Tuesday, August 4, 2015

දිවයින කතෘට අමතක වෙච්ච ටික....

උදේ පාන්දර පත්තර කියන දෙරණේ චතුර ළමයා දිවයින කතුවැකිය කියවනවා ඇසුනේය. දිවයින කතුවරයාට මැතිවරණ නීති ක්‍රියාත්මක වන අාකාරය ගැන පොඩි චූන් එකක් ඇතිවී ඇති ආකාරයක් පේන්න තබුනි. විස්තරය අසන්නට ලැබුනේ එහෙන් මෙහෙන් නිසා සම්පූර්ණ විස්තරය බලන්නට සිත්විය.

උපුටාගැනීම:
අවුරුදු පැමිණි බව පවසන්නේ කොහායි. ජන්දය පැමිණි බව පවසන්නේ කෝලාහලයයි. අතින් පයින්, ගලෙන් මුගුරෙන්, කිනිස්‌සෙන් කඩුවෙන්, උණ්‌ඩයෙන් බෝම්බයෙන් ක්‍රියාවට නැංවෙන කෝලාහලය අවසානයේ ඇසට ඇසක්‌ හෝ හිසට හිසක්‌ ඉල්ලන තැනට පැමිණේ. බොහෝවිට එම තත්ත්වයට මුහුණදෙන්නේ ඉස්‌මුරුත්තාවට එන තරමට 'ජන්ද උණ' වැළඳුණු උදවියයි. නමුත් ඉන් මෙහා, ජන්දයක දායකත්වය ජන්ද අයිතියට පමණක්‌ සීමා වූ අහිසංක සාමාන්‍ය ජනතාව අමු අමුවේ පීඩා විඳි ජන්ද කෝලාහලයන්ද විය. ඒ වනාහි මහ පාන්දර සිට රෑ දෙගොඩහරියාමය දක්‌වා තොරතෝංචියක්‌ නොමැතිව යකඩ කටවල්වලින් මුදාහරින මනාප අංක රාවයයි. එය ජන්ද අපේක්‍ෂකයාට ජය සක්‌හඬක්‌ වුණිද, බහුතර සත්ත්වයාට එකම කන්දොස්‌කිරියාවක්‌ විය. මනාප අංකය පමණක්‌ නම් කම් නැත 'දක්‍ෂ, අවංක, එඩිතර, කාර්යශූර, බුද්ධිමත්........' ආදී සිංහලේ අගනා වචන ලැයිස්‌තුවක්‌ ජන්ද සමයේදී මෙලෝ රහක්‌ නැතිව, කන්වලට වද දෙමින් 'හෝල් සේල්' විකිනුණි.

නමුත් දෙයියනේ කියා මෙවර මැතිවරණය කනට අමාරුවක්‌ නැත. සුවසේ අවදිවීමටද, සුවසේ නින්දටයැමටද හැකි මෙවන් ජන්ද සමයක්‌ ඉතිහාසයේ නොතිබූ තරමකි. වෙනදා ඇසෙන ශබ්ද කෝලාහලය මෙවර නැත. ප්‍රසිද්ධ රැස්‌වීමක හැරුණු විට 'ලවුඩ්ස්‌පීකර්ස්‌ ' භාවිතය සඳහා අවසර නැත. එනිසා මේ අප ගෙවමින් පවතින්නේ ජන්ද සමයක්‌ යෑයි නොසිතෙන තරමේ නිසලතාවයක්‌ අවට තිබේ. අප අත්විඳින මේ නිස්‌කලංකයේ ගෞරවය පළමුව හිමිවිය යුත්තේ මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාටය.

මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිරණ කොමසාරිස්‌වරයා විසින් ගෙන ආ නීති අතරින් බහුතරය ක්‍රියාත්මකභාවයට පත්කිරීමටද එතුමාට හැකිවිය. වෙනදා නීති තිබුණද ආණ්‌ඩු බලය ඇති අය මෙන්ම ආණ්‌ඩු බලය නැති අය විසින්ද හරිහරියට ඒවා උල්ලංඝනය කරන ලදී. නීතිය බොහෝ විට වචන හෝ වගන්තිවලට පමණක්‌ සීමා විය. නමුත් මෙවර නීතිය බොහෝ දුරට 'නීතිය' ලෙසින් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ.

