Wednesday, August 29, 2012

සුපිරි වීරයෝ සහ පුටු ආරක්ෂකයෝ.

ටික කලකට පෙර, මා නැරඹූ ටෙලිනාට්‍ය අතර දෙරණ රූපවාහිණියේ "මලී" නම් ටෙලිනාට්‍යද විය. කාර්ය බහුලත්වය රූපවාහිනීය දුරස්කල අතර ඉන්පසු බොහෝ කාලයක් යනතෙක් උක්ත නාට්‍ය නැරඹීමට නොහැකි විය. පසුගිය දිනක අන්තර්ජාලය ඔස්සේ දෙරණ අඩවියට ගොස් මඟහැරුණු තැන සිට නාට්‍ය නැරඹීමට පටන්ගතිමි. පිටිසර ගම්මානයක වෙදගෙදරක් මුල්කර ගනිමින් යම්කිසි යතාර්ථවාදී ස්වභාවයකින්ද විකිණියහැකි "ගැමි කමකින්ද" යුක්ත වූ මෙම නාට්‍ය මේ වනවිට මුල් අරමුණින් අපගමනයට ලක්වී ඇත. සාමාන්‍යයෙන් ලංකාවේද කලාතුරකින් දක්නට ලැබෙන දක්ෂ දේශීය වෛද්‍යවරයෙකුගේ චරිතය නිරූපනය කරන "ඩිංගිරි" වෙදහාමිනේගේ (දුලීකා මාරපන) චරිතය මේ වනවිට වෙනස්වී ඇති ආකාරය අපූරුය. එය, සාමාන්‍යයෙන් අසාමාන්‍ය දක්ෂතාවයක් ඇති වෙදහාමිනේගේ සිට ඕනෑම දෙයක් කලහැකි, කිසිවෙකුටත් පරාජය කල නොහැකි "සුපිරි වීරයා" මට්ටමට එසවීමට අධ්‍යක්ෂක වරයා තීරණය කර ඇත. දැන් ඩිංගිරි වෙදහාමිනේට කල නොහැක්කක් නොමැත. ප්‍රේක්ෂක අදහස් තීරුව අනුව සුපිරි වීරවරියට ඔවුන් මනාපය. මෙය නාට්‍ය විචාරයක් නොවන නිසා ඒ ගැන කතාව දැනට නවත්වමි.

සුපිරි වීරයා! සමාජයේ බොහෝ දෙනෙකු කැමති සංකල්පයකි. නින්දෙන් පිබිදෙන රාවනා රජතුමා ගැන විශ්වාස කරන සුළු පිරිසක් හෝ අද සමාජයේත් සිටින බව සති අන්ත පුවත්පත් අපට කියාපායි. මෙය ලෝක ඉතිහාසය පුරාම දක්නට ඇති සංසිද්ධියකි. සුපිරි වීරයා සමඟ බැඳී ඇති අනෙක් පාර්ශවය නම් "පුටු ආරක්ෂකයන්ය". රණ ශූරයන්ගේ පුරාවෘත්ත අනුව අවසාන මොහොතේ ශූරයා පැමිනෙන තෙක් ඔහුට අයිති අසුන රැකගැනීම මොවුන්ගේ කාර්යයි. එහෙත් මොවුන් කිසිවිටෙකත් සුපිරි වීරයාට අභියෝගයක් නොවන්නේ තමන්ට නොහැකිය හෝ තමන් නුසුදුසු යැයි ඇති හීනමානය නිසා විය හැකිය. එය හරියටම අපේ ඉතිහාසයේ කැප්පෙටිපොල, මඩුගල්ලේ වැනි නායකයින් ර‍ජවීම සඳහා නොව (රජෙකු නැතිවිට පවා) සුදුස්සෙකු රජකරවීම සඳහා සටන්කිරීම වැනිය. විප්ලවයට පසු ප්‍රති විප්ලවයක්ද සිදුකිරීමට රුසියානුවන්ට සිදුවූයේ මෙම හැඟීම පරාජය කිරීම සඳහාය.

