Tuesday, December 29, 2015

මෙන්න, 2015 වසරේ සම්මාන!

2015 වසර අවසන්වීමට අැත්තේ දින කිහිපයකි. මේ රාජ්ගෙ නවාතැන බ්ලොග් අඩවිය විසින් මෙම වසරේ දේශපාලන, ආර්ථික, සමාජයීය ක්ෂේත්‍ර අරභයා පිරිනමන සම්මාන ප්‍රදානයයි.

I. වසරේ ආහාරය.
3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.පරාජය කිරීමට නොහැකි යැයි සිතූ ඒකාධිපති පාලනය බිඳදමා ජනබලය ලොවට පෙන්වීමට මුල්වූ............ "ආප්ප" වසරේ ආහාරය ලෙස සම්මානයට......

II. වසරේ දේශපාලකයා.
3.රනිල් වික්‍රමසිංහ.
2.ආර්.සම්බන්ධන්.
1.ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයේ සිටි පාලකයා පරාජය කරමින්ද පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයක් ජයගැනීමෙන්ද "මෛත්‍රීපාල සිරිසේන" වසරේ දේශපාලකයා ලෙස සම්මානයට.......

III. වසරේ හොඳම පරාජිතයා.
3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූවද, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වී සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුගේ මට්ටමට පත්වුවද, සටන අත් නොහරින "මිහිඳු රදපස්" හොඳම පරාජිතයා සම්මානයෙන් පිදුම් ලබයි......

IV. වසරේ ද්‍රෝහියා.

3.එස්.බී.දිසාවට නායක (මහින්ද හින්ද අපි පැරදුනේ)
2.ඩීල් ආන් පෙරෙයිරා (නාමල්ගෙ කටයි පුකයි......)
1.මහින්ද පරාජය වූ විගස අප්පච්චි මලා කියමින් මෛත්‍රීගේ ඔඩොක්කුවට පැනීම වෙනුවෙන් "විජි විජ (ඇර)සොයියා" හොඳම ද්‍රෝහියා සම්මානයට පාත්‍රවන වගයි......

V. (සැඟවී සිට හසුවූ) වසරේ ගූකෑල්ල.
3.ගොංජන් රාම නායක
2.අ ජිත්පීපෙ රේරා
1.කීර්තිමත්, වැදගත්, මහත්මා.... දේශපාලකයෙකුව සිට ක්ෂණිකව තක්කඩි, ඩීල්කාර, කපටියෙකු බවට පත්වූ "විජය දැසි රදපසුන්" වසරේ ගූකෑල්ල සම්මානයෙන් පිදුම් ලබන වගයි......

VI. වසරේ ව්‍යාපාරිකයා.
3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.විධා-ව්‍යදා-අධි ත්‍රිත්වයම මුදල් බලයෙන් සාක්කුවට දාගැනීමට සමත් වූ ඇවන්ගෝට් අධිපති "නිසංක සෙන්පති" හොඳම ව්‍යාපාරිකයා ලෙස නම් කෙරේ.....

VII. වසරේ රාජ්‍ය නිලධාරියා.
3.නිර්දේශිත නම් නොමැත.
2.කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති.
1.එක් තීරණයකින් සිය බෑනා ගොඩදැමූ පෙරිය වංගියේ ලොකු බොස් වන "අරජුන මහේන්දරන්" වසරේ නිලධාරියා ලෙස තෝරාගත් වගයි......

VIII. වසරේ ඇඳුම.
3.අමුඩය.
2.ජංගිය (යුරේනි)
1.පක්ෂ භෙදයෙන් තොරව සියළු බයියන්ගේ කටවල් විවෘත කිරීමට සමත්වූද, මූත්, ඌ වගේම බයියෙකු බව සත්‍යාපනය කලාවූද "තිසරපටය" වසරේ ඇඳුම ලෙස නම්කෙරේ......

IX. වසරේ සහෝදර ප්‍රේමියා.

3.නිර්දේශිත නම් නොමැත.
2.අර්ජුන රණතුඟ.
1.සහෝදර සමාගම් විවේචනය කරමින් බලයට පැමිණි විගස සහෝදරයා කොමිටෙල් සමාගමේ ලොක්කා කර පඩි වැඩිකර දුන් "මෙත්පල් සිරිසෙන්තුමා" වසරේ අදරැති සහෝදරයා ලෙස නම් කරන වගයි.....

