කියල! යකෝ මේක මාර වැඩක්නේ" ධර්මෙ අයිය කිව්ව.

"එහෙම කියන්න එපා බං.... නැතිකමටනේ මේ ඔක්කොම කරන්නෙ!"

"උඹල කරගත්ත නං උඹලම විඳවපල්ල.....අපි අල්ලගන්නෙ නැතුව"

"ඔන්න බලාපල්ල මුංගෙ කතාව.... මගේ මිනිහ හොර හරක් ගෙනාව තමයි... මැරුවත් තමයි.... ඇයි උඹල කෑවෙ නැද්ද හොර හරක් මස්? අනිත් එක ඒ මනුස්සය ගමෙන් හොරකං කලේ නෑනෙ.... කොහෙං හරි උස්සං ආපු හරකෙක් මැරුව නං කෑවෙ මේ ගමේ එවුම්ම තමයි...." ප්‍රේම නැන්ද පාරට බැස්ස.

"ඒකත් ඇත්ත නේද බං?" මම ධර්මෙ අයියගෙන් ඇහුව.

"මොකද්ද?"

"ජිනේ මාම ගෙනාපු හරක් කෑවෙ මේ ගමේ එවුන්මනෙ.... අනෙක මස්කඩේ ගානට වැඩිය බාගයක් අඩුවෙන් තමයි ජිනේ මාම මස් වික්කෙ! ඌ කරපු වැඩේ වැරදි බව ඇත්ත.... නමුත් එයාගෙන් ගමටනෙ වාසි! එහෙම බැලුවම බේබි මහත්තයගෙ කේස් එක වගේම එකක් නේද මේකත්..... නමුත් කවුද ජිනේ මාමගෙ අවුරුදු කෑම වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ?"

"අන්න ඒක තමයි බං මම මුලිනුත් කිව්වෙ..... චාටර් සීන් වලට ගෑවෙන්න එපා කියල"

44 comments:

  1. ඔන්න මහින්ද මාමට නං මොකුත් කියන්න එපා. බැසිල් මාමා තමයි හොරකං කලේ. නාමල් බේබිගේ අම්මා තමයි හොර එකවුන්ට් දාලා, හොර හැඳුනුම්පත් අංක දීලා, ඔක්කොම හොරවැඩ කලේ. මහින්ද මාමා ඔය මොකුත් දන්නේ නැහැ.

    මහින්ද මාමගේ සූප්පුව නැතිවෙලා. අන්න ඒක හොයලා දෙන්න මහන්සිවෙයල්ලා.

    ReplyDelete
  2. රාජ්ට පුලුවනිද කෝපි කඩේ තිර රචනය කරන්න.
    එක පිටපතකට රුපියල් 500යි.
    -සභාපති රූපවාහිනී සංස්ථාව

    ReplyDelete
    Replies
    1. /-සභාපති රූපවාහිනී සංස්ථාව/

      සභාපති ස්වාධීන රූපවාහිණිය වෙන්න ඕන නේද??

      Delete
  3. ආප්පපාල මාමී දෙඥ්ඥංය කියලා කිව්ව යහපාලනේ බව්වට දාලා.. ආප්පපාල මාමිට දුන්න උපාසක ඇත්තන්ට වෙන වෙන ටොපි දෙන වෙලාවේ... රනිල් මාමිත් තමුන්ගේ ගෝල නඩේට ඇප නැති වෙන්න මොනවම හරි දෙඥ්ඥ ඕනමය කියලා හිතලා කොරලා ඔන්න දිලා තියෙනවා පෂ්ෂ පැත්ත නැති වෙන්නම...

    ආයේ ඉතිං ආප්පපාල මාමිට සැකන්ඩ් වෙන පුතයෙක් නෙවෙයි අපේ රනිල් මාමි.. ඕ යෑස්...

