පොලීසිය කිව්වම අපේ මතකයට එන්නෙ එච්චර හොඳ හැඟීමක් නෙවේ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පොලීසිය විතරක් නෙවේ කාකි සූට්, අනන්‍ය නිල ඇඳුම් ඇඳගත්ත බොහොමයක්දෙනා අපකීර්තිමත් උදවිය. කවුරුහරි මගෙන් ඇහුවොත් මම අකමැති මිනිස්සු කැටගරි කියන්න කියල මම කියන්නෙ මෙන්න මේ උදවිය.
♦ දේශපාලකයන්-නිල ඇඳුමක් නැතත් ජාතික ඇඳුම නිල ඇඳුම කරගත්ත කොට්ඨාසයක්.
♦ පොලිසිය-නිල ඇඳුමක් තියනව.
♦ භික්ෂූන්-නිල ඇඳුමක් තියනව.
මේ කොට්ඨාස තුනේම හොඳ අයට වඩා නරක අය වැඩියි කියලයි මගේ හැඟීම. ඒ නිසා පොදුවේ "නරක" ගොඩට දැම්මට අවුලක් නෑ. ඒ වගේම මේ උදවියගෙ පොදු ලක්ෂණය තමයි තමන් වැඩි වැඩියෙන් වැරදි කරන ගමන් රට හදන්න උත්සාහ කරන උදවිය වීම. හරි ඒ ගැන ඔය මදැයි. මේ කියන්න යන්නෙ පොලිසියෙ ඇත්ත මහත්තයෙකුගෙ කතාවක්
මේ සීන්එක මම දැක්කෙ සිරසෙ නිව්ස් වල. අහම්බෙන් බලපු නිසා කවුද කොහේද විස්තර මිස්වුනා. ඔන්න එක ගමක ගෑනු මිනිස්සු පාරක් වහගෙන උද්ඝෝෂණයක්. හේතුව තමයි ගමේ පාර හැදීම අවුරුදු ගානක් පරක්කු වීම. පාර හදන්න පටන් ගත්ත කොන්ත්‍රාත්කාරය පාරට ඒබීසී විතරක් දාල සෑහෙන කලක් ගිහිල්ල. ඒබීසී ගැන ඔහේල දන්නව ඇතිනේ. මම දන්න තරමින් මේක මෑතක ආපු තාක්ෂණයක්. මැවිසුරුවෙක් වෙච්ච අපේ කතන්දරකාරය මේව ගැන දන්නව ඇති. ඒබීසී කියන්නෙ කැටගල්, ගල්කුඩු, වැලි මිශ්‍රණයක් දන්න තරමින්. මේකට අපේ පැතිවල කියනව "නාමල් කාපට්" එක කියලත්. නාමල් රාජපක්ෂ මහත්තයද දන්නෑ තාක්ෂණය ගෙනාවෙ. කොහොම උනත් මේ කාපට් එක පාරට දාල ඊට උඩින් වතුර දාල රෝලෙන් තලල ගත්තම මාසයක් විතර නියමෙට තියනව. හැබැයි ඊට පස්සෙ ස්ථිර කාපට් එක දාල වැඩේ අවසන් කලේ නැත්තං ටික ටික ගල් ගැලවිලා පයින්වත් යන්න බැරි තත්තෙකට පත් වෙනව. මම කියන ගමටත් උදාවෙලා තිබුනෙ මේ තත්වෙ. ඔන්න දැන් මිනිස්සු පාර වැහුව කියමුකෝ.
