Saturday, December 19, 2015

කක්කුස්සිකාරි

දොස්තර රුවන් එම් ජයතුංග මහතාගේ කක්කුස්සිකාරයෝ ශීර්ෂයෙන් ලියවුන සටහන දැකීමෙන් පසු මා දන්නා කක්කුස්සිකාරියක් ගැන මතකය අවදි විය. කක්කුස්සිකාරයෝ/කක්කුසියෝ වැනි අපහාසාත්මක යයි කිවහැකි වදන් සනීපාරක්ෂක කම්කරුවන් සඳහා සමාජයේ/රැකියා ස්ථාන වල භාවිතා වේ. මා දන්නා එක් අයෙකුගේ නමෙහි මුලට "ලැට්" යන්න එකතුකර භාවිතා කිරීමට ගම්වැසියන් පුරුදුවී සිටි බව මතකය. කෙසේ වුවත් "කක්කුස්සිකාරි" යන වදන මේ කියන තැනැත්තිය සම්බන්ධයෙන් යොදාගැනීම වැරදි නොවන බව කතාව අවසානයේ ඔබට හැඟෙනු ඇත.

රාජ්‍ය සේවයේ පත්වීම ලැබූ පසු මගේ මුල්ම රාජකාරිවලින් එකක් වූයේ කාර්යාල නිලධාරීන්ගේ වැටුප් සකස් කිරීමයි. මාසික වැටුප් සකස් කල පළමු මාසයෙන් පසුව එළඹි මාසයේ පළමුවැනිදා මැදිවියේ කාන්තාවක් පැමිණ සුළු මුදලක් සඳහන් කර තිබූ වවුචරයක් මා හට භාරදී ගෙවීම් ලබාගැනීමේ කටයුතු සඳහා සූදානමින් සිටි‍යාය. මීට පෙර දැක නැති -එසේත් නැතිනම් අවධානයක් යොමු නොවූ- ඇය, කාර්යාලයේ සනීපාරක්ෂක කම්කරු වෘත්තියේ යෙදී සිටින්නිය බව මා දැනගත්තේ එවිටය. උදෑසන පැමිණ වැසිකිළිය පිරිසිදු කිරීම පමණක් සිදුකල ඇය ඒ වෙනුවෙන් දෛනිකව ලබාගත් මුදල රුපියල් එකසිය පනහකි.

පසු කාලයකදී දැනගත් තොරතුරු අනුව, විවාහවී දරුවෙකු හෝ දෙදෙනෙකු සිටි ඇයගේ සැමියා විදුලි සැර වැදීමක් හේතුවෙන් ශාරීරික දුබල තත්වයකට පත්ව සිටියේය. ගෙයක්දොරක් නොතිබූ ඔවුන් ජීවත් වූයේ කිසිවෙකුට අයත් විශාල වත්තක පිහිටි නිවසකය. එම නිවසෙන්ද ඉවත්වීමට සිදුව තිබූ ඔවුන්ට ඉතිරිව තිබුනේ පාරට බැසීම පමණි. රජයේ කාර්යාලවල සනීපාරක්ෂක කටයුතු සමාගම් වෙත පැවරූ කාලයේ එම කාන්තාවගේ වෘත්තියද අනතුරට මුහුණපෑවේය. එහෙත් සැබෑ පරිපාලකයෙකු මෙන්ම හිතහොඳ මිනිසෙකු වූ ආයතන ප්‍රධානියා ඇය වෙනුවෙන් ක්‍රියාත්මක වූ අතර රැකියාවෙන් ඉවත් කිරීම වෙනුවට සනීපාරක්ෂක සේවය සැපයීම වෙනුවෙන් දියයුතු නව ගෙවීම වන රුපියල් පන්සීයක පමණ දෛනික මුදල ඇයට ලබාදීමට කටයුතු කලේය.

කෙටි කලකදී ජීවත්ව සිටි නිවසෙන් ඉවත්වීමට සිදුවූ බැවින් ඔවුන්ගේ පවුල වෙනුවෙන් නිවසක් සාදා දීමට ආයතන ප්‍රධානියා යෝජනා කලේය. මේ වෙනුවෙන් කුඩා ඉඩම් කැබැල්ලක් ලබාගැනීමට හැකිවූ අතර එය අංශක තිහක පමණ බෑවුමකින් යුක්ත විය. ප්‍රධානියාත් ගෝලයෝත් දින දෙකක් පුරා වෙහෙස වීමෙන් අනතුරුව ඉඩමේ බෑවුම සමතලා කල අතර වැසිකිළියක් සහ කුඩා නිවසක් අටවාගැනීමට ඔවුන්ගේ මහන්සිය ප්‍රමාණවත් විය.