    යහපාලන බොරුව වපුර වපුර මිනිස්සු අන්දපු නඩේ.. දැන් ඉතිං අර වංගියක් මෝඩිගේ මෝඩ කෝට් බැය කෙව්ලර් පොලිමොර් කොලා වගේ මේ පොටෝවත් මොකක් හරි පොලිමොර් එකක්ය කියලා බොරු කොරන්න උස්සහ කොර කොර හිටහල්ලා... දවසකට ලැබෙන 1600 පඩියට කොරන්න මොනවම හරි කෙහුරක් තියෙන්ටත් එපායෑ... නැද්ද හා..?

    ReplyDelete
    Replies
    1. අනේ පල යකෝ යන්න. තොගෙ ලජ්ජා නහරෙ කපලා කියලා අපි දන්නවා. මහින්දයා වගේ හොරෙකුට කඩේ යන්න පුළුවන් උඹ වගේම කුහකයෙකුට විතරයි.

      Delete
    2. AnonymousApril 20, 2015 at 2:18 PM
      ගියේ නැද්ද හාම්පුතාලගෙ පස්ස රත්කිරිල්ලට සපෝට් එක දෙන්න?

      Delete
  4. ඇයි බං ඡන්දෙ කාලෙ මිලියන 600 ක සිල් රෙදි බෙදපු සෝමානන්ද සාදු මුල්‍ය අපරාධ විමර්ශනේට වැඩල ආපහු වඩින ගමන් යහපාලනේට පිං අනුමෝදනා කර කර වැඩිය දැක්කෙ නැද්ද එච්චර හොඳ වැඩකට අකුල් හෙලනවා කියල.

    ReplyDelete
    Replies
    1. දැක්ක දැක්ක.... බලපංකො සිල් රෙද්දක් බෙදන්න නැති හැටි!

      Delete
  5. සුභ අළුත් අවුරුද්දක් වේවා රාජ්!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා බස්සිටත්!

      Delete
  6. ඇත්ත තමා චාටර් සීන් වලට ගෑවෙන්න හොද නෑ..

    ReplyDelete
  7. බේබි මහත්තයා නම් බබෙක්ම තමයි හිටං.

    ReplyDelete
  8. හිටපු ජනාධිපති තුමා ආයේ එන්න දගලන්නේ හිටපු ටිකේ ඇති පදම් හොයාගෙන නැහනේ බලද්දී දැන් හිතෙනවා ඇති අපරාදේ කියලා

    සුබ අලුත් අවුරුද්දක් අයියේ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. අර එක අසරනයෙක් කිව්ව එයාට ක්‍රෙඩිට් කාඩ් එකක්වත් නෑ කියල. පවු!

      Delete
  9. බොහෝම පැහැදිලියි කතාව. 50% කට වඩා කළු සල්ලි වලින් දුවපු රටක. ඒ 50% එක පාරට නැවතුනා කියන්නේ හුප්පෙම තමයි.. ඔය කොන්ත්‍රාත් ගත්ත උන්ට කිසි අවුලක් නෑ.. එදිනෙදා පඩියට වැඩ කරපු උන්, පඩියට වැඩ කළ උන්ට තමයි හුප්පේ..

    හොරකම විමධ්‍යගත වෙලා ජීරණය වෙලා තිබුනේ ඉතින් ඒ මත යැපුන උන්ට හුප්පෙම තමයි.. මේ හොරකම් එක පාරට නවත්තපු එකත් වැරදියි.. වෙන ක්‍රියාමාර්ග තිබුනා ඕන තරම් ක්‍රියාත්මක කරන්න.. ඒකෙන් ජනතාව විතරක් නෙමෙයි, ආන්ඩුවත් බැට කනවා.. දුවන් බස් එකේ පුට්බෝඩ් එකෙන් පැනලා ටිකක් දුන්න එපායා නොවැටි ඉන්න. එතනම නැවතුනොත් ඔහේලගේ පැත්තේ නම් කරාපිටියටම එන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. අපේ මාරයා අයියාටත් මේ දවස්වල හරි නැහැ. කේන්දර බිස්නස් එක පාළුවෙලා ගියා සුමනයා නිසා. මහින්ද මහත්තයා ගෙවන්නෙත් නැතිලු හරියට. රුපියල් 1600 මදි කිය කියා අඬනවා. මෛත්‍රි මහත්තයටත් බනිනවා කේන්දර බිස්නස් එක පාළු කළා කියලා.

