Thursday, July 12, 2012

ලාවට හිනාවෙන්න.

මේ දවස්ටිකේම මෙලෝ රහක් තිබුනෙ නෑ. කොටින්ම විනෝද සමය වගේ තිබුන අපේ ඔපීසියත් කිසි කමකට නෑ. වැඩවලට කොච්චර හිරවෙලා හිටියද කියනව නං ‍බ්ලොග් පෝස්‍ට් එකක්වත් ලියන්න කිසිම අයිඩියා එකක් ඔලුවට ආවෙ නෑ. ‍පොඩිපොඩි කතා දෙක තුනක්වත් කියල යන්නයි හදන්නෙ.

මේ සිද්ධිය උනේ අපේ නෑදෑයො වෙන ගෙදරක පොඩ්ඩෙකුට අකුරු කියවන දවසෙ. ඔන්න එදා නැකත තිබුනෙත් ටිකක් වේලාසනම. සැප නින්දේ හිටිය පොඩිඑකා උදේ පාන්දරින් ඇහැරවල ලැහැස්ති කරල ගන්න අවස්තාව වෙනකොට එයාට ටිකක් විතර මළ පැනලයි හිටියෙ. අකුරු කියවන්න ආවෙ නෑදෑයෙක් වෙන ගුරුවරයෙක්. ඔන්න ගුරුතුමා වැඩේ පටන්ගත්ත.

"හා පුතා මේ තියෙන්නෙ අයන්න. පුතා කියන්න අයන්....න......."


"අයන්න"


"හා පුතා කියන්න ආයන්....න......."


"ආයන්න"


"හා පුතා කියන්න ඇයන්න"


"දැං එකසැරයක් කිව්වනේ! ඇහුනෙ නැද්ද?"


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

දෙවනි කතාව නං හිනාවෙන්න පුළුවන් එකක් නෙවේ. අපේ ප්‍රාන්තයේ ටික කලකට පෙර සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්‍.
සිද්ධිය මේකයි. එක මනුස්සයෙක් ඉඳල තියනව. මෙයා කාලයක් තිස්සේ කොටු පැනීමේ යෙදුන කෙනෙක්. කොටු පැනිල්ල කොච්චර දුරට ගියාද කියනව නං ගෙදර මනුස්සය නැති අල්ල පනල්ලේ ගෙදරටම ඇවිල්ල තහනම් ගහේ ගෙඩි කාල යනව. කොච්චර රහසේ කලත් මේ දේවල් හංගන්න පු‍ළුවන් කමක් නෑනේ. කොහොම හරි ගෙදර මනුස්සයගෙ කනට ආරංචිය ගියා. දවසක් එයා ගෙදර එනකොට අනියම් ජෝඩුව ගේ ඇතුලෙ. මාරු වෙන්නවත් වෙලාවක් තිබුනෙ නැති තැන ඇඳේ හිටිය මනුස්සය ඇඳ යට හැංගුනා. ගෙට ගොඩවුන අයිතිකාරය ඇඳේ හිටිය තමුංගෙ බාරිය ලඟින් වාඩිවුනා. ඒ එක්කම ඇඳ යටින් සද්දයකුත් එක්ක රුපියල් 5 කාසියක් පෙරලිලා ඇවිල්ල කකුලේ වැදුන. ඇඳ යටට එබිල බැලුවම බඩු මාට්ටු. ඊට පස්සෙ මහා පරිමාණයේ ගුටි පූජාවකටත් මුහුන දෙමින් අනියම් ගෙයින් පැනගත්ත‍. උඩ සාක්කුවෙ තිබුන මාරු කාසි ටිකක් තමයි වැඩේ අලකලේ.

72 comments:

  1. Replies
    1. තෑග්ග වශයෙන් මාසයකට 5 කාසි!

      Delete
    2. මොරාල් ඔෆ් ද ස්ටෝරි:
      5 කාසි උඩ සාක්කුවේ දැමීම මාරාන්තිකයි.:'(

      Delete
  2. සල්ලිවලට මලපැනලනේව ඔය සංගෙදිය වෙලා තියෙන්නේ ඇයි වදේ කොටු ලොකු ලොකු ගනං වලට අලේවි වෙනකොට අර මනුස්සය සතපහක්වත් වියදං නොකර කොටු පැන්නම සල්ලිවලට තරහ ගිහිං හික්ස්

    ReplyDelete
  3. 5 කාසිය ගෑණු එක්කෙනාට යද්දි දීලා යන්න ගෙනාපු එකක් වෙන්ඩ ඇති... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මම හිතුවෙම අද රාජ් විමල් ගොයියා ළගදී කිව්ව කොමිටල් කතාවක් ගැන කියයි කියල. ඒක දැම්මනම් බඩ අල්ලන් හිනා වෙන්න තිබ්බා.

    පළවෙනි කථාව දැක්කම මතක් උනේ..අර 'දිතානායක' කියපු පොඩි එකාව. දෙවෙනි කථාව වගේ එකක් ඊයෙ පොලිසියෙදි ඇහුනා. (මම පොලිසියට ගියේ සහතිකයක් ගන්න) නිත්‍යානුකුල බිරිද පැමිණිල්ල ලියන රාලහාමිට කියනවා ' අනේ සර් දවසක් මම මුගේ (හස්බන්ඩගේ) ෆෝන් එකට කතා කලාම අනියම් සම්බන්දේ සද්දත් ඇහෙනවා ( මං හිතන්නේ කෙදිරිය වෙන්න අති...:-D ) පොඩි එකා ඇහුවා මොකක්ද අම්මේ ඒ සද්දේ කියල. ඒකෙන් තමා මම මුලින්ම දැන ගත්තේ මුගේ වැඩ.' (අහම්බෙන් ෆෝන් එක ඔන් වෙලා)

    ReplyDelete
    Replies
    1. විමල්ගෙ කතාව?

      Delete
    2. ඇයි බන් උන්දැ කියල තියෙන්න ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියල. ඒත් එක්කම කියල තියනවා හැම දේටම (z ප්‍රශ්නෙටත් එක්කම ) ඇමති මණ්ඩලයට බැනින එක වැරදී කියල.

      Delete
    3. ඒකත් එහෙම ද? මම නම් ප්‍රවෘත්ති බලන්නෙ නැති නිසා ඕක දැක්කෙ නෑ. වීක්එන්ඩ් එකේ පත්තර ටිකක් කියවල තමයි සතියෙම වෙච්ච දැනගන්නෙ. හැබැයි මෑන් එහෙම කිව්වනම් ඒකෙන්ම පේනව ගරු ඇමතිතුමාගෙ දැනුම කොච්චරද කියල. (විශේෂයෙන් ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම ගැන. අනෙක් කරුණ ගත්තත් අපේ ඉන්න පුත්තලම් බූරුවො කවද දැනගනියිද මංද ඕනම රටක කැබිනට් මණ්ඩලයට ඒ රටේ කොයිතරම් බලයක්, රට ගැන කොච්චර වගකීමක් තියනවද කියල. අපේ වාහෙල දන්නෙ දණින් වැටිල හැම දේටම “යෑස් සර්“ කියන්න විතරයි)

      Delete
  5. අවවාදයයි

    කොටු පනින විට මාරු සල්ලි ලඟ තබාගැනීමෙන් වලකින්න...... මාරු සල්ලි ඇත්නම් ළඟම ඇති පන්සලකපින්කැටයකට දමන්න.

    ReplyDelete
    Replies
    1. පෝස්ටුවෙ යටට දාන්න හිතලත් කවුරුහරි කියයි කියල නොදැම්මෙ.

      Delete
  6. ලාවට හිනාවෙන්න බෑ හොදටම හිනා.... :)

    ReplyDelete
    Replies
    1. :) හිනා නෑ. ඒ මනුස්සයගෙ ගෙවල් දොරවල් පවා පුච්චන තරම් සැරට සිද්ධිය ඇදුන.

      Delete
  7. අපිනම් ඔන්න මාරු සල්ලි ලග තියාගන්නේ නැහැ ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මෙව්ව හොඳ ආදර්ශ

      Delete
  8. හ්ම්ම්ම් කොටු පැනීමේ ආදීනව

    ReplyDelete
    Replies
    1. පනින එකා පනිනව මොනව කලත්.

      Delete
  9. දැන් ඔය කොටු පනින ඈයෝ එතකොට මාරු සල්ලි ගෙනියන්න හොද නැද්ද රාජ්?? සෑහෙන්න ගුටි කන්න ඇති නේද? තෙල් ටිකක් මේල් කරන්නද ගාගන්න.

    ReplyDelete
    Replies
    1. ගුටිකෑව විතරක් නෙවේ. ඊටත් එහා ගියා.

      Delete
  10. මං දාන්න හිතුව කොමෙන්ටුව මී ගොඩයා දාලා.....

    කොහොම වුනත් "අයිතිකාරයා" මහ මෝඩයෙක්, අරක අරූගෙ ඇගේ ගහලා අත පිහිදාගන්න තිබිච්ච චෑන්ස් එක නැති කරගත්තා.

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒක ඇත්ත. ඒත් ඕ‍වයේ ඇතුලෙ තියන පුරස්න මොනවද දන්නෑනේ අපි.

