Wednesday, August 19, 2015

පශ්චාත් චන්ද කතා

ඡන්දෙ ඉවරයි. යූඇන්පී රජයක් එන්න නියමිතයි. මේ ඡන්දෙ ගැන ‍පොඩි පොඩි දේවල් ටිකක්.

සන්ධානයේ පරාජය.
බලාපොරෙත්තු වුන විදියටම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එජනිස පැහැදිලි පරාජයක් අත්කරගෙන තියනව. ඒ පරාජය ජනාධිපතිවරණ පරාජයටත් වැඩිය විශාලයි. එජනිසය ජනාධිපතිවරණයේ ගත්ත ඡන්ද වලින් මිලියනයක් විතර අඩුකරගෙන තියනව. එයාල බලාපොරොත්තු වුන විදියට ලක්ෂ පනස් අට එසේම තිබියදී ලක්ෂ හැට දෙක කෑලි කෑලි වලට කැඩිල ගියේ නෑ. සරළව කිව්වොත් ඡන්දයේ තීරණාත්මක කොටස් දෙක වුනේ "ඡන්ද පොලට නොගිය එජනිසයට කැමති පිරිස" සහ "(බලය ඇති පැත්තට හැරෙන) සන්ධානයෙන් එජාපයට මාරුවුන කොටස".
ලංකාව පුරා ඡන්ද වැට‍ුන ආකාරය බැලුවම ජනාධිපතිවරණයට වැඩිය එජාපය ඉදිරියට ඇවිල්ල තියනව. උතුරු සහ නැගෙනහිරට සීම‍ා නොවී තමුන්ගේ බලය පතුරවාලීමට එයාලට‍ හැකිවුනා.(මේ නිසා සිතියම් පාට කරන අයට කරන්න දෙයකුත් නැතිවුනා). මහින්ද මහත්තය ඡන්දෙට ඉදිරිපත් වුන කුරුනෑගල පවා එජාපය පැරදුනේ බෝනස් ආසනයෛන් විතරයි.

ඡන්ද වැටීම
දකුණු පළාත සම්පූර්ණයෙන් ජයගන්න සන්ධානය සමත් වනවිට දකුණේ ගාල්ල සහ මාතර ආසන දෙක ජයගන්න එජාපයට හැකිවුනා. සමස්තයක් විදියට ගත්තම නාගරික ප්‍රදේශ එජාපයටත් ග්‍රාමීය ප්‍රදේශ සන්ධානයටත් කැමැත්ත පලකල ආකාරයක් පේන්න තියනව. මම ජීවත් වන හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තම රාජපක්ෂලාගේ බලපෑමට අමතරව මේ දවස්වල පවතින වී මිල පහල යාම වගේ දේවල් එජාප පරාජයට සෑහෙන්න බලපෑම් කල බව නිසැකවම කියන්න පුළුවන්. මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලටත් මේ වගේ කාරණා අදාලයි. දිගටම බලයේ ඉන්න අවශ්‍යතාවයක් තියනව නම් මේ කාරණා ගැන රනිල්ට සෑහෙන්න හිතන්න වෙනව.

ජවිපෙ.
අපි බලාපොරොත්තු වුන තරම් ආසන ප්‍රමාණයක් ගන්න ජවිපෙ අසමත් වුනා. සමහර විට මහින්ද විරෝධීන් එජාපය ශක්තිමත් කරන්න ජවිපෙ අමතක කලා වෙන්නත් පුළුවන්. නමුත් අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට පත්වීමත් එක්ක පැරණි ජවිපෙ දියවෙමින් පවතින බව පේනව. පැරණි ජවිපෙ ගම්වල ඉන්න ජවිපෙ කාඩර්වරුන් මත යැපෙන විට නව ජවිපෙ මාධ්‍ය තුලින් මධ්‍යම පාන්තික මිනිස්සුන්ට වඩාත් කිට්ටු වන බව පේන්න තියනව. (ආගමික අනුගාමිකයන් කට්ටියක් අත පක්ෂය තියනවට වැඩිය දියුණු මිනිසුන් පිරිසක් අත පක්ෂය තියනවට මම පෞද්ගලිකව කැමති බවත් කියන්න ඕන).
මම හිතන විදියට නං ජවිපෙ විපක්ෂයේ හිටිය කාලය දැන් ඇති. මෙතනින් ඉහලට යන්න නම් අලුත් ආණ්ඩුවෙ ඇමතිකම් කිහිපයක් ලබාගෙන (ඒක එච්චර අමාරු දේකුත් නෙවේ) "වැඩ පෙන්නල" ඉදිරියට යාම හෝ පැරණි වම මෙන්ම නටබුන් විම තෝරාගන්න පුළුවන්. කොහොමටත් ඡන්ද දායකයන් හැමදාම විපක්ෂෙ ඉන්න ඡන්දෙ දෙන්නෙ නෑ, කාලයත් එක්ක ප්‍රධාන පක්ෂ දෙකට අවශෝෂණය වෙනව මිසක්.

පක්ෂ දේශපාලනය සහ පුද්ගලික දේශපාලනය
මේ මැතිවරණයේ දැක්ක යහපත්ම ලක්ෂණය තමයි පුද්ගල දේශපාලනය ඉක්මවා පක්ෂ දේශපාලනය මතුවීම. යම් යම් තැන් වල ව්‍යතිරේක තිබුනත් පොදුවේ, ජයග්‍රහනය කලවුන් යම් යම් මතවාද නියෝ්ජනය කල අය. උදාහරණයක් විදියට කොළඹ දිස්ත්‍රික් එජාප කණ්ඩායම ගනිමු.

රනිල් වික‍්‍රමසිංහ – 500566
සුජීව සේනසිංහ 117049
හර්ෂ ද සිල්වා 114148
රවී කරුණානායක 111394
පාඨලි චම්පික රණවක 100444
එස්.එම් මරික්කාර් 92,526
මුජබර් රහුමාන් 83,884
එරාන් වික‍්‍රමරත්න 82,783
විජේදාස රාජපක්‍ෂ 81,758
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර 70,584
මනෝ ගනේෂන් 69,064

මෙතන දෙපැත්තෙම ඉන්න බහුතරයක් (දූෂිතයන් හෝ හොඳ අය වෙන්න පුළුවන්) හරි හෝ වැරදි "මතවාදයක්" වෙනුවෙන් පෙනී සිටි උදවිය. මේ අතරෙ ඉන්න එරාන් වික්‍රමරත්න හර්ෂ සිල්වා වගේ අය ජාතික ලැයිස්තුවට සුදුසු අය වුනත් ඔවුන් ඡන්දයෙන්ම පාර්ලිමේන්තුවට යැවීමට ඡන්ද දායකයන් කටයුතු කිරීම යහපත් ප්‍රවනතාවයක්.

