Wednesday, July 25, 2012

පුතෙක් උපන්නා........

කතාවක් තියනවනෙ මිනිහෙක් සම්පූර්ණ වෙන්න නම් ගහක් හිටවන්න ඕන, පොතක් ලියන්න ඕන, පුතෙක් හදන්න ඕන කියල (කියමනට පුතෙක් කිව්වට දුවෙක් උනත් කමක් නෑ). ගස් නං හිටෙව්ව පොඩිකාලෙ ඉඳලම. පොත් ලියල නැතත් පිටු එකසිය ගානක බ්ලොග්එකක් ලියල තියනව. පනස්දාහකට වැඩිය කියවලත් තියනව. එහෙම බැලුවම ඒකත් පොතක් ලිව්ව වගේ නෙවේද මං අහන්නෙ?

අඩුවකට තිබුන සහ අමාරුම කාරණාව පුතෙක් හැදිල්ලනේ. ඕං ඒ බලාපොරොත්තුවත් ඊයෙ ඉෂ්ටවුනා. ඊයෙ දවල් දහයකුත් ගානට නෝනට පුතෙක් ලැබුන. ලැබුන කිව්වට බඩ කපල ගන්නයි උනේ. ඒ කියන්නෙ සීසේරියන් සැත්කම කරල. මම යනකොට ඇස්දෙක කරකවමින් හතරඅතේ බල බල ඉන්නව. තාත්ත කෙනෙක් උනා කියල හිතෙනකොට දැනෙන හැඟීම විස්තර කරන්න බෑ. ඒක විඳලම බලන්න ඕන.

පුත්‍රයට නමක් තියල නෑ තාම. හිතලත් නෑ. නම් තැබිල්ලත් ලේසි නෑනේ. නැන්දල මාමලට පුළුවන් නම් නමකුත් පහලිං කොටල යන්න. වචන දෙකක නමක් නං වඩා හොඳයි.

ගිහිං එන්නං.



91 comments:

  1. නවක පියාට මගේ සුභ පැතුම්..!

    නං ගැනනං මගෙන් අහන්න එපා... අටම්පහුරා කියයි ඕනනං විස්තර...:D

    ReplyDelete
    Replies
    1. අම්මෝ මූගෙන්නං අහන්ඩ එපා

      Delete
  2. අලුත් තාත්තට ඔන්න මගෙනුත් සුභ පැතුම්. නම් ගැන නම ඔය ජෝතිශ කරන කෙනෙක්ගෙන අහන එක තම හොඳ..

    ReplyDelete
  3. උණුසුම් සුබ පැතුම් රාජ් අයියේ! රටක් වටින පුතෙක් හදන්නට වරම් ලැබේවා! ජය!

    ReplyDelete
  4. සුභ පැතුම් මචං...! උනා වගේ නෙවේ ...වගකීම් හරියට ඉ‍ටු කොරාපන්...ජයවේවා...!
    කෝ...අකුරු ලැබුන්නැද්ද තාම..අකුරු කියපන් ඉක්මනට...
    මා ගාව රටේම තියෙන පොත්තියේ අපේ කෙල්ලො දෙන්නට නම් තියන්න ගෙනල්ල..!

    ReplyDelete
  5. උණුසුම් සුබ පැතුම් අම්මාටත්, අප්පච්චිටත් දෙන්නටම.:D

    අකුරු නැද්ද? අකුරු දැම්මා නම්, නමක් හිතන්ට තිබුනා....:)

    ReplyDelete
  6. 'රජෙක් වගේ පුතෙක්'
    එහෙම කියන්නත් බෑනොවැ.රටක් වටින පුතෙක් කියමු.සුබපැතුම්....

    ReplyDelete
  7. සුභ පැතුම්!!!
    පියෙක් වීම ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ හැඟීම දැනෙන්න ඕනෙ කියන්න බැහැ. කල් යනකොට කොල්ලා හරි කෙල්ල හරි ටික ටික ලොකු වෙත්දි දැනෙන හැඟීම තවත් මිහිරියි. සුභ පැතුම් සහෝදරයා!!!!