කෙටි කලක් ඇතුලත මා කොළඹින් ස්ථාන මාරු ලබා ගමට පැමිණි අතර පසු කලකදී කාර්යාලයට ගිය දිනෙක සනීපාරක්ෂක කම්කරු කාන්තාව ගැන විමසීමි. පුදුමයකි! තවදුරටත් ඇය කාර්යාලයේ සේවය නොකල අතර තමාගේ සේවය ස්ථිර නොකරන බවට ආයතන ප්‍රධානියාට විරුද්ධව ඉහල නිලධාරීන්ට පෙත්සම් යැවීම නිසා ඇගේ සේවය අවසන්කර තිබිනි.

42 comments:

  1. කල හොඳ පස්සෙන් ....??

    ReplyDelete
  2. ලෝකෙ හැටි තමයි ඉතින්. අපේ දෙමව්පියෝ උදව් කරපු මම දන්න මිනිස්සු ඉන්නවා කන්න දීපු අත හපාකාපු.

    ReplyDelete
  3. ඕක අපේ මිනිස්සුන්ගේ හැටියක් නෙ.

    ReplyDelete
  4. නම හරියටම හරි බං.

    ReplyDelete
  5. ඔහොම ගෑණු කෙනෙකුට පෙස්සම් ගැන හැඟීමක් නෑ අයියෙ.මෙයාව පාවිච්චි කරලයි තියෙන්නෙ මට පෙනෙන හැටියට.එයාගෙ අත්සනක් විතරයි නෙ ඕනෙ.ඔෆිස් වල දිය යටින් ගින්දර ගෙනියන උන්ගෙ වැඩ වල හැටි.අන්තිමට අර ගෑණිට රස්සාවත් නෑ.නම ත් නෑ.කොරපු උන් යස අගේට ඇති..
    (වාසිය සඳහා ප්‍රතිපත්ති පාවාදීම සෑම සමාජ තලයකම පවතින අතර යම් වාසියක් තකා සිදුවන්නට ඇති ඇගේ වෙනස සඳහා වෘත්තියේ හෝ සමාජ තත්වයේ බලපෑම අවම බවයි මගේ හැඟීම.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැරදියි. එයා තනියම කල වැඩක්. ලිවීමට කියවීමට හොඳ හැකියාවක් තිබුන. ඒ වගේම කලිනුත් කිහිප වතාවක් මේ වැඩේ කරලත් තිබුන

      Delete
  6. අපි එක්ක විවිධ තරාතිරම් වල, විවිධ සමාජ තත්ව වල හා විවිධ අධ්‍යාපන හා සමාජීය සාධන මට්ටම් සහිත අය එක්ක ගැටෙන්න වෙනවා. ඒ වගේ වෙලාවට අවම දැනුමත් තේරුමක් ඇති අය තමා මේ වගේ අය.. මම න ඒ වගේ අයට අනුකම්පා කරනවා. ජීවිත අරගලයත් එක්ක තමන්ට කිට්ටු විය නොහැකි මට්ටමක් එක්ක ගනුදෙනු කරන්න ඒ අයට තේරෙන්නේ නැහැ. පොදු සංවේදනය ඇති මිනිසුන් ඉතිරි වෙනවා..

    ReplyDelete
    Replies
    1. හරියටම නිවැරදි පැහැදිලි කිරීම.

      Delete
  7. සමහර විට පෙත්සමක් ගහන්න තරම් උගත්කමක්වත් නැති ඇයව කවුරු හරි රැවටීමකට ලක් කරලා කරව ගන්නත් ඉඩ තියනවා...
    නමුත් අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි කන්න දිඉපු ඇත හපා කන්නත්....

