Tuesday, July 28, 2015

බස් ගාමිණීගෙ මාළු නටන පොරටෝක් සහ......

කාලෙකට පස්සෙ බස් ගාමිණිය සෙට්වුනා. බස් ගාමිණී කියන්නෙ කාලකට ඉස්සර ලක්ෂ පනහක ටිකට් එකක් ඇදිච්ච අපේ ගමේ ගාමිණීට. ටිකට් එකෙන් ලැබුන සල්ලි වලින් පොර ඉස්සෙල්ලම කලේ කබල් බස් එකක් ගත්ත එක. එදා ඉඳල තමයි නිකං ගාමිණී බස් ගාමිණී උනේ. ටිකට් එක ඇදුන ගමන් ලෝකෙ පෙරලන ප්ලෑන් හිතේ තිබුනට බස් එක වගේම අතේ තිබුන සල්ලිත් අවුරුද්දක් දෙකක් යද්දි පොරගෙ අතේ ඉතිරිවුනේ නෑ. කලින් අපි එක්ක සෙට්වුන බස් ගාමිණිය ටිකට් එක ඇදුනට පස්සෙ ආශ්‍රය කලේ මෝලෙ සුදු මහත්තය ව‍ගේ දලකාරයො. ගල් වෙනුවට බිව්වෙ විස්කි.

ඔන්න හැන්දෑ වෙලාවක අපේ පාටියකට ගාමිණියත් සෙට්වුනේ අනාරාධිතව. බෝතලෙන් කට කපල වීදුරු දෙකතුනක් දාගෙන අපේ කතාවට සෙට්වුනා. ඒ වෙද්දි බෝතලේ අඩිය පේන්න ගත්ත නිසාත් කට්ටියට බඩු මදි නිසාත් පොඩි කලෙක්ෂන් එකක් දාල ආයෙ ටවුමට යන්නයි ලෑස්ති වුනේ.

"මගේ ලඟ නං සල්ලි නෑ කොල්ලනේ උඹල දන්නවනෙ!" බස් ගාමිණී එහෙම කියල ශේප්වුනා. අවුලක් නෑ, බෝතලේට ගාන එකතුවුන නිසා තව එකක් ගෙනාව. ඒක ඉවර වෙද්දි පදමට වැදුන ගාමිණීට තව ඕනවුනා.

"මචං තව එකක් ගෙනෙල්ල..... ආ..... ටවුමෙන් කොත්තුවකුත් දාගෙන වරෙල්ල" ගාමිණී කිව්ව.

"කෝ... දියං සල්ලි එහෙනං...." ධර්මෙ අයිය ගාමිණී දිහා බැලුව.

"හරි මම ගෙදර ගිහිල්ල සල්ලි ගේන්නං බං....එතකල් තියන එකෙක් ගෙනෙල්ලකො" ගාමිණීගෙ කතාවට මහතුං මාමට මල පැන්න.

"ගාමිණී, දැං ටිකකට කලින් උඹ කිව්වනෙ සල්ලි නෑ කියල..... එහෙනං මේකට උත්තර දීපං...."

"මොකද්ද?"

"ඉස්සෙල්ල බෝතලේ ගේන වෙලාවෙ උඹ කිව්ව සල්ලි නෑ කියල.... දැං කියනව ගෙදර ගිහිං ගේන්නං කියල,... එතකොට උඹ ඉස්සෙල්ල සල්ලි නෑ කිව්වෙ බොරුවටද? නැත්තං දැං සල්ලි ගේන්නං කියන්නෙ බොරුද?"

"අන්න හරි මහතුං මාමෙ, දීපංකො එහෙනං උත්තර!" ඒ රුවන් මල්ලි.

කොහොමිං කොහොම හරි එක එකා ලඟ තිබුන සල්ලි ටික එකතු කරල රුවන් මල්ලි ගෙනා බාගෙත් ගැහුව. ඒ වෙද්දි කට්ටියටම හොඳ ගනං. ඊට පස්සෙ ලඟදි බඳින්න ඉන්න රුවන් මල්ලිගෙ වෙඩිම ප්ලෑන් කරන හැටි කතාකලා. ගාමිණියටත් හොඳ ගනං.

"රුවන් මල්ලී..... උඹේ වෙඩිමට හනිමූන් යන්න මගේ ගානෙ කාරෙකක් දෙනව.... උඹ හොඳ එකා බං...." ගාමිණී කියවනව. උගේ කතාවට රුවනට තදවුනා.