    ReplyDelete
  8. අකුරු නෑ. කැමති අකුරකින් කියන්ට. ජෝතිෂ වැඩත් මගේ එච්චර නෑනේ. :)

    ReplyDelete
    Replies
    1. සත‍්‍ය කියල දාන්න....
      නැත්නම් සෙත් ඒක නම් මගෙ පුතාගෙ නම

      Delete
  9. අකලංක සත්‍යජිත් නරකද

    උඹත් මම වගේ වේලාවල් බලන් නැද්ද

    අවුරැදු 4ක දුවෙකුට පුතාව මාරැකරමුද

    ReplyDelete
    Replies
    1. පුතෙක් ඕනෙනං මාව ගනින්කෝ දරුකමට හදාගන්න ..

      Delete
    2. මේ මාවත් ගනින්..

      Delete
    3. අම්මෝ අපේ ගෑණිට තව ළමයෙක් හදාගත්තහැකි

      Delete
  10. අනේ වාසනාවන්...

    තාත්තට වගේම කොලු පැටියටත් සුභම වේවා!!! රාජ සම්පත්ම ලැබේවා!!!

    ReplyDelete
  11. පවුලට අළුතෙන් එකතු වූ සාමාජිකයාට සුභ පැතුම්.
    අම්මාත් පුතු පැටියාත් සුවෙන් ඇතැයි සිතමි..

    ReplyDelete
  12. මේ කාලෙ රාවනා, මහින්ද, ගෝටාභය, නැගල යනව. ඔය නම් ටික ටිකක් එහෙට මෙහෙට කරල පොඩ්ඩක් try කරල බලන්ඩ...

    ReplyDelete
    Replies
    1. දිලංක, දිලන්ත, දුලංක, දුලන්ත, දිදුලංක, දිදුලන්ත

      Delete
  13. සුබ පැතුම් අයියේ..
    ""මවිත දියනෙත්" හොද නැද්ද්...

    ReplyDelete
  14. දරුවෙක් ඉපදිලා.... !!!
    ලෝකය තව පියවරක් ඉස්සරහට යනවා... සුබ පැතුම් රාජ් අයියා !!!
    පුතු පැටියටයි රාජ් අයියටයි අක්කටයි ඔක්කොටම බුදු සරණයි !!!

    ReplyDelete
  15. උණුසුම් සුභ පැතුම්....

    නම් ගැනනම් අයිඩියා නෑ මචං..... සොරි ඈ

    ReplyDelete
  16. සුභ පැතුම් ! අම්මටයි බබාටයි දෙන්නටම නිදුක් නිරෝගී සුවයත් පතන්නම්. (නිතර අවා ගියාට මේ මගේ මුල්ම කමෙන්ට් එක.)

    ReplyDelete
  17. උඹලා තුන්දෙනාට අපේ පවුලෙන් උණුසුම් සුභ පැතුම්.
    මෙන්න සින්දුව ඕකට;
    He's got the whole world
    In his hands he's got the hold world
    He's got the whole world,
    He's got the whole world in his hands.
    මේ සින්දුව කියන්නෙ බබාගෙ අම්මා, බබාගෙ තාත්තා මුල් වරට බබාව වඩාගෙන ඉන්නවා දැකලා.
    බබාගෙ අම්මට දැන් හොඳයිද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දෙවෙනි පේලියේ hold යන වචනය whole යනුවෙන් නිවැරදි විය යුතුය.

      නම් ගැන නම් යෝජනා කරන්න බෑ රාජ්. අපි නම් කලේ අපි දෙන්නගෙ නම් වල අකුරු එහෙ මෙහෙ කරලා නම් දාපු එකයි.අර කිව්වත් වගෙ කියවන්න පුලුවන් නමක් දාපං රාජ්. ඒවගෙම ඉංග්‍රීසියෙන් ලියලා කියෙව්වම කුණුහරප නොකියවෙන එකකුත් වුනොත් තමයි හොඳ. අත්දැකීමෙන් කියන්නෙ කෑලි පහක විතර නමක් දෑම්මම පස්සෙ හෙන වාතයක්.

      ඩයපර් චේන්ජිං කෝස් එකකුත් කරන්න වෙයි. උඹ චූ ෂවර් ගන්නත් ලඟයි. නිදාගන්න නං බලාපොරොත්තුවෙන්න එපා තව අවුරුද්දකටවත්.

      henryblogwalker the Dude

      Delete
  18. කට ඇති පුතෙක් හරි! ඊගාවට රුව ඇති දුවෙක් ආ! සුභ පැතුම් මගෙනුත්!

    ReplyDelete
  19. පළමු පියවරට මගෙන් සුභ පැතුම් තව හතරක් පහක් පියවර තබන්න හැකි වේ යැයි මා පතමි.

    ReplyDelete
  20. අළුත් අම්ම, අප්පච්චිට උණුසුම් සුබ පැතුම්.

    මේ දවස්වල රෑට රෑට කරන්ට් කැපිල්ල නිසා රටේ ජනගහනය වැඩිවෙයි කියල කෂ්ටිය ඊයෙ කතා වුනා විතරයි. හික් හික්....

    ReplyDelete
  21. අහම්බෙන් උනත් නැන්ඩිව ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරපු දවසේම කතාකරල විස්තර දැනගන්ට පුලුවන් උනානේව මචො සංතොෂයි සුබ පැතුම් දැන් ඉතින් තරඟෙට නිදිමැරිල්ලක් නේව තියෙන්නේ ජය....උබේ හිතට ආපු නමක් දාපං බං එක තමයි හරිම වැඩේ

    ReplyDelete
  22. puthra rathnayata ha ammata nirogi sapa sampaththiyama labewa!
    ' Anuhas Devinda '
    ' Udara Chinthaka '
    ' Shaminda Deshapriya'

    ReplyDelete
  23. ආපු ගමන් සුබ ආරංචියක් නොවැ. මෙන්න මගෙනුත් සුභ පැතුම්. දැං ඉතිං නිදිමරන්න කවි කියන්න කිරි හදන්න ඉක්මණටම පුරැදු උනොත් හොදා ඔය අළුත් අප්පච්චිත්. ......

    ReplyDelete
  24. @රාජ්,

    සුභපැතුම්. අළුතින් නම් සිතීම අවශ්‍ය නොවේ. ඔබ දන්නා ඔබ සැබැවින්ම ගරු කරන, ඔබ සිතන හැටියට ජීවිතය සාර්ථක කර ගත් පුද්ගලයකුගේ නම පුතාට තියන්න. නම් දෙකක් තියන්න පුළුවන් නම් හොඳයි. නම් දෙකක් තියන්න කියන්නේ පුතාට තරමක "චොයිස්" එකක් දෙන්ටයි. එක නමකට ඔහු අකැමැති නම් අනෙක භාවිතා කරාවි.

    ජ්‍යෝතිශය ගැන, අරිසෙන් අහුබුදුලා ගැන කරදර නොවන්න.

    ReplyDelete
    Replies
    1. රාජ් මගේ දුවට නම් දුන්නේ මම එයාගේ සීයයි. මගේ කැමැත්ත වුනේ ඕනෙ කෙනෙකුට ලේසියෙන් කියන්න පුළුවන් නම්ක්. ඒ කියන්නේ පිටරැටියෙක්ට වුවත්. අනෙක් කොන්දේසිය වුනේ නම දිග වෙන්නෙ බැහැ. නම දැම්මේ "දුලා" කියලා. තේරුම දුලභ කියන එක. අහුබුදු මුණ ගැහිලා තිඹුනා පවුලේ අය. ඒත් ඒක වැඩක් වුනේ නැහැ.
      හොද එක ආරටම කියන්න පුළුවන් නමක් දාන්න.

      Delete
  25. ඔන්න ඉතින් දැන් වගකීමෙන් ජීවත්වෙන්න කාලේ ඇවිත්.. කොල්ලට ආඩම්බරෙන් කියන්න පුළුවන් තාත්තා කෙනෙක් ... මගේ උණුසුම් සුබපැතුම්..

    ReplyDelete
  26. උනුසුම් සුබ පැතුම් .....!!!!!

    ReplyDelete
  27. උණුසුම් සුභ පැතුම් මචං. නම් දානකොට හොඳට හොයලා බලලා දාපං.
    මගේ පුතාට නම දැම්මෙ ඔය අරිසෙන් අහුබුදු කියලා එයාගෙ දුව එවපු ලිස්ට් එකෙන් බලලා.
    නම "නේජ දෙව්වින්".
    ලස්සනයි නේද?
    ඒත් මචං මේ නමේ ගණ වැරදියි. මගේ බ්ලෝග් එකේ කුතුහලය නැතිවෙනවා මචං ඉතිරි මට වෙච්ච දේ ලිව්වොත්.