    ReplyDelete
  8. අනිවා අර ලබ්බ කිවුව වගේ , එයාගෙ අත්සන විතරයි ඔතන තියෙන්නෙ. ඔය ගොඩ පෙරකදෝරුවන්ගෙ වැඩ. මට ඔය වගේ වැඩ කීප පාරක් වෙලා තියනව. අපි හැම තිස්සෙම කම්කරුවො ගන්නෙ මෑන් පවර් කරන එකෙක්ගෙන් මමත් ඉතින් පව් කියල එකම එවුන් ටික තියාගෙන ඉන්නව කම්පනියෙන් බෝනසුත් ඉල්ලල දෙනව. ස්තිර සේවකයො කරන්නෙ මුන්ගෙ අත්සන් අරන් කම්කරු කොමසාරිස්ට පෙත්සම් යවනව. පෙත්සම විභාග කරන්න වෙනකොට මුන්ව දොට්ට දාන්න වෙනව.
    හැබැයි මේ මෑන් පවර් සේවකයින් ( අනියම් සේවකයින් ) සේවයේ යෙදවීම ගැන මගේ කැමැත්තක් නෑ ඒක මානුශීය වගේම වගේම රාජකාරියේ ගුනාත්මක බවටත් ප්‍රශ්ණ තියනව.

    ReplyDelete
  9. මටත් හිතෙනවා කවුරුන් හෝ මේ කාන්තාව දඩමීමා කරගන්න ඇති, ආයතන ප්‍රධානියා සමග තිබුණු වෛරයක් පිරිමහගන්න. මෙවැනි නූගත් අය ඉතා පහසුවෙන් නොමග යවන්න පුළුවන්.

    ReplyDelete
  10. පලවෙනි පෙස්සම ගහගන්න බැරිවෙලා, හරි නම් ගේ හදන්න එකතුකළ මුදලෙන් ගැහුවා කියල තමා පළමු පෙස්සම යවන්නේ. ඊට ඉස්සල්ලා කවි කොළයක් සර්ක්‍යුලේට් කරන්නත් තියනවා, ලොක්ක ...

    ReplyDelete
  11. පෙත්සම් ගහන්නේ නිර්නාමිකව නේද, ඇනෝලා වගේ.. එතකොට ඒ දේ කළේ ඇයමයි කියලා කොහොමද ඔප්පු උනේ....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  12. මටත් පේන්නෙ කක්කුස්සි වැඩේ කරල තියෙන්නෙ ඒ ගෑනු මනුස්සය නෙමෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. කක්කුස්සිකාර රාජ් කොළඹ ගිහින් ඒක කරා වෙන්න බැරිද??

      මම තාම රියල් දේශකයා.. හැක්

      Delete
    2. වාසනාවන්ත කාලකණ්නියා, කම්මල, විචා, ඇණයා, මාත සහ Praසන්ன
      වැඩේ කලේ එයාම තමයි. ඇත්තටම වෙලා තිබුනෙ දේශකය පළමු කමෙන්ටුවෙන් කියපු දේ.

      Delete
    3. @දේශකයා,
      කොහොමද උඹ රියල් එකාම කියල ඔප්පු කරන්නෙ.

      Delete
    4. ඕන ප්‍රශ්නයක් අහපං??

      Delete
  13. මේ වගේ ඩ්ගේවල් බොහෝ අව්ස්තාවල සිදු වෙනවා. කොටින්ම අවබෝධකරගැනීමේ අවුල හින්දා. සමහරවිට අතරමැදියන්ගේ බොරු වචන වලට අහු වෙලා. සමහර අවස්තා හරිම දුකයි. මොනවා කරන්නද ඒ කාන්තාවටත් තිබ්බා මෙයිට වඩා තමන්ගේ සීමාවන් වල ඉන්න.
    ඉස්සර වගේ නිතර බ්ලොග් කියෙව්වේ නැතිවුනාට ඉඳලා හිටලා හරි කියවන්න ආවම කියවන්න යමක් දෙනවට රාජ් මහත්තයාට පින් ඔන්න මගෙන්. ගහගන්න බැනගන්න ඒවා දැකලා එපා වෙලා හිටියේ. !

    ReplyDelete
  14. නිකම්ම නිකක් අතක් හපනව වගේද කන්න දුන්න අතක් හපන එක.

    ReplyDelete
  15. ඔහොම මිනිස්සු ජීවිතේ හමුබෙනවා තමා..... ඒකට සූදානම් ව වැඩ කරමු මචං....

