Tuesday, May 19, 2015

"සැමරුම්" ම‍ගේ ඇසින්.....

යුධ නිමාව සැමරුම ගැන ලිපි බොහෝය. ආවරණය වියයුතු බොහෝ පැති ඔවුහු ආවරණය කර ඇත. මේ, යුද්ධය හෝ එය අවසානවීම පිළිබඳ මගේ සංක්ෂිප්ත අදහසයි.

ඕනෑම ආකාරයක කලහයක්/කැරැල්ලක්/යුද්ධයක්/ත්‍රස්තවාදයක් හෝ එය නැවැත්වීමක් යනු වාර්ෂිකව සැමරිය යුත්තක් නොවේ. යුද්ධය අවසන් වීම යනු සියළු ජාතීන්ට අස්වැසිල්ලක් වූ මොහොතක් බැව් සැබෑය. එහෙත්, සැමරීම් පිටුපස ඇති කටුක යතාර්ථය අවබෝධ කරගැනීම වඩා වැදගත්ය.

රටක් ලෙස අප සිටින්නේ බෙදුම්වාදී කණ්ඩායමක් යුධමය ලෙස පරාජය කර ඇති, එහෙත් තවමත් බෙදුම් වාදය මුළුමනින්ම පරාජය නොකල වටපිටාවකය. අප සිටින්නේ, විශාලම ජාතීන් දෙක අතර ඇතිවූ යුද්ධය අවසානයේ ජාතීන් අතර සමඟිය බලාපොරොත්තුවෙන්ය. පරාජිතයන්ගේ සැමරුම් වලට ඉඩ නොදෙන අප ජයග්‍රහණය සමරන්නේ, අපේ ජයග්‍රහණයට මුල් වූ ආයුධ, සෙබලුන් ඇතුළු සියළු ශක්තිය විදහාලමින්ය.

මීට විරුද්ධව එන ප්‍රධාන තර්කය වන්නේ විජයග්‍රාහිව සමරන්නේ යුධ අවසානය බවත්, ත්‍රස්තවාදීන් මිස දෙමළ ජනයාට සිංහල යුධ සැමරීම අවුලක් වියයුතු නැති බවත්ය. එහෙත් අප අවබෝධ කරගත යුත්ත නම් ත්‍රස්තවාදීන් හා සාමාන්‍ය ජනතාව එලෙස සරළ බෙදීමකින් වෙන්කල නොහැකි බවයි. මෙය හරියටම ගමක සිටින කරදරකාරී මැරයෙකු-චන්ඩියෙකු ඝාතනය වූ විට ඇතිවන තත්වයට සමාන තත්වයකි. මැරයා කොතෙක් කරදරකාරී වුවද ඔහුගේ මරණ ගෙදර වල කැපීමට නොපැකිලෙන, වාර්ෂික දානයට ගොස් ‍බන අසනවා විනා මරණය සැමරීමට කටයුතු නොකරන ජාතියකි අප.

අප අතර සිට මියගිය ජවිපෙ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල තත්වය අවබෝධ කරගැනීම බොහෝ දෙනෙකුට‍ අපහසු නොවේ. අඩුම තරමින්, මියගියවුන් ජේවීපී කාරයන් ලෙසත් ඔවුන්ගේ මෝඩකමට ආණ්ඩු පෙරලන්නට ගොස් ඝාතනය වූ බවත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ වරදක් නොමැති බවත් කල්පනා කිරීමට හැකියාව අැත්තවුන් උතුරේ තත්වය ඉරි ගසා වෙන් කිරීමට හැකි යැයි සිතීම අවාසනාවකි.



වසර හයකට පෙර සුන්දර නිහතමානි ද මැල් කියූ අනාවැකියේ සත්‍යතාවය නියමිත කාලයටත් කලින් සනාථ වන අයුරු නිරීක්ෂණය කලහැකිය. එහෙත් මෙරට ජාතීන් අතර සමඟිය දැකීමට ඔහුගේ මුනුබුරාට පවා හැකිවේදැයි සැක සහිතය.

තවත් සැමරුම්,
චාමි සෑම්, රසික සූරියආරච්චි, සුජීව කොකාවල, මාතලන්, සුදාරක, රවී, නිරංජන්, පැතුම් හේරත්

25 comments:

  1. මානිගේ තිරුව දැක්කට දැනුයි කියෙව්වේ බං.. මිනිහා ඇත්තටම අවුරුදු 6 කට කලින් හිටපු එකාමද කියල හොයන්න ඕන...

    ReplyDelete
    Replies
    1. රසූට ස්තුතියි. ඕක දාන්න කම්මැලිකමෙන් හිටියෙ.