සාමාන්‍යයෙන් ඊලඟට සිදුවෙන්නෙ පොලිසිය-හමුදාව ඇවිල්ල මිනිස්සු විසිරුවාහැරීමනේ. මෙතනටත් ආව පොලිසිය. මම හිතන විදියට කතා නායකය ඕඅයිසී වෙන්න ඕන. එයා මිනිස්සුන්ගෙ කතාව අහල ඒක පිලි අරගෙන තමුන්ට කරන්න පුළුවන් දේ කරනව කියල මිනිස්සු විසිරුවාහැරිය. ඊට පස්සෙ මාර්ග සංවර්ධන අධිකාරියත් කොන්ත්‍රාත්කරුවත් වග උත්තරකරුවන් කරල නඩු දැම්ම. ඊටත් පස්සෙ තමයි හොඳම සිද්ධිය. ඔන්න නඩු දැම්මම කොන්ත්‍රාත්කාරය හදන්න බැරි පාර හදන්න පටන් අරගත්ත. ඒ අතරෙ මාර්ග සංවර්ධන අධිකාරිය පොලීසියට දන්වනව පාරෙ වැඩ ආරම්භ කර ඇති නිසා නඩුව අස්කරගන්න කියල. පොලිස් මහත්තයගෙ උත්තරේ තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියෙව්වෙ.
එයා කියනව නඩුව ඉවත්කරගන්න නං බෑ, හැබැයි නඩුවට උසාවි ගියාම ඒ වෙනකොට පාරෙ වැඩවල ප්‍රගතිය උසාවියට කියන්නං කියල.
අන්න මිනිස්සු! තමුන්ට ඉහලින් නියෝග දෙන්න සහ පහලින් නියෝග ක්‍රියාත්මක කරන්න කොච්චර පොල්බූරුවන් හිටියත් මේවගේ හොඳ තීරණ ගන්න මිනිස්සුත් ඉන්නව.
Thursday, September 12, 2013
මෙන්න පොලිසියෙ මහත්තයෙක්.
Subscribe to:
Post Comments (Atom)
මට මතකයි ඔය ටික දවසකට කලින් වෙච්චි සිද්ධියක් නේද. දිවයිනේ කතු වැකියක් පවා ගියාද කොහේද. මිනිහා කොන්රත්රාත්කාරයට කතා කරල එහාට මෙහාට හැම තැනටම කතා කරල අන්තිමට කිව්වා දැක්ක නේ කාටවත් කියල වැඩක් නැහැ කියලා..
ReplyDeleteඔව්. මට විස්තරයක් හොයාගන්න බැරිවුනා.
Deleteමහත්හොරෙක් නොවන නියම මහත්මයෙක්
ReplyDeleteඒකනෙ ලිව්වෙ!
DeleteA.B.C. - Aggrigate Base Course (ඇග්රීගේට් බේස් කෝස්) කියලා හඳුන්වන්නේ පාරවල් ඇතිරීමේදී (subgrade)එකට උඩින් යොදන විවිධ ප්‍රමාණයේ කළුගල් (2" ප්‍රමාණයේ සිට ගල්කුඩු දක්වා)හා ගල් කුඩු මිශ්‍රණයක්. මේක යොදලා වතුර යොදලා රෝල් කරාම බොහොම ශක්තිමත් මතුපිටක් ඇතිවෙනවා ,නමුත් දිගින් දිගටම ස්වභාවික කාලගුණ විපර්යාස වලට ගොදුරු වෙනකොට මේක ගැලවෙන්න පටන් ගන්නවා. අඩුම ගානේ කාපට් එක ලෙස හඳුන්වන (wearing course)ලේයරය යෙදීමට පෙර යොදන (binder course - දැනටත් කාපට් පාරවල් ලෙස හැඳින්වෙන බොහොමයක කාපට් ලේයරය නැත {එනම් wearing course එක} මන්ද එය තරමක් මිලෙන් අධිකය - එනිසා ප්‍රධාන මාර්ග වල හැරුණු කොට බොහොමයක් මාර්ග වල ඇත්තේ Binder course එකයි)ලේයරය වත් යෙදුවානම් තරමක් කල් පවතී .
ReplyDeleteසැලුට් කල යුතු පොලිස් නිලදරුවෙක්.
අන්න මම බලාපොරොත්තු වූ පැහැදිලි කිරීම. ස්තුතියි ඉවාන්. මේක මම දැක්කෙ මෑත කලයේ. කලින් තිබුනෙ ඔය මිල අධිකයි කියන wearing course එක සහ ලොකු කලුගල් යොදා ඊට උඩින් කැට ගල් දමා ඊටත් උඩින් වැලි-තාර ඇතිරීමේ ක්‍රමය.
