Friday, December 26, 2014

මේ කොයි යන්නේ..... වලටයි යන්නේ......

පසුගිය සතියේ සිදුවූ විශේෂී සිදුවීම් දෙකකි. කණගාටුදායක සිදුවීම් ලෙස සැලකිය හැකි මේ සිදුවීම් රටේ වර්තමාන තත්වය තේරුම් ගැනීමට [එසේ කල නොහැකි අය තවත් සිටින බව පෙනේ] තවත් වටයකින් ඌණපූර්ණ සපයයි.

පළමුවැන්න වඳුරඹ පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ මහතාගේ ඉල්ලා අස්වීමයි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීම් වේදිකාවට ගිනිතැබූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවේ සිටියදී නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම විසින් බලහත්කාරයෙන් රැගෙන යාමෙන් පසු මෙම ඉල්ලා අස්වීම සිදුවිය. ස්වාධීන පොලිස් සේවය හීනයක් වූ රටක මෙවන් සිදුවීම් දුලබ නොවන අතර මෙහි නීති සැකසී අැත්තේ කීර්තිසිංහලා යටගොස් මුතුහෙට්ටිගමලා මතුවන පරිදිය. ලස්සන සිද්ධිය එය නොවේ. ස්ථානාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පොලිස්පතිවරයා පිලිගෙන නොමැති අතර ඒ වෙනුවට සිදුව ඇත්තේ සේවය හැරගිය අයෙකු ලෙස සලකා කටයුතු කිරීමයි. නීතියේ හැටියට නොදන්වා සේවය හැරයාමට නියමිත වූ වසරක දඬුවමටද ඔහුව ලක්කල හැකි බැව් පොලිස් මාධ්‍ය ගිරවා උජාරුවෙන් පැවසුවේ එයයි.

සාමාන්‍යයෙන් යටත් නිලධාරියෙකු හට රාජකාරි කරගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසීම ඉහල නිලධාරියෙකුගේ කාර්යභාරයයි. ඔහුට එය සිදුකල නොහැකි නම් කලයුත්තේ වහාම තනතුරෙන් ඉල්ලා අස්වීමයි. ඒ අනුව සැබැවින්ම මෙහිදී ඉල්ලා අස්විය යුත්තේ පොලිස්පතිවරයා මිස අනෙකෙකු නොවේ. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙවර ඔහු බලය ඉල්ලන්නේ "යුද්ධය අවසන් කර, සංවර්ධනය කර අැති රටේ" නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමයි. මේ අනුව රටේ නීතිය බිඳවැටී ඇතැයි යන්න ඔහු පිලිගෙන තිබේ. එසේ නම් අපට ඇසීමට සිදුවන්නේ නීතිය බිඳවැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්නයි.



ගිය සතියේ සිදුවූ දෙවැනි සිදුවීම මෛත්‍රී-රනිල් අත්සන් කලා යයි කියන ගිවිසුමක් සම්බන්ධවය. ගිවිසුම ව්‍යාජ එකකැයිද ඊට එරෙහිව නීතිය ඉදිරියට යාමට සූදානම් යයිද විත්ති පාර්ශවය ප්‍රකාශ කර සිටියද කුමන්ත්‍රණයක්ම ඉල්ලා සිටින විමල් වීරවංශලාට, ගුණදාස අමරසේකරලාට, වසන්ත බණ්ඩාරලාට එය ප්‍රමාණවත් වූයේ නැත. ඔවුන් ඉල්ලන්නේම ගිවිසුමකි. අවසානයේ සිරිකොත ඉදිරියට පැමිණි විමල්ගේ හෙන්චයියන් එහි සිටියවුන් සමඟ ගැටිනි. මෙවන් අවස්ථ‍ාවක් මතුවූ කල පාලනය කල නොහැකි නොදැමුනු එක් අයෙකු සිටීම ගින්න ඇවිලීමට ප්‍රමාණවත්ය. අනෙක් අතට ආණ්ඩුව පැත්තෙන්, ගැටුම් වැලැක්වීමේ අරමුණෙන් උද්ඝෝෂණ පාලනය කරන්නේ තමන්ට අවාසිදායක නම් පමණි. මුස්ලිම් අන්තවාදීන් සිටින දර්ගා නගරය මැදින් අන්තවාදී සිංහලයන් ගමන් කිරීම පාලනය නොකිරීම මෙවන් අවස්ථාවකට එක් උදාහරණයකි. ගිවිසුමක් තිබුනේ නම් විත්තිය පැත්තෙන් එසේ නොවේ යයි කියන්නේ නම් කලයුත්තේ සිරිකොතට ගල් ගැසීම නොව ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා රටට හෙලි කිරීමයි. සත්‍ය ලෙසම පරීක්ෂණයක් කරන්නේ නම් එවැන්නකට ශ්‍රී ලංකා පොලීසිය තරම් දක්ෂයන් වෙන කොතැනකවත් නැත. එහෙත් සිදුවන්නේ එය නොවේ.

