සමහර සිංදුවල තියන ගණිතමය කොටස් නං මරු! මම දන්න තරමින් මේවගේ සිංදු තුනක් තියනව.
එකක් තමයි නිහාල් නෙල්සන්ගෙ "කිරි අම්ම". ඒකෙ තියෙන්නෙ නිකංම වීජ ගණිතය,
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් කියලා....
බලනු තුන්සිය හැට පහ වැඩිකර තිස් පහ යොදලා.....
ගනන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා....
ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා....
සිංදුවක් විදියට වගේම ගණිතමය විදියටත් අන්තිම අසාර්ථක සිංදුවක් මේක. මොකද අවුරුදු තිස් පහක් හරක් මස් කෑමේ පාපය වැඩි කරල පෙන්නන්නද කොහේද ඒක තුන්සිය හැට පහෙන් වැඩි කරන්න කියනව. පුදුමයි මේක ලිව්ව හාදයට ආයෙත් තුනෙන් වැඩි කරන්න නොහිතුන එක. මොකද වේල් තුනම කනව කියල හිතුවොත්. අනිත් එක තමයි අධික අවුරුදු අත්හැරීම නිසා කොහොමත් මේ ගාන වැරදියි.
ඊට වඩා වැඩි ගැඹුරක් සහිත සිංදුවක් තමයි දයාරත්න රනතුංගගෙ "සමකෝණී ත්‍රිකෝණයකි" කියන සිංදුව. ඒක ජ්‍යාමිතිය සම්බන්ධ එකක්. මෙන්න සිංදුව.
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එකමුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුම්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා
ඔබමගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි
දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි
ඉතාම පරීක්ෂාකාරීව ගණිතමය විදියට බැලුවොත් මෙතන තියනව ලේස්බියන් කේස් එකකුත්. ජ්‍යාමිතියට වැඩිය කැපිල පේන්නෙ ඒක. මේ බලන්න,
ඔන්න බුවෙක් ඉන්නව. කෙල්ලො දෙන්නෙකුත් ඉන්නව. බුවා කෙල්ලො දෙන්නටම බොක්කෙන් ලව්! තුන්දෙනා ඉන්න විදිය මුල් කොටසින් කියනව. සාමාන්‍යයෙන් නං මේවගේ කේස් එකකදි ත්‍රිකෝනයක් හැදෙන්න බෑ කියල යන්තං ගණිතය ඉගනගත්ත පොල් බූරුවෙකුට උනත් තේරෙන්න ඕන. මොකද මේවගේ එකක අන්තිම ප්‍රතිපලය වෙන්නෙ සරළ රේඛාවක මැද්දෙන් බුවාත් බුවාගෙ දෙපැත්තෙන් සෘණ ආරෝපිත බුවීල දෙන්නත් සෙට් වීම කියල ඔහේලට තේරෙනවනේ. අනෙක ත්‍රිකෝණයක් හැදුන කියමුකො. ඒක සම ද්විපාද එකක් වෙන්න ඕන. මොකද බුවීලට බුවාගෙ කැමැත්ත සමානයි. ත්‍රිකෝනෙ සම කෝණ [නැත්තං සම පාද] වෙනව කියන්නෙ බුවාට තියන කැමැත්තට සමාන කැමැත්තක් බුවීල අතරත් තියනව කියන එකයි. කොහොමද වැඩේ! ඒ කියන්නෙ මෙතන ඉන්න බුවීල සමරුචියන්.
තුන්වැනි සිංදුව......... ආ ඒක මම කියන්නෙ නෑ. ඔහේලට පුළුවන් නං කියන්න. මේකත් ගණිතය සම්බන්ධ සිංදුවක්. පොඩ්ඩක් ලේසි කරන්නං සාපේක්ෂ චලිතය ගැන කියවෙන සිංදුවක්. සිංදුව මම මෙතන සුදු පාටින් දානව. කමෙන්ටුව දාල ඉවර වෙලා සිලෙක්ට් කරල බලන්න.
