Monday, May 19, 2014

වැට් බදු වංචාව කුමක්ද? හෙජින් ගිවිසුම කවරහුද?

පසුගිය දිනවල ජන මාධ්‍යන්හි අවධානයට ලක්වූ වාර්තා වූ පුවත් දෙකක් විය. එකක් නම් ආසියාවේ විශාලතම වැට් බදු වංචාවට වරදකරු වූ, ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයෙකුව සිටි ඥාණසිරි ද සොයිසා ජයතිලක නැමැත්තෙකුට නියම වූ දඬුවමයි. අනෙක නම් හෙජින් ගණුදෙනුවට අදාලව ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහ බැංකුවට නොගෙවා ඇති මිලියන ගණනක මුදල් කන්දරාව පිළිබඳවය.

පළමු සිද්ධියේදී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වංචා කර තිබූ මුදල ආසන්න වශයෙන් කෝටි හාරසීයකි. ඇඟළුම් ගෙන්වන ආයතන වලට ආපසු ගෙවිය යුතුව තිබූ මුදල් තමාගේ සහචරයෙකු නමින් සා‍දාගෙන තිබූ ගිණුම් දහතුනකට බැරකරගෙන මෙම වංචාව සිදුකර තිබුනි. චෝදනා හතලිස් තුනකට වැරදිකරු බව පිළිගත් ඔහුට වසර එකසිය ගනනක සිර දඬුවමක්ද (කෙසේ වුවත් ඇත්තම කාලය 'සිර' වසර තුනකි, එනම් සාමාන්‍ය වසර දෙකහමාරකි) වංචා කල මුදල මෙන් තුන් ගුණයක් වූ රුපියල් කෝටි දෙදහසකට ආසන්න දඩ මුදලක්ද ගෙවීමට නියම විය.
දෙවනුව සඳහන් කල කුප්‍රකට හෙජින් ගණුදෙනුව පිළිබඳ අවසාන තීරණයක් මේ දක්වා ගෙන නැත. රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකා මහ බැංකුව සහ තෙල් සංස්ථාව ‍කඹය දෙපැත්තට අදිමින් සිටියි. කෝටි හාරසීයක වැටි බදු වංචාවට වග කිවයුත්තන් සොයා දඬුවම් නියම කරන විට කෝටි දෙදහසකටත් වඩා වැඩි අලාභයක් රටට සිදුවූ හෙජින් සූදුවට වගකිවයුත්තකු නැත. මෙසේ වීමට හේතුව කුමක්ද?

සාමාන්‍යයෙන් රාජ්‍ය සේවය සකස්වී ඇතිතේ විනිවිද පෙනෙන ආකාරයටය. සෑම ගණුදෙනුවක්ම, සෑම තීරණයක්ම ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් රාජ්‍ය සේවයේ ඇත. රාජ්‍ය සේවයේ කටයුතු සංකීර්ණ වන්නේද, අකාර්යක්ෂම භාවය ගැන චෝදනාවන් රාජ්‍ය සේවකයන්ට එල්ල වීමටද මෙම නීති රෙගුලාසි හේතුවේ. රුපියල් පනහක සීයක මුදලක් සම්බන්ධයෙන් වුවද බලපවත්වන නීති රැසක් වේ. මෙම නීති රෙගුලාසි වලින් රිංගා යාම පහසු නැත. එහෙත් ඇතැම් අවස්ථා වලදී මේවා තුලින් රිංගා යන්නන් සිටියද ඔවුන් හසුකරගැනීම එතරම් අපහසුද නැත. වැට් බදු වංචාව හසුකරගැනීම එවැන්නකි.

අනෙක් අතට රාජ්‍ය සේවකයන් නොවන, එසේත් නැතිනම් රාජ්‍ය සේවයේ නීති රීති වලට ඉහලින් සිටින්නන් සම්බන්ධයෙන් සිදුවන විමර්ශන ක්‍රියාවලියක් නැති තරම්ය. හොඳම උදාහරණය හෙජින් ගිවිසුමයි. සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා ඇත්තෙකුට පවා වැටහෙන, උක්ත ගිවිසුමේ ඇති අවාසි පක්ෂය ගිවිසුම් සකස් කල-අත්සන් කලවුන්ට නොවැටහේ යයි සිතිය හැකිද? එසේ නම් මෙහිදී සිදුවන්නට ඇත්තේ නීතියේ ආධිපත්‍ය‍ට ඉහලින් සිටින්නවුන්ගේ හිතුවක්කාරී-වංචනික ක්‍රියා පිලිවෙත නොවේද? රාජ්‍ය සේවය සහ රජයේ සේවකයන් සම්බන්ධව බලපවත්නා නීතිරීතීන් වලට දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියන් යටත් වන දිනය කවදාද?