    ReplyDelete
  28. පිය පදවියට උසස් වීමක් ලැබූ රාජ් අයියට මඩයාගෙන් උණුසුම් සුභ පැතුම්.........!

    ReplyDelete
  29. සුභ පැතුම්.. මේවා දකිනකොට මටත් ළමයෙක්හදන්න හිතෙනවා බං .. කෙල්ලෙක් හොයාගෙන..

    ReplyDelete
  30. පිය පදවියේ ප්‍රමෝෂන් එකට ඔන්න රෙපාගෙනුත් උණුසුම් සුභ පැතුම්. :)) නම් ගැන නම් දන්නේ නැතෝ

    ReplyDelete
  31. \\තාත්ත කෙනෙක් උනා කියල හිතෙනකොට දැනෙන හැඟීම විස්තර කරන්න බෑ. ඒක විඳලම බලන්න ඕන.\\

    ඒ ගැන නම් කියන හැනම වටිනවා. ඒ ආදරණීය හැගීමත් එක්ක මතුවෙල ආපු සතුටට ආපු කදුළු නවත්වන්න හරි අමාරුයි. ජ්‍යෝතිශ මොනව උනත් කියවන්න පුළුවන් නමක් දාපන්.

    සවේන් ලෝචන
    නදෙව් චතුමික

    මට වගේම අනාගතේ උඹටත් ලෝකෙ වෙනස් වීම් වෙනදාටත් වඩා හිතට දැනෙයි. ඒ පොඩි එකා වෙනුවෙන් තියන සම කළ නොහැකි සෙනෙහස නිසා.

    වඩාත් ආදරබර දිවියකට පය තියපු හිතවන්ත සයිබර් සොහොයුරාටත් ඔබගේ ආදරණීය බිරිද සහ පුංචි දගකාරයාටත්, නූතන දේශමාමකයා, තෙරුවන් ගුණ මහිමයෙන් නිරෝගි සුව, දිගාසිරි පතනවා.

    සුභ පැතුම්!

    ReplyDelete
  32. ඔන්න නම් ටිකක්…:D

    භීම 'tremendous, terrific'
    සෘති 'Hearing; revelation'
    තේජ 'leadership, administrative, and managing abilities'
    රිෂි 'seer'

    ReplyDelete
  33. සුබ පැතුම් මචන්!!!!!!!

    ReplyDelete
  34. Welcome to the club...!!!

    අම්මාගෙයි තාත්තාගෙයි නං එකතු කරලා නමක් තියන්න. ඒක තමයි හොඳම තර්කානුකූල ක්‍රමය.

    ReplyDelete
  35. මේක මාස 10කට වඩා ඇතුලෙ හිටියද මංදා.........කොච්චර කල් අහන්ට බලා හිටපු නිවුස් එකක්ද මේ? කට්ටියටම සුබ පැතුම් ඈ

    ReplyDelete
  36. සුභ පැතුම් සහෝ...

    කට ඇති පුතෙක් - රැව ඇති දුවෙක් හදන්නට එපැයි..

    මෞර්්‍ය රාජ් කියල දාමු :)

    ReplyDelete
  37. පියාටද...මවටද..සුභ පැතුම්! අලුත උපන් පුතාටද නිදුක් නිරෝගී සෞභාග්‍යවන්ත අනාගතයක් පතනවා!

    ReplyDelete
  38. සුභ පැතුම්

    මේ සර්කස් ලෝකේ, පේන, පෙන්නන දේම නෙවෙයි
    වෙනසක් දකින්න, ඇත්ත දකින්න හැකි පුතෙක් හදන්න ශක්තිය ලැබේවා කියල
    ප‍්‍රාර්ථනා කරන්නම්

    ReplyDelete
  39. මාර සන්තෝසයි මචං... තුන්දෙනාටම සුභ පතනවා. එහෙනම් තාත්තා කෙනෙකුත් වුනා වගකීම් වැඩි... ඉස්සර සෙල්ලම් බෑ..

    ReplyDelete
  40. අඩේ සුභම සුභ පැතුං ආහ්...
    පොඩි රාජ් වගේ නමක් හොද නැද්ද????
    ඊලග පෝස්ට් එකේ පොටෝ එකකුත් දාන්ඩෝ..

    ReplyDelete
    Replies
    1. 'රාජ් පරපුර' කියන්නේ 'රජ පරපුරක්' නොවැ. ඉතින් 'II වෙනි රාජ්' කියල දැම්මනම් නියමයි.

