Tuesday, August 2, 2016

ජාතිකවාදී ප්‍රවනතාව [රිටිගල ජයසේන]

අද මෙහෙ නිවාඩු නිසා ලැබුන අවසරයෙන් මගේ "දේශපාලන ඥාතියෙක්" වෙනත් තැනෙක සංවාදයකදි දාලා තිබුන කමෙන්ට් එකක් ඇසුරින් මේ පෝස්ට් එක හැදුවෙ. දීර්ඝ ලෙස කමෙන්ට් කරන්න බලාපොරොත්තුවක් නෑ.

මේක අන්තර්ජාලයෙ ඇති තරම් පට්ට ගසන ලද පරන මාතෘකාවක්. නමුත් මේ මාතෘකාව මුල් කරගෙන මම ප්‍රශ්න කරන්නෙ අද ලෝකය පුරාම රැල්ලක් වගේ නැගගෙන එන "ජාතිකවාදී ප්‍රවනතාව". තමුන්ට මොකක් හෝ දෙයක් නැති වෙලා තියෙනවාය හා ජාතිකවාදයට ආපසු ගමන් කිරීමෙන් ඒ නැතිවූ දේවල් නැවත ලබා ගන්න පුලුවන් කියල ලෝකෙ පුරාම ඉන්න ජාතිකවාදී දේශපාලකයන් සාමාන්‍ය මිනිස්සු අතරෙ මතයක් ගොඩ නගාගෙන යනවා. ඇමරිකවෙ "මේක් ඇමරිකා ග්‍රෙට් අගේන්" කැම්පේන් එක උදාහරණයක්. මේ කැම්පේන් එක නිසා උඩට මතුවෙන මිනිස්සුන්ගෙ හා ජනප්‍රිය වන මතවාද වල කොලිටිය බොහොම ප්‍රශ්නකාරියි. තුන්වන ලෝකයේ දුප්පත් රටවල් වල සිද්දවෙන ජාතියේ වැඩ තමයි මේ දවස් වල ඇමරිකාවෙ ජනාධිපති ඡන්දෙදි වෙන්නෙ. පාලනය කර නොහැකි තරමට වෙන ජනගහන පිපිරීම හා ඒ නිසා ඇතිවෙන සම්පත් අර්බුදය මේ ජාතිකවාදයන් හී නැවත නැගීම පිටිපස තියෙනවා කියල මම පෞද්ගලිකව හිතනවා. ඒ ගැන නොයෙකුත් මත තියෙන්නෙ පුලුවන්. එහෙම සරල තනි කාරනාවකට ලඝු කිරීම වැරද්දක් වෙන්න පුලුවන්.

පහත කමෙන්ටුව, ලංකාවෙ සිංහල හා දෙමල ජාතිකවාදයන් ගැන.
සිංහල ජාතිකවාදී කඳවුරේ අය දෙමල ප්‍රශ්නය සම්බන්දව මාතෘකාවක් උඩට ආ ගමන් නැවත නැවත පෙන්වා දෙන්නෙ දෙමලාගෙ වෙනම රාජ්‍යය ඉල්ලීමෙ ඇති අසාධාරනත්වය, එහි අප්‍රායෝගික බව, අප්‍රායොගික අසාධාරන ඉල්ලීමක් සාධාරනීකරනය කිරීමට ඔවුන් කරන අයහපත් දේශපාලනය වගේ කරුනු. ඕවා ගැන ඇත්තටම මට නම් විවාදයක් නෑ. බොහෝ දුරට එකඟයි. හැබැයි මම ඒවාට එකඟ වෙන්න් සිංහල-බෞද්ධ ජාතිකවාදී පදනමක ඉඳල නෙමෙයි. එතකොට අර දේවල් තර්කයෙන් නිශ්ප්‍රහා කලා කියල එතැනින් ප්‍රශ්නය ඉවර වෙන්නෙ නෑ. තව සංවාදයක් ඉතිරියි. "දෙමලාට දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය මොකක්ද?" කියල ජාතිකවාදි කඳවුරෙන් ඇහෙන ප්‍රශ්නයක් තියෙනවානෙ බොහොම ප්‍රසිද්ධ. ඒ ගොල්ලො අහන්නෙ දෙමලාට දෙමල වීම නිසා තියෙන දුක් ගැනවිලි (grievances) මොනවාද කියන එක. දෙමලාට දෙමල වීම නිසා අපේක්ෂා (aspirations) තිබීම ඔවුන්ට අනුව ගනන් ගතයුතු දෙයක් නෙමෙයි. ජනවර්ගයකට ඒ ජනවර්ගයෙ සංස්කෘතියට බද්ධ අමුතු අපේක්ෂාවන් තිබීම කියන එක මට නම් ගනන් ගතයුතු දෙයක් නෙමෙයි. ඒ මම ජාතිකවාදියෙක් නොවන නිසා. නමුත් ජාතිකවාදින් එහෙම කියන්නෙ කොහොමද?

