Wednesday, July 15, 2015

අපායෙ ඉන්ටවීව් එක.....

"ස්....ස්.....ස්....."

සූ සද්දෙ ඇහෙද්දි, දිව්‍ය ලෝකෙ බටහිර කෙලවරට වෙන්න, කල්ප වෘක්ෂයට පිටදීල කකුලක් නවල ඒකටම තියාගත්ත මාතලී කේජී කෑල්ලක් ඔතාගෙන දුම් උගුරක් දෙකක් ඇද්ද විතරයි. ශක්‍ර වෙහිකල් එකත් මාතලීව කවර් වෙන විදියට කල්ප වෘක්ෂය යට පාක් කරල තිබුන. කල්ප දහයකට විතර උඩදි කිරිමුහුද කලඹපු වෙලේ ලබාගත්ත කංසා ටික ඉවර වුනාට පස්සෙ ඊට ටිකක් විතර සමාන බඩු හොයාගත්තෙ මෑතක, ශක්‍රයත් එක්ක නර ලොවට ගිය දවසක. දිව්‍ය ලෝකෙ පාටියකට පස්සෙ නර ලෝකෙට ගිහිල්ල, දිව්‍ය සුරා සහ නර සුරා ටිකක් කලවං වෙච්ච දවසෙ වාහනේ හප්පගත්ත නිසා සුරාපානය කල්ප දෙකකට තහනම් වෙච්ච දවසෙ ඉඳල මාතලීගෙ දුම් ඉරිල්ල ටිකක් වැඩියි.

කල්පනා ලෝකෙ ගිලිල ඉන්න වෙලේ සද්දෙ දාල ආතල් කඩන්නෙ මොකාද කියල බැලුවමයි දැක්කෙ, අපාය පැත්තෙ පාතාලෙ ඉඳගෙන යම රජා කතා කරනව.

"ඇ ඇයි බොස්?"

"මට උඹලගෙ ශක්‍රය මුනගැහෙන්න ඕන,.... එන්න කියපං අපායට"

***********************************************************************

"‍මේකයි මචං කාරණේ, වැඩේ සීරියස්......"

"හරි හරි.... කියපංකො තෙපරබාන්නෙ නැතුව......"

"උඹ දන්නවනෙ ලංකාවෙන් ආපු පොලිටික්කො නිසා අපායෙ ඉඩ මදිවුනා කියල....."

"ඔව් මංමනේ උඹට කිව්වෙ එක එකාලට නවත්ත නවත්ත කාලෙන් කාලෙට පනිෂ් කරන්න කියල? ඉතිං?"

"ඔව් ඔව් බං.... ඊට පස්සෙ මට තේරුනා මුං මොකක් හරි ජල්තර වැඩක් කරල බේරෙනව කියල...."

"ඒ කිව්වෙ.... ටික ටික හරි දඬුවම් ලැබෙන්නෙ නැද්ද?"

"නැත්තෙත් නෑ..... හැබැයි ලෝක අණ්ඩයො සෙට් එකක් ඉන්නව මොකක් හරි හේතුවක් දාල උං හැමදාම කල් ගන්නව..... පොඩ්ඩ ඇත්තං තුවාල වලට බේත් දාගෙන එන්නං කියල මාස ගනං ඉන්නව.... බැලින්නං මුං ඒ කාලෙ ලෝයර්ල විදියට ඉඳල තමයි පොලිටික්කො වෙලා තිබුනෙ.... ඊලඟ ආත්මෙ මනුලෝකෙට ආවම අරව දෙනව මේව දෙනව කියල පොරොන්දු කරගෙන යමපල්ලොත් රවට්ටගෙන" කියපු කතාව කාටවත් ඇහුනද කියල යම රජා වටපිට බැලුව.

"ඉතිං?... දැං මොකද්ද මගෙන් වෙන්න ඕන?"

"මේකයි, ඔය අතරෙ ඉන්න ටිකක් විතර හොඳ එවුන් ටිකක් උඹලගෙ පැත්තට ගත්තොත් මෙතන පිරිස අඩුවෙනවනෙ.... අන්න එහෙම උනොත් මට පුළුවන් මෙතන පාලනය කරගන්න...."

