කතන්දරකාරයා තම බ්ලොග් අඩවියේ දැමූ ලිපියක් හා උකුස්සා ඊට දැමූ කමෙන්ටුවක් සිහිපත් කල සිදුවීමක් පසුගිය දිනෙක මා හට සිදුවිය.
එදින සුපිරි වෙළඳසැලකට ගිය මා ඒ තුල වූ ෆාමසියට ගියේ කොන්ඩම් මිලදී ගැනීමටය. අවශ්‍ය කොන්ඩම් වර්ගයෙන් පැකට් දෙකක් ඉල්ලූ පසු වෙළඳ සේවිකාව එය රැගෙන කඩදාසි බෑගයක් වෙත දැමීමට සූදානම් විය.
සාමාන්‍යයෙන් ලංකාවේ ඇත්තේ රුපියල් තිහේ සිට ඉහලට මිලදීගත හැකි, ඝන කඩදාසි ඇසුරුමක බහා ඇති කොන්ඩම් තුනක් අඩංගු පැකට්ය. පාරිභෝගිකයාට අවශ්‍ය කොන්ඩම් ප්‍රමාණය කුමක් වුවත් මිලදීගැනීමට සිදුවන්නේ මෙම තුනේ පැකට්ය. එය තරමක කරදරයක් බැවින් වඩා වැඩි කොන්ඩම් ප්‍රමාණයක් අඩංගු පැකට් නැත්ද යන්න වෙළඳ සේවිකාව වෙතින් මා විමසීමි. ඇගේ ප්‍රතිචාරය යහපත් නොවීය,
"දන්නෑ!" යන්න එක්වරම පවසා ඈ පාර්සලය මාවෙත දිගුකලාය.
මෙහිදී ඇය සිදුකල මූලික වැරදි දෙකකි.
පළමුවැන්න නම් තමන් අලෙවි කරන භාණ්ඩය පිලිබඳ දැනුවත් භාවයක් ලබා නොසිටීමය.
දෙවැන්න තම පාරිභෝගිකයා වෙනුවෙන් දැක්වියයුතු මිත්‍රශීලී ස්වභාවය ඇය වෙත නොමැති වීමයි.
හරියටම කිවහොත් කතන්දර ලිපියේ උකුස්සා සඳහන් කල පරිදි ඇගේ හැසිරීම "මා කොන්ඩම් මිලදී ගත්තේ ඇය සමග ලිංගික කාර්යය සඳහාය" යන්න සිතා සිටින අයුරිනි.
ලංකාව තුල ලිංගිකත්වයට හිමිවන ස්ථානය පිලිබඳවත් ලිංගිකත්වය සම්බන්ධයෙන් ලාංකීය ආකල්ප පිළිබඳවත් බ්ලොග් අවකාශය තුල ඕනෑ තරම් පට්ටගසා ඇති බැවින් යලි යලිත් මතු කිරීම නිරර්ථක කාර්යකි. කෙසේ වුවත්, ප්රාග්ධනයේ ප්‍රසාරණයත් සමඟ දශකයක් දෙකක් තුල දිවයින පුරා ව්‍යාප්ත වූ "සුපිරි වෙළඳසල්" යනු නූතනත්වයේ සංකේතයකි. ඒ තුල සිටින මෙවැනි සේවිකාවන් ඇතිකරන්නේ නූතනත්වයට නොගැලපීමකි.
කෙසේ වුවත් ඇයට තේරුම්ගත හැකියයි සිතන ආකාරයෙන් මා මේ කරුණු පැහැදිලි කලෙමි. කිසිවක් නොකියූ ඇය අසා සිටියා පමණි!
"ඔයා එහාපැත්තට ගියානං ඔයාටත් ලේසියි අපිටත් ලේසියි" අවසානයේදී මා යෝජනා කලෙමි. ෆුඩ් සිටියේ අනෙක්පස පිහිටුවා තිබුනේ එළවළු විකුණන ස්ථානයයි.
Tuesday, September 10, 2013
ෆුඩ්සිටියෙ නෝනගෙ කොන්ඩම් භීතිකාව.
Subscribe to:
Post Comments (Atom)
චීයා..... කැතා.....යි.......
ReplyDeleteඔයා හරි වල් අනේ........
තව පැත්තකුත් තියෙනවා. මම දැකලා තියෙනවා.. බොහොම පැහැදිලිව පිළිතුරු දුන්නත්, සමහර උන් කෙල්ලෙක් නම් අපහසුතාවයට පත් කරනවා.. උඹේ මූණ වල් පාටද දන්නෙ නෑනේ...
මම කාන්තාවක වශයෙන් ඔබේ අදහස හා 100%ක් ම එකඟ වෙමි. කොතරම් පැහැදිලි ලෙස හා කරුණාවන්තව පිළිතුරු දුන්නද, ඇතම් පිරිමින් ඇය අපහසුතවයකට පත් කරන ප්‍රශ්න අහනවා වෙන්න පුලුවන්. ඔබ ඇසූ පැනය ඇය තේරුම් ගන්නට ඇත්තේ ඔබ අවිනීත යමක් පැවසීමට සැරසෙනවා කිය විය යුතුයි.
