Thursday, April 5, 2012

ඉල්ලන තරමට ලැබෙන යහපාලනය.

71 කැරැල්ල සිදුවී අදට වසර 41කි. විෂම දේශපාලනයට විරුද්ධව ඒකරාශී කරගත් තරුණ පිරිසක් සමග ජ.වි.පෙ. විසින් ආරම්භ කල එම කැරැල්ලෙන් ලැබූ වාසි-පාඩු කෙසේ වෙතත්, යම් යම් දේශපාලන පරිවර්ථන සිදුවිය. එහෙත් එවකට තිබූ ප්‍රශ්න මේ වනවිට කිහිප ගුණයකින් වැඩිවී ඇත. 71 සිට මේ දක්වා කාලය සැලකූ විට ආර්ථික වශයෙන් සිදුවී ඇති වෙනසක් නැතිතරම්ය.

ලංකාවේ දේශපාලනය දූෂිත යයිද මානව හිමිකම් මාධ්‍ය නිදහස නැතැයිද රාජ්‍ය සේවය දූෂිත සහ අකාර්යක්ෂමයිද ආදී වශයෙන් කොතෙකුත් චෝදනා ජනතාවගෙන් එල්ලවේ. එහි අසත්‍යතාවයක් නොමැති අතරම අයිතිවාසිකම් වෙනුවෙන් නැගෙන්නාවූ හඩට සමානුපාතිකව යම් ක්ෂේත්‍රවල වර්ධනයක්ද දක්නට ලැබේ. උදාහරණයක් ලෙස අපේ රාජ්‍ය සේවය පිළිබද සේවාදායකයන්ගේ ආකල්ප ගොඩනැගී ඇත්තේද මා ඉහත සදහන් කල පරිදිය. එහෙත් මෑත කාලයේ දියුණුවක් ලබා ඇති යම් යම් ආයතන වලට, අදාල සාර්ථකත්වය ලගා කරගැනීම සදහා වූ පෙළඹවීම ඇතිකර ඇත්තේ ඉහත කී සේවා දායකයන්මය. මීට වසර දහයකට හෝ විස්සකට පෙර තිබූ රාජ්‍ය සේවය වූ කලී ජනතාවට ඉහලින් තිබූ එකක් විය (දැනුදු එවැනි ආයතන නැතුවා නොවේ). එකල යම් සේවාවක් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරියෙකු විසින් දෙනලද තීන්දුව "අවසාන තීන්දුව" විය. එහෙත් අද වනවිට තත්වය බොහෝ සෙයින් යහපත් බව කිවයුතුය. අඩුම තරමින් රාජ්‍ය ආයතන යනු තම අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවා ඇති ව්‍යූහයක් බව ඔවුන් දනී. මේ දැනුවත් භාවය ඕනෑම ක්ෂේත්‍රයක යහපත් වූ වර්ධනය සදහා ඉතා වැදගත්වේ. ජනතාව වැඩි වැඩියෙන් දැනුවත් වන තරමට පරිණාමය වේගවත් වේ.

වරක් ලේක් හවුස්හි ප්‍රධානියාව සිටි සමයේ, ජනදාස පීරිස් මහතා, මාධ්‍ය නිදහස සම්බන්ධව ප්‍රකාශයක් කලේය. එයින් කියවුනේ ලංකාව තුන්වැනි ලෝකයේ-තුන්වැනි පන්තියේ රටක් බවත් එවැනි තැනකදී පළමු පන්තියේ මාධ්‍ය නිදහසක් බලාපොරොත්තු විය නොහැකි බවත්ය. ඊට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ලකලේ එවකට ලක්බිම කතුවරයාව සිටි බන්දුල පද්මකුමාර මහතය. ඔහු ප්‍රකාශ කලේ මාධය ආයතනයක ප්‍රධානියෙකු මෙවැන්නක් පැවසීම වෙනත් රටකදී නම් ඔහු එම තනතුරට නුසුදුස්සෙකු බවට පත්විය හැකි වරදක් බවයි. මේ වනවිට බන්දුල පද්මකුමාර සිටිනතැන ගැන ප්‍රශ්නයක් ඇතත් ඔහුගේ ප්‍රකාශය වැදගත්ය. එනම් ලැබෙන්නේ කොතරම් කුඩා ප්‍රමාණයක් වුවත් ඉල්ලීම් දිගටම සිදුකලයුතු බවයි.