දකුණු ආසියානු දේශපාලනයේ සුපිරි වීරයන් බිහිවීමටද වීරයන් බලුවීමටද වැඩි කල් නොයයි. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂය දක්වා ඇවිදගොස් හිඳගනිද්දීම ඔහු සුපිරි වීරයා බවට පත්වී හමාරය. ස්වාමියාගේ මරණයෙන් පසු වීරවරිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය 77දී බලුවිය. 77 සිට සුපිරි වීරයෙකු නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුටුව, හෙක්ටර් කොබ්බෑකඩුව, අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ.... වැන්නන් රැකගත්තේ "සපෝටර්ගේ" චරිතයට පන පොවමිනි. 94දී සුපිරි වීරවරිය වූ චන්ද්‍රිකා මැතිනියගේ පැමිණීමෙන් එම නාටකය අවසන්විය.


දැන් මඳකට එජාපය දෙසට හැරෙමු. 1994 වනවිට සිටි වීරයා සහ වෙන්ට සිටින වීරයන් සියල්ල ඝාතනයවී අරාජික තත්වයක තිබූ එජාපයට උරදීමට සිටියේ රනිල් වික්‍රමසිංහ පමණි. 94 ජනාධිපතිවරණයේදී ශ්‍රීමා දිසානායකට සිහසුන ලබාදී ඇය සුපිරි වීරවරිය කිරීමට ගත් උත්සාහය 17 කැරැල්ල මෙන් වූයේ චන්ද්‍රිකා මැතිනිය ඒ වනවිටත් සමාජය තුල තම ස්ථානය තහවුරු කරගෙන තිබූ නිසාවෙනි. ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතාට, විටෙක වීරයාගේද විටෙක සපෝටර්ගේද චරිතයට පනපෙවීමට අවස්තාව ලැබුනත් ඔහු සාර්ථක නොවීය, නැතහොත් සිහසුන ලඟටම පැමිණ පසුබැස්සේය.



මේ වනවිට සුපිරි වීරයාදැයි සපෝටර් කෙනෙකුදැයි නිශ්චිතව හඳුනාගත නොහැකි සජිත් ප්‍රේමදාස සහ රනිල් අතර ඇති සටන තීරණාත්මකය. රනිල්, වඩා සුදුසු සුපිරි වීරයා නොව සපෝටර්ගේ ස්ථානයට බව ඉතිහාසය ඔප්පු කර අවසන්ය. වෙනත් විදියකින් කිවහොත් ඔහුට වීරයා වීමට ඇති සම්භාවිතාව ඉතා අඩුය. මන්ද ඕනෑවට වඩා මහන්සි වී ඇති සටන්කරුවකුට සිහසුන අසලම සිදුවන "අන්තිම සටනේදී" ජය ගැනීම අසීරු බැවිනි. අනෙක් අතට දුෂ්ටයාද ඉතා බලවත් බැවින් සටන ලෙහෙසි නැත. සජිත් ප්‍රේමදාසගේ භූමිකාව වැදගත් වන්නේ මෙතැනදීය. ඔහු "සුපිරි වීරයා" වන්නේද නැතහොත් "සපෝටර්" කෙනෙකු වන්නේද යන්න විචල්‍යන් රාශියක් ඇති සමීකරණයක ගමන්මඟ වැනිය. එය අනාගතය විසින් තීරණය කරනු ඇත.

49 comments:

  1. අද දේශපාලනයේ ඉන්න හැමෝම සුපිරි ජෝකර්ලා විතරයි... වැඩක් නෑ අපිට හිනා වෙන්න හොදයි...

    ReplyDelete
  2. කොළ මහින්දද? රනිල්ද?