"මේ ගාමිණී අයියේ....^%$කතා කියන්නැතුව ඉඳපං.... අක්කගෙ මගුල වෙලාවෙ උඹේ බස්එකේ හෝටලේට ගිහිල්ල උඹ අපේ බෙල්ල කපල ගාන ගත්ත හැටි මතක නැද්ද? උඹට දීපු සල්ලි වලින් අපට බස් දෙකක් ගන්න තිබුනෙ නැද්ද &^$? උඹේ ලඟ සල්ලි තියන කාලෙ උඹ අපිට සලකපු හැටි අමතකයි කියල හිතුවද? කාර්බාර් දෙන්න කතා කලාට දැං උඹේ ලඟ තියෙන්නෙ &$&# විතරයිනෙ බං?"

රුවන් මල්ලිගෙ කතාව දුර යනව වැඩියි වගේ නිසා අපි වැඩේ ශේප් කලා. එක එක කතා අස්සෙ එක සැරයක් මගේ කතාවට ගාමිණිය කිව්වෙ මෙහෙමයි,

"රාජ් මල්ලි උ‍ඹලට නං මොකද.... පඩි වැඩිවුනා.... මහින්ද මහත්තය ආවම තව විසිපන්දාහක් දෙනව කිව්ව.... රුවන් මල්ලිටත් හොඳයි ඉතිං බඳිනකොට ලක්ෂ දෙකක් ලැබෙනවනෙ...."

ගාමිණිය අපිට කලින් යන්න ගියා. හැබැයි කට්ටිය මෑන් ගැන අප්‍රසාදයෙන් තමයි කතා කලේ.

"ඌට ටිකට් එක ඇදිච්ච දවස්වල ඌ අපේ පැත්ත බැලුවෙ නෑ.... දැං ඉරහඳ දෙන්න කතාව!" යන්න නැඟිටල මහතුං මාම කිව්ව.

67 comments:

  1. ඔය පොර ටෝක් තමයි දිරවන්නේ නැත්තේ හැබෑට.. තියෙන කාලේ පැත්ත බලන්නැතුව.. හුහ්.. බස් ගාමිණියට ආයිත් ටිකට් එකක් ඇදෙයිද බං වැරදිලාවත්.. හැක්.

    ReplyDelete
  2. බොන්න සෙට් වුනාම සාමාන්‍යයෙන් යාළු ෆිට් එක වැඩි වෙනව. වෙන වෙලාවට නැති ලව් එකක් එනවා පදම වැඩි වීගෙන එද්දි. ඒ වෙලාවට කියන ඒවා සීරියස් අරන් වාද කරන්න යන එක තේරුමක් ඇති වැඩක් නෙමේ. ඕනවට වඩා පුද්ගලිකව අරගෙන වාද කරන්න ගියොත් සෙට් වීම කෙළවර වෙන්නෙ වලියකින්. එකෙක් බීලා මරු කියවද්දි අනිත් උන් දැනගන්න ඕන උගේ කයිවාරු ඉවසගෙන ඉන්න. මොකද තමා බොන්නේ කා එක්කද කියල දැනගෙන නේ හැමෝම සෙට් වෙන්නේ. තමාට දිරවන්නෙ නැති බව දැන දැන එහෙම උන් එක්ක සෙට් වෙනවා නම් ඒ සෙට් වීම යාළු ෆිට් එකට නෙමේ, බොන්න පෙරේත කමට.

    සමහරු බීපුවම කයිවාරු ගහනවා, සමහරු අත දිග ඇරලා වියදම් කරනවා, සමහරු අඬනවා, සමහරු නටනවා, සමහරු වලි දාගන්නවා, සමහරු සිංදු කියනවා, සමහරු කඩ්ඩෙන් කියෝනවා, සමහරු බඩු වලට කෝල් කරනව, සමහරු පරණ බූට් සීන් අදිනවා, සමහරු වැටිලා නිදා ගන්නවා. එක එකා පදම වැඩි වුනාම හොයන්නෙ එක එක ජාතියේ ආතල්. ඒ ආතල් දිරවන්නේ නැත්නම් හොඳම දේ බිව්වයින් පස්සේ තමා අකමැති ජාතියෙ ආතල් හොයන උන් එක්ක සෙට් නොවී ඉන්න එක.