X.කතරේ වස හෙවත් වසරේ කත හෙවත් කිරි කලයේ ගොමතැම්බ.

3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.අතීත සුදුවෑන් අමතක කරවමින් ඩිපෙන්ඩරයකින් ගොස් පිරිමියෙකු පැහැරගැනීමට සමත් වූ "හිරුනිකර් පෙම්සඳ" මැතිනිය කතරේ වස සම්මානයට පාත්‍රවන්නීය......

XI.වසරේ කතාව.
3.විජි විජ (ඇර)සොයියා(අප්පච්චි මලා)
2.මෙත්පල් සිරිසෙන් (මඩු වලිග)
1.මිහිඳු රදපස් ("මගේ කාලෙ උද්ඝෝෂණය කල ළමයින්ට දුන්නෙ කිරි පැකට්")

XII.වසරේ සමාජ ක්‍රියාධරයා.(නිතරගයෙන්)
1. මජර පාලනයට එරෙහිව ජනබලය ගොඩනඟමින්ද, ව්‍යවස්ථා සංශෝධන-ස්වාධීන කොමිෂන් සභා ආදිය වෙනුවෙන් හඬ නඟමින්ද, පොදු අපේක්ෂක සටනේ පෙරමුණ ගනිමින්ද, සිදුකල අරගලය නවතා, මාරයාට අවනතව නික්මගිය "පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ" වසරේ සමාජ ක්‍රියාධරයා ලෙස ගෞරව සම්මානයට පාත්‍රවන වගයි.


[2012 සම්මාන]

37 comments:

  1. එළ එළ ලෙසටම ලියලා තියෙනවා...

    නිකමට වගේ අහන්නේ වසරේ පරාජිතයා එකේ පළමු වෙනි තැන ගත්ත කෙනායි,
    වසරේ කතාව එකේ පළමු වෙනි තැන ගත්ත කෙනායි අතරේ සම්බන්ධයක් එහෙම තියෙනවා ද???

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. අජිත් පී. පෙරේරා වසරේ හොඳම ගූ කෑල්ල දෙවන ස්ථානය ලබා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද බස් හෝල්ට් එක හැරුණු විට?

    ReplyDelete
    Replies
    1. ඔව්. මතක නැද්ද පහුගියකාලෙ කල ප්‍රකාශ එහෙම. ඇවන්ගාඩ් සම්බන්ධව වගේම තවත් කිහිපයක් මතකයි.

      Delete
    2. සමාවන්න. මට යමක් මිස් වෙලා වගේ. මොකද්ද ඇවන්ගාඩ් ප්‍රකාශය?

      Delete
  3. vasare Hondama ugath modayan raana.

    blog sasadaya

    goo hathayi ... aaaaaaaa

    ReplyDelete
  4. වසරේ හොඳම විමර්ශන ආයතනය -
    බරපතළ වඤ්චා විමර්ශන ඒකකය

    ReplyDelete
  5. වසරේ අනාථයා

    1. ඔටුන්න පෙනි පෙනී වලට පැන දිවිනසාගත් අත්ත තිස්සනායක මහතා........

    වරසේ මොළකාරයා.

    1. කන්න දුන්නු අත වෙලාවට හපා කෑ සිල්වින් මර්වා මැතිතුමා....

    තව දෙතහැකියි හෝ ගාලා........ ගලාගෙන ඒන්නේ......... පට්ට මචං

    ReplyDelete
  6. වසරේ ගායකයා
    1.එන්රික්

    ReplyDelete
    Replies
    1. හික්ස් මමත් ලියන්න හිතුව විතරයි රූපෙගෙ කමෙන්ටුව දැක්ක.... වසරේ ජනප්‍රියම ගායකයා එන්රික් : V

      Delete
  7. අපොයි මේ හොඳටම මදි. තව කොයිතරම් නම් දේවල් තියෙනවද තෝරන්න...
    2015 කියන්නේ සංඛේතාත්මක වසරක්නේ ගොබ්බ කම පැත්තෙන් වැඩියම.