    ReplyDelete
  3. සුපිරි වීරයො ඉන්නේ කාටුන් චිත්‍ර පටවලය ඒවා බලා මනසට පොඩි මොරාල් එකක් වත් ගත හැකිය නමුත් ලාංකීය දෙශපාලන රාමුව තුල සුපිරි වීරයන් නොමැත ඉන්නේ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගැනිම සඳහා සුපිරි විරයා චරිතය රඟ දක්වන මිනිසුන් පමනී. එමගින් පොදු ජනතාවට යමක් ලැබෙනවාද ලැබුනාද නැද්ද යන වග තීරණය වන්නේ අරකී සුපිරි නලුවාගේ න්‍යාය පත්‍රය සාර්ථක කරගැනිමෙදි ඔහු යොදන සහ යෙදවූ ශිල්පක්‍රම මතය

    ReplyDelete
    Replies
    1. සුපිරි වීරයා යනුවෙන් අදහස් කලේ හුදෙක් "පුටුව අත්කරගැනීම" යන කාරණාව සම්බන්ධයෙන්ම පමණි. ඉන් එපිටට "ජනතාවාදී සුපිරි වීරයන්" දැනට නැත. ☺

      Delete
  4. සුපිරි වීරයෙක් කියන්නේ සැලෝලයිට් චරිතයක් වෙන්න ඕනෑ වෙන්නේ මේ කා‍ලයටයි. ඇත්තටම හැම මිනිහෙක් තුලම සුපිරි පුද්ගලයෙකු (වීරයෙකු) සිටිනවා. ඒත් වීරයා මැරිලා. නැත්නං නැගිටලාවත් නෑ. ලෝකය වෙනස් කලේ සුපිරි වීරයන් මිස මේ ලංකාවේ ඉන්න හිගන දේශපාලන පඹයන් නොවන බව මතක තබාගත යුතුය.

    ReplyDelete
  5. සජිත්නම් කොහොමත් දිනන්න පුළුවන් කෙනෙක් නෙමෙයි ....

    ReplyDelete
  6. මං නිතරම කියන්නේ ලාංකීය දේශපානය මට අල්ලන්නේ නෑ.. සෑම දේශපාලකයෙක්ම එක වගේ තමා..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඔවුන්ගේ දේශපාලනයෙන් මිදෙන්නත් බෑ.

      Delete
  7. අපේ විරුද්ද පක්ෂත් හරියටම අර ටෙලිනාට්‍ය වගේ.. පටන් ගන්නේ එක විදිහකට ඔහේ දුවනවා අහුවෙන අහුවෙන පැතිවලට නළුවෝ හැලෙනවා එතකොට චරිත මරනවා අන්තිමට ලියපු එකාවත් දන්නේ නැහැ මුල මැද අග තුන.. ප්‍රේක්ෂකයොත් ඔහේ ඇල් මැරිච්ච ගානට බැන බැන ඒකම බලනවා. පැත්තක ඉඳන් මුදලාලි බඩු ටික විකුණා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඕක මේ දේශපාලන ක්‍රමේ හැටි. කියන්න තරම් මර්දනයක් නැතුවත් විරුද්ධ පක්ෂ මේ තරමට දියාරුවෙන රටක් වෙන කොහේවත් තියනවද මංද!

      Delete
    2. ඇයි රාජ් කියන්න තරම් මර්ධනයක් නැහැ කියල කියන්නෙ. ඒක සිද්ධ වෙන්නෙ ඉස්සරවගේ ගෙඩිපිටින් එළිපිට නෙවිනේ. ඒක මර්ධනයක් කියනවට වඩා ගැලපෙන්නෙ දුර්වල කිරීම කියල කියන එක. මර්ධනය කියන එක පහසුවෙන් හඳුනගන්න පුළුවන් වගේම මර්ධනය අවසානයෙ ටික කාලයකින් ඒක පුපුරල යන්නෙ පීඩිතයොන්ට සුපිරි බලයක් ලැබීමෙන්. ඔය පහුගිය කාලෙ වුනේ. ඒත් දැන් ශක්තිමත්ව තිබූ පක්‍ෂ කැඩිල බිඳිල වෙන්වෙල යනව, ජාතික තලයෙ නායකයො වෙන්න හිටපු පුද්ගලයො අකාලයෙ ඇද වැටෙනව. ඒත් ඔබ වුනත් හඳුනගෙන තිබෙන හැටියට ඒව කාගෙවත් සෘජු මැදිහත්වීමකින් තොරව වෙනව වගේ පෙන්නෙ. දැන් ඒ ජාතියෙ හැමදේම සිද්ධවෙන්නෙ එහෙමයි, කතෘ අඥාතව. ඒත් ප්‍රතිඵලය එකමයි. නව යටත්විජිතවාදය වගේ, අත පුච්චගන්නෙ නැතිව කරගන්න ඕන වැඩ ටික අදාල පුද්ගලයො කරගන්නව.