      Delete
    2. දුවන් බස් එකේ පුට්බෝඩ් එකෙන් පැනලා ටිකක් දුන්න එපායා නොවැටි ඉන්න.//

      ඒක තමයි සීන් එක

      Delete
  10. කොන්ත්‍රාත්කාරයොත් පාර්ලිමේන්තුවෙ පදිංචිවෙයිද චාටර් සීන් හොයන්න එපා කියල?

    ReplyDelete
    Replies
    1. බඩ කොරවෙනව යකෝ...මේකද යහපාළනේ කියන්නෙ..?

      Delete
    2. එකෙකුටවත් පනිෂ්මන්ට් නොදීමේ ප්‍රතිඵලය.

      Delete
  11. ඉතින් බං උඹයි මමයි දෙන්නම මෑතකාලයේ ලොකුම චාටර් සීන් එකකට ගෑවුනේ. මහබැංකුවේ හොරකම දැන් යන්න නියමිත අපේ කරපිටින් මහේන්ද්‍රන් මහත්තය අ වරදක් කරලම නැහැල්ලු. අපි දෙන්නම ඕකට ගෑවුනා ජනවාරි අටවෙනිදා වෙනකම්.

    ධර්මේ අයියෙක් හිටියේ නැහැනේ බං කියන්න... චාටර් සීන් වලට ගෑවෙන්න එපා කියල

    ReplyDelete
    Replies
    1. මහින්ද නැතුව ඔයාටත් පාළුයි පාළුයි වගේ නේද කොකාවල?

      Delete
    2. ඇත්ත ඇත්ත. අපි තමයි ගෑවිලා තියෙන්නෙ අන්තිමට

      Delete
  12. චාටර් නම් තමයි..ඒත් මේවත් ප්‍රශ්න.

    ReplyDelete
  13. කාපට් දමපු පාරක යනකොට කාර් එකට මෙන්ම ඒක පදවන රියදුරුට දැනෙන සනීපය කෙතරම්ද කියල දැනෙන්නේ කාර් එක කාපට් පාරේ ගිහින් එක් වරම කාපට් නැති පාරකට දමන්න වෙචච වෙලාවෙදියි. එතකොට මන් හිතෙන්නෙ අපි ඉපදුනදා ඉඳල කාපට් පාරවල් වල ගිය අය කියලා.මහින්ද මහත්තයාගේ පාරවල් සංවර්ධනය කිරීම කරන්න තිබුණේ මිට අවුරුදු 30 කට ඉස්සර වෙලා. හොරකම් කළා කියලා එක එක කතා තිබුනත් පාරේ කාපට් තිබුනනෙ. යහපාලන ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් මගඩියේ දී මොකක්වත් ඉතුරු වෙන්නෙ නැතිව රුපියල් බිලියන 40ක් නිකම්ම වාෂ්ප උනේ. අද කියනවා ඒකට බැංකුවේ ලොක්ක්කගේ සම්බන්ධයක් නැතිලු. මෙතන ගැටලුව උනේ හොරකම් නෙමෙයි .එහෙම උනා කියල කාලයක් පුරා ගොතපු ප්‍රචාරයයි.
    රාජ්,
    දත මැද ගෙන හිටියට ඇත්තටම රුපියල් 10,000 කින් පඩිය වැඩි උනාද? ජනවාරි මාසයේදී රුපියල් 2500යෙ දීමනාව ලැබුනද? මහින්දමහත්ත්යා හිටියා නම් ජුනි වෙනකොට 1015 නව වැටුප් ක්‍රමය ලැබෙනවා. මගෙත් පැන්ෂන් එක ගැටලුවක් නැතිව වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් තමුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය පැන්ෂන් එක වගේ. තමුන්ට අතට කීයක් හරි හම්බ වෙන නම් රටට හෙණ ගැහුණත් කමක් නැහැ මේ උන්දලාට. අනේ අපේ රටට ගිය කලක්.