      Delete
  41. සුබම සුබ පැතුම් තුන්දනාටම..
    ආන් අපේ අනිත් රාජ් මලයත් ලයිට් කපනකම් ඉන්නවා මොකද්ද මේ වගේ වැඩකට මුල පුරන්න..

    ReplyDelete
  42. අලුත් තාත්තට ඔන්න මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  43. මහා පුරැෂයෙක් වීමට
    පොතක් ලිවීම/ගසක් සිටුවීම/පුතෙක් හැදීම අවැසි බව විශ්වාස කරන්නෙ චීන ජාතිකයින්

    ජීවිතයේ මේ ලද භාග්‍ය පිලිබද මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න ! ජය!

    ReplyDelete
  44. උණුසුම් සුභ පැතුම් රාජ්....

    මම නම් කැමතිම නමක් "මේඝ" කියන්නෙ...

    ReplyDelete
  45. කමෙන්ට් කිරීම්ට මෙතරම් පමා වීම ගැන සමා වෙයන් මචන්. උණුසුම් සුභ පැතුම් !!!!
    රජ්ගේ පලවැනි කියන අර්ථය දෙන

    රා - වන් කියල දැම්මොත් නරකද ?

    මට් මේ දිනය අමතක වෙන එකක් නෑ. මගේ දුවගේ උපන්දිනයත් ලගයි.

    ReplyDelete
  46. එහෙනම් තාත්තලාගෙ සමාජයට සාදරයෙන් පිලිගන්නවා. සුබ පැතුම් සහෝ !!

    ReplyDelete
  47. සුභපැතුම් මචන්. කවිකාරි කිව්ව වගේ කීදොහක ඉඳලද අපි බලං ඉන්නෙ. උඹලා තුන්දෙනාටම සුභම සුභ අනාගතයක්

    ReplyDelete
  48. සුභ පැතුම් මචං. පවුලටම සතුටින් පිරුණු අනාගතයක්!

    ReplyDelete
  49. අටම්පහුර ලොක්කාව සම්බන්ධ කරගන්න. මිනිහා ගාව නම් හැට හුටාමාරක් ඇති :)

    පුංචි පුතා ඇතුළු පුංචි පවුලව යහපතක්ම වේවා. තුනුරුවනේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඌට ඉන්නෙ කෙල්ලො ඇති ගෑනු නම්

      Delete
  50. පරක්කුවෙලා හරි ඔන්න මගෙනුත් සුබ පැතුම් ! තාත්තෙක් වෙලා විතරක් මදි තාත්තගෙ යුතුකම් ගැනත් වැඩිපුර හිතන්න වෙයි.

    ReplyDelete
  51. පිය පදවියට සුභ පැතුම්.

    ReplyDelete
  52. උණුසුම් සුභපැතුම් සහෝ!

    ReplyDelete
  53. ජූලි මාසෙ උපදින්නෙ සිරා ඩයල් තමයි....

    සුබ පැතුම්..... අලුත් තාත්තටයි අම්මටයි දෙන්නටම....!!

    දෙන්නා කතා කරලා නම් දාගන්න එකයි හොඳ.

    ReplyDelete
  54. සුභ පැතුම් මචං.. දැනුයි දැක්කේ.

    ReplyDelete
  55. උණුසුම් සුබ පැතුම් රාජ් සහෝදරයා...

    ReplyDelete
  56. රාජ් උදේ රීඩරෙන් කියවලා විශ් කරලා ගියාට මේක ලියන්න සිංහල තිබ්බේ නෑ.

