Tuesday, April 10, 2012

අරක්කු බොන්න නෝනගෙන් සල්ලි ඩැහැගත් අපේ රාලහාමිලා!

දාන්න හිතාං හිටිය කතාවට වෙලාව මදිවුන නිසා පොඩි කතන්දර දෙකක් දාන්නයි යන්නෙ. මතකද දන්නෙ නෑ ඖෂධීය පනා ගෙනත්දීපු ග්‍රාමසේවක රාලහාමිගෙ කතාව? මේකෙත් කතා නායකය එයා තමයි. සුපුරුදු විදියටම අනුමත වෙන්න සල්ලි නැතිවුන දවසක මේ කියන රාලහාමි ගියා තවත් රාලහාමි කෙනෙකුගෙ ගෙදර. එයත් මෙයාටම හපන් හාදය. ටික වෙලාවක් දෙන්න කතා කරමින් හිටියත් සල්ලි ප්‍රශ්නෙ දෙන්නටම හිටිය. ගෙදර අයිති රාලහාමිගෙ නෝන ගුරුවරියක්. එයාලග සල්ලි තිබුනත් ගන්න විදියක් නෑ. කොහොමත් ගුරුවරියකගෙන් සල්ලි ගන්නඑක ඉබ්බගෙ මයිල් ගන්නව වගේ වැඩක්නේ..... මේ වෙනකොට නෝන විදුහල්පති විභාගෙ ලියල පාස්වෙලයි හටියෙ. අපේ රාලහාමිට මේ වෙලාවෙ ගණදෙවි නුවණ පහල උනා.

අපේ රාලහාමි: මේ උඹේ නෝනගෙ වැඩේ කොහොමද?
ගෙදර රාලහාමි: ආ..... උඹ ඇමතිතුමාට කිව්වද?......... පත්මා...... මෙහාට එනව,..... රාලහාමි අරක ඇමතිතුමාට කිව්වලු. (හාමිනේද පැමිණේ)
අපේ රාලහාමි: මම කිව්ව ඇමතිතුමාට, වැඩේ හරි කිව්ව! පත්වීම ලැබෙයි.
හාමිනේ: ඒත් අයියේ කිට්ටුවක පුරප්පාඩුවක් නෑනේ.........
අපේ රාලහාමි: ඒක ගැන බයවෙන්න එපා. පුරප්පාඩුවක් හදලහරි දෙන්නංකො. ඇමතිතුමා නොකර ඉන්නෙ නෑ මං කිවුවොත්.

ඔය විදියට තුන්දෙනාගෙ කතාව ටික වේලාවක් ඇදුන කියමුකෝ,
ගෙදර රාලහාමි(නෝනට): මේ.... රාලහාමිට අපි සලකන්න ඕනනේ, මොනවහරි ගේන්න සල්ලි දෙනව.
නෝනාගෙන් රුපියල් 1000ක් ලැබෙනව. දෙන්න පුළුවන් විදියට ඒකෙන් සප්පායම් වෙනව. ටික වෙලවක් ඉදල ගෙදර රාලහාමි ආයෙත් නෝනට කතා කරනව.

ගෙදර රාලහාමි: මේ..... මේ වැඩේ ඉවරයක් කරල දාමු. දෙනව තව 500ක්.
ඒ 500ත් අනුමත වෙච්ච අපේ රාලහාමි ගෙදර එනව. මේ සිද්ධිය වෙලා අවුරුද්දකටත් වැඩියි. නෝන තනතුර තාමත් උපගුරු.


දෙවනි කතාව මේකයි. රාලහාමි දවසක් හැන්දෑවෙ යාලුවොත් එක්ක අනුමත වෙලා. ගෙදර එනකොට රෑ 12ත් පහුවෙලා. ඒ මදිවට මගදි බයික් එකෙන් වැටිල තුවාලත් වෙලා. මහ රෑ මැද නෝනට ඇහැරවල ප්‍රශ්න වලට උත්තර බදිනවට වඩා ඉස්තෝප්පුවෙ නිදාගැනීම වඩා බුද්ධිමත් තීරණයක් බව රාලහාමිට ඒ‍වෙනකොටත් වැටහිලයි තිබුනෙ. මෑන් ඉස්තෝප්පුවෙ නිදියගත්ත. ප්‍රමාණය ඉක්මවා අනුමත වෙච්ච නිසා නෝන උදේ දොර අරිනකම්ම රාලහාමි සුව නින්දෙ හිටියෙ. නෝනගෙ ප්‍රශ්න වැලට එකෙන්ම උත්තර දුන්න රාලහාමි සියලු චෝදනා වලින් නිදහස් උනේ මෙන්න මෙහෙමයි.

තමුසෙගෙ නින්ද මාර නින්දක්කෙ..... මම ඊයෙ රෑ දානෙ ගෙදර ගිහිල්ල ඇවිල්ල දොරට ගහනව ගහනව තමුසෙ නිදි. මම ගේ වටේටම ගිහිල්ල ජනෙල් වලටත් තට්ටු කලා..... කුස්සිය ලගදි මොකක්ද එකක් පැටලිලා වැටිල මූනත් තුවාලද කොහෙද.... මේ බලනව! ඔහොම නිදාගන්නකොට මොකෙක්හරි ඇවිල්ල උස්සං ගියත් දන්නෑ.