      Delete
  8. ඔය ඩබලම වීරයින් නෙවෙයි....එ ජා ප යේ සියලුම වීරයින් මියගොස් ඇත.(එ ජා පය ද මකබෑවුනාවෙ)

    ඒ වගේම මොහොතේ "රට" වීරයින් ඉල්ලා සිටන බවක් ද පෙනෙන්නට නැත. එහෙයින් තවදුරටත් වීරයා පර්සි මහේද්‍රය. ඔහුම දුෂ්ඨයා ද වේ...

    ReplyDelete
    Replies
    1. පළමු වැනි පර්සි රජු කියන්නෙත් එයාටම නේද ?

      Delete
    2. ලොව පොදු හතුරාත් , පොදු වීරයාත් එකම පුද්ගලයෙකු වූ එකම රට ලන්කාවද මන්දා

      Delete
    3. //තවදුරටත් වීරයා පර්සි මහේද්‍රය. ඔහුම දුෂ්ඨයා ද වේ//
      ඇත්ත.
      වීරයා එනතුරු පුටුව රැකගෙන සිටින්නන්ද අවශයය.

      Delete
  9. TODAY, I AM UNABLE TO WRITE A COMMENT, BECAUSE, HAVE A STOMACH TRUBLE, AFTER EATING SOME STALE FOOD.

    ReplyDelete
    Replies
    1. කණගාටුයි. ඔබට ඉක්මන් සුව!

      Delete
  10. සුමිත් මහත්තයා කියනවා වගේ විරයත් මහින්ද මාමායා දුෂ්ටයත් මහින්ද මාමාය ඔහුට අටැක් කිරීමට වීරයන් දැනට ලංකාවේ නැත :/

    ReplyDelete
  11. කාලයක් ජේවීපී එකේ ඉදගෙන කථාවෙන් රට හොල්ලලා අද බලු වෙලා ඉන්න විමලේ ගොයියාගෙ නමත් මෙතනට ගැලපෙනවා... අහෝ ඔහු සමාජවාදයෙන් ධනවාදයට පැමිණි ඉක්මන... සිම්පල් ප්ලෑන් කියන්නෙ අන්න ඒවට...

    ReplyDelete
    Replies
    1. නැත. විමල් අවස්ථාවාදී නරියෙකු පමණි. අනෙක් අතට ඔහු ඉන් සෑහීමකට පත්වන බවක්ද පෙනේ. ඔහුට වීරයා හෝ අඩු තරමින් වීරයා එනතෙක් පුටුව රැකගෙන සිටින්නාගේ තත්වයට පත්වීමට හැකියාවක් දැනට නැත.
      මා "සපෝටර්" යනුවෙන් අදහස් කලේ කඩේයන කොලුවන් ගැන නොවේ. වීරයා එනතෙක් ඔහුගේ ස්ථානය රැක සිටින්නාටය. (94දි චන්ද්‍රිකා මැතිනිය එක්වරම බලයට පත්වූවේ 77 සිට විශාල කාර්යභාරයක් කල/ආණ්ඩුවට එරෙහිව මැතිවරණ වලට ඉදිරිපත් කල, අනුර, මහින්ද, හෙක්ටර් කොබ්බෑකඩුව, සිරිමා බන්ඩාරණායක මැතිනිය... වැනි සපෝටර්ලා මතිනි)

      Delete
  12. කවුරු මොනවා කිවුවත් යූ.එන්.පී එකට රනිල් අත්‍යාවශ්‍යයි....
    (මගේ මතය පමණි)

    ReplyDelete
    Replies
    1. රනිල් ගැන වෙනම කතා කල හැකිය. හොඳ නරක සම්මිශ්‍රනයක් වන ඔහුට ඇත්තේ ජන විඥ්ඥානය හඳුනාගැනීම පිලිබඳව ප්‍රශ්නයක්ය.