මං කිව්වෙ ඉස්සෙල්ල කමෙන්ටුව දාන්නෙ කියල නේද?
මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී.....
සමුගෙන ගොස් යලි හැරුනෙමි සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් සේ.....
ඔන්න කොල්ල කියනව මුදාහැරියට කෙල්ල ඉගිලුනේ නෑ කියල.
කෙල්ල කියනව ඉගිලිලා ගියා ඒත් හැරිල බැලුවම කොල්ල ඇවිල්ලලු.
සාපේක්ෂ චලිතය ගැන මීට වඩා හොඳීන් කියවෙන සිංදුවක් තියනවද?
Wednesday, September 25, 2013
ලේස්බියන් සිංදු, ගණිත සිංදු සමඟ මගේ අප්සට් ගී විචාර අංක දෙක.
Subscribe to:
Post Comments (Atom)
පළවෙනි එක නම් බැලු බැල්මටම ගණිතයනෙ.. දෙවනි එක නම් රාජ් සෑහෙන විශ්ලේෂණය කරල තියෙනව... අනුමත වෙලා හිටපු වෙලාවකවත්ද ඇහුවෙ.. ;)
ReplyDeleteනෑ නෑ හොඳ සිහියෙං බං
Deleteඅර සිංදුවෙ තියෙන විදියට හරක් මස් කෑවොත් කොහොමත් මිනිහෙක් ඉතුරු වෙන්නෙ නෑ.
ReplyDeleteනියම විශ්ලේෂනයක් නෙ.
හෙහ් හෙහ් හෙහ්...
Delete/* ඒ කයනන මතන ඉනන බල සමරයන.*/
ReplyDeleteඒ බූවීලා දෙන්නා ඇත්තටම bi-sexuals ලා!
යේස්. බයිසෙක්ෂුවල් නේන්නං. කකා ටැබාගෙන්ද බ්ලොග් බලන්නෙ?
Deleteකක්කාට හෙන හැපි.ඇයි මේකෙ සමලිංගික කතාවක් තියෙනවනෙ. කොල්ලො දෙන්නෙක්ගෙ සීන්ෙකක් තිබ්බනම් කක්කාගෙ පපුව පැලෙයි සතුට වැඩිකමට
Deleteඔහේගෙත් සතුට දෝරෙ ගලනව වගේ නේ?
Deleteසමකෝණී කේස් ඒක විග්රහ කරපු විදියනම් එළ!
ReplyDeleteතැන්කුයි
Deleteමටනම් ඔක්කොම අන්දර දෙමල වගේ උනා
ReplyDeleteඒ මොකෑ?
Deleteරාජ් උඹව ස්කෝලේ යන කාලේ සෙට් උනානම් මමත් උඩින්ම ගණන් ගොඩ බං
ReplyDeleteයකෝ අරෙහෙම හරක් මස් කන්න එක්කෝ ඌ මස් කඩේක වැඩ කරන්න ඕනි, නැත්තම් ලක්ෂපතියෙක් වෙන්නා ඕනි. ඇරත් අවුරුදු තිස් පහක් මොකාටද අප්පේ එක දිගට මස් කන්ඩ පුළුවන්.... අර සමකොනී එකේ එහෙම කතාවකුත් තියනවා නේන්නම්.
ReplyDeleteඒකනෙ කියන්නෙ.
Deleteඔය ටික අපි මෙහෙම හදමු
ReplyDelete//"සමද්වීපාදී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එකමුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුම්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා
ඔබමගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි
දෙන්නාටම මාත් හිතයි මේකේ පාද දෙකක් සමයි"//
අනික මෙහෙම
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් කියලා....X 3
බලනු තුන්සිය හැට පහ වැඩිකර තිස් පහ යොදලා..... X 3
ගනන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා....X 3
ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා.... X 3
අනික හිතලා එන්නං :D
උඩඑක නං හරියනව. අනිත්එකේ වැඩිකිරීම තුන ගායනා කරන්නෙ කොහොමද? :-)
Delete'අනිත්එකේ වැඩිකිරීම තුන ගායනා කරන්නෙ කොහොමද?'
