Thursday, April 19, 2012

සුනාමි ඇවිල්ලා.

මාසෙක විතර කාලයක ඉදල අපේ ගමට සුනාමි එනව දිගට හරහට. හොදට සරුසාරෙට හැදිල තියන කුඹුරු ඔක්කොම සුනාමියට අහුවෙනව. සුනාමි කිව්වෙ ඔය පිංතූරෙ දාල තියන සුනාමි ගැන මිසක් මිනීමරු සුනාමි නෙවේ. අන්තිමට අපේ පොඩි කුඹුරු කෑල්ලටත් සුනාමිය ආව. ඊයෙ හවස මම වැඩ ඇරිල ගෙදර යනකොට තාත්ත වී මල්ලක් කර තියාගෙන පාරදිගේ ගෙදර එනව. අවුරුදු හැට ගනනක් වයස උනත් කිලෝ 40ක 50ක විතර වී මල්ල කරේ තියාගෙන එන්නෙ හිතේ හයියට මිසක් වෙන දෙයක් නිසා නෙවේ. මාත් දනිපනි ගාල කලිසමයි ෂර්ට් එකයි ගලවල දාල මොඩ් ගොවිය කිට්එක දාගත්ත.

අපේ ගෙදර ඉදල කුඹුරට යන්න තියෙන්නෙ කාණුවක් වගේ පාරක. ඒකෙ මීටර 300ක් විතර ගියාම වෙල්යාය. වෙල්යායෙ ආරම්භයෙ ඉදල අපේ කුඹුරට තියන දුර මීටර 500ක් විතර. වෙල්යාය මැද්දෙ තියනව පොඩි ඇලක්. සුනාමියෙන් නෙලාගත් අස්වැන්න ඒකෙන්ම ඇල ලගට ගෙනත් දෙනව. එතන ඉදල පාර ලගට වී‍ ගෙනයන්න වෙන්නෙ කරේ තියාගෙන. ඒ මදිවාට ඇල හරහා දාල තියන ඒදන්ඩෙන් එගොඩ වෙන්නත් තියනව. මෙන්න මේ අමාරුම කෝස්එක තමයි මම ස්වේච්ඡාවෙන්ම භාර ගත්තෙ :P

දැන් වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. සුනාමියෙන් ගෙනත් දුන්න වී ටික තියනව ඇලෙන් එගොඩ. ඒක තියෙන්නෙ මාගලක දාල. මාගල කියන්නෙ පොහොර එහෙම නැත්නං පාන්පිටි දාන මලු විශාල ප්‍රමාණයක් දෙපැත්තකින් කපල එකට එකතුකරල මසා හදාගත්ත විශාල පැදුරකට. මාගලේ තියන වී මළුවලට දැමීමේ කාර්ය කරන්නෙ අපේ අම්ම. ඊට පස්සෙ ඒක මගේ කරෙන් තියනව. මම වී මල්ලත් කරතියාගෙන අමාරුවෙන් ඒදණ්ඩෙන් එගොඩ වෙලා ඒක ගෙනියනව තාත්ත ලගට. තාත්ත බයිසිකලයක තියාගෙන ගෙදරට ප්‍රවාහනය කරනව. මුලදි ඒදණ්ඩෙන් එගොඩවීම සෑහෙන ප්‍රශ්නයක් උනත් පස්සෙ ඒක අවුලක් උනේ නෑ. මේ කතාව කිව්වෙ ගොවිතැනේ තියන අමාරු ස්වභාවය ගැන කියන්න ඒන නිසා. වී මලු 12ක් 15ක් විතරක් තිබුන නිසා එච්චර අමාරු නැතත්, දැං කරන වයිට් කොලර් ජොබ්එක නිසා කාලෙකින් ඇග මහන්සිවෙන වැඩක් කලේ නැති නිසාත් පොඩිපොඩි ඇගේ අමාරුකම් දැනටත් තියනව. :D

