Thursday, May 22, 2014

දේශකයගෙ නදීලා රාජ්ට පේන හැටි....

පහුගිය දවසක අපේ දේශකතුමා හොඳ කෙටි කතාවක් ලියල තිබුන. කතාවෙන් කියවෙන්නෙ ආණ්ඩුවෙ කන්තෝරුවක වැඩකරන කාන්තාවක් (නදී) ගැන. ඉස්කෝලෙ යන කාලෙම යාළු වෙච්ච කොල්ල එක්කම එයා විවාහ වෙනව(සුමාල්) . කොල්ලගෙ රැකියාව කරවල වෙළඳාම. බොහෝමයක් වෙළෙන්දන්ගෙ ජීවි‍ත වගේම සුමාල්ගෙ ජීවිතයත් කැප වෙන්නෙ වෙළඳාමට. වෙළඳාම එයාගෙ ජීවිතේ වැඩි හරියක් වෙද්දි එයාට නදීව මිස් වෙනව. ස්වාභාවික ජීවිතයක් ගතකරන කෙනෙකුට ඊට පස්සෙ වියයුතුම විදියට නදී තමන්ට සමාන වෘත්තීය ජීවිතයක් ගතකරන පිරිමියෙකුට (ශ්‍යාමල්) ලං වෙනව. නදී, සුමාල්ගෙ කරවල ගඳ වෙනුවට ශ්‍යාමාල්ගෙ විලවුන් සුවඳ තෝරා ගැනීම සාධාරණීකරනය කරන්නද කොහෙද සුමාල්ගෙ අම්ම තමන්ගෙ ලේලියගෙ අනියම් සම්බන්ධයට උපකාර කරල කතන්දරයේ අවසානය 'ලස්සන කරන්න' දේශකය කටයුතු කරනව.

දැන් අපේ කතාවට බහිමු. ලඟදි දවසක් මම දන්න කියන කන්තෝරු නෝන කෙනෙක් එක්ක පාර අයිනෙ ඉන්නව. මම ඉන්නෙ බස් එක එනකල්. එයා ඉන්නෙ තමුන්ගෙ සැමිය එනකල්. යතුරු පැදියෙන් ඈතින් එන ස්වාමි පුරුෂයා දකිනකොට විහිළු කරමින් හිටිය ඈ මගෙන් ඉල්ලීමක් කරනව.

"ඔන්න එනව. අනේ ඔයා ඔන්න මොකුත් කියන්න එපා"

ඇය මේ ඉල්ලා සිටින්නෙ (දෙපැත්ත කැපෙන) විහිළු කරන්න එපා කියල. ස්වාමිය ලඟට ආවත් එක්කම කෙලිලොල් ගතිය අමතක කරපු ඈ යන්නං කියල බයික් එකේ නැගල යන්න ගියා. ඊට කලින් බිරිඳ තමන්ගෙ සැමියා හඳුන්වා දුන්විට ඔහු කුලෑටිකමින් මා එක්ක හිනාවුනා.
සාමාන්‍යයෙන් රැකියාවක් කරන කාන්තාවක් ස්ථිර රැකියාවක් නොකරන හෝ ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වෙච්ච තැන්වල බොහෝවිට මම දැකල තියන අවුලක් තියනව. ඒ තමයි ඔවුන්ගේ වෘත්තීය ජීවිතය හැබෑ ජීවිතයත් එක්ක ඇතිවන ඝට්ටනය. විශේෂ අවස්ථාවල අපි එක්ක සෙට්වෙන, නෝනලාගේ රැකියා නොකරන මහත්වරු, රැකියා වෘත්තිකයන් වන අපිත් එක්ක හොඳ පෑහීමක් ඇති වෙනව අඩුයි. අපේ විහිළුතහළු කතාබහ කොහොමත් ඔවුන්ට ආගන්තුකයි. අර කියපු අවුලට මුල ඒකයි.

යෝජිත විවාහ වැඩියෙන් සිදුවෙන ලංකාවෙ කාන්තාවන්ට තියන 'ඉල්ලුම' පිරිමින්ට සාපේක්ෂව අඩුයි. ජනගහනයේ කාන්තාවන් ප්‍රතිශතය මඳක් වැඩිවීම, කාන්තාවගේ 'රූපය' කෙරෙහි තියන ඉල්ලුම, ඔක්කෝටමත් වැඩිය රජයේ රැකියා වල යෙදෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහල යාම වගේ කාරණා නිසා රැකියාවල් කරන කාන්තාවන්ගෙන් යම් ප්‍රමාණයකට සිදුවෙනව වෙනස් වෘත්තීන් වල යෙදෙන පිරිමින් එක්ක විවාහ වෙන්න. මේ පිරිමින් අතරෙ ඉන්න පුළුවන් එතරම් අධ්‍යාපනය නොලැබූවන්. ඒ උදවිය අතරෙ කතාවෙ කියන අවුල වෙන්න තියන ඉඩකඩ වැඩියි. කොහොම නමුත් මේකෙ අනිත් පැත්තෙදි අවුල ටිකක් විතර අඩුයි. රැකියා කරන පිරිමියෙක් රැකියා නොකරන කාන්තාවක් එක්ක සෙට්වුනොත් මෙච්චර අවුලක් වෙන්නෙ නෑ.

පහුගිය දවසක මට මුනගැහුන කපු මහත්තයෙක් කිව්ව අපූරු කතාවක්.
"මහත්තයෝ.... මේ කොරියාවෙ ගිහිං ආපු ඉලන්දාරි ඉන්නව නේද.... මුං හොයන්නෙම ගුරුවරියො! සල්ලි ටිකක් තිබුනට ගුරුවරියො මුංට කැමති නෑ.... මට දවසක් මිස් කෙනෙක් දුන්න මාර ලෙක්චර් එකක්.... එයා කියනව මෙහෙම. ඔන්න මේ ළමයි රට යනවලු. ඊට පස්සෙ අවුරුදු දෙකතුනක් ඉඳල සල්ලි ටිකක් හොයාගෙන තට්ටු දෙකට ගේ හදන්න පටන් අරගෙන යට තට්ටුව යන්තං හදාගෙන ඒකෙ පදිංචි වෙනවලු. ඊට පස්සෙ ලීසිං කරල ගන්නවලු පොඩි ලොරියක් නැත්තං වෙන වාහනයක්. මේව කරනකොට සල්ලි ඉවර වෙනවලු, ඊට පස්සෙ ගුරුවරියක් හොයනවලු කසාද බඳින්න, වාහනේ ලීස් ගෙවාගන්න!

කතාව ඇත්ත නං මේ වගේ තැන්වල ඉන්න හුඟ දෙනෙක් නදීල.

134 comments:

  1. තැන්කුයි රාජ් මට දීපු සප් එකට..

    ඔය රාජකාරි විශමතාවය නිසා බොහෝ ප්‍රශ්න ඇති උන අවස්තා එමට මං දැකල තියෙනවා.. හුගක් අය තුල ඇති වන මානසිකත්වය මත එකතු උනාට, පසුව ඔවුන් තුල මානසිත්ව සබැදියේ දෙදරීම් ඇති වෙනවා. සාමාන්‍යායන් ඕනම මනුස්සයෝ දෙන්නෙක් අතර උනත් අවබෝධය කඩා ඉහිරෙන්න පුළුවන්. ඒක නිසා ඒක සාමාන්‍යයි.

    ඒත් උඹ කිව්ව වගේ ඔය වගේ කෙලිලොල් පැටික්කියෝ තමන්ගේ හබියා හැන්දෑවට බයික් එකෙනන් එන කොට අහිංසක පූස් පැටියෙක් වගේ කතා බහ නතර කරල ඉන්නවා. හැක්.. ඔව් බං ඒක ඇත්ත...

    සමාජය තුල විෂමතාවයන් විනිවිද යන්න බැහැ හුගක් වෙලාවට. කොතනින් හෝ පැලුමක් ඇවිත් සබදතා පළුදු වෙන්න ඉඩ තියෙනවා. උඹේ නිරික්ෂණය ප්‍රභලයි...

    ReplyDelete
    Replies
    1. විෂමතාව
      ප්‍රබලයි
      තොට තේරුණාද දූසකයෝ.

      Delete
    2. ඇත්තටම ඇයි ඕකාට දූසකයා කියන්නේ?

      Delete
    3. දේශා
      සොරි උඹේ ලින්කුව මිස් උනා බං. මළ‍ ගෙදරක ගිහිං දැං ආවෙ. දැං හරි.
      මටත් හිතුන උඹට ඔය අත්දැකීම අැති කියල. සමහර වෙලාවට මට පුදුමත් හිතෙනව සමහර චරිත පොඩි විහිළුවකට සීරියස් වෙනහැටි දැක්කම. කිව්වට මොකද සමහර බුවාල හිතං ඉන්නව අපි කොච්චරවත් උත්සාහ කරන්නෙ උන්ගෙ ගෑනුන්ට %^@#$%^$@#ගහන්න හදනව කියල. ඔව්. සහතික ඇත්ත බං.

      හැලපෙ,
      ඔය වැඩේ කලකට ඉස්සෙල්ල නැවතුනා නමුත් මම නං කැමතියි භාෂාව ගැන කියන එකෙක් දෙන්නෙක්වත් ඉන්නව නං.

      ඉලපත
      කරන වැඩවල හැටියට නෙව කාඩ් වදින්නෙ.

      Delete
    4. හැලපේට ආයිත් මාන්දම හැදිලද බොල.. හැක්.. හරි හරි බං තේරුනා. වැරුද්ද හැදිනගත්තා. හැබැයි පුතේ මං කමෙන්ට් කරද්දි නං ටයිප් වෙන්නේ මොන අකුරද කියලවත් බලන්නෑ.. ඒකයි අවුල..

