Tuesday, May 5, 2015

ඩිලාන් ඇමතිතුමාට මහ රෑ ආපු කෝල් එක

කාර්යබහුල සතිය අවසන් වේගෙන යන මහ රෑ ජාමෙ ඩිලාන් ඇමතිතුමා නෝන එක්ක සයනයේ......,

ට්‍රීං ට්‍රීං......ට්‍රීං ට්‍රීං......ට්‍රීං ට්‍රීං......

"කවුද යකෝ මේ මහරෑ කතා කරන එකා...?" මල පැනපු ඇමතිතුමා ඇහුව.

"බලන්න කවුද කියල.... මේ නම්බරේ දන්නෙ ලඟම අය විතරයිනෙ" නෝන ඇමතිතුමාව කූල් ඩවුන් කරන්න බැලුවෙ.

"හෙලෝ.....?"

"හෙලෝ..... තාත්තී වැඩට ගිහිල්ල ආවද? ටීච දුන්න හෝම් වර්ක් වගයක්....උත්තර අහගන්නයි කතා කලේ....." රෝන් නම්බර් එකක් උනත් කතා කරන්නෙ පොඩි එකෙක් නිසා ෆෝන් එක තියන්න හිතුනෙ නෑ. අනෙක මහින්ද මහත්තයත් ලමයින්ට ආදරෙයිනෙ.

"හරි! දැං මොනවද පුතාට දැනගන්න ඕන කරන්......න්‍ෙ?" ඇමතිතුමා ඇහුව.

"තාත්තී මට දැනගන්න ඕන ආණ්ඩුවක් කියන්නෙ කවුද කියල....." පොඩ්ඩ ඇහුව.

"ආන්ඩුවක් කියන්නෙ අපිනෙ....ආ....නෑ වැරදුනා.... පුතා ආන්ඩුව කියන්නෙ රට පාලනේ කරන කට්ටියනෙ..... ඔව් ඔව්....රට පාලනේ කරන කට්ටිය තමයි ආණ්ඩුව කියන්නෙ.... ඔය ජනාධිපති, අගමැති, ඇමතිවරු.... ඒ කට්ටිය තමයි"

"එතකොට තාත්තී ආණ්ඩුවෙ ඉන්නෙ කවුද?"

"ඉන්නෙ අර කියපු කට්ටිය තමයි.....ජනාධිපති අගමැති ඇමතිල නියෝජ්‍ය ඇමතිලා.... ඒ කට්ටිය"

"එතකොට තාත්තී පිනා ආණ්ඩුව කියන්නෙ?" පොඩි එකාගෙ ප්‍රශ්නෙට ඇමතිතුමා කොරවුනා.

"පුතා කොහෙන්ද ඕව ඉගනගත්තෙ? කවුද මේව ලියාගෙන එන්න කියල කිව්වෙ?"

"නෑ නෑ තාත්තී ඒ ටික නිකං දැනගන්න ඇහුවෙ?"

"පිනා ආණ්ඩුව කියන්නෙ පුතේ මේ දැන් තියන ආණ්ඩුව වගේ එකක්නේ..... ඡන්දෙන් පත්වෙලා නෙවේ.... ඔහේ පිනට පත්වෙච්ච කට්ටියනෙ ඉන්නෙ ඒකයි!"

"එතකොට තාත්තේ පිනා ආණ්ඩුවට පත්කරපු ඇමතිවරු පිනා ඇමතිවරුද?"

"ංඈ....? නෑ නෑ ආ... ඔව් ඔව්.....එහෙම තමයි ඉතිං...... එහෙම වෙන්නෙපැයි නේද.....?" ඒ එක්කම එහා පැත්තෙන් ඇහුන කොලුවගෙ වොයිස් එක වෙනස් වුනා.... කොලුවෙක් වෙනුවට ඇහුනෙ ගොරෝසු පිරිමි කටහඬක්....

"ඒ කියන්නෙ ඇමතිතුමා ඔබතුමත් පිනා ඇමතිකෙනෙක් නේද?"

"ක.. ක.. කවුද උඹ.... උඹෙ %^#^$*(*^)&(%^$$^&$()&%$^#$%@@@@%^^(&(^*%&^%*^"

"ඇයි ඇයි මේ මහරෑ කුනුහරුපෙන් කෑගහන්නෙ...? හීනයක්වත් දැක්කද? ඔච්චර පිරිත් නූල් දාලත්..... අනේ මංදන්නෙ නෑ...."

55 comments:

  1. හි හි....
    ඩිලාන් ඇමතිතුමා බැඳලද
    දැන් නැගිට්ටේ අප්පා උදේම කියෙවුවෙ මේක.

    ReplyDelete
  2. //ඩිලාන් ඇමතිතුමා නෝන එක්ක සයනයේ......,//
    කොයි නෝනද බං,කොහෙ සයනයකද?

    ReplyDelete
    Replies
    1. කොයි සයනෙ උනාම මොකද? කොයි නෝනත් එක්ක උනත් මොකද?

      Delete
    2. /කොයි සයනෙ උනාම මොකද? කොයි නෝනත් එක්ක උනත් මොකද?/

      කොයි .... වුණත් මොකද? ඇතුළට යනව නං

      Delete
  3. මම ලියන්න උන්න එක උඹ ලියලා.. දැන් ලියන්න ඕන නෑ...

    ReplyDelete
    Replies
    1. ඇති යන්තන්..

      Delete
    2. කමක් නෑ ඔන්නොහෙ ලියනව නං ලියපං.

      Delete
  4. අයිසෙ රාජ් මේකනම් එච්චර ගතියක් නෑ.

    ReplyDelete
    Replies
    1. මුංගෙ වැඩවල කොහොමත් යින්ද ගතියක් අයිසෙ!

      Delete
    2. පිලිගන්නව 'අයිසෙ ඇනෝ' අපේ දිහාවට.....

      Delete
  5. කොයි නෝනා එක්කද හිටියෙ? කොයි පුතාද කතාකලේ?
    (කවුරු කොහොම උනත් අදහස පස්ටයි!)

    ReplyDelete
    Replies
    1. ^%#$ නෝන එක්ක ඉන්නකොට %$@#පුතෙක් කතා කරල ;-)

      Delete
  6. දාන්ඩ ආපු කමෙන්ට් එක හැලපෙ දාල. ඉතිරි ටික අයිසෙ, ඇනෝ දාල.

    ReplyDelete
  7. ඔරිජිනල් පිනා ඇමතියෙක් තමයි ඩිලාන් කියන්නේ.රට විරුවෝ කියාගෙන මොකක්ද මඟුලක් නැටුවා මිසක් 'විදේශ රැකියා ප්‍රවර්ධන'ඇමති විදියට වෙන මොනවාද කෙරුවේ?
    මැයි දින රැළියෙත් කතා කෙරුවේ රනිල්ගේ ආණ්ඩුව එලවන එක ගැන මිසක් කම්කරුවෝ ගැන නෙමෙයි.
    හැබැයි ඩිලාන් ඉන්නේ ශ්‍රී ලංකා එකේ මෛත්‍රිගේ නියෝජිතයා විදියටනේ.

    ReplyDelete
    Replies
    1. 'විදේශ රැකියා ප්‍රවර්ධන'ඇමති විදියට රිසාන මැරුන වෙලාවෙ විපක්ෂෙ ගෙනාපු විශ්වාස භංගෙට සේවකයො ටික පාරට දැක්කුව!

      Delete
  8. ශෂි වීරවංශ කාමරයට ඇතුළු වෙන්නට යනකොටම සිය සැමියාගේ කට හඬ ඇසුණේය.

    "...දැන් ඇඳුම් ගලවන්ඩ"

    මෙය අසා ශෂිට මාර සතුටක් පහළ විය දැඩි ලෙස කාර්ය බහුල සැමියා සමඟ ඇඳට නැඟපු කාලයක් මතක නැත. අන්තිමට එව්වා මෙව්වා කළේ පුතා උපදින්නට පෙර විය යුතුය. පොඩි දුවට නම් විමලේගේ මූණ ගෑවිලාවත් නැත.

    හොඳ වෙලාවට පොඩි එවුන් ගෙදර නැත්තෙ.

    ශෂි දඩි බිඩි ගා ඇඳුම් ගලවා වික්ටෝරියාස් සීක්‍රට් එක විතරක් පිටින් කාමරයට කඩා පැන විමලේ ඇඳට පෙරළාගෙන ඔහුගේ ඇඟ උඩට නැංහේය.