60 comments:

  1. තව හොද වැට් බදු වංචා කාරයෙක් හිටියා ටැමිල් පොරක්. මට පොරගේ නම මතක නැහැ තාම වැලිකඩ ඉන්නේ.. මීට අමතරව අති විශාල බදු හොරු බුවල්ලෝ සෙට් එකක් ඉන්නවා. අන්න උන්ව අල්ලල දඩේ ලැබිච්ච දවසට අපිට හොද කලක් යාවි..

    ReplyDelete
    Replies
    1. මචං අජිත් නිවාඩ් කබ්රාල්ගෙ නමත් කියවුණා නේද

      Delete
  2. මං දන්න තරමින් හුගක් ලොකු කම්පැණි කරන බුවාල වැට් එක ගෙවන්නෙ නැතිව ඉන්න හෙන මනාපයි...ආදායං බදු එකේ මහත්හොරුත් ඒ මහත්හොරුන්නෙන් සල්ලි ගන්න හෙන අකමැතී...ඉතින් කීයක් හරි දෙන දෙන ගානක් සාකුකුවෙ දාන් ගෙදර යනව...

    හෙජින් වගේමයි කෝටි 400 කතාවත් රට්ටුන්ට පේන්න බොරුවට රගනව... ඒත් ඇත්තටම බැලුවොත් මුට්ටිය බිදිල...
    නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

    ReplyDelete
    Replies
    1. ආදායම් බදු එකතු කරන තැන් වලත් අඩුපාඩු තියනව . නමුත් ඒව පරීක්ෂා කරන්න හරි පුළුවන්. ලොකු තැන් බලන්න කවුරුත් නෑ නෙව. ඒකයි අවුල

      Delete
  3. මහ බැංකුවේ අධිපතිගේන් අහපන් පුතේ. මෂ්තිෂ්කයත් උළුක් වෙන් උත්තරයක් දේවි. අර්ථ සාධකේ කොටස් වෙළඳ පෙලේ ආයෝජනය කරල‍ා එක් සාමාජිකයෙක්ට ලැබෙන ප්‍රතිලාභය 1%ට අඩු වෙලාළු- රජයේ විගණකාධිපති.. කබරාල කයනවා අර අහවල් එකත් පුම්බගෙන සමහරු කියනවා අරථ සාධකයට කෙළවිලා කියලා එහෙම නැහැලු. සමහරු කියන්නේ රජයේ විගණකාධිපති . අපෙන් කපා ග්නනා අපේ සල්ලි පාලනයට අපේ කවුරුවත් නැහැ. අන් ඒක කනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අර්ථසාධකයත් සූදුවට අරගෙන කියල කියනව තමයි.

      Delete
  4. //රාජ්‍ය සේවය සහ රජයේ සේවකයන් සම්බන්ධව බලපවත්නා නීතිරීතීන් වලට දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියන් යටත් වන දිනය කවදාද? //

    උත්තරය: කිසිදිනක එසේ වන්නේ නැත.

    ReplyDelete
  5. Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි

      Delete
  6. දේශක යා කියන කෙනා දැන් නිදහස්
    මේ මුද්ල වංචා හෙළි කර ගැනීම දඩුවම් නියමවීම මේ සියළු දේ වලින් අපි සතුටට පත් වෙනවා.රට යහපත් දෙසකට ගමන් කරයි මේ අහිමු වූ දේවල් අය කර ගැනීම හරහා සමාජයට යහපතක් වේවි කියා.මේ හීනෙ තමයි අපට සූප්පු කරන්න දීලා තියෙන ලොසින්ජරය.අන්තිමට අපිට මහ තිත්ත රහක් එක්ක ජීවිතයම එපා වෙන හැගීමක් එනවා.ඒක තමයි ඇත්ත

    ReplyDelete
    Replies
    1. //අන්තිමට අපිට මහ තිත්ත රහක් එක්ක ජීවිතයම එපා වෙන හැගීමක් එනවා.ඒක තමයි ඇත්ත//

      එහෙම නොවෙන්න ට්‍රයි කරමු

      Delete
  7. ලොවම අලි හොරු
    බුදු බණ බොරු?

    ReplyDelete
  8. කියපු අනිත් ඔක්කොම තේරුනා නීතිය කියන්නේ මොකක්ද කියලා තමයි තේරුනේ නැත්තේ

    ReplyDelete
  9. අවුරුදු එකසිය ගානක සිර දඬුවමක්?? වසර දෙකහමාරකින් ගෙවෙනවා...
    රෑ දනියෙල් දවල් මිගෙල් මතක් වෙනවා... එ්කෙත් ඔහොමයි..