Deleteඒ ටික රැප් කරන්න ඕන.
රැප් එකක් විදියට කිව්වහැකිනේ බං...ඔන්න බලහන් ..
Deleteකෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් කියලා....වැඩි තුන
බලනු තුන්සිය හැට පහ වැඩිකර තිස් පහ යොදලා..... වැඩි තුන
ගනන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා....වැඩි තුන
ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා.... වැඩි තුන
හැබැයි සිංදුව අහන අය වෙන අදහසක් ගත්තොත් ඒ උන්ට ගණන් බැරි කම ..හික් :D
තුන නැතිවෙන සීන් එක නේද?
Delete:D:D:D
Deleteයකුනේ.. ඔපිසිවල වැඩකරන ගමන් බ්ලොග් බලන අපි ගැනත් හිතලා කොමෙන්ට් කරපියව්.
තනියම මැරෙන්න හිනා වෙමින්. :ඩි
++++++++++++
Deleteඅන්න චමියා වැඩේ අල්ලාගෙන
Deleteමා හිතුවේ මෙහෙම කියන්න
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් උයලා.....තුනෙන් එය වැඩි කරලා
බලනු තුන්සිය හැට පහ වැඩිකර තිස් පහ යොදලා..... .තුනෙනේ එය වැඩි කරලා
ගනන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා.....තුනෙන් එය වැඩි කරලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා.......... තුනෙන් එකක් දික්වෙලා
තුනෙන් එය වැඩි කරලා කියනඑක වෙන කෙනෙක් කියන්න ඕන. එතකොට රැප් වගේ තමයි.
Deleteඋඹේ විචාර තේරුම් ගන්න ගණිතය දැනගෙන ඉන්න එපාය.. ඒක නිසා උඩින්ම දාපන් ගනංකාරයන්ට පමණයි කියලා..
ReplyDeleteඅපි දන්න බීජ්ජ ගනිතේ...
උඹ ගනංකාරයෙක් නොවුනට හොඳ වැඩකාරයනේ. කියවල බලපං.
Deleteඉස්සර චිත්‍රපටි ප්‍රමෝට් කරනකොට පාවිච්චි කරන වචනයක් තමයි "ප්‍රේම ත්‍රිකෝණය", හැබැයි ඒ කියන්නෙ පෙම්වතා, පෙම්වතිය, දුෂ්ටයා.
ReplyDeleteපොඩි කාලෙ දවසක්, මම කොලේක 365, 35න් වැඩි කරලා බැලුවා සින්දුව හරිද බලන්න... සින්දුවල් හැටියට මේක අසාර්ථකය කියන එකට මම එකඟ නැහැ. හරක්මස් කෑමට විරුද්ධව කියවෙන සින්දු කල්පනා කලොත් මුලින්ම මතක් වෙන්නෙ මේක. ඊට පස්සෙ "බානෙන් බැඳ"...
ප්‍රේම ත්‍රිකෝණයද වචනෙ?
Deleteමාත් කැල් එකෙන් ගැහුව බං.
මෙහෙමයි, රජතුමා කිව්වොත් අපිට මුලින් මතක් වෙන්නෙ මහින්ද ලොක්ක නේද?
1. MOKAK DA MALLIYE LEESBIAN KIYANNE. 2. ARA MOKAK DA KAKKA KAKKA DALA WAGE THIYANA COM. EKA. 3. ME POST EKE PAHALAMA PELAWAL PENENNE NEHENE.
ReplyDelete3. සිලෙක්ට් කලාම පේනව අංකල්.
Deleteබොට පිස්සු ...... ඉන්දහන් මමත් සින්දු චා කරලා එන්නම්
ReplyDeleteචා කිරීමක් නෙවේ මේක විචාරයක් බං.
Deleteමමත් ඉස්කෝලෙ යන කාලෙ ගෙවල් පැත්තෙ යාලුවන්ට මේ 'සමකෝනී' කතාව මේ විදිහටම කිව්වා මතකයි... උන්ට තෙරුනේ නෑ, මං තේරුම් කරපු විදිහ අජපල් නිසා...