      Delete
    5. වයිෆ් එනකොට හස්බන්ඩ්ල කොහොමද?

      Delete
  2. දේශකයා හිතුවට වඩා වැඩි යමක් හිතල රාජ් ඒ කතාව තව දුරටත් අරන් ගිහින්. ඔබේ කතාව හරි. දේශකයා කළේ සුකාන්ත අවසානයක් ගන්න තම හිතලුව ගොඩ නගපු එක. ඔබ දැන් එහි යථාව ස්පර්ශ කරමින් ගැඹුරු දැක්මක් ගෙන හැර දක්වනවා. ඇත්ත මේ විසමතාව තමා බොහෝ ගැටලුවලට මුල.

    ReplyDelete
    Replies
    1. මට දැනුනෙත් මේ දේම තමයි . අපේ සමියගෙන් අහන්න ඕනේ කොරියාවේ ඉදලා ඇවිත් ටීච කෙනෙක් බදින්න හිතුනේ නැද්ද කියලා.. රාජ් හොද ලිපියක්.

      Delete
    2. බොහොම ස්තුතියි දෙන්නටම

      Delete
  3. කොරියාවෙ නෙවෙයි බං මැලේසියාවෙ ඉන්න අපේ සිරාත් හොයන්නෙ ගුරුවරියක් නොවැ.උඹ දන්න කෙල්ලෙක් හෙම නැද්ද.

    ReplyDelete
    Replies
    1. සිරා කෙල්ලක් හොයනවද? ට්‍රයි එකක් දෙන්න පුළුවන්. අපේ කෙල්ලො ඉන්නව ඕන තරං. කොල්ලොයි හොයන්න බැරි

      Delete
    2. ඔය මිනිස්සු කවුරුත් කරන්නේ ගෑනු රවට්ටන එක.

      Delete
    3. මිසී සිරා ඔයාට නං හරි යනවා ටක්කෙටම...

      Delete
  4. ඕකට හේතුව අපේ තාම තියෙන තෝරාගත් රැකියා මානසිකත්වය එක අතකට... අනිත් අතට ඉතිං විවාහකයන්ගෙ අන්‍යෝන්‍ය අවබෝධය හදන්න ක්‍රමයක් ඇත්තෙම නැති එක... එක්කො අම්මලා තාත්තලා කියල දෙන්න ඕනෙ.. නැත්තං වෙන මොන ක්‍රමේකින් හරි කියල දෙන්න ඕනෙ... ඔය බැඳලා රට යන පිරිමි සහ ගැණු විවාහයෙන් පිට සම්බන්ධතා අති කරගන්න සිද්ධි වලදින් වැඩිපුරම බලපාන්නෙ ඔය සිද්ධිය... මේ කිව්වෙ හැමෝම මෙහෙම කරනවා හෝ හැමෝටම හේතුව මේක කියල නෙවෙයි.. නමුත් ලොකුම හේතුව ඕක...

    ReplyDelete
    Replies
    1. හිරුව හරි. හැමෝම මේ තත්වයට පත් වෙනව කියල මාත් කියන්නෙ නෑ නමුත් ඕක සෑහෙන්න බලපාන කේස් එකක්.

      Delete
  5. මමනම් හිතන්නෙ කොරියාවෙ ගියපු උන් හැමෝම අර පොඩිමෑන් ගෙ ටීචාලන්කාරය කියවන්න ඇති

    ReplyDelete
    Replies
    1. :-) ඒක මාත් කියෙව්ව.

      Delete
  6. // මුං හොයන්නෙම ගුරුවරියො! //
    S & M ලෝලියොද?

    ReplyDelete
    Replies
    1. S&M සම්බන්දේ වේවැල හින්දද??

      Delete
    2. ඔව්. ඒත් දනගෑසීම දෙපෑත්තටම අදාල නිසා S සහ M දෙකම වෙනව

      Delete
    3. //දනගෑසීම දෙපෑත්තටම අදාල නිසා// මං හිතන්නෙ නෑ ඒකනං කීයටවත් වෙන්න පුලුවන් කියල !

      ඔය ආසාව PMS නිසා වෙන්නත් පුලුවන් නේද?

      Delete
    4. දණ ගෑසීම- M
      දණ ගෑස්සවීම - S

      Delete
    5. Bondage Discipline Sadism Masochism (BDSM)

      Delete
    6. ගයිජින් වේවැල ගැන නොකිව්ව නං මම හොල්මං වෙනව.
      සමහර විට කොරියාව~ජපානය නිසා හෙන්තායි වෙන්නත් පුළුවන්

      Delete
    7. ජපන් බසාවේන් ඉංග්‍රිසියට ගිය වචන සැහෙන්න ප්‍රමාණයක් තිබුනට,සිංහලට ආවේ කාරතේ,සුමෝ,සකුරා,ත්සුනාමී වාගේ වචන විතරයි කියලා........ :D

      Delete
    8. ජපානේ ඇවිත් මහින්ද මහත්තයාගේ ලංකාව වාගේ ඔර්ජීනල් බෞද්ද රට.
      ලංකාවේ වගේම මෙහෙත් ගණිකා වෘතිය නිතීයෙන්ම තහනම්.
      ඊයේ පෙරේදා වෙනකම් කැසිනෝ මෙහෙ තහනම්. මහින්ද මහත්තයා,බුද්දාගමට කැසිනෝ කැපැයි කියලා පෙන්නලා දුන්නට පස්සෙයි , ජපන් ලොක්කා කැසිනෝ වලට පර්මීට් දුන්නේ.
      එහෙව් රටේ කොහෙද බොලව් හෙන්තයිලා,එස්ලා ,එම්ලා,බීඩීඑසෙම්ලා? කොරියාවේ වෙන්න ඇති.

      Delete
    9. එතකොට ශින්ජකුවල අර තියෙන කලාගාරවල වැඩ තහනම් නැහ්ද බඩු කාරයෝ ?

      Delete
    10. එව්වා නිත්‍යානුකූලයි ආගමානුකූලයි.
      මේකනේ සරත් ඔය සබ්ජක්ට් එකේ වැදගත්ම දේ හිල්. නිතීයත් ඒවාගේ තමයි ඒක හිලක් වැහුවාට තව හිල් තියෙනවා.

      මෙන්න විකීපිඩියාව නිතීය ගැන කියන දේ.
      Article 3 of the Anti-Prostitution Law (売春防止法 Baishun Bōshi Hō?) of 1956[18] states that "No person may either do prostitution or become the customer of it," but no judicial penalty is defined for this act. Instead, the following are prohibited on pain of penalty: soliciting for purposes of prostitution, procuring a person for prostitution, coercing a person into prostitution, receiving compensation from the prostitution of others, inducing a person to be a prostitute by paying an "advance," concluding a contract for making a person a prostitute, furnishing a place for prostitution, engaging in the business of making a person a prostitute, and the furnishing of funds for prostitution.[19]

      මේන්න හිල් ගැන කියන දේ
      The definition of prostitution is strictly limited to coitus.[20] This means sale of numerous acts such as oral sex, anal sex, mammary intercourse and other non-coital sex acts are legal. The Businesses Affecting Public Morals Regulation Law of 1948 (風俗営業取締法 Fūzoku Eigyō Torishimari Hō?),[21] amended in 1985 and 1999, regulates these businesses.

      හැබැයි සරත් ෂින්ජුකු වල කලාගරවලට ගිහින් වැඩක් නෑ.ෂින්ජුකු ස්ටේෂමෙන් බැහැලා කබුකීචෝ පැත්තට ඇවිදන් යන්න.

      Delete
    11. //එව්වා නිත්‍යානුකූලයි ආගමානුකූලයි.//
      :D

      Delete
  7. ගොඩක් ඉගෙනගත්තු ගෑනු ලමයි බඳින්නෙත් නෑ දැන් කාලේ ...රාජ් ඒක දැකලා තියෙනවද? තමන්ට මෙච්චර සැපට ඉන්ට පුලුවන් එකේ කාගෙවත් වැඩ කර, කර ඉන්නේ මොකටද කියලා හිතනවා ඇති. :)

    ගුරුවරියෝ කොහොමත් හොඳයි . අපේ අප්පච්චිත් ඒක කියනවා.

    ReplyDelete
    Replies
    1. අප්පච්චි බැන්දෙත් ගුරුවරියක්ද.

      Delete
    2. ඔව්ලුනේ. අප්පච්චිගේ අම්මත් ගුරුවරියක්ලු. :D

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. පොඩ්ඩි
      අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ විදියට ගොඩාක් ඉගනගත්තොත් නං අවුරුදු 40ක් විතර වෙලා තමා නවතින්න වෙන්නෙ. ඊට පස්සෙ බඳින්න කාලයක් නෑ. (බැන්දත් එහෙමකට වැඩක් නෑ :-)

      Delete
    5. මාත් ප්ලොගේ කියමනට එකඟ වෙනවා.
      මොකට බඳිනවද අප්පා. දැන් ගෙවන ජීවිතය කොයි තරම් හොඳයිද කියලා අපිත් හිතනවානේ.

      Delete
    6. ඊට පස්සෙ බඳින්න කාලයක් නෑ. (බැන්දත් එහෙමකට වැඩක් නෑ :-)
      පිස්සුද රාජ්. ඔය හණමිටි අදහස්. හතලිහෙන් උඩ අය ගැන පොඩ්ඩක් හොයලා බැලුවා නම් දැන් ඔය පොඩි කෙල්ලෝ දිහා කොල්ලෙක් බලන එකක්වත් නෑ. ;)

      Delete
    7. දැන් කාලේ හොඳට ඉගෙනගත්ත කොල්ලන්ට කසාද බැන්දේ නෑ කියලා ප්‍රශ්නෙකුත් නෑ. මොකද කාගෙවත් වැඩකරකර ඉන්නෙ මොකද කියල හිතන ගෑනු එක්කෙනෙක් නෙවෙයි කීපදෙනෙක්ම ආශ්‍රය කරන්න පුලුවන් නොබැඳ හිටපුවහම.