මේ වනවිට ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විෂමය-ජරාජීර්ණය. කතාකිරීමට තරම් "යහපත් ගුණාංගයන්" නම් නැත්තට නැති තරම්ය. රටේ එක් පසකින් මහින්ද රාජපත්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ නඩය පෙර නොවූවිරූ ලෙස මහජන දේපල සූරාකමින් ජනතාවගේ මුදල් රිසිසේ පරිහරණය කරමින් (උදාහරණ අනවශ්‍ය යයි සිතමි) පවුල් පෝෂණය පමණක් සිදුකරමින් සිටින අතර, අනෙක්පසින් ජනතා මතයට කන්නොදී නායකත්වයේ ඔටුන්න රැකගැනීමේ ආශාවෙන් පමණක් කටයුතු කරන නායකයෙකු සහිත විපක්ෂයකි. (අනෙකුත් පක්ෂ/කණ්ඩායම් ගැන කතා කිරීමද අනවශ්‍ය යයි සිතමි). මේ හේතූන් නිසා ඒ ඒ කාලයන් තුලදී සිදුවියයුතු ආර්ථික සමාජීය හා දේශපාලන පරිණාමය සිදු නොවී සමාජය එකතැන පල්වේ.

මේ ව්‍යසනයන්ට එරෙහිව කුමක් කලයුතුද යන්න මීලගට පැණනගින ප්‍රශ්නයයි. විනාශයට එදිරිව සිය අතද කටද පෑනද යතුරු පුවරුවද මෙහෙයවන්නන් බොහෝය. අනෙකුත් මාධ්‍යන් හා සැසදීමේදී "බ්ලොග්" තවමත් සිටින්නේ ළදරු අවධියකැයි කිවහොත් එහි වරදක් නැත. මක්නිසාද යත් කෝටි දෙකක ජනගහනයෙන් බ්ලොග් කියවන්නන් සිටින්නේ දෙදහසක් පමණකැයි සැලකෙන බැවිනි. මින් වැඩි පිරිසක් දේශපාලනය ගැන උනන්දුවක් නොමැත.(විශේෂයෙන් කාන්තාවන්) තවත් පිරිසක් කලකිරීම නිසාම දේශපාලනය කතාකිරීම නවතා දමා ඇත. මේ අතුරින් දේශපාලන ලිපි ලියන්නාවූ බ්ලොග්කරුවන් සිටින්නේ අතලොස්සකි. ඔවුන් නගන හඩ සිහින් කෙදිරියක් තරම්වත් සමාජයට ඇසෙන්නේදැයි සැක සහිතය. බ්ලොග්කරණයට දෙවසරක් පිරීම නිමිත්තෙන් ලියන සටහනක ඇට මැස්සා මෙසේ කියයි.

".........ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ල ඒවාට උපරිම ප්‍රසිද්ධියක් දෙමින් ජනතාව තමන්ගේ සැබෑ ප්‍රශ්න වලට යොමු වීම වලකමින් සිටී. ඒ සඳහා ඔවුන්ට මාසයකට වරක් හැලපය බැගින් ලැබේ.
අප බඳු බ්ලොග් කරුවන්ද පසුගිය කලය පුරාවටම කර ඇත්තේ එයයි. වීරවංශ ඇඟපත පුරා මල පහ කර ගෙන නටන විට අප ඔහු ගැන ලියමු. මර්වින් පාරේ මල පහ කරන විට අප ඒ ගැන ලියමු. බන්ධුල මුවෙන් මල පහකරද්දී ඒ ගැනත් ලියමු. ඉන්පසු සියලුදෙනා එක්වී එයට සිනහසී අමතක කර දමා එවන් තව සිද්ධියක් වන තෙක් බලා සිටිමු.අද අපද ඇතුලු බොහෝ බ්ලොග්කරුවන් කරන්නේ එයයි........."


එහෙත් මගේ අදහස නම් අඩුම තරමින් ලිවීම වත් වැඩිවිය යුතුය. කලකිරීම නිසා දේශපාලනය කතා නොකරන බ්ලොග් කරුවන්ද මීට එක්විය යුතුය. මක්නිසාද අයිතීන් දිනාගත හැක්කේ ඊට හඩනගන්නන් ප්‍රමාණය වැඩිවන තරමටය.