ReplyDeleteඑදා ඒක කියන්න ගිහිං යන්තං එකෙකුගෙන් ගුටි නොකා බේරුනා. මිනිහගහෙ තාත්තා ගැන මං කිව්වා කියලයි මිනිහට මල පැනලා මට ගහන්න හැදුවෙ... පස්සෙ කාලෙක මිනිහගෙ තාත්තට තිබුනු සම්බන්දකම් වගයක් ගැන වටපිටාවෙ ඔක්කොම අයට ආරංචි උනා. එතකොට තමයි එදා සිද්දියෙ ජ්‍යාමිතිය පැහැදිලි උනේ...
"තනි තරුවේ" ගීතයෙ ලියවිලා තියෙන්නෙත් 'සාපේක්ෂ චලිතය' ගැන කියලා කියන්න පුලුවං ඕනිනං.... :)
ඕකනෙ ඔයවගේ විචාර සයිබර්එක ඇතුලෙ කරන්නෙ. කාටවත් බෑ ගහන්න :-)
Deleteතනි තරුවේ හරි. මට මතකයක් තිබුනෙ නෑ.
බොහොම ස්තුතියි අදහසට
තනි තරුවේ සිංදුව අපි නොදන්න ලයිව් එකේ විෂුවලයිස් කරලා තිබුණා දවසක් මම දැක්කා,ඒකෙ තනි තරුව කිව්වේ එස් අයි කෙනෙකුට,කසිප්පු අල්ලන්න ගෙදරකට පැනල කසිප්පු කාරය හැංගිලා එතන තමා සිංදුව යන්නෙ.
Deletehttp://www.youtube.com/watch?v=U136wQKxNRM
Deleteකරුමෙට යූ ටියුබ් නෑ! :-(
Delete+++++++++++++++++++++++
Deleteමලිත් ඔයාට දන්නා ප්ලස් මදි මට මේ ක්ලිප් එක මෙතන ෂෙයාර් කරාට ........ හිනා වෙලා පන ගියා ඕයි .......
+++++++++++++++++++++++
Deleteමලිත් ඔයාට දන්නා ප්ලස් මදි මට මේ ක්ලිප් එක මෙතන ෂෙයාර් කරාට ........ හිනා වෙලා පන ගියා ඕයි .......
@හැලපේ &මලිත්......පිස්සු පීකුදු....මඤ්ඤං බාබත්....කිව්වලු. දන්නවනේ බාබත් කතාව නේද?
Deleteහෑ! බලන්න ඕන මේක කොහොමහරි!
Deleteරාජ් උඹ නියම ගණන් කාරයෙක්නෙ බං,මෙච්චර කාලයක් අපි ඔය සිංදු අහනව විශ්ලේෂණය කරන්න හිතුනෙ නෑනෙ.
ReplyDeleteඒකනේ.
Deleteගණිතඥයන්ට සිංදු ලියන එක තහනම් කරන්ට ඕනි. ගණන් හදන්ටයි, සිංදු අහන්ටයි දෙකක් බෑනේ.:D:D
ReplyDeleteනෑ පොඩ්ඩි වෙන්න ඕන මේකයි. සිංදුවක් ලියල ඒක (මංතුමා වගේ) ගණිතඥයෙක් ලවා පරීක්ෂා කර ගතයුතුයි. එතකොට වැරදි අහුවෙනව :-)
Deleteමුලින්ම කියන්න ඕනේ මේක මගේ නිර්මානයක් නම් නොවන බව. මේක මට ආපු මේල් එකක තිබිලා ලස්සන නිසාම මම සේව් කරගත්ත එකක්. මේකේ කතෘ කවුද කියලා මම දන්නේ නෑ. කකාවත්ද? දන්නවා නම් කියන්න.
ReplyDeleteකර්තෘ කවුරු වුනත් රසවින්දනයට ඉන් බාදාවක් නෑ.