කියන්න හිතං හිටි වැදගත් කාරණය තමයි සුනාමිය නිසා ඇති වාසි අවාසි ගැන. අපේ තාත්තල පොඩිකාලෙ හරක් යොදාගෙන තමයි ගොයම් පාගල තියෙන්නෙ. ඊට පස්සෙ වී වලින්, බොල් වී වෙන්කරල තියෙන්න ස්වාභාවික සුලගෙන් තමයි. මෙතනදි ලැබුන අස්වැන්න සෑහෙන හොද තත්වයක තිබිල තියනව. ඊට පස්සෙ තමයි ට්‍රැක්ටර් යුගය. එතනදිත් අන්තිමට ලැබුනෙ සුපිරි වී ටිකක්. හැබැයි සුනාමියෙන් ලැබෙන අස්වැන්න නං ෆිනිෂින් අන්තිමයි. ඒකට හේතුවක් තියනව. පළමු ක්‍රම දෙකේදීම ගොයම් කපල ‍වියලි ගොයම් වලින් තමයි වී ඇටේ ගන්නෙ. දැන් සිද්ධ වෙන්නෙ කුඹුරෙ තියන ගොයම් ගසේ තියන වී කෙලින්ම මළුවලට එන එකයි. එතනදි වී වියලීමක් හෝ බොල් වී නිවැරදිව වෙන්කිරීමක් සිදුවෙන්නෙ නෑ. ඒකෙ ප්‍රථිපල විදියට ගොවියාට සිද්ධවෙනව වී වියලාගන්න, එහෙමත් නැත්නම් ප්‍රමිතියෙන් තොර වී ගන්න මුදලාලි කෙනෙකුට වී ටික‍ දෙන්න. මේ තත්වයේ වී රජයේ වී මිලදී ගන්නා මධ්‍යස්ථාන වලින් ගන්නෙ නෑ. ඒවට දෙන්න නං හොදම තත්වයේ වී තියෙන්න ඕන. අනිත් අතට වී වියලීම කියනදේ ලේසියෙන් කරන්න බෑ. උදාහරණයක් විදියට අක්කරයක වී මලු 50ක් තිබුන කියල හිතමු. ඒක වේලගන්න අවශ්‍ය කරන මාගල මළු 100ක විතර විශාලත්වයක් ඇතිව සාදල තියෙන්න ඕන. හිතාගන්න පුවවන් නේද දුෂ්කරතාවය.

හැබැයි මොනව කිව්වත් සුනාමියෙ වාසිත් තියනව. කෙටි කලකදි අස්වැන්න නෙළීමට හැකිවීම, මිණිස් ශ්‍රමය අවම වීම වගේ කාරණා. හොදට වියලි තත්වයේ තියන ගොයම් වලින් වී ලබාගැනීමේදී මම උඩ කිව්ව දෝශ අඩුවෙනව.

අන්තිමට කියන්න තියෙන්නෙ මේ දවස්වල අපේ පැත්තෙ වී කිලෝවක් රුපියල් 17ට 18ට විකිණෙන්නෙ. අපොයි ගොවියගෙ මහන්සිය! නොදනිමි කාගෙ දොසා.....

54 comments:

  1. පෙට්රල් ලීටරයක් ගන්න වී කිලෝ 10 ක් විතර යනවා. ටවුමට යන්න වී කිලො 4ක් විතර යනවා. මල් හතයි නේද

    ReplyDelete
  2. මෙව්වට නම් විසදුම් වෙනමම හොයන්න ඕන ප්‍රශ්න...

    හැබැයි මම නම් කැමති පරණ ක්‍රමේට.. ගොයම් කපල (කොන්ද නෑ තමයි ඕක කරහම) රෑ එළි වෙනකම් ගොයම් පාගල වී හුළං කරල.. ඒකෙ තමා ගතිය තියෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඒක නරක දෙයක් නෙවේ. මේ දේවල් අපෙන් ඈත්වෙලා යන්නෙ අපිට නොපෙනෙන ඉතා විශාල සංස්කෘතියකුත් අරගෙන. (සංස්කෘතිය කන්නද කියල කෙනෙක් කියන්න පුළුවන්). ඒ කොහොම උනත් වී වලට මිලක් හැදෙනවනම් හොදයි.

