Wednesday, December 10, 2014

නෝටි මර්වින් සහ චෝයි සෝමරත්න

මර්වින් සිල්වා මෛත්‍රී පිලට පැමිණේය යන්න මේ මොහොත වනවිටද කටකතාවකි නැතිනම් ගොසිප් එකකි. මේ කාලයේ ගොසිප් බොහොමයක් යම් කාලයක් දක්වා පමණක් ගොසිප් වන අතර ඉන්පසු හැබෑව බවට පත්වේ. පනිනවා යයි කියූ සෑම එකෙකුම පනින බැව් ගොසිප් වලින් තහවුරු කල හෙයින් මර්වින්ද තමා පිළිබඳ ආරංචිය ගොසිප් එකකින් එහා ගෙනයාමට හොඳටම ඉඩ ඇත.

කෙසේ වුවත් මර්වින් සිල්වාගේ පැනීම අනෙකුත් පැනීම් වලට වැඩි කතාබහට ලක්වේ. බොහෝ දෙනෙකු සිටින්නේ මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන, රත්තරං, දුමින්ද සිල්වා, මහින්දානන්ද වැනි මැති ඇමතිවරුන් මෛත්‍රීගේ සන්ධානයට පැමැණියහොත් ඔවුන් ප්‍රතික්ෂේප කලයුතුය යන මතයේය. "මර්වින් සිල්වා මෛත්‍රී පිළට එන්නේ නම් ඔහු භාර ගැනීමට විරෝධය දැක්විය යුතුය. නිල වශයෙන් ඔහුගේ පැමිණීම භාර නොගත යුතුය. මේ සදහා මතයක් ගොඩ නැංවීම වැදගත්ය. එකම නරක පුදගගයා මර්වින් නොවුනද පසුගිය කාලයේ සිදුවූ රාජ්‍ය තන්ත්‍රෙය් පරිහානිය ඔහුගෙන් සංකේතමත් වේ. ඒ නිසා ඔහුගේ පැමිණීමට විරුද්ධ වීම සංකේතාත්මක වශයෙන් වැදගත්ය" මේ w3 ලංකා අඩවියෙන් උපුටාගත් නිර්මාල් රංජිත් දේවසිරිගේ ප්‍රකාශයකි.

සෝමරත්න දිසානායක මහින්ද රාජපක්ෂ රජයෙන් වරප්‍රසාද ලබමින් සිට ඊයේ දිනයේ මෛත්‍රී සන්ධානය වෙත පැමිණියෙකි. ඔහු කලාව තුල රඟදැක්වූ භූමිකාව මර්වින්ලා රත්තරංලා මහින්දානන්දලා දේශපාලනයේ රඟදැක්වූ භූමිකාවට සමානය. ‍එහෙත් සෝමරත්න බාලසූරියගේ පැමිණීම ගැන නොමැති අවුලක් මර්වින්ගේ පැමිණීම පිළිබඳ මෛත්‍රී පාක්ෂිකයන් තුල ඇති බැව් ෆේස්බුක්-බ්ලොග් සංවාද තුලින් පෙනේ.

මේ වනවිට ජනාධිපතිවරණ සටන මහින්ද සහ මෛත්‍රී අතර පවතින ජනතා නියෝජිතයන් බිලීබෑමක් බවට පත්ව ඇත. මෙය වැඩකට ඇති දෙයක් නොවුවද පවතින උණුසුම් තත්වය හමුවේ එකෙක් හෝ බිලීබාගැනීම මානසිකව ජයග්‍රහණයකි. මහින්ද පාර්ශවයට යන්නන් ගැන බොහෝවිට සිතිය හැක්කේ මුදල් හෝ වරදාන අපේක්ෂාවෙන් ඔවුන්ගේ පිල් මාරුව සිදුවන බවය. විපක්ෂයට යන්නන් ගමන් කරන්නේ යම් අවදානමක් දරමින් බැවින් කිසිවෙකුගේ හෝ පැමිණීම වැලැක්විය යුතු නොවේය යන්න මගේ මතයයි. එය හුදෙක් මහින්දගේ ඔඩොක්කුවෙන් මෛත්‍රීගේ ඔඩොක්කුවට පැනීමක් ලෙස නොදැකිය යුතුය. මන්ද යත් මහින්ද සෘජුවම 'කළු' නියෝජනය කරන විට, මෛත්‍රී වටා මර්වින්ලාට අමතරව යම් නිර් දේශපාලනික 'සුදු' පිරිසක් සිටින බැවිනි.