"බෑ බෑ බෑ! ඒ ව‍ැඩේ කරන්න බෑ කොහොමවත්ම! පව්කාරයො අපේ පැත්තට අරගන්නෙ කොහොමද?"

"අනේ බං මම ගැනත් පොඩ්ඩක් හිතපංකො! මම කොහොමද මෙතන වැඩක් කරගෙන යන්නෙ. මෙහෙම කරපං..... ඉන්ටව් එකක් කරල ටික දෙනෙක් ගනිං....ලොකු උදව්වක් මචං.... උඹේ පුටුවට එන්න වලිකන දිව්‍ය පුත්‍රයෙක් එහෙම හිටියොත් ඌට තගක් එහෙමත් දාන්නං ඕනනං......"

"හරි එහෙනං මම වෙලාවක ඇවිල්ල කට්ටියක් අරගෙන යන්නං....."

******************************************************************

"කට්ටිය පෝලිං ගැහිල ඉන්න....පෝලිං ගැහෙවලා කිව්වම අහල.... එක එක්කෙනා යන්න.... කවුද ඔය පෝලිම පයින වේසිගෙ පුතා.... ‍කැරිය දැනගනිං මේක අපාය.... පෝලිමේ පලයල්ල...."

"හරි ඔය ඉස්සරහ එක්කෙනා එවනව..."

"හරි.... කියන්න බලන්න මන්ත්‍රී කෙනෙක් විදියට තමුන් කල හොඳ වැඩ?"

"පනිද්දි ගත්ත මිලියන දෙසීයකට බුදුවෙන්න හාමුදුරුවනේ..... මම කොච්චර නං හොඳ වැඩ කලාද?"

"හරි හරි ඉතිං කියනව බලන්න"

"මම මන්ත්‍රී වෙලා ඉද්දි කී දෙනෙකුට නං රස්සා දුන්නද හාමුදුරුවනේ.... සිය දාස් ගානකට දෙන්න ඇති!"

"හරි! තව මොනවද?"

"රස්සා දුන්න, මාරුවීම් දුන්න, ළමයි ඉස්කෝලවලට දාන්න ලියුං දුන්න......"

"හරි හරි ඔය මදෑ.... පිං අතේ වැඩ ටිකකුත් කරල තියෙන්නෙ, හරි මෙයා අපේ පැත්තට යවන්න.... ඊලඟ එක්කෙනා එවන්න"

"හාමුදුරුවනේ මාත් සෑහෙන්න වැඩ කලා....රස්සා දුන්න, පාලං බෝක්කු හැදුව, පාරවල් හැදුව....."

"හරි හරි මෙයත් යවන්න....ඊලඟ......"

"මාත් කරපු තරමක් හොඳ වැඩ තමයි කලේ බොස්.... සරදියෙල් වගේ දුප්පතුන්ට සල්ලි දුන්න, කොල්ලන්ට ත්‍රීවිල් දුන්න, පන්සලට පල්ලියට කොච්චර නං දුන්නද...."

"ඇති ඇති.... යකෝ හොඳ මිනිස්සුනෙ මේ අපායට දාල තියෙන්නෙ? ඊලඟ....."

"ශක්‍ර තුමෝ මම කරපු වැඩ කවුරුවත් කරන්න නැතුවැති.... රස්සා දුන්න, පාරවල් හැදුව, ගෙවල් හැදුව, මිනිස්සුන්ට කන්න බොන්න දුන්න ඇතිවෙන්න, ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් දුන්න, වංගියක් බුද්ධාගම බේරගන්න ගිහිල්ල තව පොඩ්ඩෙං කෝට එක ඉවර වෙන්නත් කලිං මෙහාට එනව....."

"හරි හරි.... මෙයත් යවන්න..... ඊලඟ....."

................................

"ඊලඟ......"

...............................

"ඊලඟ......."

"මොකද තමා ඇඹරෙන්නෙ.....මොකුත්ම කරල නැද්ද?"