0. ඉස්සෙල්ලාම මොන්ටිසෝරි ආදර ගීතය:
ටික්කි ටිකිරි මගේ පුතා කොල අරගෙන කුරුටු ගාන පුංචි පුංචි රුප වගෙයි ඔබගෙ ආදරේ - මිල්ටන් පෙරේරා
1. මැත්ස්කාරයින් ගේ ආදර ගීතය?
සම කෝණී ත්‍රිකෝණයකි ඔබයි මායි ඇයයි තිදෙන. ගායනය දයාරත්න රණතුංග.
2. බයෝකාරයින් (zoology) ගේ ආදර ගීතය?
මහද නමැති වන බඹරා ලංවී කනට ඔඹේ ආදරේ කියයි මෙසේ..හ්ම්, හ්ම්, හ්ම්, හ්ම්.
3. ආට්ස්කාරයින් ගේ ආදර ගීතය?
සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ධ්‍යා කඳුවැටි භූමි විසමතා, දාසෙන් මහසෙන් ගැමුණු විජයබා
(අහල නැති අයට- ඕක ලව් සෝන්ග් එකක් තමයි)
4. කොමර්ස්කාරයින් ගේ ආදර ගීතය?
බොහො කෲරයි අහෝ ලොව ධර්මේ මිල කලේ ඇයි ඔබ ප්‍රේමේ?
කැම්පස්කාරයෝ ගැන හිතලා මෙන්න මේවත් එකතු කරන්න පුළුවන්.
5. ඉංජන් ගේ ආදර ගීතය?
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා පාලමා සාදා බලා සිටිනවා - ප්‍රියා සූර්යසේන
6. මෙඩ්ඩන් ගේ ආදර ගීතය?
හර්දේ රස මාලිගේ...ප්‍රීතිවේ මා හදේ
7. ලෝ ෆැකල්ටිකාරයින් ගේ ආදර ගීතය?
8. ඩෙන්ටන් ගේ ආදර ගීතය?
මුව හසරැලි සාගරේ මුතු වැලක් වෙලා
9. ඇග්රන් ගේ ආදර ගීතය?
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
10. වෙටා ලා ගේ ආදර ගීතය?
රැලකින් තනිවී වන මැද සරණා කැකුළු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දල යුවලක් වාගෙයි මට ඔබගේ ප්‍රේමේ
11. සයන්ස්කාරයින් (geology) ගේ ආදර ගීතය?
මට මුළු ලොවම ඔබයි - රූකාන්ත චන්ද්‍රලේඛා
12. පුරා විද්‍යාකාරයින් ගේ ආදර ගීතය?
ඔබේ ආදරේ දෙවන පෑතිස් රජ දවසේ ශිලා ලිපියක් වගේ...
මේක නිර්මාණය කරපු එකාට මගේ ප්‍රනාමය.
7. ලෝ ෆැකල්ටිකාරයින් ගේ ආදර ගීතය?
Deleteදෙන්න බලන්න එකක්......
බොහොම ස්තුතියි හෙන්රි.
You're welcome.
Deleteඔව් යකෝ මේකේ homework හිට දීලා තියෙනවා නේ?
7. ලෝ ෆැකල්ටිකාරයින් ගේ ආදර ගීතය?
Deleteආදරේ නෑ ආදරේ...කවුරුවත් නෑ ආදරේ. - සනත් නන්දසිරි
ප්‍රැක්ටිකල් නම් වෙන්න ඕනේ ඕක.
හෙන්රි,
Deleteබලපං ගුරුවරු ඔහොමමයි. ගෙදර ගෙනියන්න ටිකක් දෙනවමනේ.
සඳුනිමා
ඊට වැඩිය හොඳ එකක් නැද්ද?
ලෝ ෆැකල්ටිකාරයින් ගේ ආදර ගීතය?