(අප්‍රේල් 4 දින, මගේ බ්ලොග් අඩවියට වසරක් පිරීම නිමිත්තෙනි)

52 comments:

  1. සුභ පැතුම් අයියේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නගෝ.

      Delete
  2. මෙන්න අපෙන්
    සුහද පැතුම්
    සුබ උපන් දිනක් වේවා...!!!

    ReplyDelete
  3. මුලින්ම සංවත්සරයට සුබ පැතුම් !!

    ඔව් ! අපි හඬ නගමු ! වෙනසක් ‍වෙනුවෙන් හඬ නගමු..!!
    තිබෙන ආණ්ඩුව වෙනුවට වෙනත් ආණුඩුවක් පත්කර ගැනීමේ එකම විකාරයෙන් වෙන් වෙලා, ඉන්න ජනතාව වෙනුවට අලුත් ජනතාවක් පත්කරගන්න වෙහෙසෙමු..!!!
    අලුත් ජනතාවක් ඉන්න රටක පැරණි පාලනයකට ඉඩක් නැත.

    ReplyDelete
    Replies
    1. තිබෙන ආණ්ඩුව වෙනුවට වෙනත් ආණුඩුවක් පත්කර ගැනීම විකාරයක් වගේ දෙයක් තමයි.(දැං ඉන්න පක්ෂ විපක්ෂ පාලකයන් දිහා බැලුවම). හඩ නැගීම අවශ්‍යයි. ඒ වගේම යහපත් පරිණාමය වෙනුවට අයහපත ලගාවීම (17 ඉරල 18 ගෙනාව වගේ) නවතින්නෙ නැගෙන හඩේ සද්දෙ වැඩිවුන දාට.

      Delete
    2. අළුත් ජනතාවක් අපේ රටෙන් පත්කරගන්න පුළුවන්ද..රටේ ජනතාවත් එක්ක ගත්තම දේශපාළුවො හොදයි කියලා හිතෙනවා හරක් රැලක නායකත්වයට ඇත්තු සිංහයො පත් වෙනවා දැකලා නැහැනේ.

      Delete
  4. //කලකිරීම නිසා දේශපාලනය කතා නොකරන බ්ලොග් කරුවන්ද මීට එක්විය යුතුය//

    මේක ගැන තවටිකක් හිතන්න ඕන මචෝ.

    ReplyDelete
    Replies
    1. හිතල හිතල හොද තීරණයක් ගනිං.

      Delete
  5. මචන් මානව හිමිකම් ගෑන කතා කරපු නිසා මෙහෙම දෙයක් කතා කරන්න කෑමතී,අපේ මිනිස්සු මානව හිමිකම් බුක්ති විදින්න කෑමතිද,පිලිතුර නෑ යන්නයි,අඩුම ගානේ අනෙකාගේ කතා කිරීමේ අයිතිය ගෑනවත් නොසලකන රටක මොන මානව හිමි කම්ද,මාද්‍යය නිදහස වගේම මාද්‍යය සදාචාරයත් අවශ්යයි කියලා මම නම් හිතන්නේ,
    ඇත්තම කිව්වොත් අපේ රටේ හරි තොරතුරු බලන්න පිටරට පත්තර බලන්න ඔන,ලංකාවේ මාද්‍යය වල යනනේ ප්‍රොව‍්රති කියලා මොනවද????

    ReplyDelete
    Replies
    1. "මිනිස්සු මානව හිමිකම් බුක්ති විදින්න කෑමතිද"
      මිනිස්සු මානව හිමිකම් කියන්නෙ මොනවද කියල දන්නෙ නෑ. ඒකයි එකම හේතුව. මාධ්‍ය නිදහස කියන්නෙ මොකක්ද ඒකෙ වැදගත්කම් මොනවද කියල දන්නෙ නෑ. දේශපාලකය කියන්නෙ කවුද, ඒගොල්ල පත්වෙලා ඉන්නෙ කුමක් සදහාද කියල මිනිස්සු දන්නෙ නෑ. වහල් මානසිකත්වයක මිනිස්සු ඉන්නෙ. ඒකයි මොන තරම් අසාධාරණකම් උනත් තමංගෙ පාඩුවෙ ඉන්නෙ.