කොහොමද ටිකිරි මොලේ.

41 comments:

  1. දෙවනි කතාවනම් එලම එල :)

    ReplyDelete
  2. ඒ පාර රාළහාමී කෙනෙක් අල්ල ගත්තද.. කොහොම හටි පට්ට කතා දෙක..

    ReplyDelete
  3. දෙවනි කතාවනං මසුරං. හදිස්සියකටකාට උනත් පාවිච්චිකරන්න පුළුවන් වගේ.

    ආපේ ගමේ හක්මණත් උන්න ඔහොම රාළෙක්. දෙණියෙ ගෙදර රාළහාමි කියල. බුවා සුදුයි. බීලම රතුවෙලා හැම වෙලාවෙම.

    ReplyDelete
    Replies
    1. ඕව කියල උඹෙයි මගෙයි නෝනල රවට්ටන්න බෑ. එයාල දන්නව තුවාලෙ කොච්චර පරණද කියල :)

      Delete
  4. මොකක්ද මූනෙ පැටලිලා තිබ්බෙ...?

    ReplyDelete
    Replies
    1. මොකද්ද එකක්! (මොනව හරි කියල බේරෙන්න එපැයි ඒ වෙලාවට).

      Delete
  5. යකෝ මේක දිවියම කන්න එපැයි මේ කරන වැඩ වලට..

    ReplyDelete
  6. දෙවෙනි කතාවෙන් ගතහැකි ආදර්ශ බෝමයි..

    ReplyDelete
    Replies
    1. බලාගෙන පරිස්සමින්. දැලිපිහිය වගේ තමයි.

      Delete
  7. කතා දෙකම හොඳයි .... දෙවැනි එක නම් නියමයි ....

    ReplyDelete
  8. Replies
    1. තැන්කූ. අදයි දැක්කෙ මල්ලි.

      Delete
  9. දෙවෙනි කතාව තමයි නියම.. රෑට බීලා ගෙදර යන අය ඕක මතක තියන් ගියානම් හරි.. :)

    ReplyDelete
    Replies
    1. නරක නෑ. ඒත් එකම දෙයක් දෙතැනකට අහන්නෙ නැති ගතියක් තියනව.

      Delete
  10. මට මතක්වුනේ ජයමංගල කපු මහත්තයාගේ යාළු රාලහාමි.

    ReplyDelete
    Replies
    1. හා... ඒ පොලිසියෙ රාලහාමි නේද? හරියට මතක නෑ.

      Delete
  11. ලෝක අණ්ඩයෙක්නේ!

    ReplyDelete
  12. බොහෝම වටිනා කියන ආදර්ස, මේ කාලෙට ම ඔබිනවා නොවැ!

    ReplyDelete
  13. ඔරිජිනල් රාළහාමි කෙනෙක්...:D:D
    මිනිහ දුප්පත් නම් ඒ බීලම තමා, මොකද ඔය ටයිප් එකේ රාළහාමිලා තමයි හොඳට පෝසත් වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේවගේ බොන්න දත් ගැලෙව්වට සේවා දායකයන්ගෙන් අල්ලස් ගන්නෙ නෑ.

      Delete
    2. එහෙනම් ගරු කටයුතු රාළහාමි කෙනෙක්

      Delete
    3. මේ දැන් රාලහාමි මගේ ලග හිටිය. රවි අයියගෙන් ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් ගන්න ඇවිත්. රවී අයිය යගේම රාලහාමි දන්නෙ නෑ එයාල බ්ලොග් අවකාශයේ ජනප්‍රිය චරිත කියල.

      Delete
  14. යට ‍එක එල ! ඒ කිව්වේ දෙක.

    තේරෙන්න කීවොත් දෙවෙනි කතාව එල.

    මීට පස්සෙ ගෙදරට කරද‍ර නොකර බුදියන්ට ඕනෙ එලියේ.. :)

    ReplyDelete
  15. දෙවනි කතාව මරු. දැන් බොන පිරිමි හැමෝම ඔහොම කරන්න පටන් ගනී.

    ReplyDelete
  16. නුවණක්කාර රාලහාමි කෙනෙක්නෙ.දෙවෙනි එක නම් එල ඈ.

    ReplyDelete
  17. අන්න නුවනක්කාර බෙබද්දෝ.....

    ReplyDelete
    Replies
    1. නුවනක්කාර බෙබද්දෝ! අන්න හරි.

      Delete
  18. ලස්සන කතා දෙකක්!
    ඔන්න අද නම් මේ මූන :)

    ReplyDelete
  19. තමන්ගෙ ගෑනිගෙන් සල්ලි කඩාගෙන බොන එකාට ඉස්තෝප්පුවෙ නිදියගන්නවත් දෙන්න වටින්නෙ නෑ. *කේ රාලහාමිලා!

    henryblogwalker the Dude

    ReplyDelete
  20. ඇත්තටම....... මෙහෙමත් මිනිස්සු.............. සිරාවටම මේ කතා අයියාට නම් සම්බන්ද නැනේ අපේ රාජ් අයියා හරි හොදයිනේ...

    ReplyDelete