Wednesday, July 4, 2012

දෙබස්.

"ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද?"
"එකොලහ වසරෙ උගන්නපු විදියටම, තමංගෙ හැරමිටිය අනෙකාගේ නාසයේ කෙලවර දක්වා වනන්න තියන අයිතියනෙ"
"එතකොට මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය?"
"ඒවත් අරක ඇතුලෙම තියන අයිටම් තමයි"
"එතකොට රැස්වීම් වලට වෙඩි තියන්නෙ, මාධ්‍යවේදීන්ට ගහන්නෙ?"
"ඒව සුළු සිද්ධීන්. හරිම සරළව පැහැදිලි කරන්න පුළුවන්".
"ඒ කිව්වෙ?"
"නහය අගටම හැරමිටිය වනන්න පුළුවන් උනාට කාටද හරියටම ඕක ගෙස් කරල වනන්න පුළුවන්? ඉඳල හිටල නහයේ වදිනව. ඒක වලක්වන්න බෑ"
"එතකොට ඒකද සමහරු ඔළු පලාගෙන ඉන්නෙ?"
"හරියට හරි. ඔය තේරුනේ"
"එතකොට වෙඩි තියන්නෙ දැලිපිහි පාරවල් අතුල්ලන්නෙ?"
"ඒකත් අරවගේමයි. නහය ලඟින් යන්න තියන වෙඩිනෙ ඔය වදින්නෙ. දැලිපිහිය අතේ තියාගෙන අත වනද්දි වැරදිලා ඇ‍ඟේ වදිනව"
"එතකොට වෙබ් අඩවි තහනම?"
"ඔය ඔක්කොම වෙන වෙනම පැහැදිලි කරන්න වෙලාවක් නෑ. පොදු සූත්‍රයට දැම්මම උත්තරේ ගත්තෑකි"

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * ** * * * * * * * * * * * * * * * *

"විධායක ජනාධිපති ක්‍රමේ අවුල් නේද?"
"එක්කෙනෙකුට බලය දුන්නම අවුල් තමයි".
"මේක නැතිකරන්න බැරිද?"
"පුළුවන්".
"ඒ කොහොමද?"
"ක්‍රම දෙකක් තියනව. එකක් තමයි කවුරුත් ඉදිරිපත් නොවීම. අනිත්එක දිනන කෙනා මුල්වෙලා අහෝසි කිරීම, දෙවනි එක කවදාවත් වෙන්නෙ නෑ".
"ඒ මොකද?"
"කවුද බලයට අකමැති? හැබැයි ජේආර් මහත්තය ඕකෙ මෙහෙම දෙයක් ඇතුලත් කරල තිබුනනං පළමු එක වෙන්න තිබුන."
"මොකද්ද?"
"විධායක ජනාධිපතිතුමාට අන්ත:පුරයක් නීත්‍යානුකූලව හිමිය කියල වාක්‍යයක් තිබුනනං හරි"
"එතකොට?"
"එතකොට ඔය තනතුරට කොච්චර ආසාව තිබුන උනත් ගෙදර උන්දැලගෙන් ඉඩක් ලැබෙන්නෙ නෑනේ".

50 comments:

  1. තේරුන්නෑ සෑර්...

    ReplyDelete
  2. ඉස්සෙල්ලම බ්ලොක් කරන්නේ රාජ් අය්යගේ බ්ලොග් එකළු.. එතකොට අර මකුණා කිව්වා වගේ පැත්තකට වෙලා විචාරයක් ලියාගෙන ඉන්න තමා වෙන්නේ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිවිල්ලත් ඉස්සර තරම් ආසාවෙන් කරන්නෙ නෑ බං. බ්ලොක් කරනවනං කලාවේ.

      Delete
    2. ඒ ඇයි? වයසට යද්දි තරුණ කාලේ තිබුණ ආසාවන් අඩුවෙනවලු ද? පොදු සූත්‍රය නම් කියාපු බඩ්ඩ ඈ..

      Delete
  3. හික්ස් .. නරකමත් නෑ. මේ ෆෝමැට් එකට ‘නාඩි ඇල්ලීම‘ කියල නිතීඥ එස්. ජී. පුංචිහේවා මහත්තය පොඩි කොලම් එකක් රාවය පත්තරේට ලියනවනේ. රාජ් කියවල තියනව ද?

    ** පොදු සූත්‍රයට දැම්මම උත්තරේ ගත්තෑකි **

    ඔය කියන්නෙ ජ්‍යාමිතික සූත්‍රයක් ගැන වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔව්. ඒ ෆෝමැට් එකෙන් තමයි ලිව්වෙ.
      ජ්‍යාමිතික සූත්තරේට තමයි දාන්න වෙන්නෙ.