මෙම සිදුවීම අරභයා මා දකින වඩාත් අයහපත් තත්වය එය නොවේ. යුද්ධය අවසන් වී වසර පහක් ඉක්ම ගියද ආණ්ඩුව පැත්තෙන් වපුරන ජාතිවාදය තවමත් නිමවී නැත. ඔවුන්ට අනුව දෙමළ පක්ෂ සමඟ ගණුදෙනු කරන්නන් සියල්ලම කොටියන්ය. ගණුදෙනු කල හැක්කේ බහුතර දෙමළුන් වෙතින් ප්‍රතික්ෂේපිත කරුණා පිල්ලෙයාන් හා ඩග්ලස් දේවානන්ද සමඟ පමණි. සිරගතව සිටියයුතු කේ.පී.ද අවුලක් නැත. මොවුන් මේ සිදුකරන්නේ ඉතිහාසයේ කිහිප වරක් සිදුකල වැරදිය. මේ වනවිට දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ වැසියන් නොවන තැනට පත්කර හමාරය. කොටි ලේබල් ගසා ඔවුන් කොටින්ටම පවරා ඇත. පාලකයන් සිතා සිටින්නේ සිංහල ජනතාවගේ ඡන්ද මතින් තම තාවකාලික දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමය. එය කොතරම් කාලයකට වලංගු දැයි අනාගතය විසින් තීරණය කරනු ඇත.

[වරෙන්තු ලබා සිටි නිශාන්ත මුතුහෙට්ටිගම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේ ප්‍රභූ පර්යන්තය ඔස්සේ රටින් පිටවී ඇති බැව් ආරංචිය]



35 comments:

  1. අට වෙනිදායින් පස්සේ නම් නවත්තන්න තිබුණා.............................

    ReplyDelete
    Replies
    1. මේකට තියන විකල්පය මොකක්ද.කුරුදුපොලු ආන්ඩුවක්ද
      විකල්පය ගැන දල අවබෝධයක් සිරිකොත ඉදිරියෙ උද්ඝෝෂනයෙදි දැක්කනෙ.
      යූඇන්පී ආන්ඩුවකින් ටයර් සෑයවල් ආවත් බටහිර ඔය කියන ජාත්‍යාන්තර ප්‍රජාවෙන් විරෝධයක් එන්නෙ නෑ.මේ ආන්ඩුවෙන් පොලිස්කාරයෙක් කාටහරි සැරකෙරුවත් ඒක ලොකු මානව හිමිකම් උල්ල්ංඝනයක් වෙන්නෙ බටහිර න්‍යාය පත්‍රයට මරා වැඩනොකරන නිසා.ජේ ආර් ල ප්‍රේමදාස ල කොච්චර මිනී මැරුවත් කිසි කේස් එකක් නැහැනෙ.
      කියන්න තියෙන්නෙ විකල්පය මේකට වඩා නරක බව.ඒකයි මුන්ටම දෙන්න වෙන්නෙ.1977 දි පොලීසියට සතියක් නිවාඩු දුන්න වගෙ ලොකු ලේ වැගිරීමකට යූඇන්පී කාරයො පිඹුරුපත් සකසනව ඇති.මරන අය,අත පය කඩන අය,කුඩු කරන ගෙවල් ගැන දැන්ම ලැයිස්තු හදනව ඇති.ඒ වගෙ ලැයිස්තු 2010 ත් හැදුව.යූඇන්පී ආන්ඩුවක් යටතේ උද්ඝෝෂනයක් කරන්න ලැබෙන්නෙ නෑ.ගහන්නෙ පොලීසියෙන් නෙමේ මැරයො.රට ලොකු විනාශයකින් බේරන්න ආයෙ ටයර් යුගයක් එන එක වලක්වන්න මේ ආන්ඩුවටම චන්දය දෙන්න ඕන

