Saturday, July 14, 2012

මෙහෙමත් මිනිස්සු.

මේ කියන්න යන්නෙ ඊයෙ පෙරේද අපේ කාර්යාලයෙ වෙච්ච සිද්ධියක්.

අපේ කාර්යාලයටත් ඇවිල්ල ඉන්නව අලුතෙන් රාජ්‍ය සේවයට බඳවගත්ත උපාධිධාරීන් සෙට් එකක්. මේ අය කාර්යාලයේ සහ ක්ෂේත්‍ර රාජකාරී වලට දාල ඉන්නව ට්‍රේනින් වෙන්න‍. අපේ බ්‍රාන්ච් එකෙත් දෙන්නෙක් ඉන්නව. අපරාදෙ කියන්න බෑ මොනවා හරි රාජකාරියක් පැවරුවම කඩියො වගේ වැඩ.

දවස් දෙකකට කලින්, ඒ කියන්නෙ බ්‍රහස්පතින්ද, මේ අලුත් උපාධිධාරී ගැල්ලමයෙක් වාහන ලයිසන් කරන තැන රාජකාරී කරනව, මොකක්දෝ හේතුවකට අදාල නිලධාරියා නැති නිසා. මේ වෙලාවෙ එක මනුස්සයෙක් ඇවිල්ල තියනව වෑන් එකක් ලයිසන් කරගන්න. බ්ලොග් ලියන්න පටන්ගත්ත මුල්කාලෙ මම දැම්ම රස්තියාදු වෙන්නැතුව වාහනේ ලයිසන් කරගන්න ඕනද? කියල පෝස්ටුවක්. ඒකෙ කියල තියන විදියට ට්‍රාන්සර් එකකින් පස්සෙ ලයිසන් එක (අලුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්) ගන්න නම් කලින් ලයිසන් කල කාර්යාලෙන් ගන්න ඕන වාර්තාවක් තියනව. "නොබැඳිපත" කියන්නෙ ඒකයි. ට්‍රාන්සර් එකකට පස්සෙ හුඟදෙනෙක් එන්නෙ ඔය වාර්තාව නැතිව. අපි කරන්නෙ කලින් කාර්යාලෙට කතා කරල විස්තරය ‍ෆැක්ස් එකකින් ගෙන්නගන්න එක. මේකට සාමාන්‍යයෙන් පැය භාගයක්වත් යනව අඩුම ගානෙ. සමහර කාර්යාල වලට කිව්ව ගමන් ෆැක්ස් එක ගෙන්නගන්න බෑ. දෙතුන් සැරයක් කතා කලාම ඔන්න එවනව.

අපේ කතා නායකයා ඇවිල්ල තියෙන්නෙත් පැවරුමකින් පස්සෙ ලයිසන් එක ගන්න. එයා ලඟත් අර ඕන කරන වාර්තාව නෑ. අදාල ස්ථනයට කතා කරල ෆැක්ස් එක ගෙන්නගෙන වැඩේ කරල දුන්න. ලයිසන් එකට රුපියල් පන්දහස් ගනනක්ද කොහේද. සිද්ධිය එතනින් ඉවරයි.

ඉවරයි කිව්වට ඉවරවුනේ නෑ. ටික වෙලාවකින් අපේ බොසාට එනව කෝල් එකක්. කතාකරන මනුස්සය කියනව මීට ටික වෙලාවකට කලින් තමන්ගෙ වාහනය ලයිසන් කරගන්න කෙනෙක් එව්ව කියලත්, ලයිසන් එකේ ගාන රුපියල් දහදාස් ගනනක් උනත් ලයිසන් රාජකාරී කරන නෝනට රුපියල් දෙදාහක් දීල ගනන අඩුවෙන් ලයිසන් එක ගත්ත කියලත්‍. ඒ මදිවට අඩුවෙන් වැඩේ ගොඩදාල දුන්නට කියල රුපියල් දෙදාහකුත් අරගෙන. වැඩියෙන් සල්ලි ගත්ත කිව්වත් ලයිසන් එකේ සටහන් වෙලා තියෙන්නෙ පන්දහස් ගනනක් නිසා තමයි අයිතිකාරය කතා කරන්න ඇත්තෙ.

මේ වගේ චෝදනාවක තියන බරපතලකම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. බොසා ඇවිල්ල ප්‍රෝග්‍රෑම් එක චෙක් කරල බැලුව. රාජකාරී කරපු නිලධාරිණිය වංචාවක් කරල නෑ. වැඩේට ආව මනුස්සය වාහනය අයිතිකරුගෙන් රුපියල් දෙදාහක් ගන්න කරපු උප්පරවැට්ටියක්.