      Delete
  8. //ඊට පස්සෙ ගුරුවරියක් හොයනවලු කසාද බඳින්න, වාහනේ ලීස් ගෙවාගන්න! //
    මං හිතන් හිටියේ බඳින්ඩ ගුරුවරියෝ හොයන්නේ දවස් බාගේ රස්සාව,මාසේ එකාමාරේ නිවාඩු තියෙන හින්දා කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව්, ගුරුවරියො හොයන්නෙ ඒකට තමා මාත් හිතන්නෙ. අනික ඔය ඔක්කොම නිවඩු සහ සේවා කාල පහසුකම් එක්ක හොඳ පඩියකුත් තත්වයකුත් තීන, කාන්තාවන්ට පීඩනය, අවේලාවෙ රාජකාරි අඩු (වගේ පේන ) වෙන රස්සාවක් නැති තරම්.

      Delete
    2. මමත් හිතන්නෙ කොරියා ගිය උන් නෙවෙයි ගොඩක් උන් ගුරුවරියො හොයන්නෙ නිවාඩු පාඩු වැඩි වගේ පේන රස්සාව නිසා. කන්තෝරු වලට යවන්න තියන බයත් හිත යටින් ඇති සමහර අය ගෙ, ඉස්කෝල කියන්නෙ සාපේක්ෂව ඕපන් තැන් නේ.

      Delete
    3. මමත් හිතන්නෙ හුඟක් අය ගුරුවරියො හොයන්න හේතුව ඔය දවස් බාගෙ රස්සාවයි, අවුරුද්දට මාස තුනක නිවාඩුවකුයි තියෙන නිසා. තව ඔය ඉස්තෝලෙහාමිනේල හුඟක් අය මල පෙරේතයි, සකසුරුවමට දක්‍ෂයි. අනික ඕන්නං ගෙදර ඉඳන් ටියුෂන් පාරකුත් ඇදතහැකි. මොනව නැතත් අන්තිම කාලෙට කාල ඉන්න විශ්‍රාම වැටුප හරි තියෙන නිසා රජයෙ රැකියා කරන කාන්තාවන්ට ඉල්ලුමක් තිබුනත් ඒකෙනුත් ගුරුවරියක් තෝර ගත්තම බෝනස් එකත් නිකන්ම ලැබෙනව.

      Delete
    4. ගුරුවරියො හොයන්න හේතුව උඹල කියන එක තමයි. කාන්තාවට හොඳයි කියල පිලිගැනෙන වෘත්තියක් තමයි ගුරු වෘත්තිය.

      Delete
  9. මගුලක් කියනවා... ඇයි ලංකාවේ හුග දෙනෙක් නර්ස්ලාව බදින්න අකමැති..සහ ගුරුවරියන් බදින්න කැමති...?

    හේතුව සරලයි... මේ දෙගොල්ලම තම තමුන්ගේ වෘත්තියට අනුව නිතර කියන්න පුරුදු උන වාක්කිය කිහිපයක් තියෙනවා... :D

    නර්ස්ලා - අනේ මේ.. බොරුවට කෙදිරි නොගා අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා... (ඉතා සැරෙන් )

    ගුරුවරියෝ - හා එහෙමනං ඊයේ නැවැත්තුව තැනින් පටන් ගන්න බලන්න.. (ඉතාමත් කරුණාවෙන්.. ආදරයෙන්..)

    ඉතිං දැන් පැහැදිලියිනේ කාරණාව.. :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කොහොමද හෝම් වර්ක් කරල නොහිටියොත් කන්න වෙන කෑම? අනික ඒගොල්ලො වැරදි පාරෙ ළමයින්ට යන්න දෙන්නෙ නෑ. ඒකට නර්ස්ල. විසබීජ සතේකට ගනං ගන්නෙ නෑ. කොහොම හරි එකතැනක් බැරිනං තව තැනක් විදල හරි බෙහෙත දෙනව. අන්න ඒවයි අගය කරන්න ඕන.

      Delete
    2. මට අපැහැදිලි මාරයයිය ඔය කාරණාව සහ සුද්දෙන්ම පැහැදිලි කරගත්තෙ කොහාමද කියල.. :D

      Delete
    3. අඩෝ මාරය නර්ස් නෝනලට මොකුත් කියන්නෑ හරිය!
      මගේ නර්ස් නෝනට නං ඔය කියන මොකුත් නෑ. කියන පමාවෙං.....

      Delete
    4. රාජ්ට නම් රියල්ටි . ඒත් නර්ස් එකත් ජනප්‍රිය ෆෑන්ටසි එකක් නේ? බොන්ඩේජ් එක්ක සමහරවිට

      Delete
    5. මාරයා..ඔය කථා කිව්වෙ ඉස්සර ගුරුවරියො...අද උන් කියන්නෙ...

      ළමායි...අද ස්ටාෆ් මීටින්...ඒක නිසා සද්ද නොකර පොතක් බලාගන්න කියලා...

      Delete
  10. ඔතන ගොඩක්ම තියෙන්නෙ තමන් පිලිබදවම වූ ලැජ්ජාව වගේ දෙයක් වෙන්නත් පුළුවන්. තමන් කරන රැකියාවත් තමන්ගෙ වෘතියත් සංසන්දනය ක‍රමින් තමන්ගෙම හිතට වඳ දෙමින් කරන මානසික අරගලයේ ප්‍රථිපලයක් තමා මේ.

    //නදී තමන් මුදල් සොයනා ආකාරය පිළිබදව නොදන්නා බවත් ඇයට එහි කිසිදු වගකීමක් නොමැති බවත් ආණ්ඩුවේ සොච්චං පඩියකට කම්මැලි රස්සාවක් කරන ඇයට තමා ගේ මහන්සියෙහි කිසිදු වටිනාකමක් නොමැති බවත් සිතට නැගීමෙන් සුමාල්ගේ කෝපය තීව්ර වන්නට විය. // (උපුටා ගත්තෙ දේශාගෙ කතාවෙනි. )

    ඒ කොටසෙන් ඒක හොදටම පැහැදිලි.

    ඒත් තම තමන්ගෙ වෘත්තිය මට්ටමයි පවුල් ජීවිතයයි පැහැදිලි ඉරකින් වෙන් කරගෙන ජීවත් වෙනවනම් සෑහෙන්න දුරට සාර්ථක විය හැකියි.

    ඒ වගේම ඔබ කියපු අර බයික් සැමියගෙ බිරිඳ සුමාල්ට වඩා සාර්ථකයි (පවුල් ජීවිතයේදි, මම දකින විදිහට.) මොකද ඇයත් සුමාල් වගේ "මම කරන්නෙ රජයේ රස්සාවක්. මට මගෙ යහළුවො එක්ක ඒ මට්ටමින් ඉන්න ඕන. තමුසෙ ඕන මඟුලක් කර ගන්නවා" කියලා කැත්තට පොල්ල වගේ හිටියා නම් සොරිම තමා.

    හැබැයි ඔහොම ඉන්න ගමන් සැමියට ඔය පිළිබදව හොදින් ඔය පිළිබදව තේරුම් කර දෙන්නත් ඇය දැන ගත යුතුයි. එසේම ඒ පිළිබදව තේරුම් ගැනීමට ඔහුටත් බුද්ධියක් තිබිය යුතුයි.

    දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය තියෙනවා නම් ඔය ප්‍රශ්ණ බහුතරයක් ඉබේම විසඳිලා.

    ReplyDelete
    Replies
    1. රයිට් උඹේ පැහැදිලි කිරීම තමා හොඳම පැහැදිලි කිරීම. ඒකත වෙන්න පුළුවන් හේතුව.
      ඔය කියන අන්‍යෝන්‍ය අවබෝධය නැති එකයි මෙතන තියන අවුල. මොකද ලංකාව වගේ රටකදි අවබෝධය කිරීමක් ගැන හිතන්න පුළුවන් බහුතරය රැකියා වලට යොමු වෙනව. ඉතිරි ටික තමයි මේ චරිත ටික. ඉතිං ප්‍රතිපලය පැහැදිලියි නෙව.

      Delete
    2. ප්‍රියා . ඔය තියෙන්නේ මස්සිනා ගින්දර සේ !!!!
      ++++++++++++++++++++++++++++++++

      Delete
  11. මමත් ඒ ලිපිය කියෙව්ව.එතන ලොකුම අසාධාරණය වෙලා තියෙන්නෙ සුමාල්ට.නමුත් ලස්සනම වැඩේ සමහරු නදී හරි කියන එක. දේශකලයගෙ කතා හුඟක ශෛලිය ඕක තමයි.මේ විදියට වෙන්න ගියොත් පවුල් ඒකක ඉතිරි වෙනවද
    තමන්ට ගැලපෙනවද කියල බලන්න වෙන්නෙ බදින්න ඉස්සර.

    මෙතන සුමාල් ගෙ පැත්තෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනව.රජයේ සේවකයෙක් වගෙ නොවෙයි ඔය වගෙ රස්සා කරන ලොකු දුකක් විදිනව.එහෙම දුක් විදල ඔය වගෙ බිස්නස් එකක් ඉහලට ගන්නව කියන්නෙ පුදුම අමාරු වැඩක්.මෙතන අරුම පුදුම සුමාල් ගෙ අම්ම.දුක් විදල පවුල නඩත්තු කරන තමන්ගෙ පුතාට විරුද්ධ වුන එක.නදී කියන්නෙ කාම ධේනුවක් තමයි.සමහර විට සුමාල්ගෙ අම්ම එක්ක සමලින්\ගික සමබන්ධයක් තියෙන්න ඇති.කිසි වරදක් නැති පුතාට විරුද්ධව ලේලිගෙ අනියම් සම්බන්ධයට උදව් කලා කියන්නෙ බරපතල දෙයක්. සුමාල්ව මරන්ඩ වුනත් නදීට සුමාල්ගෙ අම්මගෙ උදව් ගන්න තිබුන.
    ගෙදර ගෑනියෙක් ඉන්නවද බැලුවෙ නෑ වගෙ කතා වල්කමේ යන කවුරුත් කියන ඒවනෙ.සුමාල්ට වහ බොන්න තරම් දෙයක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දේශකය ගෙ කතාවෙන් නම් සුමාල්ට සාධාරනේ ඉෂ්ට වෙලා තිබුනෙ නෑ තමයි. මම හිතන්නෙ නදී ගෙ කේස් එක ස්ට්‍රොං නෑ කියල හිත යට තිබුනු නිසා තමයි අර අහක ඉන්න අම්ම කෙනෙක් දම්මල නදී ව අතාත්වික විදියට ජස්ටිෆයි කෙරුනෙත්.

      // සමහර විට සුමාල්ගෙ අම්ම එක්ක සමලින්\ගික සමබන්ධයක් තියෙන්න ඇති.//

      ඇනෝ ඔච්චර දරුනු වෙන්න එපා :)

      Delete
    2. සුමාල් රජයේ රැකියාවක් කළාය නදී ඩර්ටි ජොබ් එකක් කළාය කියා සිතමු.දේශකයාට අනුව ඩර්ටි ජොබ් වන කරවල විකිනීම වැනි රැකියාවක් නදී කළා යයි සිතමු.සුමාල් කම්මැලි රැකියාවක් කරයි.ඔහු තම කාර්යාලයේම නිළධරිණියක් සමඟ මිතුරු වෙයි.නදීගේ පියාගේද උදව් ඇතිව ඇය සමඟ පලා යයි.මේ කතාවෙ අනික් පැත්ත ඔහොමයි.
      එතකොට මෙතන නදීගෙ පැත්තට කොමෙන්ට් දාපු අය සුමාල්ගෙ පැත්ත ගන්නවද.ඒ අයම සුමාල්ට දොස් කියයි.මෙතන ගැහැනියකගෙ ආශාවන් ගැන කීව විදියට පිරිමියෙකුගෙ ආශාවන් නදී සැළකුවෙ නෑ .ඇය රැකියාව (සල්ලි )ගැන මිස සුමාල්ගෙ හිත හදුන ගත්තෙ නෑ කියල කියනවද
      දේශකය කියන කතාවෙම අනික් පැත්ත මම කිව්වෙ.නදී හොර මිනිහ එක්ක යන්න තමන්ගෙ ළැමයව මැරුවත් මෙතන නදීට පක්ෂව කොමෙන්ට් කරන්න අය ඉන්නව.දේශකයට තිබ්බෙ එහෙම කෑල්ලකුත් දාන්න.

      ටිකක් සාධාරණ විදියට හිතපල්ල මිනිස්සුනේ.දික්කසාද වෙන්න ක්‍රමයක් තියෙනව.විවාහයට විකල්පය හොරෙන් පැන යාම නොවෙයි.හැබැයි දේශකය ඔය වගෙ දේවල් යෝජනා කරනවනම් ඒ අයිතිය ගෑනුන්ට විතරක් නොවෙයි පිරිමින්ටත් තියෙන්න ඕන.එහෙම වුනොත් මානව සමාජය සී සීකඩ වෙයි.

      Delete
    3. ඇනෝ,
      මම ඒ කතාවට දාපු කමෙන්ටුවෙන් කිව්වෙ මේ දෙන්නගෙන් කවුද හරි කවුද වැරදි කියන එක කතා කිරීම තේරුමක් නැති වැඩක්. එහෙම බැලුවම ගෑනි වැරදියි. මොකද අරූ කරවල රස්සාව කරන්නෙ පවුල වෙනුවෙන් නෙව. අනිත් අතට මොනව කලත් මොකටද අෟ ලඟ කරවල ගඳ ඉවසන්න බැරිනං කියල හිතන ගෑනිටත් දොස් කියන්න බෑ. මේ අවුල ගැන කතා කරනව විනා ඔය වාදය නං ඉවර කරන්න පුළුවන් එකක් නෙවේ.

      Delete
    4. Anonymous May 22, 2014 at 3:47 PM

      //එතකොට මෙතන නදීගෙ පැත්තට කොමෙන්ට් දාපු අය සුමාල්ගෙ පැත්ත ගන්නවද.ඒ අයම සුමාල්ට දොස් කියයි.//

      මේක එක කතාවක් විතර නේ, කතා ලියන කොට ඉතින් එක එක විදියට ලියවෙනවා. අපි මේක අනික් පැත්තට ලිව්ව නම් මිනිස්සු කොහොම කමෙන්ට් කරයි ද කියල ජෙනරලයිස් නොකර ඉමු නේද? පෝස්ට් එකක් ලියපු කෙනාට කියන්න ඕන වුනා වගෙ පේන පැත්ත අනුමත කෙරෙන පැත්තට වැටෙන කමෙන්ට් කොහොමත් වැඩියි. ඉතින් බැලන්ස් එක සම්බන්දයෙන් දේශාට පොඩි අඩු පාඩුවක් උනත්, නදී ගෙ පැත්ත බලලා එන කමෙන්ට් ටිකක් වැඩි වෙන්න පුලුවන්.

      Delete
    5. මෙතන නදීගේ ප්‍රශ්නය සාධාරණ එකක් උනත් නදී එයාව බඳින්න කැමති වෙනකොට ඔය කරවල රස්සාව ගැන දැනගෙන හිටියෙ න්ද්ද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා.

      Delete
  12. දේශාගේ,කතාවේ රාජ් දාලා තිබ්බ කමෙන්ට් එකත් එක්ක මමත් එකගයි.
    අනික එතන වුනේ දෙන්නා අතරේ තියෙන ලිංගික බැදීමේ අඩුවක් නෙමේ.එකිනෙකා තේරුම් නොගැනීම ගැන කාරණාවක්නේ.සුමාල්ට තිබ්බා නදීව තේරුම් ගන්න.හැබයි එක සුමාල් මග හැර ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒක නොවෙයි මනෝජ් මෙතන වෙලා තියෙන්නෙ.දේශකය අනියම් සමබන්ධකම් හා අනාචාරය එකක් කරන්න හදනව.මේ කතාවෙදි නදීගෙ ලිංගික අවශ්‍යතාව නිසි ලෙස ඉටු නොවුන නිසා සුමාල් හැර යන්න ඇයට හැකි බව.ලේලිව නිසි ලෙස තුප්තිමත් නොකළ නිසා සුමාල්ගෙ අම්මත් සුමාල්ට විරුද්ධ වෙලා.මෙහෙම හැම ගෑනියක්ම හිතන්නෙ නෑ.ගෑනු හොර මිනිස්සු එක්ක පැනල යන එක අමුත්තක් නොවෙයි.ඒක කවදත් සිද්ධ වුනා

      Delete
    2. දෙන්නටම ස්තුතියි.

      Delete
  13. බහුතර තැන්වල රාජ් කියන තත්වය තමයි තියෙන්නේ.. විශේෂයෙන් සැමියා බිරිඳට වඩා පහල පන්තියක( යැයි සැලකෙන) රැකියාවක් කරනකොට..

    සමහර විට තම මිතුරන්/මිතුරියන් ඉදිරියේ තම සැමියාව හදුන්වාදීමේ අැති අපහසුතාව.. තමන්ට සමාජයේ අැති තත්වය සමග සැමියාගේ තත්තවය සංසංදනය කිරීම.. මේවා සියල්ල කල්පනා වූ විට තමන්ට මෙයිට වඩා හොද කෙනෙක් හොයා ගන්න තිබුණා කියන හැගීම අැතිවීම.. ඉන්පසු එ් ඔස්සේ සිත දුවමින් සැමියා ප්‍රතිෂේප කිරීම.. තමන්ගේ තත්වයට ගැලපෙන කෙනෙක් සොයා යාම.. ඉනික්බිති දික්කසාදය..

    මෙතැනදි වරද තියෙන්නේ රැකියා උසස් පහත් කියා බෙදාගත් මුළු සමාජයේම තියන වැරදි අාකල්පය.. එය පවතිනා තුරු මේ තත්වය පවතිනු අැත.. ලොක්කන්ට කොටු පැනීමට පහසුවනු අැත.. තවත් සුමාල්ලා සමාජයේ අතරමංවනු අැත...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. සුමාල් වගේ අයට අනුකම්පා කරනවට වඩා මෙතන අනුකම්පා කරන්න ඕනේ එහෙම මිනිහෙක් එක්ක විවාහ උන කාන්තාව ගැනයි.

      Delete
    2. //විශේෂයෙන් සැමියා බිරිඳට වඩා පහල පන්තියක( යැයි සැලකෙන) රැකියාවක් කරනකොට..//

      මම දන්න (දන්න කිව්වෙ පුද්ගලික හැඳුනුම් කමක් තිබුන කියන එක නෙවි) තැනක බිරිඳ දිසාපති. සැමියා ඒ දිස්ත්‍රික්කෙම පාසලක උපගුරුවරයෙක්. කරවල බිස්නස් එකට වඩා ගුරුකම හොඳයි කියල මම හිතනව. :)

      Delete
    3. විදානෙ කියන මූලික අවුල තමයි තියෙන්නෙ. ඒ වගේම රැකියාවල තත්වය කොච්චර සමාන උනත් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් වෙයිද?