      Delete
    2. ඇනෝ,
      ජාත්‍යන්තර ප්‍රජාව හැසිරෙන විදිය ගැන ඔහේට වැඩි අව‍බෝධයක් නැති පාටයි. ජේආර්-ප්‍රේමදාස යුග වල තිබුන තත්වය සහ දැන් තත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඒ කාලෙට වැඩිය අද මානව හිමිකම් වගේ දේවල් ගැන අවධානය වැඩියි. අද එජාප ආණ්ඩුක් ආව කියල තත්වය වෙනසක් වෙන්නෙ නෑ එයාලත් වැරදි කරනව නං.

      අද තියන ආණ්ඩුවට වැඩිය හෙට එන ආණ්ඩුව හොඳ වෙනව අනිවාර්යෙන්ම, මිනිස්සු සවිඥ්ඥානක නම්. සමාජය ඉස්සරහට යායුතුයි. ආණ්ඩුව මොකක් උනත්. දැන් යූඇන්පිය ගැන මනින්න 94ට පෙර තිබුන යූඇන්පියෙ වැඩ දිහා බලල බෑ. දැන් තියෙන්නෙ අලුත් තත්වයක්. අලුත් තත්වයත් එක්ක අැතිවෙන වෙනස්කම් බලන්න වෙන්නෙ අලුත් කට්ටියක් ආවම.

      Delete
  2. ඔය මාධ්‍ය ගිරවා සිදුවීම වෙච්චි දවසෙත් කිව්වා එහෙම සිද්දියක් වෙලානම් එය ඕ.අයි.සී ගෙ වැරැද්දය එහෙම ඕ.අයි.සී ලා සළකන්නේ නිවටයින් ලෙසයි කියල.. අනෙ අම්මපා මූ කටෙන්ද පුකෙන්ද කතා කරන්නේ ශුවර් නෑ..
    ඔය දෙමළ මිනිසුන් (හා පක්ශ ) කොටියන් සේ සළකා කතා කිරීම ඉතාම බරපතල තත්වයක්. මේ ගැන මෙතෙක් කවුරුත් පැහැදිලි විරුද්ධත්වයක් ප්‍රකාශ කලේ නෑ. සියළුම සිංහලයින් මෙයට තදින්ම තම විරුද්ධත්වය දැක්විය යුතුයි. මන්ද ඔවුන් නැවත වෛර බැඳ ගන්නේ සමස්ථ සිංහලයින් සමඟම මිසක් ඔය මයිනන් සමග පමණක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. උස් තැන් දැක පුප්පන්නේ මිටි තැන් දැක හැකිලෙන්නේ. ඔය ගිරව ගැන විචාරක මහත්තයත් ලියල තියනව උදේම.

      Delete
  3. ඒකත් එහෙමද?
    .
    .
    සුදුස්සාට සුදුසු තැන ලැබෙන මෛත්රී පාලනයකට පෙලගැසෙමු!!!
    අනාගත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාට ජයවේවා!
    අනාගත අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමාට ජයවේවා!!
    අනාගත දිනමිණ කතෘ අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමාට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියා
      ඇනෝලගෙ කතා වැඩිය සීරියස් ගන්න එපා.

      Delete
  4. Mata nam kiyanna thiyenne me anduwa saha eyata wiruddhawa dan idiriyata pamina athi hawule aththanuth aran tharadiye depaththata dala kirala baluwama thawamath rajapaksha sahodarayin idiriyen sitina bawayi. Minissu wenuwen minissunta danena wada kotasak MR athulu pirisa kala wagema karamin pawathinawa. Me thak thibunu kisima anduwak sil gaththa anduwak wune na, premadasage indan Chandrika( baddagane sanjiwa, kaduwela wasantha mathakada), hama anduwakma marayo thakkadiyo hitiya wagema samahara nayikawo owun redda assema dagena hitapu bawath amathaka karanna honda na, - namuth minissunge paththen baluwama me anduwa karapu wada kotasa athi wishalayi. Premadasa mahaththaya angalum kamhal hadanakota ekata baninnath minissu hitiya, namuth adatath e tika nisa diwi gata gaha ganna aya ki denek innawada- e manussaya karapu wadakosa thawamath minissunge hithe thiyenawa, me anduwen factories hadanna nathuwa athi namuth me karala thiyena yatithala sanwardhanaya Chandrika ammandilata hithagannawath bari tharam, salasmakata anuwa wada karana nikam inne nathi anduwak meka, karunakara repage ambalame maithree mahinda eda ada saha heta lipiya balanna oya hawule aththange charattuwa gana..- chaminda