මර්වින්ලා සෝමරත්නලා රාජිතලා සියල්ලෝම අඩු වැඩි වශයෙන් නරක ඇත්තවුන්ය. මහින්ද පාලනය අවුරුදු දොලහක් පවත්වාගෙන යාමට සෘජු දායකත්වය සැපයූවන්ය. එහිදී තනි තනි වශයෙන් පුද්ගල ප්‍රතිරූප පිළිබඳ කතා කිරීම නිෂ්ඵලය. ඔවුන් පිළිබඳව දැකිය යුත්තේ යහපත් අරමුණ වෙනුවෙන් පැමිණෙන හොඳ හෝ නරක මිනිසුන් ලෙසිනි. ඔවුන්ගේ හැසිරීම පාලනයට නතුකර ගැනීම නොකල හැක්කක් නොවේ. මර්වින්ලාගේ පැමිණීම ප්‍රතික්ෂේප නොකල යුත්තේ එබැවිනි. මර්වින්ලාගේත් සෝමරත්නලා-රාජිතලාගේත් වෙනස එකෙකු හොරෙන් කුණුමස් කනවිට අනෙකා බෙල්ලේ එල්ලාගෙන කුණුමස් කෑම වැන්නක් පමණි.

67 comments:

  1. "විපක්ෂයට යන්නන් ගමන් කරන්නේ යම් අවදානමක් දරමින් බැවින් කිසිවෙකුගේ හෝ පැමිණීම වැලැක්විය යුතු නොවේය යන්න මගේ මතයයි."
    ඊට වැඩිය මැරවින් වගේ උන් එන්නේ උන්ගේ කෙරුවාවල් වලට දඬුවම් ලැබෙයි කියන බයටත්, පැන්නොත් ඒ කෙරුවාවල් තව දුරටත් කරගන යන්න තියෙන උවමනාවටත්ය.
    ඒ නිසා උන්ව බ්ලොක් කරන එකනම් සදාචාරයට කරන ගරු කිරීමක්.

    ReplyDelete
    Replies
    1. දැං මෛත්‍රී හොඳයිද? රාජිත හොඳයිද? හිරුනිකා රජීව වගේ අය ගැන නං දොසක් කියන්න බෑ. අනෙක් කාගෙ කාගෙත් කිල්ලෝට වල හුනු පොඩි තියනව. මම කියන්නෙ ඒකයි.

      Delete
    2. රාජිතල මයිත්‍රීල කෙලින්ම කැමරාවක් ඉදිරියෙ කුනුහරුප කියන්නෙ නෑ නේද

      Delete
    3. 12.07 ඇනෝ
      ඕක තමයි වෙනස. ඔය වෙනස වැඩක් තියනවද?

      Delete
    4. ඕනෑම පුද්ගලයෙකුට තම දේශපාලන අදහස් වෙනස් කිරීමේ අයිතිය ඇත. නමුත් පිල් මාරුව නිසා කර ඇති හොරමැරකම් වලින් බේරී යාමට ඉඩ ලැබෙයි නම් වරද එතැනය.

      Delete
    5. //නමුත් පිල් මාරුව නිසා කර ඇති හොරමැරකම් වලින් බේරී යාමට ඉඩ ලැබෙයි නම් වරද එතැනය.//

      අන්න එතනයි වැඩේ තියෙන්නේ.පිල් මාරුව තුලින් තමන්ට එල්ල වී තිබෙන චෝදනා වලින් නිදොස් වීමේ හැකියාවක් තියේ කියලා හිතන අයට ඒ සඳහා ලබා දිය යුතු නොවේ.පිල් මාරු කරපු ගොඩක් අයට එල්ල වෙන චොදනාවක් තමයි තමන්ගේ වැරදි වහා ගන්න පැත්ත මාරු කරපු බවට එන චෝදනා.කොයි පැත්තේ හිටියත් හොරුන්ට ඉඩක් නොදෙන්න ජනතාව තීරණය ඕනේ.

      Delete
  2. පුද්ගල ප්‍රතිරූප වලින් වැදගත් කමක් නැත.. ගඟ හැරවෙනකොට වතුර ටික පමණක් නොවේ කුණු කසලද හැරී යන බව මතක තබා ගත යුතුයි.. හැරුණු පසු ගඟේ කුණු රොඩු බේරා ජලය පිරිසිදු කර ගත යුතුයි.. මෙය මෛත්‍රී පාලනයකට නොව මහින්ද පාලනයකට වුව එකසේ පොදුයි. විපක්ෂයට යන්නන් යන්නේ දැඩි අවධානමක් රැගෙන බව සැබෑයි. එවැන්නකට පිට කොන්දක් තිබීමද අත්‍යාවශ්‍ය වේ.

    ReplyDelete
  3. මං කියන්නෙ නං ඔය එහෙට මෙහෙට පයින කාලකන්නින්ට චන්දෙ දෙන්න හොදනෑ..
    ප්‍රතිපත්තියක් නැති උං නෙව
    රට නෙවී පුලුවන්නං අම්ම වත් විකුනං කයි සල්ලි දෙනව නං

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වැඩේ මිනිස්සුන්ට බාරයි. මෛත්‍රී දිනුවොත් ඊලඟ ඡන්දෙදි ජනතාවට භාරයි. හැම මගුලම මෛත්‍රී සහ ඔහු වටා ඉන්න හොඳ මිනිසුන්‍ට කරන්න බෑ. අර අනුර කුමාර කිව්ව වගේ ඡන්දෙන් පස්සෙ තමයි වැඩි වැඩි

      Delete
  4. ජනාධිපතිවරණයට කලින් මර්වින්ව මයිත්‍රීගේ පැත්තට ගැනීම නොගැනීම කෙසේ වෙතත් ජන්දයෙන් මයිත්‍රී දිනුවොත් ඔවුන්ගේ සහය අවශ්‍යයි.

    ඒ කියන්නේ මේ තිබෙනා මජර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට,ජනාධිපතිධුරයේ ඒකාධිපති බලතල අයින් කොට ගෙන එන රෙගුලාසි සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න ඕනි. ඒක මේ පාර්ලි‌‌මේන්තුවතුලම කරනවා නං දැන් ඔය ඉන්නා අයගෙන්ම තමයි ඒක කරන්න වෙන්නේ.

    විෂෙන් විෂ නෂනවා වගේ,මේ මොහොතේ වෙන කලයුතු දෙයක් නෑ. අදාල නව දේශපාලන ක්‍රමය ඇතිකරාම පස්සේ එන ඊලග ජන්දෙදි කවුද පත් කරන්නේ කියලා ජනතාව තීරණය කරන්න. මේ මොහොතේ පාර්ලි‌‌මේන්තුවතුල සිටිනා ඔළුගෙඩි ගානත් වැදගත් පරා.

    w3 දාපු කොමෙන්ටුව -

    ReplyDelete
  5. එළකිරි හරියට හරි.. නමුත් ඔතන මෙහෙම දෙයක් තියෙනවා. උඹලා අපි වගේ ගොන්නුන්ට ඔය ඔක්කෝම එකයි කියලා තේරුනාට. මේ රටේ බුද්ධිමත් ජනතාවට. මහින්ද හොඳයි, මෛත්‍රීපාල හොඳයි. හැබයි මර්වින් සිල්වා නරකයි.. මම නම් කැමතිම මර්වින් සිල්වට.. ඌ මැරයෝ දාලා ගහන්නේ නෑ.. ඌම ගිහින් ගහනවා.. ගෝලයෝ දාලා කුණුහබ්බ කියන්නේ නෑ.. ඌම කුණුහබ්බ කියනවා.. මට රටවල් පහක ගෙවල් තියෙනවා කියලා කෙලින්ම කියනවා.. මගේ පුතා වෙනුවෙන් මම මැරෙන්නේ නැතිව තොපිද මැරෙන්නේ කියලා අහනවා.. කොටින්ම බෙට්ට උනත් කෙලින්.. මර්විනුත් මම වගේ.. උඹ දැකල ඇති නේ පැරාගේ බ්ලොග් එකේ.. මම හිතන්නේ එතන ප්‍රෝෆයිල් එකෙන් කොමෙන්ට් දාන්නේ උඹයි මමයි තව කීප දෙනෙක් විතරයි.. අනිත් බ්ලොග් ලියන උන් එතනදි පොන්නයෝ වෙනවා..

    නමුත් මෙතන කතා කරන්න වෙන්නේ අපි වගේ හරක්ට නෙමෙයි, රටේ බුද්ධිමත් ජනතාවට. ඒ නිසා ජනතාව අතර අප්‍රිය චරිත කියන නම්බු නාමය ගත්ත උන්, මෛත්‍රී පිලට යන එක අවාසියක්.. ඒ නිසා නිර්මාල් ගොඩ නගන තර්කය හරියටම හරි.. මර්වින් නෙමෙයි, චන්ද්‍රිකා ගත්ත එකත් අවාසියක්.. එයාට තිබුනේ බැක් කරන එක කරන්න විතරයි.. අර සෝනියා ගාන්ධි වගේ.. ඒකෙන් බර ගානක් ඡන්ද නැති වෙනවා..

    ReplyDelete
    Replies
    1. නිර්මාල් සහ උඹ ඔය කියන්නෙ එක පැත්තක් විතරයි.
      මර්වින් කියන්නෙ ලක්ෂ එකහමාරක් විතර මනාප ගත්ත එකෙක්. මම හැමදාම කියනව වගේ අපේ 'බුද්ධිමත්' ජනතා කොටසක් ඉන්නව මේවගේ උදවියට කැමති. ඒ වගේ අයගෙ ඡන්දයට බලපෑමක් කරන්න මර්වින්ලත් ඕන. උඹට මතක නැති වෙන්න බෑ චන්ද්‍රිකාගෙ ලප ගාන කියනකොට හුරේ දාපු පිරිසකුත් හිටිය

      Delete
    2. @ මාතා
      මහජන නියෝජිතයෙක් විදියට මර්වින් කෙලින් කතා කරන එක අගය කිරීම එකක්.නමුත් මහජන නියෝජිතයෙක් විදියට මර්වින්ගේ හැසිරීම අන්තිමයි.තමන්ගේ වැරදි වහාගෙන ශුද්ධවන්තයෝ වගේ ඉන්න වුන්ව අගය කරනවා නෙමේ,එහෙම ශුද්ධවන්තයෝ වගේ ඉන්න හොරුන්වත්,මෙහෙම එළිපිට ඉන්න හොරුන්වත් එකසේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

      Delete
  6. මෑ පැනිල්ල නං තිත්තයි බං.තිස්සයා මේ පැත්තට ඇවිල්ලා කියන්නේ අරුං ටික එජාපේ කනවා බලං ඉන්ඩ බැරි හින්දා මේ පැත්තට ආවා කියලා.ඇයි යකෝඅ උගේ පක්ෂේ විනාස වෙන එක බලං ඉන්ඩ බැරි නං මේ පැත්තට ආවා කියලා ඒක වෙනස් වෙනවද? හිතට එකඟව ඉල්ලා අස් වෙලා ගෙදර යන්නැතුව අනිත් පැත්තට පැනලා හරි යනවද?

    ReplyDelete
    Replies
    1. තිස්සගෙ කතා නං වැඩක් නෑ.

      Delete
    2. ඉන්නකං තමා තිස්සගෙ කතා වැඩක් තිබුණෙ.

      Delete
    3. එහෙම කියන අයත් ඇති. නමුත් පක්ෂ වලට ගැති නොවිච්ච අපිට නං ඔය 'කවුරුවත්' මහලොකු ලොක්කො නෙවේ.

      Delete
    4. අනේ අපි නොදන්න පක්ෂ වලට ගැති නැති රාජ්!

      Delete
  7. මර්වින් එන එක හොදයි.. හැබැයි ඉතිං ස්ටේජ් ගත්තම සිරිසේනගේ ගාන්ධි දර්ශනය තමා අනතුරේ වැටෙන්නේ.. පුද්ගලවාදයෙන් තොරව ප්‍රතිපත්තියක් වටා එක් රොක් වෙනව නං ඒකයි ශක්තිය.

    ReplyDelete
    Replies
    1. හැබෑව! ප්‍රතිපත්තිය වැදගත්.

      Delete
  8. ඕව ගණන් ගන්න එපා. දැන් අපේ මාරයා අයියත් අස්ස තිත්තනායක යූ එන් පී එකේ ඉන්නකල් හැමදාම බැන්නා. දැන් පැනපු ගමන් මාර තිත්තනායක වෙලා තියෙනවා. ඊට වඩා කෙරුමෙක් නැහැ. මාරයියාට අස්ස තිත්තනායක හොඳ වුණා නම් රාජ්ලට මර්වින් හොඳ නොවෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මට තිස්සවත් මරවින්වත් වැඩක් නෑ. පෞද්ගලිකව මම නං ඔය කාටවත් කැමති නෑ නමුත් මේ කවුරුවත් බැහැර කරල ගමන යන්න බෑ.

      Delete
    2. කොයි ගමනද?

      Delete
  9. යහපත් පොදු අරමුණක් කරා යාමේදී එකතු කරගත්තට කමක් නෑ. හැබැයි නාස් ලනුවක් දාලා තියාගන්න ඕනි. අනික කුඩු කෑ විත්ති වගේ වැඩ නොකර.

    ReplyDelete
  10. මර්වින් නෙමෙයි මහින්ද ආවත් කරනවා කිව්ව දුශනේ වංචාව නැති කරනවානම් එච්චරයි. හැබැයි ඉතිං එතකොට මෙයා අපේ කෙනෙක් කියල බේරනවානම් mY3 ගොයියාගේ තක්කඩිකම

    ReplyDelete
    Replies
    1. ඒක වලක්වාගත යුතුයි.

      Delete
  11. රාජ් කියන්නෙ බොදු බලේ උන් ආවත් කමක් නැද්ද එතකොට?
    අනේ මංද අප්ප මට තේරෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හෙළ උරුමේ ආවා කියන්නේ බොදු බලේ ආවා හා සමානයි.

      Delete
    2. බොදුබලේ කියන්නෙ ඉතිං අහවලාගෙ සෙට් එකක් නෙව. එයාල ගැන කතා කරල වැඩක් නෑ. මහින්ද මහත්තය එනව කිව්ව වගේ කේස් එකක් නෙව ඒක :-)

      Delete
  12. This is how Indian media sees SL election
    https://www.youtube.com/watch?v=oftcyIyeorY

    ReplyDelete
  13. එහෙන් මෙහෙට එති. මෙහෙන් එහෙට යති. අනේ ඉතිං මේ අයට ඡන්දය දුන් අයට යන කලදසාව කුමක් ද? විධායක ක්‍රමය ඇති කළ ජේ ආර් ජයවර්ධන මහතා මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙන්න කලින්ම දින නොමැති ඉල්ලා අස්වීමේ ලියුමක් ගත්තේ මේ ක්‍රමයේ එක් ආදිනවයකට නියම පිළියම එය බැව් දැනගෙන නේද?

    ReplyDelete
    Replies
    1. ඕක ඉතිං හොඳයි ජේආර්ට. නමුත් මේ එන උදවියට සෑහෙන්න අවුල් තියනව නෙව. අඩුගානෙ නිදහසේ හොරකමක් කරගන්න බැරි ලෙවෙල් එකට ආවම අස්වීම් ලිපි නෙවේ මොනව තියාගත්තත් වැඩක් වෙයිද?

      Delete
    2. රාජ් මෙතැන උඩ තිබුණු කමෙන්ට් එකක කපලා. මීට කලිමුත් ඔයාගෙ මතවාදයට විරුද්ධ වෙන කමෙන්ට් ගොඩක් කපල තිබුණු බව දැක්කා. ඔහොම කමෙන්ට් කපන එක කුජීතයි නේද?

      Delete
    3. කෙලින්ම තෙවැනි පාර්ශව වලට අපහාස කරන කමෙන්ට් කැපීම ‍බ්ලොග්කරුගේ සිරිතයි. මතවාද පමණක් ඇති කිසිදු කමෙන්ටුවක් කිසිදු අවස්තාවක ඉවත් කර නැත. (ඔබේ මේ කොලි පේස්ට් කමෙන්ට් වලට ඉඩ ලැබෙන්නාක් මෙන්).
      නිදහස ඇතත් වල්බූරු නිදහස මෙහි නොවේ.

      Delete
    4. රාජ් කියන්නෙ බොරු. ඉවත් කළ කමෙන්ට් එකේ කිසිම අපහාසයක් තිබුණෙ නෑ.

      Delete
  14. මර්වින්ලා මචන් කොහොමත් අවුට් ඔෆ් කන්ට්‍රෝල්. අනික් උන් නම් බොහෝ විට දෙන දේ කාල වෙනදේ බලාගෙන ඒක හොඳයි කියන උන්. ඒත් නම විතරක් වෙන්ස කරගෙන ආයෙත් එකතුවෙන්නෙ පරණ සෙට් එකමනම්..අනේ මංද.