මේ දෙමල අපේක්ෂා හීලෑ කරගෙන කලමනාකරනය කරන්නෙ කොහොමද කියන එක යුද්දෙ දිනුවාට, බෙදුම්වාදය මතවාදිව පරාජය කලාට ඉවර වෙන්නෙ නැති ප්‍රශ්නයක්. එහෙම ප්‍රශ්නයක් සාකච්ඡා වීමක් වත් වෙන්නෙ ඔනේ නැ, "දෙමලුනේ උඹල ඇදගෙන නෑවා නම් දැන් වේලෙනකන් ඔහොම හිටපියව්" වගේ අධිපති මතවාදයක් තමයි ජාතිකවාදී කඳවුරේ ප්‍රධාන පිලිතුර.

සිංහල බෞද්ධ ප්‍රජාවට 'ජාතිකවාදයක' අවශ්‍යතාවය මොන වගේ එකක්ද? ඒක එදා වේල හොයාගෙනෙ ජීවත් වෙලා ඉන්නවට වඩා එහා ගිය මානසික අවශ්‍යතාවයක්. එහෙම මානසික අවශ්‍යතාවයක් නැත්තම්; හුදෙක්ම 'පුලුවන් විදිහකට සතුටින් ජීවත් වීම' වගේ සරල අවශ්‍යතාවයක් විතරම නම් තියෙනෙ, 'බටහිර සංස්කෘතික/දැනුම් ආධිපත්‍ය' වගේ ඒවට විරුද්ධව කැරලි ගහන්න ඔනෙ නෑ. මොනව හරි හේතූන් නිසා බලවත් වෙලා තියෙන දේශපාලන සංස්කෘතික ප්‍රවාහයන්ට අනුගත වෙලා කාල ඇඳල කියල ජීවත් වෙන්නනෙ තියෙන්නෙ. එහෙම කරන්න ලෑස්ති ලොකු පිරිසක් ඉන්නවා. නමුත් ඒ වගේම ලොකු පිරිසක් ඉන්නවා තමන්ගෙ අනන්‍යතාවය ලෙස ප්‍රධාන කතිකාවෙදී එන සංකේත, හර පද්ධතීන් වෙනුවෙන් දේශපාලනයක් කරන.

ඔය කිව්වෙ සිංහල බෞද්ධ ප්‍රජාවගෙ කතාව. ඔය කතාව ඔහොමම අනෙක් ජන කන්ඩායම් වලත් තියෙනවා. ජාතිකවාදී පදනමක නොඉඳ ඔය ප්‍රශ්නය දිහා බලන මම වගේ කට්ටියට දෙපැත්තෙම තියෙන මානසික අවශ්‍යතාවයන් පේනවා. දෙපැත්තෙම තියෙන දේශපාලන ප්‍රවාහ පේනවා. සිංහල කඳවුර ඉදිරිපත් කරන ජාතිකවාදයෙ වර්තමාන මුහුනුවර තුල දෙමලාගෙ මානසික අවශ්‍යතාවයන් වත්, දෙමලාගෙ ජාතිකවාදය තුල සිංහලයාගෙ මානසික අවශ්‍යතාවයන් වත් ආමන්ත්‍රනය වෙන්නෙ නෑ. ඔය දෙකම පෑහෙනෙ නෑ.

විසඳුම විදිහට දෙමල ජාතිකවාදීන් යෝජනා කරන්නෙ අප්‍රායෝගික දික්කසාදයක් හෝ වෙන්ව විසීමක්. සිංහල ජාතිකවාදීන් යෝජනා කරන්නෙ නොකෙරෙන දීගයක්. අපි යෝජනා කරන්නෙ කෙරෙන දීගයක්. ඒකට සිංහලයාගෙ සිංහල කමත් දෙමලාගෙ දෙමල කමත් දෙකම අඩු වැඩි වශයෙන් අඩු කරගන්න වෙනවා. දෙගොල්ලොම ප්‍රවේශය වෙනස් කරගන්න වෙනවා. තනි අතින් අප්පුඩි ගහන්න බැරි නිසා මේක එක පාර්ශවයකින් විතරක් වෙලත් හරියන්නෙ නෑ. මීට සමගාමී දෙමල සමාජයේ මේ විදිහෙ කතිකාවක් තියෙනවද දන්නෙ නෑ. හැබැයි සිංහල ජාතිකවාදයෙ වර්තමාන මුහුනුවර නිසා එහෙම කතාවක් වෙන්න තියෙන ඉඩත් අඩු වෙනවා.