    විමලේට තරු පැන්නේය. මටත් වඩා අවුරුදු පහක් වයස මේකිව ඇඳට ගන්නවට වැඩිය හොඳයි රනිල් එක්ක ජාතික ආණ්ඩුවක් හදන එක ඔහුට සිතිණි.

    "ඇයි ඩාලිං මේ කවදාවත් නැතුව...?" විමලේ පිළිකුල සඟවා ගනිමින් ඇහුවේය.

    ශෂිට මළ පැන්නේය.

    'ඇයි මනුස්සයො මට දැන් ඇඳුම් ගලවන්ඩ කිව්වේ...?"

    "අනේ නෑ ඩාලිං ඒ මේ මැයි දින රැළියට කතාව පුහුණු උනානෙ....දැන් ජෝන් කෙරී ආවා... ගහන්න අප්පුඩියක්....දැන් එනවා බැරක් ඔබාමා...දැන් ගලවන්ඩ ඇඳුම්..."

    ReplyDelete
    Replies
    1. පට්ට! කියලා වැඩක් නැත.

      Delete
    2. සුප්ප .....@ ඇනෝ ..................

      Delete
    3. ඔන්න බලන්න එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියන්නේ මේවට.

      Delete
    4. කෙළා හුටා..කවුද බොල මේ.

      Delete
    5. පට්ට කොමෙන්ට් එක.
      http://nelumyaya.com/?p=2133

      Delete
    6. බුදු ඇනෝ... මෙව්වගේ එව්ව ටිකක් ලියල දාහන් දෙය්යො හැමදාම ..ලේ ධාතුව පිරිසිදු කොරගන්න..

      Delete
    7. මේ නම් රාජාම ලියලා ඇනෝ දාපු එකක්... වෙන කාටවත් මෙහෙම ලියන්න බෑ...

      Delete
    8. මෙන්න මේක නෙලුම් යායේ දාල මට වෙච්ච සන්තැසිය. යාළුවොත් තරහ වෙලා.
      //Nissanka Kumarawansa අජිත් මේ වාගේ තුට්ටු දෙකේ එවාද ඔයාලා බ්ලොග් වල ලියන්නෙ. රුසියාවේ ඉගෙන ගත්තෙකටත් ලැජ්ජයි. ඔබව මගේ සම්බන්දය මෙයින් නතර කරනවා.//

      Delete
    9. පුහ්! මඩ ටිකක් තියනව තමයි. නමුත් ඇනෝගෙ කමෙන්ටුවෙ රසයක් තියනව. විශේෂයෙන්ම පොඩි දුව ගැන තියන ටික හැරුනම අනෙක් ටික දේශපාලනිකයි. ගනං ගන්න එපා බං.
      අජිත්ගෙන් හිටිස් ටිකක් නං ඇවිල්ල තියනව වැඩිපුර. බොහොම ස්තුතියි.

      Delete
  9. අර පැස්බරා ද කවුද කරන රේඩියෝ සෙග්මන්ට් එකක් තියෙනවා නේද මේ වගේ?

    ReplyDelete
  10. සයනයේ සිහිනය සහ නිදි යහන ගිනි ගනි

    ReplyDelete
  11. රාජ් එෆ් එම්... හූස්පීකිං... :-)

    ReplyDelete
  12. රටට වැඩකුත් නැති ගමට වැඩකුත් නැති අඩුම තරමින් ඌටවත් වැඩක් නැති නියම පිනා ඇමති මූ තමයි.. හැක්.(සමාවෙයන් ඒ කාලේ උඹේ ගානේ බීල තියෙන එව්වට.)

    ReplyDelete
    Replies
    1. බදුල්ල මාර හැපනින් තැනක් බැලුවහම

      Delete
  13. //කාර්යබහුල සතිය අවසන් වේගෙන යන මහ රෑ ජාමෙ ඩිලාන් ඇමතිතුමා නෝන එක්ක සයනයේ......//

    නැත්නම් එයා කොහෙද ඉන්නේ? :P

    ReplyDelete
  14. 19988 - 89 කාලේ මෙයාගේ ජීවිතය ආරක්‍ෂා කර දෙන්නට අපට දැඩි මහන්සියක් ගන්න වුණා. එහෙම කරපු ඒක හොඳද නරකද මන්දා.