21 comments:

  1. ඉස්සරනම් ඔතන(අර නෝනගේ කාලෙ)හරි දියුණුයිනේ,අර මනුස්සයත් බොරදියේ මාළුවෙක් බාගන්න හිතන්නඇති.

    ReplyDelete
  2. මෙතන රාජ් මම මෙහෙම දෙයක් දකිනවා. මම 100% කැමතියි අල්ලස නැති කරනවට. ඒත් මේ හාල්මැස්සොනෙ. තව ඒ ළමයා වරදක් කරලත් නැහැනේ. ඒත් තෝරු මෝරු කොච්චරද. හැමදාම මිටි තැනින්නේ ජලය ගලා යන්නෙ. ඒ නිසා හාල්මැසන්ට වඩා තෝරු මෝරුන්ගේ කෙරුවාව නතර කරන්න හැකියාවක් තිබේ නම්....

    අර කෙල්ලට කරදරයක් වුනේ නැත්නම් ඇති. රුපියල් 10000 නෙවැ මූලික වැටුප.

    ReplyDelete
    Replies
    1. අයියෝ

      Delete
    2. ඒක හරි. ඔව්. කෙල්ලට අවුලක් උනේ නෑ. පඩිය 10000යි.

      Delete
  3. ඔය වගේ දේවල් දැන් සාමාන්‍ය දේවල් වීගෙන යන්නේ....

    ReplyDelete
  4. තව පොඩ්ඩෙන් අර ගෑණු ළමය ගස් යනවනෙ...වෙලාවට මර්වින් සිල්වා වගේ පොරක් හිටියෙ නැත්තෙ බොස් විදියට.......:)

    ReplyDelete
  5. දක්ෂයෙක්.... අන්න අප්ඩේට් වෙන මිනිස්සු

    මෙන්න ප්‍රහාරය

    ReplyDelete
  6. මේ ජාතියෙ මිනිස්සු කොහෙත් ඉන්නව. කල දුටු කළ වල ඉහ ගන්න දක්‍ෂයො.

    ReplyDelete
  7. බොසා හොද නිසා කෙල්ල බේරුනා.

    ReplyDelete
  8. මනුස්සයෙක් ගැන අහපුවා,දැකපුවයින් තීරණයක් ගන්න කලින් හොඳට හොයලා බලන්න ඕන කියන එකට හොඳ උදාහරණයක් මේක!

    ReplyDelete
  9. Common sense තියන බොස් කෙනෙක්...අහන්නත් සන්තෝසයි...

    ReplyDelete
  10. ලෝකයෙක්

    ReplyDelete
  11. මම නම් හිතන්නෙ ලංකාවෙ අල්ලස නැති කරන්න බැහැ...:(

    ReplyDelete
  12. ලොක්කා හොද නිසා අළුත් කෙනාට අවුලක් උනේ නෑ..

    ReplyDelete
    Replies
    1. හිතහොඳ පිස්සා, නිසුපා, Sabith, kandyan, Dinesh
      ලොක්ක කලබල නොවීමත් හොඳ දෙයක් තමයි. ඊටත් වඩා මෙතන තියෙන්නෙ අල්ලස් ගැනීමක් කරල නෑ කියනඑක ඔප්පු කරන්න හරියටම නූලටම සාක්ෂි තිබීම(ප්‍රෝගෑම් එකේ). නමුත් ඔය කතාවම වෙනත් තැනක කිව්ව නම්, අපි හිතමු "උප්පැන්න සහතිකයක් ඉක්මනින් ගන්න අල්ලසක් ගත්ත" වගේ චෝදනාවක් ආව කියල. එතකොට කොහොමද ඔප්පු කරගන්නෙ අල්ලස ගත්තෙ නෑ කියල. තාක්ෂණික සාක්ෂි මොකුත් නෑනේ. ඒකයි මේ‍වයෙ තියන බරපතලකම.

      Delete
  13. මට ප්‍රශ්නයක් තියෙනවා. විදේශයක රියදුරු බලපතක් දරන ලාංකිකයෙකුට ලංකාවේ බලපත ගන්න ඕන ලියවිලි අතරේ තියෙනවා හැඳුනුම්පතේ සහතික කල පරිවර්තනයක් කියල. එක සහතික කරන්න ඕන කවුද ?

    ReplyDelete
  14. හප්පා පවු අර අහින්සකී බැණුම් ඇහුවනං එහෙම.....

    ReplyDelete