Deleteවිස්තරේ වටිනවා ඉවාන්. තැන්කුයි
Deleteදේශක යා
Deleteබඩ ගිහිං ඉවරද?
ඉවරයි ඉවරයි. උඹල බලන්නවත් ආවේ නැනේ.. හැක්...
Deleteමෙච්චර හොඳ මිශ්රනයකට අර කොහේවත් යන වල් බල්ලෙක්ගෙ නමක් දැම්මේ මොකාද
Deleteඅපි නං දාන්නේ ඈශ්පෝල්ට් කොන්ක්‍රීට්!
Deletehhttp://en.wikipedia.org/wiki/Asphalt_concrete
+ඉවාන්,
Delete+++++++++++++++++++++++++++++
@ පවුලූශා......උඹේ අර පාලමට උඩින් යොදාගන්නෙත් ඔය තාක්ෂනයද?
Deleteපාලමටත් ඕකම දැම්මනං හඬයි නේද?
DeleteHatz Off....
ReplyDeleteඉක්මනට මාරුවීමක් නොලැබේවායි පතමි :)
එහෙම වෙන එකක් නෑ.
Deleteමාරු කරලා වැඩක් නෑ... ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙනවා... AGA ඔෆිස් වල ඉන්න ඔක්කොම එකවගේ...
DeleteAnonymousSeptember 12, 2013 at 2:39 PM
Deleteඔයාට සිංහල කියවන්න බැරිද?
රාජ් මරු උත්තරේ.. මට තාමත් හිනායි ඒකට...
Delete"නාමල් කාපට්"s everywhere..........
ReplyDeleteඑහෙමද! මම හිතුවෙ මෙහේ විතරයි කියල
Deleteකොන්ත්‍රාත් කාරයට ඇමතියෙක්ගෙ සපෝට් එක නැත්ද දන්නෑ.
ReplyDeleteඒව ඉතිං සාමාන්‍ය දේවල්නෙ බං. ඇමතියෙකුට සපෝට් නොකරන කොන්ත්රාත්කාරයො ඉන්නවද මේ රටේ?
Deleteවෙන රස්සාවක් හොයා ගන්න වෙයි.. හැබයි රත්තරන් මනුස්සයෙක්... මේ වගේ කොන්ද පණ තියෙන උන් නැති එක තමා කරුමේ...
ReplyDeleteඒක තමයි බං. මේ ක්‍රමේ ඇතුලෙත් මේ වගේ මිනිස්සු ඉන්නව
Deleteදේශපාලකයන්, පොලිසිය, භික්ෂූන් කියන්නේ සමාජයෙන්ම ගත්ත නියැදියක් සමාජයේ හොඳ සහ නරක මිනිසුන් ප්‍රතිෂතයම ඔය නියදියේත් ඉන්නවා.
ReplyDeleteනියැදි කතන්දරය ඇත්ත. නමුත් සමාජය ඇතුලෙන් එන නියැදි එක් එක් කැටගරි තුලට වැටුනම වෙනස් වෙනව. අර ගිරව් දෙන්න වගේ තමයි.
Deleteමමත් මේ news 1 දැක්කා.
ReplyDeleteහ්ම්ම්ම්....කාලෙකට පස්සෙ පොලිස් මහත්මයෙක් ගැන අහන්න ලැබුණෙ...
හැබැයි ඉක්මනින්ම තෑග්ගක් විදිහට මාරුවීමක් ලැබේවි...
බලමු මොකද වෙන්නෙ කියල
Delete// මේකට අපේ පැතිවල කියනව "නාමල් කාපට්" එක කියලත්. නාමල් රාජපක්ෂ මහත්තයද දන්නෑ තාක්ෂණය ගෙනාවෙ. කොහොම උනත් මේ කාපට් එක පාරට දාල ඊට උඩින් වතුර දාල රෝලෙන් තලල ගත්තම මාසයක් විතර නියමෙට තියනව. හැබැයි ඊට පස්සෙ ස්ථිර කාපට් එක දාල වැඩේ අවසන් කලේ නැත්තං ටික ටික ගල් ගැලවිලා පයින්වත් යන්න බැරි තත්තෙකට පත් වෙනව.//
ReplyDeleteනාමල්ලා හැමෝමත් එහෙමද දන්නේ නෑනේ. :D:D
මගේ කෑලි ටිකකුත් උපුටාගෙන හදපු වටිනා කමෙන්ටුවක්. ඔය පුද්ගලයන්ගෙ තත්වෙ ඔය කාපට්වල තත්වෙම තමයි.