    ReplyDelete
    Replies
    1. Mඅට නම් කියන්න තියෙන්නෙ මෙ අන්ඩුව සහ එයට විරුඩ්දව ඩන් ඉඩිරියට පමින අති හවුලෙ අත්තනුත් අරන් තරඩියෙ ඩෙපත්තට ඩල කිරල බලුවම තවමත් රජපක්ශ සහොඩරයින් ඉඩිරියෙන් සිටින බවයි. Mඉනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ට ඩනෙන වඩ කොටසක් Mර්‍ අතුලු පිරිස කල වගෙම කරමින් පවතිනව. Mඑ තක් තිබුනු කිසිම අන්ඩුවක් සිල් ගත්ත අන්ඩුවක් වුනෙ න, ප්‍රෙමඩසගෙ ඉන්ඩන් ඡන්ඩ්‍රික( බඩ්ඩගනෙ සන්ජිව, කඩුවෙල වසන්ත මතකඩා, හම අන්ඩුවක්ම මරයො තක්කඩියො හිටිය වගෙම සමහර නයිකවො ඔවුන් රෙඩ්ඩ අස්සෙම ඩගෙන හිටපු බවත් අමතක කරන්න හොන්ඩ න, - නමුත් මිනිස්සුන්ගෙ පත්තෙන් බලුවම මෙ අන්ඩුව කරපු වඩ කොටස අති විශලයි. ඵ්‍රෙමඩස මහත්තය අන්ගලුම් කම්හල් හඩනකොට එකට බනින්නත් මිනිස්සු හිටිය, නමුත් අඩටත් එ ටික නිස ඩිවි ගට ගහ ගන්න අය කි ඩෙනෙක් ඉන්නවඩ- එ මනුස්සය කරපු වඩකොස තවමත් මිනිස්සුන්ගෙ හිතෙ තියෙනව, මෙ අන්ඩුවෙන් ෆcටොරීස් හඩන්න නතුව අති නමුත් මෙ කරල තියෙන යටිතල සන්වර්දනය ඡන්ඩ්‍රික අම්මන්ඩිලට හිතගන්නවත් බරි තරම්, සලස්මකට අනුව වඩ කරන නිකම් ඉන්නෙ නති අන්ඩුවක් මෙක, කරුනකර රෙපගෙ අම්බලමෙ මඉත්‍රී මහින්ඩ එඩ අඩ සහ හෙට ලිපිය බලන්න ඔය හවුලෙ අත්තන්ගෙ චරට්ටුව ගන..- චමින්ඩ

      Delete
    2. Samawenna mata phone eken sinhala kotanna ba

      Delete
    3. ස්තුතියි අමාරුවෙන් උනත් අදහස් දැක්වීමට. ෆෝන් එකෙන් ටයිප් කරන්න පුළුවන් කන්වර්ටර් අඩවියකට ගියාම.

      යටිතල සංවර්ධනය/යුද්ධය අවසන් කිරීම වගේ දේවල් බැලුවම චන්ද්‍රිකාට කිට්ටු වෙන්න බැරි තැනක මහින්ද ඉන්න බව මාත් පිලිගන්නව. ඒක එහෙම පිලිගන්න බැරිනං කුහක කමක්. අවුල තියෙන්නෙ එතන නෙවේ. මේ වෙද්දි මහින්ද මහත්තය කරන්නෙ තෙල් පිච්චිල්ලක් විතරයි. ඒකට ඉඩ දෙන්න බෑ.
      කලගුණ පප්පලට ඕනනං ඡන්දෙ දීල පත්කර ගත්තාවෙ. අපි එ්කට දායක වෙන්නෙ නෑ.

