Thursday, November 28, 2013

වීරයාගේ අවසානය!

අපි හිටියෙ සැනකෙලි භූමියක් වගේ තැනක. නැටුම්ද ගැයුම්ද වැයුම්ද කෑමද බීමද ඔක්කොම එතන තිබුන. මොන පැත්තකට යනවද කියල හිත හිත ඉන්න වෙලාවෙදි නෝන අත දික්කලා,

"අන්න වෙන්දේසියක්!"

අපි ඒ පැත්තට යන්න පිටත්වුනා. පුදුමයක්! ඒක මිනිස්සු වෙන්දේසියක්. මං අහල තිබුන විදියට නං දාහත්වෙනි සියවසෙන් මෙහා තිබිල නෑ මනුස්ස වෙන්දේසි. අපි තවත් කි‍ට්ටුවුනා,

"වෙන්න බෑ! බොරුවක්ද කොහේද" මම කිව්ව.

"ඔයා බලන්නකෝ"

ටික ටික ඉස්සරහ‍ට යද්දි සෑහෙන්න පැහැදිලි දර්ශනයක්.

"අන්න බලන්න ......මහත්තයත් ඉන්නව. මිනිස්සු ගන්න වෙන්දේසියට ඇවිල්ල"

හැබෑවකි. ........ මහත්තයත් ඇවිල්ල. සරම කැහැපට ගහගෙන පොතකුත් අතේ තියාගෙන සාටකෙන් දාඩිය පිහදදා මිනිස්සු ගන්නව. මගෙ අම්මේ එයා අරගෙන තියන මිනිස්සු ගොඩ! ගත්ත මිනිස්සු දම්වැල් වලින් බැඳල පොල් පටවපු වගේ කූඩුවක අඩුක් කරල තිබුන. අනෙක් අයට නං මිනිස්සු ගන්න ලැබිලම නැති පාටයි.

"හප්පේ.... උපාධි තොප්පිකාරයොත් ඉන්නවනෙ!"

"ඔව්, අර දැලිපිහිකරයොත් ඉන්නෙ"

"ඒක තමයි හැම ජාතියකම මිනිස්සු කූඩුව ඇතුලෙ ඉන්නව"

"අන්න මානි වෙන්දේසි කරන්න යන්නෙ!"

නෝනගෙ සද්දෙට මම ස්ටේජ් එක දිහා බැලුව......

"හැඩරුව නං ඒ වගේ තමයි...... ඒත් මානි වෙන්න බෑ" මම කිව්ව.

"මොකද නැත්තෙ! අර තියෙන්නෙ රැවුලත්.... එයා තමයි..... ආ.... අන්න නම කිව්ව...... මම කිව්ව හරිනෙ"

...........සුන්දර නිහතමානීද මැල්......... යකඩ කටින් නම කියවුනා....

"වෙන්දේසියෙ දැම්මට එයා විකිණෙන්නෙ නෑ හරිද" මම කිව්ව.

"ඔයාගෙ වීරය නේද?..... එයාගෙ ස්ටයිල් එකට ඔයා බ්ලොග් පෝස්ට් ගනනාවක් ලිව්ව නේද?....... ඔන්න බලන්න ...... මහත්තය එයා ගන්නෙ නැද්ද කියල!" නෝන හිනාවෙනව.

"නෑ නෑ ඔයා මොනව කිව්වත් එයා විකිණෙන්නෙ නෑ....." කියල කට ගන්න උනේ නෑ. .....මහත්තය එයාව ගත්ත. ගෝලයෙක් ඇවිත් මානිගෙ අත්දෙකට දම්වැල් දාන්න හදන්නෙ. එයාගෙ අතේ තිබුන පෑන බිම වැටුන..... ඒක ගන්න පහත්වෙන්න හැදුවත් ......මහත්තයගෙ ගෝලයගෙන් ඉඩක් ලැබුනෙ නෑ..... මේක වෙන්න දෙන්න බෑ! අතේ හිටිය දරුව නෝන අතට දීල මම වේදිකාව ලඟට දුවන්න හැදුව.....

"එයා ගෙනියන්න දෙන්න බෑ.......$%&%*()*_)%## අතහැරපල්ල මගේ වීරය! ...... එයාව උඹලට අයිති නෑ......" කාගෙදෝ අතකින් මගේ ගමන නැවතුනා.....

"&^%*&( මට යන්න දීපං..... යන්න දීපං...."

"මොකද අනේ කෑගහන්නෙ! බලන්න දරුවත් අවදිවුනා..... මොකෝ හීනයක් දැක්කද?....... මං හැමදාම කියනවනේ බුදුන් වැඳල නිදාගන්න කියල"

-------------------------------------------------------------------------------

"ඔයා ඊයෙ රෑ හීනෙං බයවුනේ මොකද?" උදේම නෝන ඇහුව.

"ම්.....මේ...... මම සිංහයෙක් එක්ක දඩයමේ ගියා"

"ඉතිං? සිංහය ඔයා කන්න හැදුව නේද?"

"කන්න හැදුව නං මොකද! සිංහය එක පාරටම මීයෙක් උනානෙ!"

"හී..හී...හී.... ඔයාටත් පේන හීන..."

------------------------------------------------------------------------------

ඒක දැක්ක වෙලේ ඇතිවුනේ ඇත්තටම කම්පනයක්

ඊට පස්සෙ බූන්දියට රසික සූරියආරච්චි ලිව්ව මෙන්න මේක මතක් උනා.

"ඉස්සර සිටි සමහර පතාක යෝධයන් අද කුරුමිට්ටන් වී ඇති අතර, එදා අයුක්තියට එරෙහිව සිහනද පැතුරූ සිංහ රාජයන් ද අද හුරතල් බලූ පැටවුන් වී ලද පරිදි කටු බුදිමින් දැහැමෙන් සෙමෙන් කල් යවති"

ඉතිං ආයුබෝවන් මානි!

153 comments:

  1. සෑම මිනිහෙක්ටම මිලක් තියනවලු නේද ? මානිට හම්බෙන්න ඇති එයාගෙ මිළ. මම මේ බලන් ඉන්නෙ මහත්තයා පිටරට එක්කෙනෙක්ව මිළට ගන්නකම්..

    ReplyDelete
    Replies
    1. පිටරට උදවිය ගන්න ටිකක් අමාරුයි.