      මාධ්‍ය සදාචාරය කියනඑක නීති දාල හදන්න බෑ. අපි ඇත්ත දැනගන්න කියල බලන (පිටරට) මාධ්‍ය තියන රටවල මීට වඩා නිදහසක් තියනව නේද?

      Delete
  6. මේක පොඩ්ඩක් හිමිට ගෙදර ගිහින්ම කියවන්න ඕනා

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් කියවන එකක් නෑ. :-)

      Delete
  7. වසරට සුපැතුම්!

    මගේ රොලේ මේ බ්ලොග් එක පොලිටිකල් ගොඩට දාන්න වෙයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. නැත. තවමත් කතන්දර ගොඩට සුදුසුය.

      Delete
  8. අවුරුද්දෙ උපන්දිනයට සුභ පැතුම් මිත්‍රයා :)

    දේශපාලනය වශයෙන් ගත්තොත් හඬනගන්නෙ මොකක් ඉල්ලලද?... කාගෙන්ද ඉල්ලන්නෙ?... මම දකින විදිහට අපි හැමතිස්සෙම යන්න හදන්නෙ මුල් පඩි කීපය අතඇරල...

    ReplyDelete
    Replies
    1. සුභපැතුමට ස්තුතියි. හඩනගන්න ඕන යහපත ඉල්ලල. උදාහරණයකට දැන් බලන්න 17 වෙනි සංශෝධනයේ තිබුන ස්වාධීන කොමිසන් ටික 18න් අයින් කලා. කාටද දැනුනෙ? කවුද ඒ වෙනුවෙන් කෑගැහුවෙ? දැන් පොහොර සහනාධාරය ලැබෙනව, කූඩ නීතිය, පෞ.වි.වැ. පනත වගේ විකාර හකුලගන්නව, ඇයි එහෙම උනේ? ඒවට මිනිස්සු විශාල වශයෙන් සංවේදී උන නිසා. ඒත් අද සිද්ධවෙන මහා පරිමාණ මුදල් නාස්තිවීම් ගැන මිනිස්සු සංවේදී නෑ. ඒකයි ගැටළුව.
      මුල් පඩි කීපය කිව්වෙ?

      Delete
    2. මුල් පඩි කීපය කිව්වෙ මූලික පියවර එකක් දෙකක් හෝ කීපයක් කියන එක... (මේ ගැනත් ලියන්න හිතන් හිටියට කමෙන්ටු ටයිප් කරනව වගේ නෙමෙයි, පෝස්ට් එකක් ටයිප් කරන්න හෙන හොරයි බන් මම )

      Delete
    3. කම්මැලිකම අතුහැරල ලියපං.

      Delete
  9. අවුරුද්දට සුභ පැතුම් රාජ් අයියෙ.....තාම පොඩි වැඩි ඕක කතා කරන්න.......:(

    ReplyDelete
    Replies
    1. හොද පොඩි! ස්තුතියි ආවට.

      Delete
  10. සුබ උපන්දිනයක් බ්ලොගේට...:D

    ReplyDelete
  11. බ්ලොගයේ ඇනිවසරියට සුභ පැතුම්

    ReplyDelete
  12. අවුරුද්දක් කියන්නෙ බ්ලොහ් එකකට ලොකු කාලයක් සොයුර ! මගෙත් උණුසුම් සුබ පැතුම් ! හැම ලිපියක්ම වගේ කියෙව්වත්..මන් දේශපාලන කරුනු තියෙන ලිපි වලට කමෙන්ට් කරනවා අඩුයි..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. මගේ විකාර කියවල යනඑකම මදැයි!

      Delete
  13. සුභ පැතුම් රාජ්..

    දේශපාලන වශයෙන් මිනිස්සුන්ට කළකිරෙන්න පුළුවන්ද කියල මට පොඩි ගැටළුවක් තියනව. එතන තියෙන්නෙ සංවේදී වීමේ ස්කේල් එකේ විචල්‍යයක් නෙමෙයිද? කොහොම උනත් යම් කිසි වෙනසකට සුළු හෝ අවදිවීමක් උවමනා බවේ නම් කිසිම ගැටළුවක් නෑ. ඒ වෙනස පිල් මාරුවකින් නම් දකින්න බැරිවෙයි මිනිසුන්ගෙ ආකල්ප වෙනසක් නොදැක. ඒත් ඒක කරන්න දරන උත්සාහයන්ට ප්‍රතිපක්ෂව එන සංවිධානාත්මක බලපෑම බොහොම වැඩියි. ඒක නිසා කරන්න තියන උවමනාව මිසක් හරි සැලැස්මක් තවම නෑ නේද? බහුතරයක් තුල නෙමෙයි ස්වාධීන පුද්ගලයෙක් තුල උනත් ?