මැතිවරණය සහ මනාප ක්‍රමය.
මනාප ක්‍රමයේ අවුල නැති කරන්න විසිවැනි සංශෝධනය ගේන්න හැදුවත් නීතිය ක්‍රියාත්මක වන වටපිටාවක මනාප පොරය එතරම් උග්‍ර තත්වයකට පත්වන්නේ නැති බව ඔප්පු කරන්න පුළුවන් හොඳ උසාහරණයක් තමයි මේ මැතිවරණය. මැතිවරණ කොමසාරිස්තුමාගේ නියෝග නිසා ඡන්ද දායකයන්ට අල්ලස් දීම සිදුවුනේ ඉතාම අල්ප වශයෙන්. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බලය ලබාදුන් විට ඔවුන් සාධාරණව ක්‍රියාත්මක වන ආකාරයත් නීතිය අතැති ජනාදිපතිවරයා එය පාවිච්චි කල ආකාරයත් ප්‍රශංසනීය බව නොකියාම බෑ.

44 comments:

  1. රට අනතුරේ... මුතුහෙට්ටිගම විපක්ෂනායක කරමු !

    ReplyDelete
    Replies
    1. ..සමග නැගිටිමු????

      Delete
    2. "එතකොට ගීතා?"
      "..සමග නැගිටිමු????"

      ඒ කියන්නේ ඔහෙලා ගීතා ළමය එක්ක නිදි වදින්නත් හිතාගෙන ඉන්නවා වගේ.

      Delete
    3. නිමල් සිරිපාලව උප අගමැති කොලාම කොහොමද?

      Delete
    4. නිදි වැද්දට ප්‍රශ්නයක් නෑ හැබැයි අරයට අහු නොවී.

      Delete
    5. ගීතා ළමය???? 1 2 3 4 ගහන ආච්චි කෙනෙක්නෙ එයා!

      Delete
    6. ගීතට ඔච්චර කැමතිද බොලා?

      Delete
  2. //නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බලය ලබාදුන් විට ඔවුන් සාධාරණව ක්‍රියාත්මක වන ආකාරයත් නීතිය අතැති ජනාදිපතිවරයා එය පාවිච්චි කල ආකාරයත් ප්‍රශංසනීය බව නොකියාම බෑ.//

    සහතික ඇත්ත.

    ReplyDelete
  3. මැදමූලන දුරකථනයක් නාද වේ...........

    ම.රා: හැලෝ!!

    වාර්ථාකරු: හලෝ මේ හිටපු ජනාධිපතිතුමාද?

    ම.රා: ආහ් දැන් මම මේ කුරුණෑගල ආ නෑ ඔව් ඔව් එයා තමයි

    වාර්ථාකරු:යහපාලන කට්ටිය ගත්තු චන්ද ලක්ශ 62 එහෙමම තියෙද්දි ඔබතුමාගේ චන්ද 58 මාස 8 න් 47 ට බැස්සේ මොකද කියල අපේ පාඨකයෝ අහනවා.

    ම.රා:මට පිටරටවල ඉන්න උන් මේ පාර චන්දෙ දුන්නේ නැහැනෙ ඒකයි

    වාර්ථාකරු:ඉතින් ජනාධිපති තුමා පිටරටවල ඉන්න අය ජනවාරි 8 වෙනිදත් චන්දෙ දුන්නෙ නැහැනෙ ?

    ම.රා:කොහෙද හු.... ආ නෑ මේ මං කියන්න ගියේ මේ ලොකු එකාගේ හිල් බල කායෙද මොකද්ද එකේ උන්ට පිටරට ඉන්න උන්ගෙ නමින් හැඳුණුම්පත් ඔක්කොම හදල දීල ජනවාරි මාසේ කොහොම හරි ඒ චන්ද ටික අපිට වැටුනනේ.
    වාර්ථාකරු:ඉතින් ඇයි මේ පාර ?

    ම.රා:ඇයි යකෝ දැක්කේ නැද්ද ? අර මැකෝ රැවුල වෙඩිතියන්න පොල්ලෙන් ගහන්න කියනකොට එදා දවසෙම මුන් ටික ඇඳවල් යටනෙ හිටියෙ.

    වාර්ථාකරු:ඒ ඉතින් ඔබතුමාට තිබ්බනෙ පපුවට ගගගෙන.....

    ම.රා: ඒකනේ උන් ටික මාව කෑවා, උන්ගේ අම්මලාට හු@^%*^@

    වාර්ථාකරු:කොහොමත් උන් ඉපදිලා තියෙන්නෙ එහෙම කියලයි අපේ පාඨකයෝ කියන්නේ

    ම.රා:මොකක් කිව්වා ඒක එහෙම උනාට උඹට එහෙම කියන්න වටිනවද, උඹේ අම්මටත් මට කියලා හු@#^*( ඕනෙද ?

    වාර්ථාකරු දුරකථනය විසන්ඳි කරයි

    ReplyDelete
  4. එකඟයි. මේ චන්දෙදි ඔප්පුවුණ ලොකුම දේ තමයි නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වන්නේ නම්, දැන් පවතින මැතිවරණ ක්‍රමය වුවද රටට ගැලපෙන බවයි.

    ReplyDelete
  5. ගොත්‍රික කාකොටාගැනීම්වලින් තොරව දියුණු රටවල මැතිවරණ පරිචය මේ රටට ලැබෙන ලකුණු පෙනීමම මේ මැතිවරණයේ ඉතාම සුභදායක ලක්ෂණයයි. ප්‍රතිඵලය ගැන සතුටක් ඇතත් ඊට වඩා සතුටු ඒ මුලින් කී කාරණය ගැනයි.

    ReplyDelete
  6. ජවිපෙට දීපු මගේ ජන්දය අපතේ ගියා කියලා හිතන්නේ නැහැ.කොහොමත් පහුගිය පාර්ලිමෙන්තුවට වඩා මේ අලුත් පාර්ලිමේන්තුව ඉදිරියෙන් තියෙන බවක් පේනවා.පත්වෙලා තියෙන ඇතැම් අය ගැන සතුටු වෙන්න බැරි වුනත් සමස්තයක් විදියට මේක හොඳයි.