      Delete
  2. සිරා මුලින්ම මහින්දගේ සාටකය ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ ජාතික බැනියම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ සරම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ යට බැනියම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ අමුඩය ගැලෙව්වේය.
    යුද සමරු දිනයට කිට්ටු වෙන විට මහින්ද සිටියේ අමු හෙළුවෙනි. ඇඟේ නූල් පටක් වත් නැතිවය.
    අප හැම දෙනාටම හිතුණේ සිරාට තව මහින්දගේ ගලවන්න දෙයක් නැති බවයි.
    අපට වැරදුණේය.
    සිරා අද (මැයි දහ නව වැනිදා) ගලවන්නේ මහින්දගේ ඇට දෙකය.
    බලාගෙන යනකොට සිරා කියන්නේත් සිරා පොරකි.

    ReplyDelete
  3. මානි දකින අනාගතය දැන්මම උදාවෙලා තමා.

    ReplyDelete
  4. 'අළුත් පරපුර' එක්ක මතවාදීව හැප්පෙනවා වෙනුවට එහි සාමාජිකයින් (විශේෂයෙන්ම තරුණියන්) වෙන් වෙන් වශයෙන් ගෙන ඔවුන්ට කුණුහරුපයෙන් බැනීම, ලිංගික අපහාස කිරීම, ඔවුන්ගේ පවුල්වල අයට බැණ වැදීම, ඔවුන්ගේ පණිවිඩ එඩිට් කර වැරැදි මත සමාජගත කිරීම වගේ දේවල් ගැන රාජ් මොකද හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. "මතවාදීව හැප්පෙන්න" කවද්ද එයාල එහෙම කලේ?

      Delete
  5. මිය ගිය ගමේ චණ්ඩි සහ ජේවීපීකාරයින් ගැන රාජ් අසා ඇති ප්‍රශ්ණය වැදගත්.

    අපට අවශ්‍ය මියගිය එකා ගේ කැරැට්ටුව ම නොවෙයි. ඔහු අපේ ජන වර්ගයේ ද නැති ද කියන එකයි. උතුරේ මියගිය අය සැමරීම වැරදි ඒ දෙමලු නිසයි. උන්ගේ සොහොන් කොත් ද, ඩෝසර් කර දැමිය යුතුයි.

    ගමේ එකා මොකා වුණත් ඒ අපේ එකා ය.

    ReplyDelete
    Replies
    1. හයිවේ හැදුවට අපිට උතුර සෑහෙන්න දුරයි.

      Delete
  6. යුද්ධයක අවසානයක් මිස ජයග්‍රහණයක් නොමැත.

    ReplyDelete
  7. ඒ ලෙවල් පාස් වෙලා රස්සාවක් හොයාගන්න බැරුව ඉන්නකොට කෙල්ලගෙ අම්මල සල්ලිකාරයෙක් කෙල්ලට ජෝඩු කරන කොට අන්තවාදීන් සමාජ අසාධාරණය පෙන්නල තරුණයන්ට තුවක්කුව දෙනව. දැන් මේක තුන් පාරක් මේ රටේ උනා. ඒ තුන් පාරම සාමන්‍ය පවුල් වල තරුණ තරුණියො දාස් ගාණක් සහ හමුදාවේ දාස් ගාණක් නැතිඋනා. තවත් ඉස්සරහට වෙන එක වලක්වන්න නම් කැමති හැමෝටම ඒ ලෙවෙල් වලින් එහාට යන්න අවස්ථාව හදන එකයි රැකියා අවස්ථා හදන එකයි විතරයි කරන්න පුලුවන්. වෙන රටවල මහජනයාව බර නොපැටවෙන විදිහට මේක කරන්න පටන් අරන් දැන් දශක ගාණක්. ලංකාවේ මේ දේ කරන්න හංසයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. මේ පාර නම් හරිදේ වෙයි කියලා මග බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  8. මියගිය රණවිරුවන් සැමරීම වරදක් නැහැ. ඒත් ආයෙ ආයෙමත් යුද්ධයම විකුණගෙන කන එක!!

    ReplyDelete
  9. අතීතය අමතකව නොවෙයි.අමතක කරන්න හොඳ නැත්තේ ඒ සියල්ල අතීතයේ සිදුවීම් බවයි.අනාගතේදී නැවත රට යුද්දෙකට තල්ලු නතර කරන්න ක්‍රියාකරන්න ඕනේ ජාතිවාදීව,අන්තවාදීව නොවේයි.දකුණේ වේවා උතුරේ වේවා යුද්දෙන් මැරුණේ,පිඩාවට පත් වුනේ මිනිස්සු.නැවත නැවත මේ දේ සමරන්න අවශ්‍ය නැති බවයි මගේ හැඟීම.