    ReplyDelete
    Replies
    1. //දේශපාලන වශයෙන් මිනිස්සුන්ට කළකිරෙන්න පුළුවන්ද කියල මට පොඩි ගැටළුවක් තියනව. එතන තියෙන්නෙ සංවේදී වීමේ ස්කේල් එකේ විචල්‍යයක් නෙමෙයිද?//

      උඹේ පැහැදිලි කිරීම හරි. ස්කේල් එකේ එක් ලක්ෂයකින් එහා සීමාව කිව්වොත් නිවැරදියි(එක් අයෙක් සැලකුවහොත්).

      Delete
  14. අවුරුද්දේ උපන්දිනේට සුභ පැතුම් අයියේ... තව කාලයක් කී බෝඩ් එකත් එක්ක හැප්පෙන්න ශක්තිය ලැබේවා..

    මම දේශපාලනය ගැන කතා නොකරන මනුස්සයානේ අයියේ.. ඒනිසා උපන්දින සුභ පැතුම විතරක් එකතු කරනවා මුකුත් හිතන්න එපා..

    ReplyDelete
    Replies
    1. මොකුත්ම නරකක් හිතන්නෙ නෑ. ස්තුතියි.

      Delete
  15. අවුරුද්දක් පිරිම නිමිත්තෙන් ලෙසම ලිපියකුත් දාලා
    ජය වේවා මචං,
    මාත් කියන්නේ බ්ලොග් එකේ සෙට් එකම සෙට් වුනොත් අපි කෙරෙහි වැඩි අවධානයක් යොමුකරගන්න පුළුවන් වෙයි.ඒත් වැඩක් වෙයිද කියලා හිතෙනවා.මෙච්චර ජනතාව අතට යන මාධ්‍යවලින් මේවා දැනගෙනත් මිනිස්සු මොනවත් කරනවද?.

    ඇට මැස්සා කිව්වා වගේ අපි විතරක් නෙවේ මිනිස්සුත් අද වෙන දේට කුණුහබ්බෙන් බැනලා හෙට වෙද්දී මහා රජාට ජය වේවා කියනවා.

    මෙව්වා අපේම මිනිස්සුන්ගේ වැරදි
    මුල අමතක කරන කාලකන්ණි

    ReplyDelete
    Replies
    1. රජාට ජයවේවා කියල කිව්වත් කමක් නෑ තමන්ගෙ අයිතිවාසිකම් මොනවද කියල තේරුම්ගන්න උත්සාහයක් වත් දරනවනං. ස්තුතියි සුභපැතුවට!

      Delete
  16. සුබ පැතුම් අයියේ...! මම නම් හිතන්නේ තේරුමක් නෑ කියලයි, මොකද හැන්ද තාමත් xxxxගේ අතේ, ඕන හැටියට බෙදාගන්න හැඩයි. මිනිස්සුන්ට හෙට පොඩි ටොපියක් දුන්න ගමන් ම රැවටෙනවා මාසෙකට ඇතිවෙන්න. වැඩක් නෑ අයියේ!

    ReplyDelete
  17. මුලින්ම සුභ පැතුම සාර්ථක ගමනක් යන්න.


    //තවත් පිරිසක් කලකිරීම නිසාම දේශපාලනය කතාකිරීම නවතා දමා ඇත// මම ඉන්නෙත් මේ ගොඩෙය මොකද වැඩි පුර දෙනා කතා කරන්නේ තමන්ගේ පක්ෂයේ පුරාජෙරුය. සාමාන්‍ය ජනතාවට පොදුවේ මේ රටේ අනාගතේ වෙනුවෙන් කතා කරන්නේ ඉතා අඩු පිරිසක්.වත්මන් පාලනයේ තියෙන සිද්දි ගැන කල කිරීමෙන් ඉද්දි ඒවාට උඩ ගෙඩි දෙන ඒ ඇමැතිලාගේ හෙන්චයියන් එක්ක කතා කිරීමේ පාලක නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුභපැතුවට. වැඩි වැඩියෙන් බොරු කියනකොට බොරුව සමාජගත වෙනව. ඇත්ත වෙනව. ඒකෙ අනිත්පැත්තත් එහෙමයි කියල හිතන්න.