Deleteමාතලන්,
Deleteමගේ මූන බුකියෙ තියෙන්නෙ වල්ද කියල කියපං.
dam
ප්රශ්නය අහපු විදිය දන්නෙ මමනේ. අනෙක මම අයිති වෙන්නෙ "ඇතැම් පිරිමි" ගොඩට නෙවේ නං මොකද කරන්නෙ? සීයක් දෙනා එයා අපහසුතාවයට පත් කලත් එකසිය එක්වැන්නා ගැනත් එලෙස සිතීම වැරදි බව තේරුම්ගන්න. විශේෂයෙන් වෙළඳාමෙදි!
උබ දැක්කම එකිට බය හිතෙන්න ඇති බන් මග රැකල ඉදීවිද කියල
Deleteබොරු කොණ්ඩම් කථා ගොතන්න එපා රාජ්...උඹට නගින්නෙ නෑ කියලා ඔෆිස් එකේ ඔක්කොම දන්නවා....
Deleteරාජ් ට හොඳට නගින බව භෞතික විද්‍යා අධ්යනාඃහයේ හතර වැකි තට්ටුවත් දන්නවා , වතුර ටැංකියත් දන්නවා ,මෙඩිකල් සෙන්ටර් එකත් දන්නවා. මොකද ලෙක්චර් යනවාට වඩා හිටියේ එහේ. දැන් නගිනනේ නැහැ කියුවේ ඔෆීස් එකේ ඉන්න ලොන් හැලිච්ච ක්ලාක් කට්ට ද? අපේ ඒක දැක්කම නැගපුවාත් බහිනවානේ.
Deleteඋඹ කෙල්ල දිහා වල් විදියට බලන්න ඇති.. හෙක්..
ReplyDeleteඇත්ත රාජ්... කොන්ඩම් කියන්නේ ප්රීතිජනක භාන්ඩයක් විදියටයි කව්රුත් හිතන්නේ.. නැතිව ඒක අත්‍යාවශය දෙයක් විදියට බලන්නෑ. කව්ද බලහං පෑඩ් පැකට් එකක් එලියේ දාගෙන යන්නේ.. මම ගිහිල්ල පාමසියේ කෙල්ලගෙන් ඉල්ලුවත් ඒකි ඇඹරෙනවා. ඔය සමාජ තත්වය වෙනස් කරන්න ඕන. කොන්ඩම් කියන්නේ අත්‍යාවශය භාණ්ඩයක්..
මම කවදාවත් අඳුනන්නෙ නැති තැන්වලින් එච්චර කට්ටක් කන්නෙ නැතිව "ජොයින්ට්" පවා අරගෙන තියනව. කොන්ඩම් කියන්නෙ ඊටත් එහා දෙයක්ද?
Deleteවෙන්නැති බං කව්ද දන්නේ..
Deleteඅපේ රටේ එවුන් සභ්‍ය වගේ පෙන්නන්න හැදුවට හිත අමු වල්. උන් හිතන්නේ ගෙදර වයිෆ් එක්ක ඉන්න කොන්ඩම් පාවිච්චි කරන්නේ නෑ කියලා. කොටින්ම මේක උපත් පාලන උපාංගයක් වෙනුවට, ඒඩ්ස් වලක්වා ගන්න පලිහක් කියලයි හිතන්නේ.
Deleteවැඩිය ඕන්නැ සමහරක් පාමසිවල ඉන්න කෙල්ලොත් ඇඹරෙනවනේ කොන්ඩම් ඉල්ලපුවහම
Deleteමුල්කාලේ කොන්ඩම් මාකට් කරේ උපත් පාලනයට වඩා ලිංගික රෝග වලක්වාගැනිම ඉස්සරහට දාලා ඒක මිනිස්සුන්ගේ හිත්වලට කිදා බැහැලා , පරම්පරාවෙන් පරම්පරාවට යනවද කොහෙද.
හැබැයි ඔය ගතිය තියෙන්නේ සමාජයේ එක පන්තියක් අතරෙ විතරයි , දවසක් කාර් එක එක කඩයක් ඉස්සරහ නවත්තපු වයස විසි ගානක විතර තරුන නෝනා කෙනෙක් කඩයට පාරෙන් එහා පැත්තේ තියන පාමසියට ගිහින් රෆ් රයිඩර් (ගැටිති සහිත)කොන්ඩම් පැකට් කිහිපයක් විනිවිද පේන බෑග් එකක දාගන කාර් එක නවත්තපු කඩයෙන් බඩුත් අරගන , කැෂියර් එක උඩින් බඩු බෑග් එකත් එක්ක කොන්ඩම් ටිකත් තියලා , පර්ස් එක ඇරලා සල්ලි ගෙවලා කඩේ මුදලාලි එක්ක කතා කරකර ඉන්නවා මම දැකලා තියනවා .