      Delete
  14. කරවල වෙලෙන්දගෙන් ගැලවෙච්චි එකනම් හොඳයි. නැන්දම්මත් ඉතා හොඳ වැඩකුයි කරලා තියෙන්නේ. කොල්ලගේ අම්ම උනත් ගෑණියෙක් නිසා ගෑනියෙකුගේ දුක අඳුනගත්තා. ඒක හරිම වැදගත්. මම දේශකයගේ කතාවත් බලන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. බලල ඉවර වෙලා අපි පොඩ්ඩක් මුණගැහෙමුද මිස්??? මං එන්නං ඕන තැනකට
      ඕ යේස්

      Delete
    2. රයිට් ඒකත් බලන්න.
      පත්තර
      ගින්දර එක්ක සෙල්ලං වානා

      Delete
  15. මේ කතාව දේශකයගෙ අම්ම මතක් වෙන කතාවක්.මෙතන දේශකයට ඕන වුනේ නදී හරි කියල කියන්න.මම ඔය දේශකයො කියන අය ගැනත් යමක් කියන්න ඕන.දේශකයො කියන්නෙ කථිකාචාර්යවරු කියන මානසිකත්වයෙන් මම මේ කොමෙන්ට් එක කරන්නෙ.මෑතක් වෙනකම් මේ අයගෙ ලොකුම ඉල්ලම වෙලා තිබුනෙ උතුරෙ යුද්දෙ.මහලොකු උගත්තු කියල උතුරයි දකුණයි කළමනාකරනය කර ගන්න පුළුවන් වෙයි කියල අධිරාජ්යවාදීන් බාලාපොරොත්තු තියා ගෙන හිටිය.නමුත් මේ අයගෙ අන්තවාදී අදහස් සමාජයට දිරවන්න බැරිව එන්ජීඕ කියන වචනෙ කුනුහරපයක් බවට පත් වුනා.

    ලංකාවෙ ස්ත්‍රීවාදය ගැන පෙනී සිටින ප්‍රධාන පෙලේ දේශකයෙක් එක්ක මම වාහනේ යනකොට මූ රටේ ඔක්කොම ප්‍රදාන කාන්තාවන්ට ලිංගික අපහාස කළා.ඌ කියන විදියට හැමෝම ගණිකාවො.යුද්දෙ ඉවර වුනාට පස්සෙ මුන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ගය ස්ත්‍රීවාදය.ආසියා අප්‍රිකා රටවල ස්ත්‍රීවාදී ව්‍යාපෘති සදහායි වැඩිම මූල්ය ප්‍රතිපාදන වෙන් කරන්නේ

    මේ බ්ලොග් ලියන දේශකයා කොමෙන්ට් කරන විදිය මම කලක සිට නිරීක්ෂනය කළා.මොහුගේ ලිපි හා කොමෙන්ට් බටහිර රටක සිටින පූර්නකාලීන ස්ත්‍රීවාදිනියකගේ වගෙයි.

    ReplyDelete
    Replies
    1. මොන *ත්තෙ කතාවක්ද අප්ප ඒ

      Delete
    2. ඒ ඔයාගේ මනෝ ලෝකේ ඔයාට හිතෙන දේවල්නේ. ඉතින් එයා ස්ත්‍රීවාදියෙක් උනා කියලා ඔයාට තියෙන අමාරුව මොකක්ද. බටහිර දෙයක් උනත් ස්ත්‍රීවාදය කියන්නේ මුලු ලෝකයේම කාන්තාවන් ආදර්ශයට ගතයුතු ඉතා වැදගත් මතවාදයක්. ඔයාල වගේ පිරිමින්ට තියෙන්නේ පුරුෂාධිපත්‍යවාදී මානසිකත්වය අතඇරගන්න බැරිකම. ඔයා මොකක් කිවුවත් මෙ කතාවේ කරවල වෙලෙන්දට වෙච්චි දේ සාධාරණයි.

      Delete
    3. වනිතා හඩ ඔබ කොහොමද කියන්නෙ කරවල වෙළෙන්දට වුන දේ සාධාරණයි කියල .හේතුව මොකක්ද ඔබ කියන්නෙ දේශකය හරි කියලද

      Delete
    4. වනිතා හඩ මොකක්ද මෙතන ආධිපත්‍ය කතාව.

      Delete
    5. ///මේ බ්ලොග් ලියන දේශකයා කොමෙන්ට් කරන විදිය මම කලක සිට නිරීක්ෂනය කළා.මොහුගේ ලිපි හා කොමෙන්ට් බටහිර රටක සිටින පූර්නකාලීන ස්ත්‍රීවාදිනියකගේ වගෙයි///
      මටත් හිතුන ඕක ගැන. සමහර විට මේ දේශකය කියන්නෙ කෙල්ලෙක් වෙන්නත් පුළුවන්. කවුරුවත් දැකලත් නෑනෙ මූ.

      Delete
    6. කවුරුවත් දැකල නැ කියල කියන එක වැරදියි

      Delete
  16. ගැණිට වඩා මිනිහා ගේ රැකියාව ලංකාවේ සමාජ සම්මත ධුරාවලියේ පහලින් තියෙන එකක් වුනාම ටිකක් හොල්මන් තමයි. ඒ සමාජ බලපෑම නිසාමයි.

    ගෑල්ළමයි ඉංජිනියරින් කරන්න යනවා අඩු ඒ නිසා විය යුතුයි.

    8=)

    ReplyDelete
    Replies
    1. මිනිහගේ රැකියාව මොකක් උනත් වැඩක් නෑ. හැම කාන්තාවම දැනගන්න ඕනේ පිරිමින්ගෙන් යැපෙන්නේ නැතිව ඉන්න. ඒකයි නූතන යුගයේ වෙන්න ඕනේ.

      Delete
    2. ගෑණු ළමයින්ට ඉංජිනියරින් කරන්න පුලුවන්. ඒකේ කිසි වරදක් නෑ.

      Delete
    3. ඔවු වනිතා හඩ ඒකෙ කිසි වරදක් නෑ.

      Delete
    4. සබාව තුල තදින් සිනා :D

      Delete
    5. ඔ්ඩර් ප්ලීස්.....

      Delete
    6. කකා හරි. ඒක ලංකාවෙදි කේස් එකක්.(වෙන රටවල නැති කේස් නෙව මෙහේ තියෙන්නෙ)

      Delete
    7. ගෑණු ළමයි ඉංජිනේරු පීඨයට යන්න සමත් වෙන්නෙ බොහොම පොඩ්ඩයි...

      Delete
  17. රාජ් කෙටිකතාව හොදට පශ්චාත් විමර්ශනයකට ලක්කරල තියෙනව වගේ...
    කෝමත් අපි එක් එක්කෙනා බලන විදිය වෙනස් නෙව...
    නේද..
    ඇනෝ මහත්තුරු පවා...

    ReplyDelete
  18. මේ කතාව දේශකයගෙ අම්ම මතක් වෙන කතාවක්.ඔහුට කැමති දෙයක් ලිවීමේ නිදහස තිබෙනවා.නමුත් මේ කතාව ඉතාම අසාර්ථකයි.ඒ ඇයි කියලා කියනවනම් බහුතරයක් දෙනා මෙසේ හොරෙන් පැනල යාම ප්‍රතික්ෂේප කරනව. ව්ශේෂයෙන්ම සුමාල් ගෙ අතේ කිසිම වරදක් නැති නිසා.ඔහුගෙ එකම වරද ඔහුගෙ රැකියාව.
    මෙතන අනෙක් නොගැලපීම සුමාල්ගෙ අම්ම සුමල්ට විරුද්ධ වීම.මේක ඉතාම අස්වාභාවිකයි.
    මේක කොච්චර අසවාභාවිකද කිවහොත් සුමල්ගෙ අම්ම නොවෙයි ඔහුගෙ නැන්දම්ම වුනත් මෙහෙම කරයි කියල හිතන්න බෑ.නදීගෙ අම්ම වුනත් මෙහෙම අනියම් සමබන්ධතාවලට රුකුල් දෙයි කියල මම දන්න සිංහල සමාජයෙ නම් නෑ.
    එක තැනක සුමල්ගෙ අම්ම ඔහුට කරවල ගදයි කියල පිළිකුල් කරනව.නදීගෙ අම්ම මෙහෙම කරනව කිව්වනම් පිළිගන්න තිබුන.ඒක අහ්‍රිම අතාත්විකයි.
    කොමෙන්ට් කියවන කොට දේශකය දීපු උත්තර බලනකොට දේශකය මේ ක්‍රියාව අනුමත කරන බව පේනව.ඒ කියන්නෙ දේශකය අපේ රටේ විවාහය සහ සමස්ත සමාජ සංස්ථාවටමත් ජීවවිද්‍යාත්මක සම්බන්ධතා වලටත් අභියෝග කරනව.බටහිර පන්නයේ සමලිංගිකයන්ගේ හා හිපියන්ගේ ත් විකෘති මානසික කාමරෝගීන්ගේත් තිප්පොලක් බවට ලංකාව පත්වේවා කියල දේශකය ප්‍රර්ථනා කරනව වගේ පේනව.

    ReplyDelete
    Replies
    1. ඇයි සුමල්ගේ අම්ම උනත් එයත් ගෑණියෙක් නෙවෙයිද? එයා ගෑණියෙක් හැටියට ගන්න ඕනේ ලේලිගේ පැත්ත. මොකද පුතා උනත් පිරිමියෙක් නිසා. පිරිමි සේරම සාමන්‍යයෙන් කාන්තාවන්ගේ පීඩකයන් නිසා. ඔයා මෙතන මොක කිවුවත් නූතන යුගයේ ජීවත්වන කිසිවෙක් මුලා කරන්න බෑ.

