Thursday, July 30, 2015

කෘමි මර්ධනය, හෙයාස්ටයිල් සහ ජුන්ඩ ලොකුකිරීම.....

අපේ කාර්යාල වලට නිතරම එනව එක එක අයිටම් විකුණන මිනිස්සු. දුරකතන පැකේජ, එක එක ජාති වල සඟරා, එක එක ජාති වල ගැජමැටික්, තෑගි භාණ්ඩ, මාල-වලලු-මුදු-කරාබු වගේ අයිටම්, ටෝච් එකේ ඉඳල ෆ්‍රිජ් එක දක්වා විදුලි උපකරණ.... ඔයවගේ අටෝරාසියක් දේවල්. පිලිගත් සමාගම් වල ප්‍රදර්ශන වගේම 'හඳුන්වාදීමේ' ඒජන්තයොත් මේ අතරෙ ඉන්නව. ඔය සමාගම් වල අය නං අවුලක් නෑ. අපි යම් තරමකට දන්න කියන අය තමයි එන්නෙ. නමුත් නව නිෂ්පාදන කාරයො නං හරි අයියල අක්කල බව කියන්න ඕන.

මේ ලඟදි දවසක හවස දෙකට විතර ආව බුවෙක්. ගෙවල් වල ඉන්න කෘමීන් මර්ධනය ගැන දේශනයක් දෙන්න එනව කියලයි කලින් ආරංචි උනේ. ඔන්න මෑන් ඇවිල්ල කූඹි, මකුළුවන්, හූනන්, කැරපොත්තන්ගෙන් වෙන කරදර ගැන කිව්ව. ඊට පස්සෙ බෑග් එක ඇරල ගත්ත අර කූඹි එනවට අඳින චෝක් එකක්.

"දැං ඔබතුමන්ලා බලන්න මේ තියෙන්නෙ චෝක් එකක්.... අපි ගෙවල් වල කූඹි එනවට මේ වගේ චෝක් පාවිච්චි කරනව.... සාමාන්‍යයෙන් අපි කරන්නෙ කූඹි එන තැන් බලල දිග ඉරක් අඳින එක..... නැත්තං රවුමට ඉරක් ඇඳල මැද්දෙන් කෑම ජාති තියන එක..... ඒක ඉතිං ටික දවසක් යද්දි මැකිල යනව..... ඊට පස්සෙ ආයෙත් අඳින්න ඕන.....නමුත් මේක එහෙම නෙවේ.... මේක දහයයි දහයෙ කාමරයක මෙන්න මෙහෙම ඉරි දෙකක් ඇන්ද නං ඇති. මේ වගේ දවස් දෙක තුනක් ඉරි කෑලි දෙක අඳින්න ඕන.... මේකෙ මෙන්න මේ රවුම් පැත්තෙ ඉඳල පටන් ගන්න තියෙන්නෙ.... සැර අඩු සහ සැර වැඩි කොටස් දෙකක් තියනව.... ඒ නිසා සතුන්ට මේකට හුරු වෙන්න බෑ.... මේක ඇන්දට පස්සෙ අවුරුදු දෙකක් තියනව.... කූඹින්ට, කැරපොත්තන්ට, හූනන්ට, සහ මකුළුවන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්...."

ඔන්න ඔහොම ලෙක්චර් එකක් දීල කට්ටිය අතට බාන්ඩෙ දුන්න. මිල ඇහුවම තමයි තරු පෙනුනෙ....

"මහත්තයා මේක ඉන්දියාවෙන් ගේන්නෙ.... ලංකාවෙ සුපර් මාකට් වලින් ගන්න පුළුවන් මාස දෙක තුනකින්.... රුපියල් පන්සියක් වෙනව.... හැබැයි හඳුන්වාදීමේ මිල විදියට අපි අද ගන්නෙ රුපියල් තුන්සිය හැටයි!"

ඔන්න දහ දොලොස් දෙනෙක් ගත්ත. දවස් කිහිපයකට පස්සෙ මම ඇහුව කස්ටියගෙන් ගුන අගුන.

"වැඩක් නෑ මල්ලි,... අර තිස්පහට ගන්න චෝක් එක ඊට හොඳයි...."