නමුත්, ඉකුත්දා කොළඹ බ්ලුමැන්ඩල් පාරේ සිදු වූ වෙඩිතැබීමේදී එතෙක්‌ ගෞරවයට පාත්‍රවූ නීතියේ ක්‍රියාත්මකවීම තරමක්‌ අභියෝගයට ලක්‌විය. මන්ද එම වෙඩිතැබීම සිදුවන විට ජන්ද ප්‍රචාරක කටයුතුවලට යමින් සිටි හෙවත් 'කැන්වසින්' යමින් සිය ගණනක්‌ එහි සිටි බවට පසුව වාර්තා පළවන්නට විය. එහෙත් කැන්වසින් යන කණ්‌ඩායමක්‌ උපරිමය 25 කට සීමාවිය යුතු යෑයි මෙවර මැතිවරණ කොමසාරිස්‌වරයා නීතියක්‌ පනවා තිබේ. එසේ නම් ආණ්‌ඩු බලය ඇති අයට නීතිය එකවිදිහකටත්, ආණ්‌ඩුබලය නැති උදවියට නීතිය තවත් විදිහකටත් ක්‍රියාත්මකවන්නේ දැයි මෙහිදී තර්කයක්‌ මතුවීම වැළැක්‌විය නොහැකිය.

ඒ වුණත් මෙවර මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ගෙන ආ එකී නීති හේතුවෙන් සිදුවන්නට නියමිතව තිබූ තවත් 'බ්ලුමැන්ඩල් සිද්ධි' ගණනාවක්‌ වැළකුණු බව අපගේ අදහසයි. ජන්ද ප්‍රචාරක පෙළපාලි සීමා කිරීම, අත්පත්‍රිකා බෙදාහැරීම සඳහා තහංචි පැනවීම, පෝස්‌ටර ව්‍යාපාරයට වැට බැඳීම හරහා ජන්ද උණෙන් 'අං පටලවා ගැනීමට' තිබූ අවස්‌ථා බොහොමයක්‌ වැළකුණි. නොවැළැක්‌විය හැකි සිදුවීම් කිහිපයක්‌ හැරුණුවිට මෑත ඉතිහාසයේ පළමු වරට 'කැලෑ නීතියක්‌ නොවන නීතියක්‌ ' මගින් ජන්දයේ 'ගාය' අඩුකරනු ලැබ තිබේ.

මැතිවරණ නීති හැමදාම තිබුණි. නමුත් සිදුවූයේ නීති ක්‍රියාත්මක නොවීමය. දැන් දැන් නීතියට පණ එමින් පවතී. හැමවිටම මුවග සිනහවකින් සරසාගෙන සැහැල්ලුවෙන් වචන එළියට දැමුවද මහින්ද දේශප්‍රිය මහතාගේ වචන තුළ අපූරු සෘජු බවක්‌ රැඳී තිබේ. ඉකුත් ජන්දයේදී හොර ජන්ද දැමීමට පැමිණියහොත් දනිස්‌සෙන් පහළට නොව හිසටම වෙඩි තැබීමට හැකිවන බවට දේශප්‍රිය මහතා පැවසුවේ තමන් සමග සෙල්ලමට නොඑන ලෙසින් අවශ්‍ය පණිවුඩය, ඉතාම සරලව ප්‍රකාශ කරමිනි.

මැතිවරණ නීති ක්‍රියාත්මකභාවයට පත්කිරීමේ ප්‍රතිඵලය ලෙසින් මේ වන විට පැහැදිලිවම සිදුවීම් අවම වූ ජන්දයක ස්‌වභාවයක්‌ දිස්‌වෙමින් තිබේ. එමගින් නිදහස්‌ මනසකින් සිය මහජන නියෝජිතයා තෝරාගැනීමේ අවස්‌ථාව මහජනතාවට පිරිනැමෙනු ඇත. මේ 'නිදහසේ' ගෞරවයෙන් විශේෂ කොටසක්‌ මහින්ද දේශප්‍රිය මහතාට ලැබිය යුතුය

උපුටාගැනීම අවසන්.

හැබෑවකි! මැතිවරණ නීති හොඳට තදට ක්‍රියාත්මක වෙනවාලු. ඒ ගැන මැතිවරණ කොමසාරිස්තුමාට ප්‍රශංසා කර ඇත. ඒ ගැන අපේ අවුලක්ද නැත. එහෙත් දිවයින කතෘට අමතක වී ඇති කාරණා දෙකතුනක්ද ඇති බව පෙනේ.

2015 පාර්ලිමේන්තු මැතිවරණයට කලින් 2015 ජනාධිපතිවරයා තෝරා ගත්තේද මෙවැනි ඡන්දයකිනි. ඒ මැතිවරණයේදීද සිටියේ මේ මැතිවරණ කොමසාරිස්වරයාය. ඒ මැතිවරණයේදී සිටියේද දැන් සිටින පොලිසියයි. ඒ මැතිවරණයේදීද මැතිවරණ රාජකාරී කලේ දැන් සිටින රාජ්‍ය සේවකයන්මය. ඒ මැතිවරණයේදීද තිබුනේ දැන් තිබෙන රජයේ ජනමාධ්‍යයි-පෞද්ගලික ජනමාධ්‍යයි. ඒ මැතිවරණයේදීද සිටියේ දැන් සිටින ඡන්ද දායකයන්ය. එහෙත්,

ඒ මැතිවරණයේදී තිබුනේ එජනිස ආණ්ඩුවයි. දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවයි. ඔක්කෝටමත් වැඩියෙන්, ඒ මැතිවරණයේදී ජනාධිපතිව සිටියේ මහින්ද රාජපක්ෂයි. දැන් ජනාධිපතිව සිටින්නේ මෛත්‍රීපාල සිරිසේනයි.

22 comments:

  1. ඒක තමයි ලංකාවෙ චන්දෙ දීමෙන් බලාපොරොත්තු විය යුත්තේ. මෙහෙ කවදාවත් ලොකු වෙනසක් , ලොකු හොඳක් වෙන්නෙ නෑ. තිබුනට වඩා පොඩි හොඳක් වුනාම ඇති කියල චන්දෙ දෙනවනම් බලාපොරොත්තු සුං වෙන්නෙ නෑ.

    "උනුත් එකයි මුනුත් එකයි. අපිව ඇන්දුව. චන්දෙ දෙන්න යන්නෙ නෑ. කටු ගානව. දේශපාලනේ ජරා ගොඩක්. එපා වෙලා තියෙන්නේ" කියන අයව මටනම් තේරුම් ගන්න අපහසුයි. ඒ අය ඇත්තටම එක චන්දෙක ප්‍රතිපලයකින් ලංකාව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී දූෂනයෙන් තොර ශීලාචාර රටක්වෙයි කියල හිතලද චන්දෙ දීල තියෙන්නෙ? මේ සිරි ලංකාව ???

    මටනම් පොඩි ප්‍රමාණාත්මකව හා තත්ව වශයෙන් ඉතා පොඩි හොඳක් වුනාම ඇති චන්දය දීම ගැන සෑහීමකට පත්වෙන්න.
    එහෙම නැති වුනත් වැඩියෙන්ම මං අකමැති හා වැඩියෙන්ම නරකයි කියල හිතෙන එකා හරි කණ්ඩායම පැරදෙන එකත් ඇති. ඊලඟ පාරත් අකමැති අය පරදවන්නම චන්දෙ දෙනව.
    සිම්පල් !

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ කියන කථාව හරි...මේ අපේ රට... මේකේ හැටි මෙහෙමයි...අපි වගේමයි..අපේ තව මොනාද හදන්න තියෙන්නේ..ඒ වගේ අපේ රට හදන්න යන්නේ නැතුව ඔහේ යන්න දුන්නම ඉවරයි...
      මේ ජාතියේ මැතිවරණ කැම්පේන් දෙක තුනක් පහුවෙනකොට මජර දේශපාලනේ ඉවරවෙයි කියල මට හිතෙන්නේ...හැමදේටම කල් දෙන්න ඕනි...
      මටනම් තියෙන එකම බය, මේ අය පස්සේ වෙනස් උනොත් කියන එක...ඒ කියන්නේ දිණුවට පස්සේ රස වැටිලා පිස්සු නටාවිය කියන බය...හැමෝම නෙමෙයි, ඒත් එකෙක් දෙන්නෙක් කරන මජර වැඩකින් මුලු ආණ්ඩුවක්ම නරක්වෙන්න ඉඩ තියෙනවා..

      Delete
    2. ඇක්සොලන්ට් කොමෙන්ට් ලොක්කා...

      මෙන්න රැස්පොට් එක....

      Delete
    3. ප්‍රා බොසා

      මේං මගේ භක්තිය ඩබල් එකේ !!

      Delete
    4. කකා කියල තිබ්බ ඕස්ට්‍රේලියාවේ ඡන්දෙ දැම්මේ නැත්නම් දඩ ගහනවලු. ඡන්දෙ දෙන එක 'අමු කරදරයක්' වෙන්නේ නැතිවෙන්න සිස්ටම් එකක් හදල අපෙත් ඒ වගේ පිළිවෙලකට ගියත් මමත් කැමතියි. මෙහෙ ඡන්දෙ දාන එක පට්ට වහක් නේ.. දවස් දෙකක් නිවාඩු දාගෙන අතින් කයිට් කරගෙන ගිහින් උන්ගේ ආඩම්බර බලල එන්නත් ඕනි. සැක්..කවුරුහරි අනුග්‍රහයක් දක්වනවනම් මාත් අනිවාර්යෙන්ම යනවා ඡන්දෙ දාන්න.. එහෙම නැතුවනම් මෙදා පොටේ බෑ..

      Delete
    5. ඈ කමියෝ... උඹ දුන් දාගෙන දාපු පොස්ට් එකට මම උත්තරයක් බැන්ද නේද? මම හිතන්නේ මම විතරයි උඹෙන් චන්දෙ සල්ලි වලට ඉල්ලුව එකම එකී. හුහ්, එතැනදී ඔෆර් ගැන මදි කියල ටෝක් දුන්න. ඈ බන්, මම ඇරෙන්න එකෙක් ආවද රුපියල් දෙකකට වත් චන්දෙ සල්ලි වලට ගන්න ? නැහැනේ? එහෙව් එකේ සාධාරණ ගානක් ගැන කියෝනව... හික් හික්

      Delete
    6. ප්‍රා.... මෙන්න මගේ ප්‍රනාමයත්....

      Delete
  2. එක තමයි "යහපාලනේ" සහා "යමපාලනය" අතර වෙනස.
    මේ ජන්ද ලොක්කා ආතතියෙන් තොර බුවෙක් නිසා හොඳයි.

    ReplyDelete
  3. දිවයින කතෘ කියන්නෙ හිටං මහ රජාගෙ උපදේශක කියලා පඩි ගත්තු අනුර සොලමන් ගොයිය නෙවැ... ඌ ලියයියැ මහ රජාට එරෙහිව වචනයක් වත්?

    ReplyDelete
  4. දිවයින කර්තෘ ෆූල් සමබර වේලා...ක්‍රෙඩිට් එක යහපාලනේට දුන්නොත්,මේ පාර ඉල්ලන කට්ටියට වක්‍රකාර සහ්යක් දුන්නා වේනවානේ... :D

    ReplyDelete
  5. අන්න දවසෛ් මැ.තිවරණ කතාව

    ReplyDelete
  6. බලන්නේ "දෙරණ".කියවන්නේ "දිවයින". මරු...D

    ReplyDelete
  7. වඩාත් වැදගත් වන්නේ, මේ ගොඩනගාගත්/ගොඩනැගීමේ තත්වයට පත්කරගත්, මැතිවරණ විනය, ඉදිරියටත් පවත්වාගෙන යාමයි.

    ReplyDelete
  8. අපිමනෙ කර උඩ තියාගන්නේ. ඊට පස්සෙ බහින්නෑ කියලා කියලා කෑ ගහනවා.

    ReplyDelete
  9. දාපං පහක්...!

    කෙළිං කතාව.

    ReplyDelete
  10. අම්මපා................. කතාව අැත්ත.... සුපර්

    ReplyDelete
  11. රාජ්, තැපැල් චන්දෙ කොහොමද? කෂ්ටිය කාට දුන්නයි කියලද කියන්නේ?

    ReplyDelete
  12. යාම පාලනයට වඩා සියදහස් ගුණයක් යහපාලනය හොඳය...

    ReplyDelete
  13. ඇත්ත කතාව. ඒත් ඉතින් මේ දිවයිනනේ .
    http://nelumyaya.com/?p=3935

    ReplyDelete