Thursday, April 12, 2012

කරදර දුරුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!

මේ අවුරුද්ද ආරම්භ වුනේ එච්චරම හොද විදියට කියල කියන්න බෑ. සුනාමි අවදානමකුත් අරගෙනයි අවුරුද්ද ආවෙ. අනතුරක් නොවුනත් මේ නිසා මිනිස්සුන්ට සිදුවුන කරදර අප්‍රමාණයි. අවුරුදු කාලෙ හරි හම්බකරගත් ලාභය අවසාන දවසේ වෙළදපලේම දමා යන්න සමහර වෙලෙන්දන්ට සිදුවුනා. අවුරුද්ද සමරන්න ගෙදර ගෙනයන්න ගත්ත බඩු මල්ල විසිකරල යන්න මිනිස්සුන්ට සිදුවුනා. ඒ මිලමුදල් වලට වඩා ජිවිතය වටින නිසා. කොහොම උනත් ජීවිත හාණි නැතුව මේ විදියට ඒ සිද්ධිය අවසන් වීමම ලොකු දෙයක්.

කනගාටුදායක අනිත් කාරණය අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වෙච්ච වෙනීගෙ ආදරණීය මව මෙලොව හැර ගිහිල්ල. බ්ලොග් අවකාශයේ සියල්ලන් වෙනුවෙන් ඇයට නිවන් සුව ප්‍රාර්තනා කරනව!

ඊට පස්සෙ කියන්න තියෙන්නෙ ජීවිතය කියන්නෙ මේවගේ සැප දුක් දෙකම තියන තැනක් කියල විතරයි. ඒවගේම මේ අවුරුදු කාලෙ විනෝද වන්නන්ට කියන්න තියෙන්නෙ පසුතැවීම් රහිත විනෝදයක් ලබාගන්න. එක් නිමේෂයකින් ඔබේ විනෝදය ජීවිත කාලයටම මතක තියන අවාසනාවන්ත සිද්ධියකින් කෙලවර කර නොගන්න.

අවසානයට,
සියලු කරදර හිරිහැර මැද්දේ උනත්, උදාවන අවුරුද්ද සුභ වෙන්න කියල ප්‍රාර්තනා කරනව බ්ලොග් අවකාශයේ සියල්ලන්ටම. ඉදිරි අවුරුද්දෙදි වඩාත් හරවත්ව වඩාත් විනෝදාත්මකව වැඩි වැඩියෙන් බ්ලොග් සටහන් කරන්නට අවකාශය සැලසේවා!

22 comments:

  1. රාජ්ටත් එසේම වේවා...!!!

    ReplyDelete
  2. ඔබටත් එසේම වේවා....

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
    ජයම වේවා..!

    ReplyDelete
  4. අයියටත් එසේම වේවා

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  6. මුලින්ම සතුටුයි සුනාමිය නාව එක ගැන.
    දෙවෙනියට කණගාටුයි. වෙනියගේ බ්ලොග පැත්තේ ගිහින් ආවේ !

    රාජ් කොලුවට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  7. වෙනිගේ අම්මාගේ වෙන්ව යෑම නම් දුකක්.:(

    ලබන්නාවු නව වසර කරදර, ලෙඩ රෝගීවලින් තොර, සැනසුම දෙන එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  8. රාජ් අයියටත් සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  9. උබටත් මෙවැනි අසතුටු දායක දේවල් අසන්නට නොලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ.

    ReplyDelete
  10. කරදර වලින් තොර ප්‍රීතිමත් සුබ අළුත් අවුරුද්දක් පතමි !!!

    ReplyDelete
  11. ඔබටත් සුභ නව වසරක්.

    අර වෙනීගෙ අම්මා ගැන දැනුම් දීමට ඉස්තුතියි. වෙනීගෙ උපන්දිනේ තිබ්බෙත් මේ සතියෙනෙ. අර පෝස්ට් එකත් නිකං දැනගෙන දාපු එකක් වගෙ!!

    henryblogwalker the Dude

    ReplyDelete
  12. කණගාටුයි වෙනියාගේ අම්මා නැතිවුණ එක ගැන නම්. කොහොමත් ගොන් ආතල් නැතුව අර්ථවත් ව අවුරුදු සමරන එක තමයි හොඳම වැඩේ. යහපත් වු පින් සිතිවිලි ම වැඩෙන නව වසරක් වේවා අයියාටත්!

    ReplyDelete
  13. ඔබටත් සුබ අලුත් අවුරුද්දක්...!!

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා රාජ් ඇතුලු සැමට ..!

    ReplyDelete
  16. සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
    ජයම වේවා..!

    ReplyDelete
  17. රාජ්ටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  18. සුභ අලුත් අවුරුද්දක් වේවා රාජ් ටත් ඔබේ පවුලේ සැම දෙනාටමත්.

    ReplyDelete
  19. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  20. සිතේ සතුට නුඹේ නිතර රැදේවා
    හදේ පැතුම් මල් පිපී දිලේවා
    කරන කියන දේ නිවැරදි වේවා
    මේ නව වසරෙදී කිරි ඉතිරේවා.....
    (පමා වුනා අයියේ සුභ පතන්න එන්න)

    ReplyDelete
  21. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete