Friday, August 28, 2015

පුතාලගෙ හොරා පොලිස් සහ මාමලගෙ හොරා පොලිස්

නිවාඩුවක් ගත්ත වෙලේ දවල්වෙලා නැඟිටල රැවුල එහෙම කපල කණ්නාඩිය ලඟට ආව. පුතා වටේ පිටේ ඉන්න යාළුවො ටිකත් එකතු කරගෙන හොරා පොලිස් සෙල්ලම කරනව ජනේලෙන් පේනව. ඔන්න හොරෙක් අල්ලගෙන පොලීසියෙ පොඩි මහත්වරු දෙන්නෙක් හොරාව ගහේ බැන්ද? ඊට ටික වෙලාවකට පස්සෙ රාලහාමි කෙනෙක් තව හොරෙක් අල්ලගෙන හොඳටම ගහ ගහ ගෙනාව. ටික වෙලාවක් යද්දි හොරා සිහි නැතුව වගේ බිම වැටුන. ඔන්න එකපාරටම හොරුයි පොලිසියයි ඇවිල්ල අර ගහපු පොලිස් රාලහාමිව අල්ලල ගහක බැන්ද? හුටා! යකෝ අපේ කාලෙට වැඩිය දැන් හොරාපොලිස් කෙලිය දියුණු වෙච්ච තරං.....

"ඒයි.... පොඩ්ඩක් එන්න වැඩක් බලන්න......"

"ඇයි මොකද්ද?"

"බලන්නකො පුතාලගෙ හොරා පොලිස් සෙල්ලම!"

"ඔව්...... ළමයි සමහර දවසට ඔය සෙල්ලම කරනව මාත් බලාගෙන....."

"සෙල්ලම් කිරිල්ල ගැන නෙවේ.....බලන්නකො මේ සෙල්ලම දියුණු වෙච්ච හැටි..... අර ගහේ බැඳල ඉන්නෙ හොරෙක්.... අනිත් ගහේ බැඳල ඉන්නෙ පොලිසියෙ රාලහාමි කෙනෙක්.... අර රෙදි පටියකින් කාර් එල්ලගෙන ඉන්නෙ එයාගෙ තුවක්කුව!"

"රාලහාමි ගහේ බැඳල තියෙන්නෙ ඇයි?"

"ඒක තමයි මම කතා කලේ..... ඔය රාලහාමි හොරෙකුට වැඩිපුර ගහල හොරා වැටුන..... පොලිසියට උනත් එහෙම ගහන්න බෑනෙ.... ඒකයි අල්ලල ගහේ බැන්දෙ.... දැං එයාටත් නඩු! හෙහ් හෙහ් හෙහ්...."

"මේ ළමයිගෙ වැඩ නං......."

"එහෙම තමයි නෝනේ..... කාලෙ හැටියට ඒවත් දියුණු වෙලා......"

"ඔන්න තව එක්කෙනෙක් අල්ලගෙන ආව...."

"ඔන්න තවත් එක්කෙනෙක් ආව...... අද නං ගමේම පැටව් ටික ඇවිල්ල වගේ....."

"ඔන්න තවත් එක්කෙනෙකුට ගහනව...... අන්න හොරා වැටුන....... අන්න බලන්න මං කිව්වෙ.... ඔන්න දැං රාලහාමිව ගහේ බැන්ද... දැක්ක නේ?"

"දැං නං හොරු ඉවරයි වගේ නේ.....?"

"හ්ම්"

"අර මඩුවෙ තියන පුටු ටික අදින්නෙ මොකටද?"

"ඕක හැමදාම කරනව..... උසාවිය හදන්නයි ඔය පුටු ගන්නෙ.... බලන්නකො නඩු අහන හැටි...."

අපේ පුතා ලොකු පුටුවෙ තියල කට්ටිය ඔන්න නඩු අහන්න පටන් ගත්ත එක පැත්තක පොලිසිය අනිත් පැත්තෙ හොරු. එක පාරටම මොකද්දෝ අර්බුදයක් හැදිල වගේ කට්ටිය දෙපැත්තට බෙදිල වාද කරගන්න පටන් ගත්ත.

"මොකද්ද මේ වෙන්නෙ?"

"මෙච්චර වෙලා අපූරුවට සෙල්ලං කල ළමයි... ගිහිල්ල බලමු..... නැත්තං රණ්ඩුව පටන් ගනීවි"

"පුතාලා ඇයි මේ රණ්ඩු වෙන්නෙ? මෙච්චර වෙලා අගේට සෙල්ලං කරල?"

"තාත්තේ මේ කට්ටිය අලුතතෙන් නීති දාල...."

"ඇයි අලුත් මොකද්ද?"

"වෙනදට ගහේ බැන්ද හොරුයි පොලිසියයි දෙගොල්ලම නඩු අහල මඩුවට දානව.... ඊට පස්සෙ සෙල්ලම ඉවරයි...."

"ඉතිං දැං මොකද්ද ප්‍රශ්නෙ?"

"මේ චමෝද් කියනව පොලිසියෙ දෙන්නට නඩු අහන්න එපාලු! ඒ වෙනුවට හොරු දෙන්නෙක් නිදහස් කරන්නංලු..... දැං මාමලා සෙල්ලම කෙරෙන්නෙත් එහෙමලු!"

51 comments:

  1. ඒකත් හරි.................... දැන් ජාතික අාණ්ඩුනේ.... සමගියෙන් තමා වැඩ.....

    ReplyDelete
  2. පුතාගෙ තර්කෙ හරියට හරිනෙ බං.ඒ ළමයි නීතිය හරියටම දන්නවා.වලිගෙ පාගගෙන තියෙන්නෙ බොලා.

    ReplyDelete
  3. මහේන්ද්‍රන්ගෙ නඩුව ඉල්ලා අස්කරගද්දි නඩු කාරයා හොඳ කතාවක් කියලා තිබුණා. "ඡන්දෙට අධිකරණය යොදාගන්න එපා. මේක දුරදිග ගියොත් හොඳ වැඩක් කරනවා" වගේ එකක්...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකීයෝ ඇයි බොල අර්ජුනගේ සීන් එකට ඉතරක් එහෙම කියැව්වේ.
      අනිත් පැත්තේ ඒවට කියන්න බයද

      Delete
    2. ඇවන්ට්ගාඩ් සිද්ධිය ගැන නඩු කාරයා මොකද කියලා තියෙන්නෙ කියල ඇනෝ දන්නවද? මට ඒ ගැන කියවන්න හම්බුන් නෑ...

      Delete
    3. මදෑ එහෙමවත් කිව්ව

      Delete
  4. වැරදි කරනකොට හුරේ දාන්න කට්ටියයි, නඩුවලින් බේර ගන්න කට්ටියයි, ආපහු චන්දෙ දෙන්න කට්ටියයි සෙට් වෙලා ඉන්න කොට හොරකම් වැරදි වැඩ නොකරන ඒක මෝඩ කම කියල හිතෙනව වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙම තමයි හිතං ඉන්නව ඇත්තෙ

      Delete
  5. අන්න අදත් නඩුවක් ඉල්ලා අස්කොරගෙන. මේ කබර දේශපාලකයෝ හන්දා අධිකරණ පද්ධතියම දැන් විහිලුවක් වෙලා. ටොයි බයි හවුල් දීගේ රග බලන් ඉමු අපි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඔන්නොහෙ අපිත් ඉඳිමු බලාගෙන.....

      Delete
  6. මේ ළමයි ලොකුවුණාම පාර්ලිමේන්තු යයිද රට ඇරලා යයිද?

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ, රට හැරල යන එක ලේසියි වගේ මං හිතන්නෙ.

      Delete
  7. රාජ්ගෙ සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් වෙනව හොරයි වගේ. :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. පොඩි එවුන් ිපට වැඩිය ස්පීඩ්

      Delete
  8. අන්න රට බාර ගන්න ඉන්න බුද්ධිමත් ළමයි...අප ආඩම්බර විය යුතුයි

    ReplyDelete
  9. හොද ළමයා. ඔය ළමයට උගන්නන්න එපා හොද අනාගතයක් තියේවි. හැක්

    ReplyDelete
  10. 2/2= 0 (විමල්ගරස්)
    0= (යහපාලනය.)

    ReplyDelete
  11. පොඩි එවුන් ඒ තරමට දැනුවත්. අනේ උන් හොඳ ඒවා ඉගෙන ගත්තොත් හොඳා.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු අපිත් හිටියොත්....

      Delete
  12. ඇටසැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
    රාජ සභාවේ අසුන බලා....
    අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි ඔය එන්නේ
    ඉඳපල්ලා නිෂ්ශබ්ද වෙලා...

    නුවණක්කාරගේ මොට්ටපාල...

    මොට්ටපාල උඹ වැරදිකාරය ද
    ඒබරං ගෙ කණ කැපුවාට
    ඇත්ත නොකීවොත් කසෙන් ගහනවා
    පේන තුරා හඳෙ ආවාට...
    කොණ්ඩෙ කපද්දී බෙල්ල ඇල්ලුව ම
    මිනිහට හංකිති කැවුණා
    මිනිහ හිනා වී කලබල කෙරුව ම
    දැළි පිහියට කණ කැපුණා...

    බේගල් හාමුගේ සත්‍යපාල...

    බේගල් හාමුගෙ සත්‍යපාල උඹ
    නැන්සි අක්කලගෙ කුකුළා
    මල්ලක දාගෙන ගියයි කියන්නේ
    ඇත්ත ද අත්තටු හකුළා...
    බේගල් හාමුගෙ සත්‍යපාල මම
    එනමුත් කියන්නෙ ඇත්තයි
    මම ඔය කුකුළව සොරකම් කෙරුවේ
    නැන්සි අක්ක දැනුවත්වයි...

    දෙපැත්තෙ කාරණ සළකල බලලයි
    දෙන්නෙ තීන්දුව උදහස්
    පැමිණිළිකරුවොයි වැරදිකාරයෝ
    විත්තිකාරයෝ නිදහස්...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. මේව්වා කොහොම මතක් වෙනවද මංද උඹට.... මම නං අහලම නෑ

      Delete
    2. /* පේන තුරා හඳෙ ආවාට. */

      මං හිතං හිටියේ පේන තුරා ගඳ ගැහැව්වාට කියලයි.

      Delete
  13. මහා කකුළුවෝ ඇදේට යනකොට...

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට කෙළින් යන්ට කියනවා.

      Delete
    2. කලියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක්
      අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉඳගත්තේ
      එකෙක් රයිගම පැත්තේ
      අනිකා ගම්පොල පැත්තේ

      කොහොමද ඒ පැත්තේ තොරතුරු
      හරි ගිරිස්මේ ඒ පැත්තේ ?
      එහෙට තදින් වැස්ස වහිනවා

      අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
      මොකක්ද කිව්වේ
      අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
      ඒ කිව්වේ
      මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා
      නෑ නෑ
      එහෙනම් ?
      පොඩි එවුන්ට යන්න කියනවා
      කොහොම උනත් පහුවෙන කොට පොඩි එවුන්ට පුළුවන් වෙනවා
      මොන පිස්සුද ?
      උන් ඔක්කොම හරහට යනවා.

      කොහොමද ඒ පැත්තේ තොරතුරු ?
      එහෙට වැස්ස, ඒ පැත්තේ ?
      එහෙ ගිණි රස්නෙට පායනවා

      අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
      මොකක් කිව්වා ?
      අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
      ඒ කිව්වේ
      සැඩ පහරින් බයක් නැතිව ඔරුව පදිනවා.
      නෑ.. නෑ.
      පුරුදු නිසා ඔරුවෙන් යනවා
      ඈ බලාගෙනයි
      පාරුව පෙරළුනොතින් කරදර වෙනවා
      පෙරළුනොතින් පෙරළුන පිට හොදයි කියනවා.

      සංගීතය හා පද රචනය : රෝහණ බැද්දගේ
      ගායනය : රෝහණ බැද්දගේ සමග බන්දුල විජේවීර

      Delete
  14. හොරුත් එක්ක උනත් "සහජීවනයෙන්"ඉන්න එකයි "යහපාලනය"

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ට කතිරෙ ගැහුව එකෙත් පොඩි මෙව්ව එකක් තියනව බැලුවම නේ?

      Delete
  15. මානිගේ තීරුව කියෙව්වා වගේ....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. රාජ් ලියපු මානි ගේ තීරුව එදා නලීන් පොරොන්දු වූ විදියට මානිට පෙන්නුවා ලු ද?

      Delete
  16. පොලිසියෙන් මිනිස්සුන්ට ගහන එක අපි පොඩි කාලෙ හොරා පොලිස් කරද්දිත් තිබුනා. අදත් තියෙනවා නම් ඒ කියන්නේ ඒක තමයි ඩිෆෝල්ට් එක නේද?

    ඔය උඹලෑ පැත්තේ ළමයි තාම එලියට බැහැලා සෙල්ලම් කරනවා කියන්නේ පෝස්ට් එකට අදාල දෙයක් නොවුනත් එක්තරා විදියක විශ්මයක් නේද රාජ්?

    ReplyDelete
  17. වැඩිහිටියන්ට වඩා හිඳට ළමයිට සමහර දේවල් පේනවා කියන්න ඕකනෙ. පොඩි උන්ට ආදර්ෂයක් වෙන්න ඕනෙ කිය කිය කෑ ගහන ලොකු උන්මයි වැරදි කරන්නෙත්. කවදා හැදෙයිද මන්දා...

    ReplyDelete
  18. චමෝද් කියන දේ ඇහුවේ නැත්නම් ඊලඟ දවසේ සෙල්ලම් කරන කොට පුතා වෙනුවට ලොකු පුටුවට වෙන කෙනෙක්ව ගන්න පුළුවන්.

    ReplyDelete
  19. හෙහ් හෙහ්, ඒක තමයි යහපාලනය කියන්නේ..

    ReplyDelete
  20. පුතාට බ්ලොග ලියන්න කියහන් , උඹ කියවහන් ,

    ReplyDelete
  21. එහෙනම් ළමයින්ට තේරිල ආන්ඩු කරන හැටි........

    ReplyDelete
  22. හෙට අනිද්දම ඔය පොඩි එවුන්ටික අර මඩුව අල්ල ගන්නවා. ඊට පස්සෙඋන් පොලිස් සහ හොරු දෙගොල්ලෝම මඩුවේ සාමාජිකයන් වෙලා මඩුව පාලනය කරනවා. අපිට බකන්නිලාගෙන ඉන්න වෙනවා.

    ReplyDelete
  23. හොරු ටික සේරම හෙළුවෙන් නේද.....

    ReplyDelete
  24. හොරු ටික සේරම හෙළුවෙන් නේද.....

    ReplyDelete
  25. අනේ ෂෝයි හොරාපොලිස් කරන ළමයි දැනුත් ඉන්නවා. ඔයාගේ පුතා ඔයා වගේම ඇති . ඉස්සර අපි හොරාපොලිස් කරද්දී මං ආසම පොලිස් වෙන්න ඒ කාලේ හොරු අපිට ගහන්නේ නෑ බයයි නේ . අන්තිමට ළමයි කෑගහද්දී මං හිතුවේ පාර්ලිමේන්තු සෙල්ලම කරනවා කියලා.

    ReplyDelete
  26. ජාතික ලැයිස්තුවෙන් පැරදිච්ච මරගාත ටික ආයෙත් ගන්න එක තරම් කුජීත වැඩක් තවත් නෑ....

    ReplyDelete
  27. // චමෝද් කියන දේ ඇහුවේ නැත්නම් ඊලඟ දවසේ සෙල්ලම් කරන කොට පුතා වෙනුවට ලොකු පුටුවට වෙන කෙනෙක්ව ගන්න පුළුවන්. //

    මටත් හිතුනේ මේකමයි :P

    ReplyDelete
  28. හරි හරි පුතේ දැන් හොරා පොලිස් සෙල්ලම ඉවරයි . . ආපහු ඊලඟ මැතිවරණෙ කිට්ටු වෙලා හොරා පොලිස් සෙල්ලම පටන් ගන්න. අපි හුරේ දදා ජොලියේ බලන් ඉන්නම් එතකොට කියලා.

    ReplyDelete
  29. රාජ් මාමා වෙත,

    ඉතින් මාමේ කොහොමද ඔයාගේ සැප සනීප? සුවෙන් ඇතයි සිතමි.
    සති දෙකකුත් ඉවරයි .. මයිත්‍රී බුදුන් පහලවෙලත් ඉවරයි ඔයා කෝ..
    අලුත් ලිපියක් ලියන්නේ නැද්ද? අපි බලාගෙන ඉන්නවා හිටං .

    මීට සුදු දුව

    ReplyDelete