      Delete
  5. ඕන කෙනෙකුට airport ප්‍රබූ පරුයන්තයෙන් යන්න පුලුවන්ද? කවුද චෙක් කරන්නෙ ප්‍රබූද වෙන බූතයෙක්ද කියල? පොලීසියෙන් එතන නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ මේ කියන විදියට.

      Delete
  6. සාමාන්‍යෙන් නායක් යන්න ලංවෙනකොට/ භූමි කම්පාවක් වෙනකොට ඊට කලින් දෙන සිග්නල්ස් තියෙනවා.
    මේ තියෙන්නෙත් එහෙම ඒවා වෙන්න ඕනේ.

    අනිත් එක මේ පොර ටෝක් දෙන බොහෝ අය ලිං මැඩියෝ හා සමානයි. ලෝකයේ තියෙන එකම රට ලංකාව කියලා හිතාගෙන ඉන්න, වෙන මිනිස්සු, වෙන ජාතින් නෑ, කියලා ඉන්න අයට මහිංදගේ සංවර්ධනේ මහ ලොකුවට පේනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඇයි, ලෝකෙ ඉන්න අනිත් මිනිස්සු රෑ දවල් නොතකා නොකා නොබී කරන්නෙ ලංකාවට විරුද්ධ ජාත්යන්තර කුමණ්ත්‍රන කරන එකයි කියල හිතන අය ?

      Delete
    2. ආඃ ... ඒ සංවර්ධනේ රෑට හීනෙනුත් පේන මිනිස්සු හිතා ඉන්නෙ ලෝකෙ තියෙන එකම රට ලංකාව කියල නෙවි යාළුව, මුළු ලෝකෙම පැය විසිහතරෙම බලන් ඉන්නෙ ලංකාවට කෙළවන්නය කියල. ඒ ඇරෙන්න ලෝකෙ ගැන වෙන කිසිම අදහසක් ඒ අයට නෑ වගේ. රටේ අවාසනාවද මන්ද. කොරහෙනුත් කිඹුල්ලු ඇදල පෙන්නන ඇමතිවරු ඉන්න රටේ ආයෙ ඉතින් අමුතුවෙන් පුදුම වෙන්න දේකුත් නෑ. ඒව එහෙම උනාට අපරාදෙ කියන්නෙ ගෙදර ඉන්න බල්ලත්, මේ ආශ්චර්යමත් දිවයින දාලා විදේශ සේවෙට හරි පිටත් කරන්න ඉන්න එවුන් පොරකන්නෙ. තානාපති පත්වීම් දෙන තරමක් දෙන්නෙ පෙන්ෂන් ගිය පොලිස්කාරයොන්ටයි, හොට බිම ඇනිච්ච මගයන්න පන නැති නාකි දේශපාලුවොන්ටයි, පක්කලිකම් කරන අපතයොන්ටයි. ඔය ‘අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරී‘ රටවල්වලට පැන ගන්න තියෙන උවමනාව ඇරෙන්න දන්න උලව්වක් නැති හින්ද රට වෙනුවෙන් කළ යුතු රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු, රාජකාරි හරියට කෙරෙන්නෙත් නෑ. තමන් වපුරපුවයෙ අස්වැන්න ලැබෙනකොට ඉතින් රටේ මිනිස්සුන්ට පෙන්නන්නෙ මුළු ලෝකෙම අපිව අනුභව කරන්න හදනව කියල. නිවැරදි ක්‍රමවේදයකින් විසඳගන්න, අවම කරගන්න තිබුනු ගැටළු.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කියලා වැඩක් නෑ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ. මුන්ගේ අම්මලාගේ දේවල්ද මන්දා. ලංකාව කියලා රටක්වත් තියෙනවද කියලා බොහෝ එවුන් දන්නේ සුනාමි හින්දා මිසක් එහේ ඉන්නේ රජෙක්ද මොකෙක්ද කියලාවත් බහුතරයක් දන්නේ නෑ.