//මුල්කාලේ කොන්ඩම් මාකට් කරේ උපත් පාලනයට වඩා ලිංගික රෝග වලක්වාගැනිම ඉස්සරහට දාලා ඒක මිනිස්සුන්ගේ හිත්වලට කිදා බැහැලා , පරම්පරාවෙන් පරම්පරාවට යනවද කොහෙද//
Deleteහරියට හරි ඒක තමයි අවුල. කොන්ඩම් ගත්තොත් බඩුකාරයෙක්!
හෙ හෙ..ඇත්තටම ඕක කාසී දාලා ගන්න පුලුවන් විදිහට හදලා තිබ්බ නම් ඒයටත් ලේසියී අපටත් ලේසීයි...වැඩෙත් වැඩි වැඩියෙන් කරන්න පුලුවන්
ReplyDeleteඒක ඇත්ත. පිංතූරෙ බැලුවද? ඒ වගේ එකක් උනොත් කොහොමද?
Deleteකට්ටිය පිලි ගනීද මන්දා, තණමල්විල කොන්ඩම් මැෂිමක් තිබ්බා 2002-2003 වගේ කාලේ. විකුණන කඩේ එකා ෆොන්සේකා කෙනෙක්. දවසක් එස්.ටී.එෆ් වාහනයක් නතර කරලා බඩු එන්නේ නැති වුනාම මැෂින් එකට ගහලා. ඒකාට එක බලා ඉඳලා චූන් වෙලා කියනවා
Delete"තදියම .... එනකන් වත් ඉන්නේ නැතිව, මැෂින් එක කඩන්න හදනවා" කියලා.
//තණමල්විල කොන්ඩම් මැෂිමක් තිබ්බා 2002-2003?//
Deleteඅහන්නත් සතුටුයි. සමහර විට ඇත්ත වෙන්නැති. තනමල්විල ලෝකෙටම වැඩිය ඉස්සරහින් ඉන්නව සමහර වෙලාවට
සුදීක අයියාගෙ කතාවෙ අන්තිමට ෆොන්සේකා දෙබස කියන හැටි මැවිලා පෙනුනා + ඇහුනා :D
Delete"ප්රාග්ධනයේ ප්‍රසාරණයත් සමඟ දශකයක් දෙකක් තුල දිවයින පුරා ව්‍යාප්ත වූ "සුපිරි වෙළඳසල්" යනු නූතනත්වයේ සංකේතයකි." ඒ වුනාට රාජ් ඒවායේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ ගොඩක් අධි ග්‍රාමීය පරිසරවලින් පැමිණියවුන්, මේ සුපිරි වෙළඳසල් වල ආරම්භයත් එදා ඇඟලුම් කම්හල වල ආරම්භයට සමානයි. ඉතින් එවන් තැනක සිටින්නා වූ ගැමි යුවතියකට කොන්ඩම් ගැන කතා කිරීම තබා නම ඇසීමත් මහා පාපයක් ලෙස සිතීම අරුමයක් නොවෙයි.
ReplyDeleteසුපර් මාකට් මොකක්ද බන්.. අන්තර්ජාලේ වැඩි පුර ඉන්නෙත් ගල් වැද්දෝ නේ.. බලාපන්කෝ බුකියට එබිලා... විලි ලැජ්ජාවේ බඩ යනවා...
Deleteඅනේ බං කොන්ඩම් එකට ඔච්චර ලැජ්ජ වෙනව නං කොහොමද ඔතන රස්සාව කරන්නෙ.
Deleteඔව් බං, එත් එතන රස්සාව කරන්නේ කැමැත්තෙන්ද කියලා කවුද දන්නේ, අපේ පැත්තෙන් උඹ කියන එක හරි, එත් ඒ කෙල්ලෝ හැදුනු වැදුණු පරිසරයත් එක්ක , මේක උන්ට "පුදුම ලෝකයක්"
Deleteහැදිච්ච වැදගත් කෙල්ලෙකුට ඉන්න නෑ මේ කොන්ඩම් කාරයෝ එක්ක.. අනික මක්කටෙයි කොන්ඩම් පාවිච්චි කොරන්නේ. වල් කමේ යනවැයි.. වෙන මෙතඩ් ඕන තරම් තියෙන්නේ..
Delete"වෙන මෙතඩ්" අවුල් ලොක්කා....
Deleteසුපිරි වෙළඳසැල් උනාට ඕවයෙ වැඩ කරන කට්ටිය සුපිරි නෑනෙ ඒකයි හේතුව.
ReplyDeleteහ්ම්. ඒක තමයි.
Deleteහරි, මම ඔයා කියනවා වගේ එහා පැත්තේ එළවලු විකුණනවා කියමු. එතකොට ඔයා ඇවිත් මගෙන් අහනවා වම්බටු තියෙන්නේ මෙව්වා විතරද? දිග එව්වා නැද්ද? කියලා. නිකම් යන්න අනේ යන්න. ඔයා හරී......නරකයි. හරි.....වල්.