      Delete
  13. බබාලා සද්ද කරන්නේ නෑ.... මේවා ලොකු මාමලාගේ කතානේ...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  14. මමත් ඉතින් මොකුත් නොකියා සිටිමි..

    අපිට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. මහින්දට වඩා වීරයෙක් නෑ කියල හිටියොත් බඩුම තමා. පලවෙනි සැරේ ජනාධිපතිවරණයෙන් දිනන කොට පක්ෂ විපක්ෂ කවුරුත් සතුටු උනා රටට ඇත්තටම ආදරේ කෙනෙක් ආව කියලා. දැන් කොහොමද රගේ. රටට අවශ්‍ය නැති උනත් හැම දෙයක්ම ලොකුවට කරලා නම තියාගන්න තියෙන බාල මානසිකත්වය නිසා රටට වැඩක් කරන්න තිබුන සල්ලි ටික නැති කලා. නොරොච්චෝලේ, හම්බන්තොට වරාය, නෙලුම් පොකුණ රඟහල හා කුලුන, ගාලුමුවදොර ගොඩ කරලා කරන විකාරය උදාහරණ ටිකක්.
    නිතිය බල්ලට දාල. තමන්ට කඩේ යන අයට රටේ මොන දුෂණය කලත් බේරෙන්න පුළුවන්. ඒ වරදම කරන තමන්ට දේශපාලන හෝ කිසිම අයුරකින් හෝ වැඩක් නැති එකාට නීති ඔක්කොම දාල රටට පෙන්නනවා අපි නිතිය රකිනවා කියලා.
    ලංකාවේ බහුතරයකගේ ඔලු සෝදලා දාල හිත ගන්න බැරි විදියට. යමක් කමක් දන්නා උදවිය පවා තනතුරු රැකගන්න හෝ ජීවිතය රැකගන්න හෝ මේවා සාධාරණය කරනවා, නැත්නම් කට වහගෙන ඉන්නව.
    ශ්‍රී ලංකාව ලෝකයේ තියන රටක් වශයෙන් තවදුරටත් පවතින්න නම් විපක්ෂයේ කාට හෝ බලය දෙන්න ඕනෑ. රනිල්ට පන නැහැ, ෆොන්සේකා හමුදා නිතිය ආදී දේ කියලා හරි යන්නේ නැහැ. මම නම් හිතන්නේ රනිල් හා ෆොන්සේකා එකතු විය යුතුයි. මොකද රනිල් කියන්නේ දර්ශනයක් තියෙන, යමක් දිහා ප්‍රයෝගිකව බලන්න පුළුවන් කෙනෙක්. ඒත් මිනිස්සුන්ට රනිල්ව එපා කරවලා රටේ අවාසනාවට. මේ තත්වේ අනුව රනිල්ට චන්ද දිනන්න බැහැ. රටේ ප්‍රතිපත්ති සම්පාදනය හා මෙහයවිම රනිල්ට බාරදීලා අමැතිවරු, මන්ත්‍රීවරු පාලනය සඳහා ෆොන්සේකා ගේන්න ඕනෑ. ඒකට ක්‍රමයක් හදන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. "ලංකාවේ බහුතරයකගේ ඔලු සෝදලා දාල හිත ගන්න බැරි විදියට. යමක් කමක් දන්නා උදවිය පවා තනතුරු රැකගන්න හෝ ජීවිතය රැකගන්න හෝ මේවා සාධාරණය කරනවා, නැත්නම් කට වහගෙන ඉන්නව"

      නිවැරදිය. එහෙත් දැන් පවතින තත්වය අනුව ප්‍රාතිහාරයක් බලාපොරොත්තු විය නොහැකිය. මහින්ද එලවා රනිල් පත්කිරීම එතරම් ප්‍රඥාගෝචර යයි කිව නොහැක. ෆොන්සේකා ගැන දේශපාලනිකව කිසිවක් නොදනී.