      Delete
  4. රාජ ඒ වැඩේ නම් හරියන් නැහැ. එදාට මේ පැත්තකට වෙලා ඉන්න හාදයො ටිකත් ඕකට කෙල හලන්න ගන්නවා. අනික ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඒක වැරදි වචනයක් ඕකෙ හරි නම ජ්‍රජාචන්ච්‍රවාදය. එකෙත් ඒ හැටි ගන්න දෙයක් නැහැ. ඕකෙන් කියවෙන්නේ. නාසයේ අග දකවා පොල්ල වනන එකම ද? එහෙම නැත්නම් එහෙම පොල්ල වනද්දීත් කෑගැසීමේ ( ඒකට විරුද්ධ වීමේ ) අයිතියක් ඒ පාර්ශ්වේට නැහැ කියන එකද? කොහොම වුනත් ඕක හරිම මැජික එකක්නෙ........ නේද?

    ReplyDelete
    Replies
    1. ජ්‍රජාචන්ච්‍රවාදය! හික්ස්.
      මේකෙන් කියවෙන්නෙ "සෑර්ට ඕන විදිය" මයෙ හිතේ.

      Delete
  5. //"විධායක ජනාධිපතිතුමාට අන්ත:පුරයක් නීත්‍යානුකූලව හිමිය කියල වාක්‍යයක් තිබුනනං හරි"
    "එතකොට?"
    "එතකොට ඔය තනතුරට කොච්චර ආසාව තිබුන උනත් ගෙදර උන්දැලගෙන් ඉඩක් ලැබෙන්නෙ නෑනේ". //


    ++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ටැන්කූ. බුවාට අත්දැකීම් තියනවද මංද..... :)

      Delete
  6. අනේ අනේ රාජ් ගැහැණු ගැන දන්නා තරම.. පිරිමි වගේම ගෑනු අතරෙත් ඉන්නවා රජාගේ ගෑනි (ආර්යාව )වෙන්න පුළුවන් නම් රජා මොකී එක්ක නිදාගත්තත් මොකෝ කියල හිතන අය.. අනික ඉතින් නීත්‍යානුකුල අන්තක්පුරයක් නැතත් රජ්ජුරුවන්ට අවශ්‍ය තරමක් ඉස්ත්රියාවන් හම්බවෙන හැටි නොදන්නේ කවුද ? මොනික ලුවින්ස්කිලා ඉන්නේ ඇමෙරිකාවේ විතරද හැබෑට ?

    ReplyDelete
    Replies
    1. සරත් අයියන්ඩි තරම්ම මං දන්නෙ නෑ නොවැ.! හැක් හැක්...
      ඇත්ත! ඔයා කියන ජාතියෙ ගෑණු ඉන්නව ඕන තරං.

      Delete
    2. හප්පුච්චියේ, මමත් කොහේ හරි තිබිල කියෙව්ව (ලංකා පත්තරේද කොහෙද - මඩක්ද මන්ද) ජයික් හිල්ටන් එකේ ඉහළම මාලයක් එහෙම්පිටින්ම වෙන්කරගෙන රාත්තිරියට යන වීවීඅයිපී කෙනෙක් ගැන.

      Delete
  7. මම දන්නා විදියටනම් මෙහෙ රජාට නිලනොලත් අන්ත්හ්පුරයක් තියෙනවා දැනටත් ..

    ReplyDelete
    Replies
    1. මොකුත්ම නොකියමි.

      Delete
    2. රාජ් කියන්නේ රජා කියන වචනේ ඉන්දියන් වර්ෂන් එකනේ.

      Delete
  8. මීවනපලානේ ජයරත්න යනු සුජීව කොකාවලය. අත හිත මාරයාගෙනි.

    ReplyDelete
    Replies
    1. මට ඕක වේලපහින්ම හිතුන :D

      Delete
    2. එතකොට ඇනෝ යනු කවුද? ජයරත්නද?

      Delete
    3. නෑ මීවනපලානේ රාජපක්ෂ හෙවත් මීරා

      Delete
    4. කවුද සුජීව කොකවල කියන්නේ.

      Delete
  9. නාහෙ ලඟ වැනිල්ල පැත්තකින් තියමු....නාහේ ඇතුලට දාල කරකවනකොට යන හච්චිං තමයි ඉවසන්න බැරි....