සිංහල ජාතිකවායේ වර්තමාන මුහුනුවරට දෙමලාට විතරක් නෙමෙයි මම වගේ 'අවජාතිකවාදි' (ජාතිකවාදී නොවන අය හැඳින්වීමට ජාතිකවාදි කඳවුර යොදාගන්න ආදරණීය වචනයක් wink emoticon ) සාමාන්‍ය සිංහල මිනිස්සුන්ටත් එකඟ වෙන්න අමාරුයි. දෙමලා ගැන කවර කතාද.

-රිටිගල ජයසේන ෆේස්බුක්හි තැබූ සටහනකි.


"සසර සැරිසරන පාදඩයා" කියන්නෙ බුකියෙ ඉන්න අපේ සංවාද සගයෙක්. ඔහුගේ බ්ලොග් අඩවියට මෙතැනින්....

17 comments:

  1. ජාති වාදය ජාතික වාදයෙන් වෙනස් වෙනවා වගේ කුල බේදේ වෙනස් වෙන්නේ කුලක බේදෙන් ද?

    ReplyDelete
    Replies
    1. කකුලක බේදයෙන්

      Delete
    2. කකුල් දෙක දෙපසට බේද කිරීමෙන්

      Delete
  2. ජාතිකවාදේ,ජාතිකවාදීන් කියන්නෙ කවුද බං.මම හිතන්නෙ ජාතිවාදී කියන්න ලැජ්ජාවට ඒ නම දාගෙන තියෙන්නෙ. එක්කෝ ජාතිවාදී නැත්නං ජාත්‍යන්තර වාදී.

    ReplyDelete
  3. ජාතිය කියන්නේ සරලම දේශපාලනික උපාංගයක්..දේශපාලනයේදී පත් වන අයට සහ පත් වෙන්න ඉන්න අයට සාරවත් දේවල් හමුවන්නේ නෑ..කොතරම් සාරවත් වුනත් කලකදී ඒවා යේ ජනප්‍රියත්වය අඩු වෙනවා..නමුත් ජාති ආල සීන් එක එහෙම නෑ..
    සුද්දගෙන් අපි ගලවල අපිට රට ඇදල ගන්න සාධාරන හේතු කියල ලොකු දේවල් තිබුනේ නෑ..ඉතිං ඒ වෙනුවෙන් විවිද ටූල් පාවිච්චි කලා..ගොඩක් ඒවා ජාතිවාදි අදහස් ගෑවුනු දේවල්..

    දෙමල නායකයින්ට ඒ මිනිස්සුන්ට බඩ වියත සරිකරගන්න ඒ අයගේ පස්න විසදන්න තියෙන උළුමනාවට වඩා බලේ ලබාගැනීම තමයි වැදගත්..මුස්ලිම් අයටත් එහෙමයි.. ඔය ආතල් දෙකම නැතිවෙනවා එයාලට ඉල්ලන දේ දුන්නොත්..උතුර දෙමල අයට ඇත්තටම ලියල දුන්නොත් කරගන්න හැටි සහ ඉතාම කෙටිකලකින් උතුරේ ජනතාව වෙතින්ම විග්නේශ්වරන් ලා ප්‍රතික්ෂේප වන ආකාරය ඔබලාට ලේසියෙන් ම බලාගන්න පුලුවන්..

    නමුත් කවදාවත් අපේ ජාතිවාදීන් ඒක ට කැමති වෙන්නේ නෑ.

    ReplyDelete
  4. උග්‍ර වන ධනේශ්වර ආර්ථික අර්බුධයට විඳුම් නොමැතිකල පාලක පන්තිය අතට ගන්නේ ආගම, ජාතිය, කුල, වර්ග හා මිත්‍යාදෘශ්ඨියයි. එමගින් මහා (නිශ්පාදන) විනාශයන් කර මානව වර්ගයා අත්පත් කරගත් ජයග්‍රහන කුඩුකර නැවත ධනේශ්වර ආර්ථික වර්ධනයට අවශ්‍ය රික්තයක් නිර්මානය කර ගැනීමයි. එනම් කුනුවන දනේශ්වර ආර්ථිකය නැවත පසුපසට ඇදීමයි.ඉතිනාසය පුරා සිදුවූ යුද්ධ වලින් කෙරුනේ එයයි.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++

      Delete
    2. X බුකියෙ ඉන්නවද?

      Delete
    3. ඔව් ඔයයි මගේ ප්‍රෙන්ඩ් කෙනෙක්...

      Delete
    4. හුටා! එහෙනං ඔරිජිනල් එකකින් ඉන්නව ඇත්තෙ.
      මම ඒ ප්‍රශ්නෙ ඇහුවෙ මේ කේස් ධනේශ්වර ආර්ථික අවුල් කියල කිව්ව නිසා. බුකියෙ රිට්ටගෙ වෝල්එකේ කමෙන්ට් බැලුවද?