*******************************************************************

ඔන්න ආයෙත් දවසක ආව නෝන කෙනෙක්. නෝනලාට හෙයාස්ටයිල් දාන්න. එක නෝන කෙනෙකුට හෙයාස්ටයිල් එක දාල මොකද‍ෝ කටුවක් ගහල තමයි වැඩේ ෆිනිෂ් කලේ. එයා කරන්නෙ ඒ කටුව විකුණන එක තමයි :-)
කටුවක් තුන්සීය ගානක් වෙනවලු!

*******************************************************************

මම කොළඹ ඔපීසියෙ ඉන්න කාලෙ ආව බුවෙක් මදුරුවන් එලවන ගැජමැටික් එකක් අරගෙන. මිනිහගෙයි සතුන්ගෙයි සංඛ්‍යාත පරාස ගැන "අපි නොදන්න" දේශනයක් එහෙම කරල අපට ඇහෙන්නෙ නැති මදුරුවන්ට ඇහෙන ශබ්දයකින් මදුරුවන් පලවාහරින ගැජමැටික් එකක් විකුණගත්ත. දවස් කිහිපයකට පස්සෙ කස්ටිය කෑම කන වෙලාවෙ ගැජමැටික් එක ගත්ත නෝන කෙනෙකුගෙන් මම ඇහුව ගුණ අගුණ.

"මම ගිහිල්ල කරන්ට් එකට ගහල තිව්ව..... ඇත්තටම මදුරුවො එන්නෙ නෑ බං"

පස්සෙ කට්ටිය නැති තැනක මම ආයෙත් ප්‍රශ්නෙ ඇහුව.

"කට්ටිය හිටිය නිසා කිව්වෙ නැත්තෙ.... ඒකෙන් වැඩක් නෑ බං.... මදුරුවන්ට මොකුත් වෙන්නෙ නෑ.... මහත්තයත් බැන්න හොරුන්ට අහුවෙනව කියල!"

******************************************************************

රැවටෙනබල් මිනිස්සු වැඩිපුර ඉන්න තාක් මේ වගේ හොර වැඩ නවත්තන්න බෑ ඉතිං. රැවටීම එන්නෙත් එක එන විදියට.

✌ මේ මිනිස්සු අල්ලන්නෙ මිනිස්සුන්ගෙ දුර්වලම තැනකින්. උදාහරණයක් විදියට කූඹි, කැරපොත්තො, හූනො කියන්නෙ අන්තිම වධකාර සත්තු ජාති ටිකක්. උන් නැති කරගන්න 'ඕන දෙයක්' කරන්න ලැහැස්ති පිරිසක් ඉන්නව. තට්ටව පෑදිච්ච එකා කැමතියි මොන විදියෙන් හරි කොන්‍ඩය වවාගන්න. සුදුකබර හැදෙනව කියන්නෙත් මානසිකව සෑහෙන්න වැටෙන කෙසේ එකක්. සුදුකබර නිට්ටාවට හොඳ කරනව කියන ගොඩ වෙද්දු පොහොසත් වෙන්නෙ ඒකයි. නෝටි ඇමරිකා බලල තමුන්ගෙ ජුන්ඩ පොඩියි කියල හිතන කොලු ගැටව් ජුන්ඩ ලොකු කරගන්න බෙහෙත් තියනව කිව්වම රවටන්න ලෙහෙසියි.

✌ විවිධ ක්‍රම වලින් එන්නෙ. 'දඬුවම් මුදලාලි' නැත්තං 'සක්විති' කියන්නෙ ලංකාවම රවටපු මිනිස්සු දෙන්නෙක්. ඒ දෙන්නට අහුවෙලා රැවටුනාට පස්සෙ ඒ ව්‍යාපාරයම 'පැනෝරා' කියන නමින් ආවෙ වෙනත් මුහුණුවරකින්. ඇඩ් එකක් ක්ලික් කරන්න කියල ලස්සනට මිනිස්සු අන්දන්න එයාල සමත්වුනා.

✌ ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් ප්‍රයෝජන ගැනීම. ආයතනයකට ඇවිල්ල එකෙකුට කියනව "අහවල් එකෙන් දහයක් ගත්තොත් ඔයාට එකක් නොමිලේ දෙනව" කියල. ඇතුලෙ ඉන්න එකාගෙ ඔලුව වැඩ කරන්නෙ නිකං ලැබෙන දේ ගන්නෙ කොහොමද කියල. එයාල අතිනුත් දාල යාළුවන්ව අන්දනව.