    //"ඌට ටිකට් එක ඇදිච්ච දවස්වල ඌ අපේ පැත්ත බැලුවෙ නෑ.... දැං ඉරහඳ දෙන්න කතාව!"//

    මේ ගැන නම් දෙන්න තියෙන්නෙ හෙන දාර්ශනික ටෝකක්. ඒක පසුවට කල් දාමු. කෙටියෙන් යමක් කියනව නම් රාජ්, මනුස්සයා කියන සමාජීය සත්වයාගේ ආකල්ප, හැසිරීම්, සිද්ධි වලට ප්‍රතිචාර දක්වන අන්දම පදනම් වෙන්නේ ඔහු/ඇය ඉන්නා තත්වයන් මත. ඒ කිව්වේ එක එක තත්ව යටතේ හැසිරීම/ආකල්ප වෙනස් වෙනවා. ඕක බස් ගාමිණීට විතරක් නෙමේ. අපි හැමෝටම පොදු දෙයක්.

    කවුරු හරි හිතනවා නම් හැම වෙලේම, ජීවිත කාලෙම, හැම මොහොතකම, මොනවා වුනත් එකම විදිහට ඉන්න ඕන කියලා.. එහෙම හිතන මනුස්සයා ළදරුවෙක්.

    "බැන්දයින් පස්සේ වෙනස් වෙලා. මම හිතුවෙ නෑ කවදාවත් එයා වෙනස් වෙයි කියල"

    "ප්‍රමෝෂන් එක ලැබුනයින් පස්සේ ඌ පට්ටෙට වෙනස් බන්. හිතා ගන්න බෑ"

    "ඡන්දෙ ඉල්ලගෙන එද්දි වගේ නෙමේනෙ මුන් ඇමති කම් ගත්තම. අහසට පොළව වගේ වෙනස් නේ"

    "කෙල්ල හම්බුනයින් පස්සේ ඌට යාලුවෝ අමතක වෙලා."

    වගේ කතා අහන්න හම්බෙන්නේ ඒ යථාර්තය තේරුම් ගත්ත නැති අයගෙන්.

    හේතු සහ පැහැදිලි කිරීම් පසුවට කල්දාමු රාජ්.

    කෙටි සටහනක් වුනාට ආසාවෙන් කියෙව්ව මචන් :)

    ReplyDelete
    Replies
    1. බීමේදී නොකලයුතු දෙයක් තමයි බලෙන් ප්ලග් වීම. හොඳ ෆිට් එවුන් සෙට් එකක් එක්ක බීමයි වටින්නෙ. හැබැයි එක එක අයගෙ මට්ටම් එක්ක මේක වෙනස්. හොඳ ෆිට් බුවාලත් මරාගෙන /තියනව සමහර වෙලාවල.

      ඉන්න තත්වය අනුව මිනිහා වෙනස් වෙන බව හැබෑව. හැබැයි මට හිතෙන හැටියට ඉන්න තත්වය මොකක් උනත් වෙනස් වෙන්නෙ නැති මිනිස්සුත් ඉන්නව ඉඳහිට.

      දීර්ඝ පැහැදිලි කිරීමට ස්තුතියි.

      Delete
    2. ජේම්ස් ඔයාගේ බීවට පස්සේ මතුවෙන එක එක කැරැක්ටර් ගැන කොටස ස්නැප් ෂොට් එකක් මගේ හොඳ යාලුවෙක්ට යැවුවා.. බිවුවම එයා භාෂා තුන හතරම එකට කලවම් කරන කතා කරනවා හිනා යනවා අප්පා මතක් වෙද්දී

      Delete
  3. කාගේත් 'ටිකැට්' එක ඇදුන දවසට ඔය වගේ තමයි.. හෙහ්

    ReplyDelete
  4. ඕකට රැවටෙන්න එපා ආයි පාරක් හෙම.

    ReplyDelete
  5. අපේ පැත්තෙත් ඉන්නව ඔය වගේ පොරක්. මහින්ද මහත්තයට කඩේ යන ගමන් කේන්දරයක් බලාන කියාන ජීවත් වුණේ. අපායෙ කැලැන්ඩරේට ගන්න පුළුවන් ජාතියෙ නාකි හුටමක් එක්ක කාලයක් තිස්සෙ පලහිලව්වක් තිබුණා. එක ගෙදර හිටියා. ට්‍රිප් ගියා. හැබැයි බැන්දෙ නම් නෑ. දැන් ලක්ෂ දෙකක් දෙන නිසා මහින්ද මහත්තයා අගමැති වෙච්චි ගමන් මඟුලක් අරගෙන බඳිනවලු. දෑවැද්දට ලොරියකුත් හම්බවෙනවලු. අනේ, ඉතින් මහින්ද මහත්තයා නොහිටින්න ඔය මොකුත් නැහැ නෙවැ.