      Delete
  2. උඹ මානි ලව්වාම මානිට කෝචොක් එකක් දාලා... කකාම කියන්නේ හැමෝගෙම ගාණ ආවහම විකිනෙණවා කියලා... උඹ නිකමට තමන් වෙනුවෙන් ගාණක් හිතලා නැද්ද? කකාගෙ නම් ගාණ මිලියන 2.25 ද කොහෙද...

    ReplyDelete
    Replies
    1. ගානක් තීරණය කරගෙන හිටියනං හොඳයි කියල මටත් හිතෙනව.

      Delete
    2. නිකං මිලියන් නොවෙයි ඩොලර් මිලියන් 2.5 යි. (වූට්ටක් වැඩි කළා!)

      Delete
    3. මේ වැඩිවීම පොඩ්ඩක් පහදන්න පුළුවන්ද? ඩොලර් නිසා උද්ධමනය කියන්නත් බෑ......

      Delete
    4. /* ඩොලර් නිසා උද්ධමනය කියන්නත් බෑ. */

      ලොකු වැරදීමක්!

      Delete
    5. කකා ඔය ඇමරිකන් ඩොලර්ද, සිම්බාබ්වේ ඩොලර්ද නැත්තන් ඔහේ ඉන්න ඔස්ට්‍රේලියාවෙ ඩොලර්ද?

      Delete
    6. """"""""""/* ඩොලර් නිසා උද්ධමනය කියන්නත් බෑ. */

      ලොකු වැරදීමක්!""""""""""""

      වැරදීමක් කිව්ව නං හරි! නමුත් ලොකු වැරදීමක් කියන්න බෑ.
      සිංහය කියන්න වගේ සිම්බාබ්වේ ඩොලර් නං හරියට හරි!

      Delete
    7. උද්ධමනය හැම රටකම පාහේ තිබේ. ඒ රටේ භාවිතාවෙන්නේ ඇමරිකානු ඩෙලර් ද, යුරෝ ද, ෆ්‍රෑන්ක් ද යන්න අදාල නැත.

      ප්‍රශ්නය ප්‍රතිශතයයි.

      Delete
  3. අද සවස 3.00ට මේ සටහන ඔහුටම බලාගන්න සලස්වන්නද රාජ්

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ පෙන්නල ප්‍රතිචාරය මට කියපං! :-)

      Delete
    2. කෝ ප්‍රතිචාර? දැන් පහටත් කිට්ටුයි නේද?

      Delete
    3. මාත් බලන් ඉන්නෙ මේ ප්‍රතිචාරය එනකම්..

      Delete
    4. මොකෑ බන් උනේ මාත් මේ කොමෙන්ට් එකක්වත් නොදා බලාන ඉන්නේ..

      Delete
    5. ඒ ප්‍රතිචාරය නම් දැනගන්නම වටිනවා නලීන් අයියා. :)

      Delete
    6. කෑ ගහන්න එපා, නලියගෙ ජොබ් එකට කෙළවෙලාලු.

      Delete
    7. නලියට සොට් එක හම්බෙලා වගේ... :(

      Delete
    8. චුට්ටක් ඉවසමුකෝ බලන්න.......

      Delete
    9. ඉවසල..... ඉවසල.... ඉවසල... ඉවසල... ඇති බං.......

      නලියත් මානි වගේම එකෙක් නිසා මූ කියන ඒවත් විශ්වාස කරන්න බෑ...... ඔන්න ඕකයි අපේ නිගමනය....

      Delete
    10. කෝ මේ බ්ලොග් වීරයා.... මූත් බොල් පිළිමයක් වගේ.... දැන් පස්සෙ ඇවිත් මෙතන නයි අරියි....

      Delete
    11. හා හා ඔය මදැයි කැකුණ තැලුව. සමහර විට ඌට කතෘතුමා මුනගැහෙන්න බැරිවෙන්න ඇති!

      Delete
    12. එහෙමනම් ඒක මෙතන කියන්න එපායෑ.... මේක නිකම් විසිල් නැතුව බල්ටි ගැහිල්ලක්නෙ...

      Delete
    13. මෙතැන මාව වනසලනේ..... රාජ් හරියටම කිව්ව වෙලාවටම පොරටම මං මේ ලිපිය පෙන්නුවා... බොහොම සැහැල්ලුවෙන් එය කියවා කිව්වේ මගේම ආරෙන් මටම ඇරලා කියලයි. වෙන මොනවත්ම කිව්වේ නෑ සිනා සුනා පමණයි.
      දැන් ජීවිතයේ අවසන් භාගයේ සිටින ඔහුත් හිතන්න ඇති මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අනෙක් කරුණ මෙය මිල නියම කීරීමකටත් වඩා ඉහළම තැනින් කෙරුණු ආරාධනයක්..
      ඇනෝ සහොදරයා මේක කොටන්න පමා වුණාට සමාව අයැදිමි.
      රාජ් ඔබේ මේලයට ඔහුගේ අංකය එවිය හැකියි නැතිනම් මට මෙසේජ් එකක් දාන්න. අංකය මා දෙන්නම් ඔහු කැමති වේවි ඔබත් සමග කතා කරන්න.

      Delete
    14. \\\\මෙතැන මාව වනසලනේ.....\\\\\\

      ඒවා ඉතින් යුතුකම් නෙව ..

      Delete
    15. ඉහළම තැනින් කෙරුණු නියෝගයක් බඳු ආරාධනයක්ද

      Delete
    16. බොහොම ස්තුතියි නලින්.

      Delete
  4. අපි ඔක්කොම දකින්නෙ හීනයක්නං කොච්චර හොඳද ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ! හීන හැබෑවීමත් සෑහෙන අවුලක්!

      Delete
  5. හ්ම්ම් ලොකෙ ගොලාකරයිලුනෙ ....

    ReplyDelete
  6. වෙනස තියෙන්නේ හීනේ හැබෑ නොවන හීන අතරේ මේ වගේ හීන හැබෑවෙන එකයි.

    ReplyDelete
    Replies
    1. ආන්න හරියටම හරි. සරත් අයියටත් මට කියන්න ඕනවුනේ ඕකයි.

      Delete
  7. ලැජ්ජයි රාජ්. කවුද හිතුවේ මේවා මෙහම වෙයි කියලා. අපි හිතනවට වඩා මිනිස්සු බොහොම අවස්ථාවාදීයි.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ විචාරකතුමෝ. එතුමාටත් දරුවො නැතෑ!