    ReplyDelete
  15. ඒ පැත්තට පනින කොට අපේ මාරයියා පුක හෝදලා කිස් එකක් දීලා අපේ වීරෝධාර මැතිතුමාට ජයවේවා කියල පිළිගන්නවා.

    මේ පැත්තට පනින කොට පැරා සහ රාජ් පුක හෝදලා කිස් එකක් දීලා අපේ වීරෝධාර මැතිතුමාට ජයවේවා කියල පිළිගන්නවා.

    බලාගෙන යනකොට මාරයියාගෙත් රාජ්ගෙත් පැරාගෙත් පනින් එවුන්ගෙත් කිසිම වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අපි ඇවිල්ල කැපුවත් අහවල්ලු නොවෙන උදවිය. මේවාට විසඳුම් යෝජනා කරල තියනව ඕන තරම්. බ්ලොග් කි‍යවල තියනව නං දන්නව ඇති. නමුත් අපි කියන දේ අහන බහුතරයක් නැති තැන අපිටත් සිද්ධ වෙනව ඔයවගේ අමාරු තේරීම් වලට යන්න.

      Delete
    2. රාජ් මෙතැන උඩ තිබුණු කමෙන්ට් එකක් කපලා. මීට කලිමුත් ඔයාගෙ මතවාදයට විරුද්ධ වෙන කමෙන්ට් ගොඩක් කපල තිබුණු බව දැක්කා. ඔහොම කමෙන්ට් කපන එක කුජීතයි නේද?

      Delete
  16. ඇවිත් ගියා..ලිපිය කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. හරි. ලොකුවුනාම එන්නකො.

      Delete
  17. සමහර දේශපාලකයන් කියන එකක් - "විරුද්ධ පාක්ශිකයින් හිතනවාට වඩා ජනතාවට මොලේ තියනව"


    මට හිතෙන එක " බ්ලොග්කාරයන් හිතනවාට වඩා ජනතාව මෝඩයි"

    ReplyDelete
    Replies
    1. මම ඕක කිව්වම කට්ටිය මගේ ඇඟට ගොඩවුනා මතකද?

      Delete
    2. ඇත්තද? කවුද?
      අපේ දේශමාමක වීරෝදාර, අදිරාජ්ය විරෝදී ප්‍රගතිශීලී ජනතාවට ඔය ඔක්කොම තියාගෙන මොලයකුත් තියෙන්න ඉඩ තියනවයි කියල ඒඅය හිතනවද?

      Delete
    3. නැතුව වෙන කවුද? උඹලටත් ඉතිං සතියෙං අමතකයි නෙව. http://raj1st.blogspot.com/2014/08/faq.html

      Delete
  18. අපෝ... මර්වියාව කොයියම්ම පක්ෂයකටවත් ගන්ඩ වටින එකෙක් නෙමේ. රීලා හත්පොලේ ගාගන්න එකෙක්

    ReplyDelete
  19. යකා නැත්නම් මහසෝනා එක්ක එකතුවෙලා හරි පෝරිසාදයා එළවලා ඉන්න ඕනෙ. ඊට පස්සේ ඒ ඒ යකාට අදාළ මන්තර වලින් උන්ව දමනය කරගන්න ඕනෙ. එච්චරයි.

    ReplyDelete
  20. |...මොකක් හරි ඉලක්කයක් ජයගන්න නම්, යම් බලපෑමක් ඇති කරන්න නම්, යම් ක්‍රමයක් උඩුයටිකුරු කරන්න නම් පවතින වාතාවරණය තේරුම් අරන් ඒ තුළ බලය අල්ලා ගැනීම සහ ස්ථාවර වීම අතිශය වැදගත්. එහෙම කරන්න යන ගමනේ අවශ්‍ය දේ කරන්නත්, අතේ මඩ ගාගන්නත් සූදානම් නැත්තන් වෙන්නේ පටන්ගත්ත තැනින්ම ගමන ඉවරකරන්නයි. කථාවට කියනවා වගේ කුකුල් බෙට්ටෙනුත් ප්‍රයෝජනයක් තියෙනවා නම් අවශ්‍ය දේ කරන්න ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඕන. ක්‍රමය වෙනස් කරන්න කලින් ක්‍රමය තුළ ස්ථාවර විය යුතුයි. මර්වින් සිල්වා වගේ පිස්සු බල්ලෙක් බැලන්ස් කරන්නවත් බැයි නම් මෛත්‍රී පාලනයට ඔය කරනවා කියල කියන දේවල් කරනවා තියා හිතන්නවත් හම්බෙන්නේ නෑ. ඇතිකරන්න යන වෙනස උදෙසා යන ගමනේ උස මිටි කම්, කළු සුදු කම් බලනවට වඩා වැදගත් මොකක්ද කියන එක තේරුම් ගන්න එක ඉතාම වැදගත්.

    ගෘහ මූලිකයා බුද්ධිමත් නම් පිස්සුබල්ලෙක් බඳිනවා කියන්නේ ලේසියෙන් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක්. දම්වැල් කඩාගත්ත පිස්සුබල්ලන්ට බයවෙලා 'ලොකු පින්තූරය' මඟහරවගන්නේ නැතුව අවසාන ඉලක්කය ලඟා කරගන්න කරන්න ඕන දේ කොන්ද පණ ඇතුව කරන්නත්, ඒ කරන්න වෙන දේවල් ප්‍රායෝගිකව දරා ගන්න හැකියාවත් නැත්නම් බලය අල්ලගත්තත් ඒකෙන් පස්සේ ඔය කරනවයි කියන ඒවා කරන්න නම් පුලුවන් වෙන්නේ නෑ.

    පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න නම් දැනට සිටින මර්වින් වගේ දේශපාලන චරිත එක්කත් ගනුදෙනු කරන්න සිද්දවෙනවා කියන ඇත්තට මූණ දෙන්න බැයි නම් ඒ අයට ලංකාවේ දේශපාලනය තුල ස්ථාවර වෙන්න ලැබෙන්නේ නෑ. ඒ සඳහා මර්වින්වගේ එකෙක්ගෙන් හරි වාසියක් වෙනවා නම් ඒ වාසිය ගන්න එක වැදගත්. ගන්න තියෙන වාසි අරන් ජයග්‍රහණයෙන් පස්සේ අවශ්‍ය දේ කරන එක හොඳයි, සුදු කලු තෝර තෝර ඉන්න ගිහින් පැරදිලා ඔක්කෝම හීන උපන්ගෙයි මියැදෙන්න අරිනවට වඩා. මර්වින් විතරක් නෙමේ, ඒවගේම තවත් අය එක්ක කටයුතු කරන්න පුලුවන් ඇති කරන්න බලාපොරොත්තු වෙන වෙනස තුල. නව පාලන ක්‍රමයක් තුළ අල්ලස් හා දූෂණ පිළිබඳ නීති හරිහැටි ක්‍රියාත්මක කිරීම වගේ දෙයකින්ම මර්වින් වගේ ලේසි ප්‍රශ්න විසඳගන්න පුලුවන්, එහෙමත් නැත්නම් දීර්ඝ කාලීනව කොටු කරන්න පුළුවන්...|

    සම්පූර්ණ ලිපියට..

    http://silverline-chamara.blogspot.com/2014/12/blog-post_10.html

    ReplyDelete
  21. සෝමරත්න යනු සිඩ්නි නගරයේ වෙසෙන සිංහල ජන කොටසේ සංස්කෘතිකමය අවශ්‍යතා වෙනුවෙන් පුරෝගාමී වැඩ කොටසක් කළ අයෙකි.

    ඔහු තම දේශපාලනය ලංකාවේ තබා නැවත මෙහි ආවොත් අපට නම් හොඳා.

    ReplyDelete
    Replies
    1. [අනේ රසික පුළුවන් නං ගෙනියන්න]

      රසිකගෙ කතාවෙ ලොකු ගැඹුරක් තියනව. ඕස්ට්‍රේලියාවෙදි එහෙම වෙන්නත් ලංකාවෙදි මෙහෙම වෙන්නත්.....(ඉතිරි ටික කියන්න ඕන නෑනෙ)

      Delete
    2. සෝමරත්න දිසානායකගේ වරද මොකද්ද කවුරු හරි කියනවද?

      Delete
    3. තමන් ම විතරක් බිසිනස් කරන්න ඕන කියල හිතන එක.

      Delete
    4. රාජ් මෙතැන උඩ තිබුණු කමෙන්ට් එකක් කපලා. මීට කලිමුත් ඔයාගෙ මතවාදයට විරුද්ධ වෙන කමෙන්ට් ගොඩක් කපල තිබුණු බව දැක්කා. ඔහොම කමෙන්ට් කපන එක කුජීතයි නේද?