    ReplyDelete
    Replies
    1. ඉතින් අර ලොරිය 40ශ්‍රී ලුනේ බන්

      Delete
    2. යකෝ 40 ශ්‍රී වුනත් අත් ට්‍රැක්ටරේකට වැඩිය ලොරිය හොඳ නැද්ද?

      Delete
  6. Replies
    1. බොහොම ස්තුතියි මචං.

      Delete
  7. //ඌට ටිකට් එක ඇදිච්ච දවස්වල ඌ අපේ පැත්ත බැලුවෙ නෑ.... දැං ඉරහඳ දෙන්න කතාව//

    මට නම් මේ දවස්වල ඔය වගේ කතා අහනකොට හිනායනව බං. ඒත් ඉතිං අන්තිමට හිතෙනව ‘අනේ දෙයියනේ ... කොහොමට හිටපු මනුස්සයෙක්ද මේ‘ කියල. :)

    ReplyDelete
    Replies
    1. ‘අනේ දෙයියනේ ... කොහොමට හිටපු මනුස්සයෙක්ද මේ‘

      වටේ ඉන්න එවුන් නිදහසේ මැරෙන්න දෙන්නෙ නෑනෙ.

      Delete
    2. එහෙම කොහොමද දැන් එගොල්ල එතුමාත් එක්ක නැගිට්ට, ඊට පස්සෙ තේ බීලා , ටොයිලට් ගිහිල්ලා , කාල ....... කුරුණෑගලට හාබර් එකකුත් දෙනකම් නවත්වන්නේ නෑ.

      Delete
  8. චික් විතරක්. ඔය ලක්ෂ දෙක ගන්න ආයේ පාරක් බඳින්න ක්‍රමයක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. අපි පරක්කුයි සෑහෙන්න.

      Delete
    2. විචාරක සර්, නරකද ඩිවෝස් වෙලා ආපහු බැන්දොත්? ලක්ෂ දෙක හම්බ වේවි නේද සර්?

      Delete
    3. සර්.. ඔව් ඔව් ගල් සීන් ලිගලයිස් කරනවලු මංගල මහත්තය දිනපු ගමන්. අර බැටා බදින්න

      Delete
    4. හුටා තව සෙට් එකක් ගේම ඉල්ලනවා වගේ නේද සර්.... අඩෝ මේ කොලු කතා කියන්න ඔට්ටු නැ

      Delete
    5. විචා සර් ඔය ඕනැ එකකට ඔට්ටුයි බං. මොකද අවුරුදු ගාණක් ආමි එකේ පොල් ගෑවායැ? නැත්නම් උඹ කියහං බලන්න ආමි එකේ බඩියො දෙන්නෙ මක්කටෙයි?

      Delete
  9. //"ඌට ටිකට් එක ඇදිච්ච දවස්වල ඌ අපේ පැත්ත බැලුවෙ නෑ.... දැං ඉරහඳ දෙන්න කතාව!"//
    සමාන වචන:

    අවමවැටුප 25,000/- කරනවා.
    රාජ්‍ය සේවකයා දෙපයින් හිටවනවා.
    නීතියේ ආධිපත්‍යය ඇති කරනවා...

    ReplyDelete
    Replies
    1. ටිකට් එක ඇදිච්ච කාලෙත් ඔහොම උනානං අදත් රජා.

      Delete
  10. // ගල් වෙනුවට බිව්වෙ විස්කි. //

    චැහ්.. පවට පිං දෙන්න බෑ කියනව නෙවැ .. ඕ යේස්

    ReplyDelete
    Replies
    1. විස්කි බොන ගල් බලකායෙ ලොක්ක!

      Delete
  11. ටිකට් එකක් උනත් ඇදෙන්නෙ එකපාරයි, වැඩිම උනොත් දෙපාරයි. පව් බස් ගාමිණී.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. හැමදාම නත්තල් නෑ කියනවනෙ.

      Delete
  12. මොනවා උනත් ඇත්ත කියන්න එපෑ... මම හිතං හිටියේ ජෙප්පෝ උඩ දාගෙන නලියනවා උනාට මේ පාර සීට් තුනකින් එහාට යන්න බැරි වෙයි කියලා.. ගියත් ඒක පහකට එහානං වෙන්නේ නැහැ කොහොමවත්ම කියලා.. ඒත් දැන් දවස්තුනක ඉදන් මේ අද උදේ දැනට විනාඩි දහයක් වෙනකල්ම කතා බහ කල අය හරහාත් වෙනමම එකතු කල තොරතුරු හරහාත් මට දැනෙන විදියට ඒ තත්වය පොඩ්ඩක් වෙනස් වෙන හැඩයි...