      Delete
  8. මේක කියෙව්වම මට මතක් උනේ අර සින්හයාගේ වෙඩිමට ගිය මීයාගේ කතාව. බැන්දම විතරක් නෙවෙයි සින්හයෝ මීයෝ වෙන්නෙ.

    අනෙක් උන්ව අපි වීරයෝ කරගත්තට උන් මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. //අනෙක් උන්ව අපි වීරයෝ කරගත්තට උන් මොනවා කරන්නද?//

      ඒක නං ඇත්ත! :-)

      Delete
  9. මේක කියෙව්වම මට මතක් උනේ අර සින්හයාගේ වෙඩිමට ගිය මීයාගේ කතාව. බැන්දම විතරක් නෙවෙයි සින්හයෝ මීයෝ වෙන්නෙ.

    අනෙක් උන්ව අපි වීරයෝ කරගත්තට උන් මොනවා කරන්නද?

    ReplyDelete
  10. ඕනම මිනිහෙක්ට මිලක් තියෙනව.. ගොඩක් උදවිය පිළිගන්න අකමැති වුනත් ඇත්ත තත්ත්වය ඒක තමයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත! අපේ හිත්වල ඉන්න වීරයන්ට මිලක් ලැබීම දුකක් තමයි. නමුත් කරන්න දෙයක් නෑ.

      Delete
  11. මම මේක පැරාගෙනුත් අහුවා; තිලංගට ලියපු මානි සිංහයෙක් වෙන්නයි මහින්ද මාමිට ලියන මානි මීයෙක් වෙන්නෙයි කොහොමද..?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙකින්ම තමයි මේකට උත්තර දෙන්න වෙන්නෙ,

      ලක්බිමේ ඉඳපු මහින්ද අබේසුන්දර සහ දැන් (මාමිගෙ ඔඩොක්කුවෙ) ඉන්න මහින්ද අබේසුන්දරගෙ වෙනසක් පේන්නෙම නැද්ද?

      (උඹ මේ පැත්තෙ ආ එක ගැන උපරිමයෙන්ම සංතෝසයි! :- )

      Delete
    2. ඔය සතුට මටත් එක පාරක් මාලන් හිමි කරලා දුන්නා.. :)

      Delete
  12. එහෙනම් එයාත් මිළට යට උනා?

    ReplyDelete
    Replies
    1. @ රෙහානි ,

      එහෙම කියන්න එපා රෙහානි .. අපි කොච්චර හුරේ දැම්මත් ඒ මනුස්සයගේ ළමයින්ගේ බඩවල් පිරෙන්නේ නැහැ ... ළමයින්ගේ බඩවල් පුරවන්න ගියාම මිනිස්සු අසරණ වෙනවා..

      තරුණ කාලේ කරන කියන දේවල් ඉබේම නතර වෙනවා.. සමාජ ප්‍රවාහයට ගසාගෙන යනවා..

      @ රාජ් ,

      මගේ කමෙන්ට් එකත් මෙතනම දාන්නම්.. රාජ් මේක ලියපු විදිහ හොඳයි..අපිට ඕනේ අපේ වීරයාගේ වීරත්වය , ඌ විසින්ම රැකගන්නවා බලන්න .. අපේ වීරයා හෙණ අයිටම් ටිකක් බස්සලා , 10 ක් එක්ක ෆයිට් කරලා කප් එක ගන්නවා දකින්න ආසයි අපි ( ගෙදර ඉඳන් ).. අනික් පැත්තෙන් ඌ කෑවද බිව්වද කියන එක ගැන අපි හොයන්නේ නැහැ.. උගේ ළමයි කෑවද බිව්වද කියලා අපි හොයන්නේ නැහැ..අපිට ඕනේ හැමදාම අලුත් ෂෝ එකක් විතරයි ...

      වීරයට කන්න නැතුව පාන්කඩයෙක් වෙලා ගියාම ඒකට බනින්නෙත් වීරයට ...

      අපි (ගෙදර ඉඳන්) මොනවද කරේ වීරයා වෙනුවෙන් ...?

      Delete
    2. සහන්,
      උඹේ පැහැදිලි කිරීමට එකඟයි. නමුත් කුමන හෝ ජාතික මට්ටමේ පත්තරේක කතෘ වරයෙක් කියන්නෙ කන්න බොන්න නැති කෙනෙක් වෙන්න බෑ නෙව.

      Delete
    3. මගේ තියරියම විමල්ටත් ඇප්ලයි කරන්න පුළුවන්.. එතකොට නම් දුක හිතෙනවා.. ඌ තියරි වලට පුකේ ඇරියා නෙව....

      Delete
    4. තනියම හිනයි බං මේවට! :-)

      Delete
    5. " ඒ මනුස්සයගේ ළමයින්ගේ බඩවල් පිරෙන්නේ නැහැ ... ළමයින්ගේ බඩවල් පුරවන්න ගියාම මිනිස්සු අසරණ වෙනවා.. "

      මානිගෙ පුතා රජා ඉස්කෝලෙ මට අවුරුද්දක් බාල පන්තියකට හිටියෙ. දැන් එතකොට ඔය කඹුරන්නෙ මුණුබුරන්ට වෙන්ටැ!

      Delete
  13. පි බං ඕනවට වඩා වීරයෝ ගැන බලාපොරොත්තු තියාගන්න හොද නැහැ.අවස්ථාව අනුව මතු වෙන කෙනා තමයි වීරයා විය යුත්තේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උපදේශෙට!

      Delete
    2. ඕක මගේ උපදෙසක් නෙමේ.මහාචර්ය මාතලන්තුමාගෙන් දැනගත්තු එකක් ඕක.

      Delete
  14. මොකද මානියට උපදේසන කමක් ලබිලද.?

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක බැලුවෙ නැද්ද මෙන්න,
      // ලංකාවේ නමක් තබාගෙන සිටි කීර්තිමත් පුවත්පත් කලාවේදියකු වූ සුන්දර නිහතමානි ද මැල් පසුගිය දිනවල සිළුමිණේ කර්තෘකම භාර ගත්තා. //

      Delete
    2. එහෙමද මචං ..?
      එතකොට අපේ නැලිය ට මොකද වෙන්නේ?
      මම හිතුව නලියට දෙයි කියල.

      Delete
    3. menna balahan kenjige danume tharama....pawu..

      Delete
    4. නලිය දිනමිණේ නේද?

      ඇනෝ,
      එහෙම කියන්න එපා බං! මමත් දැනගත්තෙ පැරාගෙ එකෙන්.