    රුපියල් පහයි සත තිස්ගනනක චෙක් එකක් ගන්න දිස්ත්‍රික් කාර්යාලයට යන්න ඔ්න.. එ් යන දවස වෙනුවෙන් ගමන් වියනුත් ගෙවනව (බස් කුලිය + සංයුක්ත දිමනාව) අන්න එහෙමත් වැඩ වෙනවා රාජ්‍ය සේවේ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකද්ද මේ චෙක් එකේ කතාව?

      Delete
  10. රාජ්ජ සේවෙ දශක දෙකකට වැඩි කාලයක් හිටි මං දැක්ක එක දෙයක් තමයි රිංගල යන්න දක්ෂ අයට යන්න පුළුවන් හිල් ඇති බව. එහෙම ගිය අය අනන්තයි අප්‍රමානයි.. ඒවාට එරෙහිව යන්නා තනිව එසේ කලයුතු අතර ඔහුට හෝ ඇයට ඉතිරි වෙන්නේ විකල්ප තුනකි. එක හොරෙක් වී සිටීම හා හොරුන්ට එකතු වීම දෙක එම ආයතනයේම සයිබීරියාවට පි‍ටුවාහල්වී ඇස් කන් වසාගෙන විශ්‍රාමය තෙක් ඇඟිලි ගැනීම. තුන රාජ්ජ සේවෙ අතහැර යාම. ලංකාවෙ පුද්ගලික අංශෙ රාජ්ජ අංශෙට දෙවෙනි නෑ !

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවයේ තියන හිල් මට වැඩිය සරත් දන්නව ඇති. මම කියන්නෙ ලොකු තැන් වලටත් අඩුම තරමින් මේ තරමේ නීතිරීති ටිකක් තියනව නං ලොකු දෙයක්.

      Delete
    2. සරත් කීව වගේ loopholes ඕනෑ තරම් තියෙනවා. හැබැයි රාජ්ජ සේවෙදි වෙන්නෙ කෙනෙක් මේ වගෙ loophole එකක් හොයාගෙන හොරකම් කරල අහුවුනත් ඒ සම්බන්ධ වගකීම ඇති ලොක්කො කොරන්නෙ අර loophole එක වසා දාල හොරාට දඬුවම් දෙන එක නෙවේ, හොරා එක්කම සැට් වෙලා තමනුත් හොරකම් කරන එක.

      Delete
  11. ඉතින් ලංකාව හැමදාම "සංවර්ධනය වෙමින් පවතින රටක්" විදියට හැඳින්වීමට ලැබීමේ පුදුමයක් නෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. වෙමින් පවතිනව.... හහා හොඳ කතාව

      Delete
    2. ඔව්, අපේ අත්ත මුත්ත කාලෙ ඉඳල තවමත් මේ රට "සංවර්ධනය වෙමින් පවතින". කවදා සංවර්ධිත වෙයිද කවුද දන්නෙ. මේ යන රටාවට කවදාවත් එහෙම වෙන්නෙ නැතිවෙයි.

      Delete
  12. ඒ දෙකටම වගකිවයුත්තන්ට දඩුවම් ලබිය යුතුය යන්නට මම එකග වෙමි
    එහෙත් තර්කයක් වශයෙන් පමණක් ඒ දෙකේ වෙනසක් ඈති බව පෙන්වා දෙමි.
    වෑට්- තනිකරම වංචාවකි. නීතියට අනුව පෑහදිලි අපරාධයකි
    හෙජින්- රෙගුලාසි වල එරෙහිව කරන ලද ගනුදෙනුවක් වෑරදීමකි. අල්ලස් ගෑනීමක් නොමෑතිනම්, රෙගුලාසි කඩකිරීමක් පමණි.
    හරිද, රාජ් ?

    ReplyDelete
    Replies
    1. තර්කයේ අවසාන ඵලය නීතිය කියනවනෙ. ප්‍රා කියන කතාව නිවැරදියි. මම කියන්නෙ ඒක එහෙම වියයුතු නෑ කියල. වැට් බදු වංචාව වරදක් වෙන්නෙ නීතිය ඉක්මවා කටයුතු කිරීම නිසා. හෙජින් කියන සූදුව ගෙන ආපු උදවියත් හොඳාකාරවම දැනගෙන ඉන්න ඇති අවසන් ප්‍රතිඵලය. චේතනාව වැරදි නං වැරදිකරුවෙක් වෙන්න ඕන. (දැන් තියන නීතිය කුමක් වුවත්). මගේ යෝජනාව තමයි මේ ව‍ගේ තැන් වලදි කටයුතු කලයුතු ආකාරය පිලිබඳ යාන්ත්‍රණයක් සැකසීම. එතකොට කාටවත් ඊට ඉහලින් යන්න බෑ. දැන් සිදුවෙන්නෙ නීතියක් නැතිකම නිසා හිතුමනාපෙට වැඩ සිදුවීමත් ඒවායේ වගකීම ගන්න කෙනෙක් නැති වීමත්.