✌ ප්‍රසිද්ධ නාම පාවිච්චි කරනව. අහවලත් මේක පාවිච්චි කරනයව. බොරු නං අහල බලන්න. කවුරුවත් අහන්න යනවයැ!

*****************************************************************

මේ ජාතියෙ බුවාලගෙන් බේරෙන්න පොඩ්ඩක් මොලය වෙහෙසුවම ඇති.

❂ සුළු ලාභය ගැන නොතකා ඇත්තටම මේහෙම සීන් එකක් වෙන්න පුළුවන්ද කියල හිතල බැලීම.

❂ 'අනෙකාට කෙලවුනත් මම ගොඩ ගිහිල්ලනෙ' කියන චින්තනයෙන් මිදීම.

❂ පිලිගත් ආයතන වලින් පමණක් මිලදී ගැනීම් සිදුකිරීම.

❂ අලුත්ම දේවල් එකවරම ගන්නෙ නැතිව පොඩ්ඩක් කල් බැලීම.

❂ යමකට රැවටුනොත් ලැජ්ජාව පැත්තකින් තියල අනිත් එවුන් දැනුවත් කිරීම. මේ තියෙන්නෙ ඒවගේ තැනක් ගැන දැනුවත් කිරීමක්.

56 comments:

  1. රැවටීම කියන්නේ වැඩි දෙනෙක් 'ආසාවෙන්' කරන විනෝදාංශයක් කියලයි මට හිතෙන්නේ. නැත්තම් අර අප්පච්චි.. එක්කෝ ඕනේ නැහැ..!

    ReplyDelete
    Replies
    1. //නැත්තම් අර අප්පච්චි.. එක්කෝ ඕනේ නැහැ..!//

      හෙහ් හෙහ් හෙහ් .. මේ දවස්වල ඕක නිකන් බලුමැක්කගෙ රචනාව වගේ. මමත් ලිපියෙ මාත්තුරුකාව දකිද්දිම හිතුවෙ අදත් රාජ් දෙඤ්ඤං බැටේ ලිපියක් ලියලය කියල.

      Delete
    2. මෙතන රාජ් අයිය කරපු රැවටීම කොහොමද?










      කෝ ජුන්ඩ ලොකු කිරීම ගැන නෑ නොව

      Delete
    3. පොලිටික්කො ගැන කතා කරන්න අකමැති අයට මේක ලිව්වෙ.
      ජුන්ඩා ලොකු කරන්න බේතක් ඕනද?

      Delete
    4. අහල ඉන්නකෝ

      http://www.cosmopolitan.com/sex-love/news/a40394/does-size-matter-video/

      Delete
    5. මාතෘකාව දැක්කම කියවන්නේ නැතුව ඉන්නත් හදලා. ඔන්න්නොහේ කියෙවුවා අනේ. ඔයත් හෙන මාකටින් කාරයා තමයි

      Delete
  2. හොඳ වෙලාවට අපේ ඔපීසියට ඔය වගේ කට්ටියට එන්න බෑ... නැත්තම් ඉතින් මේ වගේම සිද්දි ටිකක් බලා ගන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. ඔය වගේ උන්ට එන්න දෙන එක තමයි වරද. මේ දවස්වල වේගයෙන් ජනප්‍රිය වෙන පිරමීඩ සෙල්ලම ගැනත් හරියට දන්න කෙනෙක් කොමෙන්ටුවකින් හරි දානවනම් හොඳයි.

      Delete
    2. පිරමිඩ් සෙල්ලම දැං කොයි කාලෙක හිටං කෙරෙනවද. ඉස්සෙල්ල ගෝල්ඩ් ක්වෙස්ට් කියල මොනවද රත්තරං කෑලි ටිකක් විකුණන එකක් ආව. ඊට පස්සෙ ඇඩ් ක්ලික් කරන එකක් ආව. මම දන්න කීප දෙනෙක්ම ඔය දෙකටම අහුවෙලා තියෙනව. මාව අල්ලගන්න ආපුවම උංට ඔය ගැන කොච්චර තේරුං කරල දෙන්න අහැදුවත් වැඩක් නෑ.