ReplyDeleteමීට
අර ගෑනු ළමයා.
හෙහ් හෙහ් හෙහ්.... එහෙම වෙන්නත් පුළුවන්.
Deleteඑතකොට කෙල්ලව දානව නානගේ කඩේ රෙදි මනින්න
Delete+++++++++++++++++++
Deleteඑහෙම කරලවත් රාජ්ගෙන් ගැලවෙන්ඩ බැහැ. රාජ් ගිහින් ඒ කෙල්ලට කියනවා (කෙල්ලගේ පැත්තට ඇඟිල්ල දික්කරලා) නංගි ඔන්න ඔය රෙද්ද පොඩ්ඩක් උස්සලා පෙන්නන්ඩ කියලා.
Deleteඋත්තර දීල විචාරකගෙන් ගැලවෙන්න බෑනේ. හරි මම කියනව කෙල්ලට "රස්සාව නොකර ගෙදර ඉන්න" කියල. එතකොට මොකද කියන්නෙ? :-)
Deleteමචන් ලන්කාවෙ තාම ලින්ගිකත්වය ගැන ඔපන්ල්ය් කතාකරන්නෙ නෑ නෙ.ඉතින් ඔය කියන එවත් මිනිස්සු දාල තියෙන්නෙ එ ගනයට.මමනම් වයිෆ්ට පැඩ් පැකට් එකක් ගන්න ගියත් යන්නෙ පිරිමියෙක් ඉන්න ෆාමසියකට.මෙක හරි කියල කියනව නෙමෙ.මගෙ පහසුවට.
ReplyDeleteඑහෙමද? දුක තමයි.
Deleteමම හිතන්නේ ඔවා (කොන්ඩම්/පෑඩ්) නීති විරොඩි දෙවල් වෙන්න ඈති.එකනේ විකුනන්න අකමති.
ReplyDeleteපෑඩ් කියුවහම මට මකත් උනා බං පරන සීන් එකක්
Deleteලියපං බලන්න ටෙස් කර කර ඉන්නෙ නැතිව.
Deleteඋඹ ඒ කෙල්ලට දුන්න උත්තරේනම් මරු....:) ....
ReplyDeleteවෙන මොනව කියන්නද බං.
Deleteසෙක්ස් ටොයිස් එහෙමත් ලංකාවේ තහනම්ලුනේ
ReplyDeleteහපොයි! උඹ මගේ අඩවියත් තහනං කරවන්න හදන්නෙ ඒ ගැන කියල.
Deleteඑහෙනං ඔය පොලේ වම්බටු විකුණන්නේ
Deleteලංකාවේ සමාජ ක්‍රමෙත් එක්ක ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා
ReplyDeleteඇත්ත
Deleteකෑම බීම වගේම ලිංගිකත්වයත් මනුෂ්‍යයාට අවශ්‍ය කරන දෙයක් බව අපේ රටේ ඉන්න අය තේරුම් ගන්නතුරු මෙවැනි දේවල් සිද්දවෙන එක වලක්වන්න බැහැ.
ReplyDeleteතාමත් අපේ අය පූර්ව ගල් යුගයේ හෝ වික්ටෝරියානු සංස්කෘතිය කරතබාගෙන ඉන්න අයයි.
එකෙන්ම.
Deleteතව එකක් අහන්න අමතක වුනා,උඹට එක සැරේ කොන්ඩම් තොගයක් ඕනෑකලේ කොටුවක් පනින්නත් එක්කම නේද,මට නං ඔය වැඩේ අප්සැට් බං හරියට කොලේ පිටින් චොකලට් කනවා වගේනෙ.
Deleteකොටු පනින්න නං කොන්ඩම් මොකටද! ඇන්න පැන්න ඉවරයිනේ. ඒ වගේද ඇම්ඩන්ල ආවොත්?
Deleteමම හිතන්නෙ ෆාමසි වලට දාන්න ඕන කොල්ලො.. මොකද එතකොට අපිට උනත් ලැජ්ජවක් නැතුව ගිහිල්ල ඉල්ලන්න පුලුවන්නෙ.. නැත්තම් අපිටත් ටිකක් ඇබරෙන්න වෙනවනෙ... නේද.....???
ReplyDeleteඅදහස හොඳයි. මම කියන මෙතන ඉන්නව තුන්දෙනෙක් විතර(කොල්ලෙකුත් ඇතුළුව). හැබැයි සමහර වෙලාවට එක්කෙනයි ඉන්නෙ.
Deleteගාලු කොල්ලා, එතකොට කෙල්ලෙක් ගිහින් පෑඩ්ස් පැකට් එකක් ඉල්ලනකොට ඔය සිද්දියම ප්ලේ බෑක් වෙනවා. ඇත්තෙන්ම කෙල්ලො කැමති කෙල්ලෝ වැඩකරන ෆාමසියකින් ඕකක් ගන්න. මොකද අර W පුතාලා ඒකෙන් චිත්තරූප මවාගන්න හැටි මූනෙන් පෙන්නනවනේ.