      Delete
    2. සමලිංගිකත්වය කියන්නේ නරක දෙයක් නෙවෙයි. එය ඉතා මානුශීය හා උගත් බුද්ධිමත් සමාජය අනුමත කරන ප්‍රබුද්ධ ලිංගික ඇසුරක්. ඔයාට ඒක පෙන්නන්න බැරි ඔයා සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදියෙක් නිසා. බලන්න සමලිංගික පිරිමි කිසිවෙක් කාන්තාවන් දූෂණය කරනවද? නෑ. අනෙක නූතන කාන්තාවන්ද සමලිංගික ඇසුර ප්‍රිය කරනවා. ඔයාට මේවා මැජික් උනාට බටහිර දියුණු රටවල මේවා සාමාන්‍ය දේවල්.

      Delete
    3. වනිතා හඩ ඔයා හොඳ සිහියෙන්ද ඉන්නෙ.ඔයත් හරියට දේශකය වගෙනෙ කතාව. දෙන්න එකතු වෙලාද කතා ලියන්නෙ. සුමල්ගෙ අම්ම සුමල්ට විරුද්ධ වුනේ පුතා වුනත් පීඩකයෙක් කියල හිතලද.
      මේ කොමෙන්ට් එක මම කීප සැරයක්ම කියෙව්ව.මේක විහිලුවට දාපු එකක් කියල මං මුලින් හිතුවෙ.පවුල් සම්බන්ධකම් ඉක්මවා යන කාන්තා කැරැල්ලක් ගැනද ඔයා කියන්නෙ පුහ්

      Delete
    4. සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන එක ඔයාලගෙ ඩියුටිය බව දන්නව.ඔයාලගෙ පෞද්ගලික ජීවිතත් ඒ වගේ බව දන්නව.ඔබ කියන්නෙ සමලිංගිකත්වය නීතිගත කරන්න කියලද? හරිම අස්වාභාවිකයිනෙ ඔයාගෙ කතා.පවුල් ඒකකය විසුරුවන්න කියලද කියන්නෙ.ඔයාලට ඒවට ගෙවන බව රටම දන්නව

      Delete
    5. :D /
      //සමලිංගිකත්වය කියන්නේ නරක දෙයක් නෙවෙයි. එය ඉතා මානුශීය හා උගත් බුද්ධිමත් සමාජය අනුමත කරන ප්‍රබුද්ධ ලිංගික ඇසුරක්.///

      Delete
    6. @ අපූර්වී දීදී,

      //සමලිංගිකත්වය කියන්නේ නරක දෙයක් නෙවෙයි. එය ඉතා මානුශීය හා උගත් බුද්ධිමත් සමාජය අනුමත කරන ප්‍රබුද්ධ ලිංගික ඇසුරක්.///

      හොව්! පොඩ්ඩක් එතුමියගේන් ඈත්වෙලා කමෙන්ට් කරන්න බලන්න!! :P

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    7. මගේ අම්මෝ වනිතා හඬ සමලිංගිකත්වය ප්‍රොමෝට් කරන්න වගේ යන්නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා.

      Delete

  19. ජාතක කතාවක තියනව අම්ම හොර මිනිහෙක් එක්ක යන්න පුතාව මරපු කතාවක්.ලිංගික අවශ්‍යතාව උත්සන්න වුනහම ගෑනු නොකරන දෙයක් නෑ කියලයි ජාතක කතා කරු පෙන්වන්නෙ.
    කලුතර ප්‍රදේශයෙ කාන්තාවක් මුස්ලිම් ජාතික හොර මිනිහ එක්ක හිටපු හැටි පුතා දැක්ක කියල පහේ ශිෂ්‍යත්වෙ ලියන පොඩි එකාව මැරෙව්ව.ඒ කාලෙ ඒක රටේ ආන්දෝලනයක් ඇතිවුනා.අම්ම කෙනෙක් මෙහෙම කරයිද කියල සමහරු කිව්ව.ඒ කියන්නෙ මනෝවිද්‍යාව නොදන්න අය.දේශකයට අනුව මේක සාධාරණයි.
    දස මසක් කුසේ තියාගෙන ඉදල දුක් විදල මෙලොවට බිහි කරල කිරි දීල ලොකු වෙනකම් හදපු තමන්ගෙ පුතාට විරුද්ධ වුනා නම් එතන ඊට වැඩි හේතුවක් තියෙන්නම ඕන.
    දේශකයගෙ කතාව ඉතාම අසාර්ථක වෙන්නෙ මෙතනදි.සුමාල් හා නදී අතර ගැටුමක් නම් සුමල්ගෙ අම්මත් සුමාල්ට විරුද්ධ වෙන්න හේතුවක් නෑනෙ.සුමාල් කියන චරිතය කලු චරිතයක් ලෙස ඉදිරිපත් කළානම් අන්න දේශකය සාර්ථකයි.සුමාල් මැරයෙක් ,මත්ද්‍රව්‍ය පාවිච්චි කරනව.ගෙදර අයට ගහනව බනිනව,සුමල්ට හැම තැනම හොර ගෑනු.අන්න සුමල්ට නදියි සුමල්ගෙ අම්මයි විරුද්ධ වෙනව.

    එහෙම නැත්නම් නදියි සුමල්ගෙ අම්මයි අතර සමලින්ගික සමබන්ධයක් තිබෙනව සුමල් ඒකට විරුද්ධ වෙන්නව.අන්න ඒකත් හරි.එහෙම නැතිව කිසිම වරදක් කොකළ පුතෙකුට අම්ම කෙනෙක් මෙහෙම හතුරුකමක් කරයි කියල හිතන්න බෑ.
    සමලිංගික තර්කය මට ලැබුනෙ කොමෙන්ට් එකකින්ම තමයි.ඒක තාර්කික බව දැනුන

    ReplyDelete
    Replies
    1. අනේ මංදන්නෙ නෑ ඔහේට මොනව කතියන්නද කියල.

      Delete
  20. ගුරුවරියක් බැඳගැනීම මටනම් ලොකු වාසියක් වුණා. මගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය ගැන සොයාබලා කටයුතු කලේ ඇයයි. මගේ දරුවන් දෙදෙනා ඉහලට ඉගෙනීම සඳහා ඔවුන්ගේ හැකියාවට ගැලපෙන විෂයය ධාරා තීරණය කලේ අයයි (මා සමග දීර්ඝව සාකච්ඡා කරමි. සමහර විට දුරකථනයෙන්. මම යුද්දෙට හිරවෙලා නිසා)

    ඇත්තටම අපේ සමාජය තුල තිබෙන උසස් පහත් බව තීරණය කිරීමේ නිර්ණායක පිළිකුලෙන් බැහැර කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ ටීචර් කෙනෙක් නෙව විචාරක මහත්තයට ලැබිල තියෙන්නෙ.

      Delete
  21. මම නම් කොරියා ගිය එකෙක් නෙමෙයි...මමත් ගුරුවරියක් තමයි රාජ් ගොයියො හොයන්නෙ....ඒ වෘත්තියේ තියෙන ගෞරවනීයත්වයයි...තමන්ට දරුවන් ඉන්න කාලෙක ඒ අය සමග ගත කරන්න වැඩි කාලයක් ලැබෙන හින්දයි..මම ඒ වෘත්තියේ යෙදෙන කෙනෙක්ට කැමති...

    ඔබ කිව්වා වගේම කොරියන් ගිය එකෙක් ඉන්නවා නොවැ ළමයා බලාගෙන...තට්ටු දෙකට ගේ හදාගෙන ගුරුවරියක් බැදගෙන...මට මේ දැන් මතකෙට ආවෙ...

    ReplyDelete
  22. ගුරුවරියෝ කොහොමත් හොදයි රාජ්

    ඊයේ නවත්තපු තැන ඉදලා අද පටන් ගමු කියලා කියනවානේ................................

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නමුත් පොඩ්ඩක් වරදිනකොට කනෙන් අල්ලනවනෙ?

      Delete
    2. ඒත් ඉතින් නර්ස්ලාට වඩා හොදයිනේ.....................///

      Delete
    3. ඒ ඉස්සර බොල...ගුරුවරියක් බැදගෙන ඉන්න මගේ යාලුවෙක් කිව්වෙ...දැන් ඒ අය කියන්නෙ...

      ළමායි අද ස්ටාෆ් මීටින්....දග නොකර පොතක් පතක් බලාගන්න කියලලු..

      Delete
  23. රැකියා අවුල කොයි පවුලටත් බලපානවා විශේශයෙන්ම ලංකාව වගෙ රටක ඉපදුන.

    බහුතරයක් පිරිමි කැමති නෑ ගැහැණියකගෙන් ජීවත් වෙන්න එහෙම නැත්නම් තමන්ට වඩා වැදගත්/ වැඩි මුදල් උපයන රැකියාවක් කරනවට. ඒ අයට එතකොට අපහසුතාවයක් දැනෙනවා කියලායි මට නම් තේරුනේ.
    ඒකටත් එක්ක දැන් කොල්ලෝ නම් වැඩි හරියක්ම කැමති රැකියාවක් නොකර කෙල්ලවා මීමා කරගන්න.

    ReplyDelete
    Replies
    1. //ඒකටත් එක්ක දැන් කොල්ලෝ නම් වැඩි හරියක්ම කැමති රැකියාවක් නොකර කෙල්ලවා මීමා කරගන්න//
      කොහෙද ඉතාලියෙද?

      Delete
  24. එක අතකට බලද්දී මේ රටවල ඔය ප්‍රශ්ණ නැහැනේ අෆ්ෆා.. අනික කෝමත් මිනිහා යන්නේ ගෑණිගේ ගෙදරට වෙච්ච එකේ ලංකාවේ වගේ ඔය දේවල් ගැන හිතුවනම් එකෙක්වත් බඳින්නේ නෑ...