      Delete
    5. Oba dannawada me rata wasara dahayakata wadi kaalayak eka thana pal wuna bawath e kaala wala me rate aandu karapu aya kawuruda kiyalaath? pita ratawal gana apith dannawa namuth api balanna oni ape rata gana saha ape rata methanin ehaata geniyanna puluwan wishwasawantha naayakayek ganayi- Chaminda

      Delete
    6. ජාත්‍යාන්තර කුමන්ත්‍රන කතාව විමලය විහිලුවක් කරගත්තනෙ.ලංකාවට විරුද්ධව විතාර්ක් නොවෙයි .බටහිර න්‍යායපත්‍රයට අනුව වැඩනොකරන සියළුම ආන්ඩු පෙරලීමේ න්‍යාය පත්‍රයක් තියෙන්නෙ.ලිබියාවෙ සිරියාවෙ ඉරාකයෙ කළේ ඒකයි.නැතිව ලෝකෙම මිනිස්සු ලංකාවෙ ආන්ඩුව පෙරලන්න හදනව කියන බූරු මතයක කිසිම කෙනෙක් නෑ.
      අනික ලංකාව ඔයාල හිතන තරම් නොවැදගත් නෑ.චීනය වැටලීමේ ඇමරිකන් සැළැස්මට අනුව ලංකාවට විශාල වැදගත්කමක් තියනව.

      Delete
    7. මධ්‍යස්ථ මතධාරිය
      මහලොකුවට හිතන්න දෙයක් නෑ. ගමේ ගෙදරක එකෙක් ඉන්නව නං බීල අැවිල්ල ගෑනිට ළමයින්්ට ගහන, පාරෙ යන මිනිස්සුන්ට කුනුහබ්බෙන් බනින උෟ කොන් වෙනව. ඊට පස්සෙ කියන්න පුළුවන් ඕනනං අනේ මුං අපි එක්ක ඉරිසියාවට අපිව කොන් කරනව කියල.
      වෙළඳාම/ආර්ථිකය ගැනත් ඔච්චර තමයි. කාටත් ඕන ලාභ ගන්න. එකෙක් ලාභ ලබද්දි අනෙකාට පුළුවන් සූරාකනව-වටලනව වගේ වචන පාවිච්චි කරන්න.

      Delete
    8. ලංකාව ඔයතරම් උපායමාර්ගිකව ලෝක බලවතුන්ට වැදගත් කියන එකට සාධාරණ හේතු රුවල් නැව් කාලයේ සිට දෙවන ලෝක යුද්ධය දක්වා තිබුන. දැන් එහෙම නෑ. බැලිස්ටික් මිසයිල් , චන්ද්‍රිකා තාක්ෂණය, එයාක්‍රාෆ්ට් කැරියර්ස්, නැව්වල විශාලත්වය සහ විශේයයෙන්ම දැන් තියන ආර්තික හා යුද්ධමය උපක්‍රම නිසා ලංකාවට තියෙන්නේ යුදමය වශයෙන් ඉතා අඩු වටිනාකමක්. තෙල්, රන් හෝ අනිකුත් මිනරල්ස් වලින් ආර්ථික වටිනාකමකුත් ලංකාවට නෑ.
      වෙන එකක් තියා ඉන්දියාවට හා චීනයටවත් ලංකාව අතිශය වටිනා රටක් නෙමෙයි වර්තමානයේ

      Delete
    9. //ලංකාව ඔයතරම් උපායමාර්ගිකව ලෝක බලවතුන්ට වැදගත් කියන එකට සාධාරණ හේතු රුවල් නැව් කාලයේ සිට දෙවන ලෝක යුද්ධය දක්වා තිබුන. දැන් එහෙම නෑ.//

      එහෙම නම් ඉන්දියන් සාගරයේ මාලදිවයිනට පහලින් ඇති Diego Garcia වැනි දුපත් වල බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදා කඳවරු තියාගෙන ඉන්නේ අහවල් රෙද්දකටද? කුමන්ත්රණ නැහැ කියන එක දැන් අලුත්ම පොෂ් රැල්ල වෙලා.වැඩිය මේ ගැන කියන්න එන්න එපා මෝඩ කම පෙනේවි