    ReplyDelete
  10. ඔය සමරන්නේ මැරිච්ච එවුන්වද ජීවත් වෙලා ඉන්න එව්වොද? මගේ බැචාල තුන් දෙනෙක් යුද්දෙන් මැරුණා.. උන්ගෙ අම්මලා ගෑනු දරුවෝ කවදාවත් මැයි මාසේ මේ දවස්වලට ටීවී බලන්නේ නෑ.. ඇයි උන් මැරිච්ච එක මේ රටේ කොටසකට මාර ෆන් එකක්නේ.. උන් කැමතිද උන්ගේ මැරිච්ච මිනිහා තාත්තා නැත්නම් පුතා මතක් කර කර ජීවත් වෙලා ඉන්න එවුන් සැලියුට් ගහ ගන්නව බලන්න.. ඒ අප්පල එකෙක්වත් විහාරමහාදේවිව බිලි දීපු කැළණිතිස්සලා නෙවෙයි.. නැත්තං දරුවො ගෑනි දන් දීපු වෙස්සන්තරලත් නෙවෙයි.. තාත්ත අම්ම අසනීප වෙලා බෙහෙතක් හේතක් කර ගන්න බැරුව.. නංගිල මල්ලිලාට වේලක් ඇර වේලක්වත් කන්න දීල ඇස් දෙක පාදන්න ඉස්කෝලෙකට යවා ගන්න බැරුව.. ඉගෙන ගත්තට රස්සාවක් නැතුව.. දාහකුත් එකක් ප්‍රශ්ණ විසඳ ගන්න... ලැබෙන පඩිය ගැන හිතල හමුදාවට ගිය එව්වෝ.. මේ මාත් ඇතුලුව.. උන් මැරුණේ උන්ව පඩි දීල එතනට යවපු නිසා.. හරි මොන චේතනාවෙන් හරි උන් එතනට ගිහින් වෙඩි කාල මැරුණා.. දැන් 'මට යන්න බෑ..මං බයයි ඒ නිසා උඹට සල්ලි දෙන්නම් උඹ ගිහින් මැරියන්' කියල සල්ලි දීල පස්ස ගහපු උන් අම්මගේ රෙද්දද ආයි සමරන්නේ. මෝඩ චූන්.. නොදකින්.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කළණයා, +++++++++++++++++++++++
      අන්න තිත්ත ඇත්ත!

      Delete
    3. මාත් ගහනව වැටක්.... එකෙන්ම... ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  11. තව ටික දවසකින් මහින්දගේ ගීතය:

    ඒ මල්ලිත් හිරේ තමයි
    මේ මල්ලිත් හිරේ තමයි
    උන් සේරම හිරේ තමයි අපේ රාජ්ජේ...
    හොරා මමයි අපේ රාජ්ජේ...

    ReplyDelete
    Replies
    1. බයියො අපියි අපේ රාජ්ජේ
      බයියො අපියි බයියො අපියි බයියො අපියි අපේ රාජ්ජේ
      ඒ බයියත් අපේ තමයි, මේ බයියත් අපේ තමයි
      බයියො රැළම අපේ තමයි අපේ රාජ්ජේ
      බයියො අපියි අපේ රාජ්ජේ

      Delete
  12. පිස්සු හැදෙයි බන් , මානි අනාගත වෘක්ත වරයෙක්ද !

    ReplyDelete
  13. ඔතන තියෙන පට්ටම ජෝක් එක තමයි යුද්ධය ඉවරයි කියන එක. ඒත් එකෙක්වත් දන්නේ නෑ යුද්ධේ ඉවර නෑ, කලේ මැඩපැවැත්වීමක් පමණයි කියලා. ඒකනේ උසාවී නියෝග ගේන්නේ සැමරුම් තහනම් කරලා. යුද්දය ඉවරනම් මක්කටෙයි තහනම් නියෝග.

    ReplyDelete
  14. මේ වගේ ලිපි කීපයක්ම බ්ලොග් අතරේ දකින්න ලැබීමත් ලංකාවේ සැමරුම් වෙනත් මගකට ගමන් කරමින් තිබීම දැකීමත් මට නම් සතුටක් මේ ‍රැල්ල මෙහෙමම ගියොත් හෙට එච්චර කළුවර නොවේවි කියල මට හිතෙනවා.
    අත්තානං උපමං කත්වා කියන බුදු වදන කවදා "සිංහල බෞද්ධයෝ" තේරුම් ගනීවිද ?

    ReplyDelete
  15. රාජ්..................... අපේ හැමෝම අන්ධ වෙලා ඉන්නේ... කට්ටිය යුද්ධය තමන්ගේ කරගන්න හදනවා.. ඒත් අනාගත යුද්ධයක් අැති නොවීම තමන්ගේ කරගන්න කාටවත් ඔලුවක් නැහැ......

    ReplyDelete