      Delete
  3. ඔච්චර ලොකු මැෂිමකින් ගොම් මැඩලා, කරෙන් අදින්නේ ඇයි. අඩු ගානේ වීල්බැරෝවක්වත් ගන්න. ඒ දණා්ඩ උඩින් ලැලිගහලා පලල් කරන්න.

    බලන්න මේක?
    Hand Trolly

    වැඩි ගානක් යන එකක් නෑ හදාගන්න වුනත්!

    ReplyDelete
    Replies
    1. හපොයි කසූ මක්ක කියනවද මංදන්නෑ! මේ දවස්වල දවසක් හැර දවසක් වගේ වහිනව. කුඹුරක් හරහා වීල්බැරෝවක් වත් යන්න බෑ, ටිකක් විතර එරෙනව. කකුල් දෙකට පිංදීල අදිනව මිසක් මොනව කරන්නද.

      Delete
  4. කමක්නෑ ඔහොමවත් ඇඟට ව්‍යායාමයක් ලැබෙනවනේ..මෙදවස්වල කොලොස්ටරොලුත් නැගල ඇතිනේව තෙල් ජාති කාල...ගොයං කපලා ඉවර උනහම කියහං සරුංගලේකුත් අරං එන්ඥා ඉපනැල්ලේ උඩයවන්ඩ බැරියෑ

    ReplyDelete
    Replies
    1. මේ උබ එනවනේද 22ක

      Delete
    2. හා.... සරුංගල් යැවිල්ල ගැනනං අමුතුවෙන් පෝස්ට් එකක් දාන්න පුළුවන්. ජොබ්එකට එන්න කලින් හොදට වැඩකරපු කොල්ලෙක් වෙච්ච මට දැං ඇග හොරවෙලා. පොඩ්ඩක් වැඩ කලාම මහන්සියි.

      Delete
    3. එන්න වෙන්නෙ නෑ මචෝ.

      Delete
  5. මේවට කියන්නේ අපි නම් භූතයෝ කියලා.. අපි සුනාමි කියන ඒවයේ පින්තූර තමා මේ තියෙන්නේ..
    01 පින්තූරය
    02 පින්තූරය
    03 පින්තූරය
    04 පින්තූරය

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එක එක පැතිවල එක එක නම් භාවිතා වෙන්නෙ. උඹ දාල තියන යන්ත්‍ර වලට තමයි සුනාමි කිව්වෙ. දැන්නං බූතයට කියන්නෙත් සුනාමි කියල.
      මොකෑ කොමෙන්ටුව මැකුවෙ? තරහ වෙයි කියලද ;-)

      Delete
    3. සියඹලාපිටියේ භූතයා

      ඉස්සල්ලා දාපු ලිංකුව වැරදුනා ඒකයි බං මැකුවේ.. ඒත් මම ආපහු ඒ කොමෙන්ටුවම දාලනේ ගියේ.. කෝ බං ඒක :o