      Delete
    2. ප්‍රා කියන එක ටෙක්නිකලි ඇත්ත.

      ඒ වුනත්, ලොකු තැනකට දාපු මොකෙක් හරි එකා එතනට ආවෙ මොන සුදුසුකම් ඇතුවද, ඌට හෙජින් තීරන ගන්න අවශ්‍ය කොලිෆිකේෂන් තිබුනද වගේ දේවල් හොයනව නම් ඔය කෝප් එකට එහෙම හොයන්න බැරි නැහැ නෙ. වෙලා තියෙන්නෙ අපේ විරුද්ද පක්ෂ ඔය වගේ දේවල් බිත්තියට හේත්තු කරන්න බයයි මොකද උන් ආපු දවසටත් ඒව කරන්න ඉඩ තියා ගන්න ඕන නිසා. එහෙම නෙවෙයි නම් අඩු ගානෙ ඕව ලෙල්ලටම හොයලා චන්දෙකදි හරි ප්‍රයොජනේට ගන්න පුලුවන් නෙ. අපේ විපක්ෂෙත් කරන්නෙ අර ඥාති සංග්‍රහ වගේ ඇත්ත දූෂන පාට් එක සැනිටයිස් කරලා, "හෙජිං එකෙන් මෙච්චර පාඩුයි" වගේ කෑල්ල විතරක් පොඩ්ඩක් කෑ ගහනව. පත්තර කියල තියන පඩංගු වලින් එච්චර වත් අදින්නෙ නෑ.

      එක අතකට විපක්ෂෙකට කියලත් කොච්චර වැඩ ද, පොදු අපේක්ෂකයෙක් හොයන්න තියනව, ජෙප්පන්ට උනත් එක්ස් එකට උන ගැනෙන්න මැගසින් ගහන්න තියනව, ලයනල් වෙන්ඩ්ට් එකේ පෙන්නන්න ඩ්‍රාම හදන්න තියනව...

      Delete
    3. හෙජින් වල තියෙන්නේ වංචාවකට වඩා කළමනාකාරිත්වයේ නොදැනුවත්කම සහ නුසුදුසුකම. මේ තීරණය ගත්තේ ලෝක තෙල් මිල වැඩිවීගන යන අවස්ථාවක, බැලු බැල්මට ලංකාවට වාසි සහගත ගිවිසුමක්. නමුත් ලෝක තෙල් මිල කියන දේ ගැන හොඳ අවබෝධයක් ඇති කෙනෙක් එහෙම ගිවිසුමකට එළඹෙන්නේ නැහැ කියන එක තමයි පොදු පිළිගැනීම. තෙල් මිල කියන්නේ හදාරන්න, අනාවැකි කියන්න බොහොම අපහසු දෙයක් කියලයි කියන්නේ. ඒ නිසා බොහෝ රටවල තෙල්මිල කියන්නේ ලෝක වෙළඳපොලේ මිල අනුව විචල්‍ය දෙයක්. දවසට දෙපාරක් වත් තෙල් මිල ඒ ඒ රටවල් ඇතුලේ වෙනස් වෙනවා. අනික මම දන්න තරමින් මේක කාවවත් බයිපාස් කරගෙන ගිහින් ගහපු ගිවිසුමකුත් නෙමෙයි. අමාත්‍යංශ අනුමැතිය ඇතුව කරලා තියෙන්නේ. ඒ නිසා තමයි හෙජින් අවුලට නීත්‍යානුකූල වැරදි කාරයෙක් හොයාගන්න බැරි. බොහෝ විට මේ පාඩුව මහජන බදු මුදලින් යන්න තමයි වැඩි ඉඩකඩ. හැබැ‍යි තීරණයට කෙලින්ම දායක වෙච්ච කීප දෙනෙක්ව තනතුරු වලින් ඉවත් කිරීමක් සිද්ධ වෙන්නවත් ඕනේ අඩුම ගණනේ.

      ඒක නෙමෙයි මේ ඉන්නේ ඇත්තටම වැට් බදු වංචාවේ මහ මොලකාරයා ද නැත්නම් ලොක්කො බේරලා දංගෙඩියට යන ඉත්තෙක්ද?