      Delete
    3. කොයි තරම් තේරුම් කරත් මගේ යාලුවෙකුත් ඇහුවෙ නෑ..ඒ මදිවට මටත් ටෝක් කරනවා මොනවදෝ අරන් ඒකෙ ෂෙයා හෝල්ඩර් කෙනෙක් වෙන්නලු .ඌ කියන්නෙ ඒක නෙට්වර්ක් මාකටිං ලු.. :D

      දැන් තේරිලා ඉන්වෙස්ට් කරපුවා ගන්න බැරුව විරෝපට්ටං ගහගෙන ඉන්නවා.. ඒ මදිවට බැළුංගල ද මොකද්ද හත්තිලව්වට කියන්නත් ඕනැලු . සංසාරේ !!!

      Delete
    4. රජයේ කාර්යාල වල බඩු විකිණීම නීතියෙන් තහනම්. ඒත් ඉතිං එනව.
      නෙට්වර්ක් කියන්නෙත් පිරමිඩ්ම තමයි.

      Delete
    5. බෙස්ට්ලයිෆ් කියල සීන් එකකුත් ගම්පහ පැත්තෙ නැගලම යනව නේද?

      Delete
  3. ඔහොම ආපු එකෙක්ගෙන් කොම්පැනි අයිඩින්ටිය ඉල්ලුවා මම දවසක්. ඒකේ මොකක්ද එඩ්‍රස් එකක් තියෙනවා අගට U.K. අකුරුදෙකත් එක්ක. ඒ කොහේද ඇහුවම ඌ කියනවා උස්වැටකෙයියාවලු...:D

    ReplyDelete
    Replies
    1. අපේ නෝන කෙනෙකුටත් ඔයවගේම සීන් එකක් වෙලා තිබුන. ටේබල් ලෑම්ප් වගයක් අරගෙන ආපු බුවෙකුගෙන් අායතනාය නම්බර් එක ඉල්ලුවම ඌ ගිහිල්ල.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. හෑ.....???? මොකද්ද බං මේ කොමෙන්‍ටුව....?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රැවටීම් රැවටීම , අපේ මෝඩ හැත්තෑ රවටන්න ලේසියි . කපටි එවුන් අපේ එවුන්ව හැමදාම රවටනවා. අපි හැමදාම රැවටෙනවා. ඒ උනාට කතා කරන්න ගියාම මුන්ට වැඩ එවුන් නැ . මුන් නොදන්න දෙයකුත් නෑ

      Delete
    3. හැත්තෑ මොකද ඩො හැත්තෑ

      Delete
    4. මෙන්න බයි අප්පච්චිගෙ පුතෙක් ඇවිල්ලා.

      Delete
  6. රාජ් මචං................... අම්මපා මුන්ගෙන් බේරෙන්න ම බෑනේ..... අපි නං හැංගෙනවා......

    ReplyDelete
    Replies
    1. මම නං විස්තර අහල ෂුවර් නැත්තං බෑ කියනව.

      Delete
  7. අප්පා රටේ නැති උන් එනව සෙනසුරාදයි ඉරිදටයි.. එපා කිව්වට යන්නෙත් නැ.. උන්ගෙ ඇඩ්රස් එකට ඇවිත් ගන්නම් කිව්වම කියනවා එතකොට ඔෆර් එක නැහැලු .

    ReplyDelete
    Replies
    1. ඔෆර් ඕන නෑ ඇවිල්ල ගන්නං කියනව.

      Delete
  8. ඔයවගේ භාණ්ඩ විකුණන කෙනෙක් මේ ලගදි අපේ කන්තෝරුවටත් ආවා. කැරපොත්තන්, හුනන් එහෙම එන එක වලක්වන භාණ්ඩයක් තමයි විකුණුවේ. කන්තෝරුවේ දහ දොළොස් දෙනෙක් මේක ගත්තා.

    පස්සේ අපේ කන්තෝරුවේ වැඩ කරන කාර්යාල සහයකයා කොහේදෝ යද්දී දැකලා මේ භාණ්ඩයම, අර වෙළෙන්දා අපේ කාර්යාලයට ඇවිත් විකුනපු මිලට වඩා දෙතුන් ගුණයක් අඩුවට තියෙනවා.