    ReplyDelete
    Replies
    1. හච්චිං යන එකත් හරි කියමුකෝ. නහයෙන් ලේ එනකල් කරකැවිල්ල!

      Delete
  10. දෙවෙනි එකේ අන්තිම හරියෙදි ගෑනුන්ගේ ආත්මාර්ථකාමි ගතිය ඉස්මතු වෙලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. බලාගෙන! ඉස්සරහට. :)

      Delete
  11. සරත් ලංකාප්‍රිය උත්තරේ දීලා තියෙන නිසා මට කියන්න දෙයක් නෑ.

    ගෙදර උන්දැ කවුරු වුනත් උන්දැ අන්තඃපුරේ අග බිසව, ඒ ටික හොදටම ඇති.

    ReplyDelete
    Replies
    1. ප්‍රවීන ක්‍රීඩකයන්ගෙ අදහස ඕක :D

      Delete
  12. //"විධායක ජනාධිපතිතුමාට අන්ත:පුරයක් නීත්‍යානුකූලව හිමිය කියල වාක්‍යයක් තිබුනනං හරි"/ /එහෙම තුබුණත් රනිල්ගේ ගැනිට නම් බයවෙන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. රනිල් උන්නැහේත්(කොලු)අන්ත:පුරයක් දාගනී. හික්!

      Delete
  13. නියම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ...:

    ReplyDelete
  14. Replies
    1. අර විදියට තිබුනනම්.

      Delete
  15. හිනාවුණත් ඇතුළෙන් ලොකු කතාවක් තියෙනවා :)

    ReplyDelete
  16. බැරිවෙලාවත් එහෙම නීතියකුත් මතක් වෙලා දා ගත්තොත් ඔන්න මේ බ්ලොග් එක බලලා තමයි.. :)

    ReplyDelete
  17. ආයෙ අකුරු පොඩි කලාද...

    ඔය පොදු සුත්ත මොකක්ද බං ?

    ReplyDelete
    Replies
    1. අකුරු තියන සයිස් තමයි මේ. වෙනදට ලොකු කරනව.
      පොදු ජ්‍යාමිතික සුත්තං

      Delete
  18. @"විධායක ජනාධිපතිතුමාට අන්ත:පුරයක් නීත්‍යානුකූලව හිමිය කියල වාක්‍යයක් තිබුනනං හරි"
    මිත්‍රවරුනි, මෙහි නීත්‍යානුකූලව යන්නට ඔබේ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමි.බිරින්දෑලා විරුද්ධ වෙන්නේ අන්න ඒ වචනය නිසයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඒ වචනෙ කපා දැම්මොත් නං වර්තමාන තත්වෙම තමයි නේද.....

      Delete
  19. මට කොයිල් උනා.
    තේරුන් නෑ අප්පා !!

    ReplyDelete
  20. රාජ්, මගේ සුදු වෑන් එක උණු කැවුම් වගේ විකිණුනා. ගත්ත කෙනා, නම කාටවත් කියන්න එපා කිව්වා. දකුණු පැත්තේ දොර හදිසියට අරින්න පුළුවන්. වම් පැත්තේ එක අරින්න ට්‍රයි කරන්න එපා. ඒක තදයි.

    අන්ත:පුරේ කතාව හොදයි. නීත්‍යානුකූල සීන් එක තමා පොඩි පරහකට තියෙන්නේ. ඇයි බන් එකෙන් කන කට්ට මතක් වෙන කොට....

    ReplyDelete
    Replies
    1. හපොයි උඹල පොඩ්ඩක් ඇත්නම් බය කරනවනේ.

      Delete
  21. අද තමා ප්‍රජාතන්ත්‍රවාදේ ගැන හරියටම ඉගෙන ගත්තෙ..

    ReplyDelete
  22. කොයි හැරමිටියද ඔය වනන්නෙ..??

    ReplyDelete
  23. 11 වසරේ තියෙන විදිය දැන් වැරදි.මැරයෝනටත් නිදහසේ මැර වැඩ කරන්න පුළුවන් කාලයක් ඉතිං ප්‍රජාතන්ත්‍රවදිය නැහැ කියන්නේ කොහොමද?

    ReplyDelete
  24. ‍ඇඩ් එකක් වෙන්න එපා සහෝ.. කියවලා කමෙන්ට් කරන්න.

    මේක ගෙවල ඇඩ් දාන නෝටිස් බෝඩ් එකක් නෙවේ නේ..

    ReplyDelete
  25. ඒ කියන්නේ ගැහැණියක් යෝදවලා තමා මේකට උත්තරේ හොයා ගන්න වෙන්නේ...

    ReplyDelete