    මම රස්සාවක් විදියට කරන්නේ immigration consulting

    උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරන ගමන් ලංකාවේ නමක් දැක්කම නම් දෙසීයක් විතර තියෙන දැක්ක ගමන් මගේ අම්මා අප්පච්චිගේ ඉඳන් බැනුම් අහන දුප්පත් එකෙක් මම.
    අකුරින් අකුරට ඕක ලියන්න ගියාම මටත් මහන්සියි. හිතන්නකෝ මෙහෙ වුන්ට කොහොම ඇත්ද කියලා.
    මෙහේ ඔෆීස් වල එවුන් මට ආදරේට කියන්නේ ඉල්ලන ඕනේ දෙයක් කරලා දෙන්නම් ඒත් දිග නම් තියෙන කේසස් නම් ගේන්න එපා කියලා.
    මේ ඇත්තම ඇත්ත. විදෙශ රටකට ගියාම අපේ නම් ලියා ගන්න ගියාම දෙවියන්ගේ තාත්තලා විතරයි පිහිට වෙන්නේ. මම ඇත්දැකිමෙන් දන්නවා සමහර මිනිසුන්ගේ නම් දිග පළල හින්දා ඩොකියුමන්ට් ඉස්සරහට නොයන
    අවස්තා. වෙන එකක් තියා මාත් එහෙම කරනවා. ඒක හින්දා ළමයින්ට කියලා අම්මලා තාත්තලා මතක් කරගන්න ආසාවක් නැත්නම් (අර මම වගේ බැනුම් අහන්න) බලාගෙනම දිග නම් දාන්න. ලෑලි දෙසීයක් අකුරු දෙසීයක්...
    ලේසිම ශබ්ද කිරීමක්, වචනයක් වගේ වුනා නම් නමක් මොන තරම් වටිනවද කියලා තේරෙන්න නම් අපි වගේ රස්සාවල්ම කරන්න ඕනේ.

    ReplyDelete
  57. සුභපැතුම් රාජ් අයියේ.. එහෙනම් දැන් අර කිවුව කාරනා තුනම සම්පූර්ණයි.. ජය වේවා.. තව පහුවෙලා දුවෙකුත් ලැබුනම පවුල සම්පූර්ණයි..

    ReplyDelete
  58. අලේ අප්පේ ඔන්න අයියේ පොඩි එකාට එහෙම බ්ලොග් පුරුදුකරනවා නෙවේ.....

    සුභ පැතුම් තුන් දෙනාටම

    ReplyDelete
  59. උපන් වෙලාව කොහොමද බං හොයා ගන්නේ සීසර් කලාම.????



    නම් ගැන නම් තැන් බර ගානකම කියලා තියෙනවා. මොනවා වුනත් නම උප්පැන්නෙට දෙන්න කළින් ඒක "වස්" වදින නමක්ද කියන එක අනිවා බලපන්.. හරියට ඝණ පිහිටලා නැත්තන් නමට නිවැරදි අර්ථයක් නැත්නම් ප්‍රශ්න මචෝ.. අනික තමා තව අවුරුදු විස්සක් ඉස්ස්රහට හිතලා එදාට ගැළපෙන නමක් දාපන්.. අද කාලේ නැගලා යන ගම් එදා වෙද්දි කැලේ.. එහෙම වුනොත් අපහසු තාවයට පත් වෙන්නේ ළමයා

    තව ඩිංගෙන් අමතක වෙනවා.. වැඩ පෙන්නුවට මගෙනුත් සම්මාන ඔන්න උඹට...
    මේක උඹලා තුන්දෙනාටම

    ReplyDelete
  60. සුභ පැතුම් රාජ් අයියේ....

    ඔයාට හොදයි කියලා හිතෙන එකක් දාන්න අනේ.

    ReplyDelete
  61. එළ එළ සුභ පැතුම් මචෝ...මමත් බලන්න ඕනේ ඊලඟ නිවාඩුවේ ....

    ReplyDelete
  62. වාසනාවන්... වාසනාවන්...
    පුංචි පවුලට ප්‍රීතිමත් අනාගතයක්...

    නමක් නම්...
    'දියුන් චමිත'

    ReplyDelete
  63. තව නමක්
    'ගගන හේසර'

    ReplyDelete
  64. සුබ පැතුම් අලුත් තාත්තට!
    මෙන්න නම් ටිකක්
    දිනකර ප්‍රභාෂණ
    හිමකර,අනුහස්,සහශ්‍ර

    ReplyDelete
  65. සුභ පැතුම් ඔයාලාට.....

    ReplyDelete
  66. සුභපැතුම් අම්මටයි පුතුටයි... මම අදහන ආගමේ හැටියට තුණුරුවන්ගේ පිහිටආරක්‍ෂාවයි!!!

    ඒත් එදා අටම්පහුරෙ කමෙන්ට් එක දැක්කට හිතුනෙ නෑනෙ ඔහොම දෙයක්... :)

    දැන් ඇති අප්පා මේ ජීවිතේට නම් 5ක් දැම්මා... ;)

    ReplyDelete
  67. සුබ පැතුම් ... දැන් තමයි වැඩ ටික තියෙන්නෙ ඉතින් ..