    කතා කරපු අය අතුරින් මෙයට පෙර ජවිපෙට නුදුන් ඒත් මේ පාර පවුල් පිටින් මේ පාර ජේවීපියට ගහන පිරිසක් ඉන්නවා..

    හැබැයි ඒ අය කොළඹ/කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්ක වල අය...

    ගම්පහ/කුරුණෑගල/පුත්තලම/ සහ රත්නපුර දිස්ත්‍රික්කවල අයගේ එහෙම වෙනසක් නැහැ...

    කළුතර ගැන අවංකවම නොදනී.. අනිකුත් දිස්ත්‍රීක්කයන් පිළිබදව තවමත් සොයා බලමින් ආරංචි ලබා ගනිමින් සිටිමි.

    හැබැයි පැහැදිලිවම මේ ජවිපෙට ගහන්න හිතාගෙන ඉන්න අය පසුගිය ඡන්දයේදී හංසයාට ගහපු අය.. ඒ අය අතර බේතකටවත් සංධානයේ අය නැහැ..

    හංසයාට කතිරේ ගහපු ගම්පහ දිස්ත්‍රීක්කයේ අයගෙන් බහුතරයක් සංධානයටත් තුනෙන් එකක් පමණ කොටසක් ඡන්ද පොලට යාමෙන් වැලකී සිටින්නත් කටයුතු කරන බව තේරුණා. ඒ අනුව ගම්පහින් සංධානයට ජනාධිපතිවරණයට වඩා ලොකු පිම්මක් ඉස්සරහට පනින්න පුළුවන්කම තියෙනවා...

    කොළඹ සහ මහනුවර දිස්ත්‍රීක්ක දෙකේ හංසයාට ගහපු අයඅතරින් සෑහෙන තරමේ පිරිසක් මේ පාර ජවිපෙට දෙන්නත්.. සමහරු ඡන්දය වර්ජනය කරන්නත් බලං ඉන්නවා... කෑගල්ලෙත් ජවිපේ සුළු පිබිදීමක් තියෙනවා... රත්නපුරේ හංසයාට ගහපු අයගෙන් වැඩි දෙනා මේ පාර අලියට ගහන්නත් කොටසක් නිකං ඉන්නත් බලං ඉන්නවා.. එහෙ ජෙප්පන්ට දෙන්න බලං නැහැ...

    ඒත් මෙතනදී මට වැදගත්ම වෙන්නේ මහනුවර සහ කොළඹ දිස්ත්‍රීක්ක දෙක..

    මොකද මහනුවර කෙලින්ම අලියා දිනනවා කියලා මම ගණන් බලං ඉන්න දිස්ත්‍රීක්කයක්.. ඒත් මේ තත්වය යටතේ සංධානයට කලින්ට වඩා අවස්ථාවක් තියෙනවා බහුතර ඡන්දයෙන් නැති උනත් සරලව එජාපේ පරදවන්න.. මොකද හංසයගෙන් කැඩුන ඡන්ද යන්නේ ජවිපෙට හින්දා... ඒත් ජවිපෙට මහනුවරින් සීට් එකක් ගන්න පුළුවන් වෙයිද කියන්න අමාරුයි.. කොහොම උනත් ආසන්න අගයකට එන්න පුළුවන්කමක් තියෙනවා... මේක දකින ජෙප්පෝ ඉන්නවනං මහනුවරට ඉන්න හොදම කාඩර්ලා ටිකක් යවන්න.. හංසයෝ බලං ඉන්නවා ඔහෙලා එනකල්... ගිහින් උන්ට ඔහෙලගේ වැදි බණ ටිකක් කියලා පහදවා ගන්න බලනවා... සීට් එකක් ගන්න බැරි වෙන එකක් නැහැ එහෙම බරක් දැම්මොත්... (තමුසෙලට ඇති ආදරේකට කිව්වා නෙවෙයි ඕයි.. තමුසෙලා එහෙම කඩලා දුන්නොත් ඒකේ වාසිය අපි ගන්න හින්දා.. නැත්තං කියයි අපි මේං කියලා.. හුහ්..