      Delete
  5. මං මෙච්චර කල් හිතං හිටියෙ රිටිගල ජයසේනගෙ ඔළුව ගෝඨයිම්බර ගැලෙව්ව කියලනෙ හිටං... :-D:-P

    ReplyDelete
  6. විජාතික අවජාතික පරයා රිටිගල ජයසේන
    සිංහල බොදු සංස්කෘතියට කරයි නෙක අවමාන
    කොරියාවේ ඕස්ට්‍රෙලියාවෙ ඉන්නා පුත්තු අභිමාන
    මේවට උත්තර දී නිහඬ කළ යුතුයි මේ පරයාව

    යහපාලන ආණ්ඩුව රට ඉන්දියාවට විකුණනවා
    එකේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා
    පාද යාත්‍රා ගොස් අපි උන් සදහට එලවනවා
    මහින්ද මැතිඳු ගෝටා මැතිඳු විත් අපට රට රැක දෙනවා

    චීනයේ ගරු මැතිඳුන් අපේ රටට බොහෝ ආදරේ
    අපේ රට නංවන්නමයි ඒ කාලෙ ආයෝජනය කරේ
    ඒ වාගෙ නෙවයි ඉන්දියාවේ වඳුරු හැතිකරේ
    යහපාලන පිස්සු පූසන් උන්ව ගෙනත් මළ කරදරේ

    කොටියා පැරද්දු මහින්ද මැතිඳුට මේ වඳුරෝ මොන කජ්ජක්ද?
    නිර්මාල් ආචාරියාටත් බය නැති අපට මේ රිටිගලයා මොන පෙන්දෙක්ද?
    හිටන් හුටන් රන්න පොනිල් දැන් වත් එළවමුද?
    එළවා හැර අප ගරු මැතිඳු ගෝටා රජ කරවමු නේද?

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
  7. මගේ යාලුවෙක් ජාතිවාදී වෙලා මලා

    ReplyDelete
  8. ඔය ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න පුළුවන් ජාතිය හා ජන වර්ගය කියන දෙක පැහදිළිව හඳුනා ගැනීමෙන් පමණයි.

    ජාතිය කියන්නේ හරියට හිට්ලර් අර්ථ දැක්වූ ආකාරයට ආර්ය සුපිරිසිදු ජර්මන් ජාතිය. ඔවුන්ට ඉතිහාසයක් තියෙනවා පැවත්මක් තියෙනවා. ජන වර්ගය කියන්නෙ නිකම් ඒක ඇතුළෙ යුදෙව්වො වගේ කොටසක්. යුදෙව්වො ජාතියක් නෙවෙයි. ජන වර්ගයක් නෙවෙයි. තේරුණැයි?

    ලංකාවෙත් එහෙමයි. සිංහලබෞද්ධ කියන්නෙ ජාතියක්. දෙමළ මුස්ලිම් කියන්නෙ ජන වර්ග.

    ඒ වගේ සන්දර්භයක් තුළ මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් "සංස්කෘතීන්ට නිසි තැන, පුද්ගලයින්ට සමතැන" කියන ෆෝමුයුලා එකෙන් විතරයි. අපේ ගුරා පඬි නලියා කිව්වෙ එහෙමයි.

    ගෑස් චේමබර් එක හදන්න යන වියදම කොච්චරද, ගෑස් චේම්බර් කීයක් ඕනැද, කඳවුරු වලට ජනවර්ග ගෙනියන්නෙ බස් එකෙන්ද හිට්ලර් වගේ කෝච්චියෙන්ද සුදු වෑන් එකෙන්ද වගේ ප්‍රායෝගික කාරණා පස්සෙ කතා කරමු.

    දැනට න්‍යායාත්මකව ජාතිකවාදීන්ට තියෙන පිළිතුර හා ප්‍රශ්නයට එකම පිළිතුර ඕකයි.

    ප්‍රශ්න තියෙනව නම් කෙළින්ම පඬි නලියට යොමු කරන්න. මොකද අපිත් එයාගෙන අහගෙන තමයි කියන්න ඕනැ. කෙළින්ම එයාගෙන්ම අහනව නම් ලේසියිනෙ. දැන් ෆේස් බුක් එකේ ඉන්නවා. ඔය ෆේස් බුක් තාක්ෂණය කියන්නෙ පට්ටපල් බොරුවක්. හැබැයි අපි බොරු වලිනුත් වැඩ ගන්නවා.

    ReplyDelete
    Replies
    1. //යුදෙව්වො ජාතියක් නෙවෙයි. ජන වර්ගයක් නෙවෙයි. තේරුණැයි?//

      නෙවෙයි කෑල්ල වැඩක් නෑ නේද?

      Delete
  9. පාදඩයාගේ අසපුව පට්ට ආ...

    ReplyDelete