    ReplyDelete
  8. ගැලවිජ්ජාව පිලිබඳ විශේෂඥයා

    මෙර් වින් ඩි සලයිවා

    ReplyDelete
  9. හොඳම කින්ඩිය: රාජ් ඕක දීපන් ලමයෙකුට

    ReplyDelete
  10. ඇයි යකෝ වසරේ හොඳම බීම -- වස (ඩීල් ආන් පෙරේරා)

    ReplyDelete
  11. පට්ටයි මචන්....
    ජය වේවා!!!

    ReplyDelete
  12. සම්මාන උළෙල ගැන එච්චර විවේචන එන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තිබ්බද

      Delete
  13. http://s12.postimg.org/xi7sybnul/Mara.jpg

    ReplyDelete
  14. සුපිරියි..එලකිරි

    ReplyDelete
  15. වසරේ හොඳම වෘත්තීය සමිතිය - (සම සම්මාන)- ගැමුණු බලකාය සහ මිසී බලකාය
    වසරේ ජනප්‍රියම චිත්‍රපටය (ඇනිමේෂන්) - සුජී, ඕක දීපං ලමයෙකුට
    වසරේ ජනප්‍රියම චිත්‍රපටය (ලයිව් ඇක්ෂන්) - චාමර, මට තදවෙනවා
    වසරේ ජනප්‍රයම දඬුවම - මඩු වල්ගෙන් තැලීම

    ReplyDelete
    Replies
    1. අර දෙක චිත්‍රපටි කියනවට වඩා Memorable Quotes කිව්වානං හොඳා වගේ.

      Delete
  16. හොඳම යූ ටර්න් එක
    ජනවාරි අටවෙනිදාට පසුව - යහපාලනය වෙනුවෙන් හඬ නැගූ සමාජජාල වලට තුති.
    බ්‍රා කේස් එකෙන් පසුව සමාජ ජාල මාව අඹරන්න හදනවා, මාව අඹරන්න හම්බවෙන්නෙ නෑ

    ReplyDelete
  17. හැබැයි කොටදෙණියාවේ පොලෝසියට වෙන මොකක් හරි සම්මානයක් දෙන්නම තිබ්බා. නුදුන්න එක සෑහෙන්න අසාධාරණයි.

    ReplyDelete
  18. වසරේ හොඳම බ්ලොගය - ප්‍රසන්න

    ReplyDelete
  19. නිර්දේශිත නම් නොමැතිවීම ගැන බලවත් කනගාටුව

    ReplyDelete
  20. වසරේ හොදම අන්දරේ...

    සම්මාන ප්‍රධානය නොකේරේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ ඒක හොරෙන්ම උස්සන්නද හදන්නෙ.

      Delete
  21. වසරේ ඇඳුමට අමුඩෙ ගලෝල බ්‍රසියර් එක දාන්න යෝජනා කරමි.

    ReplyDelete
  22. සුබ නව වසරක් වේවා!! පෝස්ට් බෝ වේවා!!!!

    රදපස්'..මරු නම. අහුබුදුවන් හීනෙන්වත් පෙනුනද? මෙන්න මගෙන් සම්මාන උලෙලට යෝජනා..

    වසරේ කුනුහරුපය - පාකයා
    වෙනුවෙන් සම්මානය ලබා ගන්නේ .... වාසිදේව නානාකාර
    වසරේ වාචාලයා - 3. බන්දුල, 2. ගොම්මන්පිල, 1. පිටපිට දහවෙනි වතාවට විමල් වීරවන්ස
    වසරේ දේශපාලන බහුබූතයා - සෝමවන්ස අමරසින්හ
    වසරේ වෙලඳ සන්නාමය - කොකා කෝලා

    - Dimithri

    ReplyDelete
  23. මරු .

    නමුත් වසරේ කතාව හැටියට වට්ටක්කා කතාව නිර්දේශ නොවීම නම් අඩුවක්

    ReplyDelete
  24. සුභ වසරක් වේවා. රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය සහ වැඩ කිරීමට ඇති ඕනෑකම දැනට තිබෙන මට්ටමට වඩා නව වසරේ 1 % කින් වත් වැඩි වේවා.

    සමරසේකර

    ReplyDelete
  25. වසරේ සම්මාන කදිමයි. සුබ අලුත් අවුරුද්දක් වේවා රාජ්ට , රාජ්ගේ පවුලට හා රාජ්ගේ බ්ලොගයට

    ReplyDelete