    ReplyDelete
  16. සල්ලී ගෙවලා පිටරට ඉගෙනගන්න යන ලමයි ඔය දේම කරනවා

    https://www.youtube.com/watch?v=pX68MJSxV1Q

    ReplyDelete
  17. මේ මිනිසුන්ට උදව් නොලැබෙන්නේ මේ වගේ දුරදිග නොබලා මෝඩ වැඩ කරන නිසයි.

    ReplyDelete
  18. මුල මතක නැති මිනිස්සු. අනේ මන්දා ඉතින්.

    ReplyDelete
  19. නූගත්කම නිසා ඔහොම වෙනව කියලත් හිතෙනව ඉතිං...

    ReplyDelete
  20. කෙතරම් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්

    ReplyDelete
  21. සුලු පහේ උදව්ක්ද ප්‍රධානියා ඇතුලු පිරිස කලේ...හැබැයි ඒ ගෑනු කෙනා කල වැඩෙන් සිද්ද උනේ කබලෙන් ලිපට වැටුණා. වගේ වැඩක්. ඒත් මං ඒක හොදයි කියන්නේ නෑ අර අහිංසක දරුවෝ දෙන්නා නිකන් අනාථ වෙනවා.

    ReplyDelete
    Replies
    1. අතින් කාල බීල බොහොම මහන්සි වෙලා කරපු වැඩක් ඒක. ඒ මනුස්සය එහෙම කලා කිව්වම බොහොම කණගාටුවක් ඇතිවුනා.

      Delete
  22. සේවය ස්තිර නොකල එක පුලුවන් කම තියාගෙන නොකල දෙයක් නම්
    කෙනෙකුට උදව්වක් කර සදාකාලිකවම ඇය කක්කුස්සිකාරිය ලෙස වහලෙක් ලෙස සිටිය යුතුයි කියා සිතනවානම්
    කළ හොඳ අමතක කොට
    කිරි වෙලෙන්දිය මෙන් ඇය විසින්ම සිය වලකපාගත්තා නම්
    වැරදියි!

    ReplyDelete
    Replies
    1. //සේවය ස්තිර නොකල එක පුලුවන් කම තියාගෙන නොකල දෙයක් නම්
      කෙනෙකුට උදව්වක් කර සදාකාලිකවම ඇය කක්කුස්සිකාරිය ලෙස වහලෙක් ලෙස සිටිය යුතුයි කියා සිතනවානම්\\
      කියල නැති දේවල් මවාගන්න එපා බං.
      ඒ මනුස්සය කන්න දුන්න අත හපාකෑව. ඒක පැහැදිලි කරන්න තියන හොඳම විදිය තමයි දේශකයා ඉහල කමෙන්ටුවෙන් දාල තියෙන්නෙ.

      Delete
  23. සමාජය විෂමයිනේ.ඇය ගැන අනුකම්පාවක් හිතුනේ.තව තැනකට ගියත් එතනත් ඔහොම තමයි.එවැනි දෙයක් කරපු එකම තැනැත්තියත් ඇය නෙවෙයි.කලගුණ නොදන්නා මීටත් වඩා පහත් වැඩ කරන මිනිස්සු මේ සමාජයේ ඉන්නවා.සමහරු ජිවත් වෙන සමාජය ඇසුරු කරන මිතුරෝ එහෙමත් ඒවට හේතු වෙනවා.

    ReplyDelete
  24. නුගත්කම නිසා ඇති කරගන්නා ගැටළු...

    නිකමට නෙමෙයිනේ අපිට පොඩි කාලේ ආදර්ශමත් කතන්දර කියල දෙන්නේ, එකපාර රත්තරන් බිත්තර ගොඩක් ගන්න හිතාගෙන කිකිළිව මරපු කතාව මතක් උනා...

    ReplyDelete
  25. "To let "ලියල තියන තැන්වල වචන දෙක අතරට i අකුරක් දාන්න හිතිල නැද්ද?

    ReplyDelete
  26. අපේ තාත්ත කියනව මෙහෙම දෙයක්.

    උපතින් වසලයෙක් වන්නේ නැත. වසලයෙක් වන්නේ ක්‍රියාවෙන් පමණි. එහෙත් කිසිවෙකුත් සමාජයේ සමාන නැත. වසලයා තම දීන පැවැත්ම ඔප්පු කරන්නේ ක්‍රියාවෙනි...

    ReplyDelete