Deletew පුතාල කියන්නේ කාටද
Deleteඅටං
Deleteඋඹ බබා!
මට ඒ මොහොතට හිතිලා අමතක වෙලා ගිය සිතුවිල්ලක් උකුස්සා ලස්සනට මතු කරලා තියෙනවා
ReplyDelete>>හරියටම කිවහොත් කතන්දර ලිපියේ උකුස්සා සඳහන් කල පරිදි ඇගේ හැසිරීම "මා කොන්ඩම් මිලදී ගත්තේ ඇය සමග ලිංගික කාර්යය සඳහාය" යන්න සිතා සිටින අයුරිනි.<<
උඹ ඔය කොන්ඩම් ගන්න ගියේ, අර මෑතකදි කොන්ඩම් බෙදාහැරලා අත් අඩංගුවට අරං රක්ෂිත බන්ධනාගත කරපු රජයේ නොවන සංවිධාන ක්‍රියාකාරිනියගේ සිද්ධිය පත්තරේ ගියාට පස්සෙද?
අර උඩ කාටූන් එකේ වෙච්ච සිද්දිය වුනොත් නං ඕනෙ නෑ බං.
කාලය මතක නෑ බං. වැඩිදවසක් නෑ. කකාගෙ ලිපියට පසු!
Deleteඋඹේ මේල්ලුව එවපං. පොඩි වැඩකට, raj_wvp@yahoo.com
අපොයි ඔය සමහර හිච්චි කෙල්ලෝ ඉන්න ෆාමසි වලින් බඩු ගන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා බං, ඔතන වැරැද්ද තියෙන්නේ උන් තමන්ගේ රස්සාව ගැන අවබෝදයක් නැති කම..,අනෙක් ඒක සමහර බඩු ඉල්ලපුවම සමහර උන් මුණ දිහා බලන්නේ අමුතු විදියට හරියට අපි උන්ට අහවල් දෙයක් කරන්න හැදුවා වගේ .. එතකොට ඉතින් ආයේ ඒ ෆාමසියට යන්න හිතෙන්නෙත් නැහැ ..තමාත් ලංකාවේ ගොඩක් දේවල් මැජික් වගේ තමයි ...,
ReplyDeleteඇයි ඉතිං මේ කොම්පැනි වල උදවියට පොඩි ට්‍රේනින් එකක් දීල හදල ගන්න බැරිද?
Deleteට්‍රේනින් එකකට කලින් උන්ට බඩට කන්ඩ වැටුපක් බං ඕන
Deleteඋඹ කෙල්ලව අමාරුවෙ දාල ආතල් එකක් ගත්ත නේද???
ReplyDeleteසාමාන්‍යයෙන් ඔය ගැන විවෘතව කත කරන්නෙ නැති හින්ද කෙල්ල අප්සෙට් යන්න ඇති බං....
හැමෝම ඔලුවෙන් හිටගෙන ඇවිදින ලෝකෙක කකුල් වලින් ඇවිදින එකෙක් දැක්කම අරුන් හිතන්නෙ ඌ ඔලුවෙන් යනව කියලනෙ....
මම ඇහුවෙ තුනේ පැකට් විතරද තියෙන්නෙ ඊට ඩැඩිය තියන පැකට් නැද්ද කියල. ඕකට උත්තර දෙන්න අමුතු විවෘත භාවයක් ඕනද?
Deleteඉතින් අවුරුද්දටම තුනක් ඇති නේ....
Deleteඔව් හෝදලා,වේලලා,රෝල් කරලා ගත්තම..
Delete:D :D :D :D හම්මො මගෙ බඩ :D :D :D :D
Deleteසිංහල ජාතිය බේරා ගමු!
ReplyDeleteකොණ්ඩොම් තහනම් කරනු!
-බොදු බාල සෙන්නා සංවිධානය
අනේ අපේ සෙන්නත් මේ කොන්ඩම් වැඩේට සම්බන්ධද? අර කුරුන්ද ලියන එකා? ඌත් මේ කුරුඳු ලීයක් තලාගෙන ඉන්නේ නැතුව...
Deleteකොන්ඩම් වගයක් අත්අඩංගුවට අරගෙන තිබුන පහුගිය දවසක.
Delete@ Henry Blogwalker
Deleteටයිපින් මිස්ටේක් එකක් කියලද හිතුවේ? Hikiz!
බොදු බාල සෙනාව සෙක්සිස්ට් ද - Is Bodu Bala Senna, Sexist?
http://kathandara.blogspot.com/2013/07/kathandara-is-bodu-bala-senna-sexist.html
කකා,
Deleteදාහක් විතර පෝස්ටු වලට ලින්ක් දාන්න මතක තියාගන්නෙ කෙහොමද?