      Delete
  18. ඔන්න මගේත් සුබ පැතුම්..

    මගේ නම් ඔය දේශපාලන ලිපි අඩු.. ඒ ගැන ලියන්ට තරම් දෙයක් නැති නිසා.. දේශපාලනේ කොච්චර කතා කොළත් ඔච්චරයි කියලා හිතන එකෙත් වැරැද්දක්ම නෑ නොවැ.. මෙතන වරද රනිල් ගේ හෝ මහින්ද ගේ නෙවෙයි.. හරි දේ හිතාගන්න ශක්තියක් නැති මිනිස්සුන්ගේ.. මහින්දත් රනිලුත් තමන්ගේ ඉලක්ක වෙත එල්ලය අරගෙන නොබියව ඒ දෙසට යනවා නොවැ..

    පාලකයා අධර්මිෂ්ඨ නම් පාලිතයා අධර්මිෂ්ඨ වෙනවා. පාලිතයා අධර්මිෂ්ඨ නම් පාලකයා අධර්මිෂ්ඨ වෙනවා.. මේ දවස් වල ඒ සූත්‍රය හරියටම වැඩ කරනවා.. බොරුවට කලකිරිලා කියලා කයිවාරු ගැහැවුවට බහුතරයක් තමන්ගේ වාසියට ඡන්දය දාලා එනවා...

    කවුරු මොනවා කිවුවත්, බඩුමිල තව වැඩි කළත්, වාහන අහස උසට ගියත්.. අපි නම් සැලෙයි..

    ReplyDelete
    Replies
    1. :) ඔයාගෙ බ්ලොගේ පැත්තෙ ඇවිල්ල නෑ. සුභපැතුමට ස්තුතියි.

      Delete
  19. දේශපාලනේ අරහං කට්ටිය වෙනුවෙන් නේද උඹ යට කෑල්ල දැම්මේ ;-)

    ලොක්කන්ගෙ ක්‍රමය පොඩි උන් දක්වාම ගිහින් ඉවරයි දැන්. රාජ්‍ය සේවය කියන්නෙ උඩ ඉඳන් පහළටම හොරකමම වෙන තැනක්. ගොඩක් දෙනාට තමන් කරන්නෙ හොරකමක් කියල දැණෙන්නෙවත් නෑ.. (අපි සියළු සොෆ්ට්වෙයාවල හොර කොපි බබාල වගේ පාවිච්චි කරනව වගේ)

    ක්‍රමය වෙනස් කරන්න පටන්ගන්නෙ කොතනින්ද කියලවත් හිතාගන්න බැරි තරමට සේරම අවුල් වෙලා. ලොකුම අවුල මිනිස්සුන්ට විකල්පයක් නැති එක. යන්තම් පේන විකල්ප වල ස්වරූපයත් වර්තමානෙ තියෙන එකට වෙනස් නෑ.

    ඒ අස්සෙ සැබෑ දේශපාලනයේ මුහුණ හංගන්න දේශපාලුවන්ම ජෝක් කරනවා...

    හැබැයි ඔය කිසි දෙයක් නොලියා ඉන්න හේතු වෙන්න බෑ. මේ ගැන සංවේදී මිනිස්සු මේ විනාශය ගැන කතා කරන්න ඕන. ඒව පතුරවන්න ඕන. පුධාන මාධ්‍ය සේරම රෙදි නැතිව කඩේ යද්දි සමහර විට ඇත්ත වෙනුවෙන් ඉතිරි වෙන්නෙ සාමූහිකත්වය විතරක් වෙන්න පුළුවන්...

    අවුරුද්දට ජය වේවා ම‍චෝ... තව ලියමු දිගටම!