Deleteඅන්න මිනිස්සු ඔය නිල ඇඳුම අස්සේ ඕන තරම් හොඳ මිනිස්සු ඉන්නවා ඒත් එලියට පෙන්නේ නැ හේතුව මේකයි. "පොලිස් කාරයෝ කියන්නේ අත පය බැඳලා පීනන්න දාපු ඒවුන් වගේ නොගිලී ඉන්න උන් ඕන දෙයක් කරනවා."
ReplyDeleteමෙතනින් බලතහැකි ඔය වගේ පොලිස් කාරයෙක් ගැන මම ලියපු එක.
පොලිස් නිලධාරින්ද මනුස්සයෝය ...
ReplyDeleteහොද නිලධාරින් අනන්තවත් ඉන්නවා .. මම දන්නා අයත් ඇතුළුව ...
කිසිම දේශපාලනයකට .. ජරාවකට ඒ අයව මිලදී ගන්න බැ ...
කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන මිනිස්සු ...
හැබැයි ඒ අයට පැවැත්මක් නැ .. එකයි මේ රටේ හැටි ...
ලොකු පොලිස් කාරයෝ, ලොකු ආමි කාරයෝ, හරියට තමන්ව රකින බව මෙන්ම තමන් ගන්න නිවැරදි පියවරකදී තමන්ට සහාය දෙනබව ස්ථිරනම්, පොඩි පොලිස් කාරයෝ සග පොඩි ආමි කාරයෝ ඉතා හොඳින් රාජකාරිය කරනවා.
ReplyDeleteහැබැයි නිමල් මරිසිපාලය නම් කියල තිබුන සිලි ලංකාවෙ දැන් හදන්න පාරවල් නැහැයි කියල.
ReplyDeleteමට නම් පොලීසිය අමු තිත්තයි. මගේ බයිසිකලේ උස්සපු වෙලාවේ අපිමයි හොරාගේ හෝඩුවා පස්සේ ගිහින් මිහිහව හොයාගත්තේ,බයිසිකලේ හංගපු ගෙදර හොයාගත්තෙත් අපි.ඔක්කොම පොලිස් වැඩ අපි කරලා ඉවර වෙලා (මුල්ම ඔත්තුව අම්මටයි ආවේ යාලුවෙක්ගෙ මාර්ගෙන්)පොලිසියට කිව්වම අහවල් පැමිණිල්ලට අදාළ බයිසිකලේ තියෙන්නේ අහවල් ලිපිනයේ,හොරා ඉන්නේ අහවල් ලිපිනයේ කියල,උන් දවස් දෙකක් ගත්ත අපි එක්ක ඒ ගෙදරට යන්න. උන්ට ත්‍රී වීලරුත් අරන් දෙන්න වුනේ අතින් කයිට් වෙලා.
ReplyDeleteකමක් නෑ,අගය කල යුතු දේ අගය කරන්න ඕනා. උතුම් නිලධාරියෙක්,නිළ ඇඳුමට යටින් ඉන්නෙත් අනිත් අය වගේම සාමාන්‍ය මනුස්සයෙක් කියල මතක තියන් ඉන්න කෙනෙක්. :)
සෑම වස්ත්‍රයක් ඇතුලෙම හෙලුවෙන් මිනිසෙකු ඇවිදියි, එය චීවරයට කියා වෙනසක් නැත.
Delete(හඳගමගේ සිනමාවක දෙබසක්)
ඉන්දරේ
ඕනෙම තැනක ලොක්කා හොඳ නම් පොඩ්ඩොන්ට නරක් වෙන්න ලේසි වෙන්නේ නෑ. කොහොම වුනත් මෙහෙම වැඩක් කලානම් මේ පොලිස් නිලධාරියට මගේ ප්‍රණාමය!