    ඊ ළඟට කොළඹ... යූඇන්පීයයි සංධානයයි කරට කරට ගේමක් යන වැදගත්ම ස්ථානය මේක.. (බදුල්ල ඇරුනම) හැබැයි සෑහෙන බුරුත්තක් කලකිරුන හංසයෝ මෙදා පාර ඉන්නවා ජවිපෙට... විශේෂයෙන්ම කොළඹ බලං ඉද්දි වට්ටපු වැට්ටිල්ල දරාගන්න බැරි කොටස... ඒත් සංධානයට දෙන්නත් කැමති නැති අය.. බහුතරේ මේ පාර ජෙප්පන්ට කෙලිනවා... ඒ අනුව කොළඹ සෑහෙන හොඳ තැනක් වෙයි ජෙප්පන්ට.. ඒ වගේම හබන් කුකුළු න්‍යායට අනුව ඒ සීන් එකෙන් වෙන්නේ මොකක්ද කියලා මං නොකිව්වත් තමුන්නාන්සේලා දන්නවා නෙව...

    දළ වශයෙන් මගේ කල්පනාවේ හැටියට කොළඹ වැටෙන ඡන්ද වලින් 48%කට ආසන්න අගයක් සංධානයට තියෙනවා... (හංසයට ගහපු අයගෙන් කලකිරුන සහ මහින්දට ටොකු අනින්න ගිහින් කෙල උනා කියලා තේරුං ගත්ත කොටසකුත් එක්ක මේක දෙයියනේ කියලා සීයට පනා ඉක්මවලා යෑමේ හැකියාවකුත් තියෙනවා.. අපි ඒ ගැන අමතක කරමු )
    අනිත් පැත්තෙන් යූඇන්පීයටත් 48% ක් වගේ තියෙනවා... දෙපැත්තම ගත්තම කරට කර... ඔය දෙකට යන ගාන ඇරියම ඉතිරි වෙන 4%ක පමණ ප්‍රමාණයෙන් 3%ක වගේ ප්‍රමාණයක් ජවිපෙට තියෙනවා.. අනිත්1% සුළු ජාතික පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතරේ බෙදිලා යනවා..(කලවැදි විදානෙටත් එක්කලම) ඒත් මේ ඇති වෙමින් තියෙන තත්වය මත ජවිපෙට හැකියාව තියෙනවා තමන්ගේ 3% වර්ධනය කරගන්න.. ඒක 5%ක් හෝ එයට වඩා වැඩි කරගන්න එයාලා සමත් උනොත් (මං හිතන්නේ පුළුවන් මේ තත්වය උඩ) දෙයියනේ කියලා කොළඹ දිස්ත්‍රීක්කයත් හබන් කුකුළන් වෙන අපිට ලැබෙනවා දෙකක් නැතිවම... මගේ ප්‍රාර්ථනාව මේ යන විදියටම ගිහිල්ලා ඒ ගාන දෙයියනේ කියලා 15% ඉක්මවලා... කොළඹින් ජවිපෙට සීට් තුනක්ම ලැබේවා කියන එකයි... එහෙම උනොත් දෙයියන්ගේම පිහිටයි...

    ඔන්න ඔහොමයි දැනට තත්තේ... වෙනස් අදහස් තියෙන්ට පුළුවන්.. හැබැයි ඒවට හේතු කාරණාත් තම තමන් හොයා ගන්න ඕන... අපිට කිව්වේ නැතුවට කමක් නැහැ.. තමන්ට විශ්වාස කරන්න ඇහැකි වෙන්නයි ඕන...

    ReplyDelete
    Replies
    1. මේ සමීක්ෂනය මාරයගෙද? මට නම් පේන්නෙ ඒ වගේ මොකද වත්පොතේ කඩේ යනවා ආයි මදි නොකියන්න. කොහොම වුනත් රජ පිස්සුව නම් එපා මොකද අපි පුර වැසියෝ මිසක් යටත් වැසියෝ නෙමෙයි.

      Delete
    2. UNP/UNF 102

      UPFA 82

      JVP 14

      Others 27

      Delete
    3. ඇත්ත කියපන්!!! උබ රත්නපුරේ නේද ? ගැහුවා නේද මහීපලයාගේ ජීප් එකේ තුබුන ගංජා ? පේර කොලයක් කාල ටිකක නිදාගෙන පස්සේ ඇවිත් හොද සිහියෙන් ලියපන් ගංජා ගහල විකාර ලියල රටේ මිනිස්සු හිනස්සවන්නේ නැතුව.