      Delete
    4. ප්‍රොෆයිල් ඇනෝ
      විරුද්ධ පක්ෂයේ තියන අවුලක්ම නෙවේ තියෙන්නෙ. ක්‍රියාත්මක කරන්න තරම් යාන්ත්‍රණයක් නැතිකම. උදාහරණයක් විදියට විජේදාස රාජපක්ෂගෙ කෝප් වාර්තාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා වැරදිකරුවන්. එයාලට විරුද්ධව කටයුතු කරන්න ඊට එහා ක්‍රමයක් නෑ. අවුල තියෙන්නෙ එතන.

      තිසර
      නොදැනුවත්කම කියන දේට මම එකඟ නෑ.උදාහරණයක් විදියට හෙජින් ගිවිසුමේ බැංකු පැත්තෙන තියන සීමාවන් බලන්න.
      1‍.තෙල් බැරල් ලක්ෂ දෙකයි දෙන්නෙ උපරිම.
      2.බැරල් එකක මිල එකසිය දයයි. එකසිය හතලිහ පැන්නොත් බැංකු වගකීමෙන් නිදහස්.
      3.උඩ පැත්ත කවර් වෙන්න වගන්ති දාගත්තට බැරල් එකක මිල යටට ගියොත් වගන්ති දාගත්තෙ නැත්තෙ ඇයි? එකසිය දහයෙ ඉඳල එකසිය හතලිහ දක්වා තිහක සීමාව දාගත්ත නං අපිට බැරිවුනේ ඇයි එකසිය දහයෙ ඉඳල අසූව දක්වා පහල සීමාවක් දාගන්න. අන්තිමට උනේ හැටට ගන්න තිබුන බැරල් එකටත් එකසිය දහයක් ගෙවන්න උනා.
      මේව නොදැන කරන දේවල් වෙන්න බෑ. මේව චේතනාන්විත වැරදි. යම් කිසි පටිපාටියක් නීතියක් තිබුනනං මෙහෙම වෙන්නෙ නෑ.
      (මේකෙ නඩුවල උසාවි ගාස්තු කොහොමද?:-)

      Delete
    5. // කෝප් වාර්තාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා වැරදිකරුවන්. එයාලට විරුද්ධව කටයුතු කරන්න ඊට එහා ක්‍රමයක් නෑ//

      රාජ් මගෙත් පොයින්ට් එක මේකම තමයි මචන්. නීති රෙගුලාසි ප්‍රොසීඩියර් වලින් ඔක්කොම කරන්න නම් රටට පොලිටික්ස් කියලා එකක් ආයෙ ඕන නැහැ නෙ. ඊට එහා ක්‍රමයක් නැත්නම් ඊට එහා ක්‍රමයක් හදා ගන්න ට්‍රයි කරන ගමන් අඩු ගානෙ මහ දවල් හොරකම් කරපු උන් ව දේශපාලනිකව හරි ප්‍රෙෂර් කරන්න ඕන නේද ඕව යට යන්න නොදී? අඩු ගානෙ තනතුරට නුසුදුසු දේශපාලන හෙන්චය්යො දැන් වත් අයින් කරපියව් කියලා, ඉන්න උන් ව නම් කරලා ලොකු කැම්පේන් එකක් යන්න බැරිද මෙච්චර චන්ද තියන රටේ?

      දැන් බලපන් අර සර්වන්ට් මරල ජනාධිපති සමාවෙන් ගොඩ ගියා, නුවර ජොකියා පැහැදිළි මූල්‍ය වංචාවකට අහු වෙලා ජ්නාධිපති සමාව අරන් පක්ෂ මාරු කරා, විපක්ෂෙ **එහෙම දේවල් ගැන** මාර සයිලන්ට් කියල උඹට හිතෙන්නෙ නැද්ද?

      Delete
  13. "ආසියාවේ විශාලතම වැට් බදු වංචාවට" මේක මට මතක විදියටනම් ආසියාවේ ලොකුම රජයේ මුදල් වංචාව වෙන්න ඕනා ඊළඟට ඔය නියෝජ්‍ය අද්ධක්ෂක දෙවෙනි විත්තිකරු ඔක්කොම ප්‍රධාන විතිති කරුවෝ නම දෙනෙක් (හෝ එකොලොස් දෙනෙක්) පළමු විත්තිකරු ආගිය අතක් නැත (ඩුබායිවල) තුන්වන විත්තිකරු ආගිය අතක් නැත (මැලේසියාවේ) හතරවන විත්තිකරු රජයේ සාක්ෂි කරු බවට වෙනස් විය (දැනට රුපවාහිනි හා ගුවන්විදුලි ආයතනයක අයිතිකරුඋවෙකුකේ පුද්ගලික සහයක හැටියට වැඩ කොරයි) පස්වන හා හයවන විත්ති කරුවන ආගිය අතක් නැත (උන් දෙන්නත් මැලේසියාවේ හලෝ මැලේසියාවේ) සම්පුර්ණ කතන්දරේ මම කසාද බැඳලා ළමයින් හම්බවෙලා ඒ ළමයිනුත් කාසද බැන්ද දවසක පොස්ට් එකක් හැටියට දාන්නම්කො

    ReplyDelete
    Replies
    1. කවදද මචං කසාද බඳින්නේ ....?