      Delete
    5. යකෝ නලියා දිනමිණේ කසුරි ගිය පසු සිළුමින වැ බ කර්තෘ වුණේ දිනමිණේ සිටි රන්ජන් අමරරත්න. රන්ජන්ගේ තැනට තමා මානි එන්නේ

      Delete
  15. මාත් ආසාවෙන් මානීගෙ තීරුව කියෙව්වා. ලේක් හවුස් ගියාට පස්සෙත් ඉතින් මානිට ඕක ලියන්න බැරි වෙයිද? දැන් ඔය අපෙ අමහින්දා මාමා හැමතැනම කියන්නේ ලංකාවේ මාධ්ඨ නිදහසක් තියෙනවා කියලා. සමහරවිට ඒක ඔප්පු කරන්න මානිව එතනට ගත්තද දන්නේ නෑ. ( ඒ වුනාට මම නම් දන්න කියන එකෙකුටවත් ලේක් හවුස් නම් වැඩට යන්න කියන්නේ නෑ ඒකේ තියෙන කුණු දූවිලි දැක්කම මොකට රස්සා කරනවද කියලා හිතෙනවා.)

    ReplyDelete
    Replies
    1. ලේක්හවුස් ගියාට පස්සෙත් ලියන්න පුළුවන්. නමුත් ඒ "විමසුම" ආඛ්‍යානයෙන්.

      Delete
    2. අනෙක් මාධ්‍ය ආයතනයක් තම සාමාන්‍ය සේවකයාට සපයන දේ හා ලේක්හවුසිය සපයන දේ ගැන සන්සන්දනයක් කරපන් Il mondo di una povera pazza මචෝ. හැම එකෙක්ම ට්‍රයි කරනවා ලේක්හවුස් එන්න.
      යහමින් මිල මුදල් උපයන උඹලාවගේ උන්ට ඒ දේ දැනෙන්නැති එක ගැන අපි අමනාපයකුත් නෑ

      Delete
    3. ඇත්තටම නලින් මම ඔය දිණමිණට කිහිප පාරක් ඇවිත් තියෙනවා. මගේ ෆිට් බුවියක් ඉන්නවා ලීගල් එකේ. එයා බ්ලොගකුත් ලියනවා. ඉතින් ඉඳලා හිටලා ඒ ඔෆීස් එකට ගියාම මට කියලා තියෙන්නේ මචන් උඹ මේ වටේ පිටේ බලන්න එපා කියලා.
      ලේක් හවුස් එක සාමාන්‍ය රටක මාධ්‍ය වගේ වෙනවා නම් කිසිම අවුලක් නෑ නලින්. අපි එක්තරා පක්ශයකට හෝ රජයකට විතරක් කඩේ යන මාධ්‍යය ආයතනයකට කැමති නැතිව ඇති. නැතිව අපි හොයන සල්ලි වත් ජීවත් වෙන රටවත් හින්දා නෙමෙයි. ලංකාව කියන්නේ අපි හැමෝගේම රට. විදේශික රටක ජීවත් වුනාට අපේ මුල් තවම ඔහෙ තියනවා.

      Delete
  16. මේකාලේ තියෙන වාතාවරණයේ හැටියට මොකා මොකෙක් වෙනවද කියල හිතන්න අමාරුයි මචං

    ReplyDelete
    Replies
    1. ඒක නං හරි. අලුත් සිදුවීම්, හැම වෙලාවෙම

      Delete
  17. ඔය වීරයා කතාවත් සාපේක්‍ෂයි නේ!

    අර චානුක වත්තේගමත් ලිව්වා නේද ලිපියක් ගෝටාබය වීරයෙක් කියලා කියවන අපට හිතෙන විදියට?

    One man's trash is another man's treasure කියලා කියන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒ ලිපිය නං දැක්කෙ නෑ. වීරය සාපේක්ෂයි. නිරපේක්ෂ වීරයොත් ඉන්නව.

      Delete
  18. අපි කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් අපි විකිණිලා ඉවරයි :( මට එහෙම හිතෙනවා.
    අපි නොදැනුවත්ම අපිට මිලක් තීරණය වෙලා.

    ReplyDelete
    Replies
    1. විකිණෙන්නෙ නැතිව ඉන්නම බෑද?

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. අර අන්තිමට ලින්ක් කරලා තියෙන බූන්දි ලිපිය ලියපු හාදයා නං වීරයෙක් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෑන් නං බොහොම හොඳ අදහසක් ලියල තියනව. කොටින්ම කතන්දරකාරයගෙ කතා වලට වැඩිය ඒ කතාවට මම කැමතියි. ....... ඔන්න ආයෙත් සාපේක්ෂ කතාවක් එනව!

      Delete
  21. Here is a a way not to get disappointed/angry/disgusted too much.
    Enjoy/admire/applaud someone's work/abilities/talent/performance, if deserving. Do not hero-worship personalities. Separate work from the person. Judge each work by itself and don't expect it to continue in the same way for ever. Sorry about the language (English) and the tone (It sounds as preaching but not intended to be so- just voicing a thought)

    ReplyDelete
    Replies
    1. ප්‍ර ගෙ ඉංගිරිසියට මම කැමතියි. නමුත් අදහසට එච්චර එකඟ නෑ.
      වෘත්තීය මනුස්සයා සහ ඇතුලෙ ඉන්න මිනිහා වෙන් වෙන්ව සලකන්න පුළුවන් ක්ෂේත්‍ර තියනව. උදාහරණයක් විදියට නළුවෙක්, ගායකයෙක්, පරිපාලකයෙක්..... ආදී වශයෙන්. මේ වගේ අවස්තාවක මානි සහ සුන්දර නිහතමානිද මැල් වෙන් කරන්න ගියොත් ඒක සංකීර්ණ සැත්කමකට වැඩිය අවුල් සහිතයි. වැඩි විස්තර ඕන නෑ. කියන දේ තේරෙනව ඇති!