    ReplyDelete
    Replies
    1. උඩ ඉදල එන හොරකම නැතිකරන්න ඕනත් උඩ ඉදල. අවුල් වෙලා, කොතනින් පටන්ගන්නවද කියල හිතාගන්නවත් බැහැ කියල හිතුනට එහෙමම නෑ. උවමනාව විතරයි ඕන. මම හිතන විදියට.
      ස්තුතියි ආවට.

      Delete
  20. එළ එළ සුභ පැතුම් මචෝ...දේසපාලනේ ගැන නං ඉතින් කථා කරලා වැඩක් නෑ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ. අපි කරගෙන යන්නංකෝ......

      Delete
  21. අප්පද බොල වසරක්ද? මම ඒකෙන් භාගයක් විතර...ඒ කියන්නේ අයිය නොවැ...

    //මින් වැඩි පිරිසක් දේශපාලනය ගැන උනන්දුවක් නොමැත.(විශේෂයෙන් කාන්තාවන්) තවත් පිරිසක් කලකිරීම නිසාම දේශපාලනය කතාකිරීම නවතා දමා ඇත.//

    1. කාන්තාවන් දේශපාලයට අකැමැත්තේ දිනක තම ස්වාමියාගේ පක්ෂය වැලද ගත යුතු නිසාත්. නැතොත් විවාහයෙන් පසු තම පක්ෂයම දිගටම අනුගමනය කලත් දේශපාලනය නිවසේ කතා කල නොහැකි බැවිනි.

    2. සමහරු කලකිරී ඇති නිසා දේශපාලනය කතා නොකරන්නේ කපටි කම නිසාය. තමා ඡන්දය දුන් පක්ෂය පිස්සු කෙලී නම් ඔහු කලකිරි ඇති බවක් කියා දේශාපලනය කතා නොකරයි. නමුත් සිත යටින් අන්ත ගාමීය. හැම තැනම දේශාපාලනය කතා කරන්නා දේශපාලනය සාකච්චාවට බදුන් කර සත්‍ය අවබෝධ කර ගනී. තම පක්ෂයට එදිරිව වුවත් මානුෂීය හා සාධාරන තීරන ගැනීමට පෙලබේ.

    - ඉහත කරුණු දෙක සෑමාගේ චින්තනයයි.

    තව ලියන්නට අතැගිලි සවිමත් වේවා..රාජ්ට ජයෙන් ජය !!

    ReplyDelete
    Replies
    1. සැටිපිකට් ටෲ. සෑමාටත් ජය!

      Delete
  22. මේ ලිපියට කමෙන්ට් නොකර සිතා ගත්තත් මෙසේ ලියමි. 71දී මියගිය නාඳුනන සොයුරන්ටද , 88 - 89 මියගිය දන්නා හඳුනන, නාඳුනන සියළුම සොයුරු සොයුරියන්ටද නිවන් සුවම ලැබේවා. මෙතෙක් කලක් මා යම් පිනක් කර ඇත්නම් ඒ සියළු පිං ඔවුනට අත් වේවා!!

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න ගිහින් ඔබට සුභ පතන්න අමතක වුනා. සමාවෙන්න. තව තවත් ඔබගේ ලිපි කියවීමේ වාසනාව අපට ලැබේවා.

      Delete
  23. රටක දේශපාලනය කියන්නෙ ඒ රටේ පුද්ගල ස්වභාවය..අපේ රටේ සාමාන්‍ය ජනප්‍රිය පුද්ගලයෙක් සතුව තියෙන සියලුම ගතිගුණ වැඩියෙන් මහින්දට තියෙනවා...
    ඒ නිසා එයා තමයි රටේ නායකයා...
    මේ අපි කැමති අපි ඉල්ලන ක්‍රමය...එසේ නැතුව මේ අපි ප්‍රතික්ෂේප කරපු හොර චන්ද වලින් දූෂණ වලින් දිනපු රජයක් නෙමෙ...
    මිනිස්සු හැමදාම රැවටෙන්න චූටි බබාල නෙමෙ..මේ මිනිස්සුනේගෙ කැමැත්ත...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු රැවටෙන්නෙ එයාලගෙ තියන බුද්ධි මට්ටම් වල අවුලක් නිසා මිස වෙන දෙයක් නිසා නෙවේ. නැත්තං ඡන්ද කාලෙට මිනිස්සු මැරෙන්නෙ නෑනේ.

      Delete
  24. නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete