Friday, May 16, 2014

රාජ්ගෙ නවාතැන තිරය පිටුපස behind the screen of raj 1st!

නෝන!

"මාත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත"

"මං ගැනත් ලිව්වද?"

"ඔයා ගැන මොනව ලියන්නද.... බ්ලොග්වල ඒව ලියන්නෙ නෑ.... හැමෝටම කියවන්න පුළුවන් දේවල් ලියන්නෙ"

----------------------

"මොනවද බලන්නෙ?"

"බ්ලොග් පෝස්ට් එකක් දැම්ම"

"ඔයාට ඉතිං බ්ලොග් බ්ලොග් බ්ලොග්......"

----------------------

"ඔන්න ඔයා ගැනත් බ්ලොග් එකේ ලිව්ව"

"කෝ මොකද්ද?"

"අපි අර දවසක් කතරගම දෙයියො ගැන කතාකල ටික"

"කෝ බලන්න...... ^%#$&**(^*&%$"

----------------------

"මෙන්න ඔයාලගෙ වුර්තීය අරගලය ගැන මම බ්ලොග් එකේ ලිව්ව"

"..... අනේ...... මම කියපුව ඒකට දාල!"

----------------------

"ඔන්න අදත් ඔයා බ්ලොග් කතාවක චරිතයක් කලා...."

"ඒ මොකද්ද?"

"මම අර සුන්දර නිහතමානීද මැල් ගැන කතාවක් ලිව්ව. ඒ‍කෙ ඔයත් ප්‍රධාන චරිතයක්"

"කවුද අනේ සුන්දර නිහතමානි කියන්නෙ"

-----------------------

"මම බ්ලොග් එක වැහුව!"

"ඇයි ඒ?"

"අහවලා මගේ බ්ලොග් එක දැක්කලු"

"අපරාදෙ!"

"ඔයා මොකද අද අපරාදෙ කියන්නෙ?"

"නෑ ඉතිං ඔයා කැමැත්තෙන් කරපු එකම වැඩේනෙ"

-----------------------

පුහුණු වන පරිපාලන සේවයේ නිලධාරිණිය

"රාජ්ගෙ නවාතැන ලියන්නෙ ඔයාද?"

"ම් මේ.... ඔව්.. නෑ නෑ මම නෙවේ...."

"ඔයා රාජ් නේද?"

"රාජ් තමයි.... මට වෙබ් සයිට් හදන්න බෑ"

"ඔයා තමයි මේක ලියන්නෙ.... අර අපි ගැනත් ලියල තිබුනෙ මම බලනව ඔයාගෙ සයිට් එක"

(හුටා!)

------------------------

.....බුවෙක්

"මොකද්ද ඔය සයිට් එක?"

"මේක මගේ බ්ලොග් එක"

"ඒ කිව්වෙ මේව ලියන්නෙ ඔයාද?"

"ඔව්"

"ඕන කෙනෙකුට ලියන්න පුළුවන්ද?"

"පුළුවන්.... අපි ගොඩක් කට්ටිය ලියනව..... ලංකාවෙ අය පිටරටවල ඉන්න අය.... මම සෑහෙන්න පිරිසක් අඳුරනව"

"රට ඉන්න අයත් දන්නවද?"

"ඔව් ඔව්"

"ඔය රට ඉන්න අයගෙන් කීය කීය හරි ඉල්ලගන්න බැරිද?"

"..........."

"මටත් එකක් හදල දෙන්න.... මම හීනියට දත් ගලවන්න දන්නව....."

(සතියකට පස්සෙ)

"අරක හදමුද?"

"මාර වැඩේනෙ!.... මෙච්චර කල් බ්ලොග් එකක් හදන්න දුන්නෙ ෆ්‍රී.... දැං ඩොලර් පනහක් ඉල්ලනවනෙ..... පැරණි ඒවට නං නෑ.... හැබැයි ලඟදිම අපිටත් ගෙවන්න වෙයි...."

"චැහ්!"

------------------------
බ්ලොග්

අවුරුදු තුනකට වැඩිය ලියපු මේ බ්ලොග් ලිවිල්ලෙ ඔහේල නොදන්න, ඇත්තම කතා ටිකක් තමයි ඒ. මේකෙ තියන කතන්දර සත්‍ය, අර්ධ සත්‍ය සහ බොරු කියන තුන් ජාතියම තියනව. වැඩේ තියෙන්නෙ අර්ධ සත්‍ය කතා සත්‍ය කතා විදියටත් තියනව. ඒක කෙනෙක් රැවටීමක් තමයි. නමුත් සිදුවීමක තියන රසය මදි වෙනකොට අතින් දාන වෙලාවල් එමටයි. ඒ සිද්ධීන් ඒ විදියටම කිව්ව නං රහක් නැතුව යනව.

මේ වෙනකොට බ්ලොග් එකේ හිට්ස් ගනන ලක්ෂ දෙකක්. මට හිතෙන විදියට හිට්ස් කියන්නෙ මුල් මාස හයේදි විතර ඔලුවට කරදර කරන දෙයක්. ඊට පස්සෙ හිට්ස් ගැන ආසාව නැත්තට නැති වෙනව. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ කියවන්නන් වැදගත් නෑ කියල. මුල් කාලයේ ඉලක්කම තමයි වැදගත්. බස් කාරයන්ට මගීන් කියන්නෙ දහයෙ විස්සෙ කෑලි වගේ මුල් කාලෙ මට හිට්ස්. නමුත් පහු වෙද්දි හිට් එකක් කියන්නෙ කියවන වාරයක් කියන (ස්වභාවික) තත්වෙට ආපු ගමන් හිට්ස් උණ සනීප වුනා).

හිට්ස් වලට වැඩිය වැදගත් කමෙන්ට්. කමෙන්ට් නැතිව බ්ලොග් එකකින් වැඩක් නෑ. එතකොට ඒක පොතක් පත්තරයක් වගේ තමයි. බ්ලොග් එකට සජීවී ගතියක් එන්නෙ කමෙන්ට් වලින්. නමුත් කමෙන්ට් කියන්නෙ මගේ ඔලුවෙන් මේ දක්වා අයින් කරන්න බැරිවෙච්ච බරක්. මොකද කියනව නං බොහෝ දෙනෙක් කමෙන්ට් වලට ප්‍රති උත්තර බලාපොරොත්තු වීමත් තමුන්ගෙ බ්ලොග් වලටත් කමෙන්ට් බලාපොරොත්තු වීමත්. ලොකුම අවුල තමයි සමහර පෝස්ට් වලට කියන්න දෙයක් නැතිවීම. එක්කෝ පෝස්ටුවෙ කරුණු අපිට ආගන්තුකයි. නැත්තං කියන්න දෙයක් නැති තරමට ලිපිය පරිපූර්ණයි.

බ්ලොග් කියන එක සෑහෙන්න හොඳ මාධ්‍යක් වෙන්න ඉඩ තියනව ඉදිරියෙදි. නමුත් බුද්ධිමත් කියන බුවාල බ්ලොග් අවකාශයට එන්න කැමති නෑ. මොකද මේක ඇතුලෙ ප්‍රතිරූප වල‍ට ඉඩක් නෑ. කොච්චර ලොක්කෙක් උනත් ඇවිල්ල කමෙන්ටුවක් දැම්මම එයාගෙ අම්ම මතක් කරන කෙනෙක් උනත් ඉන්න පුළුවන්කම තියනව. අපි වගේ තරුණ කාලෙම බ්ලොග් වලට පයගහපු කෙනෙකුට නං මේ අවුල නෑ. එහෙම බැලුවම දැං ඉන්න වයසක බුද්ධිමතුන්ගේ ඇවෑමෙන් (තව අවුරුදු විස්සකින් විතර) එන බුද්ධිමතුන් බ්ලොග් වලට එන්න පුළුවන්. ගිය සතියට කලින් සතියෙ රාවය පත්තරේට ලියන වික්ටර් අයිවන්ට මරු ඉල්ලීමක් කරන්න සිදුවුනා. මේ දවස්වල එයා ලියන ව්‍යවස්ථා සංහෝධන ලිපි මාලාවට පාඨක අදහස් දෙන්න කියල ඉල්ලනව. මේක හරි දුක හිතෙන කාරණාවක්. එයා අමාරුවෙන් ලියන දේවල් කියවන්න කෙනෙක් ඉන්නවද කියල එයාට සැකයි. ඒ නිසා කියනව ඒ ලිපි ගැන කැමැත්ත අකැමැත්ත කියල එවන්නලු. ඔය ලිපි ටික බ්ලොග් එකක් විදියට දැම්ම නං එයාට අඬන්න වෙන්නෙ නෑ.

එහෙනං මගේ බ්ලොග් එකට පැමිණි සියල්ලන්ටම ස්තුතියි.

210 comments:

  1. සුභ පැතුම්!

    මට නං ඔය කමෙන්ට්වලට උත්තර දෙන්න වෙලාව හොයා ගන්න එක තමයි අමාරුම වැඩේ.

    එක අතකට මට හිතෙන්නේ බ්ලොග්කරුවා යමක් කියනවා, ඒකට පාඨකයෝ ප්‍රතිචාර දෙනවා. එතැනින් ගනුදෙනුව හමාරයි.

    ප්‍රතිචාර වෙනුවට ප්‍රශ්ණ ඇහැව්වොත් තමයි වැඩේ වෙනස්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කකා. ප්‍රශ්න නැතත් ගණුදෙනුව ඉවර නොවෙන එකයි අවුල.

      "කියෙව්ව"

      "තැන්ක්‍යු"

      "හා මචං"

      ඔහොම දිගට යන්නෙ.

      Delete
  2. සුභ පැතුම් රාජ්.

    ReplyDelete
  3. හලෝ රාජ්.ඇනොලා වන අපිට හරි සතුටුයි රාජ් ගැන. වෘත්තීමය ඇනෝ කොමෙන්ට්කරුවෝ වන අපි බොහොම ගරු කරන්නේ රාජ්ට සහ කකාට. අපේ අදහස් වාරණයකින් තොරව පලකරන්න ඉඩ හදලා දීලා තියෙන එකටත් ස්තුතියි රාජ්.

    ඒක නෙමේ රාජ්, හැන්දෑවෙලා බෝතලයයි,ගොලිප් දෙකයි ගහලා සතුට සමරමුද?

    ReplyDelete
    Replies
    1. අනික රාජ් තව දෙයක්. හිට්ස් වැඩිපුර ගන්න නං අපේ කකා ලියන ටොපික් ගැනත් ලියන්න ඕනි.

      උදාහරණයක්‌ විදියට රාජ් ඊයේ රෑ කෑවේ මොනාද, රාජ්ට යට ජංගි කියක් තියෙනවද,ඒවායේ පාට මොනාද, රාජ් කැමතිම ෂර්ට් එක මොකක්ද,රාජ් චූ,පඩ,කක්කා දාන්නේ කොහොමද, රාජ් ලිංගික ජීවිතයේදී සතුටු වෙන්නේ කොහොමද. ඔන්න ඔය වගේ මාතෘකා ගැන ඉදිරියේදී ලිපි වැඩිපුර ලියන්න රාජ්. එතකොට හිට්ස් වදී නහුතෙට.

      Delete
    2. ඇනෝලට,
      මම ඇනෝල ගැන සුභවාදීව හිතන්නෙ. මගේ බ්ලොග් එකේ ඇනෝනිමස් දාපු අතිශයින්ම වටිනා කමෙන්ටු බර ගනනක් තියනව. අනික ප්‍රොෆයිල් නැති කෙනෙකුට අවස්ථාව නොදී අදහස් දැක්වීමේ නිදහස ගැන රෙදි ඇඳගෙන කතා කරන්නත් බෑ නෙව.

      අද හවස හොඳට අනුමත වෙලා ඉන්නෙ. වෙඩිමක් තිබුන :-)

      Delete
  4. මම දැක්ක කියල බ්ලොග් එක වහන්න ඕනෙ නැහැ නේ... :D

    දිගටම සත්‍ය, අර්ධ සත්‍ය හා බොරු ලිවීමට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. අහ්. මම එකසැරේම ටියුබ් ලයිට් උනා මොකද්ද කිව්වෙ කියලත්

      Delete
  5. සුභ පැතුම් රාජ්....
    දැන් මේ පොස්ට් එකත් නෝනාට පෙන්නුවාද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේක පෙන්නුවෙ නෑ

      Delete
  6. මගේත් අවුල තමා බ්ලොග් වලට කමෙන්ට් නොකිරීම මන් මේක කියවනවා බොහෝ වෙලාවට කමෙන්ට් එකක් නෑ ගොඩාක් තැන් වල එහෙමයි හැමෝම මට සලකන්නෙත් එහෙම නෝ කමෙන්ට්
    http://maheshslife-multiaxial.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න පුළුවන්. මම ඒත් බැලුවෙ සයිට් එකේ පටන්ගැනීම එක්ක කමෙන්ට් වල වර්ධනය. වර්ධනය මදි වගේ. හේතුව ඒක වෙන්නැති

      Delete
  7. බ්ලොග් කියන්නෙ ඇත්තටම මහ පුදුම දෙයක් තමයි.බුද්ධිමත් උන් නැතැයි කිව්වත් මගේ මේ ඇට්ටර වෙලා ගියපු මොලේටනං හිතෙන්නෙ එළියෙ මොන පොරවල්ද මේකෙනෙ පොරවල් ඉන්නෙ කියල.

    සුභ වේවා ජය වේවා.........

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතිල තියනව සමහර වෙලාවල.

      Delete
  8. ///ලොකුම අවුල තමයි සමහර පෝස්ට් වලට කියන්න දෙයක් නැතිවීම.//
    "පුහුණු වන පරිපාලන සේවයේ නිලධාරිණිය "ගෑන තව ටිකක් ලිව්වනම් ඒ අවුල මෙහෙ නෑතිවෙයි
    ජය වේවා.........

    ReplyDelete
    Replies
    1. ප්‍රා ට පැටලිලා. මම කිව්වෙ සමහර බ්ලොග් කරුවන්ගෙ පෝස්ට් තියනව ඒව පරිපූර්ණත්වයට ආසන්නයි. ඒ වෙලාවට කමෙන්ට් කරන කෙනා අමාරුවෙ වැටෙනව. එක්කෝ පෝස්ටුවෙම කෑල්ලක් උපුටල අරගෙන "නියමයි" කියල කියනව ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ.

      Delete
  9. සුභ පැතුම් රාජ්!!!!!!!

    ReplyDelete
  10. සුභ පැතුම්. මාත් මගෙ එක පටන් ගන්න කොට නිකම් දිනපොතක් වගෙ ලියන්න ගත්තට පස්සෙ හැමෝටම බලන්න ලියන බ්ලොග් එකක් වුනෙ මටත් නොදැනිම.
    ලක්ෂ දෙකක් කියන්නෙ මට නම් හිතා ගන්නවත් බෑ .මට තවම දාහයි
    ලක්ෂ දහයක ඉලක්කයක් කරා යන්න ඉක්මනින් හැකිවේවා
    දෙවි පිහිටයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි‍. බ්ලොග් පටන් ගැනීම සහ ටික කාලයක් විතරයි අමාරු. ඊට පස්සෙ ලේසියි. හැබැයි ලේසියි කියල ඔහේ ලියන්නන් වාලෙ ලිවීමෙන් වැලකීම තමයි හොඳ

      Delete
  11. Replies
    1. මේක නම් අහවලා දැක්කොත් උඹට බ්ලොගේ වහන්නම වෙනවා..

      Delete
    2. මේක බලල කමෙන්ටුවක් දාන්නං

      Delete
    3. TS
      ‍බො‍හොම ස්තුතියි.
      (අයි‍යෝ මුලින් ‍තේරු‍නේ නෑ ‍නෙව!)

      පිය සටහන් මැකී නොමැත තව..
      මා ආ දිගු ගමනේ..
      මගේම පියවර මත පියනගමින්..
      ඔබ එනු දුටුවෙමි මා.. ලුහුබදිමින්..

      ලුහුබැන්දට අල්ලන්න බැහැ ‍නෙව!

      ආ‍යෙත්, ‍බො‍හොම ස්තුතියි!

      Delete
    4. තිසර
      ‍මොකද්ද උඹ කියන කතා‍වෙ ‍‍තේරුම? මට හි‍තෙන්‍නෙ උඹට පැටලිලා

      Delete
  12. මට දැන් බ්ලොග් එක්ක තියන අමාරුම වැඩේ කියවීම කලමනාකරණය කර ගන්න එකයි. දැන් ඉතින් මම ලියන්නෙ නෑනේ. මම කියවන්න කැමති බ්ලොග් ගණන මට දරාගන්න පුළුවන් ප්‍රමාණය ඉක්මවා ගිහින් තියෙන්නේ. දවස් කීපයක් බ්ලොග් කියවන්න බැරි වුණාම කියවන්න පටන් ගන්න දවසේ පිස්සු හැදෙනවා. මේ දවස් වල අකමැත්තෙන් උණත් කියවන්න කැමති බ්ලොග් අතරිනුත් යම් තේරීමක් කරන්න වෙලා. කොමෙන්ට් දැමිල්ල ඊටත් වඩා අඩු වෙලා.

    අන්තර්ජාලය මුළු ලෝකෙත් එක්කම අපිව සම්බන්ධ කලාට, මිනිහෙකුගේ තොරතුරු දරාගැනීමේ හැකියාව සාපේක්ෂව බොහොම අඩු මට්ටමක තියන නිසා අන්තිමට සිද්ධ වෙන්නේ කුඩා කණ්ඩායමක් ඇතුලට වෙලා ඉන්න තමයි. එහෙම නැතුව පැවතෙන්න අමාරුයි. හැබයි වෙනස තියෙන්නේ ඒ තොරාගැනීම කරන්න අපිට විශාල නියැදියක් තිබීම සහ නිදහස තිබීම.