ReplyDeleteඉතින් ඊලඟ කඩයිම ප්‍රශ්ණය:
ඉතින් දේශපාලන බලපෑම් ආවේ නැද්ද.
ස්තුතියි.. ගල් ම බෙදන රටේ මල ක් බෙදුවට..
ReplyDeleteහොඳ පොලිස්කාරයෝ ඉන්නවාය කියන එක කොච්චර පුදම සහගත කරුණක්ද කියනවා නම්, කාලෙකට කලින් දෙනගම සිරිවර්ධන ඒ වගේ මනුස්සයෙක් ගැණ නවකතාවකුත් ලිව්වා "එක්තරා පොලිස්කාරයෙකුගේ කතාවක්" කියලා!
ReplyDeleteඑක නවකතාවක් උනත් එක ඇත්ත සිද්දිය කකා ...
Deleteගිලීමලේත් ඇත දත සුද්දෝ කියල කියමනක් තියනවනේ රාජ්..
ReplyDeleteඅහන්නත් පුදුමයි වගේම මෙහෙම නිලධාරීන් සිටීම ගැන සතුටුයි
ReplyDeleteප්‍රාර්ථනා කරන්න තියෙන්නේ එතුමාට වැඩි කලක් ඉන්න ලැබේවා කියල තමා. ඔය වගේ කෙනෙක් රතුපස්වලත් හිටියනම් අර ජිවිත ටික බෙරිලානේ....
ReplyDeleteඒ උනාට අද කාලෙ මැණික් යට ගිහින් ගොමරිටි නෙ මතුවෙන්නෙ. ඔය මනුස්සයා තාමත් එතන ඉන්නවාද කියලා මට සැකයි..
ReplyDeleteමට නම් මේ වගේ මහත්තුරු ගොඩාක් පොලෝසිය ඇතුලෙන් හමුවෙලා තියෙනවා...ඒ අයත් ඉහළින් එන පීඩනය දරා ගනිමින් හැම වෙලාවෙම සේවය කරන පිරිසක් බව මතක් කරන්ට ඕනෙ...
ReplyDeleteමෙහෙදීද ඔයාට ඔය පොලෝසියේ අය හම්බ උනේ?
Deleteනෑ බොල එහෙදි...මෙහෙ උන් හොදයි...වීසා තියෙන උන්ට...
Deleteමමනම් වැඩි හරියක් දැකල තියෙන්නෙ ජරා පොලිස් නිලධාරීන්... නමුත් අතලොස්සක් පමණ හොද, වැදගත් පොලිස් නිලධාරීන් දැක ඇත....
ReplyDeleteගරුකලයුතු මිනිසෙක්
ReplyDeleteරෙස්පට් මිනිහෙක්.... අයිම් සැලියුට් හිම්....
ReplyDeleteඑහෙන් මෙහෙන් ඉන්න හොඳ පොලිස් කාරයෝ අතලොස්සකගෙන් එකෙක්.
ReplyDeleteට්‍රිබියුට් කිව්වා කියන්න...
දැන් කාලේ මේ වගේ අය බොහොම අඩුයි. හැබැයි රජෝ මාරුවීම ටිකක් ප්‍රමාද උනත් උසස්වීම් නම් ඉතින් ෂුවර් නැහැ.
ReplyDeleteමෙවැනි අය නැතුව නොවේ.ඒ වැනි අයට මගෙත් උපහාරය රාජ්.
ReplyDeleteඑහෙම උදවියත් නැතිවම නෙවෙයි
ReplyDeleteමම පෞද්ගලිකව දන්න මේ වගේ තවත් පොලිස් මහත්මයෙක්, දැන් ලයිට් බිල් දේවි ගේ තර්ජන නිසා, විදේශයක දේශපාලන රැකවරණය ඉල්ලමින් ඉන්න බව ආරංචියි.
ReplyDeleteසියල්ලන්ටම,
ReplyDeleteස්තුතියි.
ඊලඟ පෝස්ටුවෙන්.