      Delete
    2. කොටින්ම ඒ අදහසට වැඩිය කැමතියි "හැම කෙනාටම මිලක් තියන බව වත් හිතන්න"(ඇත්තටම එහෙම නොවුනත්)

      Delete
    3. රාජ්, Try just enjoying මානි if the writing is good and if you agree with it. Forget who wrote it. . A bit like enjoying the batting of a cricketer who is obnoxious in every way off the field.
      To be honest, I didn't know මානි was/is නිහතමානිද මැල් until yesterday. I just enjoyed the column for its wit and politics. Now, I guess I will not get to read it because I have better things to do than watch/read Govt media. :-)

      Delete
    4. මානිගෙ තීරුවෙන් මානි ලිව්ව යම් දෙයක්. මතවාදයක්. ඒක එයාගෙ මතවාදය. දැන් එයා සිළුමිනට යනව කියන්නෙ මතවාදය කණපිට ගහගන්න වෙනව. ක්‍රිකට් ක්‍රීඩාව වගේ ශාරීරික දෙයක්, නොවන සිතුවිලි එක්ක කරන ගණුදෙනුවේදී "මිනිහා" ස්වායත්ත වෙන්නෙ නෑ කිසිසේත්ම.

      කොහොම උනත් අපි දෙන්න ඉන්නෙ මත දෙකක. මේ වගේ කාරණා වලදි එකඟ වෙන්න බැරි වුනාම තර්ක කරල පලක් නෑ.

      Delete
    5. තර්ක කරල පලක් නෑ . True. But, just read my final comment, just for the sake of listening to a different view. If, for some reason, suddenly MR says "Mattala wasn't such a good investment", I will agree with and like that particular statement.
      If you enjoy and/or agree with something does the identity of the author matter? Truth is truth whoever says it..

      Delete
    6. මානිගේ තීරුව සිළුමිණ හරහා නුදුරේම කියවන්න ලෑබේවි රාජ්. ඔබ ඉහළ තැනක කිව්වා සේම වර්ෂන් එක වෙනස් වේවි.

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. වයසේ වැරැද්ද...කාලෙ ආපුවාම කීයකට හරි විකිනෙන්ට හිතෙනවා...

    ReplyDelete
  24. ඔහොම යන කොට අපිටත් මාකට් එකක් එයි.. එදාට ඉතින් අපිත් විකිනේවි..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්......... බලා ඉඳිමු!

      Delete
  25. අනේ බන්, ඌරගෙ මාලු ඌරගෙම ඇඟේ තියලම කපලනෙ, ඉස්සර මම ආසම කොලමක් තම මානිගෙ තීරුව. හැබැයි පුතෝ මානිව සාටක මහත්තය වෙන්දෙසියෙන් ගන්න කලින් රේස් බුකි මහත්තයට උගස් වෙලා තිබ්බෙ.

    ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. උඹට දෙන්න තියෙන්නෙත් මාලන්ට දීපු උත්ත‍රේමයි. තිලංග ලඟ හිටිය මහින්ද අබේසුන්දරට වඩා මහින්ද ලඟ හිටිය මහින්ද අබේසුන්දර හරිම කැතයි. හරියට ග‍ඟේ වතුර මූදට ගියා වගේ!

      Delete
    2. ඒකත් සාපේක්ෂයි රාජ්

      Delete
    3. ඒකත් සාපේක්ෂයි රාජ්. දිනමිණ කර්තෘ කමින් මහිනද අබේසුන්දර ඉවත් කෙරුණු පසු මහින්ද අබේසුන්දරට නොවටිනා මිලක් වෙනත් කණ්ඩායමකින් නියම කළා කියලා ඔබ නොදන්නවා ඇති.

      Delete
    4. නලින්,
      දන්නෙ නෑ. නමුත් පුදුම වෙන්න දෙයක් නෑ ඒකෙ. මහින්ද මහත්තයට ප්‍රශස්ති ගී කිව්ව කෙනෙක් යම් මොහොතක අනෙක් පැත්තට හැරෙනව නම් ඔහුට මිලක් තියෙන්නම ඕන. නමුත් ටික දවසකට

      Delete
  26. හරි ගාන එනකං ඉඳලා තියෙන්නේ...

    ReplyDelete
  27. අපි දන්නා තරමින්, සල්ලි ප්‍රශ්න, ව්‍යාපාර ප්‍රශ්න, දරුවන්ට උගන්වන ප්‍රශ්න, බරපතල දේශපාලන ඇජෙන්ඩා මොකවත් නැති සුන්දර මේ වගේ අසුන්දර තීරණයක් ගන්නත් මොකක් හරි පසුබිමක් තියෙන්න එපෑ . මට නිකන් උණ වගේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකම තමයි මාත් කියන්නෙ.

      Delete
  28. වසන්ගත ලෙඩ ආපු කාලවල මිනිස්සු බේරෙන්න එක එක ක්‍රම අනුගමනය කරනවනේ.

    ReplyDelete
    Replies
    1. අහල බලන්න ් ඕන නලියගෙන් සෞඛ්‍ය තත්වය

      Delete
    2. තාම යහපත්... උත්තර ලියන්න කල් ගත්තේ මට වෙනත් වැඩක යෙදෙන්නට සිදු වූ නිසයි.

      Delete
  29. ඕක පුදුම වෙන් දෙයක් නෙවෙයි, ජනාධිපතිවරණය කාලේ ආව "මහින්ද" පත්තරේ කසුරිගේ කොලම, මානිගේ තීරුව, විතරක් නෙවෙයි, බණ්ඩාගේ වාක්කිය ත් තිබුනා.
    ඒ කියන්නෙ "සිළුමිණ" පත්තරේ කතෘ කමට "සුදුසු" අය තව ඉන්නවා.

    සෙල්ලමක් ද..? "සිළුමිණ" කියන්නෙ අග්නිදිග ආසියාවෙ ද කොහෙද වැඩියෙන්ම විකිණෙන පත්තරේ... ;)

    ReplyDelete
    Replies
    1. උඹේ අදහසත් එක්ක මතුවෙච්ච දෙයක් තමයි මේක. යම් කීර්තියක් ඇති අයෙක් ඊලඟට යන්නෙ රජයේ මාධ්‍යට. නමුත් වියයුතුම පරිදි තවදුරටත් කීර්තිය රැකගන්න බෑ. ටික කාලෙකින් ඒ මිනිහ අයින් කරල කවත් අර ජාතියෙ මිනිහෙක් එතනට ගේන්න දේශපාලන අධිකාරිය කටයුතු කරනව. එලියට විසිවුන මිනිහ හිටියටත් අන්තයි.

      Delete
    2. මහින්දගෙ පත්තරේ බණ්ඩාගේ නොතිබිණ

      Delete
  30. සිරසෙත් කිව්වා

    ReplyDelete
  31. කියලා වැඩක් නෑ... මානි දැක්කනම් අඬයි...

    ReplyDelete
  32. අනේ හුකේ..!
    මහින්දෙ තමයි ඉස්කෝලේ කිව්වලු..!