      Delete
    10. ඩියේගෝ ගාර්ශියා ඇත්තටම මට කියන්න තිබුනේ. අමතක වුනා. එය පටන් ගත්තේ ශීත යුද සමයේය. එය ඉන්දියන් සාගරයේ තිබීමම ලංකාවට යුදමය අතින් ඇති ඩිමාන්ඩ් එක අඩුවීමට හේතුවිය.
      කෙසේවෙතත් දැන් බලවත් රටවල යුදමය හා අනිකුත් උපක්‍රම වෙනස්වී ඇත. ආර්ථික ඩොමිනේශන් එක මිලිටරිවලට වඩා ඉතා විශාල වශයෙන් වැඩි වී ඇත. තෙල් ඇති රටවල තත්වය තෙල් නැති ලංකාවට සහ කෝටියක් පාරිභොගිකයන් ඉන්නා ඉන්දියාවේ වැදගත්කම මිලියන් 22ක් ඉන්නා ලන්කාවට යොදාගත නොහැක.
      අපි ඉතා වැදගත් හා උසස් යයි සිතීම හා කීම අපේ ආත්මාභිමානයට හොඳ මසාජ් එකක් වුවත් ඉඳහිට හෝ තිත්ත ඇත්ත ගැනත් සිතිය යුතුය.

      පොෂ් ට්‍රෙන්ඩ් එක මං දන්නෙ නෑ. ඒත් ලෝකයේ සෑමරටකම දේශපාලකයින්ගේ ට්‍රෙන්ඩ් එක විදේශ සතුරන් හා කුමණ්ත්‍රන පෙන්වමින් දේශීය දේශපාලන වාසි ලබා ගැනීමය.එය පවතින රජයන් හා ඒවාට විරුද්ධපක්ශ දෙගොල්ලම විවිධ අවස්ථාවල යොදා ගැනේ. ඉන්දියාව හා අසලවාසී රටවල ජනතාව අන් රටවලට වඩා දේශපාලකයන්ගේ මේ උපක්‍රමයට ගොදුරුවීමේ ට්‍රෙන්ඩ් එකනම් වැඩිය. මා මේ මතය විජේවීර, ප්‍රේමදාස හා චන්ද්‍රිකා වැනි ගැලරියට කතාකල අයගේ කාලයේ සිට දැරූ නිසා අලුත් පොෂ් ට්‍රෙන්ඩ් එකක් නිසා නොවේයයි සිතමි

      //මේ ගැන කියන්න එන්න එපා මෝඩ කම පෙනේවි // :-D
      මෙය මෝඩකම පෙන්වීමේ තරඟයක් හෝ වාදයක් නොව තම මතයන් ප්‍රකාශකිරීමකි. කෙසේවෙතත් මා මගේ මත දැක්වීමට කැමතිවුවත් අන් අය වැරදියයි පෙන්වා සතුටු වීමට හෝ අපහාස කිරීමට (මිතුරන් යයි මට හිතෙන අයට විහිලුවට හැර ) කැමැත්තක් නැති නිසා ඔබේ කාරුණික අවවාදය ( තර්ජනයක් නෙමෙයි නේද :-D )පිලිගෙන වැඩිදුර කීමෙන් වැලකෙමි. (කොහොමත් පෝස්ට් බෙස්ට් බිෆොර් ඩේට් පැනල )


      Delete
    11. ඔන්න පොයින්ට් එක ඔබම දැම්මා
      //ඩියේගෝ ගාර්ශියා ඇත්තටම මට කියන්න තිබුනේ. අමතක වුනා. එය පටන් ගත්තේ ශීත යුද සමයේය. එය ඉන්දියන් සාගරයේ තිබීමම ලංකාවට යුදමය අතින් ඇති ඩිමාන්ඩ් එක අඩුවීමට හේතුවිය. //
      එක්සත් ජනපදයට සහ එක්සත් රාජදාණියට ඩියේගෝ ගාර්ශියා තියෙනවා නමුත් ඒ වගේ තැනක් නැති චීනය ලංකාවේ යම් යම් දේ කරනවා. ඔන්න දැන් අර කට්ටිය ට ඕන ලංකාවේ චීන ක්‍රියා වලක්වන්න. ඔන්න ඕක තමයි දැන් යන තත්වය.ඊට අමතරව එක බෝම්බෙන් සුනුවිසුනු කල හැකි වර්ග කිලෝමීටර් 44 තියෙන අටෝල්ලට වඩා ලංකාව උන්ට කොහොමත් වටිනවා

      Delete
  7. මේ විහිලු කාරයන් තවමත් හිතන්නේ අපේ රටේ මිනිස්සු මුන්ගේ අමන බයිලා අහන බවය. ඇසිය යුතු බවය. විශ්වාස කරන බව ය. විශ්වාස කලයුතු බව ය. හැබැයි එහෙම කරන බත්කන සම හරක් කොට්ඨාශයක් ද මේ රටේ ඉන්නවා.

    ඔන්න මම ලිව්වා අජිතා රෝහිනීගේ රෙද්ද ගැලවීම ගැන. ඇවිත් බලන්නකො මගේ අඩවියට.

    ReplyDelete
  8. ජනමථය වෙනස්වනවා දකිනවිට මෙවැනි ක්‍රියාවලින් හෝ ජනමථය අවුල් කර මෙෙත්‍රි රැල්ල නැවැත්වීමට අාණ්ඩුව උත්සාහ කිරීම හෙළා දකිමි.......... මේවා තනිකරම මාධ්‍ය සන්දර්ශන පමණි........ ඔබට සිදුවූවා සේ රටේ අනික් ජනථාව තුලද සැක සංකා අැතිවී අැති බව පැහැදිලියි............ අාණ්ඩුවට උවමනාද ඒයයි...........ඒකම බොරැව සියවරක් පුන පුනා කීමෙන් ඒය අැත්තක් බවට මිනිස් මනසට ඒ්ත්තුගැන්වෙන ගොබෙල්ස් කීවේ කට කසනවාට නොවේ

    ReplyDelete
  9. අවසානයේ කිවයුතුවන්නේ දේශහිතයිශී ජාතික ව්‍යාපාරයට වැලේ වැල් නැතුව සිටි අවස්ථාවක හොර ගිවිසුම දේවඅාශිර්වාදයක් වූ බවයි........හිතාමතාම ගැටුමක් අැතිකරගෙන මාධ්‍ය අවධානය දිනාගැනිමේ කූට වෑයමකි මෙය

    ReplyDelete
  10. කොහොමත් විමලුයි නාකි හම්පඩ දත් දොස්තරයයි දෙන්නත් රට පනියි ඡන්දෙටත් කලින්.. දෙක පුන්නන්ගේ තමයි නැක පුතිවෙන්නේ...

    ReplyDelete
  11. උඩින් ගියොත් ගුටි බැට දෙයි
    බිමින් ගියොත් ඇප නැතිවෙයි
    මේ කොයි ය..න්නේ...වලටයි යන්නේ
    කවදද එ..න්නේ... ජන. අට එන්නේ

    ReplyDelete
  12. අද අපි මොන අනාවැකි ඵල කලත් විරුද්ධ මත දරන අය ඒ දේ පිලි ගන්නේ නෑ. නමුත් අද මේ ගෙන යන වාදයට පිළිතුරු ජනවාරි අට වෙනිදා බලන්න ලැබෙන්නේ නෑ. මම කියන්නේ 2016 මැද හරියටවත් යන්න ඕනේ. අපි අවසලා බලමු. කලින් මේ විදියට වෙයි කියලා අපි දෙගොල්ලෝ මොන විදියට තර්ක කලත් වැඩක් නෑ. මේ චන්දෙ ඉවර වුණාම අපි පෙර පරිදි අපේ බ්ලොග් කරුමාන්තේ කරගෙන යමු.

    ReplyDelete
  13. රාජ්, මේකට තමා අපි කියන්නෙ හෝද හෝද මඩේ දානව කියල. මොකද යුද්දෙ ඉවර කරල, ඉන් පස්සෙ ආය් උද්දෙකට මග හදනව. අනෙක් පැත්තෙන් බල තන්හාවට මුස්ලිම් අන්තවාදීන්ව බෞද්ධ අන්තවාදීන්ව උඩ දානව.

    ලංකාව ආයි කෝට්ටෙ යුගයකට යන ගමණ වැඩි ඈත නෑ!

    ReplyDelete
  14. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ටෙනිසන් කුරේටත් වැඩි ජෝකරයෙක් බව අපට පසක් කල සිදුවීමක් මුතුහෙට්ටිගම රට ගිය කථාව...

    ReplyDelete