      Delete
    2. @සාගර : ඔය ඉපදුනේ 1994 ට පස්සෙද ?

      Delete
    3. @ සාගර
      ඒ කතාවනම් මගෙ හිතටත් ඇල්ලුවා. පුංචි අඩු පාඩු කම් කීපයක් නැතුවමත් නෙමේ. කවුදෑ ඉතින් සර්ව සම්පූර්ණ.

      Delete
  16. දේශපාලනය තුල සදාකාලික වීරයෝද සදාකාලික දුෂ්ඨයෝද නැත!

    ReplyDelete
  17. මට පේන විදියට නම් දෙන්නම මෙලෝ රහක් නෑ වගේ....

    ReplyDelete
  18. වීරයෝද දුෂ්ඨයෝද ජෝකර්ලාද යන්න කාලය විසින් තීරණය කරයි. අතීතයේ වීරයා අද වෙනකොට සමහර අයට දුෂ්ඨයෙක්..හෙට අනිඩ්දා වෙනකොට නැවත්ත වීරයෙක් වෙයිද ජෝකරයෙක් වෙයිද කියලා කවුද දන්නේ !

    ReplyDelete
  19. මේ වෙලාවෙ නම් 'සුපිරි වීරයෙකු වේවි' යැයි සිතිය හැකි අයෙක් නැත. සපෝටර්ලා තොග පිටින් ඇතත් අඩුම තරමේ 'සුපිරි දුෂ්ඨයෙකු' ද නැත. මිනිසුන්ට මුන් දෙපලම ඕනැත් නැත. පවතින තත්වය තුළ ලංකාවේ දේශපාලනය ආරාජික වෙනවානම් සියල්ලට වඩා හොදය. වෙනත් කාලයකනම් මෙය දේශද්‍රෝහි ප්‍රකාශයකි. නමුත් දැනට නම් ඉතාම කාලෝචිතය.

    දැනට ඉන්න සුපිරි වීරයා වන ටෙනිසන් ගැන වැඩි දුර හැදෑරීමට ඕනෑ නම් 'සමාන්තර විශ්වය' තුළට එබිකම් කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. "පවතින තත්වය තුළ ලංකාවේ දේශපාලනය ආරාජික වෙනවානම් සියල්ලට වඩා හොදය" හ්ම්. එකඟයි.

      Delete
    2. ඇත්තටම සමාන්තර විශ්වය(සමනල දඩයම්) තමයි හොඳ. අඩු ගානේ ටික වෙලාවකට හරි ආතල් එකේ ඉන්න පුළුවන්නේ.

      Delete
  20. සැබෑ වීරයෝ මොලෝ නොසොල්වා ඡන්දය දෙන ජනතාවය.

    ReplyDelete
  21. // ඔහු "සුපිරි වීරයා" වන්නේද නැතහොත් "සපෝටර්" කෙනෙකු වන්නේද යන්න විචල්‍යන් රාශියක් ඇති සමීකරණයක ගමන්මඟ වැනිය. //

    මට නම් හිතෙන්නෙ ඔය විචල්‍යන් වගේ පේන ඔක්කොම නියතයන්ය කියල. මොකද සජිත් එක්වරම හයිස්පීඩ් යන්න ගිහින් ගමන අලකරගත්ත වගේ සිද්ධියක් නේද වුනේ. ඒ වගේම තැනකට එන්න පුළුවන්කම තිබුණු හුඟක් අය පහුගිය කාලෙ යම් යම් බලවේගවලට අහුවෙල අවාසනාවන්ත විදියට ඇද වැටුණ. මුළු විපක්‍ෂයම උස්සල පොළොවෙ ගහපු වගේ. දැන් ඔය ඔක්කොම එකට ගත්තහම රාජ්ට හිතෙන්නෙ නැද්ද සජිත්ගෙ ගමන ඔහුගෙ තීරණයන්මත මෙහෙයවුනු එකකට වඩා ඔහු යම් මායාවක් පස්සෙ ගියා වගේ කියල.