උකුස්සාගේ කමෙන්ට් එක එකෙන්ම ගති.. මාතලන්ට පහළින් නෝනා කියන කතාවත් සහතික ඇත්ත.. කොහොමත් කොන්ඩම් හොයන් එන්නේ වල් මිනිස්සු ..:P
ReplyDeleteඋඹත් කොන්ඩම් වලට අකමැතියි කියල කියනව මම දැක්ක කොහේදී හෝ.
Deleteමේ තියෙන්නේ තැන . බඳින්න කළින් විශ්වාසවන්තම ඔසුව කොන්ඩම්. බැන්දට පස්සේ කොන්ඩම් කියන්නේ දිවියෙන් ඈත් කල යුතු භාණ්ඩයක්. කොන්ඩම් එකක් පැළඳ බිරිඳ සමග සංවාසයේ යෙදෙද්දී දැනෙන්නේ පිටස්තර හැගීමක් රාජ්.. ඒ නමුත් මම දන්න විවාහකයන් ඉන්නවා උපත් පාලනය සඳහාම කොන්ඩම් යූස් කරන අය. ඔය පැත්තේ තත්වේ කොහොමද ..?
Delete"විශ්වාසවන්තකමේ" අවුලකට නෙවේ මචං, ඊට වඩා හොඳ-අතුරු ප්‍රතිපල නැති- ක්‍රමයක් නෑ නොවැ. පිටස්තර හැඟීමක් නං තියන බව ඇත්ත. මේ ගැන වෙනම ලිව්වනං හොඳයි කියල දැන් හිතෙනව.
Deleteකලින් ගන්න පෙති වලට කාන්තා පාර්ශවේ මහත් වෙනවලු. පස්සේ ගන්න පෙති වලින් අතුරැ අබාද එන්න පුළුවන්ලු (ෂුවර් නැති සීන් එකකුත් තියනවනේ. මට මතකයි ඇන්ඩගේ පොස්ට් එකක තිබ්බා ). ඉතින් එලියට ගන්න බලාගෙන වැඩේ කරනවට වඩා පිටස්තර හැඟීමෙන් හරි නිදහසේ වැඩේ කරන එක සුදුසුයි කියන එකයි මගේ නම් මතය. :)
Deleteමහත්වෙන කේස් එක තමයි අවුල.
Delete\\\\ඉතින් එලියට ගන්න බලාගෙන වැඩේ කරනවට වඩා\\\\
Deleteඅපෝ මේක අන්තිම භයානකයි.. ශිෂ්ණය අග රැඳී එක් ශුක්‍රාණුවක් ඇති හොඳටම ගැබ් ගැනීමක් සඳහා ..
\\\\වඩා පිටස්තර හැඟීමෙන් හරි නිදහසේ වැඩේ කරන එක සුදුසුයි කියන එකයි මගේ නම් මතය.\\\\
ඔව් වෙන ඔප්ෂන් එකක් නැහැ..:(
(ආහ්හ් අමතක උනා! ඔප්ෂන් එකක් තියෙනවා .. පොඩ්ඩක් පිටිපස්සට ආවනම් කනට කරලා කියන්න.. මෙහෙම එළිපිට කියන එක හරි නැහැ )
ලංකාවෙ ගොඩ දෙනෙක් තමන් විකුණන දේවල් ගැන කිසි අවබෝධයක් නැ කියලනම් පේනව ... ඔය වගේ මිළදී ගැනිමකදි නම් කොහොමත් මෙකියන අය ලග මොකද්දෝ අමුතු වයිරයක් තියනබවක් පේනව පාරිබෝගිකයො එක්ක .
ReplyDeleteමොනා උනත් උබ අන්තිමට කිව්ව දේ කියන්න ඕනම දෙයක් එළ
එහෙම ඉතින් වෛර බැඳගන්න ඕනය.. අපි හිත හොඳ මිනිස්සු නේ.. රාජ් උනත් එහෙමයි මයෙ හිතේ...
Deleteඒකත් හැබෑව
Deleteමං වගේ එකවර ලොකු පෙට්ටියක් ගිහින් තියා ගනින්කෝ හදිස්සියට ගන්න. අයි බං ඉන්ජෙක්සන් එකක් ගහන්කෝ මාස 3 කට ඇති.
ReplyDeleteපෙට්ටියෙ තියෙන්නෙත් අරවගේ තුනේ පැකට් තමයි.
Deleteහරි ලිංගික අධ්‍යපනයක් නැති එකත් මේකට එක හේතුවක්.
ReplyDeleteඅධ්යායාපනයටත් වැඩිය මේක සංස්කෘතික කේස් එකක්. මොකද ෆාමසිස්ට් කෙනෙකු මේව නොදන්නව වෙන්න බෑනේ
Deleteඅයියෝ රාජ්, අහල නැද්ද 'ඔළුව මනමෙ - කඳ පැජරෝ' කියල කියමනක්?