"පස්වාන් දහසකට බුදුවෙන්න හාමුදුරුවනේ..... මම නීතියට පිටිං ගිහිල්ල මගේ මිනිස්සු රස්සාවලට දැම්මෙ නෑ.... ඉස්කෝල වලට ළමයි දාන්න ලියුං දුන්නෙ නෑ,... පාලං බෝක්කු වලින් කුට්ටිය ගත්තෙ නෑ..... "

"තමුන් මොකුත් කරල නෑනෙ බැලුවම..... මෙයා තියාගන්න මෙහේම....ඊලඟ"

"දේවයන් වහන්ස මම බොරු පොරොන්දු දුන්නෙ නෑ.... කොමිස් ගත්තෙ නෑ.... රජයේ සේවකයන්ට බලපෑම් කලේ නෑ.... තව එතකොට ප්‍රතිපත්ති හැදුව, නීති සම්පාදනය කලා, මුදල් පාලනය කරන්න උදව් කලා...."

"මදි මදි මදි..... බොහොම මදි.... තමුන් කාටවත් උදව් කරල නෑනේ....මෙයත් එපා අපිට ගැලපෙන්නෙ නෑ....."

......................................

"ඔන්න යමයෝ උඹේ කරදරේ ඉවර කලා..... දැං හරිනෙ....."

"ඕකේ මචං.... ගානට වැඩේ දුන්න.... මේ උදව්ව මම අමතක කරන්නෙ නෑ කවදාවත්..... යන්න කලිං යම ස්පෙෂල් චුට්ටක් ගමුද? මහන්සිත් ඇතිනෙ....."

*********************************************************

"මාතලී කවුද අර කලබලෙන් මේ පැත්තට දුවගෙන එන්නෙ? ආ..... මේ.....ස්කන්ධ නේද? මොකද කොල්ලෝ කලබලෙන් වගේ?"

"බොස් මෙදා අපි ඔක්කොම ඉවරයි බොස්!"

"ඇයි ඇයි මොකද වෙලා තියෙන්නෙ?"

"මනු ලෝකෙ ඉන්න පොලිටික්කන්ගෙන් බේරෙන්න බැරුව මම මෙහේට වෙලා ඉන්නව....ඔබතුමා අපායට වැටිච්ච එවුන් මෙහාට එව්ව.... අන්න උං සැට් එක ආපු ගමන් සුරාව බීල දිව්‍යාංගනාවො දෙතුන්සීයක් දූෂණය කරල සතුට සමරන්න ඔබතුමාගෙ ආසනෙත් වාඩිවෙලා....."

"මො මොනවා......"

"ස්කන්ධ..... ගේන්න වතුර ටිකක්.... බොස්ට සිහිනැතිවුනා වගේ....."

48 comments:

  1. මං හිතුවේ ලංකාවේ දේශපාලුවන්ට වෙනම අපායක් හැදුවා ය කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒ අපායට දාන්න බලන්න නමක්?

      Delete
  2. මො මො මොනවා...?

    //"පස්වාන් දහසකට බුදුවෙන්න හාමුදුරුවනේ..... මම නීතියට පිටිං ගිහිල්ල මගේ මිනිස්සු රස්සාවලට දැම්මෙ නෑ.... ඉස්කෝල වලට ළමයි දාන්න ලියුං දුන්නෙ නෑ,... පාලං බෝක්කු වලින් කුට්ටිය ගත්තෙ නෑ..... "// මේක කියවද්දි මට මතක් උනේ පණ්ඩු බණ්ඩාරනායකව. සිරාවටම අපි දේශපාලකයො කියන්නෙ අර වගේ ජඩයන්ටනෙ. උඹ ගාණට ලයින් එක ගහල තියෙනවා දෙගොල්ල වෙන් වෙන්න.

    ReplyDelete
    Replies
    1. //මේක කියවද්දි මට මතක් උනේ පණ්ඩු බණ්ඩාරනායකව. //
      ඒකනම් ඇත්ත. ඒත් බයි සෙට් එක fb කැම්පේන් කරන්නෙ පණ්ඩුට චන්දෙ දෙන්න එපා කියල.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. එයා හීනියට ෆන් ගන්න කෙනෙක් නො හෝප්ස්

      Delete
    4. ජනතා නියෝජිතයන්ගෙ සැබෑ වගකීම් කුමක්දැයි තාමත් හඳුනාගෙන නෑ. මේ දේවල් තව කාලයක් තියෙයි.