      Delete
    4. පක්ෂග්‍රාහී බවක් තිබුනත් මේ මුල් ඇනෝ කමෙන්ටුවෙ සාධනීය පැත්තකුත් තියනව. මේ ගැන වෙනම ලියන්න හිතං ඉන්නව.

      Delete
    5. UPFA 102
      Galle Mathara Hambantota Rathnapura Anuradhapura Polonnaruwa Kurunegala Monaragala Kaluthara Gampaha

      UNP 94 Colombo Kandy Badulla Ampara Trinco

      TNA 16 (Jaffna Vanni Baticallor )

      JVP 7 (colombo 2, Gampaha (1), (Galle, Kaluthara, Hambanthota, Kurunegala, Anuradapura ) (2) National list 2

      Other 6 ( MC 2/3 , Jaffna Ind 2/3, SF 1)


      (Mathale, Nuwara eliya, Kegalle, Puththalam) [UNP or UPFA]

      Delete
    6. /පක්ෂග්‍රාහී බවක් තිබුනත් මේ මුල් ඇනෝ කමෙන්ටුවෙ සාධනීය පැත්තකුත් තියනව./

      මේ ඇනෝ නෙවෙයි බං. අර 1600 ට හෙළුවෙන් කඩේ යන චතුෂ තුෂර කුමාර.

      Delete
    7. ඕක ජනාධිපතිවරණෙන් ඉස්සෙල්ලත් ගණන් හැදුවනේ සමීක්ෂණයක් කරලා

      Delete
    8. මට හමුවෙලා තියනවා මේ පාර ජේවීපී එකට දෙන සංධානෙ අයත්.
      කොහොමටත් මේ පාර අංක එකට එන්නෙ යූඇන්පිය.
      ලාල්කාන්තගෙ ඇනලයිස් එක තමා හරියටම හරි

      Delete
  13. බස් ගාමිණීට දෙකක් දීලා අතෑරියේ නැත්තේ මොකද? කරපු කෙලි ටික මදිවට තව එනවනේ කියවන්න. දෙන්න ඕනේ බිම ඉන්දවලා මදි නොකියන්නම

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳට බොන්න දීලා ගහන්න තිබ්බේ . ආයේ ප්ලග් වෙන්න එන්නේ නැති වෙන්න.

      Delete
    2. ලේසි නෑ බුවා වමතිනුත් ගහනව.

      Delete
  14. මටත් කියන්න තියෙන්නේ පබ් බං බස් ගාමිණි....

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දාද්දි මාතේ දෙකක් දාල වගේ ඉඳල තියෙන්නේ.
      පව් කියන එක පබ් කියල ලියවිලා තියෙන්නේ... ;)

      Delete
  15. ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක වලින්වත් බස් ගාමිණිට ආපහු ස්වීප් එකක් දිනන්න චාන්ස් එක නැතිද?

    ReplyDelete
    Replies
    1. හැමදාම ටිකට් ඇදෙන්නෙ නෑනෙ.

      Delete
  16. ///කාර්බාර් දෙන්න කතා කලාට දැං උඹේ ලඟ තියෙන්නෙ &$&# විතරයිනෙ බං?"/// හි හි

    ReplyDelete
  17. අර කාටදෝ ගහන්න හදන එක්කෙනා බස් ගාමිණිද ? පත්තරෙත් තිබ්බා.

    ReplyDelete
  18. හෙහ් හෙහ්...
    බස් ගාමිනීල ඔය කොයි කොයි පැති වලත් අඩු නැතිව ඉන්නව...නැද්ද
    අපි දැනගන්න ඕන මිනිහ නොමිනිහ විදියට දැන ගෙන ආශ්‍රය කොරන්න..
    නැත්තං කපලම දාන්න

    ReplyDelete
  19. බස් ගාමිනී ගන්න ඇත්තෙ ලංගම බස් එකක් වෙන්නැති.

    ReplyDelete
  20. එත් මටනම් හිතෙන්නෙම ඔය දකුණු පළාතේ ටිකට් 3 නම් කී පාරක් ගත්තත් ඇදෙනවා කියලයි.සිරාවට මේ පාර දිනන්න අමාරුද?

    ReplyDelete
    Replies
    1. දකුණෙම කෙසේ වෙතත් හම්බන්තොට නං ඇදෙයි. මාතර ගාල්ල ෂුවර් නෑ

      Delete
  21. ගාමිණිය නට්ටන් උනාට පස්සෙ ඕකා බස් එකේ ෆුට්බෝඩ් එකේ නැගල ජනේලෙ එල්ලිලා කොන්දොස්තර වැඩේටත් සෙට් උනා නේද??