Deleteමෙන්න සර් උත්තරේ,
යදමින් බැද විලංගුලා
මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇගිලි තලා,
දෙතිස් වදය පමුනුවන්න,
අලුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන් වරදකිනම්
කුමට එරට අධිකරණය නිතිය සහා විනිසුරන්.
wow ....මනෝජ් නියම ගායකයෙක්නේ....:D
Deleteඅන්න ඒකනං හරියනව.
Deleteමේ හෙන්රි ඩූඩ් කියන ඊ-මේල් එක කතන්දර බ්ලොග් එකෙන් කොපි පේස්ට් කරපු එකක් වගේ නේද?
Deleteමේ බලන්න.
http://kathandara.blogspot.com/2010/09/blog-post_08.html
ඒ ලයිස්තුව සමූහ වැඩක්!
http://kathandara.blogspot.com/2010/09/blog-post_05.html
ඇරඹුම එතැනයි.
ඉන්ජන්ගේ එක තව කැඩෙනවා ;
Delete1. යාන්ත්‍රික - මම යකඩ තලන්නා
2. සිවිල් - අහස උසට නැඟ ගියාට නැහැනේ අහසේ රැදෙන්නේ
3.ඉලෙක්ට්‍රොනික් - දුරකතනයකින් මම ඔබ අමතමි
අනික්වා මතක නැහැ බන් ...
කෂ්ටිය අහල තියෙනවද ලංකාවේ තැපැල් සේවයේ කාර්යක්ෂම තාවය ගැන කියවෙන ගීතය
Delete" ලියුම ලියාලා ගුවන් තැපෑලෙන් ඔබට තැපැල් කෙරුවා
ඔබට ලැබේදැයි එය නොලබේදැයි හිත වවනු බැරුවා " (පුන්සිරි සොයිසා )
වලා ගේ ගීතය
"පා ...වේ වලා " (වික්ටර් රත්නායක)
වැස්සට අහුවෙලා මැරිච්ච එකාගේ ගීතය
" මලේ හැන්දෑවේ වහින වෙලාවේ " (ක්ලැරන්ස් )
@කකා. ඒකනේ මම ඇහුවේ කකාවත්ද කියලා. ඒකේ ටිකක් ඒ ශෛලියත් තියෙනවා.
Deleteකොහොම වුනත් හොඳම නිර්මාණයක්. මගේ ප්‍රණාමය. ඒ වගේම ඒ පෝස්ට් දෙකේ කමෙන්ට්ස් වල තව අදහස් ගොන්නක් තියෙනවා.
අර Paddy Marketing Board එකට ප්‍රොමෝට් කරන්න සිංදු කිව්වේ නාමල් උඩුගම නේද?
Delete@ පොඩ්ඩි
Deleteමෙන්න ඔයාට
පොඩි කුමාරිහාමිනේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනා වේවි ඔහේ බලා ඉන්නවනම්.-වික්ටර් රත්නායක.
ඔය තියෙන්නෙ ගමකට!
Deleteලෝය්රලගෙ සින්දු....ජෝතිපාලගෙ හෙට උසාවියෙදි සහ ලඟදි කවුද කිව්ව (ගායකයා නොදනී) දික්කසාද පෙම්බරී.
Deleteනියම විවරණයක් රාජ්.. සුපිරියි.
ReplyDeleteඅනේ බං කොට්ටොරුවො උඹේ Analysis, 1st year එකේදි උඹට Analysis වලට තිම්බුනෙ ඇණයක් බව අමතකද?
ReplyDeleteමට මතක නෑ ඕයි.
Deleteතිබ්බත් මොකද බන් ....... ඕක අමුතු දෙයක්ය .....
Deleteනිහාල් නෙල්සන්ගෙ සින්දුවේ අන්තිම පදය මේ විදිහට ආවනම් තමා ගණිතමය වශයෙන් හරි..
ReplyDeleteඔබට තේරුනාද ඔබ කොච්චර මස් කෑවද කියලා....
ග්‍රෑම් 150 x 365 x 35 = 1916 කි.ග්රෑ. - හරක් පස් දෙනෙක්ගෙ විතර මස් :-)
ඒකනෙ! පඩේ වෙඩිල්ල කරනවනේ මේගොල්ල. කැන්ඩියන් කාලෙකින්!