      Delete
  22. එහෙනං ඉතිං ඔක්කොටම කලින් උඹ කාලය නාස්ති නොකර හිටින්කො බන්.

    ReplyDelete
  23. http://lmd.lk/2014/12/01/sri-lankans-overseas-16/

    ReplyDelete
  24. මෙතන තියන ප්‍රශ්නෙ පිස්සු බල්ලො එක්ක ගනුදෙනු කරන එක නොවෙයි.පිස්සු බල්ලො කරපු වැරදි වලට මේ පැනිලි නිසා මුක්තියක් හිමිවීම.දෑත් ශක්තිමත් කරන්න ආපු ආය වගේම ඊට පස්සෙ ආපු අයත් ආවෙ තමන්ගෙ හොරමැරකම් වහගන්නත් තව තවත් ඒව කරන්නත්.දැන් මේ අය මෙහෙම පැන්නම කරපු වැරදි අහෝසි වෙනවද

    ආණ්ඩුව පහුගිය කාලෙ හිතුවෙ ලංකාවෙ මිනිස්සු පට්ට පල් මෝඩයො කියල.බලසේනා වගෙ ඒවගෙන් ජාතිවාදය ආගම්වාදය අවුස්සනව,මෙහෙ ළමයි වඩාගන්නව,යුද්ධෙ විකුණනව ඒ අතරෙ හොරාකනව.මිනිස්සුන්ට මේව ගානක් නෑ කියල හිතුව.ඇත්තටම මේ රජකාලෙ නෙමේ 21 වැනි සියවස.මර්වින් ලගෙ ඥාසාරලගෙ විගඩම් ඉවසුවෙ වෙනකරන්න දෙයක් නැතිකමකට මිස මෝඩකමකට නෙමෙයි.

    ආණ්ඩුවට එන අය ගැන උදම් ඇනුවට ඇත්තම කපටි පනින අයයි.උන් වාසි පැත්තට පනිනව .අන්තිමට පවුලෙ කට්ටියයි විමලුයි ඇර ඔක්කොම පනින්නත් ඉඩ තියෙනව.තීරණාත්මක මොහොතක ෆයිල් වැඩකරන්නෙ නෑ
    චන්ඩිකමයි කපටිකමයි වෙනුවට යුක්තිගරුකකම ඉස්සරහට දැම්මනම් යුධ ජයග්‍රහණයත් එක්ක කොයි තරම් දුර යන්න තිබුන ආණ්ඩුවක්ද

    ReplyDelete
  25. මෙහෙන් එහෙට යන,එහෙන් මෙහෙට එන අය නෙමේ වැදගත් වෙන්නේ.ප්‍රතිපත්තිය තමයි වැදගත් කරගන්න ඕනේ.මර්වින් මේ සිස්ටම් එක ඇතුලේ ඉන්න එක හොරෙක් විතරයි.

    ReplyDelete
  26. රාජ් අයියේ........
    +++++++++++++++++++++++++

    ReplyDelete
  27. ලංකාවෙ බඩජාරි දේශපාලනය මේ තරම් කුණු අඩියකට වැටිලා නැතුව ඇති කවදාවත්...හෙට එළිවෙද්දි මොකා පනිනවද කියලා හිතාගන්න බැරි වටපිටාවක් තියෙන්නෙ...මැරවින්ලා වගේ උන් ලංකරගත්තොත් මයි3 ට තියෙන ඡන්ද ටිකත් අඩුවෙයි...මේ වගේ බත්ගොට්ටො සත පහකට ගනන් ගන්න හොඳ උන් නෙමෙයි.

    ReplyDelete
  28. මර්වින් ට මෙන්ම නාමල්ටද තම දේශපාලන මතය වෙනස් කිරීමට අයිතියක් ඇතයි මම සිතමි.

    මට මේ දවස් වල මාර වැඩක් වෙලා. අනිත් එවුන්ගේ හැටියට මර්වින් එක අතකට හොඳයි කියා හිතෙන්නේය. මට ලෙඩක්ද කියා විටෙක සිතමි. " මටත් එහෙම හිතෙනවා " කියා මිතුරෙකු කී බැවින් මෙය බෝවෙන රෝගයක් විය යුතුය

    ReplyDelete
  29. මර්වියට ඡන්ද තියෙනවා. දෙන එවුන් ගැන මම කියන්නෑ.

    ReplyDelete