    කොහොම හරි ඔය වෙළෙන්දා මුල් වතාවේ ආවම පස්සේ එයාගේ ටෙලිෆෝන් නම්බර් එක කන්තෝරුවේ කෙනෙක් ඉල්ලගෙන තිබුනා. ඊට පස්සේ අපි ආයේ අර වෙළෙන්දාට කතා කරලා කිව්වා, එදා විකුනපු භාණ්ඩය හොදයි, තවත් විසිදෙනෙක් විතර මේක ගන්න කැමැත්තෙන් ඉන්නේ. ආයේ දවසක කන්තෝරුවට එන්න කියලා.

    කොහොමහරි ඒ වෙළෙන්දා ආවම පස්සේ ඒ මනුස්සයා වැඩි මිලට භාණ්ඩ විකුනපු එක ගැන සදහන් කරලා, ඔහු වංචාවෙන් ලබාගත් මුදල් නැවත ලබාගන්න කන්තෝරුවේ අය කටයුතු කළා.

    ReplyDelete
  9. ගොඩක් වෙලාවට ඔය ගෙවල් වලට ඇවිත් විකුණන බඩු පේමන්ටේ එකේ ඊට වඩා ලාබෙට තියෙනවා
    අපේ ගෙදර අරන් තිබ්බා 750ක් දීලා LED රීචාජබල් ටෝච් එකක්. ඒක පේමන්ට් එකේ 250ක් විතර වෙන්නේ මාසෙන් දෙකෙන් කැඩෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්. පේමන්ට් එකේ එවුන් තරම් වත් මේ යක්කු ෂුවර් නෑ.

      Delete
    2. අමතක උනා. සංතෝසයි උඹ දැක්කට. මං හිතුවෙ කියවිල්ලත් නවත්තල කියල.

      Delete
  10. උං වැඩිපුරම ටාගට් කරන්නෙ රාජ්‍ය ආයතන
    මොකද දන්නවද. ඕන බඩකඩිත්තුවක් උස්සං ඇතුලට යන්න ඇති හරි පහසුව.
    ලෝ බජට් එක්කි හයි රෙසලූෂන් බඩු බලාපොරොත්තු වීම.
    ඒක නිකං රුපියල විස්සට කන්තකයෙක් බලාපොරොත්තු වෙනව වගේ. ගාණ අඩු වෙන්නත් ඕන. නේරංජනාවෙන් පයින්නත් ඕන.
    අන්න ඒකයි ඕවට රජයේ සේවකයොම ටාගට් කරන්නෙ.
    මාත් ඕකක වැඩ කලානෙ. හිහි මං නෙදන්නවැයි

    ReplyDelete
    Replies
    1. රජයේ සේවකයින්ගෙ බුද්ධියේ තරම හොඳට බලා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඉලෙක්ෂන්.

      උදාහරණ:

      රත්නපුර දිස්ත්‍රික්කය:

      මහින්ද රාජපක්ෂ ලැබූ ඡන්ද ප්‍රමාණය: 51%

      රත්නපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද:

      මහින්ද රාජපක්ෂ ලැබූ ඡන්ද ප්‍රමාණය: 72%

      Delete
    2. 77 මහ ඡන්දෙදි, තැපැල් ඡන්ද වලින් මැතිණි දිනුවයි කියලා අහල තියෙනවා.

      Delete
  11. හමුදාවෙන් පෙන්ෂන් ගිහින් මම කලෙත් ඕක තමා එහෙම මල් මල් , රෝඅස මල් අල්ලපු, රේන්ද අල්ලපු ඒවා විකුණා විකුණා ගියා. වෙන මොකටවත් නොවෙයි ඉස්සර වගේ මට කොල්ලෝ නෑ යනකොට තමා මට කොම්පිතරෙන් කියවන සරල හැමබවුනේ. ඊටපස්සේ මාත් එකක් පටනගත්තා

    ReplyDelete
    Replies
    1. දැං දියුණුද?