    ReplyDelete
    Replies
    1. ක්ලීනර්ට උනත් එයි මිනිහ

      Delete
  22. මට හිතෙනවා මිනිහා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා අපිට හොඳ විනෝදයක් සපයා ගෙන ඉතිරි කාලේ ඉඳීවි කියලා.

    ReplyDelete
  23. උඹට කියන්න රාජ්:

    මම දෙකක් ඇනගෙන ඕං පාරෙ යනවා.
    හැන්දෑවෙ හයහමාරට විතර ඇති.
    මෙන්න යකෝ අඩිය උස්සලා අනිත් අඩිය තියන්න යනකොට දැක්ක මගෙ අත සයිස් නයෙක් පාර හරහ ඇදෙනවා.
    මම පැන්න පස්සට.
    වටපිට බලලා ඇදලා ගත්තා පොල්ලක් කණ්ඩිය උඩ තිබිච්ච.
    කෙලලා ඇරියා අරූගෙ උලුකට්ට කුඩුවෙන්ඩම
    ටිකක් අමුතුයි වගේ.
    බැලින්නං මම බය වෙලා තියෙන්නේ මේ පාරෙ වැටිලා තිබ්බ පොලු කෑල්ලකට.
    හෙහ් හෙහ්
    අවුලක් නෑ නේ?

    ඒ වුනාට *&%^ මම ඌට ගහන්න පොලු කෑල්ලක් කියලා ඇදලා අරං තියෙන්නේ පත නයෙක්!

    මට වෙච්ච දෙයක් නෙවෙයි.
    නමුත් උඹ හපන නම් කියහං බලන්න මට ඇයි මේ කතාව මතක් වුනේ කියලා මෙතන ලියන්ඩ.

    ReplyDelete
    Replies
    1. නිර්මානාත්මක බවින් උපරිමයි. නමුත්.................
      උඹට මෙතනදි ඒක මතක්වීම.......

      Delete
    2. ඕක තමයි ඩුඩ් බීගෙන මෙලෝ සිහියක් නැතුව පාරේ යන අයට වෙන්නේ. අසිහියෙන් ඉන්න අයට නයි පොල්ලයි අදුරගන්න බැරිව නිකම් බය වෙලා දගලනවා. තවම හොදටම වෙරි හිඳිලා නෑ ඔයාට ඩුඩ් අය්යේ. හැබැයි තව වෙරි හිඳෙන කොට පෙනේවිද දන්නේ නැහැ පත නයාගෙන් ගහල තියෙන්නේ පොල්ලකට නෙවෙයි මහා දරුණු පොළගේකුට කියලත් ඒ නිසා බේරුනා කියලත්. හැබැයි හොද සිහියෙන් අපි පාරේ යන නිසා අපිට නම් නයයි පොල්ල්යි මාරු වෙන්නේ නැහැ. නයයි පොල්ලයි විතරක් නෙවෙයි, සිහිකලපන්වෙන් ඉන්න අපිට ඇතින් එන දොරේ හඬයි බෙරේ හඬයි වෙන්කරලා හදුනා ගන්නත හොදට පුළුවන්.

      Delete
  24. මම මුලින් හිතුවේ මේක දේශපාලන පෝස්ට් එකක් කියලා
    ඒ හන්දා ආවෙ නෑ පලාතේ
    පස්සෙ හිතුනා මේක නෝර්මල් පෝස්ට් එකක් කියලා
    අරූගෙ නම තියෙන නිසා
    ඇවිල්ල කියවලා අන්තිම ටික කියවනකොට දැන ගත්තේ
    මේක දේශපාලන පෝස්ට් එකක් තමයි කියලා
    හොහ් හොහ් හොහ්

    ReplyDelete
    Replies
    1. දේශපාලනය එච්චර ඇලජික් කරගන්න එපා බං.

      Delete
    2. ඇලජික් කමකට වඩා මටනම් තියෙන්නේ බ්ලොග් වලත් දේශපාලනය කතා කරන්න ගියොත් දේශපාලනය ඇරෙන්න වෙන කතා කරන්න දෙයක් නැතිම වෙලා යනවා.... හෙහ් හෙහ්...

      Delete
  25. ටිකට් එක ඇදිච්චි කාලේ කරපු වැරදි පිළිගත්තනේ.... ආයේ ඒවා කරන එකක් නෑ...

    ReplyDelete