      Delete
  11. ලාවට කීවට හොඳටම හිනා ගියා. :D

    ReplyDelete
  12. මන් කල්පනා කරන්නේ මේ යකා අච්චර දේවල් ඇඳ උඩ කරද්දී උගේ උඩ සාක්කුවේ තිබ්බ සල්ලි ඇඳ උඩ නොවැටුණේ කොහොමද කියලයි.. ඔන්න කියන්න එපා ඌ කමිසේ ඇඳන් ඉන්න නතුව ඇති කියල. එහෙම උනා නම් කොහොමද ඌ හදිසියට සල්ලිත් නොවට්ට ඒකත් ඇඳගෙන ඇඳ යටට රිංගුවේ ? (මේක කියපු රාජ්ගේ යාලුවා කොටු පනින්නාද නැත්නම් ගෙහිමියාද කියලත් සැකයක් එනවා )

    ReplyDelete
    Replies
    1. අයියෝ සරත් අයියට ඒකවත් තේරෙන්නෙ නෑනේ. සමහර විට ස්ටෑන්ඩින් පොසිෂන් එකක හිටියද කවුද දන්නෙ! හික්!

      Delete
  13. :D අනාගතයක් තියෙන පොඩි එකෙක්!

    ReplyDelete
  14. ඒ කියන්නේ කොටු පනිද්දි මාරු කාසි ගෙනියන්න එපා... :D

    ReplyDelete
  15. හිනා වෙලාම බඩ රිදෙනවා.
    අඩේ මමත් බස් එකේ මාරු සල්ලි දාන්නේ උඩ සාක්කුවට නෙව. බයේ බෑ අප්පා :)

    ReplyDelete
  16. ගතයුත්ත : ඔවැනි ගමන් යාමේදී මාරු කාසි රැගෙන් නොයන්න! :D

    ReplyDelete
  17. අර පොඩි එකාට අමුතුවෙන් අකුරු කියවන්න ඕන නෑනේ බං, ඌ එතකොටත් තග දාන්න දැනගෙන ඉඳලනේ.

    අනිත් එක ගැන මොකුත්ම නොකිය ඉන්නම්, අපි තාම හැදෙන චූටි එවුවොනේ ....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩට තදවුනේ උදේ ඉඳල කරපු විකාරෙට. හරියට නිඳාගන්නත් නෑනේ.

      Delete
  18. පළමු කථාවටනම් හිනා ගියා... පුංචි අයත් මාර විදියට පැහිල දැන් ...හි හි හී...

    ReplyDelete
    Replies
    1. හිනාගියා නං කමක් නෑ. හි හි හී

      Delete
  19. හිකිස් දෙවනි එක කියවපුහම කතාවක් මතක් වුනා “ බාලා මොකද මේ පැත්තේ “

    ReplyDelete
    Replies
    1. ආ... ඒකත් ඇඳයට සීන් එකක්කේ....:)

      Delete
  20. අකුරු කියවන්න ඇවිද්දට පොඩි එකා සුද්ද සිංහලත් දන්න එකෙක්ද කොහෙද?

    සුපියල් පා වැඩේ කේවා

    ReplyDelete
  21. දැන් කාලේ පොඩි එවුන්ට උගන්නන එකත් සෙල්ලං නෑ නේ....

    අර මාරු සල්ලි අරං ගිය එකාට කැත සීන් එක වුනේ ෂීකේ.... මට මතක් වුනේ අර ඇම්ඩා කුකුලව විකුණපු කේස් එක....

    අසරණයා අයියගෙන් මන්තරේ අහගත්තනම් දෙන්නව පූට්ටු කරලා අතටම මාට්ටු කරගන්න තිබුණා...

    ReplyDelete
    Replies
    1. ඔය මන්තර පරාදයි එකදෙක වදිනකොට.

      Delete
  22. අපි වුනත් දැන ගන්න ඕන කොටුවක් පනින නියම විදිහ.සන්නද්ද වෙලා යන්න එපැයි..ලොල්..