      Delete
    5. පණ්ඩු නිකං පතෝල වගේ මෙලෝ රහක් නෑ...කරපු දේකුත් නෑ ගම්පහට..මිනිහට ලැබෙන්නෙත් ආගමික කටයුතු / කාන්තා කටයුතු / දේශීය වෛද්‍ය වගේ අමාත්‍යාංශ නෙ...ඉතින් කොහෙද ගහන්න‍ෙ...

      Delete
  3. අන්න දැක්කද අපේ අනන්‍යතාව යන තැන හාමාරයි...!

    ReplyDelete
    Replies
    1. අනන්‍යතාවය නැති කරගෙන කොහොමද

      Delete
  4. රාජ් සර් වෙනදා වගේම අදත් ආදර්ශයක් ලැබිය හැකි කතාවක් ලිවීම ගැන ස්තූතියි. අගය කරමි. දැන් රාජ සර් මේ කියන්නේ නායකයින් කරුණාවන්ත, රටට වැඩ කරන පුරවැසියන් වෙන්න ඕනැ කියන එක නේද? ඒක නම් මටත් තේරුණා. ඒ එක්කම රාජ් සර් 'කේජී' කියා ලියා ඇත්තෙ කුමක්දැයි මුලින් නොතේරුණාට පසුව වැටහුණා ඒ 'කේජු' ලෙස ලියන්න ගොස් අකුරු වැරදිලා කියලා. අගය කරමි ආයෙමත්. තවත් ලියන්න.

    කපිතන් පීකිව්ආර්එස් SLA

    ReplyDelete
  5. නිර්මලාගේ ෆොටෝ එකක් දාල තියෙන්නේ මොකද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. නිර්මල කියන්නෙ "සාපේක්ෂව" හොඳ දේශපාලකයෙක්. එයා දේශපාලනයෙන් සමුගත්ත. මේ ක්‍රමය ඇතුලෙ ඉන්න පුළුවන් දුමින්ද සිල්ව වගේ බුවාලට.

      Delete
    2. නිර්මාල්ගේ මහගෙවල් අපේ ගෙදරට ගෙවල් දෙකක් එහායින්. වෙල්ගම සහ රත්තරන් එක්ක බැලුවම හොඳයි. එත් ඉතින් මෙයාගේ වැඩ දන්නෝ දනිති. පාරවල් වලින් හම්බ කරගත්තුව එහෙම. මෙයා සල්ලි මත්තෙම තමයි. ගෙරි මස් බෙල්ලේ එල්ලගෙන කන එකෙක් නෙමෙයි වෙල්ගමල වගේ

      Delete
    3. කාගෙ කිල්ලෝටෙද හුනු නැත්තෙ!

      Delete
  6. රාජ්, මේ ගමන සමීක්ෂණ ප්‍රතිඵලේ මොකක්ද?

    ReplyDelete
  7. එල ද බ්‍රා..
    සුරංගනාවියෝ ටිකට අපේ එවුන් පට්ට සැපක් දිලා වගේ.

    ReplyDelete
  8. අපායේ නීති සහ දිව්‍යලෝකයේ නීති....මොනවා කරන්ඩද නඩු දාල දීනන්ඩයැ? ලෝයර්ස්ලා ඔක්කොම අපායේ ලෝයල්ස්ලානේ...

    ReplyDelete
    Replies
    1. ඇයි අගවිනිසුරුවො, උනුත් අපායෙ...

      Delete
  9. මේ පාර නැද්ද පූර්ව විස්ලේසොනයක් වගෙ එකක්. තාම කල් වැඩද නැත්තං ඈ.
    ඒක කියවන්ට තමා මේ දවස් ටිකේඉන්නෙ ඒකත් කොයි වෙලාවක හරි ලිය.

    අර සිලෙක්ට් නොවිච්ච උංටික අපායට ගියෙ ඇයි රාජ්

    ReplyDelete
    Replies
    1. තාමත් හිතාගන්න බෑ. ඔක්කෝටම වැඩිය දේශපාලනය ගැන කතාබහ කරන්නෙ අඩුවෙන්.

      Delete
  10. 'දෙස්පාලුපාය' කියලා තමයි ඒ අපායට නම දාන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ වැඩියි වගේ

      Delete
  11. හෙහේ! එල එකක් රාජ්. මට මතක් උනේ අර බොරු කියන ස්පීඩ් එකට අනුව කටු කැරකෙන ඔරලෝසුවෙ කතාව, අපේ පොලිටික්කන්ගේ නම ගහල තියෙන ඔරලෝසුලුනෙ අපායෙ උන් ෆෑන් වෙනුවට පාවිච්චි කොරන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාත් අහල තිබුන

      Delete
    2. තේරුණා මදි. මොකක්ද අපායේ බොරු කීමේ තරගයක් තිබ්බ කතාවක්ද? ඔරලෝසුව කොහොමද ෆෑන් එකක් වෙන්නෙ ???

      Delete
    3. ඇයි ඇනෝ ඒක තේරෙන්නේ නැද්ද... බොරු කියන තරමට ඔරලෝසුවේ කටු කරකෙනවලු, ඉතින් මුන් කියන්නේ බොරුමනේ ඉතින් ඔරලෝසු කටු කැරකි කැරකීම තමයි තියෙන්නේ.. ෆෑන් වගේ

      Delete
  12. අඩේ      රාජය මෙහේ කියන කුනුහාරපමනේ බං එහෙත් කියන්නේ. මටත් හොදට සිංහල කුනුහාරප පුලුවං හන්ද මලහම අපායේ රජයේ සේවයට ගියහැකි නේ බං

    ReplyDelete
    Replies
    1. උඹට නං ඕනවටත් වැඩිය සුදුසුකම් තියනව.

      Delete
  13. අඩේ      රාජය මෙහේ කියන කුනුහාරපමනේ බං එහෙත් කියන්නේ. මටත් හොදට සිංහල කුනුහාරප පුලුවං හන්ද මලහම අපායේ රජයේ සේවයට ගියහැකි නේ බං

    ReplyDelete
  14. සිලෙක්ශන් එකනම් ලෙසටම කරල තියෙනව.. එක වසරට ළමයි ඉස්කෝලෙ දාන සිලෙක්ශන් ටෙස්ට් එකත් අන්න ඔය වගේ..

    ReplyDelete
  15. ඔහොම ගියොත් අපේ මොඩර්න් පේට්‍රියට් කොලුවටත් අපායටම යන්න වෙයි....

    ReplyDelete
  16. ඈ බං. ඔය අලුත් අපායෙයි දිව්‍යලෝකෙයි ඉන්න එවුන්ගෙ වැඩි වෙනසක් නෑ වගේ නේ. අපේ උන්දැලට අපූරුවට ඔය දෙතැනෙම හිටියෑකි, ඕන්නං ඉන්න එවුන්ටත් තව ටියුෂන් දෙතෑකි.

    ReplyDelete
  17. අර සුජීව කොකාවල කියන මහා බුද්ධිමත් මහින්දවාදියාගෙ මතය මොකද්ද මේ පෝස්ට් එක ගැන? දැන ගැනීමට කැමැත්තෙන් සිටිමි.

    ReplyDelete
    Replies
    1. සුජීව කොකාවල නම් වූ අද්‍යතන ලෝකයේ මහා ප්‍රාඥයාණෝද සිතනුයේ ජවිපෙ සහෝදරවරු සියලුදෙනා හැර අන් සියලුම පොලිටික්කෝ අපායට (හෝ සුළු පිරිසක් දෙව්ලොවට ) සුදුසුය කියාය. ජවිපෙ සහෝලා රට බේරාගැනීමට සදා මනුලොව විසිය යුතුය.

      Delete
    2. සුජීවට පුළුවන්කමක් තියෙනව නම් අතින් ටිකට් එකක් අරගෙන දීල හරි මහින්ද අප්පොච්චි දිවිය ලෝකෙ යවන එක නම් ෂුවර්. එච්චර් භක්තියක් තියෙන්නෙ දැන් එයාගෙ මහින්ද මහත්තයා ගැන. මාරයියා වත් ඔහොම ලැජ්ජ නැති විදිහට කඩේ ගියේ නැහැ.

      Delete
  18. හරිම හොඳ දේශපාලකයෝ ටිකක්නේ හැමෝටම උදව් කරගෙන තමනුත් කාගෙන බීගෙන ඉන්නේ.