    ReplyDelete
  7. ඡන්ද අයිතිවාසිකමක්වත් නැති අපිටත් අපේ ශත පහ බෙදා ගන්න පුළුවන් නම් මෙන්න මගේ කොමන්ට් එක.
    (හැම පක්ශෙකම වගේ යාළු මිත්‍රාදීන් ඡන්දෙට ඉල්ලපු හින්දා මීට කලින් කාටවත් සපෝටිව් කිසිම දෙයක් මම ලීවේ නෑ.)

    මම හිතන්නේ ජවිපේ ඡන්ද අඩුවීම බලපාන්නේ බහුතරයක් ජවිපේ පාක්ශිකයන් ඔන්ලයින් දේශපාලනය කරන අය. අඩු ගානේ තමන්ගේ ඡන්දයවත් දෙන්න ඔවුන් ලංකාවේ නෑ. සමහරවිට ඒ හින්දාම ඔවුන් ජවිපය ගැන ඕවර් එස්ටිමේට් කලා වෙන්න ඕනේ. ඊගාවට අද ජවිපෙට කැමති මිඩ්ල් ක්ලාස් නාගරිකයෝ මිසක් ගමේ මිනිසුන් අද ජවිපේ ගැන ලොකු මැදිහත්වීමක් නෑ.
    ගොඩාක් අය බොහොම ලාබාල මඩ කතාවලින් එලියට ගියේ නෑ. කොටින්ම ජවිපෙට කැමති මට වුනත් මේ දේවල් හින්දා ජවිපේ ගැන කළකිරීමක් ඇති වුනා.
    ඒත් ජවිපෙට මීට වඩා ඡන්ද/ පාර්ලිමේන්තු නියෝජිතයන් හම්බ වෙන්න ඕනේ කියන තැනයි මාත් ඉන්නේ.

    සජිත් ගැන කියනවා නම් ඔහුගේ අදක්ශකමම කියන එකටත් වඩා මෙවෙලේ රාජපක්ශවරුන් විසින් හම්බන්තොට ජනතාවට අවුරුදු දහයක් තිස්සේ දක්වපු සැලකීම වෙන්න බැරිද?
    මම දැක්කා මහින්ද මහත්තයා ඡන්දේ දාන්න ගිය ස්කෝලේ ඩෙස්ක් එක පවා නිල්. කොහොමට සලකලා ඇත්ද?
    (සජිත්ට වඩා දක්ශයෝ යූ එන් පී එකේ ඉන්නවා. ඒත් සජිත්ව ඩිස්ක්‍රිමිනේට් වෙන එක අපරාදයක්)

    රන්ජන්ලා ගීතලා වගේ මිනිස්සු ගැන ඡන්දේ දුන්න අයට අපිට හිනාවෙන්න පුළුවන්ද?
    ඕනෙම මිනිහෙක්ගේ දේකට ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් ඒ දෙන්නම හිටියා. (පෞද්ගලිකවම ගීතා ගැන මම ඒක අත්විඳලාම තියෙනවා.) මිනිස්සුන්ට ඕනේ එහෙම මිනිස්සු මිසක් උගත් බුද්ධිමත් අහසින් යන මිනිස්සු නෙමෙයි.

    යු ඇන් පී යේ නව පෙලේ නියෝජිතයෝ ගැන හැමදාම වගේ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒක ඒ කාලේ ඉඳන්ම වෙච්ච දෙයක්.
    හැට පැනපු නාකින්ට වඩා තරුණපෙලේ මන්ත්‍රීවරුන් ඉස්සරහට එන්න ඕනේ ඕනෙම පක්ශයකින්.

    විමල්, ගම්මන්පිලලා ඤාණසාරලාගේ කුණු ගෙවන්න වුනේ මහින්ද ප්‍රමුඛ ශ්‍රී ලනිපයටයි. නැත්නම් මහින්ද මහත්තයා මෙයිට වඩා අපේ හිත්වල ඉඳියි. සෝබන ටිකක් අයින් කරලා තමන්ගේ එවුන් ගැන විතරක්ම නොහිතා මිනිසුන් අතරට නොයෑම හැමෝටම පාඩමක්...

    ඊගාවට අද වෙනකොට හැම කෙනාම කාගෙවත් සෙක්සුවල් ප්‍රිපරන්ස් එකකට, හමේ පාටට, තමන්ගේ ආගමට, ජාතියට මාකට් එකක් හදාගන්න වීම ගැනත් අපමණ දුකයි.
    ග්‍රෝ අප් ශ්‍රී ලන්කන්ස්.... තමයි කියන්න තියෙන්නේ....



    ReplyDelete
  8. 'මම හිතන විදියට නං ජවිපෙ විපක්ෂයේ හිටිය කාලය දැන් ඇති. මෙතනින් ඉහලට යන්න නම් අලුත් ආණ්ඩුවෙ ඇමතිකම් කිහිපයක් ලබාගෙන (ඒක එච්චර අමාරු දේකුත් නෙවේ) "වැඩ පෙන්නල" ඉදිරියට යාම හෝ පැරණි වම මෙන්ම නටබුන් විම තෝරාගන්න පුළුවන්.'

    ජේවීපිය ආණ්ඩුවට ගැනීම කිසිසේත්ම නොකළ යුත්තකි.විවිද අනපනත් සම්මමත කරගැනීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය ගැනීම ඊට වඩා යහපත්ය.

    ජේවීපී ආණ්ඩුවට ගතහොත් සිදුවන්නේ ආණ්ඩුවට කිසිදු දෙයක් කිරීමට නොහැකි වීමයි.

    මට නම් මහින්ද පැරදුනාටත් වඩා සතුටන දනවන කාරණයක් වන්නේ පොර ටෝක්ස් දීගෙන හිටපු ජෙවිපිට ලැබූ අඩු ආසන ගණනයි.

    අනුන් කරන හැම දේම විවේචනය කරනවා ඇරෙන්නට ජේවීපී කරන දෙයක් නැත. කුහක ජෙවිපිට ලැබිය යුතු ප්‍රතිපලය ලැබී ඇත.

    ReplyDelete
    Replies
    1. මේ වගේ සක්කිලි ආණ්ඩුවකට රිoගනවට වෑඩිය බේරේ වෑවට පෑනීම හොදය.
      හෙට අනිද්ද රනිල්ලා මහින්දලා කලු කෝපි බිබී ජනතාවට අරිනකොට මේ රටේ බුද්දිමත් ජහමනයාට ජේ.වී.පී කියන අකුරු හතර මතක්වෙයි.
      ගදගහන කුහකයන්ට හොරුන්ට ජේවීපී ඈලජික් උනාට රටේ බුද්දිමත් ජනතාවගේ පක්ශය ජේවීපී ඵක තමයි.බලාගෙන ඉන්න .ඵක හීනෙන් ඵලිවෙන්නේ නෑත.

      Delete
  9. මං හිතන්නේ චොකා මල්ලි තමයි අඩුම වියදමිකින් වැඩිම මනාප ගත්තේ...

    බලමු ඉස්සරහට මොනවා කරයිද කියලා

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වරෙං දැන් හොඳා.නැත්නං උඹ අදත් ජයවේවා කියල පැනල යනවා.

      Delete
    2. හැක් හැක්

      Delete
    3. ඔන්න මානාප කරමේ තියන හොඳම ලක්ෂනය !

      Delete
  10. ජවිපෙට ඡන්දේ දෙන්න කියන ව්‍යාපාරයට වඩා... මදාවියා එලවන්න යූ ඇන් පීයට දෙන්න කියන දේ ජනතාව අතරට බලවත්ව ගියා... මිනිස්සු ඒ දෙ කලා...

    නැත්නම් අද මේ රට ලේ විලක්..

    වත්මන් දරුවෝ හා තරුණ පරපුර හරි වාසනාවන්තයි...

    ReplyDelete
    Replies
    1. //මදාවියා එලවන්න// අනේ බං මේ මාව අත ඇරලා.
      (මූට කොච්චර කිව්වත් වැඩක් නෑ)

      Delete
    2. අම්මට හුඩු උඹත් මදාවියා නේ...

      Delete
    3. හි හි

      Delete
  11. මහින්දගේ ලක්ෂ 58 ට ගැන කතා කරද්දී , හොඳට පෙනෙනවා ජනවාරි 8 චන්දෙදී වැටුන චන්ද ප්‍රතිසතයට වඩා හැම දිස්ත්‍රික්කයකම චන්ද ප්‍රතිසතය අගෝස්තු 17 චන්දෙදී අඩු බව , 3% 6% ත් අතර ප්‍රමාණයක් අඩුවී ඇත , ජනවාරි චන්දෙ භීෂණ යක් ඇතිව තිබු අතර එවැනි අවස්ථාවක චන්ද ප්‍රකාශ කිරීම අඩු වෙනවා මිස වැඩිවීමක් සිදුවිය නොහැක , අගෝස්තු 17 චන්දෙ සාමකාමී පරිසරයක් තුල පවතී අතර සිදුවිය යුත්තේ චන්ද වැඩිවීමයි , මෙයින් පෙනෙන්නේ ජනවාරි 8 චන්දෙ දී යම් අකටයුත්තක් සිදුවූ බවක්ද ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ 2012 ජනගහනය 20,270,000. 2013 සහ 2014 තව ලක්ශ 7 ක් එකතු උනත් වැඩිම මිලියන 21. අවුරුදු 0-18 ට චන්ද නැහැ. එක අවුරුද්දක 350,000 ක් ඉන්නවා. ඒ කියන්නෙ මිලියන් 6.3 කට චන්ද නැහැ. හැමෝම ලියා පදිංචි නම් ලියා පදිංචි චන්ද දායකයෝ ඉන්න පුලුවන් මිලියන් 14.7. මේකෙන් මිලියන් 1.5 ක් පිටරට තව ලක්ශ 5 ක් හිර ගෙවල්වල, ඉස්පිරිතාලවල, දුර පළාත්වල. එතකොට චන්දෙ දාන්න ඉන්නෙ මිලියන 12.7 යි. මේකෙන් මිලියන් 12 ක් (5.8 + 6.2) ම ජනවාරි චන්දෙ දාල. මගේ අනුමානය ලක්ශ 10 ක් විතර හොර චන්ද. මැකෝ බය කරපු නිසා මේ පාර හිල් බලකාය එහෙම එලියට ආවේ නැහැනෙ. ඒ ලක්ශ 10 මේපාර නැති උනා.

      Delete
  12. (ආගමික අනුගාමිකයන් කට්ටියක් අත පක්ෂය තියනවට වැඩිය දියුණු මිනිසුන් පිරිසක් අත පක්ෂය තියනවට මම පෞද්ගලිකව කැමති බවත් කියන්න ඕන).//
    අන්ධ භක්තිකයන් පිරිසක් සහිත දේශපාලන හෝ ආගමික ව්‍යාපාරය භයානකය. දියුණු මිනිසුන් ඉලක්ක කර ජවිපෙ දේශපාලනය කරනවානම් එය ජවිපෙටත් රටටත් හොඳය.
    රැකියා විරහිතයන් ,පහසුවෙන් නොමඟ යන සිසුන් ,විවිධ හේතු නිසා අසහනයෙන් පෙළෙන අය, රස්තියාදුකාර කමකට නැති මිනිසුන් මත පදනම් වී කළ දේශපාලනයෙන් රටට විනාශයක් වුනේ. ඒ වගෙ අයට තියෙන්නෙ විනාශකාරී ඍනාත්මක මනසක්.
    නමුත් නිර්මානාත්මක මිනිසුන් ඉලක්ක කරගෙන දේශපාලනය කරනවානම් ජවිපෙත් රටේත් අනාගතය හොඳවෙයි.
    හැබැයි මට නම් ජවිපෙ තවම සැකයි

    ReplyDelete
    Replies
    1. //හැබැයි මට නම් ජවිපෙ තවම සැකයි//

      මානසික රෝගීන්ට අමුවෙo කිව්වොත් පිස්සන්ට හෑමදේම සෑකයි.

      Delete
  13. නාගරික මධයම පන්තියට අලුත් සුරතලෙක් හමුවී ඇත. සමාජවාදය යනු, විප්ලවකින් බලය අල්ලා " නොමග ගිය ජනතාවට" හොම්මට ඇණ පෙවිය යුතු දෙයක යැයි විස්වාස කල පලමු පරම්පරාවේ ජවිපෙ නායකයින් වෙනුවට, උගත් මැද පන්ති චින්තනයට ආමාන්ත්‍රණය කලෙ හැකි දෙවන පරම්පරාවේ නායකකත්වයක් ජවිපෙට ඇත. ආසන 39 තිබූ ජවිපෙ අද ආසන 6 බැස්සෙ ඇයි? ජවිපෙ යනු, ඔවුන්ගේම ජනතා නියෝජිතයන්, විවි සිපුන් විසින් දේශපාලන අම්බලමක් ලෙස පාවිච්චිකරන පක්ෂයකි. මෙය පිලිතුර, ඉවාන් පවුලුෂා විසින් මාතලන්ගේ ලිපියකට දෙන ලද කමෙන්‍ටුවක මම දුටිමි.