    ReplyDelete
  25. ‍රාජ් බොස්.පොඩ්ඩක් පරක්කු උනා .සොරිවේවා, මට ඔය එකෙක් එක්කවත් ගේමක් නෑ අට ගේම තියෙන්නෙ අර ශ්‍යාමල් කියන පෙන්දා වගේ උං එක්ක, . සුමාල්ගෙන් උන අතපසු වීමක් උනානං ඒක නිවැරදි කරගන්න දුන්නෙ නැත්තෙ ඒකා .
    අන්න ඌව වනිතා මිස්ට සෙට් කරලා මලත් කාරි නෑ. ඕ යේස්..


    මාත් නං මිස්ලට බැල්ම දැම්මා ඉස්කෝලෙ යන කාලෙ..ඊට පස්සෙ නෑ !!!

    ReplyDelete
    Replies
    1. අන්න ඌව වනිතා මිස්ට සෙට් කරලා මලත් කාරි නෑ. ඕ යේස්..//

      :-)

      Delete
  26. පරණ වෙනකොට අළුත් අය ගැන නිකම්ම ඇහැ යන්නෙ මනුස්ස ස්වභාවය නිසා. ඒක කාටත් වෙන්න පුළුවන්.. තුන්වැන්නෙක් අතරට ඒම නිසා කඩාකප්පල්වූ කිරිපැණි විවාහ මං දන්නවා. තනිකඩව දිගුකලක් ඉඳ විවාහ වූ කෙනෙක් හැටියට මං දැකල තියෙනවා විවාහ සංස්ථාව කොච්චර දුර්වල එකක්ද කියල මනුස්ස ස්වභාවය (තිරිසනා ඇතුලෙ තියන් මනුස්සයෝ වෙලාඉන්න අපි කාගෙත් ඇතුලෙ ඉන්නෙ තිරිසනා එලියට එන්න අරගල කරමින්) මතුවෙනකොට.. මිතුරුකමේ ගරුත්වය ‍රැකීමට විවාපත් මිතුරන් ඇසුරුකිරීම පවා තද පාලනයකට යටත් කරන්න සිදු උන අවස්තා තිබුණා.. උඹ මොකද බං අපේ පැත්තෙ එන්නෙ නැත්තෙ ? කියල ඇහුවම හිනාවෙලා මාරුවෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕක පොදු ස්වභාවයක් තමයි. මම මේකෙන් කතා කලේ පොදු ස්වභාවය ඇතුලෙ තියන පොඩි උප කුලකයක් ගැන.

      Delete
    2. එව්වා මනුස්ස හැඟීම් රාජ්.. ඒකනෙ ගිහි ජීවිතෙ ඉඳන් කවදාවත් නිවන් යන්න බැරි.. මං කවදාවත් අර අය ගැන පහත් කරල හිතුවෙ නෑ. අත්තානං උපමං කත්වා..

      Delete
  27. ඕක රැකියාවේ ප්‍රශ්ණයක්වත්, තනතුරුවල ප්‍රශ්ණයක්වත්, විදේශ ගතවිමේ ප්‍රශ්ණයක්වත් නෙමෙයි. මානුෂික ප්‍රශ්නයක්. කොයි මනුස්සයත් කැමතියි එක එක හෝටල් වලින් කන්න. සමහර උන් බයට කන්නේ නෑ. සමහර උන් හිතනවා එහෙම කන එක හරි නෑ කියලා. සමහර උන් හිතනවා එහෙම මැකුවොත් හිරේ කියලා. ඔතන පොදු සාධකය ඕකයි. වෙනත් සින්ධින් වලට, තනතුරු වලට, අදාල කරන්නේ ඕන් ඔය මූලික කරුණ.

    ReplyDelete
    Replies
    1. මං හිතුව උඹ ඕක කියයි කියල

      Delete
  28. වියලුනු සිත් සනසවන්න නදී තරංගා..

    උබ ඕම කිව්වාට අපේ මැනේජර් කොරියා ඉදල ආවෙ. දැන් අපේ කම්පැනියෙ වැඩ. ඩවුන් පේමන්ට් කරල ලීස් එකට කාර් 10-15ක් අරගෙන. ඒවා රෙන්ට් එකට දීලා, ගෙයක් දොරක් හදාගෙන. ආතල් එකේ ගේමක් ගහගෙන ඉන්නවා.

    සල්ලි තිබ්බට මදි !
    එහේ ආතල් මෙහෙ ගන්න ගියාම කෙලවෙනවා.

    ReplyDelete
  29. රාජ් කමෙන්ටු දැක්කාම ........................ ,මට හැමදාමත් තියෙන ප්‍රශ්ණයක් තමා කතාවක් වුණාම 100%ක්ම එක සැබෑ ජීවිත එක්ක ගැලපෙන්න ඕනද ? ඒ චරිත අවස්ථා අපි ජීවත් වන ලොක්කෙත් එක්ක 100% සමාන වෙන්න ඕනද එහෙම නැතුව කතාවක් රස විදින්නව බැරිද ?කතාවක රසයක් මතු කරලා වාර්තාවක් කියන ස්වරුපෙන් වෙනස් කිරිම ?අපි හරියට බැලුවොත් ඔය සිංහල කතා වල ගොඩක් දෙවල් ඔය සැබෑ ජීවිත කතා වලින් බැහැර කරන්න පුළුවන් තැන්...එත් එවා ගේ කතා රසයට එක බදාවක් වෙලා නෑනේ ..

    අර ගුරුවරු කතාව නම් මගේ නම් තියෙන්නෙ වෙනම පැත්තක් මට ටිචර්ලා වග කදුරු ,මං පොඩි කාලේ ඉදන් දැකපු නරකම දේ ගුරුවරියන්ගේ පුදුම කෙලම් මලු ,,දැකපු ගොඩක් අය එහෙමයි ,මගේ අම්මත් ටිචර් කෙනෙක් පොඩි කාලේ ඉදන් හිටියේම ටිචර්ලාව හොදට අශ්‍රය කරලා ද දන්නෙ නෑ ....

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි බං... ටීචර්ලා පෙන්නන්න බෑ... මහම කේලන්කාරියො... ඕපදූප පප්පෝ... කුනු ලෝබයො... අනුන්ගෙන් වැඩ ගන්න හෙන දස්සයො... හැඩ වැඩ දාලා, ඕනෙ එකක් කණපිට ගහන්න දන්නව.. වැඩක් කරන්න ගියාම නොදන්න ඉටිගෙඩියකුත් නෑ... ඒ උනාට කිසි දෙයක් හරියකට කරගන්නත් බෑ... මාත් ඉස්කෝලෙ ගිය අවුරදු ගානට බොහොම කීපදෙනෙයි හොඳ ගුරුවරු වෙච්ච ටීචර්ලා හිටියෙ.. එයාලගෙත් ඔය කියන දේවල් තිබ්බ.. ඒත් අඩු ගානේ පන්තියෙ උගන්නන්න තිබ්බ ටික හරියට කළා... අනිත් එය ඒකවත් හරියට කළේ නෑ.. මම මලත් කරන්නෙ නෑ කියල හිතං ඉන්න රස්සාවල් දෙකෙන් එකක් ඉස්‌කෝල/මොන්ටිසෝරි ගුරුවරියක් වෙන එක... අනිත් එක රජයේ ඉස්පිරිතාලෙක නර්ස් කෙනෙක් වෙන එක... ( පොඩි කාලේ නං ඔය අකමැත්ත තිබ්බෙ කෙල්ලෙක්ට කරන්න හොඳම රස්සාවල් ඕවා කියල කවුද මන්ද කියපු හින්ද... දැන්නං ඔය රස්සාවල් කරන අයගේ හැටි දන්න හින්ද... හි හි)

      Delete
    2. සහෝදර,
      කතා ලියන එක එක ක්‍රම තියනවනෙ. එකක් තාත්වික විදියට යථාර්තවාදීව ලිවිල්ල. තව තියනව එහෙම නොවන ක්‍රමත්. දේශකය මේ කතාව ලියන්නෙ තාත්වික මෙතඩ් එකට. එතකොට ඊට අදාල හොඳම ලියවිල්ලක් තියනව (ආරම්භයක් අවසානයක්)(ඒක පුද්ගලයට සාපේක්ෂ බව ඇත්ත) . අපි කතා කලේ ඒක ගැන.

      හිරු,
      අහෝ මගේ නෝන මේ කමෙන්ටුව දැක්ක නං......

      Delete
    3. රාජ් මේ කතාව යථාර්ථවාදී වෙන්නෙ. තමන්ගෙ දරුව අතේ කිසිම වරදක් නැති විට අම්ම කෙනෙක් තමන්ගෙ දරුවට මෙහෙම හතුරු කමක් කරනවද?එහෙම කරන අවස්ථා තියනව.ඒ හොර මිනිස්සු හම්බවුනහම ගෑනු තමන්ගෙ ළමයින්ව වුනත් මරනව.ඒ ඔවුන්ට ලිංගික තෘප්තිය අර මිනිහගෙන් හොඳට ලැබෙන නිසා.ඒ වෙනුවෙන් ඔවුන් නොකරන දෙයක් නෑ.
      ඒකයි මම කිව්වෙ මේක තාත්වික කරන්න නම් එක්කො සුමල් කලු චරිතයක් කරන්න ඕන.එහෙම නැත්නම් සුමල්ගෙ අම්මයි නදියි අතර සමලිංගික සම්බන්ධයක් තියන බව කියන්න ඕන.
      අම්ම නදීගෙ පැත්ත ගත්ත එකයි හොර මිනිස්සු එක්ක ගෑනු යන එක දේශකය සාධාරණීකරනය කරන නිසයි එහෙම කිව්වෙ.