      Delete
    2. මට එවපං. දාන්න.

      Delete
    3. මැලයා දන්න දේවල් බොලේ...

      Delete
  14. මංගල සමරවීර වරාය ඇමති කාලේ වරාය සභාපතිව සිටි දිලීප විජේසුන්දරත් මෙම වංචාවට සම්භන්ධ අයෙක් . ඔහුත් කැනඩාවට පැන ඇතිබව කියනවා

    ReplyDelete
  15. හෙජින් කලේ හිටපු ක්‍රිකටර් කෙනෙක් .රාජ උනුසුම නිසා ඔහුට කිසිදෙයක් සිදුනොවනු ඇත.!

    ReplyDelete
    Replies
    1. එහෙමද! ආ.... තෙල් සංස්ථාවෙ! නමුත් මහ බැංකුවට නේද ඇඟිල්ල දික් වෙන්නෙ?

      Delete
  16. අපේ රටේ රාජ්‍ය සේවයේ මෑතකාලයේදී තිබෙන්නේ අධිකාරිත්වය authority බලය පැවරීම delegation වගකීම responsibility යන පද විතරයි. වගවීම accountability යන පදය ගැන කිසිම සැලකිල්ලක් නැහැ. අමාත්‍යාංශයක ලේකම් තමයි ඒ අමාත්යාංශයේ ගණන් දීමේ නිලධාරියා . ඔහු සතු අධිකාරිත්වය සහ බලය තමා පහලට පවරා තිබෙන්නේ.මෙසේ පහලට පැවරු බලය හරියට නොකිරීමක් උනොත් ඒ ගැන පහල ඉන්න අය වග කියන්න උවමනා උවත් මේ ඉහලම ඉන්න නිලධාරියා පහල ඉන්න නිලධාරින් හරියට ඒ කටයුත්ත කරනවාද කියා බලන්න වග වෙන්නේ නැහැ. එතකොට මේ වගවීම ඉහල සිට පහලට කොතැනවත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. අදුරදර්ශී හෙජින් ගිවිසුම සහ වැට වංචාව පමණක් නොව විදුලි බිල ඉහලට යාමට බලපා ඇති පුද්ගලික අංශය සමග ඇති වැරදි විදුලි උත්පාදන ගිවිසුම් වලට හේතුවත් ඕකයි.

    මේ වගවීම හරියට කරනවාද කියල බලන ඒක තමයි විගනනයෙන් auditing හොයා බලන්නේ නමුත් අපේ රටේ රාජ්‍ය අංශයේ (රජයේ දෙපාර්තමේන්තු සහ සංස්ථා) අර්ධ රජ්‍ය අංශයේ (සමුපකාර) දුර්වලම අංශය තමයි ව්‍යවස්ථාපිත (වාර්ශික) විගණනය සහ අභ්‍යන්තර විගණනය මේ දෙකම දුර්වල වෙලා නෙමෙයි උවමනා වෙන්ම දුර්වල කරවලා . ඉතින් වංචා සහ දෝෂ කාලීනව හෙළිදරව් වෙන්නේ කෙසේද? වංචා සහ දෝෂ නැති පාලන ක්‍රමයක් ඉදිරියේදී එන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. රටේ නායකයගේ ඉඳලා පේන්න තියෙන්නේ වගවීම ප්‍රතික්ෂේප කිරීමනේ...

      Delete
    2. වගවීමක් ඇත්තෙම නෑ නෙව. නැත්තං මේ තියන අවුල්වල හැටියට කී දෙනෙක් ඉල්ලා අස්වෙන්න එපැයි.

      Delete
  17. වැට් එකට කෙලපු එකා ලොකු ලොකු තැනවලට සම්බන්ධ කෙලි කාරයෙක් නොවූ හින්දා මාට්ටු උනා..ඊට පස්සේ ලොකු ලොකු අය එක්ක ඩීල් එකක් දාගන්ට ඇති මාටියා ගහපු සමහර ඒවා ෂෙයා කරගන්ට. ඒක වෙන්නැති අවුරුදු එකසිය ගාන තුනට බැස්සේ. හෙජින් කේස් එක නං ලොකු ලොකු කස්ටියමනෙ..ඒහින්දා කවදාවත් ඕකට කේස් ෆයිල් වෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. ලොකු අයගෙ ඒව අහුවෙන්නෙ නෑ ‍ෙනව.