      Delete
    2. පැන්ෂන් එක වැඩි නොවිම විතරද පෙනුනෙ.ඇස් පෙනීමේ දුරවලතාවයක් තියෙනවා නම් කාගෙන් හරි කන්නාඩියක් නයට ඉල්ලගෙන මම ලියලා තියෙන ඔක්කොම ටික කියවලා ඉන් පසුව ඒ ගැන ලියන්න

      සමරසේකර

      Delete
    3. ඔය බිලියන 40ක් කියන ගාන ආවෙ කොහෙන්ද කියල පොඩ්ඩක් මූලාශ්‍ර එක්ක පැහැදිලි කරන්න පුලුවන්ද ?

      Delete
    4. ඔය බිලියන 40ක් කියන ගාන ආවෙ කොහෙන්ද කියල පොඩ්ඩක් මූලාශ්‍ර එක්ක පැහැදිලි කරන්න පුලුවන්ද ?

      Delete
    5. උපදංශ,
      අභීත උඹට පොල්ල තිබ්බා කියකිය හතර වටේ යන ඒවයෙත් මුලාශ්‍ර පෙන්නපන්කෝ ඔක්කොටම කලින්. වෙලාවකට ලක්ෂයයි, වෙලාවකට එක හමාරයි.
      කරන්නේ මහලොකු රට රස්සාවක්ලු, උඹ ඔය පොඩි ගාණට අඬපු තරම් මුළු සේසතම නැති වෙච්ච මිනිහෙක්වත් අඬනවා මම දැකල නැහැ.

      මහින්ද අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියල කියපු ලොන්ත ලොල්ලෝ මුලාශ්‍ර පෙන්නුවද

      මුලාශ්‍ර මෙතන දැම්මේ නැතත් භාණ්ඩාගාර බිල්පත් වලින් මගඩියක් වෙලා කියන එක උඹලගේ යහපාලන ලොල්ලෝ කියන කතා වලින්ම තේරෙනවා, ඒ මදිද

      Delete
    6. එළ කතාව ඈනෝ

      Delete
    7. @ ඉන්දික,
      ලඟදි මහබැංකුවේ නව ලොක්කා ගැවුනු භාණ්ඩාගාර බැඳුම්කර හුටපටේ ඔබ දන්නවා ඇතයි සිතමි.මුලදී මහා බැංකුව ප්‍රකාශ කලේ රුපියල් බිලියන 01ක බැඳුම්කර නිකුත් කරන බවයි. ඒ අනුව ඒවා මිලදී ගැනීමට ලන්සු දැමීමට බලය තියෙන මුල් ආයතන අඩු වැඩි ලෙසින් බිලියන 1කට සමානව අයදුම් ඉදිරිපත් කළා.ඔවුන් ගෙවීමට කැමතිවු පොලිය 8% ත 9%ත අතර පැවතුනා.බැංකු ලොක්කාගේ බැනා විතරක් රුපියල් බිලියන 10ක් ම 12% ගන්නේ ඉල්ලුවා. බැංකුවත් ඒක ගෙඩිය පිටින්ම දුන්නා. මෙතනදි වෙළඳ පොලේ ගැවසුණු බැඳුම්කර සහ වල පොලි ප්‍රමාණයේ වෙළඳ පොළ අගය 9%සිට 12% දක්වා ඒක වරම වැඩි වෙචච නිසා කල් පිරුන බැඳුම්කර වෙළඳ පොලින් මිලදී ගැනීමේදී මහා බැංකුවට ඒවාට 12% ගනනේ පොලියක් ගෙවන්නට සිදුඋනා. මේ දක්වා එසේ අතිරේකව ගෙවූ මුදල පමණක් රුපියල් බිලියන 40ක් තව ගැටලුව ඉවර නැහැ. ඉදිරියේදී කල් පිරෙන බබැඳුම්කර මිලදී ගැනීමේදීද මහා බැංකුවට මෙසේ වැඩිපුර පොලියක් වැන්න වෙනවා.
      මේ තත්වය මග හැරවීමට නම් බැඳුම්කර වෙනුවට කෙටිකාලින භාණ්ඩාගාර බිල්පත් මහබැංකුව විසින් වෙළඳ පොලට දැමිය යුතුයි . බිල්පත්වල සීමාව වැඩිකර ගන්න පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව ඒක ඉදිරිපත් කල මුදල් ඇමතිතුමාගේ අති පණ්ඩිත කථා නිසා පැරදුනා. ඒ නිසා ඉදිරියේදී කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන්ද 12% ආසන්න පොලියක් වැන්න වේවි.