    ReplyDelete
  15. රාජ්.................. ඔන්න ඔ්ක තමයි කට්ටිය අැණ ගන්න තැන.. මුං දැන් දන්නෑ අාණ්ඩුවට බනිද්දි මුං ඉන්නෙත් ඒ අාණ්ඩුවේ නේද කියලා.....

    අනික රාජ් මං මේ ළගදි අහගෙන කලාකාරයෝ ටිකක් (මහින්දට කඩේ යන) ඒකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවක් කරනවා.. ඒකෙක් අහපි දැන් මේ විදිහ තත්වයක් තුළ කොහොමද මෙෙත්‍රීපාල මහත්තයා (උෟ ජනාධිපති කියන්නේ මෙෙත්‍රීපාලට නෙමෙයි මහින්දට) මහමැතිවරණයේදී වේදිකාවට නැගලා යූඒන්පීයට බනින්නේ කියලා.. අනේ යකෝ... ඡන්ද තියන්නේ අනික් උන්ට බනින්න කියලානේ මුං හිතාන ඉන්නේ.... ඔ්ක තමයි මහින්ද චින්තනය..... යකෝ ඡන්ද තියන්නේ විපක්ෂයට හරි විරුද්ධ කෙනාට බනින්න නෙමෙයි..අනික ඒක ජනාධිපති කෙනෙක්ට ගැලපෙන වැඩකුත් නෙමෙයි කියලාවත් මුංට තේරුමක් නැහැ.... ඔ්ක තමයි තත්වය මචං

    ReplyDelete
  16. එකාලෙත් ඔයා කඩේ ගියාද තරු ඔටුනු ගහගෙන .අපොයි සිංහ රෙජිමේන්තුව !

    ReplyDelete
  17. මූ විතරක් නෙමේ තව බල්ලො ඉන්නව .........
    මට අරහං එකෙක් .........නාලන්ද ට කෙලවපු එවුන් එක්ක හැමිනිච්චි දා ඉදල අරහං ......

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. දැන් නං හොඳටම පැටලිලා බං

    ReplyDelete
  20. මේවා තමයි නියම හාස්‍ය ලිපි. අර ඉස්සර "ටිකයි හොඳයි" කියලා කියමන් තිබුණේ. ඔව්.ඔව්. ඒවාට තමයි. මේකත් ඉතිං ඒ වගේනේ.

    ReplyDelete
  21. ඇයි,මු නාලන්දගෙ සහෝදරී එක්කත් කාලයක් හැමිනුනානේ.පෝය පහූනාට විසාකාව මතක් වෙනව.

    ReplyDelete
  22. අපෝ මුගේ නම මතක් වෙනකොටත් ඇඟේ මාළු ගඟේ නටනවා.....

    ReplyDelete
  23. රාජ් අයියත් දැන් කට්ටියගේ ෆෝන් කෝල් හොරෙන් රෙකෝඩින් කරනවා වගේ..

    ReplyDelete
  24. PINA NONA KENEK WENNA ATHI

    ReplyDelete
  25. මේ ආණ්ඩුවෙන් ෆෝන් ටැප් කරන්නෙ නෑ කියල කිවුව නේද?

    ReplyDelete
  26. මල පෙරේතය.. මතක් කරන්නෙපා ඕකාව... කොටාගෙ තීන්ත බාල්දි සෙල්ලම සෙට් කලෙත් ඕකම නේද??

    ReplyDelete
  27. කියපුව ඔක්කොම තේරුනා රාජ්, අර අන්තීම පේලිය තමයි තේරුන් නැත්තේ...ඒ අර ළමයට දීපු උපදේශයක් වෙන්න ඇති නේද​?

    ReplyDelete
  28. ලොක්කගේයි හිටපු ලොක්කගෙයි හමුවීමේන් පස්සෙද දන්නේ නෑ ඔය කෝල් එක ආවේ...

    ReplyDelete
  29. paksha paata bedhayak nethiwa ethumaa nam aawema pinta

    ReplyDelete
  30. කෝල් එක දීපු එකා නැද්ද හොයාගන්න කටේ මසුරමක් දාන්න ?

    ReplyDelete
  31. ඩිලාන් ඇමති දෙපාරක් බැඳලත් ගෑණු දෙන්නම දාලා ගියා...මේ තුන්වෙනි එකද...

    ReplyDelete