      Delete
  6. ඔය කුබුරු කිරිල්ලෙ අමාරුව මමත් හොදට දන්නවා,අපිටම කියල කුබුරු නැති උනත්,අපේ නෑදෑයන්ගේ කුබුරු වල ගොයම් කපන කාලෙට,හිටවන කාලෙට මමත් යනව පොඩි සප් 1 ක් දෙන්න.අනේ ඉතින් ඒ ගෙවල් වල ඉන්න මහ උන්දල විතරයි දැන් කුබුරු වලට බහින්නෙ,අනිත් උන් ආතල් එකේ ගෙදර.ඒ වෙලාවට නම් මටත් තද වෙනවා ඇයි යකෝ...මම මේ මට අයිතියක් නැති කුබුරකට බැහැල වැඩ,අයිතිකාරයෝ ගෙවල් වල සැපට ඉන්නවා....ඉස්සර වගේ නෙමෙයි දැන් තියන අව්ව සැරත් එක්ක වැඩ කිරිල්ල හරිම අමාරුයි..දවසම අව්වේ ඉදල,හොදටම මහන්සි වෙලා ගෙදර ආපුවහම හොද ගණන්..... හැබැයි කියල වැඩක් නෑ කොච්චර මහන්සි උනත් ලැබෙන ආදයමනම් අන්තිමයි....දැන් නම් අපේ අය කවුරුත්ම වී විකුණන් නෑ..තමන්ගේ ගෙදර ප්‍රයෝජනයට ගන්නවා.විකුණනවට වඩා ඒක හොදයි.මහන්සියයි,යන වියදමයි,ලැබෙන ආදායමයි එක්ක බැලුවම නම් කුබුරු කිරිල්ල මේ කාලෙ පාඩුයි....සුනාමියකින් වැඩේ කර ගන්න එක නම් හොදයි...කාලයත් ඉතුරුයි...හැබැයි කට්ටිය එකතු වෙලා වැඩේ කරද්දී තියන විනෝදෙ සුනාමියත් එක්ක වැඩ කොරද්දි නෑනෙ...දැන් නම් ගොඩක් අය සුනාමියෙන් තමයි ගොයම් කැපිල්ල කොරන්නෙ...කොහොම උනත් ලේසි පහසුයි වගේම මහන්සියත් අඩු එක,කාලයත් අඩුවෙන් යන එක නම් සුනාමියෙන් තියන ලොකු ප්‍රයෝජනයක්....

    ReplyDelete
    Replies
    1. කාරණා ටික නං ටක්කෙටම හරි. ස්තුතියි.

      Delete
  7. කුඹුරු වැඩ ලේසි නෑ කියල අත්දැකීමෙන්ම දන්නව බං. මං කුඹුරු නොකෙ‍ටුවට ඉස්සර හක්මණ ආච්චිලයි අහ කුඹුරු කොටනකොට වෙලේ මයි. පොඩි කාලෙ බලං ඉන්න වැඩේ හරිම ජොලි උනාට පහුවෙනකොට තමයි තේරෙන්නෙ කොච්චර මහන්සියක් වෙන්න ඕනෙද කියල. ඒත් ඒ මහන්සියට සාධාරණ මිළක් නොලැබෙනකොට.........

    රුපියල් දාහතට ගන්න හාල් විකුනන්නෙ පනහට කියමු. එතකොට ප්‍රවාහණයට, සුද්දකිරීමට, ගබඩාවට, ඇසුරුම්වලට සහ අතරමැදි ලාභයට නිශ්පාදන වියදමට වඩා කොටසක් වෙන්කරන එක ..... ?? කොහෙද බං වැ‍රැද්ද, එහෙම නැත්නම් ඒ දේවල් වලට ඔය කියන වියදම යනවද ?????

    ReplyDelete
    Replies
    1. 17ට ගන්න වී, හාල් විදියට සිල්ලර කඩේට දන්න පුළුවන් හොද ලාභයකුත් තියාගෙන රු.35කට විතර.

      Delete
  8. සජීව ධනුද්ධරApril 19, 2012 at 4:34 PM

    //කුඹුරක් හරහා වීල්බැරෝවක් වත් යන්න බෑ, ටිකක් විතර එරෙනව. කකුල් දෙකට පිංදීල අදිනව මිසක් මොනව කරන්නද.//
    රාජ් කුඹුරු කරන්නෙ තෙත් කළාපෙද කුඹුරු එරෙන්නෙ. අපේ පැත්තෙ තියනවා සමහර කුඹුරු (අපේ පැත්ත ඒවාට කියන්නේ “පල්කඩ“ කියලා) ඒවයේ බැස්සොත් ඉන ළඟට විතර එරෙනවා..

    ReplyDelete
    Replies
    1. නෑ, මේ කියන්නෙ හම්බන්තොට! මේ දවස්වල වැස්ස තියනව. කැපිච්ච කුඹුරු වල වතුර තැනින්තැන තියනව. ඒ මදිවට සුනාමිය ගියපු පාරට කුඹුරෙ තැන තැන කැඩිල. ඒකයි වීල්බැරෝවක් යන්න බැරි. එහෙම නැතුව "සදා එරෙන" කුඹුරු නෙවේ.

      Delete
  9. ඇයි දන්නේ නෑ ඕකට සුනාමිය කියන්නේ.. හැබැයි ඕක ගැහුවහමනම් පොල් ගස්වල මුදුනේ හිටන් පිදුරුලු..

    ReplyDelete
    Replies
    1. ආවට පස්සෙ පැත්තම ඉවරයිනේ. ඒක වෙන්නැති සුනාමි කියන්නෙ.

      Delete
  10. මම මේ තාම කල්පනා කරනවා අර මාගල හදා ගන්න හැටි. රාජ් හොඳ ගොවියෙකුත් වගේ නේ.:)

    ReplyDelete
    Replies
    1. පොහොර, සීනි, පිටි වගේ දේවල් දාන මළු අරගෙන අඩිය ලිහනව. ඊට පස්සෙ උස පැත්තකුත් කපනව.එතකොට එන්නෙ සෘජුකෝණාස්‍රාකාර කොටසක්. ඒවගේ විශාල ප්‍රමාණයක් අරගෙන එකට එක්කරල මහනව. ඕන්නං වෙනම කුප්පියක් දාන්නං :)

      Delete
  11. මට මාගල පොඩි අවුලක්...අපේ පැත්තෙ මාගල කියන්නෙ දුනුකේ හෝ වැටකේ පන්වලින් වියාගන්නා ලොකු පැදුරකට (අඩි 18ක් විතර දිගයි අඩි 6ක් විතර පළලයි)
    ඒක ගන්නෙ වී වේලගන්න (දැන් ඒවා වියන්න කවුරුත් නැති නිසා බඩුත් නැත)

    ගෝනි හෝ පොලිසැක් කවර එනට තියලා මහගන්න එකට කියන්නෙ පඩංගුව කියලා මේකෙ ඔරිජිනල්ම එක ගෝනිවලින් හදන එකයි.
    ගොයම දාගන්න-පාගන්න-පස්සෙ වී (පාවර) වේලගන්න මේ පඩංගුව භාවිතා වෙනවා.

    අපේ පැත්ත තෙත් කලාපයේ හින්දා කුඹුරු හුගක් එරනවා. ඉතින් ගොයම් කපන්නෙ මිනිස් ශ්‍රමයෙන්ම තමයි.කලාතුරකින් බුෂ්කටර් පාවිච්චි කරනවා. ගොයම් පෑගීම ඉස්සර කළේ හරක්ගෙන්, දැන් ඇග්‍රිමෙක් එකෙන්.
    වී විකිණීමක් නෑ. ගෙදර බාවිතයට විතරයි.

    ReplyDelete
    Replies
    1. නම් දෙකම භාවිතා වෙනව. ඇග්‍රිමෙක් එකෙන් පෑගුවනං නං හොද ෆිනිෂින් 1ක් තියනව.

      Delete
    2. සුමිත් කිව්වා වගේ මාගල කියන්නේ සාමාන්‍යය පදුරකට වඩා ලොකු පන් තීරු වලින් වියා ගන්නා දිග ප්‍රමාණයේ පැදුරක්...

      ගෝනි හෝ පෝර උර(පොලිසැක්) වලින් මහන එකට කියන්නේ පඩංගුව කියලා.
      නියම වර්ගයේ මාගල් දැන් දකින්න අඩුයි, අපේ පැතිවල ඉඳල හිටලා දකින්න පුළුවන්...

      Delete
  12. හැක්ස්...මං හිතුවෙ සිරා සුනාමියක් කියලා :-)

    ReplyDelete
  13. ගොයම් කපන එක, පාගන එක හෙන ම කට්ටක් වුණාට, කස්ටිය ඉන්නවනම් හරිම ජොලි වැඩේ, හොඳම ජොලිය දැනෙන්නේ පහුවදා උදේ නිදාගෙන නැඟිටිද්දි තමයි... අපේ පැත්තේ නම් සුනාමි නෑ, සූටි සූටි කුඹුරු කෑලි නේ තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ජොලියක් නං තියනව තමයි. වී මිල නැතිඑකයි අවුල.

      Delete
  14. මේකට සුනාමියට වඩා භූතයා කියන නම නේද වැඩියෙන් පාවිච්චි වෙන්නේ?? ඒකියන්නේ රාජ් අයියත් හොද ගොවි මහත්තයෙක්..

    ReplyDelete
    Replies
    1. එක එක පැතිවල එක එක නම් භාවිතා වෙනව. ඉස්සර මට මතකයි මේ පැත්තෙ ආව ලොකු ට්‍රක්. ඒවයෙ රෝද 10ක් තියනව. අපි ඒකට කියන්නෙ "ටෙන්වීල් එක" කියල. සමහරු කිව්වෙ "ලොවුතුරා බෝට්ටුව" කියල.

      Delete
  15. ගොවි ප්‍රශ‍්නෙ ගැන හරියටම පැහැදිලි කරගන්න ආපහු පාරක් ආවෙ...

    ගොවියන්ට තමන්ගෙ වගා කටයුතු වෙනුවෙන් පොඩි හරි සහනාධාරයක් ලැබෙනවනෙ... එහෙමත් ලැබිල වී වලට ලැබෙන මුදල ඇත්තටම ගොවියට පාඩුද?... පාඩුනම් ඒ ඇයි?... මට නම් පෙනෙන එකම ප්‍රශ්නෙ උද්ධමනයට සාපේක්ෂව වී මිල වැඩිවෙන්නෙ නෑ කියන එක විතරයි.. වෙන මොනවද හේතු තියෙන්නෙ?...

    ගොවියගෙ ඉඳන් පාරිභෝගිකයට එනකම් පියවර වලදි ගාන සෑහෙන වෙනස් වෙන එක හරි... ඒ වැඩ ටික කරන මිනිස්සුත් ව්‍යාපාරයක් කරන්නෙ ලාභයක් ගන්නනෙ...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ලාභයක් නැතත් වියදම හරි කැපෙන්න 25ක් වත් ඕන. ලංකාවෙ කරන නිෂ්පාදන වලින් නිෂ්පාදකයා මිල තීරණය නොකරන්නෙ ගොවීන්ගෙ නිෂ්පාදන විතරයි. අනිත් හැම දේකම මිල තීරණයකරන්නෙ නිෂ්පාදකයා.

      අතරමැදියා ලබාගන්නා ලාභය වැඩියි කියල හිතෙනව තමයි.(එයත් කරන්නෙ බිස්නස් එකක් උනත්). ඒකට විසදුම් විදියට තමයි යම් ප්‍රමාණයක් රජය වී මිලදී ගෙන ඒවා සහනදායී මිලකට පාරිභෝගිකයා අතට පත් කරන්නෙ(රජයත් පාඩු නොගෙන). දැන් සිද්ධ වෙන්නෙ රජය මිලදීගන්න වී ටික ගබඩා වල දිරාපත් වෙනඑක. ඒකෙ වන්දිය ගෙවන්න වෙන්නෙත් රටේ ජනතාවටම තමයි.

      Delete
    2. ඒ කියන්නෙ අපේ නිෂ්පාදන වියදම වැඩිද?... මොකද පිටරටින් ගෙනත් අඩුවට හාල් දෙනව කියල සීන් එකකුත් තියෙනවනෙ...

      (ගාන හොඳට වැඩිවුනහමත් කේස්නෙ පාරිභෝගිකයගෙන්...)