    ReplyDelete
    Replies
    1. වෙනද වගේම බොහොම වැදගත් අදහසක්. කමක් නෑ මගේ පෝස්ටු වලත් කියවන්න යමක් තිබුනොත් කියවල පලයං. උඹේ කමෙන්ට් එකතු කරල බ්ලොග් එකක් හැදුව නං හොඳයි කියල මට හිතිල තියෙන්නෙ.

      Delete
  13. අනිත් උන්ට කොමෙන්ට් එකක් නොදා, උඹ කොමෙන්ට් බලා පොරොත්තු වෙන එක හරි නෑ නේ. මොකෝ කොමෙන්ට්ස් කියන්නේ උඹේ පෝස්ට් වල මෙතඩ් එකමයි. සත්‍ය, අර්ධ සත්‍ය හා බොරු, ඊට අමතරව අමූලික බෝඋ කියලා දේකුත් තියෙනවා. ඉතින් සමහර වෙලාවට බොරුත් ලියන උඹට, අර මෙලෝ දෙයක් නැතෙයි කියපු ඒවට බොරුවක් හරි කොටන්න පුළුවන් නේ. මම නම් බොරු කොටන්නෙත් නෑ කෙටුවෙත් නෑ. හැබයි එහෙම ඇත්ත කිව්වාම සම හරක්ට මල පනිනවා. මට නම් එහෙම අවුලක් නෑ. මොකෝ අපි ලියන හැම දේම, හැම එකාටම දිරවන්නේ නෑ නේ.

    ඔය උඹ කියන මෙතඩ් එක ඇප්ලයි කරපු අලුතෙන් බ්ලොග් ලියන්න ආපු නෝනා කෙනෙක් තද පඬි ටෝක් එකක් දීලා තිබුනා මේ ළන්නගදි. ඒත් කව්ද එකෙක් කියලා තිබුනා. ඔයාගේ මෙතඩ් එක ඒක නම් ඔයාගේ එක බලන්න බල්ලොවත් එන්නේ නෑ කියලා. ඕන් දැන් හැම තැනම කොමෙන්ට් දදා යනවා.

    වික්ටර් අයිවන් බ්ලොග් එකක් ලිව්වත් වෙන්නේ පත්තරේට වෙච්චි දේම තමයි. මොකෝ ඌ හිතාගෙන ඉන්නේ ඌ මාර පොරක් කියලනේ. ඌ කියන විදියට ලංකාවේ ආන්ඩු පිහිටවන්නේ ඌ. අම්මගෙ රෙද්ද. අපි වගේ පිස්සෝ ටිකක් රාවය කියෙව්වට. කව්ද බන් ඒ පත්තරේ බලන්නේ. මේ ළඟඳි අර වකුගඩු බද්ද කරන්න හිඟා කනවා වගේ, හෙන සම්මාදම් පාරක් ගියේ. ඒ සල්ලිවලට මොනවද දන්නේ නෑ කරන්නේ. ඌ බ්ලොග් එකක් ලිව්වත් මේ ටිකම තමයි. අර දීප්තිත් බ්ලොග් එකක් ලියන්නේ. ඒත් කව්ද් බන් ඒවා බලන්නේ. මම දැකපු හොඳම බ්ලොග් එක, චින්තන ධර්මදාස ලියන කල්ට් එක. ඒත් ඌ ටෝකක් දීලා තිබුනා. එයාට කොමෙන්ට් වලට රිප්ලයි දාන්න වෙලාවක් නෑ. ඕන කමකුත් නෑ කියලා. දැන් නම් මම පැත්ත පලාතේ යන්නේ නෑ. වික්ටර් අයිවනුත් පොරක් නිසා කොමෙන්ට් වලට රිප්ලයි කරන එකක් නෑ. ඉතින් ඌගේ ඒවා බල්ලොත් බලන්නේ නෑ.

    මේකට බුද්ධිමත්තු එන්න. ලංකාවේ කොහෙද බං බුද්ධිමත්තු. ගිරව් මිසක්. ඊට වඩා පට්ට උන් මේ බ්ලොග් ලියන අතරේ ඉන්නවා. අර බුද්ධාස ගලප්පත්ති කියන පන්ඩිතයා කියලා තිබුනා සයිබර් කවි බල්ලොත් බලන්නේ නෑ කියලා. මට කියන්න තියෙන්නේ උන් කවි ලියනවදවත් කියලා අපි නම් දන්නේ නෑ කියලා.

    පඬියා නොවි, නිහතමානි කමින් කොමෙට්ස් වලට රිප්ලයි කරපන්. උඹට මේ ටික කිව්වේ බොක්කක් නිසා. එතකොට කතන්දර වගේ වැජබෙන්න පුළුවන්.

    එක දෙයක් අමතක උනා. අර බොරු ආත්ල් කොමෙන්ට් ටික එකම පෝස්ට් එකක් විදියට ඇනෝ කෙනෙක් දාල තිබුනා. මම හිතන්නේ කතන්දර මහත්තයට කිව්වා නම්, ඒකට ලින්ක් එකක් දායි. ඒක බ්ලොග් ලියන උන්ට මාර වටිනවා.

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැති ළමයි අහ ගන්න මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ බ්ලොග් ලෝකයේ මහා පොරක් විසින්. මෙයාගෙන් අහලා අවසර අරන් තමයි හැමෝම බ්ලොග් ලියන්න ඕනැ. ඒ වගේම මෙයා හැම තිස්සෙම 100%ක් හරි. මෙයාට කවදාවත් වැරදිලා නැහැ. මෙයා වික්ටර් අයිවන්ටත් පුවත්පත් කලාව උගන්වන්න දන්නා පොරක්. මහින්ද රාජපක්ෂටත් දේශපාලනය උගන්වන්න දන්නා පොරක්. ගුණදාස කපුගේටත් සින්දු කියන්න උගන්වන්න දන්නා පොරක්. සරත් ෆොන්සේකාටත් යුද්ධ කරන්න උගන්වන්න දන්නා පොරක්. අළුතින් බ්ලොග් එකක් හේම පටන් ගන්න බලාගෙන ඉන්නවානම් මෙයාට කියලා එයාගේ ආශිර්වාදය මතම පටන් ගන්න එක හැම අතින්ම හොඳයි.

      Delete
    2. මේ තමයි නොම්මර එකේ ගොබ්බයෝ. සම හරක්ගේ බ්ලොග් වල පිණුම් ගහන රිලා හාමිලා. අපිට එකෙක්ගෙවත් සැටිපිකට් ඕන නෑ. උඹලා බය නැතුව ලියපල්ලා. මේ වගේ නපුංසකයොත් මේකේ වැහි වැහලා. අපි පොන්නයන්ටත් ආතල් දෙනවා. ඒ වගේම බ්ලොග් ළෝකෙත් ඉදිරියට ගෙනියනවා. මේ ඇනෝලා නෙමෙයි. හිට්ස් නැතුව, කොමෙන්ට්ස් නැතුව වේලෙන පොන්න බ්ලොග් කාරයෝ. උන්ට මගෙන් ගැලවීමක් කවදාවත්ම නෑ.

      Delete
    3. මාතලන්,
      මම කිව්වෙ සමහර ලිපි වලට දාන සමහර කමෙන්ට් ගැන විතරයි. සංවාදයක් ඇදිල යද්දි ඒකට යමක් දෙන්න තියනව නං ඒක දෙන එක එකක්. (උඹේ එකේම කොච්චර මරාගෙන තියනවද)නමුත් හැම ලිපියකටම ඒක කරන්න බෑ.

      දීප්තිගෙ බ්ලොගේ නොබලනව කියන්න බෑ. කමෙන්ට් නැතුවට ඒක බලන පිරිසක් ඉන්නව.

      ඇනෝ
      ඕව එක එක්කෙනාගෙ මත නෙව. තරහ ගන්න ඕන නෑ.

      Delete
    4. පෝස්ට් එකේ සත්‍ය අර්ධ සත්‍ය හා බොරු ලිව්වට කොමෙන්ට් එකට එහෙම කරන්න එපා මචෝ..... පොන්නයන්ට නම් මගෙන් ගැලවීමක් නොමැත. පොන්නයෝ කියන්නේ බ්ලොග් ලියන. ඇනෝ එන නපුංසකයන්ට.

      Delete
    5. අනේ අපිනම් අහිංසකයි සමා වෙන්න ඕන වැරද්දක් උනානම්. ඔබතුමා නැත්තං ඉතින් සිංහල බ්ලොග් තියේය. බ්ලොග් වලට නියත විවරණ දෙන්නේ ඔබතුමා නෙව.

      Delete
    6. අනේ තරහ අවසර මාතලන් රාලහාමි. ඔයාට ඉතින් හිට්ස් තියෙනවනෙ. ඔයා ප්‍රබුද්ධ පොරනෙ. අපේ බ්ලොග් වලට හිට්ස් නෑනෙ. අපි මේ පීචං පොරවල්නෙ. තව මොනවද කතා කරන්නෙ. ඔයා තමයි බ්ලොග් ලෝකයේ ලොකු අයියා. ඔයාගෙන් අහන්නෙ නැතුව බ්ලොග් කාරයෙකුට වැසිකිළියට යන්නත් බෑ. ඔයාල ඉතින් කුණුහරුප වපුරන්නත් තමන් තමන්ටම ලයිසන් දී ගෙන නෙවැ ඉන්නෙ. බැරිද තව කුණුහරුප ටිකක කියන්න අපටත් ඉගෙන ගන්න?

      Delete
    7. මාතලන්,‍
      ඔය ක‍මෙන්ට් කරන උදවිය ඔරිජිනල් ඇ‍නෝලද නැත්තං උඔ කියනව ව‍ගේ ක‍මෙන්ට් නැති බ්‍‍ලොග් කරුවන්ද කියල දැනගන්‍‍නෙ ‍කො‍හොමද?

      Delete
    8. @රාජ්,

      මාතලන් සියල්ල දත් සර්වඥ තෙමේය. ඔය වගේ ගොන් ප්‍රශන අහන්න එපා. අපි කවුද කියලා අපට වඩා හොඳට එයා දන්නවා. අපි මේ ඉරිසියාවට කමෙන්ට් කරන්නෙ අපේ බ්ලොග් වලට හිට්ස් නැති නිසා.

      Delete
    9. කොමෙන්ට්ස් විතරක් දාන උන්ට පුකේ අමාරුවක් නෑ. කෝම්න්ට්ස් දාන ඇනෝලා ඕන තරම් ඉන්නවා උන් කරන්නේ කොමෙන්ට් දාන එක විතරයි. මේ පුකේ අමාරුව තියෙන ඇනෝලා මේකට අයිතිවාසිකම් කියන්න හදන වේලෙන බ්ලොග් කාරයෝ. උන් බ්ලොග් එක ලියන මැෂිමයි, ඇනෝ එන මැෂිමයි දෙකම එකයි. සම හරක් නම් දෙක තුනක් පාවිච්චි කරනවා. අනික ඉතින් තව මොකුත් ඕනය. ඔය තහවුරු කරලාම තියෙන්නේ. එක පොන්නයෙක්.

      Delete
  14. සුබ පැතුම් රාජ්!

    මට නම් හිතෙන්නේ ලංකාවෙ බ්ලොග් අවකාශය පොඩ්ඩක් දුරට මිතුරු සමාජයක් වගේ දෙයක් කියල තරමක් ෆේස්බුක් ගති ලක්ෂන තියන. සමහර පෝස්ට් සහ කමෙන්ට් අර ඉංග්‍රීසියෙන් "ඉන්-ජෝක්ස්" කියන ඒවා. ඒවා තේරෙන්න නම් ලියන එකාගෙ සහ බලන උන්ගෙ ෆේස්බුක් ෆ්රෙන්ඩ්ස් ලා එහෙමත් වෙන්න ඕනෑ. අමුතු හොඳක් වත් නරකක් වත් නෙවෙයි, ලංකාවෙ අපේ හැටි වෙන්න ඕනා.

    අර කොල්ලන්ගෙ බල්ලන්ගෙ කමෙන්ට් ඔරොත්තු නොදෙන ප්‍රබුද්ධයො ගැන කියපු කතාව නම් හරි. ගොඩක් උන් සංවාද කියන්නෙ එයාල ගෙ ආතල් නොකැඩෙන කමෙන්ට් වලට. මේ ප්‍රශ්න ටික ටික ඇරිල යාවි පහු වෙන කොට, මිනිස්සුන්ට චොයිස් එකක් එනකොට. උදාහරණයක් හැටියට දැන් ටැබූ වගෙ මොඩරේෂන් දාගෙන තමන්ට වාසි කමෙන්ට් විතරක් පළ කරපු කෙනෙක් ඒ කාලෙ පොරක් උනාට ඒ චන්ඩි කම් හරි යාවි කියල හිතන්න අමාරුයි ටැබූ අද බ්ලොග් එකක් පටන් ගත්ත නම්.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ගැන මම කියපු දේ උඹ හරියටම තේරුම් අරගෙන තියනව.
      ටැබූ කමෙන්ට් කැපුව කියල අහල නෑ.(මම ඒ කාලෙ කියෙව්වෙ නං නෑ)

      Delete
    2. ටැබූ කොමෙන්ට් කැපුවට වැඩිය උනේ දරුණු පහරදීම් කරපු එක. මාතලන්ගේ සමහර ආන්සර් ඒ වගේ තමා. විරුද්ද මතයක් ලීවොත් ගොබ්බයා,පොන්නයා වාගේ.

      Delete
    3. විමල් වීරවංසගෙ ගෑනි ට සෙක්ෂුවල් අපහාස කරන කොට, මර්වින්ට මර්වින් ගෙ දූව පාවා දීල කතා ලියන කොට, මාර ප්‍රබුද්ධ පාඨකයො "නියමෙට දීල තියනව" කියල හුරේ දාන කොට මම දෙතුන් පාරක් ම කමෙන්ට් දාල අහල තියනව විමල් ලගෙ මර්වින් ලගෙ හැකර කටවල් කියල කියන ගමන් ම අහක ඉන්න ගෑනුන්ට ලිංගික අපහාස කරන එක irony එකක් නේද කියල. අනික තමන් මිගාර ගෙ පුද්ගලික දේශපාලන අදහස් ගැන වෛද්‍ය සබාවට පැමිනිලි කරන්න කතා කරන ගමන් දුප්පත් කැම්පස් කෙල්ලෙක් ගෙන් අමු අමුවේ සෙක්ෂුවල් ෆේවරේෂන්ස් කොල්ල කාපු තමන්ගෙ යාලු ලෙක්චරර් ගැන මොනවද කළේ කියල මම ඇහුවා. ඒ කමෙන්ට් කවදාවත් පබ්ලිෂ් වෙලා නෑ. (ගිනි කන වැටිල හිටපු "ප්‍රබුද්ධ පාඨකයන්"ට ඔය ප්‍රශ්න එන බවත් පේන්න තිබුනෙත් නෑ)

      ටැබූ කමෙන්ට් පබ්ලිෂ් නොකරපු එකම කෙනා මම නෙවෙයි ඒක ඒ දවස් වල තිබුනු ප්‍රසිද්ද චෝදනාවක්. මම පුද්ගලිකව දන්න වෙන උනුත් ඉන්නව. ඩෑෂ් ගහන්න බෝලෙ උස්සල දෙන උන්ට අමතරව සුජීව කොකාවල, මිගාර වගේ ප්‍රසිද්දිය නිසා මග අරින්න බැරි විවේචකයො කීප දෙනෙකුට නම් ටැබූ එහෙම කරන්න නැතුව ඇති.

      මාතලං ගෙ වැරදි තියනව තමා, අර ගානට නම් චන්ඩි පාට් නෑ මම හිතන්නෙ. ඒ අතින් ටැබූ තරමක් සමාන වෙන්නෙ සහන් ට. මේකත් කියවන්න.

      Delete
    4. මම නම් කියන්නේ ...අතීතය කියන්නේ ඊයේ වෙච්ච වතුර මාරු වීමක් පමනයි කියලා. ඕනෙනම් හරි සාකච්ඡාවක් කරමු. ආපහු ජුන්ඩා කෙලින් වෙනවා. කොන තෙමෙනවා. අපි ඇත්ත කතා කරමු.
      වචන නෙමේ වැදගත්..තමන් සමාජයට හිමි කරනදේ. මම ඇඟිල්ල දික් කරනවා නෙමේ. න්‍යාය කියන්නේ අද හැමිනෙන්න බැහැ...ඕනනම් වෙන වැඩක් කරන්නම් කියනවා වගේ පැඩ් එකක්. න්‍යාය සහ පාරෙ ජීවිතයේ පෑඩ් න්‍යාය කරන වාමංශික පක්ෂ තෙරුම් ගන්න ඕන...කටට ගන්නවාද....නැත්නම් වැඩේ කර ගන්නවාද කියලා..ඕක දන්නේ කටට අරන් පුරුදු එවුන්. ඔය සමහර අයට කට හුරුයි ..තමන් දන්න අතට වඩා... එකෙක් කටෙනුයි අතෙනුයි දෙකම කරනවා. කට අරින්න අරින්න අත කටට යනවා. කතාවට වඩා ක්‍රියාව සැපයි...සුවදෙයි!!

      Delete
    5. ටැබූ සබ්ජෙක්ස් නතර වෙලා අවුරුදු තුනකටත් වැඩියි නේද? දැන් මේ ඇනෝ එන පිලිප් ශාන්තලා මිගාරලා නොකියා කියන්නෙ එදා රිදිච්චි රිදිල්ල අවුරුදු තුනකට පස්සෙ තවමත් තමන්ගෙ පශ්චාත් භාගයට දැනෙන බව නේද?

      Delete
    6. ටැබු කියන පුද්ගලයා දොස්තර මිගාර සම්බන්ධව වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළා කීම සම්බන්ධවයි.

      මේ ගැන දොස්තර මිගාර අන් තැනක කියා ඇත්තේ වෙන විස්තරයක්. බලන්න.

      Posting false inofrmation regarding VIPs

      I am a post graduate doctor working in Sri Lanka. The blog named “Jathika Chinthana Pravahaya” has published a post with heading of “Traitor Sarath Fonseka lost both testicles in the blast, can an eunuch rule us ask Dr. Ranga Migara Weerakkody” with the URL of http://jathikachinthana.blogspot.com/2010/01/traitor-sarath-fonseka-lost-both.html.

      Gen. Fonseka was a candidate in the presidential election of Sri Lanka. This blog falsely claims that I was a member of the medical team that treated Gen. Fonseka on 26/04/2006, where he was attacked by a suicide bomber from LTTE. This blog claims that I have divulged the information about the surgeries, and that Gen. Fonseka was castrated.

      This post has generated a serious inquiry by the Sri Lanka Medical Council (SLMC), because this is a violation of patient confidentiality. SLMC will be contacting you in the near future about the matter.

      This particular blog has posted false information about me, and posted my pictures without my consent in following posts.

      1. http://jathikachinthana.blogspot.com/2009/11/patriotic-blogger-dr-ranga-migara.html
      2. http://jathikachinthana.blogspot.com/2009/09/dr-ranga-migara-weerakkody-most.html
      3. http://jathikachinthana.blogspot.com/2010/01/patriotic-bloggers-get-together-to-save.html

      I hereby ask from the management team to temporarily ban this site, if banning of the said posts are not possible. It also defames Mahanayaka Thero, the highest Buddhist priest of the country in the following posts. “http://jathikachinthana.blogspot.com/2010/01/malwatte-mahanayakes-rectum-should-be.html”

      Thank you
      Dr. RM Weerakkody

      http://www.google.co.uk/support/forum/p/blogger/thread?tid=61b74b7cf6a0331c&hl=en

      මෙහි පැමිණිලිකරුවෙක් ගැන සඳහනක් නැහැ. පැමිණිලි දෙකක් වුණාද? මේ කාරණාව ටැබූගේ බ්ලොග් එක හැක් වන තුරුම දොස්තර මිගාර කාටවත්ම නොකීවේ ඇයි? කරුණාකර මේ ගැටළු සහගත තත්වය පහදන්න.

      Delete
    7. මම දන්න විදියට නම් ටැබූ මිගාර ලොක්කා ගැන පැමිණිළි කළාය කීම මතවාදීව ටැබූව පරද්දන්න බැරිවෙන කොට ඔහු අප්‍රසාදයට පත් කරන්න මිගාර ලොක්කා ගහපු අතේ රෝලක්. මොකද මේ චෝදනාව කළා මිසක ඒක කවදාවත් ඔප්පු කළේ නැහැ. මිගාර කියන්නෙ මොනවගේ ඩයල් එකද්ද කියලත් අපි නොදන්නවයැ ළමයෝ.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. ටැබූට මාත් කැමතියි. ඔහු‍ගේ ලිපි වල ගතයුතුත්තක් තියනව. ක‍මෙන්ට් වලට නං සමහර ‍වෙලාවට සැර උත්තර දීල තිබුන. නමුත් ක‍මෙන්ට් කැපීම නං අන්තිම කුජීත වැඩක්. මම නං කවදාවත් ඒක කරන්‍නෙ නෑ ‍කොච්චර ප්‍රශ්න කලත්

      Delete
    10. රාජ් තමන්ගෙම බ්ලොග් එකේ තමන්ගෙම අදහස් වාරණය කර ගන්නේ ඇයි?

      Delete
    11. ටැබූ කමෙන්ට් කැපුවාය කියන එක ඔහුගෙන් දුවන්න වැදුණු පිරිස කරන බොරු චෝදනාවක්. ඔය චෝදනා ඔක්කෝම ආවේ ටැබූ නැති වුණායින් පසුව. ඉන්න කාලෙ ඔය මොකුත් චෝදනා තිබුණේ නෑ. ඕනෑම බොරුවක් සිය සැරයක් කියන කොට ඇත්තක් වෙනවා. මේකත් ඒ වගේ.

      Delete
    12. /ක‍මෙන්ට් කැපීම නං අන්තිම කුජීත වැඩක්. මම නං කවදාවත් ඒක කරන්‍නෙ නෑ ‍කොච්චර ප්‍රශ්න කලත්/

      මේක බොරුවක් නේද රාජ්? දැන් ඔයාගෙ පෝස්ට් ගණනකම මේ වාක්‍යය දකින්න ලැබෙනවා නේද?

      This comment has been removed by a blog administrator.

      Delete
    13. @රාජ්,

      දැන් ඔබ මේ කරන්නෙ දැනට අප අතර නැති බ්ලොග්කරුවකුට බොරු චෝදනා නඟලා පහර දෙන්න ඔබේ බ්ලොග් එක විවෘත කරලා දීලා (ඔබත් ඒකට පොඩි තල්ලුවක් දාලා) බ්ලාගෙන ඉන්න එක නෙවෙයිද?

      Delete
    14. AnonymousMay 17, 2014 at 8:46 AM
      ටිකක් පුළුල්ව හිතන්න. මම කිව්‍වෙ මාව ප්‍රශ්න කරන ක‍මෙන්ට් ගැන. කුනුහර්ප සහ අ‍නෙකුත් අයට අපහාස කරන ක‍මෙන්ට් ඉවත් කරනව එ‍කෙන්ම. උදාහරණයකන් විදියට හිරු ට හි හි ගාන ක‍මෙන්ට් ගියා කාලයක්. ම‍ගේ බ්‍‍ලොග් එ‍කේ ඒව දාන්න දුන්‍නෙ නෑ.

      AnonymousMay 17, 2014 at 8:48 AM
      ‍මේක අර අපි මහින්ද රාජපක්ෂට එ‍රෙහිව ලියනව ව‍ගේ. අපි ‍මොකුත් කිව්ව කියල ටැබූට අමුතු‍වෙන් රි‍දෙයි කියල හිතන්න බෑ.

      Delete
    15. @රාජ්,

      ඒ කියන්නෙ ඔබ ටැබූට අපහාස කරන කමෙන්ට් විතරක් තියෙන්න ඇරලා අනෙක් අයට අපහාස කරන කමෙන්ට් ඉවත් කරනවා කියන එකද?

      Delete
    16. ඇයි අනෙක් අයට අපහාස කරන කමෙන්ට් එකෙන්ම ඉවත් කරලා ටැබූට අපහාස කරන කමෙන්ට් විතරක් දාන්න දෙන්නෙ? ටැබූ එක්ක තියෙන පරණ ඇරියස් එකක්ද?

      Delete
    17. ඇයි රාජ් කැත වැඩ කරන්නෙ? අනෙක් අයට බොරු චෝදනා නඟලා මඩ ගහන්න ඔබේ බ්ලොග් එක පාවිච්චි කරනවට ඔබ අවංකව විරුද්ධ නම් මේ කමෙන්ට් ත්‍රෙඩ් එකම අයින් කරන්න. මෙතැන ඉතාම පැහැදිළියි උඩින්ම කමෙන්ට් කරන පුද්ගලයට අවශ්‍ය වුණේ ඔබට සුභ පතන්න නොවේ මේ අවස්ථාව භාවිතයට අරගෙන වෙනත් කෙනෙකුට මඩ ගහන්න කියලා. ඇයි ඔබ ඒවට ඉඩ දෙන්නෙ? ඒ කියන්නෙ මෙතැනදි වෙන කෙනෙකුට මඩ ගහන්න ඔබේ බ්ලොග් එක භාවිතා කිරීම ගැන ඔබේ කැමැත්තක්ද තියෙන්නෙ? මේ කමෙන්ට් ත්‍රෙඩ් එක ඉවත් නොකරනවනම් ඔබ ගැන බැස ගත හැකි නිගමනය ඒකයි.

      Delete
    18. ‍මේ ක‍මෙන්ට් වලින් ටැබූට වදින්න මඩක් තියනව කියල හිතන්න බෑ. ටැබූට මාත් කැමතියි. ‍(කොටින්ම කිව්‍වොත් මම කැමතිම බ්‍ ‍ලොග්කරුව ටැබූ.). ‍කො‍හොම නමුත් දුටුගැමුනු රජ්ජුරු‍වො අනගාරික ධර්මපාලතුමා ව‍ගේ ජාතික වීරයන්ටත් උනත් වි‍වේචන තියනව. ඒවට කරන්න ‍දෙයක් නෑ.

      Delete
    19. ඒ කියන්නෙ මේ බ්ලොග් එකේ ඔයා කැමැති අයට මඩ ගහන්න පුළුවන්, ඔයා අකැමැති අයට මඩ ගහන්න බැහැයි කියන එකද?

      Delete
    20. ඔබේ මේ බ්ලොග් පෝස්ට් එකේ අරමුණ තුන්වන වසර සැමරීමද නැත්නම් ඔබ අකැමැති බ්ලොග්කරුවෙක්ට මඩ ගහන්න වේදිකාවක් හදලා දීමද?

      Delete
    21. මේ කැත වැඩක් නෙවෙයිද රාජ්?

      Delete
    22. විමල් වීරවංසගෙ ගෑනි ට සෙක්ෂුවල් අපහාස කරන කොට, මර්වින්ට මර්වින් ගෙ දූව පාවා දීල කතා ලියන කොට, මාර ප්‍රබුද්ධ පාඨකයො "නියමෙට දීල තියනව" කියල හුරේ දාන කොට මම දෙතුන් පාරක් ම කමෙන්ට් දාල අහල තියනව විමල් ලගෙ මර්වින් ලගෙ හැකර කටවල් කියල කියන ගමන් ම අහක ඉන්න ගෑනුන්ට ලිංගික අපහාස කරන එක irony එකක් නේද කියල. අනික තමන් මිගාර ගෙ පුද්ගලික දේශපාලන අදහස් ගැන වෛද්‍ය සබාවට පැමිනිලි කරන්න කතා කරන ගමන් දුප්පත් කැම්පස් කෙල්ලෙක් ගෙන් අමු අමුවේ සෙක්ෂුවල් ෆේවරේෂන්ස් කොල්ල කාපු තමන්ගෙ යාලු ලෙක්චරර් ගැන මොනවද කළේ කියල මම ඇහුවා. ඒ කමෙන්ට් කවදාවත් පබ්ලිෂ් වෙලා නෑ. (ගිනි කන වැටිල හිටපු "ප්‍රබුද්ධ පාඨකයන්"ට ඔය ප්‍රශ්න එන බවත් පේන්න තිබුනෙත් නෑ)

      ටැබූ කමෙන්ට් පබ්ලිෂ් නොකරපු එකම කෙනා මම නෙවෙයි ඒක ඒ දවස් වල තිබුනු ප්‍රසිද්ද චෝදනාවක්. මම පුද්ගලිකව දන්න වෙන උනුත් ඉන්නව. ඩෑෂ් ගහන්න බෝලෙ උස්සල දෙන උන්ට අමතරව සුජීව කොකාවල, මිගාර වගේ ප්‍රසිද්දිය නිසා මග අරින්න බැරි විවේචකයො කීප දෙනෙකුට නම් ටැබූ එහෙම කරන්න නැතුව ඇති.

      මාතලං ගෙ වැරදි තියනව තමා, අර ගානට නම් චන්ඩි පාට් නෑ මම හිතන්නෙ. ඒ අතින් ටැබූ තරමක් සමාන වෙන්නෙ සහන් ට.

      Delete
    23. රාජ් ඔයාට ටැබූ එක්ක තියෙන ඇරියස් එක මොකද්ද දැන ගන්න කැමැතියි.

      Delete
    24. රාජ්, ඔයාගෙ වයිෆ් නර්ස් කෙනෙක් නේද? එයා වැඩ කරන්නෙ දොස්තර මිගාර යටතෙද? ඒකද මේ ටැබූ එක්ක තියෙන වලිය?

      Delete
    25. හිට්ස් වැඩි කර ගන්න ජඩ වැඩ කරන්න එපා රාජ්. හැම දේකම ප්‍රතිඵලයක් තියෙනවා. ජඩ වැඩක් කළා නම් ඒකෙත් ප්‍රතිඵලයක් තියේවි. එච්චරයි කියන්න තියෙන්නෙ.

      Delete
    26. අ‍නේ බං ටැබූ මම දන්‍නෙත් නෑ මම ටැබූ දන්‍නෙත් නෑ. (මම කියවන්න ගත්‍තෙ 2010 අග, ලියන්න ගත්‍තෙ 2011 මැද) ටැබූ කියන්‍නෙ ම‍ගේ බ්‍‍ලොග් වීර‍යෙක්. අ‍නෙකුත් සියළුම බ්‍‍ලොග්කරුවන්ට වැඩිය ඉහලිනුයි මම ටැබූ තියල ති‍යෙන්‍නෙ. ‍මෙතන ටැබූ‍ගෙ ක‍මෙන්ට් කැපිල්ල ගැන කතාවක් ‍දෙකක් කියල තියනව. ඒ‍කෙන් ටැබූට අමුතු රිදිල්ලක් ‍වෙයි කියල හිතන්න බෑ. ඔය ඇති ඔය කතාව.

      Delete
    27. ඇනෝ වරුනි,

      ටැබූ ගැන මා කී දේකට රාජ් අල්ලා ගන්නා එක වැරදියි නේද?

      රාජ් සොරි මචෝ අහක යන කුනු ගොඩක් උඹේ කරේ වැටුනෙ.

      ටැබූට ඔය චෝදනා තැබූ ඉද්දිත් ආවෙ නැහැ කියන එක වැරදියි. බියොන්ඩ් ද ෆ්රේම් බ්ලොග් එකේ නිතර කතා වුනු දෙයක් ටැබූ වගේ බියොන්ඩ් ද ෆ්රේම් කමෙන්ට් බ්ලොක් කරන්නෙ නෑ කියලා. අනික ටැබූ කමෙන්ට් මොඩරේට් කරල තිබුනෙ මොකටද දිගටම?

      මිගාර දොස්තර ගැන ටැබූ පැමිණිලි කළා යයි මා කියා නැත. පැමිනිලි කළ යුතු බව ටැබූ තමාගේ බ්ලොගයේ ප්‍රසිද්දියේ කී දෙයකි. ටැබූ නැති විට ආ චෝදනාවක් නොචේ. කතන්දර වගේ අයට උනත් එය මතක ඇති. ඒ නිසා මා කී ප්‍රශ්නය එහෙමම අදාලයි.

      අනේ පින් සිද්ද වෙයි අල්ල ගන්නව නම් මේ මාව අල්ල ගන්න, අහක යන රාජ් අල්ල ගන්නෙ නැතුව.


      Delete
    28. මෙන්න අදාළ කමෙන්ටුවක්.

      //අදාළ උමතු වර්ගවාදී වෛද්‍යවරයා පිළිබඳව කවුරුන් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළ යුතුව ඇතැයි මම සිතමි. මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය. කිසි යම් දෙමළ මුස්ලිම් රෝගීන් පිරිසක් දැනටමත් මොහු අතින් අපහරණයට ලක්ව තිබුණොත් මම ඒ ගැන පුදුම නොවෙමි.//

      මම කියපුවා නැති කෙනෙක්ට කරන අපහාසයක් කියනව නම් ඉතින් අයින් කරල දැම්මත් කමක් නෑ. කරුමෙට ඔය චෝදනා ටැබූ ඉන්න කාලෙත් ආව කියල පෙන්නන්න බෑ අදාල ගොඩක් බ්ලොග් දැන් ඩිලීට් වෙලා නිසා. ඒක මගේ වරදක් නෙවෙයි නේ? කැමති කෙනෙක්ට පිලි ගන්න පුලුවන්, මතක අයට මතක ඇති. මට මේක වෙනුවෙන් දවසම නාස්ති කර ගන්න බෑ.

      යාලුවා ගැන මම අහපු ප්‍රශ්නය අදටත් අදාලයි. අපි බණ්ඩාරනායක ල ව ජේ ආර් ල ව විවේචනය කරනව නේ?

      Delete
    29. මට නම් පේන්නෙ එකම එක්කෙනා තමා මේ ඇනෝ කොමෙන්ට්ස් හිටු කියලා දාලා තියෙන්නේ. අපහාසය සහ විවේචනය කියන එකේ වෙනස දන්නේ වත් එයා නැහැනේ. ටැබූ ව විවේචනය වෙනකොට මූට මෙච්චර රිදෙන්න, එක්කෝ ටැබූව දෙයියෙක් සේ සලකා වන්දනාමාන කරන කෙනෙක් වෙන්න ඕනේ, නැත්නම් ප්‍රොෆියිල් ඇනෝ එක්ක අවුලක් රාජ් පිටින් අරින්න හදන කෙනෙක් වෙන්න ඕනේ (හැබැ‍යි මේ සහන් වෙන්න බෑ). කවුරු උණත් සෑහෙන හිත රිදිලා බව නම් පේනවා.

      Delete
    30. ලින්ක් එකක අවුලක්.

      මෙන්න ඒ කමෙන්ට් එක යලිත්.


      //ටැබූ මිගාර ලොක්කා ගැන පැමිණිළි කළාය කීම මතවාදීව ටැබූව පරද්දන්න බැරිවෙන කොට ඔහු අප්‍රසාදයට පත් කරන්න මිගාර ලොක්කා ගහපු අතේ රෝලක්//

      මිගාර ඒ ගැන කියන දේ මේකයි.

      ටැබූගෙ අඩවියේදී 2011දි

      පසුව 2014දී


      ටැබූගෙ අඩවියේදී 2011දි

      පසුව 2014දී

      Delete
    31. //(හැබැ‍යි මේ සහන් වෙන්න බෑ). //

      මේකට මට හිනා

      Delete
    32. මෙන්න මිගාර කියන තවත් කතාවක්. දැන් මිගාර මේ ගැන එකිනෙකට පරස්පර විරෝධී කතා තුනක් කියල තියෙනවා. එතකොට මේවායින් කෝකද අපි විශ්වාස කරන්න ඕනැ?

      Posting false inofrmation regarding VIPs

      I am a post graduate doctor working in Sri Lanka. The blog named “Jathika Chinthana Pravahaya” has published a post with heading of “Traitor Sarath Fonseka lost both testicles in the blast, can an eunuch rule us ask Dr. Ranga Migara Weerakkody” with the URL of http://jathikachinthana.blogspot.com/2010/01/traitor-sarath-fonseka-lost-both.html.

      Gen. Fonseka was a candidate in the presidential election of Sri Lanka. This blog falsely claims that I was a member of the medical team that treated Gen. Fonseka on 26/04/2006, where he was attacked by a suicide bomber from LTTE. This blog claims that I have divulged the information about the surgeries, and that Gen. Fonseka was castrated.

      This post has generated a serious inquiry by the Sri Lanka Medical Council (SLMC), because this is a violation of patient confidentiality. SLMC will be contacting you in the near future about the matter.

      This particular blog has posted false information about me, and posted my pictures without my consent in following posts.

      1. http://jathikachinthana.blogspot.com/2009/11/patriotic-blogger-dr-ranga-migara.html
      2. http://jathikachinthana.blogspot.com/2009/09/dr-ranga-migara-weerakkody-most.html
      3. http://jathikachinthana.blogspot.com/2010/01/patriotic-bloggers-get-together-to-save.html

      I hereby ask from the management team to temporarily ban this site, if banning of the said posts are not possible. It also defames Mahanayaka Thero, the highest Buddhist priest of the country in the following posts. “http://jathikachinthana.blogspot.com/2010/01/malwatte-mahanayakes-rectum-should-be.html”

      Thank you
      Dr. RM Weerakkody

      http://www.google.co.uk/support/forum/p/blogger/thread?tid=61b74b7cf6a0331c&hl=en

      Delete
    33. නැවත වගකීමෙන් කියන්නෙ ටැබූ කමෙන්ට් මොඩරේට් කළ නිසා ඔහුගේ අදහස් වලට විරුද්ධ මත පළ කරන්න වුණේ නෑ කියන එක පට්ටපල් බොරුවක්. ඒක ටැබූ සක්‍රිය කිසිම අවස්ථාවකදි එල්ල නොවුණු ඔහු නැති වුණායින් පසුව පමණක් පාළු ගෙයි වළං බිඳින පිරිසකගෙන් එල්ල වූ බොරු චෝදනාවක්. හරියට තමන්ට විරුද්ධව ටැබූ වෛද්‍ය සභාවට කම්ප්ලේන් කළාය කියන මිගාර වීරක්කොඩිගේ අතේ රෝල වගේම. ඇයි මේ කියන විචාරකයින්ට මේවා ටැබූ ඉන්න වෙලාවෙදි කියන්න බැරිවුණේ? ඇයි මේ ටැබූ ගිහින් වසර තුනකට පස්සෙ අදාළ නැති පෝස්ට් එකක මේවා ඇදගෙන මඩ ගහන්නෙ?

      Delete
    34. මෙන්න මිගාරගේ පරස්පර විරෝධී ප්‍රකාශ තුන (ලින්ක් සැපයුවාට ඉන්දිකට ස්තූතියි):

      1. He has gone up to the level of complaining the SLMC by him self about me regarding my political views. Hence after that Taboo’s identity is not a secret to me. He tried to silence me by kicking me out of my employment.

      2. උක්ත පැමිණිල්ල දැමූයේ කා විසින්ද යන්න නොදනිමි. එය තමා විසින්ම කිරීමට තරම් ටැබූ මෝඩයෙක් යයිද මම නොසිතමි. එක්කෝ මෙය තෙවන පාර්ශවයක වැඩකි, නැතිනම් ටැබූ විසින් තෙවන පාර්ශවයක් යොදවා කරන ලද්දකි. එයට එහායින් මේ ගැන යමක් කීමට නොදනිමි.

      3. I am a post graduate doctor working in Sri Lanka. The blog named “Jathika Chinthana Pravahaya” has published a post with heading of “Traitor Sarath Fonseka lost both testicles in the blast, can an eunuch rule us ask Dr. Ranga Migara Weerakkody” with the URL of http://jathikachinthana.blogspot.com/2010/01/traitor-sarath-fonseka-lost-both.html.

      Gen. Fonseka was a candidate in the presidential election of Sri Lanka. This blog falsely claims that I was a member of the medical team that treated Gen. Fonseka on 26/04/2006, where he was attacked by a suicide bomber from LTTE. This blog claims that I have divulged the information about the surgeries, and that Gen. Fonseka was castrated.

      This post has generated a serious inquiry by the Sri Lanka Medical Council (SLMC), because this is a violation of patient confidentiality. SLMC will be contacting you in the near future about the matter.

      දැන් පේනවා නේද මිගාරගේ අතේ රෝල් වල ප්‍රමාණය? ඇයි මේ තනි කෙනෙකුට මඩ ගහන්න මේ තරම් දුර යන්නෙ?

      Delete
    35. කොහොම වුණත් දැන හෝ නොදැන ටැබූට මඩ ගහන්නට තමන්ගේ බ්ලොග් එක විවෘත කිරීම රාජ් කළ අන්තිම ජඩ වැඩකි. ටැබූ එක්ක ඇරියස් එකක තියෙනවා නම් කෙළින්ම විසඳා නොගෙන මේ එක එක කැණහිළුබ්ට බොරු කියන්න බ්ලොග් එක විවෘත කර දෙන්න රාජ් ටත් ලජ්ජාවක් කියලා දෙයක් නැද්ද?

      Delete
    36. ඇනෝ,

      පොඩි නමට බෙදන්න කිව්වට අන්තිමට ඔහේ මේ පෙරලගෙන ගහන්නෙ බර්ත්ඩේ බෝයිටමනෙ.

      Delete
    37. ඒකෙන් මේනෙක් වුණේ අනුන්ට මඩ ගහන්න ඇවිල්ලා මිගාර වීරක්කොඩිගේ රෙදි ගැළවුණු එක. ඔහොම තමයි. අනුන්ට කැපූ වලේ වැටෙන්නෙ නුඹයි බොලේ...

      නැවත කියමි. ඔය වෛද්‍ය සභාවට පැමිණිලි කළයි කියන කතාව අනුකම්පාව ලබා ගැනීම පිණිස මිගාර විසින් ගෙතූ අතේ රෝලකි. ඔහු එවැනි බොරු කීම සඳහා චිර ප්‍රසිද්ධ පුද්ගලයකු වන නිසා එය පුදුමයක් නොවේ.

      Delete
    38. ඉහත කමෙන්ටුව Anony"මස්" May 17, 2014 at 7:21 PM සඳහාය.

      Delete
    39. /පොඩි නමට බෙදන්න කිව්වට අන්තිමට ඔහේ මේ පෙරලගෙන ගහන්නෙ බර්ත්ඩේ බෝයිටමනෙ./

      ඉන්දික, රාජ් කළේ අන්තිම කැත වැඩක්. මේ චෝදනා බොරු බව හොඳින්ම ඔප්පු වෙලා තියෙන කොටත් මේ පෝස්ට් එකට කිසිම සම්බන්ධයක් නැති ත්‍රෙඩ් එකක තවත් ගහ ගන්න ඉඩ දීලා බකන් නිලාගෙන ඉන්නවා. වෙන කෙනෙකුට මඩ ගහන කොට ඔහුගෙන් ඒ නිශ්ශබ්දතාවය මා දැකලා නැහැ. ඇයි මේ එක්කෙනෙකුට මඩ ගහන කොට විතරක් විශේෂත්වයක්?

      Delete
    40. මචෝ, මේ ලඟදි මහසෝනා මා එක්ක එල්ලෙන්න ආව ටූතවුසන් ෆයිව් හන්ඩ්‍රඩ් ඉයර්ස් අ ගෝ වෙච්චි සීන් එකක් ගැන. ඉතින් මේ ත්‍රී ඉයර්ස් මොනාද. මෙහෙම කරමු, උඹ කියහන් ටැබුව මේ වගේ කමෙන්ට් කැපුවෙ නෑ කියන එකට සපොර්ටිව් කරුණු. නෑ ඌ කැපුවමයි කියන උන් උන්ගෙ පැත්තෙන් කියයි.

      මතකනෙ අර කවිය

      "දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ. සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ"

      ඉතින් මේකෙන් අන්තිමට ටැබුවට වෙන්නෙත් අන්න එහෙම දෙයක් වෙන්න පුලුවන්, බොහෝ විට.

      Delete
    41. සියල්ලන්ටම සහ විශේෂයෙන් ඇනෝට කරුණාවෙන්,
      ඇනෝගෙ ප්‍රශ්න කිරීම මඟදි නැවැත්තුව නං මටත් ටිකක් අප්සට් වෙන්න ඉඩ තිබුන. මොකද ටැබූ කියන්නෙ මගෙත් ප්‍රියතම බ්ලොග්කාරය නිසා. නමුත් දැං පැහැදිලියි ඇනෝගෙ අරමුණ මොකක්ද කියල. ටැබූ ඒ කාලෙ මෙහෙම කියල තිබුන "මම උත්තර දෙන්නෙ මගෙන් අවංකව උත්තර බලාපොරොත්තු වන අයට පමණයි" කියල. මේක ඇනෝට දෙන අවසාන උත්තරේ.

      Delete
    42. @ඉන්දික,

      උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මචං නැති දෙයක් ඔප්පු කරන්න බැහැනෙ. ඉතින් ටැබූ ඉන්න කාලෙ කමෙන්ට් කැපුවා කියලා කිසිම චෝදනාවක් එල්ල වුණේ නැහැ කියලා මම කියන එකට සාක්ෂි සපයන්න බැහැ. එහෙම කළාය කියන අය තමයි මෙන්න මෙතැන අපි මේවා කිව්වා මේ තියෙන්නෙ අපේ කමෙන්ට් කියලා සාක්ෂි දෙන්න ඕනැ. එහෙම දෙන්න බැරි නම් මේ කියන්නෙ පට්ටපල් බොරුවක්.

      Delete
    43. @රාජ්,

      ඔයගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්න මට ප්‍රශ්න නැහැ. ඔයා කළේ කැත වැඩක් එච්චරයි.

      Delete
    44. ඇනෝ

      ටැබූ මිගාර ගැන පැමිණිලි කර බව මම කියල නෑ. පැමිනිලි කළ ‍යුතු බව කී එකකට ලින්ක් එකක් දීල තියෙන්නෙ.

      මිගාර කියා ඇති බොරු මොනවාද මම දන්නෙ නෑ. එක කමෙන්ටුවක් දැම්මේ තමා නොවන බව කීම බොරුවක් ද?

      ටැබූ කමෙන්ට් පළ නොකරන බවට චෝදනා ටැබූ ඉන්න කාලයේම බියොන්ඩ් ද ෆ්රේම් වැනි වෙනත් අඩවි වලත් තිබුනා. මෙන්න එක ලින්ක් එකක්: http://subtlesl.wordpress.com/2010/06/03/mervyn-rohana/#comment-268 බියොන්ඩ් ද ෆ්රේම් වසා ඇති එක මගේ වරදක් නොවේ.

      හරි කමෙන්ට් ඩිලීට් කරපු එක අල්ලල දාමු - ටැබූට ඉහත කර ඇති ඉතිරි චෝදනා අදටත් වලංගුයි. ඒ චෝදනා ගැන මෙච්චර සදාචාරවාදී ඔබ කියන්නේ මොකක්ද?

      Delete
    45. ඔබට ඉංග්‍රීසි තේරෙයි නම් මිගාර කියන පට්ටපල් බොරු ටික වැටහෙනවා ඇතැයි සිතමි.

      1. මුල් ප්‍රකාශයේ ටැබූම කම්ප්ලේන් කළ බව කියයි.
      2. දෙවැනි ප්‍රකාශයේ ටැබූ එසේ කළ බවක් නොදන්නා බව කියයි. ඇත්තේ සැකයක් පමණකිය කියයි.
      3. තුන්වන ප්‍රකාශයේ මේ කම්ප්ලේන් එක කළ 'ජාතික චින්තන ප්‍රවාහය' නම් සයිට් එකකින් කියයි.

      මේ පරස්පර විරෝධී ප්‍රකාශ නොවේද? මෙයින් ඇත්ත කුමක්ද? බොරුව කුමක්ද?

      Delete
    46. ඔබ දෙන ලින්ක් එකේ ඉමේජ් එක අක්‍රියයි. ඉවත් කළ කමෙන්ට් එක මොකද්ද නොදැන ප්‍රතිචාර දැක්විය නොහැකිය. Beyond Frame අක්‍රියය කීම තවත් පට්ටපල් බොරුවකි. එය එසේම තිබේ. දැන්වත් ඔබේ ලින්ක් ටික දෙන්න.

      Delete
    47. ටැබූ ගැන නඟන චෝදනා ගැන අවුරුදු තුනකට පස්සෙ වෙන කෙනෙකුගෙන් අහල වැඩක් නෑ නේද මචං? ඕවා ඒකාලෙ විසඳා ගන්න තිබුණු දේවල් නේද? අද ඕවා ඇද ගන්නවා කියන්නෙ අමු මඩ පාරක් නේද? අනෙක රාජ්ගේ ඇනිවර්සරියෙදි ඕවාගේ තියෙන අදාළත්වය මොකද්ද?

      Delete
    48. සක්‍රිය බ්ලොග් එකක් ගැන වාදයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ටැබූ, බියොන්ඩ් ෆ්‍රේම් වගේ අක්‍රිය බ්ලොග් ගැන ඇති වෙන්න පුළුවන් ඒක පාර්ශ්වික මඩ ගැසීම් පමණයි. මොකද උත්තර දෙන්න අදාළ පාර්ශ්වයන් නැති නිසා. අනෙක් බ්ලොග්කරුවන් කෙසේ වෙතත් ටැබූ සම්බන්ධයෙන් වසර තුනකට පසුවත් මේ මඩ ගැසීම් තැනින් තැන සිද්ධ වෙනවා. දැන් ඔය මිගාරයේ අතේ රෝල ගැනම බ්ලොග් සයිට් ගණනක කතා වෙලා ඇති. මාරයාගෙ එකේ කතා වුණා. කතන්දරගෙ බ්ලොග් එකේ කීප සැරයක් කතා වුණා. ඉන්දිකගෙ බ්ලොග් එකේ කතා වුණා. දැන් මෙතැන. ඇයි මේවා ඉවරයක් නොවෙන්නෙ? ඇයි සමහරුන්ට තුන් වසටකට කලින් අක්‍රිය වෙච්චි බ්ලොග් එකක් ගැන මෙහෙම දිගින් දිගට කතා කරන්න තියෙන උවමනාව? බ්ලොග් ගැන වෙන කතා කරන්න දේවල් නැද්ද? ටැබූ ගැනම කතා කර කර ඉන්නෙ පහුගිය තුන් අවුරුද්ද තුළ බ්ලොග් වල වෙන මොනම දෙයක් වත් වෙලා නැද්ද? නැත්නම් මිගාර හා සමාගම තමන්ට බ්ලොග් ලියලා දිනා ගන්න බැරිවුණු ප්‍රසිද්ධිය මේ මඩ ගැසීම් වලින් බලාපොරොත්තු වෙනවද? (අද බ්ලොග් ලියන වැඩි පිරිසක් ටැබූ කවුද දන්නෙත් නෑ. මිගාර නම් කවුද කොහොමටවත් දන්නෙ නෑ) ඇයි මේ නැති නොවෙන කැසිල්ල?

      Delete
    49. 1. මුල් ප්‍රකාශයේ ටැබූම කම්ප්ලේන් කළ බව කියයි.

      මේක කීවේ මිගාර නොවන බව මිගාර හේතු සහිතව පැහදිලි කරල තියනව නේ.

      2. දෙවැනි ප්‍රකාශයේ ටැබූ එසේ කළ බවක් නොදන්නා බව කියයි. ඇත්තේ සැකයක් පමණකිය කියයි.

      ඉතින් මේකේ ඇති "පට්ට පල් බොරුව" මොකක්ද?

      3. තුන්වන ප්‍රකාශයේ මේ කම්ප්ලේන් එක කළ 'ජාතික චින්තන ප්‍රවාහය' නම් සයිට් එකකින් කියයි.

      තුන්වන ප්‍රකාශය ටැබූ ගැන කීමකට අදාල වන්නේ කොහොමද? එය "පට්ටපල් බොරුවක්" කියන්නේ මොන සාක්කි ඇතුවද?

      ඔබේ චෝදනාව වුනේ තැබූ කමෙන්ට් කැපීම ගැන කිසි සාක්කියක් නැති බව. ස්ක්‍රීන් ෂොට් එකක්ද සමග සාක්කියක් මම දුන්නා. ස්ක්‍රීන් ෂොට් එකක් එක්ස්පයර් වීම නෝමල් දෙයක් නමුත් බොරුවක් කීමට නම් ස්ක්‍රීන්ෂොට් එකකුත් දාල කියන්න උවමනාවක් නැහැ නේ. දැන් ඔබ කියන්නේ ස්ක්‍රීන්ෂොට් එකේ මොනවා තිබුනාද නොදන්නා නිසා ඒ ගැන කිව නොහැකි බවයි.

      "බොරු චෝදනා" ගැන ඔබට ඇත්තේ දෙයාකාරයක ස්ටෑන්ඩඩ් කියල පේනව ඔබ මිගාරට චෝදනා කරන විදියෙන් සහ ටැබූ ගේ චෝදනා ගැන සාක්කි ඉල්ලන විදියෙන්. ඒක නිසා තව දුරටත් ඔබව එන්ටර්ටේන් කරන එකේ තේරුමක් ඇතැයි මම හිතන්නේ නෑ. ඔබ කීවේ ටැබූ සිටිනා කාලයේ චෝදනා එල්ල නොවූ බවයි. ඔන්න චෝදනාවක් හොයල දීල තියනවා. තව හොයල දුන්නත් ඔබ මොකක් හරි කියාවි මේකෙ ස්ක්‍රීන්ෂොට් එක ලයිව් නෑ කිව්ව වගේ. ඔබ ස්ක්‍රීන්ෂොට් ඉල්ලුවෙත් නෑ නේ කලින්?

      Delete
    50. // නැත්නම් මිගාර හා සමාගම තමන්ට බ්ලොග් ලියලා දිනා ගන්න බැරිවුණු ප්‍රසිද්ධිය මේ මඩ ගැසීම් වලින් බලාපොරොත්තු වෙනවද? //

      අනේ "මිගාර හා සමාගම" කට නම් මාව ගාව ගන්න එපා. එහෙම සමාගමක් තියනවද කියන එකත් මට අදාලත් නෑ මම ඔය සමිති සමාගම් මිතුරු හවුල් වලට නෑ.

      මම දැමූ මුල කමෙන්ටුව "අදාල නැති" දෙයක් නොවේ. ඒක "කමෙන්ට් වලට් සලකන විදිය" කියන කන්ටෙක්ස්ට් එකට අදාලයි.

      Delete
    51. ඇයි දුවන්නෙ? සාක්ෂි නෑ නේද? මීට පස්සෙ වත් කාට හරි මඩ ගහන කොට හේතුවක් නැතිව මඩ ගහන්න එපා. ඒවා නිකාංම දියවෙලා යනවා. සාක්ෂි නැතුව පට්ටපල් බොරු කියන්න එපා. මඩ ගහනවත් කියල ගහන ක්‍රමයක් තියෙනවා.

      Delete
    52. මිගාරගේ පට්ටපල් බොරුව තමන්ට විරුද්ධව වෛද්‍ය සභාවට පැමිනිල්ලක් ඉදිරිපත් වුණා කියන එකයි. එහෙම දේකට කිසිම සාක්ෂියක් ඔහු ඉදිරිපත් කරලා නැහැ. ඉදිරිපත් කරන්නත් බැහැ. එහෙම දෙයක් නොවුණු නිසා. බොරුවට ඒක කළේ එයා මෙයා කියලා චෝදනා කරනවා. එක වෙලාවක කියනවා ඒක කළේ ටැබූලු. තව වෙලාවක කියනවා ඒක කළේ ජාතික චින්තන ප්‍රවාහයෙන්ලු. බොරු අහුවෙන කොට අනේ මම නෙවෙයි එහෙම කළේ කියලා වහන්න තව බොරු හැටක් කියනවා. ඇයි මේ බොරු කියන්නෙ? මේවා එකක් වත් සනාථ වෙලා තියෙනවද? විශේෂඥ වෛද්‍යවරයෙකුට මෙහෙම බොරු කියන්න ලජ්ජාවක් නැද්ද?

      Delete
    53. /අනේ "මිගාර හා සමාගම" කට නම් මාව ගාව ගන්න එපා. එහෙම සමාගමක් තියනවද කියන එකත් මට අදාලත් නෑ මම ඔය සමිති සමාගම් මිතුරු හවුල් වලට නෑ./

      අපි බබ්බු කියලා නේද ඔයා හිතාග්නෙ ඉන්නෙ දොස්තර මහත්තයෝ?

      Delete
    54. 1. ටැබූ තමන්ගේ මතයට එරෙහි කමෙන්ට් කැපුවා කියා මෙතෙක් කිසිම සාක්ෂිකයක් ලබා දී නැත.

      2. වෛද්‍ය මිගාර වීරක්කොඩිට එරෙහිව වෛද්‍ය සභාවට පැමිණිල්ලක් වූයේය කියා මෙතෙක් කිසිම සාක්ෂියක් නැත.

      නිගමනය: එනිසා මේ දෙකම දුෂ්ඨභාවයෙන් යුතුව කරන පට්ටපල් බොරු චෝදනා කියා පිළිගැනීමට අපට සිදුවේ.

      Delete
    55. මිගාර හා සමාගමේ විකාර රංගන දැන්වත් අහවර වෙයිද?

      Delete
    56. මචන් AnonymousMay 18, 2014 at 5:43 PM, ප්‍රොෆයිල් ඇනෝ කිව්වෙ

      //දැන් ටැබූ වගෙ මොඩරේෂන් දාගෙන තමන්ට වාසි කමෙන්ට් විතරක් පළ කරපු කෙනෙක් ඒ කාලෙ පොරක් උනාට ඒ චන්ඩි කම් හරි යාවි කියල හිතන්න අමාරුයි ටැබූ අද බ්ලොග් එකක් පටන් ගත්ත නම්//

      එතකොට, මෙතන මිගාරට හෝ වෙන කෙනෙකුට මඩ ගහපු කතාවක් අදින්නෙ "AnonymousMay 17, 2014 at 8:08 AM" සහ "AnonymousMay 17, 2014 at 8:20 AM" කියන අයයි.

      ඒ ගැන මම දැකපු කමෙන්ට් දෙකකට ලින්ක් දුන්න ඒ කතාවෙ තව පැත්තක් පෙන්වන්න.

      නමුත් දැන් වෙලා තීන්නෙ ටැබූ කමෙන්ට් කැපුවාය, තමන්ගෙ මතයට විරුද්ධ මත දරණ අයට ඉතා කැත විදියට සැලකුවාය සහ කමෙන්ට් මොඩරේට් කරමින් "මම තමා පොර" න්‍යායෙන් එදා සීමිත බ්ලොග් කරුවන් පිරිසක් අතර වැජැබුනාය සහ අද වැනි බ්ලොග් වඩා ජනප්‍රිය සහ බොහෝ මත ගැටෙන තලයක ටැබූට ඒ සෙල්ලන් දාගෙන රජ වෙන්න්ට ඉඩ නොතිබිනි" කියන මතය මත ගොඩ නැගූ

      "කමෙන්ට් මොඩරේට් කරගෙන මම පොර වෙන එකෙකුට අද බ්ලොග් වල එදා මෙන් ජනප්‍රිය විය නොහැක"

      කියන සංයුක්ත තර්කය ගැන වාද කිරිම පැත්තකට යාමයි.

      පීල්ලට ඇවිත් වාද කලොත්, මේක වටින සහ නැවත සිතිය යුතු, කතා කල යුතු අදහසක්. මොකද කියන්නෙ?

      Delete
    57. @ඉන්දික,

      /එතකොට, මෙතන මිගාරට හෝ වෙන කෙනෙකුට මඩ ගහපු කතාවක් අදින්නෙ "AnonymousMay 17, 2014 at 8:08 AM" සහ "AnonymousMay 17, 2014 at 8:20 AM" කියන අයයි. /

      වැරදියි. මිගාර ගැන වෛද්‍ය සභාවට පැමිණිලි කළ කතා ගෙනෙන්නෙ Anonymous May 17, 2014 at 4:37 AM හෙවත් ප්‍රොෆයිල් ඇනෝ. කොහොම වුණත් ඒ කතාව දැන් ඉවරයි. එහෙම පැමිණිල්ලක් කළා කියන්න කිසිම සාක්ෂියක් නැති නිසා. හරි උඹ කියනව නම් අපි ඒක අමතක කරමුකෝ.

      "කමෙන්ට් මොඩරේට් කරගෙන මම පොර වෙන එකෙකුට අද බ්ලොග් වල එදා මෙන් ජනප්‍රිය විය නොහැක"

      කමෙන්ට් මොඩරේට් කරගෙන කාටවත් රජ වෙන්න බැහැ. ඒක අද හෝ එදා කියලා වෙනසක් නැහැ. එදා තිබුණෙ සීමිත බ්ලොග් සංඛ්‍යාවක් කියල කවුරු හරි කියනව නම් ඒක වැරදියි. ඇත්තටම එදා අදට වඩා වැඩි ප්‍රමාණයක් දේශපාලන බ්ලොග් තිබුණා. අද බ්ලොග් ගණන සංඛ්‍යාත්මකව වැඩි වෙලා තිබුණට දේශපාලනය කතා කරන බ්ලොග් ගණන සංඛ්‍යාවක් ලෙස අඩුයි.

      අනෙක ටැබූ පොරක් වෙන්නේ ඔහුගේ මත බ්ලොග් අවකාශයේ දැඩි ලෙස සාකච්ඡා වෙන, විවේචනය වන පසුබිමක් මත. ටැබූගේ මත ටැබූගේම බ්ලොග් එකේ කතා කරන්න ඕනැ නැහැ. ටැබූව තරම් පෝස්ට් ලියලා විවේචනය කරපු වෙනත් බ්ලොග්කරුවෙක් නැහැ. බොරු නම් බලන්න පෙරමුණේ රාළගේ අටුවාව කියන බ්ලොග් එකේ ටැග් වල taboo subjects හා Beyond Frame කියන වචන LTTE හා 'මුහම්මද්' කියන වචන තරමටම ලොකුයි. ඒ කියන්නෙ LTTE එකට හා මුහම්මද්ට ගහන තරමටම මේ දෙන්නාට ගහලා තියෙනවා. 'ටැබූ" කියලා ගූග්ල් කරලා බලන්න කොයිතරම් පෝස්ට් ගණනක් ටැබූ විවේචනය කරලා දාලා තියෙනවාද කියලා. එනිසා ඔය කමෙන්ට් කපපු නිසා ටැබූ පොරක් වුණා කියන කතාව හිත හදා ගන්න කියන කතාවක් මිසෙක වෙන දෙයක් නෙවෙයි.

      Delete
    58. ටැබූ හා බියොන්ඩ් ෆ්‍රේම් පොරවල් කියන්නෙ ඔවුන්ගේ බ්ලොග් විශේෂයෙන් උපුටා පළ කරන්න 'රාවය' වගේ ජන මාධ්‍ය පවා කටයුතු කරපු නිසා. තමන් බ්ලොග් ගැන දැන ගත්තෙත් ඒ නිසා කියලා මාතලන් තැනෙක කියලා තිබුණා මතකයි. බ්ලොග් ජනප්‍රිය කරන්න කියලා විශේෂයෙන් පළ කළ බ්ලොග් කිහිපයක් හැරුණු විට පුවත්පතෙකින් උපුටා පළ කරන්න තරම් හොඳ බ්ලොග් තිබිලා තියෙන්නෙ අතළොස්සයි. ඇත්තටම ටැබූලා පොරවල් වෙන්නෙ ඒ වගේ බාහිර කරුණු නිසා.

      කමෙන්ට් මොඩරේට් කරලා පොරක් වෙන්න පුළුවන් නම් හැම බ්ලොග්කාරයෙක්ම කමෙන්ට් මොඩරේට් කරගෙන පොරක් වෙයිනෙ. ඒ මොන මැටි කතාවක්ද?

      Delete
    59. ටැබූ "මම තමා පොර" කියලා හැසිරුණේ නැහැයි කියලා නම් මා කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ. ටැබූ එහෙම හැසිරුණා තමයි. මොකද ටැබූට හම්බවෙලා තිබුණු තැන හැටියට එහෙම හැසිරෙන්න පුළුවන්කම තිබුණු නිසා. දැන් අද කකාලාත් මාතලන්ලාත් හැසිරෙන්නෙ මං පොර කියලා. ඒකට බනින්න බැහැ. ඒක ඒ ගොල්ල මහන්සියෙන් ගොඩ නඟා ගත්තු තැන.

      Delete
    60. // ඇයි දුවන්නෙ? සාක්ෂි නෑ නේද? මීට පස්සෙ වත් කාට හරි මඩ ගහන කොට හේතුවක් නැතිව මඩ ගහන්න එපා.//

      දිව්වේ නැහැ නේ? ඔයා කිව්වේ තැබූ ඉන්න කාලෙ කවුරුත් එහෙම කිව්වේ නෑ කියලයි. ඉතින් ඔන්න කියල තියන බව පෙන්නුවා. කමෙන්ට් එකේ පැහැදිලිවම කියල තියෙද්දි කමෙන්ට් කැපුවා මෙන්න ස්ක්‍රීන් ෂොට් එක කියල, "ස්ක්‍රීන් ෂොට් එක පේන්නෙ නෑ" කියල කියන එක විහිළුවක්. ඔයා කලින් ස්ක්‍රීන්ෂොට් එක්ක සාක්කි ඉල්ලුවෙත් නෑ නේ?

      // ඔබට ඉංග්‍රීසි තේරෙයි නම් මිගාර කියන පට්ටපල් බොරු ටික වැටහෙනවා ඇතැයි සිතමි. ///

      දැන් මෙතන මිගාර කියන "පට්ටපල් බොරු" ගැන කියන්නේ ඔයා නේ. (මේවා මට අදාලත් නැත. මා කීවෙ ටැබූ එසේ පැමිණිලි කල යුතු බව කී බවයි. එසේ කී බවට මිගාර සාක්කි සැපයුවේය) ඒවා "පට්ටපල් බොරු" වෙන්නේ කෙසේදැයි ඇසූ විට ඔයා කියන්නේ "සාක්කි සපයා නැති" බවයි. (1) දැම්මේ මිගාර නොවේ කියා මිගාර කියනවා නම් ඒක ඔප්පු කරන්නේ කෙසේදැයි මම දන්නේ නෑ. අනික්වාට ඔබ මිගාර ගෙන් සාක්කි ඉල්ලුවාද?

      // අපි බබ්බු කියලා නේද ඔයා හිතාගෙන ඉන්නෙ දොස්තර මහත්තයෝ? //

      මේ වගේ විහිළු නම් කරන්න මම ලියපුව, කමෙන්ට් දාපුව වත් කියවල නැතුව ඇති?

      ටැබූ ගැන මා කළ කමෙන්ට් වලට ඔයාට හරි පුලුවන් නම් උත්තර දෙන්න. ඒවට ටැබූ ඉන්න කාලෙ නම් උත්තර හම්බ උනේ නෑ.



      Delete
    61. /ඉතින් ඔන්න කියල තියන බව පෙන්නුවා./

      නොපෙනෙන ස්ක්‍රීන් ෂොට් එකක් දාලා ඔන්න පෙන්නුවා කීම මහා විහිළුවක් වගේ කියල හිතෙන්නේ නැද්ද? දැන් ඔයා කිව්ව විදිහට බියොන්ඩ් ෆ්‍රේම් ගේ දාපු කමෙන්ට් පෙන්නන්නකො. ඔය බියොන්ඩ් ෆ්‍රේම් බ්ලොග් එක යසට තියෙන්නෙ. දුවන්න එපා ඔහොම සාක්ෂි තියෙනව නම් දෙන්න. නොපෙනෙනේ ස්ක්‍රීන් ෂොට් දාලා අන්න ඒකෙ ටැබූට විරුද්ධව ලියල තිබුණා කියලා ඕනැම බොරු කාරයෙකුට කියන්න පුළුවන්නෙ. සාක්ෂි තිබුණ කියනව නම් පෙන්නන්න දුවන්නෙ නැතුව.

      Delete
    62. මිගාර කියන විහිළු සපයන්නා ගැන කතාව ඉවරයිනෙ. ඉන්දික කියනවා වගේ කතාව පීල්ලට ගමුද?

      Delete
    63. /ඒවට ටැබූ ඉන්න කාලෙ නම් උත්තර හම්බ උනේ නෑ./

      ඒක ඉතින් ටැබූගෙන් අහ ගන්න. කොහොමත් ටැබූ මැට්ටන්ට උත්තර දෙන්න ගියේ නැහැ තමයි. මොකද මැට්ටන්ට උත්තර දීල ඉවරයක් නැහැ. දැන් ඔයා මේ රාජ්ගේ ඇනිවර්සරි පෝස්ට් එකක කිසිම අදාලත්වයක් නැති කාරණාවක් ඇදගෙන කරන විහිළුව කාටත් පේනවනෙ. මැට්ටො එහෙම තමයි. සාක්ෂි ඉලුවට දෙන්නෙත් නෑ. තමන් කියන මැටි කතා වලට ඊට පස්සෙ අනෙක් අය උත්තර දුන්නෙ නෑ කිය කියා යනවා.

      Delete
    64. මේ මැට්ටෙක් මැටි කමෙන්ට් එකක් දාලා හැමෝගෙම කාලෙ කන හැටි.

      Delete
    65. ටැබූ කියන්‍නෙ ‍‍හොඳ ලියන්‍නෙක්. ඕනම කාරනාවක් සම්බන්ධව ටැබූට තිබුන අපූරු විග්‍රහයක්. ඒ ව‍ගේ විග්‍රහයක් කරන්න සම‍තෙක් අදටත් බ්ලොග් අවකාශ‍යේ නෑ. ‍දෙවනි කාරණය ටැබූ බ්‍ ‍ලොග් අවකාශ‍යේ වර්ධනයට සෑ‍හෙන්න දායක වුන ‍කෙ‍නෙක්. අපි ඔක්‍කොම ‍ගො‍ගොල්‍‍ගෙ හිම කබා‍යෙන් බිහිවුන අය කියල මැක්සිම් ‍ගෝර්කි කිව්ව ව‍ගේ ටැබූ නිසා බ්‍ ‍ලොග් ලියන්න අාව කියන උදවිය කීයක් නං ඉන්නවද!

      Delete
    66. // නොපෙනෙන ස්ක්‍රීන් ෂොට් එකක් දාලා ඔන්න පෙන්නුවා කීම මහා විහිළුවක් වගේ කියල හිතෙන්නේ නැද්ද? //

      ඒ කාලෙ ඒ ස්ක්‍රීන් ෂොට් එක පේන්න ඇති, නැති වුනත් ඔයා ස්ක්‍රීන්ෂොට් ඉල්ලුවෙ නෑ නේ. කමෙන්ට් එකේ තියනව නේ අවශ්‍ය දේ? මම කිව්වෙ බියොන්ඩ් ෆ්රේම් වගේ ස්යිට් වල ගියා කියල - මට ගූගල් වලින් බියොන්ඩ් ෆ්රේම් එකේ මොකුත් ආවෙ නෑ මම වෙන සයිට් එකකින් හරි සාක්කි හොයල දුන්නා. අවුරුදු තුනකට කලින් ගිය ඔක්කොම කමෙන්ට් අතේ තියන් කතා කරන්න බෑ නේ? ***** කලින් ඔයා කිව්වේ ටැබූ ඉන්න කාලෙ කවුරුත් එහෙම කිව්වෙ නෑ කියල නේ?**** ඒ කතාව දැන් ඉල්ලා අස් කර ගෙන ද?

      // එනිසා ඔය කමෙන්ට් කපපු නිසා ටැබූ පොරක් වුණා කියන කතාව හිත හදා ගන්න කියන කතාවක් මිසෙක වෙන දෙයක් නෙවෙයි. //
      //කමෙන්ට් මොඩරේට් කරලා පොරක් වෙන්න පුළුවන් නම් හැම බ්ලොග්කාරයෙක්ම කමෙන්ට් මොඩරේට් කරගෙන පොරක් වෙයිනෙ. ඒ මොන මැටි කතාවක්ද? //

      කමෙන්ට් මොඩරේට් කරපු නිසා ටැබූ පොරක් වුනා කියල කවුද කියල තියෙන්නෙ?

      මම කිව්වෙ කමන්ට් මොඩරේට් කරපු කෙනෙක් ඒ කාලෙ පොරක් වුනාට අද නම් එහෙම කරන කෙනෙක්ට අමාරු වෙන බවයි.

      "දුප්පත් මිනිහෙකුත් එකෙකුත් ඒ කාලෙ මන්ත්‍රී කෙනෙක් උනාට අද නම් එහෙම වෙන්න බැරි වෙයි" කිව්වොත් ඒකෙන් කියන්නෙ ඌ මන්ත්‍රී උනේ දුප්පත් නිසා කියල ද?


      Delete
    67. ‍මේ ‍පෝස්ටුවට ටැබූ දාපු ක‍මෙන්ටුව ඔ‍හේල දැක්කද?

      Delete
    68. රාජ් ලින්ක් එකක් දෙනවද?

      Delete
    69. / කමෙන්ට් එකේ තියනව නේ අවශ්‍ය දේ? /

      කමෙන්ට් එකේ අවශ්‍ය දේ නැති නිසානෙ සාක්ෂි ඉල්ලන්නෙ. දැන් ඔය කමෙන්ට් එකේ කොහේද තියෙන්නෙ ටැබූ තමන්ගෙ මත වාදයට විරුද්ධ දෙයක් ඉවත් කළා කියලා? මොකද්ද ඒ ඉවත් කළ දේ? කොතැනද ඒක තියෙන්නෙ? මොඩරේට් කරන ඕනෑම බ්ලොග් එකක කමෙන්ට් පේන්න ටිකක වෙලා යනවා. ඒවා එක පාරටම ඇපෘව් කරන්නෙ නැති නිසා. ඉතින් ඕනෑම කෙනෙකුට කමෙන්ට් එක දාපු ගමන් ස්ක්‍රීන් ෂොට් එකක අරගෙන මෙන්න මගේ කමෙන්ට් පළ කළේ නැහැ කියලා චෝදනා කරන්න පුළුවන්. ඒ චෝදනාව ඇත්තද බොරුද කියන්න කමෙන්ට් එකේ තිබුනේ මොනවද? ඒක පස්සෙ ඇපෘව් කළාද දැන ගන්න අවශ්‍යයි. මෙතැන එහෙම කිසිම දෙයක් නෑ.

      ඇයි අර බියොන්ඩ් ෆ්‍රේම්ගේ තුබුණාය කියන කමෙන්ට් වලට මොනවද වුණේ?

      කරුණාකරලා ඔබ කිව්ව වගේ ස්සාක්ෂි සපයන්න. බැරි නම් ඒක පිළි ගන්න තව කාලෙ කන්නෙ නැතුව.

      Delete
    70. /මම කිව්වෙ කමන්ට් මොඩරේට් කරපු කෙනෙක් ඒ කාලෙ පොරක් වුනාට අද නම් එහෙම කරන කෙනෙක්ට අමාරු වෙන බවයි./

      කමෙන්ට් මොඩරේට් කිරීම එකක්. කමෙන්ට් කපා දැමීම තව එකක්. ටැබූ කමෙන්ට් මොඩරේට් කළා මම හිතන්නෙ මුළ පටන්ම. ඒක කවුරුත් දන්න කාරණාවක්. ඔය කමෙන්ට් කැපීමේ චෝදනාව ගැනයි මම කතා කළේ වල්ගෙ පාගා ගන්න එපා.

      Delete
    71. // දෙවනි කාරණය ටැබූ බ්‍ ‍ලොග් අවකාශ‍යේ වර්ධනයට සෑ‍හෙන්න දායක වුන ‍කෙ‍නෙක්.//

      ටැබූ සිරා බ්ලොග් කාරයෙක් කියන එක ගැන විවාදයක් නෑ.

      මම කිව්වෙත් අවංකවම ඇත්ත. මම අහපු ඒ ප්‍රශ්න වලට උත්තර හම්බ උනේ නෑ ඒ කමෙන්ට් පළ උනෙත් නෑ, මම අහපු ප්‍රශ්න මොනවද කියල කිව්වෙ මෙන්න මේ ප්‍රශ්න වලටයි උත්තර හම්බ වුනේ නැත්තෙ කියල කියන්න, නැතිව අවුරුදු තුනකට පස්සෙ "මඩ ගහන්න" නොවෙන නිසා. ඒව "මැටි ප්‍රශ්න" කියල මේ ඇනෝ කිව්වට මට නම් එහෙම හිතෙන්නෙත් නෑ. ඒ ඇනෝ කියලත් නෑ මොකද ඒව මැටි ප්‍රශ්න කියලා.

      මිගාර ගේ කේස් එක මෙච්චර දුරක් ඇද්දෙ ඇනෝ මයි. මම කිව්වෙ ටැබූ එහෙම කිව්වා කියල, ඒකට සාක්කි මම පෙන්නුවා.

      Delete
    72. මේ ඉන්නෙ බියොන්ඩ් ෆ්‍රේම් දිලිසි දිලිසි. දැන් කෝ පළ කෙරුවය කිව්ව කමෙන්ට්ස්?

      බියොන්ඩ් ෆ්‍රේම්

      Delete
    73. // ඔය කමෙන්ට් කැපීමේ චෝදනාව ගැනයි මම කතා කළේ වල්ගෙ පාගා ගන්න එපා. //

      මම උත්තර දුන් කොටස ක්වෝට් කර ඇත. වචන ඒකටත් ගලපා ගන්න. මම කීවේ කමෙන්ට් කැපූ *නිසා* ටැබූ පොරක් වූ බව නොවේ.

      Delete
    74. /මම අහපු ඒ ප්‍රශ්න වලට උත්තර හම්බ උනේ නෑ ඒ කමෙන්ට් පළ උනෙත් නෑ, මම අහපු ප්‍රශ්න මොනවද කියල කිව්වෙ මෙන්න මේ ප්‍රශ්න වලටයි උත්තර හම්බ වුනේ නැත්තෙ කියල කියන්න, නැතිව අවුරුදු තුනකට පස්සෙ "මඩ ගහන්න" නොවෙන නිසා. /

      දැන් ඔයාම කිව්ව විදිහට ඔයා මේ කැපුවය කියන කමෙන්ට්ස් බියොන්ඩ් ෆ්‍රේම් වල පළ කළා. කෝ ඒවා. පෙන්නන්න.

      Delete
    75. /මම කීවේ කමෙන්ට් කැපූ *නිසා* ටැබූ පොරක් වූ බව නොවේ. /

      එහෙම නම් කමෙන්ට් කැපීම හා ටැබූ පොරක් වීම අතර තියෙන සම්බන්ධය මොකද්ද?

      Delete
    76. // මේ ඉන්නෙ බියොන්ඩ් ෆ්‍රේම් දිලිසි දිලිසි. දැන් කෝ පළ කෙරුවය කිව්ව කමෙන්ට්ස්? //

      මම ගූග්ල් වල හෙව්වම ආවෙ නෑ, දැන් කලින් කිව්ව නේ? ආපු ලින්ක්ස් ටිකත් වැඩ කලේ නෑ, මම ඇත්තටම හිතුවෙ සයිට් එක ඩවුන් කියලා. **මම කිව්වෙ නෑ මම බියොන්ඩ් ෆ්රේම් එකේ කමෙන්ට් දැම්මා කියල**. මම කිව්වේ එහෙම කමෙන්ට් බියොන්ඩ් ෆ්රේම් වගේ සයිට් වල ගියා කියල. ඔබ කිව්වේ ටැබූ ඉන්න කාලෙ කවුරුත් කිව්වේ නෑ කියල.

      ඉතින් මම ගිය එකක් හොයල දුන්නා.

      දැන් බියොන්ඩ් ෆ්රේම් ගෙන් ම ඉල්ලන්න එපා. කමෙන්ට් එකක් හොයන්න ලේසි නැති වුනත් මම එකක් හොයල දීල තියෙන්නෙ.

      Delete
    77. ///එහෙම නම් කමෙන්ට් කැපීම හා ටැබූ පොරක් වීම අතර තියෙන සම්බන්ධය මොකද්ද? ///

      "දුප්පත් මිනිහෙකුත් එකෙකුත් ඒ කාලෙ මන්ත්‍රී කෙනෙක් උනාට අද නම් එහෙම වෙන්න බැරි වෙයි" කිව්වොත් ඒකෙන් කියන්නෙ ඌ මන්ත්‍රී උනේ දුප්පත් නිසා කියල ද?

      Delete
    78. තමන් අකැමැති කමෙන්ට් පළ නොකිරීමත්, අවශ්‍ය නම් සමහර කමෙන්ට් වලට පිළිතුරු නොදී සිටීමත් බ්ලොග්කරුවකු සතු අයිතියක්. ඉතින් ටැබූ ඔයා කියන්නා වගේ එහෙම කළත් බ්ලොග්කරුවකුගේ අයිතියෙන් එහාට ගිහිල්ලා නැහැ. ඔහු කරපු දේ කරන්න ඔහුට අයිතිය තියෙනවා.

      නමුත් මා දන්න තරමින් ඔහු එහෙම කළේ නැහැ. මොකද එක බ්ලොග් එකක පළ නොවෙන කමෙන්ට් එකක වෙන බ්ලොග් එකක පළ කර ගන්න එක අමාරු නැහැ. ඉතින් මේ කමෙන්ට් කැපුවා කියන්නෙ විහිළු කතාවක්.

      Delete
    79. /ඉතින් මම ගිය එකක් හොයල දුන්නා./

      නැත. ඒක මම ඉල්ලපු දේට පිළිතුරක් නොවෙන්නෙ ඇයි කියලා ඉහත දීර්ඝව පැහැදිළි කළා. ඒ නිසා මේ කතාව නැවත කියන්න එපා. සාක්ෂි දෙන්න.

      Delete
    80. /දැන් බියොන්ඩ් ෆ්රේම් ගෙන් ම ඉල්ලන්න එපා. කමෙන්ට් එකක් හොයන්න ලේසි නැති වුනත් මම එකක් හොයල දීල තියෙන්නෙ./

      ඒ කියන්නෙ ඔයා බියොන්ඩ් ෆ්‍රේම්ගේ නම ඇදළා ගත්තෙ ඒක නැතැයි කියලා හිතාගෙන බොරුවක් කරන්නද?

      ඔයා බියොන්ඩ් ෆ්‍රේම්ගේ මේ ගැන ලිව්වා කියන කතාව බොරුවක්ද එතකොට?

      Delete
    81. /"දුප්පත් මිනිහෙකුත් එකෙකුත් ඒ කාලෙ මන්ත්‍රී කෙනෙක් උනාට අද නම් එහෙම වෙන්න බැරි වෙයි" කිව්වොත් ඒකෙන් කියන්නෙ ඌ මන්ත්‍රී උනේ දුප්පත් නිසා කියල ද?/

      කරුණාකර ප්‍රහේළිකා වලින් පිළිතුරු නොදී කෙළින් පිළිතුරක් දෙන්න. ඔබ කීවේ ටැබූ කමෙන්ට් කපා පොරක් වූ බව නොවේ නම් ඔබ කීවේ කුමක්ද?

      Delete
    82. ඇනෝ,
      // ඉතින් ටැබූ ඔයා කියන්නා වගේ එහෙම කළත් බ්ලොග්කරුවකුගේ අයිතියෙන් එහාට ගිහිල්ලා නැහැ. ඔහු කරපු දේ කරන්න ඔහුට අයිතිය තියෙනවා.//

      අයිතිය ගැන කතාව මෙහෙම නොවේ යයි මම කියන්නේ නැත. මම කිව්වේ මෙහෙම කරන කෙනෙක්ට අද නම් ටැබූ වැනි පොරක් වීම ලේසි නොවනු ඇති බවයි. එදාට වඩා අද අවකාශය පුළුල් හෙයිනි.

      රාජ් ගේ කතාවට මේ කමෙන්ටුව අදාළ වන්නේ එහෙමයි. නැතුව ටැබූට මඩ ගැසීමට වුවමනාවට වත් මිගාරගේ පිලක නිසාවත් නොවේ.

      Delete
    83. සමා‍වෙන්න, බි‍යොන්ඩ් ‍ෆ්‍රේම් හැක් කරල. ‍හෝ කර‍ගෙන. ඒ‍කෙ සමහර ලිපි අයින් කරලත් තියනව. දැන් ති‍යෙන්‍නෙ ඔරිජිනල් එක ‍නෙ‍වේ. (දිලිසි දිලිසි තියනව කිව්ව නිසයි කිව්‍වෙ)

      Delete
    84. // නැත. ඒක මම ඉල්ලපු දේට පිළිතුරක් නොවෙන්නෙ ඇයි කියලා ඉහත දීර්ඝව පැහැදිළි කළා. //

      දීර්ඝව පැහදිළි කළ කමෙන්ට් එකට ලින්ක් එකක් දෙනවද?

      ඔබ අදහස් කරන්නේ "ස්ක්‍රීන්ෂොට් එක එක්ස්පයර් වී ඇති" බව නම් ඉතින් මට කරන්නට දෙයක් නැත. අනික ස්ක්‍රීන්ෂොට් එක්ක සාක්කි ඉදිරිපත් කළ යුතු බව ඔබේ මුල් කොන්දේසියකුත් නොවේ. මිනිහෙක් මෙන්න කමෙන්ට් එකේ ස්ක්‍රීන්ෂොට් එක කියල දාපු එකක අවුරුදු තුනකට පස්සෙ එක්ස්පයර් වුනු ස්ක්‍රීන්ෂොට් එකක එහෙම කමෙන්ට් එකක් තියෙන්න නෑ කියනව නම් ඉතින් මම මොනව කරන්න ද?

      ඔබ ඉල්ලන්නේ කෝදුරු තෙල් හත් පට්ටය වැනි සාක්කි ය. අනෙක් අතට මිගාර "පට්ටපල් බොරු" කියන බව කී දෙයට ඔබ ඉදිරිපත් කළේ ද එහෙම සාක්කි නොවේ.

      Delete
    85. @රාජ්,

      *ඔබේ පෝස්ට් එකට කිසිම අදාළත්වයක් නැතිව* මේ ත්‍රෙඩ් එක පවත්වා ගැනීමෙන් ඔබ කළේ ජඩ වැඩක් බව මම නැවත කියමි. එය ඉවත් කරන ලෙස මම මුළදීම ඉල්ලීමක් කළද ඔබ එය සතයකටවත් මායිම් නොකර හිතුවක්කාර ලෙස එය තබා ගත්තේය. දැන් එය "මම එහෙම කිව්වෙ නෑ", "මම කිව්වෙ එහෙම නෙවෙයි" "මම දන්නෙ නෑ", "අනේ මම නෙවෙයි එහෙම කිව්වෙ" වැනි තේරුමක් නැති කමෙන්ට් ලියවෙන කාලය කා දමන මාගලක් වී ඇත. මේ ගැන මට කරන්නට දෙයක් නැත. මෙවැනි බොරු චෝදනා අපහාස ත්‍රෙඩ් ඉවත් කරන ලෙස මුලදීම ඉල්ලුවෙමි.

      @ඉන්දික,

      උඹ සඳුන් ගහ ගැන කියපු දේ දීර්ඝ කාලය නාස්ති වීමකින් පසුව ඇත්ත වන බව පෙනේ.

      Delete
    86. / කමෙන්ට් එකේ තියනව නේ අවශ්‍ය දේ? /

      කමෙන්ට් එකේ අවශ්‍ය දේ නැති නිසානෙ සාක්ෂි ඉල්ලන්නෙ. දැන් ඔය කමෙන්ට් එකේ කොහේද තියෙන්නෙ ටැබූ තමන්ගෙ මත වාදයට විරුද්ධ දෙයක් ඉවත් කළා කියලා? මොකද්ද ඒ ඉවත් කළ දේ? කොතැනද ඒක තියෙන්නෙ? මොඩරේට් කරන ඕනෑම බ්ලොග් එකක කමෙන්ට් පේන්න ටිකක වෙලා යනවා. ඒවා එක පාරටම ඇපෘව් කරන්නෙ නැති නිසා. ඉතින් ඕනෑම කෙනෙකුට කමෙන්ට් එක දාපු ගමන් ස්ක්‍රීන් ෂොට් එකක අරගෙන මෙන්න මගේ කමෙන්ට් පළ කළේ නැහැ කියලා චෝදනා කරන්න පුළුවන්. ඒ චෝදනාව ඇත්තද බොරුද කියන්න කමෙන්ට් එකේ තිබුනේ මොනවද? ඒක පස්සෙ ඇපෘව් කළාද දැන ගන්න අවශ්‍යයි. මෙතැන එහෙම කිසිම දෙයක් නෑ.

      ඇයි අර බියොන්ඩ් ෆ්‍රේම්ගේ තුබුණාය කියන කමෙන්ට් වලට මොනවද වුණේ?

      කරුණාකරලා ඔබ කිව්ව වගේ ස්සාක්ෂි සපයන්න. බැරි නම් ඒක පිළි ගන්න තව කාලෙ කන්නෙ නැතුව.

      Delete
    87. /ඒ‍කෙ සමහර ලිපි අයින් කරලත් තියනව./

      මොනවද අයින් කරල තියෙන ලිපි? එක උදාහරණයක් දෙන්න.

      Delete
    88. // කරුණාකර ප්‍රහේළිකා වලින් පිළිතුරු නොදී කෙළින් පිළිතුරක් දෙන්න. ඔබ කීවේ ටැබූ කමෙන්ට් කපා පොරක් වූ බව නොවේ නම් ඔබ කීවේ කුමක්ද? //

      මම හිතුවේ ඒ උදාහරණය පැහදිලියි කියා ය.

      කමෙන්ට් කපනවා වැනි වැඩ කළ ටැබූ වැනි කෙනෙකුත් එද පොරක් ලෙස වැජඹුන නමුත් අද නම් බ්ලොග් අවකාශයේ ඉඩ කඩ පුළුල් නිසා එහෙම අයට විරුද්දව එන විවේචන වැඩි වෙයි, ඒ වගෙ දේ ගැන මිනිස්සුන්ගෙ අදහස් වෙනස් වෙයි, ඒක නිසා එහෙම වැඩ කරන්න අමාරු වෙයි කියන එකයි දීර්ඝ කාලීනව.

      දැන් ඔබත් "මැටි ප්‍රශ්න වලට ටැබූ උත්තර දෙන්නෙ නෑ" කිව්වට ඒක මැටි ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියන්නෙ නෑ නෙ. බ්ලොග් වැඩි උනා නම් ඕව ඇත්තට මැටි ප්‍රශ්නද වගේ ඒව කතා වෙනවා.

      Delete
    89. /මිගාර "පට්ටපල් බොරු" කියන බව කී දෙයට ඔබ ඉදිරිපත් කළේ ද එහෙම සාක්කි නොවේ. /

      මිගාර පට්ටපල් බොරු කියනවා කියන එකට පරස්පර විරෝධී ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කර ඇත. එකක් මිගාර ටැබූ කම්ප්ලේන් කළ බව කියයි. අනෙකේ ජාතික චින්තන ප්‍රවාහය කම්ප්ලේන් කළ බව කියයි. මේ දෙකම සත්‍ය විය නොහැකිය. එනිසා එකක් අනිවාර්යයෙන්ම බොරුවක් වේ.

      Delete
    90. 1. ටැබූ තමන්ගේ මතයට එරෙහි කමෙන්ට් කැපුවා කියා මෙතෙක් කිසිම සාක්ෂිකයක් ලබා දී නැත.

      2. වෛද්‍ය මිගාර වීරක්කොඩිට එරෙහිව වෛද්‍ය සභාවට පැමිණිල්ලක් වූයේය කියා මෙතෙක් කිසිම සාක්ෂියක් නැත.

      නිගමනය: එනිසා මේ දෙකම දුෂ්ඨභාවයෙන් යුතුව කරන පට්ටපල් බොරු චෝදනා කියා පිළිගැනීමට අපට සිදුවේ.

      Delete
    91. /කමෙන්ට් කපනවා වැනි වැඩ කළ ටැබූ වැනි කෙනෙකුත් එද පොරක් ලෙස වැජඹුන නමුත් අද නම් බ්ලොග් අවකාශයේ ඉඩ කඩ පුළුල් නිසා එහෙම අයට විරුද්දව එන විවේචන වැඩි වෙයි, ඒ වගෙ දේ ගැන මිනිස්සුන්ගෙ අදහස් වෙනස් වෙයි, ඒක නිසා එහෙම වැඩ කරන්න අමාරු වෙයි කියන එකයි දීර්ඝ කාලීනව./

      දැන් මේ චෝදනාව වැරදියි නේද ටැබූ කමෙන්ට් කැපුවෙ නැති නිසා. එහෙම කළා නම් ඔප්පු කරන්න කියලා ඔබට මේ දක්වාම කිව්වා. ඔබට ඒක කරන්න බැරි වුණා. (ඔබ ඔප්පු කරලා තියෙන්නෙ ටැබූ කමෙන්ට් මොඩරේට් කළ බව විතරයි. ඒක ගැන වාදයක් නැහැ.) ඉතින් මේ චෝදනාව කරන එක තනිකර මඩක් නේද?

      Delete
    92. වසර තුනකට පෙර අක්‍රිය වූ ටැබූට මඩ ගැසීම හැර වෙනත් අරමුණක් ඔබට ඇති බව නොපෙනෙන නිසා තවත් කාලය නාස්ති නොකර යමි. මෙපමණ කාලය නාස්ති කිරීමට සිදුවූයේ රාජ් කළ ජඩ වැඩේ නිසාය. නමුත් ඉන්දික කියන්නාක් සේ එහිද ප්‍රයෝජනයක් නොවීය නොසිතමි.

      Delete
    93. ///මොඩරේට් කරන ඕනෑම බ්ලොග් එකක කමෙන්ට් පේන්න ටිකක වෙලා යනවා. ඒවා එක පාරටම ඇපෘව් කරන්නෙ නැති නිසා. ඉතින් ඕනෑම කෙනෙකුට කමෙන්ට් එක දාපු ගමන් ස්ක්‍රීන් ෂොට් එකක අරගෙන මෙන්න මගේ කමෙන්ට් පළ කළේ නැහැ කියලා චෝදනා කරන්න පුළුවන්. ඒ චෝදනාව ඇත්තද බොරුද කියන්න කමෙන්ට් එකේ තිබුනේ මොනවද? ඒක පස්සෙ ඇපෘව් කළාද දැන ගන්න අවශ්‍යයි. මෙතැන එහෙම කිසිම දෙයක් නෑ.//

      ඉතින් මේ විදියට මේක ඔප්පු කරන්න කොහොමත් බෑ නේ, කමෙන්ට් එක පෙනුනත් කියාවි ටැබූ ගේ බ්ලොග් එක නැතුව කොහොමද මේක පළ වුනාද කියන්නෙ කියලා. කමෙන්ට් එකක තිබුනු දෙයකින් සර්ච් කරන එක ලේසි නැති බුනත් ඔබේ මුලින් චෝදනාවට මම සාක්කි හොයලා දුන්නා. ඊට වඩා දෙන්න සාක්කි මම ගාව නෑ. **පිලි ගන්න බැරි නම් නිකන් ඉන්න.**

      //ඇයි අර බියොන්ඩ් ෆ්‍රේම්ගේ තුබුණාය කියන කමෙන්ට් වලට මොනවද වුණේ?//

      මම කිව්ව නේ ඒක හොයා ගන්න බැහැ කියලා, ඔබත් බොයොන්ඩ් ෆ්රේම් ගෙන් ම සාක්කි ඉල්ලුවෙ නෑ නේ ටැබූ හිටපු කාලෙන් ඉල්ලුව මිසක්?

      //කරුණාකරලා ඔබ කිව්ව වගේ ස්සාක්ෂි සපයන්න. බැරි නම් ඒක පිළි ගන්න තව කාලෙ කන්නෙ නැතුව.//

      කෝඳුරු තෙල් හත් පට්ට සාක්කි දීමට මට වෙලා නැත. ඉල්ලපු සාක්කි දී ඇත.

      Delete
    94. // දැන් මේ චෝදනාව වැරදියි නේද ටැබූ කමෙන්ට් කැපුවෙ නැති නිසා. //

      ටැබූ කමෙන්ට් කැපුවෙ නෑම කියල ගත්තත් මේක අදාලයි මොකද ඔක්කොම විවේචන "මැටි ප්‍රශ්න" කියල වගේ ඉග්නෝර් කරල ඉන්න අද කාළෙ නම් අමාරු නිසා.

      // එහෙම කළා නම් ඔප්පු කරන්න කියලා ඔබට මේ දක්වාම කිව්වා. ඔබට ඒක කරන්න බැරි වුණා. (ඔබ ඔප්පු කරලා තියෙන්නෙ ටැබූ කමෙන්ට් මොඩරේට් කළ බව විතරයි. ඒක ගැන වාදයක් නැහැ.) //
      ඔබ ඉල්ලපු දේ දුන්නම ගෝල් පෝස්ට් එක ෂිෆ්ට් කලේ ඔබයි. දැන් බියොන්ඩ් ෆ්රේම් ගෙන් ඉල්ලුවට ඒකටත් ඔය වගේ එක්ස්කියුස් එකක් දෙන්න පුලුවන් නේ?

      අනෙක් පැත්තට මිගාර "පට්ටපල් බොරු" කී බවට ඔබ කී චෝදනාවට ඔබ ඉදිරිපත් කළේ ඊටත් දුර්වල සාක්කි.

      // තවත් කාලය නාස්ති නොකර යමි. //
      මේක මීට එහා ගෙන යාමට මටත් වුවමනා නැත, කාලයත් නැත.

      Delete
  15. ලක්ෂ දෙකට සුභ පැතුම්...

    මුලින්ම රාජ්ගේ නවාතැන කියවීමෙන් තමයි බ්ලාෙග් කියවන්න ලියන්න අාසාවක් අැතිඋනේ..

    //මට හිතෙන විදියට හිට්ස් කියන්නෙ මුල් මාස හයේදි විතර ඔලුවට කරදර කරන දෙයක්. ඊට පස්සෙ හිට්ස් ගැන ආසාව නැත්තට නැති වෙනව//

    මාස දෙකන් නැත්තට නැති උනා අන්තිමට එල්ලං හිටපු එක ගලවල දැම්මා.

    ඉදිරයටම යමු...

    ජය වේවා!!!!


    ReplyDelete
    Replies
    1. මුලින්ම රාජ්ගේ නවාතැන කියවීමෙන් තමයි බ්ලාෙග් කියවන්න ලියන්න අාසාවක් අැතිඋනේ..//
      සන්තෝෂයි ඒ ගැන. බොහොම ස්තුතියි

      Delete
  16. අප්පට සිරි තුනයි මටත් හතර කිට්ටුයි දැන්නම් කම්මැලි වගේ මෙව්වා එකක් තියෙනව බං....!!! මොනා උනත් පරන කමෙන්ටුවක් " දිගටම ලියහං.. " අපි ඉස්සර කිව්ව ඒව්වා නේද බං ජය.

    ReplyDelete
    Replies
    1. උඹ මට වැඩිය අවුරුද්දක් වැඩිමලා නෙව. (නමුත් ලිවිල්ල නං මටත් වඩා මන්දගාමියි). බොහොම ස්තුතියි මචෝ

      Delete
  17. අන්තර්ජාලය අවුල්ජාලයක් නොවී ක්‍රියාත්මක වෙන බවට සාධකයක් තමයි බ්ලොග්.ඒ වගේම සාමුහිකත්වය.මතය වැදගත් නොවී බෙදා ගෙන සහ ඉවසා ක්‍රියා කිරීමට හැකි දියුණු තත්ත්වයක් බ්ලොග්වල තියෙනවා.හිත රිදෙන දේවල් සමාජයෙ ගොඩයි.ඒ ගැන ලිව්වම හිත රිදව ගන්න අයත් වැඩියි.ඒත් ලියන්නෙ නැතිව හිටියොත්...අපේ හිත රිදෙනවාමේක අලුත් සමාජ සංස්කෘතියක් පිරිස් බලයක් හැටියට ඉස්සරහට ගන්න පුළුවන් දවසක් එයි.හැබැයි ඒ සදහා අපි ටිකක් නිහතමානි වෙන්න ඕනි.අතේ ඇගිල පහම එක සමාන නැහැ.හැබැයි හයියෙන් අල්ලගන්න අතට ඇගිල පහම අවශ්‍යය වෙනවා.මම නම් හිගන්නගෙ ඉදල ලොකු ව්‍යාපාරිකයා දක්වා සමාජයේ ඉන්න සියළුම කොටස් ඇසුරු කරනවා.පාදඩ ජීවිත ඇතුලෙ තියෙන ආතල් සෙනෙහස,බැදීම ඒවා ඇතුළෙන් දුවන ඛේදය...අපේ ජීවිත වල එක්තරා කොටසක අඩු වැඩි කොටස් කියල දැනෙන කොට අපිත් වැරදිකාරයො කියල හිතෙන ආත්මීය අනුකම්පාවක් දැනෙනවා... මේක හරි වැදගත් වෙයි අපිට ජීවිතය සහ මාජය තේරුම් ගන්න.නිර්මාණය කරගත් සදළු තල වලින් බැස පාරෙ දූවිල සුළග එක්ක කළවම් වුණු ආදරයේ දහදිය ලවන රහ වුණාට මීපැණි වගේ ගුණයි බං

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්න පැමිණීම ගැන නිෂ්මන්ට මගේ ගෞරවය හිමි වෙනව. ඒක තමයි වෙන්න ඕන.
      අදහස් දැක්වීමට ස්තුතියි

      Delete
    2. වැරදියට ගන්න එකෙක් ඉන්නවනම් ඕන විදියකට ගනින්. මම මෑතක දැකපු සාර්ථක බ්ලොග් කාරයෙක් තමයි නිෂ්මන්. දිගටම ලියපන් මචෝ...

      Delete
    3. නිෂ්මා.+++++++++++++++++++++
      //අන්තර්ජාලය අවුල්ජාලයක් නොවී ක්‍රියාත්මක වෙන බවට සාධකයක් තමයි බ්ලොග්//

      Delete
    4. තෑන්ක්ස් මචං.සාර්ථක වෙන්න බලනවා

      Delete
    5. මාතලන් නිෂ්මන් ගැන කිව්ව හරි!

      Delete
  18. දෙකට සුබ පතමු ඉතිං.කමෙන්ට් වලට රිප්ලයි කරාවි කියල අපි කවුරුත් බලාපොරොත්තු වෙනව.එහෙම කරන්නෙ නැත්තෙ පොරවල් විතරයි,මම නං රිප්ලයි කරනව.

    ReplyDelete
    Replies
    1. නෑ හැලපෙ මම කියන්නෙ රිප්ලයි කිරීම හැම අවස්ථාවකම ඕන නෑ කියන එකයි. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් සමහර වෙලාවට ඒක අවුලක් වෙන වෙලාවල් තියනව.
      මට නං බ්ලොග් වල පොරවල් නෑ.

      Delete
    2. බ්ලොග් වල කොහෙද බං පොරවල්. මෙතන ගුණෙ අයියගේ කාමරේ වගේ. හැලපේ ඕන එකෙකුට ගහයි පුක නැතිවෙන්න එක පාරෙන්. ඒත් හැලපෙලා අපි, අටමලා. කකාලා, විචාරකලා කිසි අව්ලක් නැතුව එකට එක පෙලට මාච් පාස්ට් පාස්ට් එකේ යන තැනක් මේක.

      Delete
    3. හැලපේ ප්‍රතිචාර නොදක්වන්නේ පොරවල් හින්දම නෙවේ. සමහරුන්ට වෙලාවක් නැ. සමහර ඒවාට ඕන නැ. හැලපේ රටරට වල මිනිස්සු ආශ්‍රය කරාට හිතෙන් තාම ලාංකික වගේ.

      මාතලන් නලින් එක්ක එකතු වෙලා ගිය හොඳම මාච් එක මේ තියෙන්නේ. හැබැට ඔතන ගෝත්‍රික දුපත් මානසිකත්වය නැද්ද මාතලන්.

      http://hirunethihorawa.blogspot.com/2013/12/blog-post.html#comment-form

      Delete
    4. ඔය ලින්ක් එකට ම‍ගේ අදහස එතනම කිව්ව

      Delete
    5. ඒ පෝස්ට් එකේ නේද...? අපොයි එකසිය ගානට තිබුනා.

      Delete
    6. //දෙකට සුබ පතමු ඉතිං.//

      තව ළමයි හදන්නද?

      Delete
  19. මචං රාජ්.....මම කමෙන්ට්ස් සහ රිප්ලයිස් දකින්නේ සාකච්ඡාවක් හැටියට. මම කැමතියි මට පෝස්ට් එකේ ලියාගන්න බැරිවූ දේවල් සහ ලියූ දේවල්, පල්ලෙහාට බැහැලා සාකාච්ඡා කරන්න සංවාද කරන්න. පෝස්ට් එකේ බර වැඩිකරන්න හොඳම මෙවලම තමයි පල්ලෙහා සංවාදය කියලා මම හිතනවා. ඒ නිසා තමයි මගේ පෝස්ට් එකකට වඩා මට මහන්සි වෙන්න වෙන්නේ කමෙන්ට්ස්වලට රිප්ලයිස් දාන්න. මම කැමතියි කරුණු පෝස්ට් එකේ හෝ පල්ලෙහා කොහේ හරි හෝ එකතුවෙලා තියෙනවා නම්. කවදා හෝ කාට හෝ බලාගන්න.

    මචං මොනවා වුනත් මේ බ්ලොග්ස් නිසා ගෑනි මාව එලවනවා. නැත්නම් මම ලැප්ටොප් එකත් අරන් ගෙදරින් යනවා. වයිෆ්ට මම ලඟදි කිව්වා ..මම යනවා යන්න කියලා. එය කියනවා මතක ඇතිව ලැප්ටොප් එක අරන් යන්නලු. නැත්නම් ඕක ගන්න ගිය පයින්ම ආපහු එයිලු. කාටද කියන්නේ..

    උඹෙ තුනට කරදරයක් නොකර තුනක් ඇදගෙන යන්න දුන් උඹේ නෝනාට මගේ ආචාරය!!

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාව හරි. ඔය කමෙන්ට් වලින් අතිරේක පැහැදිලි කිරීම් මාත් කරනව.

      Delete
  20. අර්ධ සත්‍ය හා සත්‍ය සමග දිග දුර ගමනක් යන්න ලැබේවා....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අමූලික බොරු එපාද?

      Delete
  21. සුභ පැතුම් රාජ්.

    …රාජ්ගේ නවාතැනේ මම දැකපු විශේෂ ලක්ෂණයක් තමයි ළඟ ළඟ ලිපි පළවීම. ඒ ලිපි ආවට ගියාට ලියපුවත් නෙමෙයි. ගන්න යමක් තියෙන එව්වා.. රාජ් කොහොම කාල වේලාව හොයාගන්නවද මන්දා.. මේ මාසෙත් දැනටම හතක්නෙ..

    …තවත් කාලයක් මේ බ්ලොග කරගෙන යන්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ලිපියක් ලිවිල්ල නං කජු කන්න වගේ කාලයක් යනකොට‍. මේ දවස්වල වැඩ අඩුයි. බ්ලොග් වලට කාලය තියනව.

      Delete
  22. සුභපැතුම් රාජ්!! හිට්ස් තම්බලා කන්නයැ නේද? ඒත් ලස්ස දෙකක් කියන්නෙ සෑහෙන ලොකු වැඩක්! අපි ආතල් එකට ලියන ඒව කියවන්න මේන් මෙච්චරක් ආව කියල පේනකොටත් පොඩි මෙව්වා එකක් එනවනෙ.

    ReplyDelete
    Replies
    1. හිට්ස් තමබලා කන්න නෙමෙයි බන්. පෙරලා බොන්න. උබ අබය වෙන්න එපා උඹ ගොඩක් වෙනස්. ඒ වෙනස ඔක්කෝටම වඩා වටිනවා.

      Delete
    2. බොහොම ස්තුතියි බස්සි

      Delete
  23. හුරේ !! ජය වේවා රාජ් බොස් .. මට නං තමංගෙ බ්ලොග් එකේ ඇවිල්ල කමෙන්ටුවක් දැම්මම ඒකට් රිප් දාන එක මනුස්සකම. ඉං එහා ඇති මගුලක් නෑ මහප්පරාණ නීති පොත් පෙරලන්න ඕනැත් නෑ..
    වෙලාවක් නැත්තං හිමීට දානවා..මං දැකලා තියනවා සාමාන්‍යෙන් උඹ පිට බ්ලොග් එකකදි උනත් කමෙන්ට් එකකට රිප් නොදා ඉන්නෙ නෑ.. ඒකට ජයවේවා !!
    ඔහොම ලියාගෙන යං .. !!!!!

    ReplyDelete
    Replies
    1. පුළුවන් ‍වෙලාවල ක‍මෙන්ට් කරනව මචං. මම කියන්‍නෙ අර සාම්ප්‍රදායික ක‍මෙන්ට් ගැන

      Delete
  24. ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා, ඒ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ යාළුවෝ සේරමත් එක්ක.http://pakispettiya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන් එන්නං පකිස් පෙට්ටියට

      Delete
  25. සුභ පැතුම් මිත්‍රයා...ඔබේ බ්ලොග් පිළිබද අදහස් වලට මමත් එකගයි...මගේ බොග අටවපු මුල් කාලයෙත්...දැන් කාමරේ ඉන්න අය යනුවෙන් මා අටවා තිබෙන ගැජට්ටුවේ මට අමතරව තවත් අයෙක් දකින් අවස්ථාවක් එනකං මම ආශාවෙන් බලාන හිටියා.....මුල් කාලෙ කොයි වෙලේ බැලුවත් මම විතරයි...ටිකෙන් ටික තමයි ඉතිං ඒ තත්වයන් වෙනස් වුනේ...

    බ්ලොග් ලියන කෙනෙක් විදියට මට නම් කියන්න තියෙන්නෙ මේ බ්ලොග් ලිව්ල්ල වෙලාවකට කටුකයි. නිසි විවේකයක් නැතුව නින්ද කැප කරලා මම ලියනවා වගේ ලියන්න උනාම...නමුත් ඒ මහන්සියට යම් අගයක් එකතු වෙන්නෙ කියවන අය එකතු කරන ඇත්ත ඇති සැටියෙන් කියන කමෙන්ටුවකින් දෙකකින්....පට්ටයි...මාරයි...වගේ කමෙන්ට් වලට මම ආසම නෑ....එහෙම කමෙන්ට් කරන්න ලිපිය කියවන්න ඕනෙ නැති බව තමයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. මාත් කිව්‍වෙ ඒකයි.

      Delete
  26. රාජ්ට සුබ පැතුම්!!!

    මම නම් හිට්ස් ගැන හොයන්නේ නෑ. හැබැයි කමෙන්ට්ස් වලට නම් කැමතී. එකක් මම ලියන ඒවා ගැන අනික් අයගේ අදහස් දැනගන්න හන්දා. ඒ වගේම මම කමෙන්ට් කලොත් ඒකට උත්තර දෙනවටත් කැමතී...ලියන කෙනා ඒ ගැන මොනාද හිතන්නේ කියලා දැනගන්ට තියෙන ආසාව හන්දා...

    රාජ් කියන්නේ අපි අතර ඉන්න මැදහත් (වචනේ අමාරුවෙන් හොයාගත්තේ. )බ්ලොග්කරුවෙක්. ඒ වගේම වෙනස් මාතෘකා යටතේ වෙනස් විදියකට ලියන මම කැමති කෙනෙක්. ඉදිරියටත් මේ ලියැවුනා වගේ ලිපි දහස් ගනනින් ලියැවේවා!!!

    මාතෘකා නැත්නම් ගෙදර කෙනාගෙන ඇහුවා නම් කියලා දෙයි. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කිරීමට. ‍පොඩ්ඩි ඒ ක‍‍ා‍‍ලෙ ඉඳල එන ‍කෙ‍නෙක් ‍නෙව.

      ‍පොඩ්ඩි දැක්කමයි මකත් උ‍නේ මම අර කිව්ව අපහසුතාවය ‍පොඩ්ඩිගෙ වලව්‍වෙදිත් එනව. අමාරු‍වෙන් තමයි ක‍මෙන්ටුවක් දාන්‍නෙ. :-)

      Delete
  27. රාජ් උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.. බ්ෙලාග් නැමැති පිස්සුව පිලිබද කදිම විවරණයක් උඩින්ම තිෙයන්ෙන්...කොහොම නමුත් ඔබ සාර්ථක බ්ලොග් කරුවෙක්... යමු ඉදිරියටම...

    ReplyDelete
    Replies
    1. ‍බොහොම ස්තුතියි නලින්.

      Delete
  28. සුභ පැතුම් මචෝ.....
    මට ඉතිං ලොකුවට අදහසක් දෙන්න පුළුවන් එකෙක් නෙමේ කියල උඹ දන්නවනේ බං ...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචං. ‍බොහොම ස්තුතියි.

      Delete
  29. සුබ පැතුම් රාජ්!

    තවත් දිගු ගමනකට ආසිරි පතනවා.

    ReplyDelete
    Replies
    1. ‍බො‍හොම ස්තුතියි

      Delete
  30. දෙකට සුබ පැතුම් !
    කොමෙන්ට් එකකට රිප්ලයි කරනවද කියල කොමෙන්ට් දාන බොහෝ දෙනෙක් බලනව නේද?

    ReplyDelete
    Replies
    1. මම කියන්‍නෙ ‍මේව‍ගේ ‍දෙයක් ගැන.
      "අද ම‍ගේ බ්‍‍ලොග් එකට හිට්ස් ලක්ෂ ‍දෙකය්, ආපු හැ‍මෝටම ස්තුතියි"'

      "ලක්ෂ ‍දෙකට සුභපැතුම්"

      "‍බො‍හොම ස්තුතියි"

      "ස්තුතියි".

      .............

      ....................

      Delete
  31. බ්ලොග් කරණය ගැන ඇත්තම කියලා, බ්ලොග් හදන් දත ගලවන එවුනුත් ඉන්නවා නේද?, මටත් හිට්ස් වලට වඩා කමෙන්ට් ටික තමා වැදගත් වෙන්නේ, මගේ ලිපිය ගැන එයාලගේ අදහස මොකක්ද, ඒ වගේම එකට එල්ල වෙන විවේචන, ඒවගේ දේවල් නං වටිනවා, ඒ වගේම ඔබ කිව්වා වගේ අනෙක් බ්ලොග් කියවලා කමේන්ට් එකක් දෙකක් දාන්න වෙලාව හොයා ගන්න එක තමා අවුල. ඉතින් ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නෙ සජීවීම මාධ්‍ය නෙව. එවලේම ප්‍රතිචාර. බොහොම ස්තුතියි.

      Delete
  32. සුබ පැතුම් රාජ් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙනී අයියේ.

      Delete
  33. මුලින්ම සුබ පැතුම් රාජ්.!

    බ්ලොග් එක කියන්නේ මට නම් අපුරු මාධ්‍යක්.මොකද අපේ අදහස් කියන්න වගේම.ඒ හරහා ගොඩනැගෙන සංවාද නිසා.හිට්ස් ගැන නම් මගේ තැකීමක් නැහැ.නමුත් වැටෙන කමෙන්ට්ස් ගැන සැළකිලිමත්.

    ReplyDelete
  34. සුබ පැතුම් රාජ්!!.
    ඔය කොමෙන්ට් වලට උත්තර ලියන එකයි අනිත් බ්ලොග් කියවලා කොමෙන්ට් එකක් දාන එකයි මම හිතන්නේ කාල වෙලාව ලැබෙන හැටියට කරන්න පුලුවන්නම් හොඳයි. ඉස්සර මට එහෙම පුරුද්දක් තිබ්බේ නෑ . එකක් වෙලාව නැතිකම( තාමත් එහෙමයි) අනික ඒකෙ වටිනාකම නොදැන හිඳීම. බ්ලොග් ලියන්නන් අතරේ ඇතිවෙන බැඳීම හා සංවාදය වැඩදායකයි කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නමුත් අපේ බ්ලොග් වලට ආවත් නාවත් හොඳ පෝස්ටුවකට කමෙන්ට් කිරීමත් වැදගත්

      Delete
  35. එතකොට ලියන්නයි උබයි දෙන්නම එකටද බ්ලොග් ලියන්න ගත්තේ

    ReplyDelete
    Replies
    1. ලියන්නට වැඩිය මාසයක් විතර කලින් මම පටන් ගත්තෙ. හරියටම අප්‍රේල් මුල.

      Delete
  36. මේ මැයි කියන්නෙ සිංහල බ්ලොග් වලටත් වැදගත් මාසයක්. වැඩිම බ්ලොග් බර්ත්ඩේස් තීන්නෙ මේ මාසෙ මම හිතන්නෙ. මට මතකයි 2012 හරි 2011 හරි මැයි වල එකෙක් කියල තිබ්බ උපන්දින සුභ ඇතුම් විතරමයි බ්ලොග් රෝලෙ පේන්නෙ කියල.

    උඹ මේ තරම් කල මේක කරන් ආපු එකට සුභ පතනව. ඇත්තම හිට්ස් නැති උනත් කමෙන්ට් නැති එක රචකයෙක්ට වදිනව. ඒ නිසා මාත් පුලුවන් තරම් කමෙන්ට් එකක් දාන්න බලනව, ලිපිය මට අල්ලල ගියොත්. ඒත් ඉතින් තියෙන කලයෙ අඩුව තමයි ප්‍රස්නෙ.

    හැබැයි කමෙන්ට් කිව්වට නිකම්ම නික "එළ මචන්, මරු ලිපිය" වගේ ඒවයි ලඟදි ඉඳන් පත්තරෙ ප්‍රමුඛ සෙට් එක දාන චැට් කමෙන්ට්ස්නුයි වලටයි වඩා කියනව උන්ටත් ලිපියටත් වටිනාකමක් එකතු කරන කමෙන්ට් කාගෙ උනත් ලිපියක දකින්න "මම" කැමතියි.

    අර ඕනය කිව්ව වගේ මෙතන කවුරුත් ප්‍රවීණවත් කවුරුත් ආධුනිකවත් නෑ. හැබැයි එක එකාගෙ තියෙන පුද්ගලික ප්‍රවීණත්වය අනුව ඒ අය බ්ලොග් වල රැඳෙන තැන තීරනය වෙන්න බලපානව ( කකා, චානුක, අරූ, නිෂ්මං වගේ අය හොඳම උදාහරණ ). අනික් අතින් තමන්ගෙ සහජ දස්කම් නිසා තව අලුත් ලේඛකයො මේ මාධ්‍ය තුලින් බිහිවෙනව ( ඔබ - රාජ්, දේශ, අටම් සහ අමතක කරන්න බැරි හිස් අහසෙ සඳරුවන් කීප දෙනෙක්).

    කොහොම උනත් උඹට තව දිග ගමණක් යන්න සුභ පතනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ. මාත් කැමතියි හොඳ කමෙන්ටුවක් දාන්න පුළුවන් නං.

      Delete
    2. කොහොමත් කමෙන්ට් කරුවන් අතර ඉන්දික ඉහළම තැනක ඉන්න කෙනෙක්....

      Delete
  37. සිභ පැතුම් රාජ්.
    කමෙන්ට් එකකින් තමයි තමන් සාර්ථකද නැද්ද කියල බලා ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දමිත්.

      Delete
  38. සුබ පැතුම් රාජ්..! නිතර කමෙන්ට් නොකලාට රාජ්ගේ නවාතැන මමත් හැමදාම කියවනවා... මට එකතුකරන්න යමක් එකපාරම කල්පනාවට ආවේ නැතිනම් පෝස්ට් එක කොච්චර රසවින්දත් පට්ටයි එල වගේ දෙයක් නොකියා නිහඬවම යන්න පුරුදුවෙලා ඉන්න හින්දයි නිතරම කමෙන්ට් නොකෙරෙන්නේ...

    ReplyDelete
  39. මාත් බොහොම කැමැත්තෙන් කියවන බ්ලොග් එකක් රාජ්ගේ නවාතැන. ඒත් කොමන්ට් දාන්නේ නම් කලාතුරකින්. උඩ බීටලේ කියපු එකමයි මටත් කියන්න තියෙන්නේ. කවදහරි දවසක හම්බවෙන්න ඉන්න බ්ලොග් කරුවන් අතරින් එක්කෙනෙක් ඔබත්.
    මේක පොරක් ද මන්දා මට නම් කොමන්ට්ස් හිට්ස් කියලා කිසිදෙයක් වැදගත් නෑ. කවුරු නොකියෙව්වත් මට ප්‍රශ්නයකුත් නෑ. ඒත් මට හැකි හැම වෙලාවකම මම නම් බ්ලොග් කියවනවා. මට හිතට ඇල්ලුවොත් මම ඒ බ්ලොග් එක දිගටම කියවනවා. අවුරුදු හතරක් පහක් කියවන එකම කොමන්ට් එකක්වත් නොදාපු බ්ලොග්ස් මට තියෙනවා.
    තව තවත් වටිනා කියන රාජ්ගේ කතා කියවන්න අපිට ලැබේවා.....

    ReplyDelete
  40. මාත් රාජ්ගෙ නවාතැන අනිවාර්යයෙන්ම කියවන බ්ලොග් එකක්.කඩ ඉමක් පැනපු එක ගැන සතුටුයි.ඒත් බ්ලොග් කියවන අපේ සිත් වල රාජ් කියන කොට ඇදෙන ප්‍රතිරූපයක් තිබෙනව.ඒ පෞර්ෂයට මේ කතාවෙ එක කොටසකින් හානි පැමිනුනා.ඔහු මේක මද විහිලුවක විලාසයෙන් මෙය ලිව්වා වෙන්න පුළුවන්.මේකයි සිද්ධිය.

    පුහුණු වන පරිපාලන සේවයේ නිලධාරිණිය

    "රාජ්ගෙ නවාතැන ලියන්නෙ ඔයාද?"

    "ම් මේ.... ඔව්.. නෑ නෑ මම නෙවේ...."

    "ඔයා රාජ් නේද?"

    "රාජ් තමයි.... මට වෙබ් සයිට් හදන්න බෑ"

    "ඔයා තමයි මේක ලියන්නෙ.... අර අපි ගැනත් ලියල තිබුනෙ මම බලනව ඔයාගෙ සයිට් එක"

    (හුටා!)

    රාජ්‍ය සේවයෙ බමුණු කුලායක් හදන මේ අය ගැන කරන කතා කරනවට වඩා මෙතන මම කියන්නෙ ඕපන් එක පාස් වුන අය අහසින් වැටුන වගෙ හැසිරෙනව.ඒ අයට වැඩත් බෑ.ඉතින් මේ කෙනෙක් ඉස්සරහ රාජ් වගෙ පෞර්ෂයක් මෙහෙම වැටුන කියපුවම අපට නිකම් ඒක මහ මොකක්ද වගෙ.ඒක විහිලුවක් වුනත් තරඟ විභාගයක් පාස් වෙලා මහ බ්‍රහ්මයගෙ කටෙන් උපන්න කියල හිතන මේ කබ්බො ෆෝම් වෙනව නේද මේකෙන්.මම වැරදිද මන්ද.
    මේ අයට දෙන්නෙ මොන වගෙ පුහුණුවක්ද කියල මට හිතා ගන්න බැරි වෛද්‍යවරු,ඉන්ජිනේරුවන්,නීතීඥයන් වැනි අයතුලින් මා නුදුටු අමුතු අසාධ්‍ය තත්වයක් මේ අය තුලින් දුටු නිසයි.ඔවුන්ට ලැබෙන පුහුණුව යටත් විජිත යුගයට ගැලපෙන ආකාරයට සැදූවක්ද?
    ආයතන සංග්‍රහයෙ තවම අශ්ව කරත්ත ගැන කියවෙනවනෙ.

    රාජ්ල ඕකුන්ට සර් මැඩම් කියනවද

    ReplyDelete
    Replies
    1. රාජ් ඔබ කැමතිනම් ඔබ දන්න දෙයක් මට ලියා එවන්න.මටත් දැනගන්න ඕන.
      subasadhaka@gmail.com

      Delete
    2. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. (සමාජ සුභසාධක කියන නම ඇහුවමද කොහෙද!). මේල් එකක් එවන්නං.

      Delete
  41. සුබ පැතුම් රාජ්...!

    උඹ කමෙන්ට්ස් ගැන කියලා තිබුණ දේ නම් හරියටම හරි. සාමාන්‍යෙයන් බ්ලොග් පෝස්ට් එකක් කියවලා ඉවර වුනාම යම් stress එකක් ඉතිරි වුනේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න බැරි වෙනවා. කමෙන්ට් එක හැටියට ලියවෙන්නෙ පෝස්ට් එක කියවීම නිසා ඇතිවෙන stress එකයි.

    ReplyDelete