Delete:-) හික්ස්.....
Deleteබ්ලොග බැලුවට ලියන්න වෙලාවක් තිබුනේ නෑ... පුක කැඩිච්ච කඩිය වගේ තමා කාලෙ ගෙව්වෙ...
ගණිතමය කතන්දර නම් මම දන්නේ නැහැ. මේ කතාව ඇත්තටම දවසක් දේශනයකදී කිව්වේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා. එයා කිව්වේ මෙහෙමයි. 'හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන චර්යා වෙනස්වීම්, හොඳින් පැහැදිලි කරන ගීතයක් තියනවා. කාටද මතක තියෙන්නේ?'
ReplyDeleteඔන්න ඉතින් අපි ගහෙන් වැටිච්ච කලාමැදිරියෝ වගේ එතුමා දිහා බලා ඉන්නවා, එතුමාම උත්තරය කිව්වා. 'මෙන්න මේකයි ගීතය',
මනමාල කුරුල්ලා මොනවාද හිතීලා
වෙනදාට වඩා ප්‍රීතියකින් ප්‍රබෝධ වීලා
ඒක නං අහල නෑ විචාරකතුමෝ! හැබැයි මහාචාර්යතුමාගෙ කතාව නං ටක්කෙට හරි.
Deleteඅයියෝ නිරංජලා සරෝජනිගේ සින්දුවක්නේ
Deleteඔය එකතුකොරන අඩුකොරන වැඩි කොරන බෙදන එව්වා හැරුනු කොට අපි ගනං පුලුවනෑ බං ..!!
ReplyDeleteඒ ටික මදැයි.
Deleteඑහෙම බැලුවම මේවත් ගනං සින්දු නේද..
ReplyDeleteළෝකේ ජීවත් වන්නට දෙදෙනකු ඕනෑවේ..
එක යායට මල් පීදුන බිම් තීරේ..
එක සිත් දැතැනක නතර වෙලා
මුළු ළොවන නැති උනත් එකම හදවතක්
අපි දෙන්නා එක්වීලා..
මේව මොන්ටිසෝරි ගනංනෙ බං.
Delete7. ලෝ ෆැකල්ටිකාරයින් ගේ ආදර ගීතය?
ReplyDeleteසිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා.....
පිස්සුද ලෝකාරයින්ගේ සින්දුවත් නිහාල් නෙල්සන්ගේ එකක්මයි
Delete" සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි
දෙයියෝ කොහෝම මැව්වද සල්ලි
අනින් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි
දෙයියෝ දුන්න බලගතු සල්ලි
ඇයි “සල්ලි මිටිගණන් අරගෙන එයි වටින් පිටින්“
Deleteජයශ්‍රී-මැලේ දෙන්නගෙ සිංදු වඩා ගැලපෙනව.
Deleteනලීන් ද සිල්වා තුමාට කිව්වානම් ගණිතයයි චින්තනෙයි දෙක එකට දාලා හොඳ සිංදුවක් හදයි නේ.
ReplyDeleteඒක හරි අරූ
Deleteඔහොම බැලුවොත් පුතෝ එකෙකුටවත් සින්දුවක් කියන්න හම්බෙන්නේ නැ. හෙහ් ..උඹ නොදන්නා කොළ ජාතියකින් මැල්ලුමක්වත් කෑවයි.
ReplyDeleteඅමුතු කොල ජාතියක් නං කෑව මේක දාපු දවසෙ
Deleteපොස්ට් එකයි කමෙන්ට් ටිකයි එකතු කරාම මුලු සින්හල සින්දු ඉතිහාසෙටම මඩ ගහල
ReplyDeleteඑච්චරට අවුල්ද?