      Delete
  18. ඔය මනුස්සයගෙ වත්කම් ටික පත්තරේ දාලා තිබ්බා, ඒ දිහා බැලුව ම කෝටි 1000 ගෙවන එක ගේමක් නෑ මිනිහට. තෝරු මෝරු ටික රිංගලා ගියාට පස්සෙ ෂෝ එකට පොඩි හාල්මැස්සෙක් අල්ලලා. මිනිස්සුන්ට කතාකරන්නත් දෙයක් තියෙන්නෙපැයි... මට තේරෙන්නැත්තේ අර දඬුවම අවු තුනකින් ගෙවෙන්නේ කොහොමද කියලයි....?

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක. සෑහේනන වත්කම් තියනව වගේම ඒව තක්සේරු කරල තිබුනෙත් අඩුවෙන්.

      Delete
  19. මෙහෙමයි රාජ්,

    ආණ්ඩුවට කඩේ යන තුරු කිසිවකුත් මේ වැරදි වලට වරදකරුවන් නොවනු ඇත. නමුත් ආණ්ඩු විරෝධී වූ විට හෝ ආණ්ඩුව වෙනස් වූ විටෙක ඔවුන් සමාජය ඉදිරියේ නිරුවත් වනු ඇත. නමුත් ඔවුන් එවිටත් පැත්ත මාරු කර අලුත් ආණ්ඩුවට සෙට් වුව හොත් තව දුරටත් මේ ගසාකෑම් නොවිසදීම පවතිනු ඇත. මේ වූ කලී දේශපාලනය විසින් ගිලගන්නා මහජන මුදල් පිළිබද ඇත්ත කතාවයි......................

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තියනව. ඔය ලොක්ක ලඟත් තියනවලුනෙ කාගෙ කාගෙත් ෆයිල්. එලියට ගියොත් අදින්න

      Delete
  20. මේක කියවලා බලපන්. සුදුළුනු ටැක්ස් සොමියක්. ඔය නටරාජන් කියන බුවා ලංකාවේ පොරක් කියලත් ඒ දවස්වල කතාව තිබුනා. ෂුවර් නැහැ.
    Garlic smuggler flees conviction for £2m ginger

    Man jailed for garlic import scam
    A man from west London is on the run after being sentenced to six years in jail for smuggling garlic from China into the UK.

    Murugasan Natarajan, and his assistant Lakshmi Suresh, were convicted of dodging £2m in import duty.

    They had told customs officials that thousands of kilos of garlic were, in fact, fresh ginger, which is untaxed.

    The fraud was described by the judge as "sophisticated, persistent and prolonged".
    The penalty was the longest sentence in the UK handed down in recent years for evasion of customs duty, HM Revenue & Customs (HMRC) said.

    Natarajan, 57, skipped bail after his arrest last year and was tried in his absence.

    At the Old Bailey, Judge Worsley QC sentenced the two in the continued absence of Natarajan. Suresh will have to pay £10,000 to the taxman alongside her 12-month suspended jail sentence.

    HMRC had launched an investigation into Natarajan after UK Border Agency officers found more than 7,000 kilos of garlic. HM Revenue & Customs later checked shipping records and discovered that imports of garlic had stopped but importations of fresh ginger - which are free of duty - had increased five-fold.

    Further checks showed that the temperature in the containers was too cold for ginger, but perfect for garlic, the tax authorities said.

    Peter Millroy, of HMRC, said: "Over 100 containers were identified where there were strong grounds to believe that the contents had either been understated or wrongly described."

    "These rules are designed to protect legitimate businesses from unfair competition," he added.

    About £150,000 in cash was seized by customs officers at Natarajan's property.
    His business, Perfect Imports & Exports, was based on an industrial estate in Southall.

    Garlic was imported and then stored there, before being sold to wholesalers.

    "This is the only prosecution involving garlic in recent years, although we have mounted prosecutions for similar offences involving a wide range of commodities. For example, ring binder mechanisms and industrial pipe fittings," said an HMRC spokesman.

    The tax authority explained that pretending the garlic was tax-free ginger saved Natarajan considerable sums.

    To protect EU garlic growers, imports from outside the EU are taxed at various rates: 9.6% of the value of fresh or chilled garlic, plus an extra levy of 120 euros per 100 kg imported; 14.4% on frozen garlic; 9.6% on preserved garlic; and 12.8% on dried garlic.

    ReplyDelete
    Replies
    1. දේශකය කියන්නෙත් මූ ගැනද මංද

      Delete
  21. ඔය ඉතින් එක්කෙනෙක් විතරනේ.. ඔය මනුස්සයා වටේ තව කී දෙනෙක් ඉන්නවද කියලා ඉතින් කවුද දන්නේ.. අග මුල හොයන් ගියොත් ඉතින් ඉහලම පුටුත් රත් වෙයි නොවැ..