    ReplyDelete
  68. subha pathum aiyaa.
    namak kiyanna akurak kiyannako :)

    -warnaa-

    ReplyDelete
  69. සුභ පැතුම් රාජ් අයියේ.

    ReplyDelete
  70. සියල්ලන්ටම,
    නම් යෝජනා කල සුභපැතූ කට්ටියටම බොහොම ස්තුතියි. මේ බ්ලොග් එක දිගටම පවත්වගෙන යන්න පුළුවන්කමක් ලැබුනොත් පුතාට පෙන්නනව මේ පෝස්ටුව. එයා ගොඩක් සතුටු වේවි.

    ReplyDelete
  71. පට්ට ම සතුටුයි! දෙන්නම සනීපෙන් නේද.. පොටෝ කෑල්ලකුත් දාන්නකෝ අයියෙ!

    ReplyDelete
  72. අනේ වාසනාවන් ගොඩක් කාලෙකින් නිදහසක් හම්බෙලා කියවන්න ආපු පළවෙනිම පෝස්ට් එක... සෞභාග්‍යමත් අනාගතයක් පතනවා පොඩි එකා..... ඇතුළු රාජ් පවුලටම

    ReplyDelete
  73. මොකක්ද දැම්ම නම

    ReplyDelete
  74. සුබ පැතුම් රාජ්! ආයුබෝවන් කියන්නම් මේ සුන්දර ලෝකයට එකතු වෙන්නට ආව පුතාට.

    පොතක් ලිව්වට පස්සෙ ඒ වැඩේ ඉවරයි. කාලයක් ගියාම තමන්ගෙ අදහස් වෙනස් කරගත්තොත් ලියූ පොතට සම්පූර්ණයෙන් වෙනස් අදහස් වලින් පොතක් ලියන්නත් පුළුවන්. ඒත් ගහක් හිටවලා මුල් ඇද්දට පස්සෙ වැඩේ ඉවර නැහැ, කෙළින් හැදෙන්න රිටි බඳින්නයි, ඒක කෘමින්ගේන් ආරක්ෂා කරගන්නයි ඕනෑ. පුතෙක් හැදීම ඊටත් වඩා භාරදූරයි. අපේ ජීවය පවතින තුරා අපි මේ ලෝකයට ගෙනා ඒ සාමාජිකයාගේ යහපත වෙනුවෙන් තමයි ගන්නා වූ හැම තීරණයක් ම ගන්නට වෙන්නේ. දුර ගමනකට ධෛර්යය, ශක්තිය හා වාසනාව! ඒ ගමන අතිශයින් ම සුන්දර වූවක් කරගන්නට හැකියාවේ වැඩි වගකීම ඇත්තේ රාජ්ටයි හාමිනේටයි.

    රාජ්ගෙ පුතාට විරාජ් නම යෝජනා කරනවා. විරජ = free from defilements මේක කාලීන අවශ්‍යතාවයක් ලෝකයට ම. බුද්ධාගමේ නම් ක්ලේශයන් ගෙන් නිදහස් වීම, ඒත් ආගමකට සීමා නොවෙන්නක්. විරාජමාන = බැබළෙන; විරාජිත = ලස්සන

    ReplyDelete
  75. මම හිතන්නේ දැන් නම් පුතාට නමක් තියලා ඇති.රජපදවියට වඩා පිය පදවිය කොයි තරම් නම් වටිනවාද? මම නම් තාම තනිකඩ.ඒත් මගේ අප්පච්චිගේ ආඩම්බරකාර ආදරේ මන් අත්දැකලා තියෙනවා.ඔබේ නම රාජ් ..පුතාටත් තියන්න රජ නමක්. මහසෙන් කියන නමට ම්න් ගොඩක් කැමතියි .සුබපැතුම් සහෝදරයා...

    ReplyDelete
  76. උඹ කිවුවා.. හරි මචං.. පිය පදවිය ලැබුණාම දැනෙන දේ විස්තර කරන්න බෑ.. ඒක විඳලම බලන්න ඕන.. හදපතුලින්ම සුබ පැතුම්..

    ReplyDelete
  77. සුභ පැතුම් සහෝ.. මොකක්ද දැම්ම නම??
    ජය වේවා..

    ReplyDelete