      Delete
  30. ආර්තික වශයෙන් වෙන නොගැලපීම වගේම ගෑනියෙක්ගෙ ශාරිරික වශයෙන් අවශ්‍යය දේ නොතකා හැරීමත් බිද වැටීමේ ලක්ෂන වෙනවා.මේක පිරිමියා හරහා වෙන්නත් පුළුවන්.ගංකාවෙ සෙක්ස් විදින්න දන්න අය අඩුයි.මේක වෙන රටක සෙක්ස් විදපු ගෑණු අය කියන කතාවක්.ලංකාවෙ සාමාන්‍ය මට්ටමේ ගණිකාවො වුණත් මේ දේ කියනවා.කාන්තා ශඍීරය තමන්ට අවශ්‍යය විදිහට කළමණාකරනය කරන්න හැදිච්ච දෙයක් කියලා හිතන අය ඒ අසංවර්ධිත මානසික මට්ටමෙන් විශ්වාස කරනවා ගෑනි තමන් කොහේ ගියත් එනකං ඉන්න ඕනි කියලා.මේ පිරිමි ආධිපත්‍යය තුල ගැහැණිය පිළිබද මවා ගන්නා වහල් සංකල්පය නිසා පෙරළා ලැබෙන පිළිතුරක්.දේශකයා ඒකට බොහොම ලස්සනට තවත් විශ්වසනීය සමාජ සාධක මැදිහත් කර ගන්නවා.

    ReplyDelete
  31. ටීච කෙනෙක් හරි කවුරු හරි මට ඕනි IT පුළුවන් එකියක් :3

    ReplyDelete
  32. මටත් තියෙනව හොද අත්දැකිමක්.මට එකසැරයක් මුන ගැහුන ඉන්ජිනෙරුවරියක්.මගෙන් සෙවය ලබාගන්න ඇවිත්.කතාකරද්දි දැන ගත්තෙ ඔය ඉවානයට සිනියර් බැචෙකෙ.මගෙ යාලුවෙකුගෙ බැචියක්.ඉටපස්සෙ මමත් උදවුකලා හිතවත් වුනා.පස්සෙ දවසක් මට කොල් එකක් දිල කිවුව එයාගෙ හස්බන් මගෙ ඔෆිස් එකෙ ඉන්නව වැඩකට වුදවු කරන්න පුලුවන්ද කියල.මම හා කියල කවුද බලද්දි කියටවත් හිතන්න බැරි භාහිර පෙනුමක් තියන කෙනෙක් හිටියෙ.වයසින් නෙමෙයි.නදී වගෙම පාසල් ප්‍රෙමයක් විය යුතුයි.මම හිතන්නෙ පස්සෙ මැන් රට ගියා.මට කතාකලෙ නොකර බැරිම නිසා මම හිතන්නෙ.

    ReplyDelete
  33. කොමෙන්ට් කරන්නෙ මේක කියවන කිසියම් ප්‍රතිශතයක් දේශකය මතක් කරල දත්මිටි කන එක බලාපොරොත්තුවෙන් නොවෙයි.දේශකයගෙ මේ අතාත්වික බංකොලොත් අසාධාරන කතාව නිසයි.මිනිහ රට ගිහාම හොර මිනිස්සු එක්ක ගෑනු යන එක දේශකය සාධාරණීකරනය කරනවනම් ඒකෙ අනික් පැත්තත් සාධාරනීකරනය වෙනව.
    තමන්ගෙ සිතුම් පැතුම් ගැන හිතන්නෙ නෑ කියල හොර මිනිස්සු එක්ක යන ගෑනු දේශකය සාධාරණීකරනය කරනව නම් ඒකෙ අනික් පැත්තත් ඉබේම සාධාරණීකරනය වෙනව.අන්න එතන අවුලක් වෙනව.මොකද සිතුම්පැතුම් කියන එක වෙනස් වෙන දෙයක්නෙ.ඒකෙ උසාවියකවත් කිසිම තාර්කිකව යමක් විමසන තැනක කියන්න බැහැනෙ.
    දේශකය ඉතාම අසාධාරන කතා කොමෙන්ට් විදියට දානව කාලෙක ඉදන් මම දුටු දෙයක්.මෙතන ත් අම්ම නදීගෙ පැත්ත ගත්ත කිව්වෙ අම්ම කෙනෙක් මෙහෙම කරන්නෙ නදී හරි ඇති කියල ඒත්තු ගන්වන්නනෙ.
    නමුත් එතන තමයි ලොකුම අසාධාරනය තියෙන්නෙ.

    ගෑනු පිරිමි විදියට නොවෙයි සාධාරන අසාධාරන විදියටයි ප්‍රශ්න දෙස බලන්න ඕන.ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන දේශන පවත්වන බඩගැත්තරයොත් ඉන්නව.උන් දේශන වලට ඇවිත් අසාධාරන කතා කියද්දි දත් මිටි කන එක තමයි වැඩි දෙනෙක් කරන්නෙ.

    ReplyDelete
  34. රාජ්, හොඳ පිවිසුමක් දුන්නේ BDSM ගැන ජීව විද්‍යාත්මක පසුබිම ගැන ලියන්න.

    ReplyDelete
  35. මේ කොමෙන්ට් දාන්න අද පෙළබුනේ මට අහන්න ලැබුන එක්තරා පුවතක් නිසා.ඕඅස්ට්‍රේලියාවෙ ඉන්න අපේම ඥාතියෙක්.ඔහු විවාහ වුනේ ගුරුවරියක් එක්ක.ඒ දුප්පත් තැනකින්.දෙන්නම ඕස්ට්‍රේලියාවට ගියා.ගෑනි එහෙදි වෙන මිනිහෙක් එක්ක ගිහින්.අන්තිමට අර අපේ ඥාතිය හදපු ගේ අර ගෑනිටයි හොර මොනිහටයි දීල දැන් කුලියට ඉන්නෙ.ස්ත්‍රීවාදී නීතිවල හපන්කමයි ඒ.හැම වෙලාවෙම පිරිමිය වැරදිකාරය.
    මේ දේශකය වගෙ අය මොල හෝදල සමාජය ඒ තත්වයට ගන්න සූක්ෂ්මව උත්සාහ කරන්ව.ස්ත්‍රීවාදය හා එහි මාධ්‍ය භාවිතාව කාගෙත් අවධානයට ලක් වෙන්න ඕන.
    හැම වෙලාවෙම පිරිමිය වැරදිකාරය කියල මතයක් දේශකයල හදන්න යන එක අසාධාරනයි.
    මොකද මේ කතාවෙ වුනත් අනෙක් පැත්ත ගත්තහම දේශකයලට එතනදි කතා කරන්න බැහැනෙ.

    තමන්ගෙ සිතුම් පැතුම් තේරුම් ගත්තෙ නෑ කියල පහත් රැකියාවක් කරන නදීව දාල වෙන ගෑනියෙක් එක්ක යනව සුමල්.ඒකට සුමල්ට නදීගෙ තාත්ත එයාගෙ දුවට විරුද්ධාව් උදවු කරනව.මෙහෙම කතාව හැදුවොත් දේශකයල එයාට උල්පන්දම් දෙන බ්ලොග්කාරියො මොකද කියන්නෙ.එතන තමයි දේශකයගෙ අසාර්ථකත්වය තියෙන්නෙ.

    ReplyDelete
  36. ලංකාවේ සමාජගත වුනු මතය තමයි රැකියාවෙන් සහ ආර්ථික ශක්තියෙන් වගේම වයසිනුත් කාන්තාව පුරුෂයාට වඩා බාල විය යුතුයි කියන එක . එකට මූලික අඩිතාලම වැටෙන්නේ පෙරදිග පවතින මේ පුරුෂ මූලික සමාජ ක්‍රමය. නමුත් සමහර අවස්ථාවල ඔය සම්මත තත්වයෙන් අපගමනය වුනු අවස්ථා නැතුවම නෙවෙයි. එහෙම තැන්වල බොහෝවිට දකින්න ලැබෙන්නේ "නෝන්ජල්" කියල හැඳින්වෙන පිරිමියක් සහ සම්මත කාන්තා ලක්ෂණ වලින් ඔබ්බට ගිය කාන්තාවක් , තමන්ට වඩා සමාජ සහ අධ්‍යාපන මට්ටමෙන් ඉහල කාන්තාවක් සමග හොඳ පවුල් ජීවිතයක් ගෙවන්නේ එහෙමත් අවස්තාවක තමයි පිරිමියෙක් , මොකද ඔවුන් ජීවත් වෙන්නේ තමන්ගේ හදවතට එකඟව නොව සමාජයේ කතන්දර වලට බියෙන් වීම තමයි මූලික කාරණය

    ReplyDelete
  37. නර්ස් කෙනෙක් බැඳලා ටීචර් කෙනෙක්ට ලව් කරන එකෙකුට මොන වගේ තත්වයක් ඇතිවෙයිද කියලා මම කල්පනා කරේ.

    ReplyDelete
  38. පසටම විචාරය, 100% එකගයි.

    ReplyDelete
  39. රස්සාවක් කරන ගෑනියෙක් බඳිනව නං හොඳම ටීචර් කෙනෙක් තමයි. හැම අතින්ම හිතට හොඳයි කියල හිතෙනව.
    බඳින්න එපාමයි කියල හිතෙන්නේ දොස්තර නෝනලා..
    මේකෙ කතාවට වඩා වටින්නෙ කොමෙන්ට්නේ...

    ReplyDelete
  40. රස්සාවක් කරන ගෑනියෙක් බඳිනව නං හොඳම ටීචර් කෙනෙක් තමයි. හැම අතින්ම හිතට හොඳයි කියල හිතෙනව.
    බඳින්න එපාමයි කියල හිතෙන්නේ දොස්තර නෝනලා..
    මේකෙ කතාවට වඩා වටින්නෙ කොමෙන්ට්නේ...

    ReplyDelete