    ReplyDelete
  22. /* හෙජින් ගිවිසුම කවරහුද? */

    හිතාමතා ම ද එහෙම ලිව්වේ? නැත්තම්, කවරහුද කියන්නේ පුද්ගලයෙක්/පිරිසක් ගැන අහන කොටයි. උදාඃ හෙජින් ගිවිසුමට වග කිව යුත්තේ කවරහුද?

    ReplyDelete
    Replies
    1. හෙජින් ගිවිසුමට වග කිව යුත්තේ කවරහුද?

      ඒකමයි. හිතාමතා දැම්මෙ

      Delete
    2. නැහැ රාජ්, කකා කියන්නේ හෙජින් ගිවිසුම කවරහුද? කියන එකේ කිසි තේරුමක් නැහැ. වෙන තේරුමක් දෙන්න හැදුවා නම්, වෙන දෙයක්. උදා මහින්ද යනු කුමක්ද? වගේ

      Delete
  23. ප්‍රතිගාමියා!
    රාජ්‍ය සේවය සහ රජයේ සේවකයන් සම්බන්ධව බලපවත්නා නීතිරීතීන් වලට දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියන් යටත් වන දිනය කවදාද?
    යකෝ එහෙම වෙන්නේ ඔය අධිරාජ්‍යවාදී රටවල් වල විතරයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒක ඇත්ත!

      Delete
  24. මම වසර ගණනාවක් මුළුල්ලේ රාජ්ගේ නවාතැනේ නිත්‍ය පාඨකයකු වීමි. බොහෝ පෝස්ට් වල නිර්නාමිකව සටහන් තැබීමි. වල් පල් නොවේ. වැදගත් තොරතුරුය. (අවශ්‍ය නම් මේ IP number එකෙන් තබා ඇති කමෙන්ට් මොනවාද චෙක් කරන්න.) එහෙත් රාජ් කළ අන්තිම පහත් වැඩක් නිසා කළ කිරුණෙමි. මින්පසු මම මෙහි කිසිම කමෙන්ට් එකක් පළ නොකරමි. මේ මාගේ අන්තිම කමෙන්ට් එකයි. මිනිසුන් හඳුනා ගතිමි.

    ReplyDelete
    Replies
    1. මගේ අඩවිය තුල ඇනෝනිමස් විවෘත කර ඇත්තේ ඔබ වැන්නන්ගේ අදහස් අපේක්ෂාවෙනි. ටැබූ සබ්ජෙක්ට් ලේඛකයාගෙන් මා ඉගෙනගත් දෑ බොහෝය. එහෙත් ඔබට අනුව "ටැබූට අපහාස කිරීම/එසේ කරන්නන්ට ඉඩදීම" යන්න සහ එය මට අනුව "එසේ නොවීම/ටැබූට අමුතු රිදීමක් නොවේ යයි සිතීම" යන විසංවාදය කමෙන්ට් ලක්ෂ ගනනකින් වුවද අවසන් කලහැක්කක් නොවේ. මෙවන් අවස්ථාවලදී මගේ ප්‍රතිචාරය නිහඬතාවය මඟින් සංවාදය අවසන් කිරීමයි.

      ඔබේ අයිපී පරීක්ෂා කිරීම අවශ්‍ය නැත. ඔබ වැදගත් අදහස් දක්වන්නකු විය හැකිය. ඉදිරියේදී කමෙන්ට් කිරීම නොකිරීම පිලිබඳ තීරණය ඔබේය. මෙතෙක් දැක්වූ අදහස් වලට ස්තුතියි.

      Delete
    2. කමෙන්ට් කපමි. කැකුණ තලන්න ඉඩ නොදෙමි! :-)

      Delete
  25. හොරු,හොරුන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගනී කියලා හිතන්න බැහැ නේද රාජ්.අනික පහත් තැනින් තමයි ජලේ ගලා යන්නේ .

    ReplyDelete
  26. මචන් උබ මෙ කියන්නෙ කොයි රට ගැනද

    ReplyDelete
  27. ලංකාවෙ ගොන් මීහරක් මන්තිරියො ටික පන්නලා පාර්ලිමේන්තුවට නිලධාරි ටික ගෙනාවා නම් හරි...මොකද අමාත්‍යංශ ඇතුලෙ ඇමතියාට විෂය ගැන අවබෝධයක් නැති නිසා..නිලධාරී මාෆියාවට අවශ්‍ය දේ තමයි වෙන්නෙ.

    ReplyDelete