      Delete
    3. ඔව්. ඉන්දියාවට, මැලේසියාවට, බුරුමයට සාපේක්ෂව අපේ පිරිවැය වැඩියි. මේකට විසදුම් විදියට මම නං දකින්නෙ ක්‍රම 2යි.
      1.රජයෙන් සාධාරණ මිලකට වී මිලදීගෙන අධික ලාභයක් නොගෙන සහල් විකිණීම.
      එතකොට පෞද්ගලික මෝල් හිමියන්ට සිදුවෙනව වී වලින් අධික ලාභයක් නොගෙන සාධාරණ මිලකට විකුණන්න. හැබැයි අවුල තියෙන්නෙ මේක කොච්චර දුරට සාර්ථකද යන කාරණය මත. මොකද පෞද්ගලික අංශය එක්ක තරග කරන ක්ෂේත්‍ර වල තත්වය අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
      2.රටින් ගෙනඑන සහල් වලට යම් බද්දක් පනවා රජයේ පාලනයෙන් නිදහස් කිරීම.
      වී මිලට බලපෑම් කරන පාර්ශවයක් තමයි මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනා. එයාල කරන්නෙ කුඹුරු කැපෙන කාලෙට තුට්ටු දෙකට ගන්න වී ගබඩා කරගෙන වැඩි මිලට විකිණීම. යම්කිසි බද්දක් යටතේ රටින් හාල් ගෙන්වන්න අවසර දුන්නනම් ඒකාධිකාරිය නැති වෙනව.
      මම දන්න තරමින් කරන්න තියෙන්නෙ ඕව තමයි. ඊට අමතරව නිෂ්පාදන වියදම අඩුකරන්න අවශ්‍ය කරන තාක්ෂණය ගොවියන්ට හදුන්වාදීම කරන්න ඔන. ඒකටනේ කෘෂිකර්ම අමාත්‍යාංශයක් තියෙන්නෙ.

      Delete
    4. ගොවියො සංවිධානය වෙලා ගොවි සංගම් හරහ නියමිත මිලක් පවත්වගන්න බැරිද?... මේ වෙද්දි ඕක නොවෙන්නෙ මෝල් හිමියො ගත්තෙ නැත්තන් වී නාස්තිවෙන නිසා කියලයි මම දන්නෙ... ඒත් ඒකට විසඳුමක් විදිහට ගොවි සංගම් හරහ වී ගබඩා කරන ක්‍රමයක් පාවිච්චි කරන්න බැරිද?...

      ප්‍රශ්නෙ තියෙන්නෙ ගොවියන්ට නිසා ඒ අයම ඒකට විසඳුමක් හොයාගන්න එක තමයි ඉක්මන්... මොකද බැට කන එකාටනෙ ඉක්මනට ඒකෙන් ගැලවෙන්න උවමනාවක් ඇතිවෙන්නෙ... අමාත්‍යාංශයක් තිබුනට ඒවල වැඩ කරන උන්ට ඔය ප්‍රශ්න වලට විසඳුම් හෙව්වත් නැතත් පඩිය ලැබෙනවනෙ...

      Delete
  16. ඇත්තටම කිව්වත් වගේ මහන්සිවෙන ගොවියට වඩා අතර මැද ඉන්න කළු කඩ කාරයෝ හම්බ කොරනවා..

    :(

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. වී වපුරලා අස්වැන්න ගෙට ගන්න කම් ඒ ගොවියා කොච්චර දුකක් විඳින්න ඕනේ ද?.එහෙම දුක් විඳලා වී කිලෝ එකකට රුපියල් 17-18 ලැබෙනවානම් ඉතින් ඒ ගොවියාගේ තත්වේ මොකක්ද? පාලකොයෝ කවදාවත් ගොවියට සහනයක් දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඕකට හොද කතාවක් තියනව ඉඩතියන වෙලාවක දාන්නං.