    ReplyDelete
  33. උඹ කියෙව්වද ටික කාලෙකට කලින් සමනළ විප්ලවයෙ ලේඛකයා පත්තරකාරයො ගැන ලියල තිබුනු මේ ලිපිය

    මානිගෙ තීරුව, විමලනාත්ගෙ කොලම එහෙම මමත් ආසාවෙන් කියවපු කාලයක් තිබුනා. ඕව ඔහොම තමා බං. අපිට අපි ගැනවත් විශ්වාසයක් තියන්න බැරි කාලයක් දැන් ඇවිත් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක ක්ලික් කරලත් ලෝඩ් වෙන්න කලින් ක්ලෝස් කලා. මට මතකයි ලේඛකයගෙ කතාව.

      Delete
  34. මචෝ දිවයිනේ කසුරි ගිහින් කහපු පිට දැන් ලක්බිමේ මානි කහනව කසුරි එළියට විසි වෙනව. සුනිල් මාධවත් සිළුමිනට ගියෙ ආයි. මොනා කරන්නද...මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙර සේ නෙමෙයි...නාකි සිංහයට නරියත් xකල යනවනෙ. ඒකයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි! මෙයත් කාලෙකින් විසිවෙයි. ඒ වෙද්දි අද තියන වටිනාකම නැතිව!

      Delete
  35. කොමෙන්ට් කියෝලා පෝස්ට් එක කියවුවේ රාජ් ,, එතකොට කතාව හරිම පැහදිලි,,අදමයි ආවේ රාජ් . දේශපාලනේ ගැන දන්නේ නැහැ ,මාතලන්ගේ පෝස්ට් කියෝලා තමයි ඉගෙනගන්නේ :) දැන් තව එකක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැමිණීමට!

      Delete
  36. මිල තීරණය වෙන විදිහටනේ රාජ් අයියේ හැමදේම සිද්ද වෙන්නේ..

    ReplyDelete
  37. මේක නං නියම කථාවක්.....මානිගේ බෙහෙත් මානිම බොනවා වගේ

    මිලට යට වෙන්නේ නැති අය චීත්තෙට යට වෙනවා.....

    ReplyDelete
    Replies
    1. //මිලට යට වෙන්නේ නැති අය චීත්තෙට යට වෙනවා.....//
      දෙකටම යට නොවෙන එවුන් පස් වලට යට වෙනව!

      Delete
  38. අපි රාජ්ගෙ කතාව හිනාවෙවී කියෙව්වට ඒක හරිම ඛේදවාචකයක්,අපි කිසිදිනක කඩාවැටේ යයි නොසිතන පිළිම නොසිතු ලෙස කඩා වැටෙන්නෙ මොන කරුමයක් නිසාද රාජ්.

    ReplyDelete
    Replies
    1. බොල් පිලිම ගාඩ් දාලා ගල් පිලිම කරලා පෙන්නන නිසා..

      Delete
    2. හැලපෙ, ඒක අපේ හිතාගැනීමේ අවුලක් වෙන්නැති

      Delete
    3. එතකොට කසුරිට මොකද වුණේ රාජ්,(නලීන්)පොරත් කාලයක් අපේ වීරයෙක් වෙලා හිටිය නේද

      Delete
    4. මානිගෙ තීරුව පොත් දෙකම මම අරගෙන තවම ආරක්ෂා කරගෙන ඉන්නවා,එතකොට මහින්දෙ තමයි ඉස්කෝලෙත් පිටවුනු දවස්වලම ගත්තා,ඒ පොත් තුන විකුනන්න කෙනෙක් හොයල දීපංකො,නලිය ගනීද දන්නෙ නෑ නේද.

      Delete
    5. කසුරි හා මහින්ද අබේසුන්දර දෙන්නම සියලු දේ සමගින් තාමත් ලේක්හවුසියේ කාමරයක ඉන්නවා සතුටින්.

      @ හැලප ඒ පොත් තුනම මා ගාව තියනවා. මහින්දෙ තමා ඉස්කෝලේ දොරට වැඩි දා සමන් අතාවුදහෙට්ටි කළ කතාව මතක් වුණා මේ වෙලාවේ.

      Delete
  39. //එහෙත් රන්ජන් සිළුමිණ පුවත් පතේ ප්‍රධාන කර්තෘ ධුරයට ගිය දා සිට එය ලියැවෙන්නේ එහි සිටය. අප දෙදෙනාගේ හමුව දුරස් වූ බැවින් කටගැස්ම//

    මං හිතං හිටියෙ සිළුමිණේ කතෘකම රන්ජන් අමරරත්නට දුන්න කියල.. නලීන් අයියා එහෙම කතාවක් ලිව්වනෙ ළඟදි... එහෙම නැත්තං එයා ප්‍රධාන කතෘ වෙලා මෙයා වෙන කතෘ කෙනෙක් වෙලාද.. ? නලීන් අයියේ පැහැදිලි කරන්නකෝ....

    කොහොමත් සිළුමිණ නං හොඳ බත් ඔතන්න විතරක් නිසා ඒකෙ පි‌ටු ගාන අඩු වෙන්නෙ නැතුව ඕනෙ එකක්...

    “මිනිස්සුන්ගේ වීරකම්” මිසක් “මිනිස්සු වීරයෝ” කරගන්න එක මහ වාතයක්... දැං ඔය හැමදාම හැමෝම බනින එස් බී ලොක්කා වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ කතාවක් කරලා...

    ReplyDelete
    Replies
    1. “මිනිස්සුන්ගේ වීරකම්” මිසක් “මිනිස්සු වීරයෝ” කරගන්න එක මහ වාතයක්"
      හරියට හරි!

      Delete
    2. සිළුමිනේ ශාස්ත්‍රීය සංග්‍රහය වගේ කොටසක් මොන පත්තරේකවත් නෑ. ඒ නිසා සිළුමිණ බැහැර කරන්න මට නං බෑ

      Delete
    3. රන්ජන්ගේ තැනට තමා මානි එන්නේ.. දැන් රන්ජනුත් හිටපු කර්තෘ කෙනෙක් විතරයි. මේ තනතුරට කියන්නේ හි.ක කියලා..
      දැන් හික ලා තුන්දෙනයි මහින්ද අබේසුන්දර කරුණාදාස සූරිආරච්චි රන්ජන් අමරරත්න.

      Delete
    4. ආහ්... එතකොට හි.ක.වෙනවා කියන්නේ මේකටයි එහෙනං....

      Delete
    5. හිකවෙච්ච තුන්දෙනෙක්?

      Delete
  40. මෙහෙමයි මේ මගින් උඹත් විකිණිලා ඉවරයි. මොකද රචකයා රසිකයාව බැඳ තබා ගන්නා නිසා.

    ReplyDelete
    Replies
    1. අදහස පැහැදිලි මදි. මානිගෙ ලිපි කියෙව්වට අපි විකිනෙන්නෙ නෑ නොවැ. විකිණීමක් ඇත්නම් ගණුදෙනුවක් තිබියයුතුයි. මෙතන එහෙම එකක් නෑ.

      Delete
    2. විකෙනෙනවා කියන්නේ මුදලටම නෙවේ. රසිකයා අතරමං වීම. උබට තෝර ගන්න විකල්පයක් නෑ. උඹේ විස්සොපෙට කාරණාවත් ඒකමනේ.

      Delete
  41. මං හිතන්නේ මෙතන මානිගේ නෙවෙයි අවුල තියෙන්නේ.. රාජ්ගේ... රාජ් වීරයෝ කරගන්න හොයන්නේ මොන වගේ උන්වද කියන එක... රාජ්ට විතරක් නෙවෙයි අපි හුග දෙනෙකුට තියෙන අවුලක් ඕක... මේ ලෝකේ අංග සම්පූර්ණ සර්ව සාධාරණ චරිත නැහැ.. ඕනම මිනිහෙක් විකිණෙන තැනක් තියෙනවා.. මං කලින් දැකපු රාජ්ගේ පෝස්ට් එකේ කැප්පෙටිපොළවම ගත්තත් එච්චරයි... එකම මිනිහා අවස්ථා දෙකකදී දෙවිදියකට වැඩ කරනවා... හැබැයි ඔය කොයි කෙනාව ගත්තත් තමන්ගේ වාසියට කොතැනදී හෝ වැඩ කරලා තියෙනවා කියන එක හොයා ගතෑකි... මානිගේ ලිපිවලට ආස උනාට මානි කියන්නෙත් මේ සමාජයේම අපි උඹලා වගේම තවත් එකෙක් විතරයි.. එහෙම නැතිව පරමාදර්ශී වීරයෙක් කියලා හිතපු රාජ්ටයි වැරදිලා තියෙන්නේ... රාජ්ට හොදම උත්තරේ මේ පෝස්ට් එකේම කමෙන්ට් එකක් හැටියට තියෙනවා මං දැක්කා...

    //මානිගෙ පුතා රජා ඉස්කෝලෙ මට අවුරුද්දක් බාල පන්තියකට හිටියෙ. // - ඉන්දික උපශාන්ත...

    මානි කියන්නේ රෝයල් එක සමීපයේ වාසස්ථානය තියෙන හින්දා ඒ පදනමින් පුතාට අවස්ථාව ලැබුනද.. නැත්තං ශිෂ්‍යත්වය සමත් වීමෙන් ඒ අවස්ථාව ලැබුනද.. මොකද රාජ්ට හිතෙන්නේ..? ඔය අවස්ථා දෙකටම වඩා මානිගේ සිවිල් බලය හින්දා පුතාට ඒ අවස්ථාව උදා උනා කියලා අර කලින් දෙකටම වඩා හිතන එක අපහසුද..? ඒක එහෙම උනානං වීරයා මැරෙන්නේ අදද..? හැබැයි මානි තමන්ගේ කොලම් එකේ කවදිවත් ලියනවද මගේ මං මේ විදියට ලිව්වට මගේ පුතා යන්නේත් අහවල් ඉස්කෝලෙට කියලා... එහෙමත් නැත්තං පුතා ඉස්කෝලෙට දාගන්න උනේ මේ විදියටයි කියලා... මංනං දැකලා නැහැ.. මං හැමදාම දැකලා තියෙන මානිගේ පුතා මානිගේම තවත් එක විරෝධාකල්පික සිතිවිල්ලක් ඉදිරිපත් කරන චරිතයක් විතරයි... හැබැයි වැරදිලාවත් මානි අපිට කිව්වනං මුලින්ම පුතාගේ විස්තරය මානිගේ පාඨකයින්ගෙන් බාගයක් මානි කියන වීරයාව මරන්නේ ඒක කියෙවන්න වෙන දවසෙමයි... ඒත් මානිලා ඒක කියන්නේ නැහැ.. මේ මානි විතරක් නෙවෙයි අපිට බණ කියන හුග දෙනෙකුගේ ඇත්ත කතාව...(මහින්දලා..චන්ද්‍රිකාලා පැත්තකින් තියන්න..කොහොමත් ධනවාදයේ ගමන් ගන්න අය නෙව.. සෝමවංශ වගේ කෙනෙකුගේ දරුවෝ ගැන හිතුවත් තත්වය ඔච්චරම තමා.. පුළුවන් එකා කොහොම හරි කරගන්නවා.. අනිත් උන්ට ඒවායේ වැරදි කියන ගමන්ම.. ) එකම දේ උන් අපිව උසිගන්නනවා සමාජ අසාධාරණයට එරෙහිව.. එහෙම කරලා උන් ඒ අසාධාරණයම උපයෝගි කරගෙන උන්ගේ වැඩ ටික කරගන්නවා... පත්තරකාරයෝ.. කලා කාරයෝ කියලා අමුතු බුවාලා නැහැ... ඔය හැමෝම මේ සමාජයේම තවත් කොටස් විතරයි.. අනිත් කොටස් වගේම උනුත් කුණු වෙලා.. හැබැයි මතුපිටින් පෙන්නනවා එහෙම නැහැ කියලා.. ඒ පෙන්නිල්ලට රැවටිලා උන්ව වීරයෝ කරගන්න අපෙයි වරද...

    සිළුමිණ ගත්තම දේශපාලනේ අතෑරියම මටනං අදටත් වැදගත් පත්තරයක්... රාජ් කියනවා වගේ සාස්ත්‍රීය අතිරේකේ වගේම ලුහුඩු දැන්වීම් කොටස නිසා... :D ඒ වගේමයි යූ ඇන් පි ආණ්ඩු කාලේ උනත් ඕකේ දේශපාලනය ඔහොමම තමා... හැබැයි ඒ කාලෙත් අපේ තාත්තා ඉරිදට ගත්තේ සිළුමිණ...

    ReplyDelete
    Replies
    1. මම කියන්න හදන දේ බොහෝ දෙනෙකුට වැටහිලා නෑ කියල හිතනව. සුන්දර මහත්තය මානි ලියනව. සුන්දරගෙ පෞද්ගලික ජීවිතය (පුතා අයත් වන්නේත් ඒකට) එහෙමකට අපිට වැඩක් නෑ තමයි. නමුත් මානි සහ ඔහුගේ ලිපි වලින් ඔහු මෙන්න මේ වගේ කෙනෙක් කියල අදහසක් ඇතිකරගැනීම වරදක් නෑ. ඒ අදහස් ගොන්න ඇතුලෙ අපේ ඔලුවට හරියන වීරය ඉන්නව නං අන්න අපි පිලිමෙ හදාගන්නව.
      දැන් මානි ලිව්ව සුන්දර මහත්තය, ලියපු දේවල් වලින් අංශක එකසිය අසූවක් විතර (නැත්තං ඒ කිට්ටු කෝණයකින්) හැරුනම අපි මොකද කරන්නෙ? ඒක එයාගෙ පෞද්ගලිකත්වය කියල නිකං ඉන්නවද?

      මේකම තමයි පක්ෂ මාරුකරපු උදවිය කරන්නෙත්.(උඹත් මමත් දෙන්නටම එතනදි එකඟ වෙන්න පුළුවන් මං හිතන්නෙ). උදාහරණයක් විදියට විමල් වීරවංස හරි දයාසිරි ජයසේකර හරි මහින්ද අබේසුන්දර හරි සුන්දර නිහතමානිද මැල් ඉන්න තැනට දාල බලපං.

      විකිණෙන්නෙ නැති මිනිස්සු ඕන තරම් ඉන්නව. නමුත් ඔවුන් ජනප්‍රිය නෑ.

      සිළුමිණ ගැන කතාවට නං එකඟයි. නිකන් ලැබුනොත් බලන සිළුමිණේ ශාස්ත්‍රීය සංග්‍රහයවත් නග්ගල ගන්න සුන්දර මහත්මයට පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරමු!

      Delete
    2. \\\\\\\\\මම කියන්න හදන දේ බොහෝ දෙනෙකුට වැටහිලා නෑ කියල හිතනව. \\\\\\\\\\

      වැටහිලා නැති කම නෙවේ රාජ් මෙතන තියෙන්නේ කපටිකම... එළිපිට ගලේ පහරලා තියෙද්දිත් තව වහන්න යනවනේ අපේ අය.. ඉතින් හත් පොළේ ගෑවෙනවා..

      01. අපි ආස කරන වීරයෝ අපේ දෑස් ඉදිරිපිට විකිණෙනවා අපිට ඒක දරාගන්න අමාරුයි..

      02. ටික දවසක් යද්දී දුක තුනී වෙනවා.

      03. සමහර වීරයෝ තමන්ගේ වැදගත් කම තියාගෙන ඉන්නවා විකුණුනත් .

      04. උඹ කියන්නා හේ සමහර වීරයෝ අංශක 180 ටම ටර්න් කරනවා..

      05. අන්න දුක ඩබල් වෙන තැන ..:P

      Delete
  42. මේ පත්වීම ගැණ ඉඟියක් අපිට මෙන්න මේ ලිපියෙන් ගන්න පුළුවනි. කොහොමටත් මානි ලක්බිමෙන් කැපෙමින් තමයි ඉඳලා තියෙන්නේ. ඒකනේ උදදේශක කතෘ කියන එකේ තේරුම.

    සිළුමිණ පුන්කලසේ මේ ලිපිය දාන්න ඇත්තේ පත්වීම ගැන වචනේ ආපු කාලේ විය යුතුයි.

    http://www.silumina.lk/punkalasa/20130825/_art.asp?fn=ar1308251

    !!!

    ReplyDelete
    Replies
    1. කකාගෙ ලින්ක් දෙකටම ස්තුතියි! බොහොම වැදගත්!

      Delete
    2. පුන්කලස අතුරුදහන්! දෙසැම්බර් 1 දින සිළුමිණ බලන්න.

      Delete
  43. මානි ගැන දුකයි .... රාජ් ගැන සැහෙන්න දුකයි .... අපි ගැන පට්ට දුකයි......

    ReplyDelete
  44. මානිට විකිනෙන්නෙ නැතුව විකුනන්න දෙවල් ඔනතරම් තිබුන.එත එවට ලැබෙන මිල මදිවෙන්න ඇති.දැන් ජිවන වියදමත් වැඩියි නෙ.හොදටම ශුවර් ද මෙක හීනයක් කියල

    ReplyDelete
  45. වික්ටර් අයිවන්ලත් බල්ටිය ගහපු එකේ මේවා මොනවද සුදෝ....

    ReplyDelete
  46. ඕනම වීරයෙක් මොනරු කොළ ඉදිරියේ විකිණෙනවා ! :)

    ReplyDelete
    Replies
    1. මමත් මදුරංගගේ කතාවට සියයට අසුවක් විතර එකග වෙනව.එත් හැමදෙනාම එහෙම නැහැ.ඉදල හිටලා හොද වීරයො ඉන්නව.ඒත් ඒ මිනිස්සුන්ට ඔලුව උස්සගෙන ඉන්න දෙන්නෙ නැති සමාජයක් තමයි අද තියෙන්නෙ.

      Delete
  47. වීරයෝ විකිණිලාත් නැත වීරයෝ ඉපදිලාත් නැත. වීරයන් උපද්දවන්නේ අප විසින්මය. අපේ රිදම් එකට නටනාවිට උන් අපට වීරයන් ය. රිදම් එක මාරු කළ දාට උන් හොරිකඩයන්ය.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමා ඇත්ත.........

      එළ කමෙන්ට් එක නලීන්

      Delete
  48. රාජ්......මටනම් මේක පේන්නේ ඔෆිස් එකේ කාමරේ මාරුවුනා වගේ පොඩි වෙනසක් කියලා....ඔය කොයි කාමරයට ගියත් ඕඩර් එක එන්නේ එකම තැනකින්,,ඕක තමයි මම වර්තමානයේ දකින ජාතික පුවත් ඇතුලු සියළුම ජනමාධ්‍යවල සැබෑ ස්වරූපය. මම නම් වික්ටර් වන්-අයි, ඥාණසාර පත්තරයක් ගහන දවසට ඒකට ගියත් පුදුම වෙන්නේ නැහැ.

    ReplyDelete