ReplyDeleteපොඩ්ඩක් කියපන් බලන්න
Deleteඔලුව ජපන් කඳ ජර්මන් කියල නං අහල තියනව
Deleteඅම්මෝ කොන්ඩම් වලටවත් හොයා ගත්ත කෙනාට වත් නම් බනින්න එපා..... ඔකේ වටිනාකම් ... පුහ් ..... ඕක නොතිබුනානම් අද මොන ජීවිතයක්ද ගෙවන්න වෙන්නේ .........
ReplyDeleteඒකනේ.... අන්න වටිනකම දන්න මිනිස්සු. මැලේසියාවෙ නේද ඉන්නෙ?
Deleteලංකාවේ ලිංගික අධ්‍යාපනයට තැනක් නැති කමයි, මේ දේවල් මැජික් බවට පත් කරලා තියෙන එකයි තමා හේතුව.
ReplyDeleteහරි. ඕක නැතිවෙන එකක් නෑ කාලෙකට
Deleteමෙහෙමයි රාජ්,කොන්ඩම් කියන දේ ගෙදර ප්‍රයෝජනයට ගන්නවනම් ගොඩක් දුරට දවසකට එකක් වගේ තමයි ගන්නෙ.
ReplyDeleteපාරේ යන කෑල්ලක් ඉස්සුවොත් පැය 2 ට කොපු 2ක් යූස් කරයි.
ලෝකෙ ඕව කොහෙවත් දුසිම් ගණන් අහුරපු පෙට්ටි ගහන්නෙ නැහැ.
ලෙහෙසියට පහසුවට ගෙන යා හැකි විදියට,අත්ල දෙකට තියල තද කෙරුවම වොලට් එකේ හරි දාගෙන යන්න හැකි ලෙසට.
වෙන රට වල නම් මුදල් ගෙවන කවුන්ටරය අසල චුවින්ගම්,චොකලට් වගේ තමන්ටම තෝරා ගත හැකි ලෙසට තබා තිබෙනව.
අනිත් කරුන ෆාමසියක සිටිය යුත්තේ දැනුවත් කෙනෙක් නේද
ලෝකෙ ඕව කොහෙවත් දුසිම් ගණන් අහුරපු පෙට්ටි ගහන්නෙ නැහැ.//
Deleteෂුවර්ද? මම දැකල තියනවනේ.
මේ ලංකාව! කොටු ගජ රාමෙට පනින... ළමා විවාහ වැඩි.. දූෂණ වැඩි.. ඒත් ලිංගිකත්වය ගැන අඩුවෙන්ම විවෘතව කතා කරන රට!
ReplyDeleteහ්ම්. ධර්මද්වීපය
DeleteMEETA PASSE CONDOM GANNAKOTA FEMALES NATHI THANAKATA YANNA.
ReplyDeleteඅංකල්ගෙ උපදෙස් පිලිපදිනව.
Deleteමම දවසක් ෆාමසියකට ගිහින් පිරිම එකා ෆ්‍රී වෙනකන් හිටියා, අර කෙල්ල පව් නිසා. මේකි ඇවිත් වද කළා මොනවද ඕනේ කියලා. මම කොන්ඩම් කිව්වම අතුරුදහන් වෙච්ච පාර, මම අරගෙන යනකම්වත් එලියට ආවේ නෑ.
ReplyDeleteඅන්න ඒකනෙ අවුල
Deleteහයියෝ කොන්ඩම්.....
ReplyDelete:-(
Deleteපෑඩ්ස් පැකට් ඕක තමා මරු සින් එක අපේ බාප්පාගේ කඩේ ඉන්න කාලේ මට වයස 16 ක් විතර. කෙල්ලෝ ඇවිත් මගෙන් තමා ඕවා ඉල්ලන්නේ ඒ දවස් වල මටත් ටිකක් අවුල් පස්සේ ඕක ඇරිලා ගියා කෙල්ලෝ ඉල්ලන්නේ මල්ලි මට අරෙන් එකක් දෙන්න කියලා ඇගිල්ල දික් කරලා. තව සින් එකක් අපේ කඩෙන් ලස්සන අක්කා කෙනෙක් කොන්ඩම් අරන් ගිහින් තියනවා මගෙන් තමා ඉල්ලා ගත්තේ
ReplyDeleteඅන්න වැදගත් වෙළඳ සහයකයො
Deleteමාතලන් 9.00 a m කොමෙන්ට් එක 100% ඈත්ත
ReplyDeleteමසුරං කතාව.
Deleteදැන් හොයපන්කෝ 9 am කමෙන්ට් එක..
Deletepatta patta
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteපටු මානසිකත්ව බං..
ReplyDeleteමේ වගේම ෆාමසි වලට එන කොල්ලෝ ෆාමසි වල කෙල්ලන්ව මඩවන සීන් එකක් යනවා. ෆුඩ් සිටියෙ වුණත්, ඒක නිසා හෙම්බත් වෙච්ච එකියක්ද මන්දා..
මං හිතන්නෙ නෑ. මම සාමාන්‍යයෙන් හොඳ භාෂකයෙක්.