Deleteඑළ කිරි මොනා උනත් උබත් හරි මෙතනදි
ReplyDeleteඒකනේන්නං
Deleteසින්දුවක් කියන්න තියා සින්දුවක් අහන්නවත් බැරි තාලෙට අප්පුඩි ගහන්නවත් බැරි එකෙක් ඉන්නවා. ඒ තමයි මම
ReplyDelete-කා(Ka)
අපෙත් එකෙක් හිටිය ඔයවගේ
Deleteදෙවනි සිංදුවේ ලෙසබියන් කතාවක් ඔය කියනකන් මීටර් වෙලා තිබ්බෙම නැහැනේ.. ඒකත් මරු..
ReplyDeleteදැං හරිනේ
Deleteවිද්‍යාත්මක තියරිය කෙසේ වෙතත් මේ ගීත සියල්ලම මම ඉතාම ප්‍රිය කරන ගණයේ ඒවා..
ReplyDeleteමුල්එක හැර මගෙත් ප්‍රිය සිංදු
Deleteමෙන්න දික්කසාදකාරයන්ගේ ගිය.
ReplyDeleteබිරිද මගේ නුඹ-නෑ මා ඔබගේ බිරිද නොවේ
දැගිලි හුයකින් බැදී පමනින් මා ඔබගේ බිරිද නොවේ.ඔබගේ බිරිද නොවේ.
විග්රහ කිරීම සුපිරි//
ReplyDeleteස්තුතියි.
Delete;(
ReplyDeleteචන්දනගේ සටහන් ලියු , චන්දන කෝ
ReplyDeleteචන්දන ඇඟ ගාලා
Deleteකොන්ඩෙ කඩා දාලා
චන්දන?????????????
Delete@"එකක් තමයි නිහාල් නෙල්සන්ගෙ "කිරි අම්ම". ඒකෙ තියෙන්නෙ නිකංම වීජ ගණිතය," - නෑ බං අංක ගණිතය. වීජ ගණිතය කියන්නේ අර x y z වගේ අඥාත පද යොදාගෙන ගැටලු විසඳන ගණිතයනේ.
ReplyDeleteEntomology හෙවත් කෘමි විද්‍යා ගීතය: ප්‍රනීත මී පැණි ගෙන ආවත්, විස ඇත බඹර තුඩේ...
ReplyDeleteසිහි කැඳවුම: රයිගම හන්දියෙනි.
නියමයි
Deleteම්,පරිසර විද්‍යා ගීතය “ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ“
ReplyDeleteඑල එල
ReplyDeleteරාජ් මේ ජ්‍යාමිතික සින්දුව ලිව්වේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ සූරීන්. උසස් පෙළ ගණිතයක් දෙස ඇහැක් ඇර බලපු කෙනෙක් නොවේ. ඒත් ඔහු මේ පද හරඹයෙන් කරනා පෙළහර විස්මිතයි නේද? බොහෝ රසවත් සිදුවීම් ගොන්නක හිමි කරුවෙක් වූ එතුමන් දැන් ඉසිඹු සුවයෙන් නිවෙසේ කල් ගෙවනවා.
ReplyDeleteදැන් උඹ හරියටම කියන්නේ කොහොමද ඔබ කියන්නේ කෙල්ලෙක්ම කියලා ? ඔබ කියන්නේ කොල්ලෙක් වෙන්න බැරිද ? එතකොට මෙතන ඉන්න එකා කොල්ලටත් කැමති කෙල්ලටත් කැමති එකෙක්. දැන් ඔය මගේ ආදරය පතයි කියන කෙනා කොල්ලෙක් වෙන්නත් පුළුවන් කෙල්ලෙක් වෙන්නත් පුළුවන්. එහෙම ගත්තත් මේක bi-sex කේස් තමයි. ගණිතයේදී ගොඩක් උපකල්පන(Assumptions) කරන්න වෙනවා නේ. සින්දුව කියන එකා පිරිමි, ඔබ කියන කෙනා ගැහැණු කියන ඒවා තමයි මෙතන උපකල්පනය. සින්දුවට උඩින් උපකල්පන මේවා කියලා කිව්වොත් කොහොමද ? :)
ReplyDeleteFace book puk mewane aathal.
ReplyDeleteRaj aiyata jaya