    ReplyDelete
  23. මේ කතාව සම්පූර්ණ ඇත්ත බව මම සහතික කරලා කියනවා. මගේ බාල දියණිය හරිම බුද්ධිමත් ඒ වගේම කටකාරයි. කොච්චි කරලවගේ වෙලාවකට. අද ඇය කොළඹ වයිද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබනවා. මගේ මව පාසල් ගුරුවරියක්. ඒ කාලේ අපේ අම්මාට කියලා පොඩි ළමයින්ට නැකතට අකුරු කියවාගන්න බොහෝ දෙනෙක් එනවා. මගේ දියණියන් දෙදෙනාටත් අකුරු කියෙව්වේ අම්මා. ඔන්න ඉතිං පොඩි එකීගේ අකුරු කියවන වෙලාව. අපේ අම්මා අකුරු කියෙව්වා. කෙල්ල ලස්සනට කිව්වා. අපේ බිරින්දගේ අම්මටත් ඔනාවුනා එයාගේ සයිස් එකත් පෙන්නන්න. එයා රැකියාවක් කලේ නැහැ. ඉතිං නැන්දම්මා කෙල්ලව ගත්තා ඔඩොක්කුවට හා මගේ පුතා මා එක්කත් අකුරක් කියන්නකෝ කියලා අ යන්න. . . කිව්වා. අයන්න නෙවෙයි පයන්න කියපු කෙල්ල ගස්සාගෙන ඔඩොක්කුවෙන් බැස්සා. මම වැසිකිලියට ගිහින් දොර වහගෙන ඇති වෙනකල් හිනාවුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. වෙලාවට දැරිවියක් උනේ. කොල්ලෙක් උනානං පයන්න කියල නවත්තන එකක් නෑ.

      Delete
  24. කොටු පැන්න ගෑනු කෙනාගෙ කැටේට දාන්න හිතං හිටපු මාරුසල්ලිද දන්නෑ...
    අවවාදයයි කැත සිතෙන් නොසිතන්න!!!!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්. වැරදියටමයි හිතුනෙ බං.

      Delete
  25. තහනම් ගස් අයිතිකාරයින්ගෙ තමයි වැරැද්ද!

    ReplyDelete
    Replies
    1. සැලකිල් මදිවුනා වෙන්ටෑ

      Delete
  26. රුපියල් පහක් කල හදියක්..

    ReplyDelete
  27. ෂික් ජරා මිනියෙක් කො‍ටුපැන්න මදිවට...මාරුකාසි ටිකටත් වැඩේ දීල..!

    ReplyDelete
  28. ඔය වගේ වැඩ කරනවානම් කාසි ළඟ තියා ගන්න එපා :පි

    ReplyDelete
  29. ඒ ගුටි කෑවේ රාජ් අයියාලු නේද?

    ReplyDelete
  30. අඩෝව් දැන් මේක කියවපු කවුරු අරි එකෙක් මේක අපේ රාජ් මලයා කො‍ටු පයින්ඩ ගීල්ලා වෙච්ච සීන්කෝන් එකක් කියලා කිව්වොත් එම බාවනව කොනක ඉඳන් අරි?
    (තමාටම: යකෝ මුන් එකෙකුටවත් ඒක ඉතිල නැති ඇටි.)
    henryblogwalker චන්ඩියා
    the Dude

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තෙ, මට හිතුන. මට හිතුන. වෙච්චි සන්ගදිය ඉස්පිල්ලක්, පාපිල්ලක් අකුරක් නෑර නිවැරදිව කියනකොටම බඩු මාට්ටු කියල. ඒත් අෆ්ෆා අර මූන බලන් කෝමෙයි කියන්නෙ. මම ඔන්න ඔහෙ මං බබා කමෙන්ට් එකක් දැම්ම. :)

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්.....මම පරිස්සමින් ඉන්නව බොලව්!

      Delete
  31. නිගමනය 1-කොටුපනීම නිසා ගුටි කෑමට සිදුවේ
    නිගමනය 2-කිසිවිටෙකත් උඩ සාක්කුවේ කාසි නොදැමිය යුතුය

    ReplyDelete
    Replies
    1. හරි! උදේ පාන්දරම පොඩි එවුන්ට අකුරු නොකියවිය යුතුය.

      Delete
  32. අපේ පැත්තෙ එකෙක් හිටිය අනියමා කියලා..

    ReplyDelete
    Replies
    1. පර්මනන්ට් පොරක් වෙන්ටැති.

      Delete
  33. උඩ කතාවේ පොඩි එකා ලොකු වෙද්දී ඇට්ටරයෙක් වෙයි වගේ.

    ReplyDelete
  34. මේ දෙවෙනි එකඅයියා අහපු කතාවක් විතරයි නේද...නැතුව ඔයාගේ උඩ සාක්කුවේ හිලක් නෑනේ...;) ;)

    ReplyDelete
  35. මේ ළඟදි පත්ත්‍රේක මරු කතාවක් තිබ්බා අයියා කියෙව්වද දැන්නෑ, හස්බන්ඩ් සහ වයිෆ් වෙන වෙන ම කොටු පනින්න එක ම හෝටලේට ගිහින් එද්දි මාට්ටු වෙලා... ආශ්චර්යයට යද්දි ඔහොම දේවලුත් වෙනවලු නේ!

    ReplyDelete