    ReplyDelete
  19. "රස්සා දුන්න, මාරුවීම් දුන්න, ළමයි ඉස්කෝලවලට දාන්න ලියුං දුන්න......" මීට අමතරව මාරුවීම් ඉල්ලන හෙදියො / ගුරුවරියො වගේ අයව හෝටල් කාමර වලටත් ගෙනිච්චා...එහෙම නැද්ද රාජ්...

    ReplyDelete
  20. දැන් මේ රාජ් කාරයා කියන්නෙ මොකෙක්ද ? මූ රජයේ සේවකයෙක්නෙ. මුන් වගේ උන් කරන වැඩ බලන්න, මූ රජයෙන් දෙන පරිගනකයෙන්, රජයේ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් සමාජ ජාල යන එකනෙ කරන්නෙ. එක්කො ෆේස් බුක් එකේ එහෙම නැතනම් බොගක් අටෝගෙන ආණ්ඩුව ඇතුළු දේශපාලකයන් විවේචනය කරනව. මූ උපන් ගෙයි යූඇම්පී කාරයෙක් බව ඇත්ත. ඒත් රජයේ සේවකයෙක් තමන්ගෙ දේශපාලනය, ඡන්ද ප්‍රකාශ කිරීමට පමණක් සීම කළ යුතුයි. ඉස්සරනම් රජයේ සේවකයන්ට දේශපාලන රැස්වීම් බලන්න යන්නත් තහනම් (මොන පක්ෂෙ වුණත්) ඒත් දැන් නීතිය බල්ලට ගිහින් නිසා මුකුත් නෑ. මූ ලොකුවට දේශපාලාකයො විවේචනය කළාට මූගෙන් වෙන්න ඕනෙ අවම සේවයවත්, සදාචාරෙවත් නෑ. පඩි ගන්නෙ, පාවිච්චි කරන්නෙ රජයේ දෙපොළ, ඒත් කිසිම සේවයක් නෑ. මමනම් ඉන්නෙ පිටරට, මම ඔය ලංකාවට ආවාම රජයේ කන්තෝරු කීපයකට ගියා වැඩ ටිකක් කර ගන්න. අදාල නිලධාරියා (මුන් ජඩයො, නිලධාරීන් නෙවෙයි ) එක්කො tea break, එහෙම නැත්නම් lunch break එහෙම නැත්නම් half day , එකෙක් එනකොට කොට අනික leave, දවස් කීපයක් රස්තියාදු වෙන්න ඕනෙ මුන්ගෙන් පොඩි වැඩක් කරගන්න. ඒ වුණාට දෙන්නෙ පොර ටෝක්, දේශපලකයො හදන්න තමයි කතාව, ඒ වුණාට තමන්ගෙ රස්සාව හරියට කරන්නෙ නෑ. අඩුගානෙ දේශපාලකෙක් ලඟට ගියොත්, ඉඳගන්න කියල වැඩේ සලකල බලන්නම් හරි කියල හොඳට කතාකරනව. මුන් හෙන රැස්පොට්, හරියට උන්ගෙන් සල්ලි ණයට ඉල්ල ගන්න ආව ගානට තමයි අපිට සලකන්නෙ. අන්තිමට මම, එක ටයි පොල්ලක් එල්ලගෙන ඉන්න එකෙක්ට බැන්න පලු යන්න කඩ්ඩෙන්ම. මුන් ටයි එල්ලගෙන හිටියට කඩ්ඩ බෑනෙ, අන්තිමට බ්‍රෝකන් කඩ්ඩ වනන්න ඇවිත් හොඳටම නෝන්ඩි වුණා අනිත් උන් ඉස්සරහ. පස්සෙ වැඩේ කරගත්ත කඩ්ඩෙ පිහිටෙන්. ඔය Airport එක ලඟ ඉදන් මේ නිළධාරී ජඩයන්ගෙන් බේරෙන්නනම් කඩ්ඩ වනන්න ඕනෙ.
    කෝසල (රට ඉන්න බුවෙක්)

    ReplyDelete
    Replies
    1. හරිම බුද්ධිමත් රට ඉන්න බුවෙක් කියලා පේනවා කෝසල :D

      Delete
  21. අපායේ ඉඩ නැති හින්දා අපිට කෙලින්ම දිව්‍යලෝකේ ගියාකි,,, අපොයි ඒත් ,,,, දැන් බාගයක් එහෙත් ඉනවනේ,,, :(((

    ReplyDelete