Deleteහොඳම වැඩේ තමයි ඔය උදා තියන ජාතියේ මැෂින් හයි කරන එක. ගානත් අඩුයි. වැඩෙත් ලේසියි. අපිටත් කුණු හබ්බ මතක් නොවී වැඩේ කරගන්න පුළුවන්. කොහෙද ඉතින් අපේ W පුතාලා එක්ක බෑනේ. හයි කරපු මැෂින් ටිකත් කැඩුවනේ ජාතිය වඳ වෙනව කියල. රෙද්ද.....
ReplyDeleteඅපිට මැෂින් ලැබේවා කියල පතමු!
Deleteහපොයි මේ පිරිමින්ට තියෙන ප්‍රශ්න...:D:D
ReplyDeleteඅපි මේවා ප්‍රශ්නයක් කරගත්තේ නැත්තම් ගෑනුන්ට තමයි ලොකුම ප්‍රශ්නේ එන්නේ. :D
Delete"හපොයි මේ (ගෑනු හිංද) පිරිමින්ට තියෙන ප්‍රශ්න" යනුවෙන් නිවැරදි වියයුතුය.
DeleteOka dammama nikan oluwata bag 1k dagena nanawa wage kiyala mama ahala theenawa... :D
ReplyDeleteඒ වගේද එකෙක් බඩට ආවොත්
Deleteමේකයි.. රාජ්ගෙ මූන අහිංසක පාට උනාට ඕක අහන වෙලාවෙ බොඩි ලැංවේජ් එක වෙනස් වෙන්න ඇති.. ඔවුව කෙල්ලන්ට හොඳට පෙනෙනවානෙ.. අනික රාජ් පැකට් එක පෙන්නල ඇහුවයි කියල ඒ කෙල්ල කියන්නෙ"මීට වැඩිය ලොකු එවුව නැද්ද" කියලලු.. ඇත්තනේ.. ඒක කොහොමද ඒ අහිංසක කෙල්ලදන්නෙ. ? චී චී..
ReplyDeleteඔන්න මඩ ගහනව. මීට පස්සෙ බොඩිලැන්වේජ් එක වෙනස් කරල ඉල්ලන්න ඕන
Delete@ සරත් ++++++++++++++++
Deleteකොන්ඩමයට ඇති ඉල්ලුම පේනවා නේද රාජ්...දැන් රස කළ කොන්ඩම් වර්ගත් තියනවා. කෙල්ලෝ රැව්වට කමක් නෑ ඔයා අනිත් දවසෙත් ගිහින් එයාගෙන්ම ඉල්ලන්න.
ReplyDeleteඇත්ත.
Deleteකකාගෙ බ්ලොග් එකේ ඇනෝ කිව්ව නිසා ආවෙ.... කොහෙන් ආවත් හිට් එකක්නෙ නේද බන්....
ReplyDeleteඔහේට තේරුනා
Deleteඋඹලගෙන් පස්සේ පරම්පරාවෙ එවුන්ට නම් ඔය ප්‍රශ්ණේ එන එකක් නැහැ. අඩුම ගානේ ඒ වෙනකොට වත් තේරුම් ගනීවී කොන්ඩම් කියන්නේ ජුන්ඩාට දාන කවරයක් මිස පිස්තෝලෙකට දාන උන්ඩයක් නෙමේ කියලා.
ReplyDeleteඒ වෙද්දි හරියයි කියල මටත් හිතෙනව අරූ
Deletehttp://www.lankagossipgirl.com/2013/09/blog-post_12.html
ReplyDeleteමම දවසක් නුගේගොඩ ක්ලාස් යන කාලෙ හදිසි අවශ්‍යතාවකට සනීපාරක්ෂක තුවා පැකට් එකක් ගන්ට ගිහිනුත් ඔය වාගෙ සීන් එකක් වුනා නෙව. මං ගිය ෆාමසියෙ හිටියෙ කොල්ලො දෙන්නෙකුයි, වයසක මුදලාලියෙකුයි. පෑඩ්ස් පැකට් එකක් ඉල්ලුවාම මුලින්ම පොර දුන්නා මට හෝර්ලික්ස් සැශේ පැකට් එකක්. (කෝටෙක්ස් කියලා ඉල්ලපු නිසා වෙන්ටෑ.) නෑ නෑ පෑඩ්ස් කිවුවම මූ කියපි පිටි ජාති තියෙන්නෙ මෙවුවා විතරයි කියලා. ඒ ගමන වෙළඳ නාමයක් කියලා රාක්කෙට ඇඟිල්ල දික් කරලාම ඉල්ලුවා එතකොට දුන්නෙ නැතැයි පොඩි උන්ගෙ ඩයපර් පැකට් එකක්. මම උන්ට ඕන කුදයක් ගහගන්ට කියලා එන්න ආවා.
ReplyDelete(මේක නම් එදා මුදලාලිට වයර් මාරු වීමක් නිසා වුන දෙයක් වෙන්ට ඕනෙ.)