      Delete
    2. හැමබවුනේ ද හැමනුනේද

      Delete
  12. ඔය තියරියට "මා - කටින්" කියන්නෙ ඒකනෙ රාජ්... රු.150 ගැජට් එකට දෙනවා දුං විසික් වෙන්න රු.3000 ක විතර වදන් සෙට් එකක්. ඒක ඇහුවාම දැනෙන්නෙ රු.2000ක් විතර වටිනවා ඇති කියලා. ඊට පස්සෙ රු.500ට ලාබයි කියලා ගන්නවා. ටික වෙලාවකින් තමයි හිතෙන්නෙ වැඩේ වැරදුනා කියලා අර මෝහනය වෙච්ච එක නැති උනාම.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි තියරිය. හරියට හරි

      Delete
  13. රාජ්. සමහර වෙලාවට අපි ඔය වගේ මිනිස්සුන්ට අහුවෙන්නෙ ලෝබ කමටම නෙවෙයි බං. දැං උදාහරණයක් විදියට අර මදුරු බැට් එක අරං ගිණි අව්වේ ගෙවල් ගානෙ යන උං දැක්කම, එතකොට කලර් ලයිට් ගාවා දුම් කකා හිටගෙන ඉඳලා වාහන ගාවට දුවගෙන ඇවිත් විකුණන උන් දැක්කම වෙලාවකට අපිට වරදකාරී හැඟීමක් ඇතිවෙනවා.

    නැතිනම් අපිට මොකටද බං එහෙම විකුණන හඳුංකූරු පැකට්. එතකොට පොඩිම ළමයින්ට ගැලපෙන පින්තූර පොත්. සමහර වෙලාවට හඳුන්කූරු පැකට් එක ආපහු දීල සල්ලිත් දීල එන වෙලාවල් තියෙනව.

    අපේ මෝඩකමත් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. නෑ මචං. අපේ ඔපීසි වලටත් එනව ඔය උඹ කියන විදියෙ කට්ටිය. හතු පැකට්, හඳුන්කූරු, නා නා ප්‍රකාර බඩු.... ලෙඩවල් වලට බෙහෙත් ගන්න සල්ලි එකතු කරන මිනිස්සු, නිකංම සල්ලි ඉල්ලගෙන එන වයසක මිනිස්සු....
      ඒ වගේ අයට අපි හැමෝම උදව් කරනව. අසරන මිනිස්සු සහ රැවටිලිකරුවන් වෙන්කරන සීමාවක් තියනව මචං. ඒ සීමාව තේරුම්ගැනීම අමාරු නෑ.

      Delete
    2. ඔව් උඹ කියන දේ මට තේරෙනවා. මට එහෙම කපටියෙකුට අහුවුනා කියලා දැනගත්තොත් ඇතිවෙන හිතේ අමාරුව සනීප වෙන්නේ නෑ.

      Delete
    3. ඩූඩ් කියන කතාව ඇත්ත.රවටනවා කියලා දැන දැනත් රැවටුනා කියලා රඟපාන වෙලාවල් තියෙනවා හුදෙක් අනුකම්පාව නිසාම.. ඒත් දුකක් නෑ.. සිගරට් දෙක තුනක සල්ලි නෙ කියල හිත හදාගන්න ඇහැකි..
      ජයවේවා..!!

      Delete
  14. අපේ අයියා කෙනෙකුත් ඔය වගේ රැවටිලා ටයර් ගෙවිච්චි එන්ජිම රීබෝර් කරන්න ඕනැ ලොරියක් ගත්තා.

    ReplyDelete
  15. අපේ ඔෆිස් එකේ හිටපු එකෙක් මේ ලඟදි ඉඳල කියනවා එයාව ලොක්ක කරන්නලු. පඩිය 25000 කරලා දෙන්නම්ලු. කෂ්ටිය කල්පනා කර කර ඉන්නේ මොකද මූට කරන්නේ කියල

    ReplyDelete
    Replies
    1. අපේ ඔෆිස් එකේ ලොක්කා පෙන්ෂන් ගිහිල්ලා, දැන් ආපහු ඇවිත් කියනවා අනේ පියන් හැටියට වුණත් කමක් නෑ මට ආපහු රස්සාවක් දෙන්න කියලා.

      Delete
  16. Beware of this Person --- Do not get caught to this Scam



    (May 27, Colombo, Sri Lanka Guardian) Sri Lankan born Australian citizen Kamal Chandra Wellalagodage has taken money from various people promising foreign jobs. In 1996 he had played out over 4.5 million rupees from the people of Dambulla and Mathale areas. Many complaints were lodged against him at the Dambulla Police station and before the investigations commenced Kamal Chandra Wellalagodage fled to New Zealand. In the recent years he has restarted this scam with the help of a senior officer who is attached to the PSD (Presidential Security Division) . This group is targeting Tamil youth of the North and East areas who are eager to leave the country and settle down in Western countries. If you know the current whereabouts of this person please contact the Fraud Investigation Bureau (Tel 2433671 ). More information about Kamal Chandra Wellalagodage can be obtained from the Dambulla Police station.

    ReplyDelete
    Replies
    1. අපෙත් ඔහොම අයියා කෙනෙක් හිටියා මීමුරේ පැත්තේ. එයාගෙ නෑයෙක්ද කොහෙද මේ. අපේ අයියා නම් දැන් මහින්ද මාමිට තමයි වැඩ. හොරුන්ටත් හොරුන්මනෙ සෙට් වෙන්නේ.

      Delete
  17. අන්තර්ජාලෙ එන ස්වයං ‍රැකියා කෙරුවාවත් ඔය විදිහෙම ‍රැකට් එකක තමයි.. දවසෙන් පෝසත්වෙන්න හිතන ගොං වාහෙලා ලණු කනවා. එහෙම කාපුවාම අර ඒඩ්ස් කාරයා තවත් අයට දෙනවා වගේ ඇත්ත නොකියා අනිත් අයත් අමාරුවේ දානවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රාදේශීය කළමනාකරුවන් බඳවාගනු ලැබේ කියලා අන්තර්ජාලයෙයි, පත්තරවලයි දාලා තියන දැන්වීම් දැකලා ඇවිත් බැඳිලා අන්තිමට ගෙවල් ගානේ යනවා බඩු මලු උස්සගෙන සර් මැඩම් මේ නිෂ්පාදන ගන්නකො කියාගෙන. හරිම කනගාටුදායකයි තරුණ ජීවිත මේ විදිහට අපතේ යාම ගැන.

      Delete
  18. ආයතන වලට මේ වගේ අය එන එක නැවත්තුවත්..අපේ අය එලියෙදි හරි අහුවෙනවා..

    ReplyDelete
  19. අපේ ඔපීසියටත් ළඟදි පෙස්ට් කොන්ට්‍රෝල් කස්ටිය ඇවිල්ලා හෙන ඔපරේසොන් එකක් දුන්නා.. ඒත් එක මැස්සෙක් ඉන්නවා... මම හිතන්නේ ඌ අළුතෙන් අපු එකෙක් වෙන්න ඕනා...

    ඕක මොකක්ද බං... සුද්දා ගිය දවසෙ ඉඳලා, පරම්පරා ගානක් අපේ අය තවමත් රැවටෙන්නේ, එක එක වේසිගේ පුතාලටයි, දුවලටයි....

    ReplyDelete
  20. මට ඉස්සර නුගේගොඩ මාර්කට් එකේ බෙහෙත් තෙල් වෙලෙන්දා මතක් උනා

    ReplyDelete
  21. මමත් ඉතිං මාතෘකාව දැකලා කෙල හල හලා කියවන්න ආවට, අන්තීම වෙනකං ඒ ගැන කියවෙලා නෑනේ...........

    ReplyDelete
  22. මැරිච්ච වුන්ට පණ දීලා උන්වත් විකුනලා තමනුත් ගොඩ යන්න ඉන්න රටේ ඔව්වාට මිනිස්සු අහු වෙන එක පුදුමයක්යෑ.

    ReplyDelete
  23. අපොයි අර කූබි ගැජට් එකට මාත් අහු උනානේ රාජ් ආයි කියල වැඩක් නෑ ගෙදරට මොන්ටි‍සෝරි පොඩි එකෙක් ආවා වගේ හැම තැනම ඉරි කෑලි

    ReplyDelete
  24. අර ගෑනුන්ට කට්ට ගහන බිස්නස් එකනම් නරකම නෑ.. මං දන්න කීප දෙනෙකුත් ඉන්නවා රස්සාවට අමතරව සෑහෙන්න හොයනවා හොඳ දළ කාර ගෑනු හොයාගෙන කට්ට ගහලා.. හැක්.
    අමිලයා අර කතාව ලියපු එක හොඳයි. මටත් හිතුනා සීන් දෙකක් තියෙනවා ලියන්න ඕනි කියලා..

    ReplyDelete