    ReplyDelete
  22. දේශපාලනය කියන්නේ මම් කතා කරන්ඩ ආස නැතිම මාතෘකාවක් !

    ReplyDelete
  23. මම ඩින්ගිරි වෙද හාමිනේට හරි කැමතී..ඒ එයා රඟපාන චරිතයට නෙවේ..දුලීකා මාරපන නිලියගෙ රඟපෑම් වලට..පුදුම දක්ශ නිලියක් එයා....

    ReplyDelete
  24. මලී කතාවනම් මුල් කාලේ ටිකක් බැළුවා..

    දේශපාලනේ නම් ඉතින් රාජ් අයියේ.......

    ReplyDelete
  25. ඔය නාට්‍ය පටන් ගන්නකොට තියෙන තිර රචනය නෙමේ අවසානෙට තියෙන්නේ නොයෙක් නොයෙක් හේතු උඩ රචකයා කපලා කොටලා වෙනස් කරනවා..

    මගේ වීරයා නම් රනිල් වික්රමසිංහ මහත්තයා ..හිකිස්‌ ,
    මට එතුමා ගැන පුංචි කෙටි කථාවක් ලියන්න අදහසක් ඇවිත් තියෙන්නේ..

    ReplyDelete
  26. මලී බලන්න නම් මමත් ආසය්..
    හැබැය් පස්සෙ කියපු ලොක්කොන්ගෙ මූනූ නම් දැක්කොත් මිස බලන්න ආස නෑ..

    ReplyDelete
  27. මේක කියවන්න 3 පාරක් ඇවිත් යන්තම් කියවල ඉවර කරගත්තෙ... අර මලී කියන එක නම් පළවෙනි වතාවට බැලුවෙ උඹ මේක දාපු දවසට කලින් දවසෙ...

    සපෝටර් සහ වීරය ගැන කියනව නම් මගේ අදහස සජිත් ඔය දෙකෙන් එකකටවත් ගැලපෙන්නෙ නැති චරිතයක් කියන එක...

    ReplyDelete
  28. උඹද බං රාජ් අර මැක්කගෙ රචනාව ලිව්ව එකා පොඩි කාලෙදි? :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  29. අනේ මං නං දන්නෑ අයියේ ඔව්වා... තාම ඡන්දෙ දුන්නෙත් නෑ එකෙක්ටවත් දෙන්නෙත් නෑ

    ReplyDelete
  30. මෙව්වා අපිට ඔලුවට බරපතල් වැඩි අප්පා... මලී නම් බලලා නැහැ.. හැබැයි දුලීකා මාරපන නම් හොඳ නිළියක්... "සඳ අමාවකයි" මට තාම මතකයි...

    ReplyDelete
  31. මේවා ගැන කියවන කොට හිතට ලොකු ආවේගයක් එනවා.ඒ අපේම චන්ද වලින් ලොකු තැන් වලින් ගිහින් අපිටම කොකා පෙන්නන දේශ පාලුවෝ ගැන.

    ReplyDelete
  32. දේශපාලනේ නම් ඕනෙම නැත. මලී පටන් ගත්ත දවස් වල ඔය මොකක් හරි බලා ඉන්නවත් දෙයක් තිබුනා. කාලයක් යනකොට යක්කුයි භුතයෝයි දේශපාලන ගේම් ඔක්කොම ඇවිල්ලා අච්චාරුවක් උනා. දැන් නම් ඉතින් ඒකත් බලන්නෙම නෑ වගේ

    ReplyDelete
  33. සජිත්ට ලස්සනට සින්දු කියන්නත් පුළුවන්..
    ඇයි බං බයිලා.
    ඉතින් බන් එයා කියන්නෙ ලොක්කගෙම බයිලා නේ
    ඇත්තද එයාගේ බයිලා නයි ටී ඇන් එකයි පචවාහිනියයි බලන්නේ නැති නිසා දැක්කේ නෑ

    ReplyDelete