      බිලියන 40ක් කියන ඒක සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නෙ නැහැ තමයි.අපේ රටේ දැනට තිබෙන අධිවේගී මාර්ගය (කොළඹ -මාතර) හැදිමේදීද විශාල වංචා සිදු උනා කියා ඒකාලයේ කතා ඇතිවුනා නේද? එහෙම වෙලත් ඒකට ගියේ රුපියල් බිලියන 25යි .කොච්චර හොරකම් කළා උනත් අවසානයේදී අධිවේගී මාර්ගයක් හැදිලා තියෙනවානෙ.බිලියන 40 වාෂ්ප උනා කිව්වේ අපේ රටට මොකුත්ම ඉතුරු නොවී මුළු මුදලම චකබ්ලාස්ට් වෙච්ච එක.
      සමරසේකර

      Delete
    8. අරිජුනයා හොරාගෙ අම්මගෙ කමිටු වාර්තාවෙන් නිදහස් වුනානෙ. ඒ ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. ඔය විදියෙ යහපාලන තමයි කොයි රටෙත් තියෙන්නෙ. පාලකයන්ගෙ හොරකම් හොරාගෙ අම්මගෙ කමිටුවලින් විභාගකරල නිදොස් කරනව

      Delete
    9. @ මධ්‍යස්ත මතධාරියා,
      ඒ උනාට වෙළඳ පලේ කල් පිරුණ බැඳුම් කර (කලින් නිකුත් කරලා තිබුන ඒවා) මහබැංකුව විසින් වෙළඳපලේ අගයට මිලදී ගැනීමේදී වැඩිවූ පොලි අනුපාතයට අනුව ගෙවීමට සිදුවීමෙන් ඇතිවූ පාඩුව තවම එහෙමම තියෙනවා.ඒකෙ බර දරන්න වෙන්නෙ සාමාන්‍ය ජනයාට පමණයි. අඩු තරමේ බැංකු ලොක්කාට එරෙහි විධිමත් මුලික පරීක්ෂණයක් වත් නැහැ.

      සමරසේකර

      Delete
    10. කෝ මේ බලුසිංහයා?

      Delete
  14. රාජ් බැසිල් ඒනවාලු... මේක ප්‍රින්ට් ඒකක් අරන් ලැහැස්ති කරහං.. අාවාම දෙමු...

    ReplyDelete
  15. ජ ය වේ වා!!

    ReplyDelete
  16. හොර හරක් මස් කෑවනම් අහගනිං බළලෝ..

    ReplyDelete
  17. ඔව්වා ගැන මොන කතාද දැන්??
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ....

    ReplyDelete