      Delete
  19. ගොයම් කැපුවට පස්සෙ වෙලේ එල්ලෙ පාරක් ගහන්න යද්දි තමයි පට්ට ෆන් එක තියෙන්නෙ.....මම තාම ඔය සුනාමි යකා දැකල නෑනෙ......:(

    ReplyDelete
    Replies
    1. ඒගැන නං කියල වැඩක් නෑ. ෆන්එක උපරිමයි. ඒත් දැං ඉන්න එවුන් ක්‍රිකට් ගහනව විතරයි එල්ලෙ ගහන්නෙනෑ.

      Delete
  20. අපේ පැතිවලනම් "සුනාමි" පාවිච්චි කරන්න බැහැ, කුඹුරු එරෙන නිසා.... ;)

    මමත් කාලෙකින් කුඹුරකට බැස්සේ නැහැ.
    පොඩි වැඩක් කලත් මහන්සි දැනෙන අපේ මේ හොර ඇඟවල් වලට ඔහොම හරි ව්‍යායාමයක් ලැබෙන එක හොඳයි බං...

    ReplyDelete
  21. සුනාමි වගේ තවත් බඩ්ඩක් තියනවා ඒකට කියන්නේ බූතයා කියලා .. ඔයි යන්තර දෙකම පහුගිය දවස් වල අපේ කුඹුරු වලත් බැහැලා හරි හරියට වැඩ දිදී උන්නා .. දන්නවා නේ ඉතින් කුඹුරු කීවොත් ඉතින් මගේ පලාත තමා අංක එක .. !

    ReplyDelete
  22. වාසි අවාසි දෙකම තියෙනවා නෙහ් බන්? දැන් හාල් වල ගණන් අනුව නම් ගොවියන්ටත් වී වලට මීට වඩා වැඩි මිලක් ලැබෙන්න ඕන තමා.

    ReplyDelete
  23. අපිට කවදාවත් කුඹුරක් තිබිලා නැතිනිසා ඒ අත්දැකීම් නෑ. නවමුත් කලින් ඔය ගැන පෝස්ට් එකක් දාලා තිබ්බා නේද?
    henryblogwalker the Dude

    ReplyDelete
  24. කෝ බං අර ඉස්සර කියපු සහතික මිලද මොකක්ද එක? ඔක්කොම කාලෙකට තමයි :D

    ReplyDelete
  25. මාර සුනාමියනේ.....

    ReplyDelete
  26. ''..........අපේ පැත්තෙ මාගල කියන්නෙ දුනුකේ හෝ වැටකේ පන්වලින් වියාගන්නා ලොකු පැදුරකට (අඩි 18ක් විතර දිගයි අඩි 6ක් විතර පළලයි)
    ඒක ගන්නෙ වී වේලගන්න (දැන් ඒවා වියන්න කවුරුත් නැති නිසා බඩුත් නැත).......''
    මේක හරි අපේ පැත්තෙත් මාගල කියන්නෙ මේවට...මාගල් තියන කාමරයක් අපේ ගෙදර තිබ්බ..ලොකු වී පෙට්ටියකුත් ඒකෙ තිබුන...
    මාගල කියද්දි මට මතක් උනේ වෙන කතාවක්...ඔය කාමරේ තිබ්බ මාගල් අතර අලුත්ම ඒවත් බොහොම පරන ඒවත් තිබුන..අලුත් ඒවා තමා නිතර පාවිච්චියට එලියට ආවෙ..දවසක් අපේ තාත්ත මොකක්ද උවමනාවකට අර පරන මාගල් දිග ඇරල..ඒ එකක් ඇතුලෙ තිබිල ලොකු සල්ලි මිටියක් හමු වෙලා තිබුනා...ඒ කාලෙ හැටියට ලොකු මුදලක්.....!!
    සීය මැරෙන්න කලින් අරන් තියපු සල්ලි..එයා හදිසියෙ මැරුන නිසා කියන්න බැරි වෙලා....!!

    ReplyDelete