    /උපුටා ගැනීම/
    ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය හරියාකාරව කියෙව්වනම් කොහොමත් ජවිපෙට ඡන්දය දෙන්න හිතෙන්නේ නෑ. ජ.වී.පෙ , එජාපෙ සහ සන්ධාන මැතිවරණ ප්‍රකාශන අතුරෙන් යම් තරමක හෝ සාධනීය ප්‍රකාශනයක් තිබ්බේ එජාපෙ. නමුත් ඒ අතරින් බොහොමයක් සංකල්පීය කාරනා . මම එහෙම කියන්නේ සංකල්පයක් වශයෙන් එජාපෙ ඉදිරිපත් කරන කාරණා විශිෂ්ටයි. උදාහරණයක් හැටියට " පොකුරු ගම්මාන , "ආර්ථික සංවර්ධන අධි කලාප" වගේ දේවල්. නමුත් මේ සංකල්පීය කාරනා යතාර්ථයක් බවට පත්කිරීමේ ක්‍රියාවලියේදී තමයි එජාපෙ හිරවෙන්නේ , තවත් එජාපය ලංකාවේ ජන විඥ්ඥානය හඳුනාගෙන නැහැ කියන කරනවා පැහැදිලි වෙන්නේ එතැනදී. මොකද මේ කාරනා මහපොළොවේ ප්‍රතිනිර්මාණය කරන්න යනකොට දෙශීය සම්පත් විකුනනවා, ස්වයිරී භාවයට පහර වදිනවා වගේ සුලබ සටන් පාඨ වලින් රජය පීඩනයට පත් වෙන්නපුලුව්න් බවත් ඒ වෙනුවෙන් විසඳුමක් අවශ බවත් ඔවුන් වටහාගෙන නැහැ.
    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලූ බැල්මට ඉතාම ආකර්ෂණීයයි , උදාහරණයක් හැටියට වයස 16 දී ඡන්ද බලය ලබා දීම , ඇමති මණ්ඩලය 25ට සීමා කිරීම . යුද්ධයෙන් නිවාස අහිමි වුවන්ට ලක්ෂ පහක් ලබාදීම , පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම වගේ කාරනා . නමුත් ඒ ප්‍රතිපතති ප්‍රකාශයේ කිසිම තැනක රටට මුදල් බිහිකිරීමේ ක්‍රියාවලිය ගැන සඳහනක් නැහැ. ඒ වැඩපිළිවෙල සංවෘත ආර්ථිකයක් ඇති සමාජවාදී ක්‍රමයක් යටතේ පවතින සශ්‍රීක රටකට ගැලපෙනවා වෙන්න පුළුවන් නමුත් ඒ ලංකාව නෙවෙයි. .
    සන්ධානයේ නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියලා දෙයක් තිබ්බේ නෑනේ. මහින්දගේ ප්‍රතිරූපය මතින් පාර්ලිමේන්තුවේ තව අවුරුදු පහක් ඉන්න කාලය දික් කරගත්ත මිසක් ඒ සඳහා සම්බන්ධ වූ අය අතරේවත් ඒ පිලිබඳ පැහැදිලි අවබෝධයක් තිබ්බේ නෑ. බැන්දම ලක්ෂ පහක් දෙන්න , පඩිය විසිපන්දාහක් කරන්න වගේ ලොසින්ජර ඇරුනම , කොහොම හරි පිට බලය ඕන.. අපිට දීපල්ලා කියන එක විතරයි කිව්වේ.
    /උපුටා ගැනීම අවසන්/

    ReplyDelete
    Replies
    1. මේ වගේ පිස්සන්ට උත්තර දෙන ඵකත් අපරාදේ.
      හරි ජේවීපී ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගීක නෑ නේ.පට්ට ප්‍රායෝගික යූ.ඈන්.පී ප්‍රතිපත්ති ප්‍රකාශය කොරන හෑටි බලමුකෝ.
      ලිබරල් යූ.ඈන්.පී ආණ්ඩුව ආපුහාම ඔක්කොම ප්‍රශ්න විසදෙයි.....දූවිල්ලේ බයික් කටුවල යන්න ඔන නෑ කාර් ඵහෙමත් හම්බුවෙයි කියලා කිව්වනේ.
      බලමුකෝ කෙරුවාව.

      //ජවිපෙ යනු, ඔවුන්ගේම ජනතා නියෝජිතයන්, විවි සිපුන් විසින් දේශපාලන අම්බලමක් ලෙස පාවිච්චිකරන පක්ෂයකි.//
      ජනතාව චන්දය නොදුන්නා කියා ජවිපෙට පාඩුවක් නෑත.
      පාර්ලිමේන්තු ගියා නෑතා කියලා හදුන්නෙත්තිලාට සමන්ත විද්‍යාරත්නලාට අමුතුවෙන් ලෑබෙන කෙන්ගෙඩියක් නෑත.
      ජවිපෙ උගත් පිරිස නෑතිවීමෙන් පාඩුව රටටය ජනතාවටය.
      ඵ් නිසා හෑමදාම ලoකාව 3වෙනි ලෝකයේ රටකි.
      හෑමදාම යුඈන්පී ශ්‍රීලoකා නරින්ගේ රසවත් ඵහෙත් නොතේරෙන නොකෙරෙන අබප්‍රoස අසා ජවිපෙ හිතේතියාගෙන අලියට බුලත්කොලේට කතිරේ ගහමු.චන්දෙන් පස්සේ කනෝ කනෝ කියලා කෑගහමු
      ඔකතමා ලකාවේ බුද්දිමත් ජනතාවගේ ප්‍රායෝගික දේශපාලනේ.
      අනේ අපිටනම් හිනාය......................

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @ඇනෝ August 20, 2015 at 1:33 AM

      විවේචන නො ඉවසන ගතිය ජෙප්පොන්ගෙ උපන්ගෙයි දෝෂයක් නෙව? ඇත්ත කොහොමත් තිත්තයි සහෝදරයා. ඇස් ඇරලා බැලුවොත් පෙනෙයි නියම තත්ත්වය:

      ජවිපෙ - ආසන 4 යි.
      රජ ගෙදර රිළා පාටිය - ආසන 5 යි.

      ඇත්ත. පිස්සොත් එක්ක කතා කරලා වැඩක් නෑ තමා :)

      Delete
    4. @ ඇනෝ මවුස්

      ගොන් වහන්සේ රිලා පාටියේ 5ක් ආවේ මහින්දයගෙ කරපිටින් නෙ බන්.
      සමන්තලා හදුන්ලා ඈතුලු ජේවීපී චම්පිකලා වගේ ඵ.ජා.පෙරමුනෙන් ඉල්ලුවනාම් කීදෙනෙක්ට පාර්ලිමේන්තු ඵන්න තිබුනද බන්?
      ඵ්හෙනම් මේදාපාර ආපූ අලුත් යූඈන්පී ගෑටවුන්ට ඈපත් නෑතිවෙනවා.2004 වගේ ජේවීපී රොත්තක් පාර්ලිමේන්තුවේ ඉදි.

      ඵ්හෙම ඈවිත් වෑඩක් නෑ බන්.ඈගේ ඵල්ලිලා ගන්න 60 ට වෑඩිය තනියෙන් ගත්ත 6 වටිනවා කියලා උබත් දන්නවනේ බන්.

      දෑන් ඵජනිස ඉවරයි.රිලාපාටියට වෑලේ වෑල් නෑ.දෑන් ආය මහින්ද ගොනාව අන්දලා ඌව නන්නත්තාර කරයි.මහින්දට පස්සේ රිලා පාටියටමොකද වෙන්නේ???ඔකුන් පනිනවා යූ.ඈන්.පී ඵකට සිකුරුයි..........අවුලක් නෑ රටට ආදරේටනේ. නේද බන්???

      උබලා වගේ බුද්දිමත් චන්දදායකයො නිසා තමා පාර්ලිමේන්තුවට උගත්තු ගිහින් ලoකාව මෙච්චර දියුනු උනේ ! ! !

      ඵ්ක තමා මම මුලින්ම කිව්වේ.........පිස්සො ඵක්ක කතාකරලා

      Delete
    5. //2004 වගේ ජේවීපී රොත්තක් පාර්ලිමේන්තුවේ ඉදි.//

      දැං ඒ රොත්ත කොහෙද ඉන්නෙ බං?

      බොලාගෙ පිස්සුවට , උන් කියන්නෙ ලදරු වලිප්පුව කියලා. කල් යනකොට, මොලේ පෑදිලා , ඕක හොඳ වෙයි බං. ගිහින් පැරාගෙ අලුත් පොස්ට් එක කියෝපං

      Delete
    6. @ ඇනෝ මවුස්

      {{{ //2004 වගේ ජේවීපී රොත්තක් පාර්ලිමේන්තුවේ ඉදි.//

      දැං ඒ රොත්ත කොහෙද ඉන්නෙ බං?

      බොලාගෙ පිස්සුවට , උන් කියන්නෙ ලදරු වලිප්පුව කියලා. කල් යනකොට, මොලේ පෑදිලා , ඕක හොඳ වෙයි බං. ගිහින් පැරාගෙ අලුත් පොස්ට් එක කියෝපං ]]]


      මුලින්ම..... රිලා පාටියෙ උන් ආවේ අනුන්ගේ කරපිටින් බවත් ඵ්.ජා. පෙරමුනෙන් ඉල්ලුවාන ජවිපෙ ලොකුගානක් පාර්ලිමේන්තු ඵනවා කියන මගේ ස්තාවරය උඹ පිලිගත්ත ඵක ගෑන සතුටු වෙනවා


      දෙවනුව......ගිය උන් ගෑන....උන් කෝහේ හිටියත් අපිට මොකද බන්?
      යන ඵකා අල්ලලා නවත්තන්නද?
      ඵහෙම සීනිබෝල දේශපාලන දෑක්මක් මට නම් නෑ....(මේපාර ජේවීපී ඵකට චන්දේ දුන්න අනිත් උන්ට තියනවාද දන්නේ නෑ..... )
      ගිය උන් ඔක්කොම දෑන් කක්කුස්සි වලවල් වල.
      ඉතුරු උන උන් තමා නම්බු පිටින් ඉන්නේ.
      උන්ගේ රත්තරන් කටවල් ටික නිසා තමයි මහින්ද මහත්තයාට ගෙදර යන්න උනේ....මිනිස්සු උන්ට චන්දේ දුන්නත් නොදුන්නත් ආදරෙයි බන්......ඵ්කයි සමන්ත හදුන් පෑරදුනහාම පක්ශ බේදයක් නෑතුව අනේ අපොයි කියන්නේ....

      අවුරුදු හත අටකට කලින් ගිය උන් ගෑන කතා කලා නේ.හරි ජවිපෙ ඵතනදී ඈනගත්තා කියමුකෝ.
      උඹ් පුලුවන්නම් ගිය සදුදා පත් උන පාර්ලිමේන්තුවේ, ආණ්ඩු පක්ශේ උන් කවුද විපක්ශේ උන් කවුද කියලා හරියට කියපන්කෝ..........
      අනේ බන් මෝඩය උබලා අවුරුද් අටකට කලින් ජවිපෙන් පන්නපු 10ක් ගෑන දොඩව දොඩව ඉන්නවා.....තොපේ ගොo ජනතාව මහලොකුවට ගිය සතියේ චන්දෙ දීලා ඈරපු කීදෙනෙක් ඵහාට පෑන්නද....ජනතාව චන්දෙන් පරද්දපු කීදෙනෙක්ව ජනතාව කොකා පෙන්නලා ඈතුලට ගත්තද?

      උබලා අවු.8කට කලින් ජවිපෙන් පන්නපු 10ක් ගෑන ස්ව්‍යo වින්දනයේ යෙදෙනකොට විපක්ශේ උන් ආණ්ඩුවට පෑනලා...... පෑරදිච්ච උන් පාර්ලිමේන්තුවට පෑනලා.......දූශිතයන්ව ගන්නෙ නෑ කියපු උන් උන්වම අරගෙන .....හුකෑස්....මොකක්ද මේ උනේ....... රනිලුයි MY3යි ජාතික මෙව්වා ඵකකුත් හදලා..........කොහොමද පෑනිල්ල.....අති විශිශ්ඨයි නේද සර්......අවුලක් නෑ නේ රටට ආදරේටනේ.....නේද.....

      ජවිපෙට රතු අලි පෑටවු කිව්වේ උබල නේද?
      රතු අලි පෑටවු ලොවෙත් නෑති උනාට ලස්සන නිල් අජවිපෙට රතු අලි පෑටවු කිව්වේ උබල නේද?
      රතු අලි පෑටවු ලොවෙත් නෑති උනාට ලස්සන නිල් අලිපෑටවු ටිකක් පෙරහෑරකින් සිරිකොතට යනවා උබ දෑක්කද බන්???
      මොකක්ද බන් ඵ් සීන් ඵක.......ජවිපෙ චන්දෙට කලින් කිව්ව කතාව ඈත්ත උනාවත්ද?..... උබේ මහා දේසපාලන දෑනුමෙන් ඵක පොඩ්ඩක් විග්‍රහ කරනන්කො සර්.....
      නිල් අලි කොල අලි ඵකතුවෙලා, උබලට රතු අලිපෑටවු පෙන්නලා පු_ ඈරියවත්ද බන්?



      උබලගේ මහා පක්ශවල උබලා වගේ බුද්දිමත් මහජනතාව චන්දෙ දීපු මහා ජාතික නායකයො පනින පෑනිලි දිහා බලාගෙන් ජවිපෙන් අවුරුදු අටකට කලින් ඵලවපු 10ක් ගෑන හිතාන උඹල ගන්න ආතල්ඵක දකිනකොට මොලේ තියන උන්ට හිනා යන්නේ කටින් නෙවේ නෙ බන්?

      අවුලක් නෑ උබ පෑරාගේ පෝස්ට් වලින් දේශපාලනය ඉගනගන්න ඵ්කෙක් නේ.
      ඵහෙම උන් ඔහොම මන්ද කතා තමා කියන්නේ.

      ජෙවිපෙට චන්දෙ දුන්න අපිට නෙවෙයි බන්........ජාතික ආණ්ඩුවෙන් ලoකාව සිගප්පූරුවක් වෙයි කියලා හිතන් ඉන්න අසරන චන්දදායකයන්ට තමා බන් ලදරු වලිප්පුව .
      මොනවා කරන්නද බන්...මොනවා දුන්නත් මොලේ දෙන්න බෑ නේ.......

      නිල් අලි කොල අලි ඵකතුවෙලා, උබලට රතු අලිපෑටවු පෙන්නලා පු_ ඈරියවත්ද බන්?

      Delete
    7. @ ඈනෝ මවුස්

      කෝ බන් මේ ''මිකී මවුස්'' ???
      මු හෙන පන්ඩිතයො වගේ දේශපාලනය කතාකරනවා.
      මුන්ගේ මතය බොරුකරලා චේද දෙකක් ලිව්වහාම පෑත්ත පලාතක ඵන්නෙ නෑ මුන්.

      උබලා කරන්නේ බොරු පන්ඩිත ටෝක් දාලා දේශපාලනය නොදන්න උන්ව අන්දන ඵක.මේවා කියවන පොතක් පත්තරයක් නොකියවන මෝඩයො මුන්ගේ බොරු විශ්වාසකරනවා....හෑබෑයි දන්න ඵකෙක් මුන් ඵක්ක තර්කෙට සෙට් උනහාම හිමින්ම මාරුවෙනවා...................චාටර් බන්.... උබලා දේසපාලන නපුන්සකයො බන්.

      වරෙන් අපි සoවාද කරමු....බොරු කියන්නෙ ජවිපෙ ද? නිල් අලින්ට කොල අලින්ට කියලා පු_ ඈරගත්ත උබලද කියලා දෙකෙන් ඵකක් බේරගමු බන්..........

      Delete
    8. ඇනෝ,

      දේශපාලන සංවාද කියන්නෙ හොඳ දෙයක්, හැබැයි වැදගත් විදිහට කරන තෙක් පමණයි. ජවිපෙ දිනෙව්වා කියලා උඹටවත්, අලින්ට කඩේ ගියා කියලා මටවත් පෞද්ගලික වාසියක් නොවෙන බව මං දන්නවා. උඹට වගේම ඕනෙ මේ මජර දේශපාලන ක්‍රමය වෙනස් කරන්න. මට ඕනෙ, කව්ද ඇත්ත කියන්නෙ, කව්ද බොරු කියන්නෙ කියලා ‍තෝරගන්න.නැතුව තර්කයෙන් දිනන්න නෙමෙයි. ඕන නං උඹ දිනුම ගනින්. මං එහෙම කියන්නෙ ජෙප්පො හරි දක්සයි, කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්න, අල්ලෙ පැලවෙන බොරු කියන්න, ඒත් අන්තිමට නටපු තොයිලයක් නෑ, බෙරේ පලුවකුත් නෑ

      නිල්/කොල දෙගොල්ලම අඩු වැඩියෙන් හොරු බව මං දන්නවා. ඒත් මං ජෙප්පොන්ගෙ හොඳ කියන්න යන්නෙ නෑ, ඒක උඹ කරන නිසා. ඇත්තටම මං ජෙප්පො ගැන කලකිරිල ඉන්නෙ , උන්ගෙන් මං හිතපු වෙනස වෙන්නෙ නෑ කියල හිතෙන නිසා.

      මේ පොඩි සිල්ලර කතා නවත්තලා , ප්‍රධාන මාතෘකාවට බහිමුද? කියපං බලන්න, ජෙප්පොන්ට බලය හම්බ උනොත් , උන් රට දියුණු කරන්න හිතන් ඉන්නෙ කොහොමද කියලා? උන්ගෙ ආර්ථක ප්‍රතිපත්තිය මොකක්ද කියලා ?

      Delete
    9. @ ඈනෝ මවුස්


      මට ඔන ඈති දිනුමක් නෑ බන්.

      උබලා ජවිපෙ ගෑන වෑරදි නිගමනයකට ඈවිත් තියෙන්නෙ වෑරදි කරුණු ගනනාවක් උඩ කියන ඵක පෙන්නන්නයි මට් ඔන උනේ.
      මම ජවිපෙ මොකෙක්වත් නෙවෙයි නේ.ජෙප්පො මාව දන්නෙවත් නෑ.ඈත්තටම මම දන්න ජෙප්පො 10ක් වත් නෑ.
      හෑබෑයි උන්ගේ ක්‍රියාකලාපය ඉතිහාසය අවු 3ක විතර ඉදන් නිරීක්ශනය කරපු නිසයි විශ්වාසයෙන් මම උබට කිව්වේ.
      අපි බුලත් කොලේට අවු10ක් රෑවටුනානේ........දෑන්, අපේ අලියට රෑවටෙන ටර්න් ඵකද?
      අපේ මේ ගොo පාර්ට් බලබල ආණ්ඩුවෙ උන් විපක්ශෙ උන් අපිට කොයි පෑත්තෙන් හිනාවෙනවා ඈති කියලද උබ හිතන්නේ???

      පොඩ්ඩක් හිතපන් අවු 67ක් අපි මේක නේද කලේ?
      ඔකෙන් අවු30ක් ම හිටියේ අලි නේ.....අවු 30න් නොකරපු ඵක මාස 6න් කරයිද බන්.
      පුදපුගමන් කාපි යකා කියල මහ බෑoකුවේ ගේමක් හේම ගහලා, රට හදන හෑටි පෙන්නුවනේ ඵයාලා.

      අපේ රටේ උන් හෙන මෝඩයි බන්.......මේ රට හදන්න බෑ.
      මනුස්සයෙක්ට යමක් ඉගනගන්න ඔනනම්, ඉස්සල්ලාම ඵ් මිනිහා ඉගනගන්න ඔන දේ තමයි තමුන් දන්නේ නෑ කියන ඵක....අන්න ඵතකොට තමා මනුස්සයා ඉගනගන්න පටන් ගන්නේ......
      අපේ රටේ වෙලාතියෙන්නේ, මිනිස්සු හරි දේවල් දන්නේ නෑ වගේම හිතාගෙන ඉන්නේ උන් තරම් මොලකාරයෝ කොහේවත් නෑ කියලයි....ඉතින් කොහෙද බන් අලුත් දෙයක් ඉගනගන්නේ....කොහොමද වෑරදුනු තෑන් හදාගන්නේ?
      ඉතින් ඵකම වෑරද්ද ආය ආය කරනවා....ඵකම හොරුන්ව ආය ගේනවා......
      තමුන්ට වෑරදුනා කියලා පිලිගන්න කෑමති නෑ....

      අනිත් ඵක උබට ජෙප්පෝ ගෑන කලකිරෙන්න හේතුවක් මම දන්නේ නෑ...මොකද උඹලා උන්ට කවදාවත් බලය දීලා බලලා තියනවද...නෑ නේ?
      ඉතින් කොහොමද බන් කලකිරෙන්නේ?හේතුවක් නෑතුව කලකිරෙන්නේ ''විශාදය රෝගීන්''.උබට ''විශාදයද'' කියලා බලපන් මචන්.
      අනික මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරපු උන් ගෑන කලකිරෙන උබලා යූඈන්පී ශ්‍රී ලoකා හොරු ගැන කලකිරෙන්නේ නෑත්තෙ ඈයි බන්???ඵ් ලොජික් ඵක මටනම් තේරුම්ගන්න බෑ.

      මෙතන තියෙනවා හෘද සාක්ෂියේ සම්මුතිය .කියවලා බලපන්.

      /// http://www.jvpsrilanka.com/en/ ///
      මෙන්න ජවිපෙ දෑක්ම.
      මේ ඉන්නේ වෑඩ කරලා පෙන්නපු මිනිස්සු.හොරු නෙවෙයි.නූගත්තු නෙවෙයි.රටට ආදරය කරන හෑබෑයි කවුරුත් ආදරය නොකරන මිනිස්සු.
      හරියට හමුදවේ කොල්ලො ටිකවගේ.යුද්ද කාලෙට දෙයියා.දෑන් උන්ව කාටවත් මතක නෑ.
      මොනවා කරන්නද බන් රටේ හෑටි......

      ඵක්කෝ, අවු 20ක් විපක්ශේ ඉදලා අමාරුවෙන් මාස 3කට ආණ්ඩුව ගත්තගමන් බිලියන ගනන් මහ බෑoකුවෙනුත් හොරාකන පක්ශයක් ,ලoකාව සිoගප්පූරුවක් කරයි කියලා හිතන් ඉන්න උඹලට පිස්සු වෙන්න ඔන,
      නෑත්නම් අලි හොරුන්ට රෑවටෙන ගොo ජනතාවකට ප්‍රතිපත්ති දේශපාලනය කරමු කියලා යෝජනාකරන අපිට පිස්සු වෙන්න ඔන බන් !

      Delete
  14. //ආගමික අනුගාමිකයන් කට්ටියක් අත පක්ෂය තියනවට වැඩිය දියුණු මිනිසුන් පිරිසක් අත පක්ෂය තියනවට මම පෞද්ගලිකව කැමති බවත් කියන්න ඕන// ජවිපෙ සම්බන්ධයෙන් මේ කියපු කතාවට මාත් එකඟයි

    ReplyDelete
  15. ජවිපෙ විශේෂයෙන් සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තුවට නොතේරීම ගැන මටත් පොඩි ගිල්ටි ගතියක් දැනෙනවා.. එත්.. මගේ පුද්ගලික හැඟීම නම් ජවිපෙ මිට වඩා ටිකක් ප්‍රයෝගික විය යුතුයි. එක උදාහරණයක් නම් මනාප නොඉල්ලා පක්ෂයට විතරක් චන්දෙ ඉල්ලීම මේක ප්‍රයෝගික නෑ. පුද්ගල ප්‍රතිරුප 'මාකට්' කරන්න පුලුවන්නම් මාකට් කරන්න ඕනි. අවසානේ කොහොමත් වෙන්නේ පක්ෂෙට චන්ද වැටෙන එක..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් අඬල පලක් තියෙනවද? සල්ලි ඉල්ල ඉල්ලා හිටිය මිසක් චන්දෙ දැම්මේ නැහැනේ. හොඳ වැඩේ ( උඹටත් මටත්) , මට නම් සතුටු කොළඹින් කෙනෙක් ආවා. ඒ ගැන ආඩම්බරයි. හම්බන්තොට අය ගැන කවදත් වගේ පාරත් දුකයි

      Delete
  16. රාජ් අයියේ මහින්ද මාමි කිවුවේ එයා ආයෙම චන්දෙ ඉල්ලන්නේ චන්දෙන් පැරදුණාට පස්සේ එයාලගේ ගෙදර ගියපු වන්දනාකරුවෝ ඉල්ලන්න කියපු හින්දා කියලනේ. පව් එයාව මිනිත්තු රවට්ටලා.. කැත මිනිත්තු

    ReplyDelete